2010–2019
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප තුලට ගැනීම
ඔක්තෝම්බර් 2018


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අපි තුලට ගැනීම

උන්වහන්සේ දකින ආකාරයෙන් දැකීමෙන්, උන්වහන්සේ සේවය කරන ආකාරයෙන් සේවය කිරීමෙන්, සහ උන්වහන්සේගේ කරුණාව ප්‍රමාණවත් බව විශ්වාසකරමින්- අපි ඇදහිලිවන්ත ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප තුලට ගනිමු.

මගේ සෙසු සහෝදර සහෝදරියනි, මෑතකදී, අනාවරණය වූ නමෙන්ම සභාව ආමන්ත්‍රණය කරන ලෙස සභාපති රසල් එම්. නෙල්සන්ගේ උපදේශය පිළිබඳව මම මෙනෙහිකරමින් සිටින විට, ගැලවුම්කරුවානන්වහන්සේ සභාවේ නම පිළිබඳව නෙපිවරුන්ට උපදෙස් දුන්න ශුද්ධ ලියවිලි කොටසට මම පෙරළුවා. 1 මම ගැලවුම්කාරයානන්ගේ වචන කියවන විට, “නුඹලා මත ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගත යුතුය”2 යනුවෙන් උන්වහන්සේ මිනිසුන්ට කියූ ආකාරය මට තදින් දැනුනා. මම මගෙන්ම “උන්වහන්සේට අවශ්‍ය ආකාරයට ගැලවුම්කාරයානන්ගේ නාමය මම මා තුලට ගන්නවාද?”3 කියලා අහන්න එය හේතු වුනා. අද මම මගේ එම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ලැබුණු අදහස් කිහිපයක් බෙදාගන්න කැමතියි.

පළමුවෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අපතුලට ගන්නවා කියන්නේ අපි ඇදහිල්ලෙන් යුතුව දෙවියන්වහන්සේ දකින ආකාරයට දකින්න උත්සහ කිරීමයි. 4දෙවියන්වහන්සේ දකින්නේ කොහොමද? ජෝසෆ් ස්මිත් පවසනවා, “මනුෂ්‍ය වර්ගයාගෙන් එක කොටසක් අනෙක් කොටස කෙරෙහි කිසිම කරුණාවකින් තොරව විනිශ්චය කරනවා සහ හෙලා දකිනවා, මුළු විශ්වයේම ශ්‍රේෂ්ඨ තාත්තා මුළු මිනිස් පවුලම දෙස බලන්නේ පියෙකුගේ සැලකිල්ල සහ පීතෘවාදී හැගීමකින්” මන්ද “උන්වහන්සේගේ ආදරයේ ගැඹුර මැනිය නොහැකි” නිසා.5

අවුරුදු කිහිපයකට පෙර මගේ වැඩිමහල් සහෝදරිය මියගියා. ඇයට තිබුනේ අභියෝගාත්මක ජීවිතයක්. ඇය සුභාරංචිය සමඟ අරගල කළා ඒ වගේම කවදාවත් ක්‍රියාකාරී සාමාජිකාවක් වුනේ නෑ. ඇයගේ ස්වාමිපුරුෂයා ඔවුන්ගේ විවාහය අතහැර ඇයව දරුවන් හතරදෙනෙකු සමඟ හැරදමා ගියා. ඇය මියගිය දවසේ හැන්දෑවේ, ඇයගේ දරුවන්ද සිටි අවස්තාවක, මම ඇයට ආශිර්වාදයක් ලබාදුන්නා සාමකාමීව නැවත ගෙදර යාමට. ඒ අවස්තාවේදී මට තේරුම්ගියා මම බොහෝවිට මගේ සහෝදරියගේ ජීවිතය නිර්වචනය කලේ ඇයට තිබු පරීක්ෂාවන් සහ ඇය ක්‍රියාශීලී සාමාජිකාවක් නොවීම මතයි. එදා සවස මම ඇගේ හිස මත අත තැබූ විට,ආත්මයානන්ගෙන් විශාලා චෝදනාවක් මට දැනුනා. සියුම්ලෙස මට ඇගේ හොඳකම ගැන දැනගන්න සැලස්සුවා, ඒ වගේම දෙවියන්වහන්සේ ඇයව දැක්ක විදිහට මට දකින්න සැලස්වූවා - ඒ සුභාරංචිය සමඟ සහ ජීවිතය සමඟ අරගල කරපු කෙනෙක් විදිහට නෙමේ, ඒත් මට තිබුනේ නැති විදිහේ දුෂ්කර ගැටළු සමඟ කටයුතු කරන්න වුන කෙනෙක් හැටියට. මම ඇයව දැක්කා විශිෂ්ට අම්මා කෙනෙක් හැටියට, විශාල බාධක නොසලකා, ලස්සන,විශ්මිත ළමයින් ඇතිදැඩි කල කෙනෙක් හැටියට. මම ඇයව දැක්කා අපගේ පියා මෙලොව අත්හැර ගියපසු, අපගේ මවට යහළුවෙකු මෙන් වෙලාව ගැන නොතකා රැකබලාගත් හොඳ සහකාරියක් හැටියට.

