2010–2019
සත්‍ය සහ සැලැස්ම
ඔක්තෝම්බර් 2018


සත්‍ය සහ සැලැස්ම

ආගම් හි සත්‍ය බව අප සොයනා විට, එම සෙවීම සඳහා යෝග්‍ය ආත්මික ක්‍රම අප භාවිතා කළ යුතුය.

“අතීතයේ වර්තමානයේ සහ ඉදිරියටත් ලැබෙන දැනුමෙහි සත්‍යයන්” ගැන නවීන එලිදරව් විසින් අර්ථ දක්වයි (දහම සහ ගිවිසුම 93:24). ගැලවීමේ සැලැස්මට සහ “පවුල: ලෝකයට ප්‍රකාශනයට”එය ශ්‍රේෂ්ඨ අර්ථ දැක්වීමකි.

අප ජීවත් වන්නේ, බොහෝ ලෙස තොරතුරු පතල කරන කාලයකය. නමුත්, ඒ සියලු තොරතුරු සත්‍ය නොවේ. අපි සොයන සත්‍යය සහ එය මත විශ්වාසය තැබීම සඳහා, එය ලැබූ මුල් මාර්ගය ගැන පරීක්ෂකාරී විය යුතුය. අපි ලෞකික ප්‍රසිද්ධිය හෝ අධිකාරිය සමග සුදුසුකම් ලත් සත්‍යයේ මුල් මාර්ග පටලවා ගත යුතු නැත. නලු නිලි තාරකාවන්, විශිෂ්ට ක්‍රීඩකයන් හෝ නිර්නාමික අන්තර්ජාල මාර්ග පුදකරන ආධුනික අවවාද හා තොරතුරු ගැන අප පරිස්සම් විය යුතුය. එක් ක්ෂේත්‍රයක ප්‍රවීණතා තිබුණත්, සත්‍යයයේ හා වෙනත් කාරණා ගැන ප්‍රවීණතා තිබෙනවායැයි සිතිය නොහැක.

සත්‍ය සෙවීමේදී අප පරිස්සම් විය යුතුයි තොරතුරු සපයන්නා පෙළඹවීම ගැන උපායන්ට විරුද්ධව ශුද්ධලියවිලි අපට අනතුරු හඟවනුයේ එම නිසාය (බලන්න 2 නෙපි 26:29) මුල් තොරතුරු දෙනු ලබන්නා ආගමික හෝ නාඳුනන නම්, තොරතුරුද සැක සහිතය. අපේ පුද්ගලික තීරණයන්ට පාදක විය යුත්තේ, එම තොරතුරු සපයන මුල් මාර්ගය, විෂය ගැන සුදුසුකම් ලැබ, සහ ආත්මාර්තකාමි පෙලඹවීමේ විකෘති බවෙන් තොරද බවත්.

අපගේ පෞද්ගලික තීරණයන් විෂය පිළිබඳ සහතික කර ඇති හා එසවීමෙන් ආත්මාර්ථකාමී චේතනාවෙන් තොරව තොරතුරු ලබා ගැනීම මත පදනම් විය යුතුය.

අපි ආගම ගැන සත්‍ය සොයන විට, එම සෙවීමට සුදුසු ආත්මික මාර්ග භාවිතා කල යුතුය. යාච්ඤාව, ශුද්ධාත්මයාණන්ගේ සාක්ෂිය සහ ශුද්ධලිවිලි සහ නව දිවැසිවරයන්ගේ වචන ඉගැනීම ලෞකික ඉගැන්වීම් නිසා, ආගමික ඇදහීම නැති කරගත් වාර්තා ඇසෙන විට, මා නිතරම දුක්වෙමි. හෙන්රි බී. අයරින් සභාපති මෙසේ කීය. “ඔවුන්ගේ ප්‍රශ්නය, ඔවුන් දකිනවායැයි සිතන දේ මත නොවේය. එය තිබෙන්නේ, ඔවුන් තවමත් නොදකින දෙය මතය”1

විද්‍යාවේ ක්‍රම විසින් අප සදහන් කරන විද්‍යානුකූල සත්‍යයට මග පාදයි. නමුත් “විද්‍යාවේ සත්‍ය” ජීවිතයේ පූර්න කම නොවේය. “ඉගෙනීමෙන් සහ ඇදහීමෙන්” (දහම සහ ගිවිසුම 88:118) ඉගෙන නොගන්නා අය, සත්‍ය තේරුම් ගැනීම සීමා කර, විද්‍යානුකූල අර්ථ මගින් හරි වැරදි බලති. එය සත්‍ය සොයන ගමනට කෘතිම සීමා දමනවා.

