2010–2019
දැන් වෙලාව පැමිණ ඇත
ඔක්තෝම්බර් 2018


දැන් කාලය පැමිණ ඇත

ඔබගේ ජීවිතයේ ඔබ සලකා බැලිය යුතු යමක් තිබේ නම්, එය සඳහා දැන් වෙලාව පැමිණ ඇත.

අවුරුදු කීපයකට කලින්, ව්‍යාපාර ගමනකට සූදානම් වෙමින් සිටි විට, මට පපුවේ වේදනාවක් දැනුනේය. මගේ ආරක්ෂාව ගැන සිතා මගේ බිරිඳ මා සමඟ ගමන් කරන්න තීරණය කළාය. අපගේ ගුවන් ගමනේ පළවෙනි අදියරයේදී මගේ වේදනාව කොයිතරම් වැඩිවුනාද කියතොත් මට උස්මගැනිම පවා දුෂ්කර විය. අහස්යානාව ගොඩබැස්සු පසු අප ගුවන්තොටුපොලෙන් පිට වී ඒ පලාතේ රෝහලට ගි‍යෙමු. එහිදී බොහෝ පරීක්ෂණ කළ පසු අපගේ ගමන කරගෙන යාම ආරක්ෂා සහිත බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

අපි ගුවන්තොටුපොලට ආපසු පැමිණ අපගේ අවසාන ගමනාන්තය සඳහා ගුවන් යානාවකට ගොඩ වූයෙමු. අප ගුවන් යානාවෙන් බැස එමින් සිටින විට, ගුවන් යානා නියමුවා අන්තර්සන්නිවෙදන යන්ත්‍රයකින් මා අමතා ‍මගේ අනන්‍යතාවය පෙන්නන්න කියා ම‍ට කීවේය. ඒ සමඟම ගුවන්ගමන් උපස්ථායකයා ලඟට ඇවිත් මොහොතකට කලින් ගුවන් ගමන් සේවක මණ්ඩලයට හදිසි ඇමතුමක් ලැබුනු බවත් අපව රෝහලට ගෙන යන්න සූදානමින් ගුවන්තොටුපොලේ ගිලන් රථයක් නවතා ඇති බවත් මට කී‍වේය.

අප ගිලන් රථයට ගොඩවූ අතර, හදිසි ප්‍රතිකාර කුටියට ඉක්මනින් ගෙනයනු ලැබුවෙමු. එහිදී කනස්සල්ලෙන් යුක්තවූ වෛද්‍යවරු දෙදෙනෙක් අප හමු වී මාගේ රෝගය වැරදි විදිහට නිර්ණය කරනුලැබූ බවත්, ඇත්තෙන්ම මගේ පෙනහැල්ලේ වායු අවහිරවීමක් හෝ ලේ කැටගැසීමක් හෝ තිබෙන බවත්, එය සඳහා වහාම වෛද්‍ය අවධානය යොමු කළ යුතු බවත් කීවෝය. බොහෝ රෝගීන් මෙම තත්ත්වයෙන් ජීවිතය බේරාගන්නේ නැති බව වෛද්‍යවරු කීහ.අප අපගේ නිවසින් බොහෝ දුරින් සිටි බව දැනගත් එම වෛද්‍යවරු අපගේ ජීවිතවල අප අවධානය යොමු කළ යුතු යමක් තිබුනේ නම් එය සඳහා කාලය දැන් පැමිණ ඇති බව කීහ.

එම කංසාව සහිත මොහොතේදී ක්ෂණයකින් මෙන් මගේ මුලු දෘෂ්ටිකෝනයම වෙනස් වූ හැටි මට හොඳින් මතකය. සුලු මොහොතකට කලින් ඉතා වැදගත් සේ පෙනුනු දෙය දැන් ගැම්මක් නැති දෙයක් බවට පත්විය. මගේ සිත මෙම ජීවිතයේ සැනසිල්ල හා ඇලුම්වලින් වේගයෙන් ඈත්වී සදාකාලික පර්‍යාලෝකයකට— පවුල, දරුවන්, හා මගේ බිරිඳ, පිළිබඳ සිතුවිලි හා අවසානයේදී මගේම ජීවිතය ගැන තක්සේරුවකට මම පත්කරනු ලැබුවෙමි.

