2010–2019
හැරීමේදී මෝර්මන් පොතේ කාර්යභාරය
ඔක්තෝම්බර් 2018


හැරීමේදී මෝර්මන් පොතේ කාර්යභාරය

අපි ඊශ්‍රායලය එක්රැස් කරන්නේ අවසාන වතාවටයි, ඒ වගේම එසේ කරන්නේ, හැරීමේ එක් වඩාත් බලවත් මෙවලමක් වන මෝර්මන් පොත සමගයි.

අද ගොඩක් මිනිසුන් හිතනවා දෙවියන්වහන්සේ පිලිබඳ සත්‍යය සහ උන්වහන්සේත් සමඟ අපේ ඇති සම්බන්ධතාවය ගැන. ගොඩක් මිනිසුන් උතුම් ගැලවීමේ සැලැස්ම ගැන දන්නේ බොහොම පොඩ්ඩක් නැතිනම් කිසිම දෙයක් දන්නේ නෑ. අවුරුදු 30කට ඉහතදී, සභාපති එස්රා ටැෆ්. බෙන්සන් සොයාගත්තා “අද ලෝකයේ බොහොමයක්  … ගැලවුම්කරුවාණන්ගේ දේවත්වය ප්‍රතික්ෂේප කරනවා කියලා. ඔවුන් උන්වහන්සේගේ ආශ්චර්යජනක උපත, උන්වහන්සේගේ පරිපූර්ණ ජීවිතය, සහ උන්වහන්සේගේ මහිමාන්විත උත්ථානයේ සත්‍යය පිළිබඳව ප්‍රශ්න කරනවා.”1

අපගේ කාලයේදී, ප්‍රශ්න යොමුවෙන්නේ ගැලවුම්කාරයාණන් පිළිබඳව විතරක් නොවේ උන්වහන්සේ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුලින් නැවත පිහිටවපු උන්වහන්සේගේ සභාව වන - යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව වෙතත් යොමු වෙනවා.

මෝර්මන් පොත අපගේ සාක්ෂිය වර්ධනය කර ගැනීමට උදවු වෙනවා

ප්‍රීච් මයි ගොස්පල් පොතේ, අපි කියවනවා: “මතක තබාගන්න [දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම පිළිබඳව] තේරුම්ගැනීම එන්නේ - දෙවියන්වහන්සේගෙන් සෘජු ලෙස එළිදරවු ලැබෙන - ජෝසෆ් ස්මිත් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන් වන නූතන දිවැසිවරුන් මාර්ගයෙන්. එම නිසා, කෙනෙක් පිළිතුරු දීමට අවශ්‍ය මුල්ම ප්‍රශ්නය තමයි ජෝසේෆ් ස්මිත් දිවසිවරයෙක්ද යන බව, එමෙන්ම ඔහුට හෝ ඇයට මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පුළුවන් මෝර්මන් පොත කියවීම සහ ඒ පිළිබඳව යාච්ඤා කිරීම තුලින්.”2

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ දිව්‍යමය කැඳවීම ගැන මගේ සාක්ෂිය ශක්තිමත්වී තියෙනවා යාච්ඤා පූර්වකව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක් වන: මෝර්මන් පොත අධ්‍යනය කිරීම තුලින්. මෝර්මන් පොත පිළිබඳව සත්‍යතාව දැනගැනීමට “ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, දෙවිවූ සදාතනික පියාණන්වහන්සේගෙන් අසන්න” යන මොරෝනිගේ ආරාධනය ක්‍රියාවට නංවා තියෙනවා.3 මම සාක්ෂි දරනවා එය සත්‍ය බව මා දන්නා බවට. ඒ දැනුම මට ලැබිලා තියෙනවා, ඒ වගේම, “ශුද්ධාත්මයාණන්ගේ බලය මඟින් එය ඔබටත් එන්න පුළුවන්.”4

මෝර්මන් පොතේ හැඳින්වීමේ මෙසේ සඳහන් වනවා: “[මෝර්මන් පොත පිළිබඳව] ශුද්ධාත්මයාණන් මඟින් මෙම දිව්‍යමය සාක්ෂිය ලබාගන්නා අය, එම බලයෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ගැලවුම්කාරයාණන් බවත්, ජෝසෆ් ස්මිත් මෙම අවසාන කාලයේ උන්වහන්සේගේ එළිදරවුකරු සහ අනාගතවක්තෘවරයා බවත්, තවද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව, මෙසියස්වහන්සේගේ දෙවන පැමිණීමට සූදානමක් ලෙස, පොළව මත නැවත පිහිටවන ලද ස්වාමින්වහන්සේගේ රාජ්‍ය බවත් දැනගනු ඇත.” යනුවෙන්.5