ජේම්ස් ඊ. ෆෝස්ට් සභාපති මෙසේ කීය, “බෞස්තීම ලැබූ අය, පරිස්සමක් නැතුව ඉගෙනීමට ගොස්, තම සදාකාල ආත්මය අනතුරෙහි දමති. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු දවස්වල ශුද්ධවන්තයිනගෙන් යුත් සභාවට, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බවද අපි විශ්වාස කරන්නෙමු.”2

අප කව්දැයි සත්‍යයෙන් දැන, එය අනුව ක්‍රියා කරන විට සහ මැරෙන සුලු ජීවිතයේ තේරුම දැන සහ අප මිය ගිය පසු යන්නේ කොහේදැයි දැන ගැනීමට ලැබීමට අපට සත්‍ය දරාසිටිය හැකි සතුටක් දැනෙන්නේය. එම සත්‍යයන් විද්‍යානුකූලව හෝ ලෞකික මාර්ග වලින් සොයාගත නොහැක.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවට මූලික වන, නැවත පිහිට වූ ශුභාරංචියේ සත්‍යයන් ගැන මා දැන් කතා කරන්නම්. කරුණාකර මෙම සත්‍යයන් ගැන සැලකිලිමත්ව කල්පනා කරන්න. මෙය, අපේ කර්මය සහ ක්‍රියාවන්ද සහ තවම තේරුම් නොගත් සමහර කරුණුද ඇතුලුව පැහැදිලි කිරීමක් කරයි.

දෙවියන්වහන්සේ කෙනෙක් ඇත. ජීවත් වූ හා ඉදිරියට ජීවත් වන සියලු ආත්මයන්ගේ ප්‍රේමණීය පියාණන්ද උන්වහන්සේය.

ස්ත්‍රී පුරුෂ භාවය සදාකාලිකය. මේ පොලවට අප ඉපදීමට පෙර, දෙවියන්වහන්සේ ඉදිරීයේ අපි ජීවත් වූයේ, ස්ත්‍රී පුරුෂ ආත්මයන් ලෙසය.

මේ දැන් අපි අසනු ලැබුවා දේවමාලිගා චතුරශ්‍රයේ ගීතිකා කණ්ඩායම “දෙවියන්වහන්සේගේ සැලැස්ම මා අනුගමනය කරමි”3 යන්න ගායනා කරනවා. උන්වහන්සේගේ ආත්මික දරුවන් සදාකාලයටම දියුණු වීම පිණිස, දෙවියන්වහන්සේ පිහිටවු සැලැස්ම එයයි. එම සැලැස්ම අප සියලු දෙනාටම ඉතා වැදගත්ය.

එම සැලැස්ම යටතේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමණිය ආත්මික දරුවන්ට මැරෙන සුලු ආකාරයට ඉපදිමට ස්ථානයක් ලෙස, මේ පොළව මැවුයේ ඔවුනට කායික ශරීරයක් ලැබ, ධර්මිෂ්ඨ තෝරා ගැනීම් කිරීම් තුළින්, සදාකාලික දියුණුව සඳහා අවස්ථාව ලැබීමටය.

මැරෙන සුලු අර්ථවත් තෝරාගැනීම් සිදු කිරීමට වී ඇත්තේ, යහපත සහ අයහපත අතරය. විරුද්ධත්වය තිබිය යුතු බැවින්, එදිරිකාරයා ඇති විය. කැරලිකාරයෙක් නිසා නෙරපා දමනු ලැබූ ඔහුට, දෙවියන්වහන්සේගේ සැලැස්මට විරුද්ධව ක්‍රියා කිරීමට දෙවියන්වහන්සේගේ දරුවන් පොළඹවා ගැනීමට අවසර ලැබුණි.

