2010–2019
විස්වාස නරන්න, ප්‍රේම කරන්න, ක්‍රියා කරන්න
ඔක්තෝම්බර් 2018


විශ්වාස කරන්න, ප්‍රේම කරන්න, ක්‍රියා කරන්න

ක්‍රිස්තුස්වහන්සේගේ ‍සෑබෑ ‍ගෝලයින් වීම තුලින් අපි පිරිපුන් ජීවිතය සොයා ගනිමු— උන්වහන්සේ‍ගේ මාර්ගයන් අනුගමනය කිරි‍මෙන් සහ උන්වහන්සේ ක්‍රියා කල ආකාරයට ක්‍රියා කිරීමෙන්.

ම‍ගේ ආදරනීය ස‍හෝදර ස‍හෝදරියනී, මෙම විශ්මය ජනක ප්‍රධාන සම්මණ්ත්‍රන‍යේ අද සැසි‍යේ ඔබ සමඟ සිටීමට ලැබීම පුදුම අවස්ථාවක්: ආනුභාවය ලත් පණිවුඩවලට සවන් දෙන්න, මේ විස්මිත දේට ඇහුම්කන් දෙන්න, ‍ලෝකය පුරා සිටින දහස් ගණන් ධර්ම දූතයින් නි‍යෝජනය කරමින් විස්මිත ධර්මදූත ගීතිකා කණ්ඩායම සවන් දිමට—අප‍ගේ දූවරුන්, අප‍ගේ පුත්‍රයන්—සහ වි‍ශේෂ‍යෙන්ම අද දින අප‍ගේ ඇදැහිල්ලෙන් එකතුවිමට ලැබිම, නැවතත් අප‍ගේ සභාපති සහ දිවැසිවරයා, රසල එම්. ‍නෙල්සන්, පලමු සභාපතිත්වය, සහ සභා‍වේ ප්‍රධාන නිලධාරින් ස්තීර කිරිමට ලැබිමත්. ‍කොතරම් ප්‍රීතිමත් දවසක්ද අද දවස ඔබ සමග සිටිමට.

පෞරාණික සොලමන් රජු ඉතිහාසයේ බාහිරාකාරව අතිශයින් සාර්ථකවූ මිනිසුන්ගෙන් එක් අයෙක් විය.1 ඔහුට සියල්ල තිබූ බව ‍පෙ‍නෙන්න තිබුණා - ධනය, බලය, උසස් භක්තිය, ගෞරවය. නමුත් සැප විනයෙහි ඇල්ම හා සුඛෝපභෝගිත්වයේ දශක ගනනකට පසුව සොලමන් රජු ඔහුගේ ජීවිතය සාරාංශ ගත කලේ කෙසේද?

“සියල්ල නිස්සාරය,”2 ඔහු කීවේය.

මේ මිනිසා, සියල්ල තිබූ ඔහුට, කොපමණ ඔහු ‍වෙනු‍වෙන් තිබුනද, අවසානයේදී කලකිරිම, අශුභවාදීව සහ අසතුටට පත්විය.3

ජර්මන් භාෂා‍වේ වචනයක් ති‍යෙනව,‍‍‍‍‍ලෝක‍යේ ‍වේදනාවන්. එය සරලව අර්ථ දැක්වුවහොත්, එහි අදහස වන්නේ අප සිතනවාට වඩා ලෝකය පහත්වීම ගැන කල්පනා කිරීමෙන් ඇතිවන්නේ දුකක් බවය.

සමහරවිට අප සැම තුලම ‍පොඩි‍‍‍‍ලෝක‍යේ ‍වේදනාවන්ඇති.

නිහඬ ශෝකය අපේ ජීවිතයේ කොන්වලට රිංගන විට, දුක අපේ දවස සන්තෘප්ත කර අපේ රාත්‍රිය මත ගැඹුරු අන්ධකාරයක් නංවනවයි. ඛේදවාචක හා අසාධාරණය අප වටා ලෝකයටත්, අප ප්‍රේම කරන්නන්ගේ ජීවිත තුලට පවා ඇතුළු ‍වෙයි. අපි අවසනාවන්ත තනි, සහ ‍පෞද්ගලික මාර්ගය තුලින් ගමන් කරන විට,සහ වේදනාව අපේ නිසල බව අඳුරු කරනවිට හා අපේ සන්සුන්බව කඩ කරන විට - ජීවිතය නිස්සාර බව හා අර්ථයකින් තොර බව සොලමන් රජු හා එකඟවීමට අපව පෙළඹවිය හැක.