අප පවුලක් වශයෙන් හා පුද්ගලයන් වශයෙන් කටයුතු කරමින් සිටියේ කුමන ආකාරයටද? අප ගිවිසගෙන තිබුණු ගිවිසුම්වලට අනුකූලව අපි අපගේ ජීවිත ගතකරමින් සිටියාද, නැතහොත් අප සමහර විට නොසිතාමතා ලෝකයේ ඇලුම්වලට අප ඉතාම වැදගත් දේවලින් ඇදගනුලැබීමට ඉඩදුන්නෙමුද?

මෙම අත්දැකීමෙන් ඉගෙනගත් වැදගත් පාඩමක් ගැන සලකා බලන්න මම ඔබට ඇරයුම් කරනු කැමැත්තෙමි: මෙම ලෝකයෙන් පියවරක් ආපස්සට ගෙන ඔබගේ ජීවිතය තක්සේරු කරන්න මම ඔබට ඇරයුම් කරමි. නැත්නම් වෛද්‍යවරයාගේ වචනවලින් කියනවානම් ඔබගේ ජීවිතයෙහි ඔබ අවධානය යොමු කළ යුතු යමක් තිබෙනවා නම් එය සඳහා දැන් කාලය පැමිණ ඇත.

අපගේ ජීවිත තක්සේරුකිරීම

අපි ප්‍රයෝජනයට ගන්න බැරිතරම් අධික ලෙස තොරතුරු ලැබෙන ලෝකයක ජීවත්වෙමින් සිටිමු. මෙම ලෝකය සැමවිටම මෙම ජීවිතයේ ගාලගෝට්ටිය තුලින් බේරී සදාතනික වටිනාකම්වලින් යුත් දේ කෙරෙහි අවධානය යොමු කිරීම වැඩි වැඩියෙන් දුෂ්කර කරන, නිතර වැඩිවෙන සිත වෙන අතකට හැරීම්වලින් පිරී ඇත. අපගේ දෛනික ජීවිතවල් අවධානය ඇදගන්නා සිරස්තලවලින් ඉහවහා ගොස් ය.

අප මෙනෙහි කරන්න කාලය ගත්තොත් මිසක් අපගේ එදිනෙදා ජීවිතවලදි හා අප කරන්නාවූ තෝරාගැනීම්වලදි මෙම වේගවත් දඩබ්බර පරිසරයෙන් ඇතිවන බලපෑම තේරුම් නොගන්නවා වෙන්න පුලුවන්. අනුකරනාත්මක සංස්කෘතික චර්‍යාමය අංග, වීඩියෝ දර්ශන සහ පීඩාකාරිලෙස කැපී පෙනෙන සිරස්තලවලින් යුක්තවූ තොරතුරුවල පිටාරගැලීම්වලින් අපගේ ජීවිත ගිලගනුලැබෙනු ඇත. මේවා උනන්දුව ඇතිකරවන හා විනෝදාත්මක වුවත් මේවායින් ‍බොහෝමයක අපගේ සදාකාලික ප්‍රගතිය කරා කිසිම දායකත්වයක් නැති වුවත් ඒවා අප අපගේ මැරෙනසුලු අත්දැකීම් අප දකින ආකාරය හැඩ ගන්වයි.

