2010–2019
කාන්තාවන් සහ නිවස තුල සුභාරංචිය ඉගෙනීම
ඔක්තෝම්බර් 2018


කාන්තාවන් සහ නිවස තුල සුභාරංචිය ඉගෙනීම

නිවසේදී සුභාරංචිය ඉගෙනීමේ වැදගත්කමට විශාල අවධානයක් ලබාදීමේ උන්වහන්සේගේ ප්‍රයත්නයට ඔබට විශාල කොටසක් වන ආකාරයට සර්වසම්පූර්ණම උදාහරණය ගැලවුම්කරුවාණන්වහන්සේමය.

මගේ සහෝදරියනි, ඔබ හමුවීම ඉතා ආශ්චර්යජනකයි. මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ඉතා ආකර්ශනීය කාලයක්. ස්වාමින්වහන්සේ පොරොන්දු වූ ආකාරයෙන්ම උන්වහන්සේගේ සභාව මතට දැනුම ලබාදෙනවා.

ඔබට මතකද උන්වහන්සේ කියූ දේ: “ගලන ජලය කොපමණ කාලයකට අපිරිසිඳුව තියේවිද? කුමන බලයක් ස්වර්ගය නවතාවිද? සර්ව බලධාරී දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට පසුදවස්වල සාන්තුවරයින්ගේ හිස් මතට දැනුම ලබාදීම නතර කිරීමට උත්සහ කිරීම හරියට, මිනිසා තම දුබල හස්තය දිගු කර මිසූරි ගඟ එහි නියම කාර්යයෙන් නතර කර, එහි ගලන දිශාව වෙනස්කිරීමට උත්සහ කරන්නාක් වැනිය.”1

ස්වාමින්වහන්සේගේ වර්තමාන දැනුම බෙදීමේ ක්‍රමයක් ලෙස උන්වහන්සේගේ ජනතාවගේ හිසට සහ හදවත් තුලට සදාකාලික සත්‍ය ලබාදීම වේගවත් කිරීම හදුන්වන්න පුළුවන්. මෙම ආශ්චර්යමත් වේගවත් කිරීම තුල ස්වර්ගයේ පියාණන්වහන්සේගේ දූවරුන් මූලික කාර්යභාරයක් ඉටුකරනු ඇති බවට උන්වහන්සේ පැහැදිලි කර තියෙනවා. මෙම ආශ්චර්යේ එක සාධකයක් වන්නේ නිවසේ සහ පවුල තුල සුභාරංචිය ඉගැන්වීම උන්වහන්සේ විසින් උන්වහන්සේගේ ජීවමාන දිවැසිවරුන් ලවා වඩා විශාල වශයෙන් අවධාරණය කිරීමයි.

ඔබ අහන්න පුළුවන්, “ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සාන්තුවරුන් මත දැනුම බෙදීමේදී උන්වහන්සේට උදවුකිරීමේ මූලික බලය ලෙස ඇදහිලිවන්ත සහෝදරියන් පත්වන්නේ කොහොමද?” කියලා. මෙයට පිළිතුර ස්වාමින්වහන්සේ “පවුල, ලෝකයට ප්‍රකාශනයක්” හි දීලා තියෙනවා. ඔබට වචන මතක ඇති, නමුත් ඔබ අලුත් අරුතක් දකීවී, ඒ වගේම ස්වාමින්වහන්සේ මෙම ආකර්ශනීය වෙනස්කම් මුල සිටම දුටුබව හඳුනාගනීවි. ප්‍රකාශනයේ, මෙම වචන වලින් උන්වහන්සේ පවුල තුල සහෝදරියන්ට සුභාරංචියේ ප්‍රධාන ගුරුවරු වීමට භාරකරලා තියෙනවා: “මවුවරුන් මූලික වශයෙන් තම දරුවන්ගේ පෝෂණය කිරීම සඳහා වගකිව යුතුය.”2 සුභාරංචි සත්‍යයෙන් සහ දැනුමෙන් පෝෂණය කිරීමද මෙයට අදාළ වෙනවා.