අතිමහත් බලාපොරොත්තුව

සුභ ආරංචිය නම් මෙහි බලාපොරොත්තුවක් ති‍‍බෙනව. ජීවිතයේ පාලු බවට, නිස්සාරබවට හා‍ලෝක‍යේ ‍වේදනාවයන්නට පිළියමක් ඇත. ඔබට හැඟෙන්න පුළුවන් ගැඹුරුම බලාපොරොත්තු සුන්වීමකට හා අධෛර්යමත් කමට ද පිළියමක් ඇත.

‍මෙම බලාපොරොත්තුව හමුවන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ වෙනස් කිරීමේ බල‍යෙන් සහ ගැලවුම්කරුවාණන්‍‍ගේ මුදවාගැනීමේ බල‍ය තුල අපව ආත්මික රෝගවලින් සුව කිරීමට බලයක් මගින්.

“මා පැමිණියේ,” ‍යේසුස් වහන්සේ ප්‍රකාශ කල සේක, “ඔවුන් හට ජීවිතය ලැබෙනු පිණිසය, සපුරාම එය ලැබෙනු පිණිසය.”4

අප එම පිරිපුන් ජීවිතය ලබන්නේ අපේ අවශ්‍යතාවයන් ගැන හෝ අපේ ජයග්‍රහණයන් ගැන හෝ අවධානය යොමු කිරීමෙන් නොව, ‍යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන් වීමෙනි—උන්වහන්සේගේ මාර්ගය අනුගමනය කිරීමෙන් හා උන්වහන්සේගේ කාර්යයෙහි නිරතවීමෙන්. අප ඒ පිරිපුන් ජීවිතය සොයාගන්නේ අපව අමතක කර සහ ක්‍රිස්තුස්වහන්සේගේ කාර්යයෙහි නිරත වීමෙනි.

ක්‍රිස්තුස්වහන්සේගේ කාර්යය කුමක්ද? එය උන්වහන්සේතුල විශ්වාස කිරීම, උන්වහන්සේ ප්‍රේම කලාක් මෙන් ප්‍රේම කිරීම හා උන්වහන්සේ ක්‍රියා කලාත් මෙන් ක්‍රියා කිරීමයි.

යේසුස් වහන්සේ “යහපත් ක්‍රියාකරමින් ගිය ‍සේක.”5 උන්වහන්සේ දුප්පතුන්, පිටමන් කරන ලද්දන්, රෝගීන් හා ලජ්ජාවට පත්වූවන් අතර ගමන් කල සේක. උන්වහන්සේ බලය රහිතවූවන්ට, දුර්වලයන්ට, සහ මිතුරන් රහිත වූවන්ට ‍සේවය කල සේක. උන්වහන්සේ ඔවුන් සමග කාලය ගත කල ‍සේක; උන්වහන්‍සේ ඔවුන් සමග කථා කල සේක. “උන්වහන්සේ සියල්ලන් සුව කල සේක.”6

උන්වහන්සේ ගමන් කල සෑම තැනකම, ගැලවුම්කරුවාණන් වහන්සේගේ ශුභ ආරංචි‍යේ7“ශුභ ආරංචිය” ඉගැන්වූ සේක. ආත්මිකව මෙන්ම කායිකව ද මිනිසුන් නිදහස් කරන සදාකාලික සත‍ය්‍යන් උන්වහන්සේ බෙදාගත් සේක.

මෙම ක්‍රිස්තුස්වහන්‍සේ‍ගේ කාර්යයට තමන්ව කැප කරන්නන්, ගැලවුම්කරුවාණන් වහන්සේගේ පොරොන්දුවේ සත‍ය්‍ය සොයාගනිති; මා නිසා තමා‍ගේ ජීවිතය නැති‍වෙන අයට ඒක සම්බවන්‍‍නේය.8

මගේ දයාබර සහෝදර සහෝදරියනි, සොලමන් වැරදියි—ජීවිතය “නිස්සාර” නොවේ. ඊට විරුද්ධව, එය අරමුනින්, අර්ථයෙන් හා සාමයෙන් පිරී තිබිය හැක.