මේ ලෞකික සිත වෙනතකට හැරවීම් ලෙහිගේ හීනයෙහි තිබුණු සිත වෙනතකට හැරවීම් හා සමාන කළ හැකි ය. අප අපගේ අතින් යකඩ අත්වැල තදින් අල්ලාගෙන ගිවිසුම් මාර්ගයේ ඉදිරියට යන විට විශාල හා සෑහෙන ඉඩ ඇති ගොඩනැගිල්ලේ සිට “තම ඇඟිල්ල දිගු කරමින් සරදම් කරන” අයගේ හඬ අපට ඇසුනි; තවද අපි ඔවුන් දුටුවෙමු (1 නෙපි 8:27). අපි දැනුවත්ව එසේ අපගේ සිත වෙනතකට හරවන්න අදහස් නොකරනවා වෙන්න පුලුවන්. එහෙත් සමහර අවස්ථාවල්වලදී අප නැවතී මේ කාලගෝට්ටිය සියල්ල කුමක්ද කියා බලාගැනීම පිණිස අපි ඒ කාලගෝට්ටිය දෙස අපගේ බැල්ම හෙලන්නෙමු. අපෙන් සමහර අය කාලගෝට්ටිය වඩා හොඳින් බලාගැනීම පිණිස වඩා ලඟට යාමට යකඩ අත්වැල පවා අතරින්නෙමු. සමහර අය “ඔවුන්ට ගැරහූ අය නිසා” සම්පූර්ණයෙන්ම වැටී යනු ඇත (1 නෙපි 8:28).

“අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියටබලාගන්න”‍ කියා ස්වාමින්වහන්සේ අපට අනතුරු ඇගෙව්වා(ලූක් 21:34). බොහෝ දෙනා කැඳවනු ලැබුවත් තෝරාගනුලබන්නේ ටික දෙනෙක් බව නූතන එලිදරව්ව අපට මතක් කරයි. ඔවුන් තෝරාගනු නොලබන්නේ “ඔවුන්ගේ හදවත් මේ ලෝකයේ දේවල්වල රැඳී පවතින නිසා හා මිනිසුන්ගේ ගරුකිරීම් ලබාගැනීමට ඔවුහු බලාපොරොත්තු වන නිසාය”(දහම සහ ගිවිසුම 121:35; ඒවගෙම බලන්න වගන්ති 34). අපගේ ජීවිත තක්සේරුකරනුලැබීම අපට ලෝකයෙන් ආපස්සට වීමට අපට අවස්ථාවක් ලබාදෙයි. එමෙන්ම අප දැන් ගිවිසුමේ මාර්ගයෙහි සිටින්නේ කුමන ම‍‍ට්‍ටමේද යන්න ගැන මෙනෙහි කර, ශක්තිමත්ව ගිවිසුමේ මාර්ගයෙහි තදින් සිටීම හා ඉදිරියට යාමේ තද නෙත් හෙලීම තහවුරු කරන පිණිස, අවශ්‍ය නම් අදාළ වෙනස්කම් කරන්න අවස්ථාවක් ලබාදෙයි. ‍‍

රසල් එම්. නෙල්සන් දින හතක් සමාජ මාධ්‍යයෙන් වැලකී ලෝකයෙන් ආපස්සට එන්න කියා තරුණ තරුණියන්ට ආරාධනා කළේය. ඉන්පසු සභාපති රසල් තමන්ට දැනෙන ආකාරයෙහි, තමන් සිතන දෙයෙහි හෝ තමන් සිතන ආකාරයෙහි පවා යම් වෙනස්කම් තිබෙනවානම් ඒවා ගැන දැනුවත්වෙන්න කියා ඔවුන්ට කීවේය. ඉන්පසු සභාපති රසල් එම්. නෙල්සන් “ගිවිසුමේ මාර්ගයෙහි තමන්ගේ පාද ස්ථිරව පිහිටා තිබිම තහවුරු කරනු පිණිස ස්වාමින්වහන්සෙ‍‍‍් සමඟ පූර්ණ ජීවිත තක්සේරුවක් කරන ලෙස” ඔවුන්ට ආරාධනා කළේය. ඔවුන්ගේ ජීවිතවල වෙනස්විය යුතු දේවල් තිබෙනවානම් “වෙනස්වීමට හොඳම වෙලාව අදයි” කියා සභාපති රසල් එම්. නෙල්සන් ඔවුන් දිරිමත් කළේය.”1

අපගේ ජීවිතවල වෙනස්විය යුතු දේවල් තක්සේරු කිරීමේදී, අපට අපගෙන් ප්‍රායෝගික ප්‍රශ්නයක් ඇසිය හැකිය: අප මෙලොව අප සිත වෙනතකට හැරවීම්වලට ඉහලින් නැගී සිට අප ඉදිරියේ සදාකාලික දැක්මෙහි නිමග්නව රැඳී සිටින්නේ කෙසේද?