මගේ සහෝදරිය සමඟ ගතකල අවසාන හැන්දෑවෙදී, මට විශ්වාසයි දෙවියන්වහන්සේ මගෙන් ඇහුවා, “ඔබට පෙනෙන්නේ නැද්ද ඔබ අවට ඉන්න සෑම කෙනෙක්ම උතුම් කෙනෙක් කියලා?”

බ්‍රිගම් යන්ග් ඉගැන්නුවා:

“මම සාන්තුවරයන්ට තදින් අවවාද කරන්න කැමතියි ... කාන්තාවන් සහ පිරිමින්, ඔවුන් සිටින ආකාරයෙන්ම තේරුම් ගන්න උත්සහ කරන්න, ඔබ සිටින ආකාරයෙන් නොවේ. ... .”6

‘එවැනි වරදක් කරලා තියෙන පුද්ගලයෙක්, සාන්තුවරයෙක් වෙන්න බැරි’ බව - කොපමණ වාරයක් කියා තිබෙනවාද ... අපට ඇසෙනවා සමහර අය දිවුරනව සහ බොරු කියනවා ... [නැතිනම්] සභත් දවස කඩකරනවා. ... එවැනි පුද්ගලයන් විනිශ්චය කරන්න එපා, මොකද ඔබ දන්නේ නෑ ඔවුන් පිළිබඳව දෙවියන්වහන්සේගේ ඇති සැලැස්ම ... [ඒ වෙනුවට,] ඔවුන් සමඟ දරාගන්න.” 7

ඔබගෙන් යමෙකුට හිතන්න පුලුවන්ද ගැලවුම්කාරයානන්වහන්සේ විසින් ඔබව සහ ඔබගේ බර ගැන නොසලකා සිටිනවා? ගැලවුම්කාරයානන් සමාරිතානුවා දෙස, අනාචාරයේ හැසිරෙන්නා දෙස, සුංගම් බඩු අයකරන්නා දෙස, ලාදුරු රෝගියා දෙස, මානසිකව ලෙඩවූ පුද්ගලයා දෙස, සහ එකම තෙරුම්ගැනීමක් ඇති පවුකාරයා දෙස බැලුවේ, ඒ සෑම කෙනෙක්ම උන්වහන්සේගේ පියාණන්වහන්සේගේ දරුවන්, සෑම කෙනෙක්ම ගලවාගන්න පුළුවන් අය ලෙසයි.

ඔබට හිතාගන්න පුලුවන්ද දෙවියන්වහන්සේගේ රාජධානියේ ඔවුන්ගේ ස්ථානය ගැන සැකසහිත අය හෝ ඕනෑම ආකාරයකින් වේදනාවට පත්ව සිටින අය වෙතින් උන්වහන්සේ ඉවතට හැරී යනවා? 8මට බැහැ. ක්‍රිස්තුස්වහන්සේගේ දෑස් වලින්, සෑම ආත්මයකටම අපිරිමිත වටිනාකමක් තියෙනවා. කිසිම කෙනෙක් වැටෙන්න පූර්වයෙන් නියම කරලා නෑ. සදාකාලික ජීවිතය සෑම කෙනෙක්ටම ලබාගන්න පුළුවන්.9

මගේ සහෝදරියගේ ඇඳ අසල ආත්මයාණන්ගේ චෝදනාවෙන්, මම ලොකු පාඩමක් ඉගෙනගත්තා: ඒ අපි උන්වහන්සේ දකින ආකාරයෙන් දකින කොට, අපිට ජයග්‍රහණයන් දෙකක් ලැබෙනවා - අපි ලගාවෙන අයගේ ගැලවීම සහ අපගේ ගැලවීම.