ප්‍රකාශනයේ තවදුරටත් කියවෙනවා: “මෙම පූජනීය වගකීම් වලදී , පියවරු සහ මවුවරු සම සහකරුවන් ලෙස එකිනෙකාට උදවු කිරීමට බැඳී සිටින.”3 බව. ඔවුන් සම සහකරුවන් ලෙස, ආත්මික වර්ධනයට සහ දැනුම ලබාගැනීම සඳහා ඔවුන්ගේ හැකියාවන් තුල සමාන වෙනවා, ඒවගේම එකිනෙකාට උපකාර කිරීම මඟින් එක්සත් වෙනවා. එකට උත්කර්ෂවත් වීමට ඇති ඔවුන්ගේ දිව්‍යමය ඉරණම අතින් ඔවුන් සමාන වෙනවා. ඇත්තවශයෙන්ම, පිරිමින්ට සහ කාන්තාවන්ට තනිවම උත්කර්ෂවත් වෙන්න බෑ.

එහෙමනම්, ඇයි, එක්සත් සහ සමාන සම්බන්ධතාවයක සිටින දෙවියන්වහන්සේගේ දියණියකට, සෑම කෙනෙකුම ලබාගත යුතු වඩාත් වැදගත් පෝෂණයක් වන, ස්වර්ගයෙන් ලැබෙන සත්‍යයේ දැනුම තුලින් පෝෂණය කිරීමේ මූලිකම වගකීම, හිමිවන්නේ? මම දකින ආකාරයට, මේ ලෝකයේ පවුල් බිහිවූ දා පටන් එය ස්වාමින්වහන්සේගේ මාර්ගය වී තිබෙනවා.

උදාහරණයක් ලෙස, දෙවියන්වහන්සේගේ සියලුම අණපනත් රැකීමට සහ පවුලක් බිහිකිරීමට නම් ආදම් තහනම් ගසේ ගෙඩි කෑ යුතු බවට දැනුම ලැබුනේ ඒව හටයි. එය ඒවට මුලින්ම ලැබුනේ ඇයිද කියන්න මම දන්නේ නෑ, නමුත් ආදම්ට දැනුම ලැබුනාට පස්සේ ආදම් සහ ඒව සම්පූර්ණයෙන්ම එකමුතුව ක්‍රියා කළා.

ස්වාමින්වහන්සේ කාන්තාවන්ගේ පෝෂණය කිරීමේ දීමනාව භාවිතා කෙරූ බවට තියෙන තවත් උදාහරණයක් තමයි, උන්වහන්සේ හිලමන්ගේ පුත්‍රයන්ව ශක්තිමත් කිරීම. මම එම කොටස කියවලා හමුදා සේවය සඳහා නිවස අතහැර යනකොට මගේ අම්මාගේ සහතික කිරීමේ වචන මතක්වෙනකොට, මට මගේ උගුර හිරකරනවා වගේ.

හිලමන් සටහන් කළා:

“එසේය, ඔවුන්ට ඔවුන්ගේ මවුවරුන් විසින් උගන්වා තිබිණි, එනම් ඔවුන් සැක නොකළහොත් දෙවියන්වහන්සේ ඔවුන් මුදවන සේක.

“තවද ඔවුන් ඔවුන්ගේ මවුවරුන්ගේ වචන ඔවුහු මට නැවත මෙසේ කීහ; අපි සැක නොකරන්නෙමු, අපගේ මවුවරු එය දැන සිටියහ.”4