දෙවියන්වහන්සේගේ සැලැස්මේ අරමුණ නම්, උන්වහන්සේගේ දරුවන්ට සදාකාලික ජිවිතය තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දිමටය. මෙය ඉටු කළහැක්කේ මැරෙන සුළු අත්දැකීමෙන් සහ මරණින් පසු, සහ මැරෙන සුලු ජීවිතයට පසු දියුණුවද ආත්මික ලෝකයේදී ඉෂ්ඨ කලහොත් පමණි.

මැරෙන සුළු ජීවිතයේදී, එදිරිකරුවාගේ පාපිෂ්ඨ පරීක්ෂාවන්ට අප සියලු දෙනාත් අවනත වීම නිසා පාපයෙන් කිලිටි වී අපේ පියාණන් වන දෙවියන්වහන්සේ, ගැලවුම්කරුවෙකු සපයනවාය යන විශ්වාසය මත, අපි එම අභියෝග භාර ගත්තෙමු. එම ගැලවුම්කරුවාණන්, උන්වහන්සේගේ ඒකජාත පුත්‍රයාණන්, අපව බේරා ගන්නේ, මරණින් පසු ආත්මයට ශරීරයක් සලසන, නැවත නැගිටවීමෙනි. උන්වහන්සේ නිර්දේශ කරන කොන්දේසි මත, ගැලවුම්කරුවාණන් සමගි කිරීමක්ද සලසනවා අප සියලුදෙනා පාපයෙන් පිරිසිදු කිරීම සඳහා ගෙවීමට‍ එම කොන්දේසි වලට ඇතුළු වනුයේ, ක්‍රිස්තුස්වහන්සේ වෙත ඇදහීම, පසුතැවීම, බෞස්තීමය, ශුද්ධාත්මයාණන්ගේ සහ පූජක අධිකාරිය ඉටුකරන වෙනත් නියෝගයන්ය.

සදාකාල් විනිශ්ය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සමගි කිරීම තුළින් අප ලබාගන්නා දයාව අතර පරිපූර්ණ සසැදීමක්, දෙවියන්වහන්සේගේ උතුම් සන්තෝසයේ සැලැස්ම සපයන්නේය. තවද ක්‍රිස්තුස්වහන්සේ වෙත නව ජීවින් බවට හැරීමටද, එය අපට පහසු කරයි.

ප්‍රේමණීය දෙවියන්වහන්සේ, අප සෑම කෙනෙකු වෙතම ලගාවන සේක. උන්වහන්සේගේ ප්‍රේමය තුළින් සහ උන්වහන්සේගේ ඒකජාත පුත්‍රයානන්ගේ සමගි කිරීම තුළින්, “ශුභාරංචියේ නියෝගයන්ට හා නීතියට කීකරු වන විට, all මනුෂ්‍ය වර්ගයාට ගැලවිය හැකි බව අපි දන්නෙමු.” (Articles of Faith 1:3; අවධාරණය කිරීම් සහිතයි).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයිනගෙන් යුත් සභාව, සුදුසු ලෙස හදුන්වන්නේ පවුල් කේන්ද්‍ර කළ සභාවක් ලෙසය, නමුත් නොතේරෙන කරුණ නම්, අපේ පවුල් කේන්ද්‍ර කිරීම, මැරෙන සුලු සම්බන්ධ කම් වලට වැඩි යමකට එල්ලවී ඇති කමය. අපේ ධර්මයට සදාකාල සම්බන්ධතාද මූලිකය. “පවුල දෙවියන්වහන්සේගෙන් ආලේප ලත්ය.”4 අපේ ප්‍රේමණීය මැවුම්කරුවාණන්ගේ උදාර සැලැස්ම යටතේ, උන්වහන්සේගේ නැවත පිහිට වූ සභාවේ මෙහෙය වන්නේ, දෙවියන්වහන්සේගේ දරුවන්ට සෙලෙස්ටියල් රාජ්‍ය ලැබිය හැක්කේ, පුරුෂයෙකු සහ ස්ත්‍රියක අතර වන සදාකාල විවාහයක් තුලින් පමණි. (බලන්න දහම සහ ගිවිසුම 131:1–3) ස්වාමින් අපට මෙසේ ඉගැන්වූ සේක. “මැරෙන සුළු ජීවිතයකට පෙර හා මැරෙන සුළු ජීවිතයකට හා සදාකාල හැඳිනීමට සහ අරමුණකට, යමෙකුට ආවේණික ස්ත්‍රී පුරුෂ භාවය අත්‍යවශය. “උන්වහන්සේගේ සදාකාල සැලැස්මට ස්ත්‍රියක් හා පුරුෂයෙකු අතර විවාහය අවශ්‍යය.”5