දෙවැන්න, ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අපතුලට ගැනීමට, අපි දෙවියන්වහන්සේ දකින ආකාරයෙන් පමණක් දැකීම ප්‍රමාණවත් නෑ, නමුත් අපි උන්වහන්සේගේ කාර්යයන් ඉටුකර උන්වහන්සේ සේවය කළා මෙන් කරන්න අවශ්‍යයි. අපි උතුම් අණපනත් දෙකට අනුව ජීවත් වෙමින්, දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත්ව, ඊශ්‍රායෙලය එක්රැස් කර, සහ අපගේ ආලෝකය “මිනිසුන් ඉදිරියේ බැබලෙන්න”10 ඉඩ හරින්න අවශ්‍යයි. උන්වහන්සේගේ නැවත පිහිටවූ සභාවේ ගිවිසුම් සහ වත්පිළිවෙත් ලබාගෙන ඒ අනුව ජීවත් වෙන්න අවශ්‍යයි.11 අපි මේ දේවල් කරනවිට, දෙවියන්වහන්සේ අපව, අපගේ පවුල්, සහ අන් අයගේ ජීවිත ආශිර්වාද කිරීමට අවශ්‍ය බලය ලබා දෙනවා.12 ඔබෙන් අසන්න “තමන්ගේ ජීවිතයට ස්වර්ගයේ බලය අවශ්‍ය නොවන, කෙනෙක්ව මම දන්නවද?”

අපි අපව පිරිසිදු කරගන්න කොට දෙවියන්වහන්සේ අපි අතර පුදුම දේවල් කරනවා.13 අපි අපව පිරිසිදු කරගන්නේ අපේ හදවත් පිරිසිදු කරගැනීම තුලින්.14 අපි උන්වහන්සේට ඇහුන්කම් දෙනකොට, 15 අපගේ පවු වලට පසුතැවිලි වෙනකොට, 16නැවත හැරෙනකොට, 17 සහ උන්වහන්සේ ආදරය කරන ආකාරයෙන් ආදරය කරණ විට අපේ හදවත් පිරිසිදු කරගන්නවා. 18 ගැලවුම්කාරයානන් අපෙන් ඇසුවා, “නුඹලාට ප්‍රේමකරන්නන්ට නුඹලා ප්‍රේමකරනවානම්, නුඹලාට කවර විපාකයක්ද?”කියා.19

මම මෑතකදී ඉගෙනගත්තා, මදකට නතර වෙලා මා අවට සිටින අයට මම සේවය කරන්නේ සහ ආදරය කරන්නේ කොහොමද කියා මට හිතන්න සලස්වපු, වැඩිහිටි ජේම්ස් ඊ. ටැල්මේජ් ගේ අත්දැකීමක් පිළිබඳව. ඔහු අපොස්තුලුවරයෙක් වීමට පෙර 1892 දී මාරාන්තික ගලපටල වසංගතය උග්‍රව තිබු අවස්තාවක තරුණ ආචාර්යවරයෙක් ලෙස, වැඩිහිට ටැල්මේජ් සභාවේ සාමාජිකයන් නොවන, ඔහු අවට ජීවත් වූ ඒ වගේම රෝගයෙන් පීඩා විදින නාදුනන පවුලක් සොයාගත්තා. කිසිම කෙනෙකුට, ආසාදනය වූ නිවසට ගොස් තමන්ගේ ජීවිතයට අවධානමක් ගන්න අවශ්‍ය වුනේ නෑ. කොහොමනමුත් වැඩිහිටි ටැල්මෙජ් ඉක්මනින්ම එම නිවසට ගියා. ඔහු ළමයි හතරදෙනෙක් සොයාගත්තා: ඇඳ මත මියගොස් සිටින අවුරුදු දෙකහමාරක දරුවෙක්, විශාල වේදනාවකින් සිටින අවුරුදු පහ සහ දහය වයසැති ළමයින් දෙදෙනෙක්, සහ දුර්වල වී සිටින අවුරුදු දහතුනක දරුවෙක්. දෙමාපියන් විඩාවටපත් වී ශෝකයෙන් වේදනා විඳිමින් සිටියා.

වැඩිහිටි ටැල්මෙජ් ජීවත්වන සහ මැරුණු අයව බලාගත්තා, කාමරය අතුගෑවා, අපිරිසිඳු රෙදි එලියට ගෙනගියා, සහ රෝගය පැතිරී තිබුන රෙදිපිළි පුළුස්සා දැම්මා. ඔහු මුළු දවසෙම වැඩ කර පසු දා උදෑසන නැවත පැමිණියා. එම රාත්‍රියේදී අවුරුදු දහයක් වයසැති දරුවා මියගොස් සිටියා. ඔහු අවුරුදු පහක් වයසැති දරුවා අතට ගත්තා. ඇය කහින විට ලේ හොටු ඔහුගේ මුළු මුහුණේ සහ ඇඳුමේ වැදුනා. ඔහු ලිවුවා: “මට ඇයව මගෙන් අහකට දමන්න පුළුවන් වුනේ නෑ,” ඇය ඔහුගේ අතේ මියයන තුරුම ඔහු ඇයව ඔසවාගෙන සිටියා. ඔහු දරුවන් තුන්දෙනාවම මිහිදන් කිරීමට උදවු කර ශෝකයෙන් පෙලෙන පවුලට අවශ්‍ය ආහාර සහ පිරිසිදු ඇඳුම් ගෙනදුන්නා. ගෙදර පැමිණි විගසම සහෝදර ටැල්මෙජ් ඔහුගේ ඇඳුම් විනාශ කර දමා, විසබීජ නාශක ද්‍රවනයකින් පිරිසිදු වී, ඔහුගේ පවුලේ අයගෙන් ඈත් වී සිටියා. ඔහු රෝගය සුළු වශයෙන් වැළදීම නිසා පීඩාවින්දා.20