පවුල තුල පෝෂණය කිරීමේ මූලික වගකීම ඇදහිලිවන්න සහෝදරියන්ට දීමට ස්වාමින්වහන්සේගේ හේතුන් මම දන්නේ නැති වුනත්, මම විශ්වාස කරනවා එය ආදරය කිරීමට ඔබට ඇති ශක්තිය නිසා කියලා. තමන්ට වඩා වෙන කෙනෙකුගේ අවශ්‍යතාවන් ගැන අවබෝධයක් ලබන්න නම් එයට විශාල ආදරයක් අවශ්‍ය වෙනවා. එම ප්‍රේමයේ හැඟීම් පෝෂණය ලබාදීමට තෝරාගත් පුද්ගලයාට දැනෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලපෑම් සඳහා සුදුසුකම් ලැබුවොත් පමණි. මට පෙනුන අකාරයෙන්, මගේ මව ආදර්ශයෙන් පෙන්වූයේ සහන සමිතියේ ආදර්ශ පාඨය වන: “ප්‍රේමය කිසිවිටෙකත් අසමත් නොවේ” යන්නෙන් ලද දේවානුභාවයෙන් විය හැක.

දෙවියන්වහන්සේගේ දියණියන් හැටියට, අන් අයගේ අවශ්‍යතාවන් අවබෝධ කරගන්න සහ ආදරය කරන්න ඔබට සහජ ඒ වගේම උතුම් හැකියාවක් තියෙනවා. ඒ හැකියාව ආත්මයාණන්වහන්සේගේ හඬට ඔබව තවතවත් අවනත කරනවා. එවිට මිනිසුන් වෙත දැනුම, සත්‍යය සහ ධෛර්ය ලබාදෙන්න ස්වාමින්වහන්සේට පුලුවන්වෙන ලෙස ඔබ හිතන දේවල්, ඔබ පවසන දේවල් සහ මිනිසුන්ව පෝෂණය කිරීමට ඔබ කරනා දේවල් වලට මඟපෙන්වීම් ලබාදෙන්න ආත්මයාණන්වහන්සේට පුලුවන් වෙනවා.

මගේ හඬට ඇහුම්කන්දෙන මේ සෑම සහෝදරියක්ම සිටින්නේ ඔබේ ජීවිත ගමනේ අසමසම ස්ථානයකයි. සමහරුන් ප්‍රධාන කාන්තා සැසිවාරයකට පළමුවරට සහභාගී වන තරුණ ගැහැණු ළමයින්. සමහරුන් දෙවියන්වහන්සේට අවශ්‍යවන විදිහට පෝෂණය ලබාදෙන්නන් වීමට සුදානම් වන තරුණ කාන්තාවන්. සමහරුන් අලුත විවාහ වී තවම දරුවන් නැති අය, අනිත් අය දරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් සිටින තරුණ මවුවරුන්. සමහර අය නව යොවුන් වියේ දරුවන් සිටින මවුවරුන් සහ අනිත් අය දරුවන් ධර්මදූත මෙහෙයන් වල සිටින මවුවරුන්. සමහර අයට ඇදහිල්ලෙන් දුර්වල වී නිවෙස් වලින් දුරට ගොස් සිටින දරුවන් සිටිනවා. සමහර අය ඇදහිලිවන්ත සහකාරයෙක් නැතිව තනියෙන් ජීවත් වෙනවා. සමහර අය මිත්තනියන්.

නමුත්, ඔබගේ පෞද්ගලික තත්වය කුමක් වුවත්, ඔබ කොටසක් - ප්‍රධාන කොටසක් - අනාගතයේදී හෝ, මෙම ලෝකයේදී හෝ, ආත්මික ලෝකයේදී හෝ දෙවියන්වහන්සේගේ පවුලේ සහ ඔබේම පවුලේ කොටසක්. දෙවියන්වහන්සේ ඔබ තුල ඇති විශ්වාසය නම්, ඔබේ ආදරයෙන් සහ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඔබගේ ඇදහිල්ලෙන්, උන්වහන්සේගේ දරුවන් සහ ඔබේ පවුලේ සාමාජිකයින් හැකිතාක් පෝෂණය කිරීමයි.