චිලි වලට යන තරුණ ධර්මදූතක් හැටියට, මම ජීවිතය වෙනස් කරවන පාඩමක් ඉගෙනගත්තා මෝර්මන් පොතේ ඇති හැරීමේ බලය පිළිබඳව. එක පුගලයෙක් - ගොන්සාලෙස් මහතා - ඔහු ඔහුගේ සභාවේ ගෞරවාන්විත තනතුරක අවුරුදු ගණනක් සේවය කළා. ඔහු විශාල ආගමික පුහුණුකිරීම් ලබා ගෙන සිටියා, දේවධර්මය පිළිබඳව උපාධියක්ද ඇතුළුව. ඔහු ඔහුගේ බයිබලය තුල තිබූ නිපුණත්වය ගැන ගොඩක් ආඩම්බරයෙනුයි සිටියේ. ඔහු ආගමික විද්වතෙක් බව අපට පැහැදිලි ලෙස පෙනුණා.

ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ධර්මදුතයන් ගැන දැනගෙන සිටියා ඔවුන් ඔහුගේ නගරය වන ලිමා, පේරු හි සේවය කල නිසා. ඔහුට හැම මොහොතකම අවශ්‍ය වුනා ඔවුන් සමග හමුවෙන්න එතකොට ඔහුට පුළුවන් වෙනව ඔවුන්ට බයිබලය උගන්වන්න.

එක දවසක්, ඔහු පැවසු ආකාරයට, ස්වර්ගයෙන් ලැබුණු තෑග්ගක් ලෙස, ධර්මදුතයන් දෙදෙනෙක් මාර්ගය අසල ඔහුව නතර කර, ඔහුගේ නිවසට ගොස් ශුද්ධලියවිලි බෙදා ගන්න පුලුවන්ද කියලා ඔහුගෙන් ඇසුවා. මෙය ඔහුගේ හීනයක් සැබෑ වීමක්! ඔහුගේ යාච්ඤාවට පිළිතුරු ලැබිලා. දැන්, ඔහුට මෙම නොමග ගොස් සිටිනි පිරිමි ළමයින්ව හරිගස්සන්න පුළුවන්. ඔහු ඔවුන්ට කීවුවා ඔහු සමඟ ශුද්ධලියවිලි පිළිබඳව සාකච්ඡා කරන්න ඔහුගේ නිවසට ඔවුන් ඒම පිළිබඳව ඔහු ගොඩක් සතුටට පත්වෙනවා කියලා.

ඔහු මෙම හමුවීම වෙනතුරු නොඉවසිල්ලෙන් බලාගෙන සිටියා. ධර්මදූතයන්ගේ විශ්වාසයන් වැරදියි කියා ඔප්පු කරන්න බයිබලය පාවිච්චි කරන්න ඔහු සූදානමින් සිටියා. ඔහු ආත්ම විශ්වාසයෙන් සිටියා බයිබලය ඔවුන්ගේ වැරදි ක්‍රම පැහැදිලිව සහ නිවැරදිවම පෙන්වා දෙයි කියා. හමුවීමේ දවස පැමිණියා, ධර්මදූතයන් දොරට තට්ටු කළා. ඔහු මදක් කැළඹී ගියා. අවසානයේදී ඔහුගේ මොහොත පැමිණියා.

ඔහු දොර ඇර ධර්මදූතයන්ව ඔහුගේ නිවස තුලට කැඳෙවුවා. එක් ධර්මදුතයෙක් ඔහුගේ අතට නිල් පාට පොතක් දී එම පොතේ ඇත්තේ දෙවියන්වහන්සේගේ වචන කියා අවංක සාක්ෂියක් බෙදා ගත්තා. දෙවෙනි ධර්මදුතයා පොත පිළිබඳව ඔහුගේ ශක්තිමත් සාක්ෂිය පවසමින්, එම පොත පරිවර්තනය කර ඇත්තේ දෙවියන්වහන්සේගේ නූතන දිවසිවරයෙක් වන ජෝසෆ් ස්මිත් විසින් බව, සහ එය ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වන බව පැවසුවා. පසුව ධර්මදූතයන් ඔහුගෙන් අවසර ගෙන නිවසින් පිටව ගියා.