අප අවට ඉන්න බොහෝ ජීවිත ඇත්තේ අවධානම් තත්වයක. ශුද්ධවන්තයින් වෙමින් සහ කොහේ හෝ කොහොම සිටියත් සෑම කෙනෙකුටම දේවසේවය කිරීම තුලින් සාන්තුවරයන්ට ගැලවුම්කරුවානන්ගේ නාමය ඔවුන් තුලට ගන්න පුළුවන් - අපි එසේ කිරීමෙන් ජීවිත ගලවා ගත හැකියි.21

අවසාන වශයෙන්, මම විශ්වාස කරනවා උන්වහන්සේගේ නාමය අප තුලට ගැනීමට අපි උන්වහන්සේව විශ්වාස කල යුතුයි. ඉරුදින මම සහභාගී වූ රැස්වීමකදී, තරුණ ගැහැණු ළමයෙක් මෙවැනි දෙයක් ඇසුවා: “ මගේ පිරිමි යහළුවා හා මම මෑතකදී වෙන්වුනා, ඒ නිසා ඔහු සභාව අතහරින්න තීරණය කළා. ඔහු මට කියනවා ඔහු කවදාවත් මේ තරම් සතුටින් ඉදලා නෑ කියලා. මෙහෙම කොහොමද වෙන්නේ?”

ගැලවුම්කරුවාණන් නෙපිවරුන් මෙසේ කී විට මෙම ප්‍රශ්නයට මෙලෙස පිළිතුරු දුන්නා, “ එහෙත් [ඔබගේ ජීවිතය] මගේ සුභාරංචිය මත ගොඩනගා නොමැති නම්, තවද එය මනුෂ්‍යන්ගේ ක්‍රියාවන් මත, හෝ යක්ෂයාගේ ක්‍රියාවන් මත ගොඩනගා ඇත්නම්, සැබෑවක් මම නුඹලාට කියන්නෙමි [ඔබේ] ක්‍රියාවන් කාලයක් ප්‍රීතිවන්නේය, තවද මඳ කලක් පැවත අවසානයට පැමිණෙන්නේය.”22 පැහැදිලිවම ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරන්චියෙන් පිට අවසානය දක්වා සතුටක් නෑ.

කෙසේනමුත්, එම රැස්වීමේදී තමන්ට ඉසිලීමට දුෂ්කර කරදර සහ අණපනත් නිසා අරගල කරන මම දන්න බොහෝ හොඳ මිනිසුන් ගැන මම සිතුවා. මම මගෙන් ඇසුවා, “ගැලවුම්කරුවාණන් ඔවුන්ට තව කුමක් කියාවිද?” ?”23 මට විශ්වාසයි උන්වහන්සේ අසයි, “ඔබ මා විශ්වාස කරනවාද?”24ලේ වල ආසාධනයක් තුබූ කාන්තාවට, උන්වහන්සේ පැවසුවේ, “නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේය; සමාදානයෙන් පලයන්නයි” ඈට කී සේක.25

මම කැමති එක් ශුද්ධලියවිල්ලක් තමයි යොහාන් 4:4, එහි කියවෙන්නේ, “උන්වහන්සේ සමාරිය මැඳින් යන්ට ඕනෑ බැවින්”ලෙසයි.