ඔබේ ප්‍රයෝගික අභියෝගය නම්, කවුරුන්, කොහොම සහ කවදා පෝෂණය කරන්නද යන්න දැනගැනීමයි. ඔබට ස්වාමින්වහන්සේගේ උදවු අවශ්‍යයි. උන්වහන්සේ අනිත් අයගේ හදවත් අඳුරනවා, සහ උන්වහන්සේ දන්නවා ඔබගේ පෝෂණය භාරගන්න ඔවුන් සුදානම් කවදාද යන්න. ඔබේ සාර්ථකත්වයේ යතුර නම් ඔබේ ඇදහිල්ලේ යාච්ඤාවයි. ඔබට උන්වහන්සේගේ මඟපෙන්වීම ලැබීම මත යැපෙන්න පුළුවන්.

උන්වහන්සේ මෙම දිරිගැන්වීම ලබාදෙනවා: “ඔබට ලැබේය යන ඇදහිල්ල ඇතිව සහ යෝග්‍ය සියලුදේම ප්‍රකාශ කරන ශුද්ධාත්මයාණන්වහන්සේව ලබාගැනීමට, විශ්වාසවන්තව මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් අසන්න”5

ඔබගේ යාච්ඤාට අමතරව, ශුද්ධලියවිලි පිළිබඳව බැරෑරුම් අධ්‍යයනය ඔබගේ පෝෂණය කිරීමේ බලය වැඩිවීමේ කොටසක් වෙනවා. මෙන්න පොරොන්දුව: “ඔබ පැවසිය යුත්තේ කුමක්ද කියා සිතීමට අවශ්‍ය නැත; නමුත් ඔබගේ මනසෙහි ජීවනයේ වචන එක්රැස් කරන්න, එවිට, සෑම මිනිසෙකුටම අවශ්‍ය එම කොටස එම පැදීම ඔබට ලබා දෙනු ඇත”.6

එමනිසා යාච්ඤා කිරීමට, මෙනෙහි කිරීමට, සහ අධ්‍යාත්මිකව කාරණා පිළිබඳව මෙනෙහි කිරීමට වැඩි කාලයක් ගන්න. ඔබගේ පවුලේ අනෙක් අය පෝෂණය කිරීමට අවශ්‍ය සත්‍යයේ දැනුම ඔබ මතට ලැබේවි සහ ඔබගේ බලය තුල වර්ධනය වේවි.

හොඳින් පෝෂණය කිරීම පිළිබඳව ඔබේ ඉගෙනීමේ වේගය මන්දගාමී බව ඔබට හැඟෙන අවස්ථා තිබේවි. එය විඳදරා ගැනීමට විශ්වාසය අවශ්‍ය වේ. උන්වහන්සේ ඔබට මෙම දිරිගැන්වීම ඒවා ඇත:

“එහෙයින්, හොඳ කිරීමෙන් වෙහෙසකර නොවන්න, මන්ද ඔබ මහත් වැඩකටයුතු වලට පදනම සපයමින් සිටී. එමෙන්ම කුඩා දේවලින් විශිෂ්ඨ දේ ඉදිරියට යනු ලබයි.

“බලන්න, ස්වාමින්වහන්සේට අවශ්‍ය හදවත සහ කැමැත්තක් දක්වන මනසක්ය; එවිට කැමැත්ත ඇත්තන් සහ කීකරුවන්නන් අවසාන කාලයේදී සයෝන දේශයෙහි යහපත අනුභව කරනු ඇත.”7

මේ රාත්‍රියේ අනෙකුත් අය පෝෂණය කිරීමට ස්වාමින්වහන්සේගේ ආරාධනය පිළිගැනීමට ඔබ කැමැත්තෙන් සිටින බවට සාක්ෂියකි. මේ රාත්‍රියේ මෙහි සිටින බාලයාට පවා මෙය සත්‍යකි. ඔබට දැනගන්න පුළුවන් ඔබේ පවුලේ පෝෂණය කිරීමට අවශ්‍ය කාවද කියලා. ඔබ අවංක උවමනාවෙන් යාච්ඤා කළහොත්, නමක් හෝ මුහුණක් ඔබේ සිතට පැමිනේවී. කුමක් කලයුතුද කුමක් කිව යුතුද කියා දැනගැනීමට ඔබ යාච්ඤා කළහොත්, ඔබට පිළිතුරක් දැනේවී. ඔබ කීකරු වෙන හැම අවස්ථාවකදීම, පෝෂණය කිරීමට ඔබට ඇති බලය වර්ධනය වේවි. ඔබගේම දරුවන් පෝෂණය කරන දවස වෙනුවෙන් ඔබ සුදානම් වේවි.