‍යේසුස් වහන්සේගේ සුව කිරීමේ දෑත් උන්වහන්සේ සොයන සියළු දෙනාටම දිගුවේ. මම මම කිසිදු සැකයක් ‍නෙමැතිව දැනගත්තා දෙවියන් වහන්සේව විශ්වාස කිරීමෙන් හා ප්‍රේම කිරීමෙන් සහ ක්‍රිස්තුස්වහන්‍‍සේව අනුගමනය කිරීමට උත්සාහ කීරීමෙන් අපේ හදවත් වෙනස් කල හැකි බව,9අපේ වේදනාව මෘදු කල හැකියි හා අපේ ආත්මයන් “බලවත් ප්‍රීතියකින්” පිරවීමට හැකිය.10

විශ්වාස කරන්න, ප්‍රේම කරන්න, ක්‍රියා කරන්න.

ඇත්තටම, ශුභාරංචිය ගැන බුද්ධිමත් වැටහීමක් තිබීමට වඩා යමක් කලහොත් පමණක් අපේ ජීවිත තුල සුව කිරීමේ බලපෑම තිබෙන බව නිරායාසයෙන්ම පෙනේ. එය අපේ ජීවිත තුලට අපි අනුබද්ධ කරගත යුතුවේ - අප කවුරුන්ද යන්න හා අප කුමක්ද කරන්නේ යන්න පිලිබද එය කොටසක් කරගත යුතුයි.

අනුගාමිත්වය සරල වචන තුනකින් ඇරඹෙන බව මම යෝජනා කරන්නෙමි.

විශ්වාස කරන්න, ප්‍රේම කරන්න,සහක්‍රියා කරන්න.

දෙවියන් වහන්සේ තුල විශ්වාස කිරීම හා උන්වහන්සේ තුල ඇදහිල්ල, උන්වහන්සේගේ වචනය තුල විශ්වාසය ගොඩනැංවීමට මඟ පෙන්වයි. දෙවියන්වහන්සේට හා අනෙකුන් අයට ප්‍රේම කිරිමට අපේ හදවත් වර්ධනය වන්න, ඇදහිල්ල හේතුවේ. එම ප්‍රේමය වර්ධනය වන විට, අනුගාමිත්වයේ මාර්ගයේ අපේ ගමන අඛන්ඩව යනවිට ගැලවුම් කරුවාණන් වහන්සේව අනුගමනය කිරීමට අපව පෙළඹවෙයි.

“නමුත්” ඔබ පවසයි, “එය සරල වැඩියි. ජීවිතයේ ප්‍රශ්ණ, නිසැකවම මගේ ප්‍රශ්ණ, එතරම් සරල පිළියමකට ප්‍රමාණවත් නොවන ලෙස සංකීර්ණ වැඩියි. ඔබට සරල වචන තුනකින් ලෝක‍යේ ‍වේදනාව සුව කල නොහැකිය: විශ්වාස කරන්න, ප්‍රේම කරන්න, ක්‍රියා කරන්න.”

එය සූත්‍රයක් නොවේ සුව කරන්න. එය දෙවියන්වහන්සේගේ ප්‍රේමයි බේරාගන්නේ, නැවත ස්ථාපිත කරන්නේ හා නැවත පණ ගන්වන්නේ.

දෙවියන්වහන්සේ ඔබව හඳුනන සේක. ඔබ උන්වහන්සේගේ දරුවෙකි. උන්වහන්සේ ඔබට ප්‍රේම කරන සේක.

ඔබට ප්‍රේම කල නොහැකි බව ඔබ සිතනවිටද, උන්වහන්සේ ඔබට දෑත් දිගුකරන සේක.

මෙදිනම - සෑම දිනකම - උන්වහන්සේ ඔබ කරා දෑත් දිගු කරන්නේ, ඔබව සුව කිරීමට, ඔබව ඔසවා තැබීමට හා වෙනස් නොවන ප්‍රීතියකින් ඔබේ හදවතේ පාළුබව ඉවත් කිරීමට ආසාවෙනි. ඔබේ ජීවිතය වසත් කරන අඳුර පිස දැමිමට හා එය උන්වහන්සේගේ නොනවතින මහිමයේ දැඩි හා ශුද්ධවූ ආලෝකයෙන් එය කිරීමට උන්වහන්සේ ආශා කරන සේක.