මම ඒ ශුද්ධලියවිල්ලට ආදරය කරන්නේ ඇයි? ඒ යෙසුස්වහන්සේට සමාරියට යන්නඅවශ්‍ය වුනේ නෑ. උන්වහන්සේගේ කාලයේ යුදෙවුවන් සමාරිතයන්ට වෛරකලා ඒ නිසා ඔවුන් ගමන් කලේ සමාරියට පිටින් තිබු මාර්ගයකින්. නමුත් යෙසුස්වහන්සේ පළමු වරට මුළු ලෝකයටම තමන් පොරොන්දු වූ මෙසියස්වහන්සේ යයි කියා සිටීමට එහි යන්න තෝරාගත්තා. මෙම පණිවිඩය සඳහා උන්වහන්සේ, බැහැරකර දැමු මිනිසුන් කණ්ඩායමක් තොරාගත්තා පමණක් නොවේ, කාන්තාවක්ද තෝරාගත්තා - ඒ නිකම් කාන්තාවක් නොවේ නමුත් පාපයෙන් ජීවත්වන කාන්තාවක් - එම කාලයේදී ඔවුන්ගේ සමාජයේ ඉතා පහත් යයි තීරණය කල කාන්තාවක්. මම විශ්වාස කරනවා යෙසුස්වහන්සේ මෙසේ කලේ උන්වහන්සේගේ ආදරය අපගේ බියට, අපගේ ඇබ්බැහිවීම් වලට, අපගේ සැකයන්ට, අපගේ පරීක්ෂාවන්ට, අපගේ පවු වලට, අපගේ බිදුණු පවුල් වලට, අපගේ මානසික ආතති සහ කාංසාවන්ට, අපගේ නිදන්ගත රෝග වලට, අපගේ දුප්පත්කමට, අපගේ අපචාරයන්ට, අපගේ අධෛර්යයන්ට සහ අපගේ තනිකමට වඩා විශාල බව අපි සෑම කෙනෙක්ම හැමවිටම තෙරුම්ගත යුතු නිසා කියලා. 26උන්වහන්සේට අවශ්‍යයි සුවකළ නොහැකි සහ සදාකාලික ප්‍රීතියට ගෙන යා නොහැකි කිසිමදෙයක් සහ කිසිමකෙනෙක් නැති බව අප සෑම කෙනෙක්ම දනගන්නවට.27

උන්වහන්සේගේ මහිමය ප්‍රමාණවත්. 28උන්වහන්සේ පමණක් සියල්ල තුලින් නැවත පැමිණියා. උන්වහන්සෙගේ වන්දිගේවීමේ බලය අපගේ ජීවිතයේ ඕනෑම දුෂ්කරතාවයක් ජයගතහැකි බලයයි.29 ලිඳ අසල සිටි කාන්තාවගේ පණිවිඩය තුලින් උන්වහන්සේ අපගේ ජීවිතයේ සෑම තත්ත්වයක්ම දන්නා 30බවත් අප කවුරු වුනත් උන්වහන්සේ සමඟ සෑම විටම ගමන් කළහැකි බවත් පෙන්වා දෙනවා. ඇයටත් අප සෑම කෙනෙකුටමත්, උන්වහන්සේ පැවසුවා, “නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකු නමුත් කිසි කලෙක පිපාස නොවන්නේය; නමුත් ඔහුට දෙන වතුර ඔහු තුලෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේය.”31

ජීවිතයේ ඕනෑම ගමනකදී අපව සුව කල හැකි සහ අපව ගලවා ගත හැකි එකම ගැලවුම්කාරයානන්ගෙන් ඔබ කවදා හෝ ඉවත් වී යන්නේ ඇයි? උන්වහන්සේව විශ්වාසකිරීම සඳහා ඔබට ගෙවීමට වෙන සෑම මිලක්ම වටිනවා. මගේ සහෝදර සහෝදරියනි, අපි ස්වර්ගයේ පියානවහන්සේ සහ අපගේ ගැලවුම්කාරයානන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති අපගේ විශ්වාසය වර්ධනය කිරීමට තෝරාගමු.

මගේ ආත්මයේ ගැඹුරුම ස්ථානයේ සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව සත්‍ය දිවසිවරයෙකුගේ මඟින් ක්‍රිස්තුස්වහන්සේ විසින් අපට මඟපෙන්වනු ලබන ගැලවුම්කරුවානන්ගේ සභාව බවට මම සාක්ෂි දරනවා. මගේ යාච්ඤාව නම් උන්වහන්සේ දකින ආකාරයෙන් දකිමින්, උන්වහන්සේ සේවය කල ආකාරයෙන් සේවය කිරීමෙන්, සහ අපව අපගේ නිවස සහ සදාකාලික සතුට කරා ගෙනයාමට උන්වහන්සේගේ මහිමය ප්‍රමාණවත් බව විශ්වාස කරමින් - ඇදහිල්ලෙන් යුතුව අප තුලට උන්වහන්සේ නාමය ගැනීමයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමෙන්, ආමෙන්.

සටහන්

  1. 3 නෙපි 27:3–8 බලන්න.

  2. 3 නෙපි 27:5–6; දහම සහ ගිවිසුම 20:77 සහ සක්‍රමේන්තු ගිවිසුම් බලන්න.

  3. See Dallin H. Oaks, His Holy Name (1998) for a comprehensive study about taking upon ourselves and being a witness of the name of Jesus Christ.