ගොන්සාලෙස් මහතා ගොඩක් කලකිරීමට පත්වුනා. නමුත් ඔහු පොත දිගහැර පිටු පෙරලන්න පටන්ගත්තා. ඔහු පලවන පිටුව කියෙවුවා. ඔහු පිටුවෙන් පිටුව, පිටුවෙන් පිටුව නොනවත්වාම කියෙවුවා පසුදින දහවල් වනතුරුම. ඔහු මුළු පොතම කියවා දැනගත්තා එය සත්‍යය බව. ඔහු දැනගත්තා ඔහු කිරීමට අවශ්‍ය කුමක්ද කියලා. ඔහු ධර්මදූතයන්ට කතා කළා, පාඩම් ඉගෙනගත්තා, පසුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙකු වීමට ඔහුගේ කලින් ජීවිතය අතහැරියා.

එම හොඳ මනුස්සයා ප්රෝවෝ, යුටා හි ධර්මදූතයන් පුහුණු කරවන මධ්‍යස්ථානයේ සිටි මගේ ගුරුවරයායි. සහෝදර ගොන්සාලෙස්ගේ හැරීමේ කතාව සහ මෝර්මන් පොතේ බලය මා තුල ඉතා විශාල හැගීමක් ඇතිකළා.

මම චිලි වලට ලඟා වූ විට, මගේ ධර්මදුත සභාපති, සභාපති රෝයිඩෙන් ජේ. ග්ලේඩ්, අපිට ආරාධනා කළා ජෝසෆ් ස්මිත් - ඉතිහාසයේ සඳහන්ව ඇති සභාපති ජෝසෆ් ස්මිත්ගේ සාක්ෂිය සෑම සතියකම කියවන ලෙසට. ඔහු අපට ඉගැන්වුවා පළමු දර්ශනය සුභාරංචිය සහ මෝර්මන් පොත පිළිබඳ අපගේ සාක්ශියට සෘජු බලපෑමක් කරන බව.

මම ඔහුගේ ආරාධනාව වැදගත් ලෙස ගත්තා. මම පළමු දර්ශනය පිලිබඳ විස්තරය කියවුවා; මම මෝර්මන් පොත කියෙවුවා. මම මොරෝනි පෙන්වා දී ඇති ලෙස යාච්ඤා කර “ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, දෙවිවූ සදාතනික පියාණන්වහන්සේගෙන්”6 ඇසුවා මෝර්මන් පොත සත්‍යක්ද යන බව. අද මම සාක්ෂි දරනවා මම දන්නවා මෝර්මන් පොත, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් පැවසුවාක් මෙන්, “පොළව මත පොත්වලින් ඉතාමත් නිවැරදි පොත කියාද, තවද අපගේ ආගමේ මුල්ගල එය බවද, වෙන කිසිම පොතක මූලධර්මයන්ට වඩා මේ පොත අනුව ජීවත් වෙමින් මිනිසෙකුට දෙවියන්වහන්සේ වෙතට වඩා ලංවීමට හැකි.” කියා.7 සභාපති ජෝසෆ් තවදුරටත් කියා සිටියේ: “මෝර්මන් පොත සහ එලිදරවුවීම් ඉවත් කරවිට, අපේ ආගම කුමක්ද? අපට කිසිවක් නැත.” යන්නයි.8

පෞද්ගලික හැරීම

අපි කවුද , සහ මෝර්මන් පොතේ අරමුණ කුමක්ද කියා හොඳින් තේරුම් ගත් විට, අපගේ හැරීම ගැඹුරු වනවා සහ ස්ථීර වෙනවා. දෙවියන්වහන්සේ සමඟ ඇතිකරගත් ගිවිසුම් රැකීමට අපගේ කැපවීම ශක්තිමත් වෙනවා.