නව යොවුන් වියේ දරුවන් සිටින මවුවරුන් පෝෂණය කිරීමට ප්‍රතිචාර නොදක්වන දූවරුන් සහ පුතුන් වෙනුවෙන් යාච්ඤා කල යුතුය. ඔබේ දරුවාට අවශ්‍ය සහ පිළිගන්නා අධ්‍යාත්මික බලපෑමක් කිරීමට හැකි කවුරුන්ද යන්න දැනගැනීමට යාච්ඤා කරන්න. මෙවන් කරදරයෙන් සිටින මවුවරුන්ගේ හදපිරි යාච්ඤා දෙවියන්වහන්සේ ඇහුම්කන්දෙන සේක සහ උන්වහන්සේ උදවු එවන සේක.

ඒ වගේම, මෙහි සිටින මිත්තනියක් ඇයගේ දරුවන්ගේ සහ මුනුබුරු මිණිබිරියන්ගේ පීඩාවන් සහ අමාරුකම් හේතුවෙන් ශෝකයෙන් සිටිනවා විය හැකියි. ඔබ ශුද්ධ ලියවිලි වල ඇති පවුල් වල අත්දැකීම් තුලින් ධෛර්ය සහ මඟපෙන්වීම් ලබාගත යුතුයි.

ආදම්ගේ සහ ඒවගේ කාලයේ පටන්, ඊශ්‍රායෙල් පියාණන් දක්වා, සහ මෝර්මන් පොතේ සිටින සෑම පවුලකටම, ප්‍රතිචාර නොදක්වන දරුවන් වෙනුවෙන් කුමක් කළ යුතුද යන්න පිළිබඳ නිසැක පාඩමක් ඇත, එනම් ආදරය කිරීම නතර කරන්න එපා.

ස්වර්ගයේ පියාණන්වහන්සේගේ හිතුවක්කාර දරුවන් පෝෂණය කිරීමේ, දිරිගන්වනසුළු ආදර්ශයක් ගැලවුම්කරුවාණන් අපට දී තිබේ. ඔවුන් සහ අපි වේදනාවන් ඇතිකරන විටදී පවා, ගැලවුම්කරුවාණන්ගේ හස්තය දිගු වේ.8 උන්වහන්සේ 3 නෙපි හි අසාර්ථක ලෙස පෝෂණය කිරීමට උත්සහ කල උන්වහන්සේගේ ආත්මික සහෝදර සහෝදරියන් ගැන පවසනවා: “ අහෝ නුඹලා කවරෙක්ද... ඊශ්‍රායෙල් නිවසියෙනි, කොපමණ මා කිකිළියක් තමාගේ පිහාටු යටට එක්රැස් කරන්නක් මෙන් නුඹලාව රැස්කර ඇත්ද, තවද මම නුඹලාව පෝෂණය කර ඇත්තෙමි.”9

ජීවිත ගමනේ ඕනෑම අවදියක, ඕනෑම පවුල් අවස්තාවක, සහ ඕනෑම සංස්කෘතියකට අදාළ සහෝදරියන් හට, නිවසේදී සහ පවුලේදී සුභාරංචි අධ්‍යනය උන්වහන්සේගේගේ මඟපෙන්වීම තුලින් වැඩියෙන් අවධාරණය කිරීමේ ප්‍රධාන කොටස ඉටුකිරීමට ඔබට සිටින පරිපූර්ණම ආදර්ශය ගැලවුම්කරුවාණන්වහන්සෙයි.