  4. මොසයා5:2–3 බලන්න. යෙසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ඔවුන් තුලට ගත් බෙන්ජමින් රජුගේ මිනිසුන්ගේ හදවත් තුල සිදුවූ ඉතා බලවත් වෙනසේ කොටසක් නම් ඔවුන්ගේ දෑස් “විශිෂ්ඨ දර්ශනයන්ට” විවර වීමයි. සෙලෙස්ටියල් රාජධානිය ලබා ගන්නා පුද්ගලයන් “ඔවුන්දකින ලෙස දකිනු ඇත” (දහම සහ ගිවිසුම 76:94).

  5. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 39.

  6. Brigham Young, in Journal of Discourses, 8:37.

  7. Discourses of Brigham Young, sel. John A. Widtsoe (1954), 278.

  8. 3 නෙපි17:7 බලන්න.

  9. යොහාන් 3:14–17; ක්‍රියා 10:34; 1 නෙපි 17:35; 2 නෙපි 26:33; දහම සහ ගිවිසුම 50:41–42; මෝසෙස් 1:39. වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් ද ඉගැන්වුවා: “ආත්ම විශ්වාසයකින් යුතුව අප සාක්ෂි දරනවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම අපේක්ෂා කරමින්, සහ අවසානයේදී, උන්වහන්සේ වෙතට හැරෙන සියලුදෙනාගේ දුෂ්කරතා සහ අහිමිවීම් වලට වන්දිගෙවනු ලබනවා. පියානන්වහන්සේ උන්වහන්සේගේ දරුවන් සඳහා ඇති සියලුදේ වලින් කිසිම කෙනෙකුට අඩුවෙන් ලබා දීමට, කලින් නියම කර නැහැ” (“Why Marriage, Why Family,” Liahona, May 2015, 52).

  10. මතෙවූ 5:14–16; 22:35–40; මොසායා 3:19;දහම සහ ගිවිසුම 50:13–14; 133:5 බලන්න; see also Russell M. Nelson, “The Gathering of Scattered Israel,” Liahona, Nov. 2006, 79–81.

  11. ලෙවිකතාව 18:4; 2 නෙපි 31:5–12; දහම සහ ගිවිසුම 1:12–16; 136:4; ඇදහිල්ලේ කරුණු 1:3–4 බලන්න.

  12. දහම සහ ගිවිසුම 84:20–21; 110:9 බලන්න.

  13. යොෂුවා3:5; දහම සහ ගිවිසුම 43:16; ද යොහාන් 17:19 බලන්න. ගැලවුම්කාරයානන්වහන්සේ උන්වහන්සේව පවිත්‍ර කරා අපට ආශිර්වාද කිරීමට බලය ලැබෙන පිණිස.

  14. හිලමන් 3:35; දහම සහ ගිවිසුම 12:6–9; 88:74 බලන්න.

  15. ජෝසෆ් ස්මිත් —ඉතිහාසය 1:17, දෙවියන්වහන්සේ විසින් දිවැසිවර ජෝසෆ් ස්මිත්ට ලබා දුන් පලවන පනත; සහ 2 නෙපි 9:29; 3 නෙපි 28:34 බලන්න.

  16. මාක් 1:15; ක්‍රියා 3:19; ඇල්මා 5:33; 42:22- 23; දහම සහ ගිවිසුම 19:4–20 බලන්න. ඒ වගේම පාපය ගැන මෙම කරුණු දෙක ගැන මෙනෙහි කරන්න. පළමුව, හග් නිබ්ලී ලියනවා: “පාපය නාස්තියක්. එය ඔබ දෙයක් කිරීමට තිබියදී සහ හොඳ දෙයක් කිරීමට හැකියාව තිබියදී වෙන දෙයක් කිරීමයි” (Approaching Zion,ed. Don E. Norton [1989], 66). ජෝන් වෙස්ලිගේ මව වන, සුසානා වෙස්ලි, ඇයගේ පුතාට ලියුවක්: “මෙම නීතිය තේරුම්ගන්න: ඔබගේ කාරණය කුමක් දුර්වලකරත්, ඔබගේ හෘදසාක්ෂියේ මෘදුබව හානි කරනවා, දෙවියන් පිළිබඳව ඔබගේ දැනීම සගවනවා, නැතිනම් ඔබගේ ආත්මික රුචිය නැතිකර දමනවා.... කෙසේවෙතත් එය කෙතරම් අහිංසක වුවත්, ශරීරයේ බලය ඔබ්ගේ මනසේ බලයට වඩා වැඩි කරණ ඕනෑම දෙයක්, ඔබට පාපයක්,” (Susanna Wesley: The Complete Writings, ed. Charles Wallace Jr. [1997], 109).

  17. ලුක් 22:32; 3 නෙපි 9:11, 20 බලන්න.