මෝර්මන් පොතේ ප්‍රධානම අරමුණක් වන්නේ විසිරී සිටින ඊශ්‍රායලය එක්රැස් කිරීමයි. මෙම එක්රැස් කිරීම තුලින් දෙවියන්වහන්සේගේ දරුවන්ට ගිවිසුම් ගත මාර්ගයට ඇතුළුවීමට සහ, එම ගිවිසුම් වලට ගරුකිරීම තුලින්, පියාණන්ගේ අභිමුඛයට නැවත යාමටත් අවස්තාව ලැබෙනවා. අපි පසුතැවිලිවීම උගන්වා හැරී එන්නන් බෞතිස්ම කල විට, අපි විසිරී සිටින ඊශ්‍රායලය එක්රැස් කරනවා.

මෝර්මන් පොත තුල ඊශ්‍රායල් නිවාස සඳහා නිර්දේශ 108ක් තිබෙනවා. මෝර්මන් පොත ආරම්භයේදී, නෙපි උගන්වනවා, “මක්නිසාද මාගේ සම්පූර්ණ කැමැත්ත, මනුෂ්‍යන් ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද, ඊසාක්ගේ දෙවියන්වහන්සේද හා යාකොබ්ගේ දෙවියන්වහන්සේ වෙතට පැමිණ, ගැලවීම ලැබීමට පෙලඹවීමයි.” කියා.9 ආබ්‍රහම්ගේ, ඉසාක්ගේ සහ යාකොබ්ගේ දෙවියන්වහන්සේ, පරණ ගිවිසුමේ දෙවියන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සෙයි. උන්වහන්සේගේ සුභාරංචියට අනුව ජීවත්වීම තුලින් ක්‍රිස්තුස්වහන්සේ තුලට පැමිණීමෙන් අපට ගැලවීම ලබා ගත හැකියි.

පසුව, නෙපි මෙසේ ලිවීය:

“එසේය, මාගේ පියා අන්‍යජාතීන් සම්බන්ධව පවා බොහෝ දේවල් කිවේය; තවද එසේම ඊශ්‍රායෙල් නිවැසියන් ගැනද, එනම් ඔවුන් ඔලිව් ගසක් මෙන් සංසන්දනය කල යුතුය, එම අතු කඩා දමා පොලවේ මුහුණ මත විසිරුවා හරිනු ලැබුවාක් මෙන් විය යුතුය. …

“තවද ඊශ්‍රායෙල් නිවස විසිරුවා දමනු ලැබුවාට පසු ඔවුන් සියල්ලන්ම නැවත රැස්කරනු ලැබිය යුතුය. නැතහොත්, කොටින්ම, අන්‍යජාතීන් සුභාරංචියේ පූර්ණත්වය ලැබුවායින් පසු, ඔලිව් ගසෙහි ස්වභාවික අතු, එසේ නැතහොත් ඊශ්‍රායෙල් නිවසෙහි ඉතුරු අය බද්ධ කලයුතු වන්නෝය; නැතහොත් එනම් ඔවුන්ගේ ස්වාමින්වහන්සේ සහ ඔවුන්ගේ මිදුම්කරුවාණන් වූ, සැබෑවූ මෙසියස්වහන්සේව දැනගැන්මට පැමිණෙන්නෝය.”10

ඒ හා සමානවම, මෝර්මන් පොත අවසානයේදී, දිවැසිවර මොරෝනි අපගේ ගිවිසුම ගැන අපට මතක්කර දෙනවා, මෙසේ පවසමින්, “ඒ කරනකොටගෙන නුඹ ව්‍යාකූල නොවන පිණිසය, ඒ කරනොකටගෙන අහෝ ඊශ්‍රායෙල් ගෘහය, උන්වහන්සේ නුඹ හට කරන ලද සදාතනික පියාණන්වහන්සේගේ ගිවිසුම් සම්පූරණ වන පිණිසය.”කීය.11

සදාතනික පියාණන්වහන්සේගේ ගිවිසුම්

“සදාතනික පියාණන්වහන්සේගේ ගිවිසුම්” ලෙස මොරෝනි හඳුන්වන්නේ කුමක්ද? එය අපි ආබ්‍රහම්ගේ පොතේ කියවමු:

“මාගේ නාමය යෙහෝවා, එමෙන්ම මම ආරම්භයේ සිට අවසානය දක්වා දනිමි; එබැවින් මගේ හස්තය ඔබ මතුපිටින් තිබෙනවා ඇත.

“මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි, ගණන් කල නොහැකි තරම් මම නුඹට ආශිර්වාද කර, නුඹේ නාමය සියලු ජාතීන් අතර කීර්තිමත් කරන්නෙමි, සියලුම ජාතීන්ට දේවසේවය කිරීමට සහ පූජකත්වය ඔවුන් අත දරනු පිණිස, නුඹේ පෙළපතට නුඹ මහත් ආශිර්වාදයක් වනු ඇත.”12

සභාපති රසල් එම්. නෙල්සන් මෑතකදී පැවති ලෝකව්‍යාප්ත විකාෂනයකදී ඉගැන්වුවා “මෙය නිසැකවම අවසාන දවස් වන අතර ස්වාමින්වහන්සේ ඊශ්‍රායෙලය එකතු කිරීමට උන්වහන්සේගේ කාර්යයන් කඩිනම් කරනවා. අද ලෝකයේ සිදුවන වඩාත්ම වැදගත්ම දෙය එම එක්රැස් කිරීමයි. එහි විශාලත්වයට සමාන කල හැකි කිසිවක් නැත, එහි වැදගත්කමට සමාන කළහැකි කිසිවක් නැත, එහි තේජසට සමාන කළහැකි කිසිවක් නැත. ඔබ තෝරාගත හොත්, ඔබට අවශ්‍ය නම්, එහි විශාල කොටසක් වීමට ඔබට හැක. ඔබට ඉතා විශාල, ඉතා උදාර, ඉතා තේජාන්විත යමක කොටසක් විය හැකියි!

එක්රැස්කිරීම, ගැන අප කතාකරන විට, අපි කියන්නේ මේ මුලික සත්‍යය ගැනයි: අපගේ ස්වර්ගයේ පියාණන්වහන්සේගේ සෑම දරුවෙක්ම, තිරයෙන් එහා සහ මෙහා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද සුභාරංචියට ඇහුම්කන්දීමට යෝග්‍ය වෙනවා. ඔවුන්ට වැඩියෙන් දැනගන්න අවශ්‍යද කියලා ඔවුන් තීරණය කරයි.”13

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් හැටියට අප කරන්නේ එයයි: අපි සොයන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය පිළබඳව තෙරුම්ගැනීමකට- කතාබහකට ලෝකයාව ගෙන ඒමටයි. අපි තමයි “පසු-දවස්වල එක්රැස් කරන්නන්.”14 අපගේ මෙහෙයුම පැහැදිලියි. සහෝදර සහෝදරියනි, අපි මොරෝනිගේ පොරොන්දුව හදවතට ගෙන, මෝර්මන් පොත සත්‍යද යන්න පිළිබඳව යාච්ඤා කර පිළිතුරක් ලබා, එම දැනුම අන් අය සමඟ වචනයෙන් සහ ක්‍රියාවෙන් බෙදාගත්තන් ලෙස හඳුන්වන්නන් වෙමු.

හැරීමේදී මෝර්මන් පොතේ කාර්යභාරය

මෝර්මන් පොතේ ඇතුළුවන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පූරණ සුභාරංචියයි.15 එය අපව පියාණන්වහන්සේගේ ගිවිසුම් වලට මෙහෙයවනවා, එය රඳවා තබාගන්නා විට - උන්වහන්සෙගේ උතුම්ම තෑග්ග වන සදාකාලික ජීවිතය සහතික වෙනවා.16 ස්වර්ගයේ පියාණන්වහන්සේගේ සියලුම පුත්‍රයන්ගේ සහ දියණියන්ගේ හැරීමේ මුල්ගල වන්නේ මෝර්මන් පොතයි.

නැවතත් සභාපති නෙල්සන්ගෙන් උපුටා ගනු ලබනවා: “ඔබ ... දිනපතාම මෝර්මන් පොත කියවන විට, ඔබට බයිබලයේ සොයාගත නොහැකි එක්රැස්කිරීම පිලිබඳ ධර්මයන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිලිබඳ සත්‍යයන්, උන්වහන්සේගේ වන්දිගෙවීම, සහ උන්වහන්සේගේ පරිපූර්ණවූ සුභාරංචිය පිළිබඳව ඉගෙනගත හැකි වනවා. මෝර්මන් පොත ඊශ්‍රායෙලය එක්රැස්කිරීමේ කේන්ද්‍රයයි. ඇත්තවශයෙන්ම, මෝර්මන් පොත නොමැතිනම්, ඊශ්‍රායෙලයේ පොරොන්දු වූ එක්රැස්වීම සිදුවන්නේ නැත.”17