මම ද මෙය ම‍ගේ ජීවිතයෙන් අත්විඳ ඇත්තෙමි.

එසේම ස්වාමීන් වූ ‍යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුළුවරයෙකු ලෙස, දෙවියන්වහන්සේ වෙත පැමිණෙන සියල්ලන්ම සැබවින්මවිශ්වාස කරන, ප්‍රේමකරන‍්,හාක්‍රියා කරන— සියළු දෙනාටමද එය අත්විඳිය හැකිබව මගේ සාක්ෂියයි.

අපි විශ්වාස කරමු.

“ඇදහිල්ල නැතිව (දෙවියන්) වහන්සේගේ ප්‍රසාදය දිනාගැනීමට හැකියාවක් නොමැත: මන්දයත්, දෙවියන්වහන්සේ වෙත ලඟා වන්නා, උන්වහන්සේ ජීවත් වන බව...විශ්වාස කලයුතු” බව ශුද්ධ ලියවිලි අපට උගන්වයි.”11

සමහරුන්ට විශ්වාස‍යෙන් ක්‍රියා කිරීම ඉතා අසීරු කාර්යයකි. සමහර ‍වෙලාවට එයට අපේ උඬඟුකම බාධා කරයි. සමහරවිට අපි උගත් බවින්, බුද්ධිමත් බවින් හෝ අත්දැකීම් බහුල බවින්, අපට කිසිසේත් දෙවියන්වහන්සේව විශ්වාස කල නොහැකි බව අප සිතනවා ඇති. එවිට ආගම මෝඩ සම්ප්‍රදායක් ලෙස අපි දැකීම අරඹන්නෙමු.12

මගේ අත්දැකීම් තුල, ඇදහිල්ල අප බලන හා අගයන හා සාකච්ජා කර තර්ක කරන චිත්‍රයක් මෙන් නොව. එය හරියට අප කුඹුරේ භාවිතා කරන නඟුලක් මෙනි, අපේ නලල් තලයේ දහඩියෙන්, අපේ බීජය පිළිගෙන, ඵලදාව ලබාදෙන භූමිය සී සාන්නාක් මෙනි.13

දෙවියන්වහන්සේට ලංවන්න, එවිට දෙවියන්වහන්සේද ඔබට ලංවන සේක.14 විශ්වාස කිරීම සොයන සියළුදෙනාටම පොරොන්දුව මෙයයි.

අපි ප්‍රේම කරමු.

අප වැඩි වැඩියෙන් ‍දෙවියන්වහන්‍සේට සහ උන්වහන්සේ‍ගේ දරුවන්ට ප්‍රේම කරනවිට, අප වැඩි වැඩියෙන් සතුටුවන බව ශුද්ධලියවිලි හෙලි කරයි.15එනමුත් ‍යේසුස් වහන්සේ කතාකල ප්‍රේමය, ත්‍යාග පත්‍රයක්වත්, ඉවත දැමිය හැක්කක්, වෙනත් දේ වලට මාරුවන ප්‍රේමයක් පිලිඹඳව නොවේ. එය ප්‍රකාශ කර ඉන්පසුව අමතක වී යන ප්‍රේමයක් නොවේ. එය “මට කුමක් හෝ කළ හැකි නම් කියන්න” ආකාරයේ ප්‍රේමයක් නොවේ.

දෙවියන්වහන්සේ සඳහන් කරන ප්‍රේමය අප උදෑසන අවදිවන විට අප හදවතට ඇතුළුවන, දවස පුරාම අප සමග තිබෙන හා සන්ධ්‍යාවේ අවසානයේ අපේ යාඥාවලට අප හඬ දෙන විට අප හදවත්වල පිරී යන ආකාරයේ ප්‍රේමයකි.

මෙය දෙවියන්වහන්සේට අප කෙරෙහි ඇති ප්‍රකාශ කල නොහැකි ප්‍රේමයයි.