‍හොඳ, වඩා හොඳ, වැඩියෙන්ම හොඳ ,” යන මාතෘකාවෙන් යුත් 2007 සමුළු දේශනයෙහි සභාපති ඩැලින් එච්. ඕක්ස් අපගේ බොහෝ පරස්පර විරෝධී ලෞකික අවශ්‍යතාවන් අතර අප තෝරාගැනීම් ප්‍රමුඛතා ගතකරන්නේ කෙසේද කියා ඉගැන්විය. ඔහු මෙසේ උපදෙස් දුන්නේය: “ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල වර්ධනය කර අපගේ පවුල් ශක්තිමත් කරන අනිකට වඩා හොඳ හෝ හොඳම දේ තෝරාගැනීම සඳහා අප සමහ‍ර හොඳ දේවල් අත්හැර දැමිය යුත්තෙමු.”2

මේ ජීවිතයේ වඩාත්ම හොඳ දේවල්‍ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මත හා උන්වහන් කවුද යන්න සහ උන්වහන්සේ සමඟ අපට ඇති සම්බන්ධතාවය යන සදාකාලික සත්‍යතාවයන් තේරුම්ගැනීම් මත කේන්ද්‍රගතවී ඇති බව මම යෝජනා කරමි.

සත්‍යය සොයන්න

අප ගැලවුම්කරුවාණන් වහන්සේව දැනගන්න උත්සාහ කිරීමේදී අප කවුද යන හා අප මෙහි ඉන්නේ ඇයි යන මුලික සත්‍යතාවය අප නොසලකා හැරිය යුතු නැත. “මේ ජීවිතය දෙවියන්වහන්සේව හමුවිමට සූදානම් කිරීමට ඇති වෙලාව…බවත්, සදාකාලය සඳහා සූදානම් කිරීමට අපට දී ඇති වෙලාව” බවත් (ඇල්මා 34:32–33) ඇමියුලෙක් අපට මතක් කරයි. ප්‍රකට සිද්ධාන්තය අපට මතක් කරන පරිදි, “අපි අධ්‍යාත්මික අත්දැකීමක් ඇති මිනිස් සත්වයෝ නොවෙමු: අපි මිනිස් අත්දැකීමක් ඇති අධ්‍යාත්මික සත්වයෝ වෙමු.”3

අපගේ දිව්‍යමය මූලාරම්භය තේරුම්ගැනීම අපගේ සදාකාලික ප්‍රගතිය සඳහා අනිවාර්‍ය වන අතර එම තේරුම්ගැනීම අපව මෙලොව අපගේ සිත වෙනතකට හැරීම්වලින් නිදහස් කරයි. ගැලවුම්කරුවාණන් වහන්සේ පහත සඳහන් පරිදි ඉගැන්වූ සේක:

“නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝල‍‍යෝය.”

“නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස් කරන්නේය” (යොහාන් 8:31–32).

සභාපති ජෝසප් එෆ්. ස්මිත් මෙසේ ප්‍රකාශ කළේය: “මිනිස් සංහතිය විසින් මෙලොව අත්පත්ක‍රගත හැකි ලොකුම සම්පත නම් ලොව වසන ජීවියකුගේ පූර්වාදර්ශයේ හෝ ජීවිත රටාවේ බලපෑමෙන් දිව්‍ය සැලැස්ම ඔස්සේ මුලුමනින් ගමන් කරන දිසාව කිසිසේත් වෙනස් නොකරන තරමට දිව්‍යමය සත්‍යතාවය පිළිබඳ පූර්ණ හා අංග සමුපූර්ණ හුරුවීමක් ඇතිකරගැනීමයි.”4