  18. යොහාන් 13:2–15, 34 බලන්න. උන්වහන්සේගේ වන්දිගෙවූ දින සන්ද්‍යාවේදී, ගැලවුම්කරුවාණන් උන්වහන්සේව පාවා දුන් කෙනෙකුගේ, උන්වහන්සේව ප්‍රතික්ෂේප කල කෙනෙකුගේ, සහ උන්වහන්සේට අවශ්‍යම පැයේදී නින්දට වැටුණු අයගේ පාද සේදුවා. උන්වහන්සේ එවිට ඉගැන්වුවා, “ මා නුඹලාට ප්‍රේම කලාක්මෙන් නුඹලා එකිනෙකාට ප්‍රේම කරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරපල්ලා කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි.”

  19. මතෙවූ 5:46.

  20. See John R. Talmage, The Talmage Story: Life of James E. Talmage—Educator, Scientist, Apostle (1972), 112–14.

  21. ඇල්මා 10:22–23; 62:40 බලන්න.

  22. 3 නෙපි 27:11.

  23. මතෙවූ 11:28–30, හි, ස්වාමින්වහන්සේ පැවසුවා: “වෙහෙසවෙන්නාවූ, බරඋසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි. ... මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලු යයි කී සේක.” ඒ වගේම 2 කොරින්ති 12:7–9 සලකා බලන්න: ඉවත්කරන ලෙස ඉල්ලා යාච්ඤා කෙරු බොහෝ බලවත් වේදනාකාරී “මාන්ශයෙහි උලක්” පිළිබඳව පාවුළු විස්තර කරනවා. ක්‍රිස්තුස්වහන්සේ ඔහුට පවසනවා, “ මාගේ කරුණාව නුඹට සෑහේය: මක්නිසාද දුර්වලකමේදී මගේ බලය ශක්තිමත් වන්නේය.” ඊතර් 12:27 ද බලන්න.

  24. මොසායා 7:33; 29:20; හිලමන් 12:1; දහම සහ ගිවිසුම 124:87 බලන්න.

  25. ලුක් 8:43–48; මාක් 5:25–34 බලන්න. රුධිරයේ ආසාධනයක් තිබු කාන්තාව ඉතා දැඩි අවශ්‍යතාවන් තිබුනත් ඇයට කිසිදු විකල්පයක් තිබුනේ නෑ.ඇය අවුරුදු 12ක කාලයක සිට මෙයින් පීඩා විදිනවා, ඇයට තිබු සියලුම දේවල් වෛද්‍යවරුන් වෙනුවෙන් වැයකරත්, එය එන්න එන්නම නරක අතට හැරුනා. ඇය අගේ පවුලෙන් සහ මිනිසුන්ගෙන් නෙරපනු ලැබුවා, ඇය ඕනෑකමින්ම ඉතා විශාල සෙනගක් මැදින් ගැලවුම්කරුවානන් වෙත ගියා. ඇයට ගැලවුම්කරුවාණන් තුල සම්පූර්ණ විශ්වාසය සහ ඇදහිල්ල තිබුනා, ගැලවුම්කරුවානන්ට උන්වහන්සේගේ ඇඳුමේ කොනකින් ඇයගේ ස්පර්ශය දැනුණා. ඒ විශ්වාසයෙන් උන්වහන්සේ එසැනින්ම සහ සම්පූර්ණයෙන්ම ඇයව සුවකළා. ඉන්පසු උන්වහන්සේ ඇයට “දියණිය” යයි ආමන්ත්‍රණය කළා. ඇය තවදුරටත් නෙරපා දැමු පුද්ගලයෙකු නොවේ නමුත් දෙවියන්වහන්සේගේ පවුලේ සාමාජිකාවක්. ඇය සුවය ලැබීම ශාරීරිකයි, සමාජීයි, චිත්තවෙගීයි, සහ ආත්මිකයි. අභියෝග අවුරුදු ගානකට හෝ ජීවිතකාලය පුරාවටම තිබෙන්න පුළුවන්, නමුත් උන්වහන්සේගේ සුවකිරීමේ පොරොන්දුව සහතිකයි සහ අනිවාර්යයි.