අනුන්ට ඔවුන් ලෙසටම වඩා පැහැදිලිව දැකීමට අපට ඉඩ දෙන නිමක් නැති කාරණාව එයයි. පවිත්‍ර ප්‍රේමයේ කවය තුලින්, අපි අනන්ත විය හැකියාවක් හා වටිනාකමක් සහිත සහ සර්ව බලධාරී දෙවියන්වහන්සේගේ පුතණුවන් හා දියණියන් මෙන් දකිමු.

අප ඒ තත්වය තුලින් දුටු පසු, අපට කවුරුන් හෝ එරෙහිව ගණන් ‍නොගෙන සිටිම, නොසලකා හැරීම හෝ වෙනස්කම් කිරීමට නොහැක.

අපි ක්‍රියා කරමු.

ගැලවුම්කරුවාණන් වහන්සේගේ කාර්යයෙහි, බොහෝවිට “කුඩා හෝ සරල දේවල් මගින් ශ්‍රේෂ්ඨ දේවල්” සිදුකරයි.16

ඕනෑම දෙයක් ප්‍රගුණ කිරීමට නැවත නැවත සිදුකරන පුහුණුව අවශ්‍යය බව අප දකිමු. එය සැක්සෆෝනය වාදනය කිරීම, දැලක් වෙත පන්දුවකට පහරදීම, රථයක් අළුත්වැඩියා කිරීම හෝ ගුවන් යානයක් පියාසර කිරීම වුවත් පුහුණුව තුලින් තමා අප තව තවත් ප්‍රගුණ වන්නේ.17

ගැලවුම්කරුවාණන් වහන්සේ පෘතුවිය මත නිර්මානය කල සංවිධානය—‍යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව—අපට එය කිරීමට උපකාර කරයි. උන්වහන්සේ ඉගැන්වූ ආකාරයට ජීවත්වීමට හා උන්වහන්සේ කල ආකාරයට අනුනට ආශීර්වාද කිරීමට පුහුණු වීමට එය ස්ථානයක් සපයයි.

සභාවේ සාමාජිකයන් වශයෙන් අපට, අන්අයට හට අනුකම්පාවෙන් සහ දේව‍සේව‍යෙන් දෑත් දිගු කිරීමට කැඳවීම්, වගකීම් සහ අවස්ථාවන් දෙනු ලැබේ.

මෑතකදී සභාව, මෙහෙකිරීමට හෝ අන්අයට සේවය කිරීමට ‍හෝ ‍ප්‍රේම ක්‍රිරිමට අළුත්කල වැදගත් දෙයක් ස්ථානගත කළා. මේ තව වැඩිකොට දැක්වීම හඳුන්වන්නේ කෙසේද කියා තීරණය කිරීමට දැඩි කල්පනාවක් යෙදී ඇත.

සැලකිල්ලට ගත් එක් නාමයක් වු‍වේඑඬේරයන් විමයි, ක්‍රිස්තුස්වහන්සේගේ ආරාධනාවට ගැළපෙන යොමුවකි: “මාගේ බැටළුවන්ගේ එඬේරාවන්න”18 කෙසේ වුවත්, එහි අවම වශයෙන් එක් ගැටළුවක් විය: ඒ පදය භාවිතා කරනවා නම් මම ජර්මන් ෂෙපර්ඩ් කෙනෙකු වන්නෙමි. ප්‍රතිඵල ලෙස ද්වසේවය යන පදයෙන් මම සතුටට පත්වෙමි.

මෙම කාර්යය සෑමදෙනාටමය.

සැබවින්ම, මෙම අලුත් කිරිම අළුත් දෙයක් නොවේ. එමගින් “එකිනෙකාට ප්‍රේමකරන්න”19 යන ගැලවුම්කරුවාණන්ගේ ආඥාව පුහුණු කිරීමට අපට අළුත් කරන ලද හා ශුද්ධවූ අවස්ථාවන් ලබාදෙයි.

ධර්මදූත කාර්යය පිළිබද මදක් සිතන්; නිර්භීතව, නිහතමානීව, හා ආත්මවිශ්වාසය සහිතව අනුනගේ ආත්මික අවශ්‍යයතාවයන්ට ශුභාරංචිය බෙදාගැනීම ‍දේවසේවයට අපූරු උදාහරණයකි.