පොරොන්දු වූ ආශිර්වාද පිළිබඳව නෙපිවරුන්ට උගන්වන ගැලවුම්කරුවාණන්ගේ වචන සමගින් මෙය මම අවසන් කරන්න කැමතියි: “නුඹලා අනාගතවක්තෘවරුන්ගේ දරුවන්ය; තවද නුඹලා ඊශ්‍රායෙල් නිවසියන්ය; තවද නුඹලාගේ වංශය කරුනුකොටගෙන පොලවේ සියලු ඥාතියෝ ආශිර්වාද ලබන්නොයයි, ආබ්‍රහම්ට මෙසේ කියමින් නුඹලාගේ පියවරුන් සමඟ පියාණන්වහන්සේ කරනු ලැබුවාවූ ගිවිසුම.”යයි පවසා ඇත.18

මම සාක්ෂි දරනවා අපි දෙවියන්වහන්සේගේ ඊශ්‍රායෙල් ගෘහයේ, ආබ්‍රහම්ගේ වංශයේ පුත්‍රයන් සහ දියණියන් කියලා. අපට මඟ පෙන්වන්නේ දෙවියන්වහන්සේගේ දිවසිවරයෙක් වන, අපේ කාලයේදී ඊශ්‍රායෙලයේ එක්රැස්කිරීම මෙහෙයවන, සභාපති රසල් එම්. නෙල්සන් විසින්. මෝර්මන් පොත සත්‍යයි. එය මගේ ජීවිතය වෙනස්කරා. මම ඔබට පොරොන්දු වෙනවා, මොරෝනි ඇතුළුව ආදී කාලයේ බොහෝ දිවසිවරු කීවාක් මෙන්, එයට ඔබගේත් ජීවිතය වෙනස් කල හැකි බව.19 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමෙන්, ආමෙන්.

සටහන්

  1. Teachings of Presidents of the Church: Ezra Taft Benson (2014), 129.

  2. What Is the Role of the Book of Mormon?” Preach My Gospel: A Guide to Missionary Service, rev. ed. (2018), lds.org/manual/missionary.

  3. මොරෝනි 10:4.

  4. මොරෝනි 10:4.

  5. මෝර්මන් පොතේ හැඳින්වීම.

  6. මොරෝනි 10:4.

  7. මෝර්මන් පොතේ හැඳින්වීම.

  8. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 196.

  9. 1 නෙපි 6:4.

  10. 1 නෙපි 10:12, 14.

  11. මොරෝනි 10:31.

  12. ආබ්‍රහම් 2:8–9.

  13. Russell M. Nelson, “Hope of Israel” (worldwide youth devotional, June 3, 2018), 4, HopeofIsrael.lds.org.

  14. යාකොබ් 5:72.

  15. සභාපති එස්රා ටැෆ්. බෙන්සන් උගන්වනවා: “ස්වාමින්වහන්සේ විසින්ම පවසා තිබෙනවා මෝර්මන් පොතේ ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණ සුභාරංචිය’ ඇතුලත් වනබව (දහම සහ ගිවිසුම 20:9). එයින් අදහස් කරන්නේ නෑ මෙතෙක් එලිදරවු වූ සෑම ඉගැන්වීමක්ම, සෑම දහමක්ම එහි ඇතුලත් කියලා. නමුත්, මෝර්මන් පොත තුල අපගේ ගැලවීමට අදාළ සියලුම ධර්මයන් සොයාගන්න පුළුවන්. ඒවා සඳහන් වෙලා තියෙන්නේ කුඩා දරුවෙකුට වුවද ගැලවීම සහ උත්කර්ෂය පිලිබඳ ඉගෙනගත හැකි ලෙස, ඉතා සරල සහ පැහැදිලිවයි.” (ඉගැන්වීම්:එස්රා ටැෆ්. බෙන්සන්, 131).

  16. දහම සහ ගිවිසුම 14:7 බලන්න.

  17. Russell M. Nelson, “Hope of Israel,” 7.

  18. 3 නෙපි 20:25.

  19. See, for example, Henry B. Eyring, “The Book of Mormon Will Change Your Life,” Liahona, Feb. 2004, 12–16.