අවසාන වශයෙන්ම, විනාශයේ පුත්‍රයින් වූ කීපදෙනෙකුට හැර, දෙවියන්වහන්සේගේ ප්‍රේමය විශ්ෂ්ටය. උන්වහන්සේගේ දරුවන් සියල්ලටම, උන්වහන්සේ මහිමවත් නියමිත ස්ථාන සැපයූ සේක. “උන්වහන්සේගේ සියලුම දරුවන්” මැරුණු අයද ඇතුලත්ව. අපි ඔවුන් වෙනුවෙන් අපගේ දේවමාළිගා වලදී වත්පිළිවෙත් සිදුකරනු ලබයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ අරමුණ, උන්වහන්සේගේ දරුවන්ට ඉහලම තත්වයේ මහිමය නොහොත් උසස් වීමට හෝ සදාකාල ජීවිතයට සුදුසුකම් ලබා දීමටය. ආශාවක් හෝ සුදුසු කම් නැති අයට උන්වහන්සේ අඩු මහිමවත් රාජධානි සපයා ඇත.

මෙම සදාකාල සත්‍ය තේරුම් ගත හැකි යමෙකුට, තේරුම් ගත හැකියි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු දවස්වල සාන්තුවරයන්ගෙන් යුත් සභාවේ අපි කරන අතර සිතනවා, සහ කරන අතර කරන ලෙස.

දෙවියන්වහන්සේගේ සැලැස්මේ ආලෝකයෙන් පමණක් තේරුම් ගත හැකි මෙම සදාකාල සත්‍යයේ යෙදෙන ආකර කීපයක් මා සදහන් කරන්නම්.

පළවැන්න, පුද්ගලික නිදහස් කැමැත්තට අපි ගරු කරන්නෙමු. එක්සත් ජනපදයේ සහ ලෝකය හරහා ආගමික නිදහස ඉහල දැමීම සඳහා සභාව පුලුල් ලෙස උත්සාහ කරන බව බොහෝ දෙනෙක් දනිති, මේ උත්සාහයන් අපේ කැමැත්තට අනුව සිදු වෙනවා නොවේය. නමුත්, උන්වහන්සේගේ සැලැස්මට අනුව, තෝරා ගැනීමේ නිදහස, දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ලැබීම සඳහා උපකාර කිරීමටය.

දෙවැන්න, අප, ධර්මදූත ජනතාවකි. ක්‍රිස්තියානි ජනගහනයද ඇතුලු බොහෝ ජාතින්ට අප ධර්මදූතයන් යවන්නේ මන්දැයි සමහර වෙලාවට අපෙන් අසනු ලබයි. අපෙන් එම ප්‍රශ්නයම අසනවා අපේ සභාවේ නොවන අයට මානවවාදී ඩොලර් කෝටි ගනන් දෙන නමුත්, අපේ ධර්මදූත මෙහෙය ඉදිරියට මෙම ආධාර සම්බන්ධ නොකරන්නේ මන්දැයි අප මෙය කරන්නේ, මැරෙන සුළු සියලු දෙනාට අපි දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස ගෞරව කරන නිසා හා අපේ සහෝදර සහෝදරියන් ලෙස අප හමුවන නිසා සහ සියලු දෙනා සමග අපේ ආත්මික සහ ලෞකික සම්පත් බෙදා ගැනීමට වුවමනා නිසාත්ය.

තෙවනුව, මේ මැරෙන සුළු ජීවිතය අපට පූජනීයය. දෙවියන්වහන්සේගේ සැලැස්මට අපේ ඇති කැපවීම විරුද්ධ විය යතුයි ගබ්සාවට සහ අනායාස මරනයන්ට.