නැතිනම් දේවමාලිගයේ කටයුතු කිරීම—අපේ මුතුන් මිත්තන්ගේ නාමයන් සොයා ඔවුන්ට සදාතනිකයේ ආශීර්වාද පිදීම. මෙහෙකිරීමට කෙතරම් දිව්‍යමය ක්‍රමයක්ද.

දුප්පත් හා අවශ්‍යයතා ඇත්තවුන් සෙවීම, පහළට එල්ලී ඇති දෑත් එසවීම හෝ රෝගීවූ හෝ පීඩාවට පත්වූවන්ට ආශීර්වාද කිරීම යන ක්‍රියා සලකන්න. මේවා ස්වාමීන්වහන්සේ පොළව මත ගමන් කල විට උන්වහන්සේද ක්‍රියාවට නැංවූ පවිත්‍ර මෙහෙ කිරීමේ ක්‍රියාවන් නොවේද?

ඔබ සභාවේ සාමාජිකයකු නොවන්නේ නම්, මම ඔබට ආරාධනා කරනව “පැමිණ බලන්න.”20පැමිණ අපත් සමග එක්වන. ඔබ සභාවේ සාමාජිකයකු වුවද වර්ථමානයේ ක්‍රියාකාරී ලෙස සහභාගි නොවේ නම්, මම ආරාධනා කරනව: කරුණාකර නැවත පැමිණෙන්න. අපට ඔබව අවශ්‍යය වේ!

එන්න! ඔබේ ශක්තිය අප හා එක් කරන්න.

ඔබේම අනන්‍යය හැකියාවන, දක්ෂතා, හා පෞරුෂය, නිසා තවත් යහපත් වීමට හා ප්‍රීතිමත් වීමට ඔබ අපට උපකාර කරාවි. ප්‍රතිලාභ ලෙස, ඔබටද තවත් යහපත්වීමට හා ප්‍රීතිමත් වීමට අපද ඔබට උපකාර කරන්නම්.

එන්න, දෙවියන්වහන්සේගේ දරුවන් සියළුදෙනා කෙරෙහි සුවයේ, කරුණාවේ හා අනුකම්පාවේ සංස්කෘතියක් ගොඩනගා ශක්තිමත් කිරීමට අපට උපකාර කරන්න. අපි සෑම දෙනාම ‍මෙහි අලුත් සත්වයින් වීමට උත්සහ දරනවා “පැරණි දේ පසු වී ‍ගොසින්ය” සහ “සියළු දේ....අලුත් වී ඇත”21ගැලවුම්කරුවාණන් යායුතු දිශාව අපට පෙන්වන සේක— ඉදිරියට හා ඉහලට. උන්වහන්සේ පවසන සේක, “නුඹලා මාහට ප්‍රේමකරන්නේ නම්, මාගේ අණපනත් රකින්න.”22අප සැවොම එක්වී දෙවියන්වහන්සේ අප පත්වන බව අරමුණුකල ජනතාව බවට පත්වීමට ක්‍රියා කරමු.

‍යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව පුරාවටම වර්ධනය කිරීමට කැමතිවූ ශුභාරංචි සංස්කෘතිය මෙයයි. අපි බලනව සභාව ශක්ත්මත් කරන්න අපි එකි‍නෙකාට සමාව දිය හැකි ස්ථානයක් ‍ලෙස. වැරදි සෙවීමට, ඕපාදූප සෙවීමට හා අනුන්ව පහතට හෙලීමේ ඇති පෙළඹවීම් මැඩපැවැත්වීමේ ස්ථානයක් ‍ලෙසත්. වැරදි සෙවීම වෙනුවට, අපට හැකිතරම් යහපත් ලෙසට අප එකිනෙකාව ඔසවා තබමින් උපකාර කරන ස්ථානයක් ‍ලෙසත්.

නැවතත් මම ඔබට ආරාධනා කරන්නෙමි. පැමිණ බලන්න. අප හා එක්වන්න. අපට ඔබව අවශ්‍යයි.

අසම්පූර්ණ මිනිසුන්

මේ සභාවෙ ලෝකයට පිදිය හැකි අනර්ඝතම මිනිසුන් අතරින් සමහරුන්ගෙන් පිරී පවතින බව ඔබට සොයාගන්නට හැකිවේවි. ඔවුන් පිළිගන්නා සුළුයි, ප්‍රේමනීයයි, කරුණාවන්තයි සහ අවංකයි. ඔවුන් කැපකරන සුළුයි, මහන්සිවී වැඩ කරයි සහ සමහර අවස්ථාවලදී වික්‍රමාන්විතයි.