අද ලෝකයෙහි සත්‍යය පෞද්ගලික විවරණයට විවෘත වූ සාපේක්ෂ සංකල්පයක් වූවාක් මෙන් සියලුම පැති සත්‍යය තමන් සතුව තිබෙන බව කියාපානු ලබන තත්ත්වයකට එය පිළිබඳ වාද උනුසුම් වී ඇත. තම ජීවිතයෙහි “ව්‍යාකුලත්වය හා ඝට්ටන කෙතරම් විශාල වුයේද කියතොත්”, බාල ජෝසප් ස්මිත් පිරිමි ළමයාට “කවුද හරි, …කවුද වැරදි යන්න පිළිබඳව කිසිම ස්ථිර නිගමනයකට ඒම සිදුවිය නොහැකි දෙයක් විය” ( ජෝසප් ස්මිත්— ඉතිහාසය). මෙම වාග් සංග්‍රාමය හා මතවල කාලගෝට්ටිය මැදය ඔහු සත්‍යය සෙවීම හරහා දිව්‍යමය මගපෙන්වීම සෙව්වේ. ( ජෝසප් ස්මිත්— ඉතිහාසය 1:10).

අප්‍රේල් සම්මන්ත්‍රයේදී සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වීය: “සත්‍යයට පහර දෙන දහස් ගණන් හඬවල් හා මිනිසුන්ගේ දර්ශනයන් අතරතුර තෝරාබේරාගැනීමේ යම් බලාපොරොත්තුවක් අපට තියෙන්නට නම්, අප එලිදරව් ලබාගන්න ඉගෙනගතයුතයි.”5අප සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ කෙරෙහි රඳාපවතින්න ඉගෙනගතයුතුයි. “උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත” (යොහාන් 14:17).

යාකොබ්ගේ පහත සඳහන් වචන සිහිපත් කළ යුතුයි: “ආත්මයාණන් කථාකර බොරු නො කියන සේක. එම නිසා එම දේවල් ගැන කථා කරන්නේ ඒවායේ තිබෙන ආකාරයටය. තවද එව දේවල සත්‍යයෙන්ම සිදුවන ආකාරයටමය; එම නිසා එම දේවල් අපට පැහැදිලිව ප්‍රකාශ වන්නේ අපගේ ප්‍රාණයන්වල ගැලවීම සඳහාය” (යාකොබ් 4:13).

අප ලෝකයෙන් ආපස්සට ඇවිත් අපගේ ජීවිත තක්සේරු කරන විට, අප කුමන වෙනස්කම් කළ යුතුද කියා බැලීමට එය සුදුසු අවස්ථාවයි. අපගේ ආදර්ශයාණන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවතත් අප යායුතු මාර්ගයේ අප ඉදිරියේ අපට ම‍ග පෙන්වා ගමන් කර ඇති බව දැනගැනීමෙහිදී අපට ලොකු බලාපොරොත්තුවකින් සිටිය හැකිය. උන්වහන්සේගේ මරණයටත් උත්ථානයටත් කලින් උන්වහන්සේ උන්වහන්සේ අවට සිටි අයට උන්වහන්සේගේ දිව්‍යමය කාර්‍යභාරය තේරුම්ගන්ඩ උදව් කරන්න මහන්සි වෙමින් සිටියදී උන්වහන්සේ පහත සඳහන් ආකාරයට ඔවුන්ට මතක් කළ සේක: “මා තුල නුඹලාට සමාදානය තිබෙන පිණිස ලෝකයෙහි නුඹලාට පීඩා තිබෙනු ඇත: නුමුත් ධෛර්‍යවත් වෙන්න; මමම ලෝකය ජයගෙන ඇත්තෙමි.” (යොහාන් 16:33). මම උන්වහන්සේ ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සාක්ෂි දරමි, ආමෙන්.