  26. ලුක් 4:21; යොහාන් 4:6–26 බලන්න. යෙසුස්වහන්සේගේ මුල්කාලයේ මෙහෙකිරීමෙදී, උන්වහන්සේ නාසරෙත්හි උන්වහන්සේගේ සිනගොගයකට ගොස් යෙසායා දිවැසිවරයා මෙසියස්වහන්සේ ගැන කියූ එලිදරවුවක කොටසක් කියෙවු බව වාර්තා කලේ යොහාන් නොවේ, ලුක් විසින්. උන්වහන්සේ කියා සිටිය, “අද නුඹලා අසා සිටියදී මේ ලියවිල්ල සම්පූර්ණ විය.” මෙය තමයි ගැලවුම්කාරයානන්වහන්සේ මෙසියස්වහන්සේ තමන්වහන්සේ බව ප්‍රකාශ කිරීම වාර්තාගතාකළ මුල්ම අවස්තාව. නමුත් යාකොබ්ගේ ලිඳ අසල, යෙසුස්වහන්සේ තමන්වහන්සේ මෙසියස්වහන්සේ බව වීවෘතව ප්‍රකාශ කල පළමු අවස්තාව ලෙස යොහාන් වාර්තාකරනවා. මෙවැනි සැකසුමක් තුල, සමාරිතානුවන් යුදෙව් නොවන්නන් ලෙස සැලකු නිසා, යේසුස්වහන්සේ ඉගැන්වුවා උන්වහන්සේගේ සුභාරංචිය සියල්ලන්ටම බව, යුදෙව්වන්ට සහ අන්‍යජාතිකයන්ට. මෙම ප්‍රකාශනය සිදුකලේ “හයවන පැයේදී”, නැතිනම් දහවල්, සම්පූර්ණ ඉර එලිය පොලවට වැටෙන වෙලාවේ. යකොබ්ගේ ලිඳ පිහිටා තිබුනේ තැනිතලාවේ, පුරාන ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වී ස්වාමින්වහන්සේ සමඟ උත්සවාකාරයෙන් ගිවිසුම් ඇතිකරගත් එම ස්ථානයේමයි. සිත්ගන්නාසුළු ලෙස, තැනිතලාවේ එක් පැත්තක වියලි පොළව සහ අනෙක් පැත්තේ තිබුනේ ජීවනදායක දියුල්පත්වලින් පිරිලා තිබුනු කන්දක්.

  27. වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් ඉගැන්වුවා: “ආතතිය වැඩිකරවන් අවස්තාවන් වලදී අපි සිතනවා දීමට තවත් අපතුල යමක් තිබෙනවාද කියලා, අපිට සහනය ඇති කරගන්න පුළුවන්, අපගේ ප්‍රමාණය සම්පූර්නයෙන්ම දන්නා දෙවියන්වහන්සේ , අපව මෙහි එවුවේ සාර්ථකවීමට කියා දැනගැනීමෙන්. කිසිම කෙනෙක් වැටීමට හෝ අධර්මිෂ්ඨ වීමට පූර්ව නියමකර නැහැ. ... ඉතා ප්‍රබල ලෙස අපට දැනුන විට, දෙවියන්වහන්සේ අපට වැඩිපුර වැඩ නොදෙන බව සහතිකය මතක් කරගනිමු.” (“Meeting the Challenges of Today” [Brigham Young University devotional, Oct. 10, 1978], 9, speeches.byu.edu).

  28. President Russell M. Nelson has taught:

    “ඉදිරි දිනයකදී, ඔබ ගැලවුම්කරුවාණන් ඉදිරියේ පෙනීසිටී. උන්වහන්සේගේ ශුද්ධවූ අභිමුකයේ සිටීම ඔබට කඳුළු එනතරම් නොතකා සිටිය නොහැකි තරම් ප්‍රබල වේවි. ඔබගේ පවුවලට වන්දිගෙවූ නිසා, අනිත් අයට ඔබ කල සියලුම අකරුනාවන්ත ක්‍රියාවලට සමාව දුන්නිසා, මෙම ජීවිතයේ අසාධාරනකම් වලින් සහ තුවාල වලින් ඔබව සුවකළ නිසා උන්වහන්සේට ස්තුති කිරීමට වචන සොයා ගත නොහැකිව ඔබ අරගල කරනු ඇත.

    “සිතාගත නොහැකි දේවල් කිරීමට ඔබට ශක්තිය දුන්නිසා, ඔබගේ දුර්වලකම් පුළුවන්කම් ලෙසට පරිවර්තනය කල නිසා, සහ ඔබට ඔබගේ පවුලේ අය සමඟ සහ උන්වහන්සේ සමඟ සදාකාලයටම ජීවත්වීමට ඉඩ සැලැස්වීම ගැන ඔබ උන්වහන්සේට ස්තුති කරනු ඇත. උන්වහන්සේගේ අනන්‍යතාව, උන්වහන්සේගේ වන්දිගෙවීම, සහ උන්වහන්සේගේ ගුණාංග පෞද්ගලිකවම ඔබට සැබෑ වනු ඇත.” (“Prophets, Leadership, and Divine Law” [worldwide devotional for young adults, Jan. 8, 2017], broadcasts.lds.org).

  29. යෙසායා 53:3–5; ඇල්මා 7:11–13; දහම සහ ගිවිසුම 122:5–9 බලන්න.

  30. See Joseph Smith—History 1:17; Elaine S. Dalton, “He Knows You by Name,” Liahona, May 2005, 109–11.

  31. යොහාන් 4:14.