නමුත් ඔවුන් වේදනාකාරී ලෙසට අසම්පූර්ණයි.

ඔවුහු වැරදි කරති.

විටින් විට ඔවුන් නොකිව යුතු දේවල් කියති. ඔවුන් නොකලා යැයි ප්‍රාර්ථනා කරන දේ ඔව්හු කරති.

නමුත් ඔවුන්ට මෙය පොදුවේ ඇත—දියුණුවී අපේ ස්වාමීන් වූ ගැලවුම්කරුවාණන් වහන්සේ කරා ලඟාවීම ඔවුන්ට අවශ්‍යයි.

එය නිවැරදි කිරීමට ඔව්හු උත්සාහ දරති.

ඔව්හු විශ්වාස කරති.ඔව්හු ප්‍රේම කරති.ඔව්හුක්‍රියා කරති.

ආත්මාර්තකාමී බව අඩුකිරීම, වැඩියෙන් අනුකම්පා සහගතවීම, වැඩියෙන් පවිත්‍ර වීම, වැඩියෙන් ‍යේසුස් වහන්සේ මෙන් වීමට ඔවුන්ට අවශ්‍යයි.

ප්‍රීතිය සඳහා සැලැස්මේ පිටපත.

ඔව්, සමහර වේලාවට ජීවිතය අසීරුවිය හැක. අනිවාර්යයෙන්ම අප සැමට බලාපොරොත්තු රහිත හා අධෛර්යමත් කාලයන් ඇත.

නමුත් ‍යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බලාපොරොත්තුව පිරිනමයි. එසේම ‍යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේදී, නිවස ‍මෙන් දැනෙන ස්ථානයක් සොයන පුදගලයන් හා අප එක්වනවා— වර්ධනය විමේ ස්ථානයක් ‍මෙහි, එකට, අප‍ට පුළුවන් විස්වාස කරන්න, ප්‍රේම කරන්න,සහක්‍රියා කරන්න.

අපේ වෙනස්කම් කෙසේ වෙතත්, අපේ දයාබර දෙවිපියාණන් වහන්සේගේ පුතණුවන් හා දියණියන් ලෙස එකිනෙකා වැළඳ ගැනීමට අපි කැපවෙමු.

‍යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගේ සභාවේ සාමාජිකයකුවීම ගැන හා මේ ජීවිතය තුල සතුට හා අර්ථාන්විත බවක් සඳහා සහ පැමිණෙන්නට තිබෙන ජීවිතයේදී මහිමයේ ශාලාවේදී සදාතනික ප්‍රීතිය අත්විඳීමට ක්‍රමයක් සඳහා සැලැස්මේ පිටපතක් උන්වහන්සේගේ දරුවනට ලබාදීමට තරම් දෙවියන්වහන්සේ ඔවුනට ප්‍රේමකරන නිසා මම මැනිය නොහැකි තරම් කෘතඥ වෙමි.

ජීවිතයේ ආත්මික රෝග හා ‍ලෝක‍යේ‍වේදනාවන්සුව කිරීමට ක්‍රමයක් දෙවියන්වහන්සේ අපට ලබාදීම ගැන මම උන්වහන්සේට කෘතඥ වෙමි.

මම සාක්ෂි දරනව සහ මගේ ආශීර්වාදය ඔබ සමග තබනවා අපි ‍දෙවියන්වහන්‍‍සේව විස්වාසකරන විට, උන්වහන්සේට‍ප්‍රේමකරන විට, සහ උන්වහන්සේගේ දරුවන්ට මුළු හදවතින්ම හා අන්අයට මුළු හදවතින්මප්‍රේමකරනවිට, හා දෙවියන් වහන්සේ අපට උපදේශ කල ආකාරයටක්‍රියාකිරීමටඅප උත්සාහ දරන විට අපට සුවය හා සාමය, සතුට හා අර්ථාන්විත බවක් සොයාගත හැකිවනවා. ‍යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්, ආමේන්!