සතරවැන්න, දරුවන් සහ විවාහ පිළිබද සභාවේ සමහර ආකල්ප ගැන සමහර අය කරදරයට පත්ව ඇත. වර්තමාන සමාජීය හා නීතිමය පීඩන මගින් පාරම්පරික විවාහ පසුබැස්සවීමට හෝ ස්ත්‍රීන් සහ පුරුෂයින් අතර වෙනස වියවුල් කිරීමට හෝ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට හෝ සමලිංගිකත්වය ආදියට අප විරුද්ධ විය යුතුය. මන්ද දෙවියන්වහන්සේ එළිදරව් කළ ගැලවීමේ සැලැස්ම ගැන ඇති අපේ දැනුමට අප එසේ විය යුතු බැවින්.

පස්වැන්න, අපට දරුවන් මත විශේෂ දෘෂ්ඨිකෝණයක් ඇත. දෙවියන්වහන්සේගේ සැලැස්මේ කොටසක් ලෙස, අපි දකිනවා දරුවන් දරා ඔවුන්ව ඇති දැඩි කිරීම. එයට සහභාගි වීමට බලය ලැබුවන්ට එය පූජනීය සහ සතුටුදායක වගකීමකි. පොළවේ සහ ස්වර්ගයේ මූලික වස්තුව අපේ දරුවන් සහ අපේ මතු පරම්පරාව බව අපේ දර්ශනයෙන් අපි දනිමු. එම නිසා, දරුවන්ට, සියලු දරුවන්ට සතුට සහ දියුණුව විශිෂ්ට තත්වයක් සලසන මූලධර්ම සහ ඒවා ක්‍රියා කිරීම, අපි තරයේ කියා දිය යුතුය.

අවසානව, අපි ස්වර්ගීය පියාණන්වහනසේ කෙනෙකුගේ ප්‍රේමණීය දරුවන්ය. උන්වහන්සේ අපට උගන්වා තිබෙනවා ස්ත්‍රී භාවය සහ පුරුෂ භාවය, ස්ත්‍රියක් සහ පුරුෂයෙකු අතර විවාහය, දරුවන් බිහිකර ඔවුන්ව ඇති දැඩි කිරීම, උන්වහන්සේගේ මහත් සන්තෝෂයේ සැලැස්මට වැදගත් බව. මෙම මූලධර්ම ගැන ඇති අපේ ආකල්පය නිසා, නිතරම සභාවට විරුද්ධතා පැමිණේ. එය අනිවාර්ය බව අපි දන්නෙමු. විරුද්ධත්වය සැලැස්මේ කොටසකි. දෙවියන්වහන්සේගේ කුමන හෝ වැදගත් සැලැස්මයන්ට සාතන් (විරුද්ධකාරයා) ඉතා දරුණු විරුද්ධත්වයක් එල්ල කරන්නේය. ඔහු දෙවියන්වහන්සේගේ කාර්යයන් විනාශ කිරීමට සොයයි. ඔහුගේ මූලික ක්‍රම මගින්, ගැලවුම්කරුවානන් සහ උන්වහන්සේගේ දිව්‍යමය අධිකාරිය අපකීර්තියට පත් කිරීම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සමගි කිරීමේ අභිප්‍රාය මකා දැමීම, පසුතැවීම අධෛර්ය කිරීම, එළිදරව් ව්‍යාජ කිරීම සහ පුද්ගලික වගකීම් පරස්පර කිරීමත්ය, ඔහුගේ උවමනාව. තවද ඔහු ස්ත්‍රී පුරුෂ භාවය ව්‍යාකූල කිරීමට, විවාහය විකෘති කිරිමට, සහ විශේෂයෙන් සත්‍ය තුළ දරුවන් ඇති දැඩි කරන දෙමාපියන්ට දරුවන් ගැබ් දැරීම අධෛර්ය කිරීමටද සොයන්නේය.

යේසුස් ක්‍රිස්තුස්වහනසේගේ නැවත පිහිටවූ සභාවේ ඉගැන්වීම් අපි ක්‍රියාවේ යෙදවීමට උත්සාහ කරන විට, සංවිධානාත්මක විරුද්ධකම් වලට අපි නිතර මුහුණ පෑවත්, ස්වාමින්ගේ සභාව ඉදිරියට යන්නේය. මෙම යෝජනා මම ඉදිරිපත් කරමි.