ඔබ ඔබගේ උරුමයෙන් ලද ප්‍රේමයේ හැගීම් තුලින් ඔබගේ පවුල තුල ඇති ක්‍රියාකාරකම් සහ හුරු පුරුදු වෙනස්කිරීමට හැකිවනු ඇත. එය ඉතා උසස් ආත්මික වර්ධනයක් ගෙනඒවි. ඔබ ඔබගේ පවුලේ සාමාජිකයන් සමඟ සහ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන විට, ඔබට ඔවුන් වෙනුවෙන් ඇති ඔබගේ සහ ගැලවුම්කාරයාණන්ගේ ආදරය දැනෙනු ඇත. ඔබ එය සොයන විට වැඩි වශයෙන් එය ඔබගේ ආත්මික දීමනාව වේවි. ඔබගේ පවුලේ සාමාජිකයන්ට එය දැනේවි ඔබ ඉමහත් ඇදහිල්ලක් සමඟ යාච්ඤා කරන විට.

ශුද්ධ ලියවිලි හඬනගා කියවීමට පවුල එකතු වනවිට, ඔබ දැනටමත් ඒවා කියවා එය සඳහා සුදානම් වීමට ඒ ගැන යාච්ඤා කර සිටිනු ඇත. ඔබගේ මනස ශුද්ධාත්මයාණන් තුලින් ආලෝකමත් කරන මෙන් ඉල්ලා යාච්ඤා කිරීමට අවස්තාවන් සොයාගනු ඇත. එවිට, එය කියවීමට ඔබගේ වාරය පැමිණෙන විට, පවුලේ සාමාජිකයන්ට දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ වචනයට ඔබගේ ඇති ආදරය දැනෙනු ඇත. ඔවුන් උන්වහන්සේ සහ උන්වහන්සේගේ ආත්මයාණන් තුලින් පෝෂණය වනු ඇත.

එම ප්‍රතිපලය ඕනෑම පවුලක රැස්වීමකදී ඔබ යාච්ඤා කර සහ ඒ වෙනුවෙන් සැලසුම් කල විට ලැබෙනු ඇත. එයට උත්සාහය සහ කාලය වැය වේවි, නමුත් එතුලින් හාස්කම් ලැබේවි. මම කුඩා කාලයේදී මාගේ මව ඉගැන්වූ පාඩමක් මට මතකයි. අපොස්තුලුවර පාවුලුගේ ගමන් විස්තර අතුලත් වර්ණ ගැන්වූ සිතියම තාමත් මගේ මනසේ ඇඳී තියෙනවා. මට හිතා ගන්න බෑ එය කිරීමට ඇයට කාලය සහ මහන්සිය කොහෙන් ලැබුනාද කියලා. මේ දවස වන විටත් ඒ ඇදහිලිවන්ත අපොස්තුලුවරයා වෙනුවෙන් ඇයගේ ආදරය තුලින් මම ආශිර්වාද ලබනවා.

ස්වාමින්වහන්සේගේ නැවත පිහිටවු සභාව තුල ඔබගේ පවුල් මත සත්‍යය පිටාර ගැලීමට දායකවීමට ඔබ සියලු දෙනාටම මාර්ගයන් සොයාගත හැකි වේවි. ඔබ සියලුදෙනාටම යාච්ඤා කර, අධ්‍යනය කර, සහ මෙනෙහි කර ඔබගේම අසහාය කැපකිරීම කුමක්ද කියා සොයාගන්න. නමුත් මෙය මම දන්නවා: ඔබ සෑම කෙනෙක්ම, දෙවියන්වහන්සේගේ පුත්‍රයන් හා සමානයි, ඒ වගේම ඊශ්‍රායෙල්හි එකතුවීම ඉක්මන් කරන, සහ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මහිමාන්විත නැවත පැමිණීමට දෙවියන්වහන්සේගේ පවුල සුදානම් කරන සුභාරංචිය ඉගෙනීම සහ ඒ තුල ජීවත්වීමේ හාස්කමේ ප්‍රධාන කොටසක් වේවි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උතුම්වූ නාමයෙන් ආමෙන්.