මතක තබාගන්න, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සමගි කිරීමේ අසමසම බලය විසින්, පසුතැවීමේ මූලධර්මය පහසු කල බව, වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් අයැදින පරිදි “තමා වෙනස් වන්නේ නැතිව සභාව වෙනස් කිරීමට උත්සාහ කරන අය අතර නොසිටින්න.”6

වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් අයැදුම් කල ලෙස:

“ඔබ දන්නා දෙය ගැන ස්ථීරව සිටින්න සහ අමතර දැනුම ලැබෙන තුරු ශක්තිමත්ව සිටින්න.

මේ සභාවේ අප නොදන්නා දේ ගැන අප දන්නා දේ, හොරණෑ පිඹීමයි”7

ශුභාරංචියේ පලවැනි මූලධර්මය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත ඇදහීම පවත්වන්න.

අවසානයට, උපකාර ඉල්ලන්න සභාවේ නායකයන් ඔබට ප්‍රේම කරති සහ ඔබට උපකාර කිරීමට මගපෙන්වීම් සොයති. LDS.org තුළින් ඔබට සොයාගත හැකි බොහෝ සම්පත් නිවසේදී සුභාරංචිය අධ්‍යනය කිරීමට උපකාරී වනු ඇත.. සහ දැන්, ප්‍රේමණිය උපකාර දීම පිණිස, කැදවීම ලැබූ උපස්ථායක සහෝදර සහෝදරියන් අපට ඇත.

අපේ ප්‍රේමණිය පියාණන්වහන්සේට උවමනා, උන්වහන්සේගේ දරුවන්ට අපේ මැවීමේ අරමුණ වන සන්තෝෂය ලැබීමය. දෙවියන්වහන්සේගේ දරුවන්ගේ එම ප්‍රීතිදායක ඉරණම, සදාකාලික ජීවිතයයි. එය අපට ලැබිය හැක්කේ, අපේ අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන් නිතරම පවසන “ගිවිසුම් මගෙහි“ ඉදිරියට යෑම මගින්. සභාවේ සභාපති ලෙස ඔහු කියූ පළවැනි පණිවිඩය මෙසේය. “ගිවිසුම් මගෙහි සිටින්න. ඔබ උන්වහන්සේ සමග ගිවිසුම් සාදා සහ එම ගිවිසුම් තබා, ගැලවුම්කරුවාණන් අනුගමනය කිරීමට කැපවෙන විට, සෑමතැනම සිටින පුරුෂයින්ට, ස්ත්‍රීන්ට හා දරුවන්ට, ලැබිය හැකි සෑම ආත්මික ආශිර්වාදයන් සහ වරප්‍රසාද ලැබීමට, දොරටු ඇරෙනු ඇත.”8

මා පැවසූ සියල්ල සත්‍යයැයි මම ගරු ගාම්භීරව සාක්ෂි දරමි. සහ ඒවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමෙන් සහ ඉගැන්වීමෙන් පහසු කල බව සහ අපේ සදාකල පියාණන් වන දෙවියන්වහන්සේගේ උදාර සැලැස්ම යටතේ සියලු දෙය පහසු කල හැකි බවටද. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. Henry B. Eyring, To Draw Closer to God: A Collection of Discourses (1997), 143.

  2. James E. Faust, “The Abundant Life,” Ensign, Nov. 1985, 9.

  3. “I Will Follow God’s Plan,” Children’s Songbook, 164–65.

  4. The Family: A Proclamation to the World,” Liahona, May 2017, 145.

  5. පවුල: ලෝකයට ප්‍රකාශයකි,” 145.

  6. Neal A. Maxwell, If Thou Endure It Well (1996), 101.

  7. Jeffrey R. Holland, “Lord, I Believe,” Liahona, May 2013, 94; emphasis in original.

  8. රසල් එම්. නෙල්සන්, “ අප එකට එක්ව ඉදිරියට යන ලෙස,” ලියහෝනා, අප්‍රි. 2018, 7.