2010–2019
එන්න, දිවැසිවරයකුගේ හඩට සවන්දෙන්න
ඔක්තෝම්බර් 2018


එන්න, දිවැසිවරයකුගේ හඩට සවන්දෙන්න

ජීවමාන දිවැසිවරුන්ගේ හඩට ඇහුම්කන් දීම හා ක්‍රියාකිරීම අපගේ ජිවිතවල ස්ථිර පුරුද්දක් කරගත් විට, අපට සදාතනික ජීවිතයේ ආශිර්වාද ලබාගන්නට පුළුවන්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සභාපතිවරුන් පිළිබඳව කතා කරන විට, දෙවියන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක.

“තවද, උත්තම පූජකත්ව නිළයේ සිටින සභාපතිතුමෙකුගේ වගකීම වන්නේ මුළු සභාවේම මුලසුන දැරිමයි, මෝසස් කළාක් මෙන්.”

එනම්, “දර්ශන දකින්නෙකු, එළිදරව් කරන්නෙකු, පරිවර්තනයකු, සහ දිවැසිවරයෙකු,විමට අවශ්‍ය මෙම සියලු දීමනා සභාවේ හිස ලෙස සිටින්නාට දෙවියන් වහන්සේ ලබාදෙයි”(දහම සහ ගිවිසුම 107:91–92;

දෙවියන් වහන්සේගේ සමහරක් දීමනා ලත් දිවැසිවරුන් පිළිබඳ සාක්ෂි දැරීමට මා භාග්‍යවන්ත වී තිබෙනවා. මා ඔබත් සමඟ එක් පූජනීය අත්දැකීමක් බෙදා ගන්නම්. මාගේ මෙම කැඳවීමට පෙර, මා උපකාර කළා අනාගත දේවමාලිගා පිහිටුවීම් සඳහා නිර්දේශ කිරීම් හා හඳුනා ගැනීමට. 2011 සැප්. 11 දිනට පසු ඇමරිකානු තීරය තරණය කිරීම පාලනය කෙරුනා. එහි ප්‍රතිඵලයක් ලෙස සාමාජිකයන්ට පැය 2ක් 3ක් ගත්තා වැන්කොවර්, කැනඩාව, හරහා සීටල් හි වොෂින්ටන් දේවමාලිගාවට යෑමට. එකවට සභාවේ සභාපතිවරයේ වූ සභාපති ගෝඩන් බී. හින්කිලි, යෝජනා කළා වැන්කොවර්වල දේවමාලිගාවක් ඉදිකළහොත් එය, එහි සාමාජිකයන්ට කෙතරම් ආශිර්වාදයක් වේවි ද කියා. ස්ථාන සෙවීමට බලය ලැබුණා, සහ සභාව සතුවූ ඉඩකඩම් හා අනෙක් ඉඩකඩම් එනම්, සභාව සතු නොවූ ඒවාද අධීක්ෂණය කෙරුණා.

ආගමික කලාපකරණයේ, කැනඩාවෙන් එතෙරට ඇති අධිවේගී මාර්ගයට අසල ඉතාමත් ලස්සන භූමි භාගයක් අපට සොයා ගන්නට හැකි වුණා. එම ඉඩමට අතිවිශිෂ්ට ප්‍රවේශයක් තිබුනා. අපිට දකින්නට ලැබුනා ලස්සන කැනඩාවේ පයින් ගස්, හා අපි සතුටු වුනා මෙම පිහිටුවීම දස ගනන් මෝටර් රථ වලට දැක ගැනීමට ඇති හැකියාව පිළිබද.

අපි මෙම භූමිභාගයේ පින්තූර, සිතියම් ඉදිරිපත් කළා මාසික දේවමාලිගා කමිටු රැස්වීමට. ගිවිසුමක් යටතේ අවශ්‍ය අධ්‍යනයන් කිරිමට සභාපති හින්කිලි අවසර දුන්නා. එම අවුරුද්දෙහිම දෙසැම්බර් මාසයේ අපි නැවත කමිටුවට වාර්තා කළා අපගේ අධ්‍යාපනය අවසන් බවත්, එය මිලදී ගැනීමට හා ඉදිරි වැඩකටයුතු කිරීමට අවසර ඉල්ලා සිටියා. අපගේ වාර්ථාව අසා සිටි සභාපති හින්කිලි පැවසුවා, “මට හැඟෙනවා මට මෙම භූමිභාගය දැකීමට අවශ්‍ය කියල.”

එම මාසයේම, නත්තලින් දින දෙකකට පසුව සභාපති හින්කිලි සමග අපි වැන්කෝවර් බලා පිටත් වුනා, සභාපති තෝමස් එස් මොන්සන් හා බිල් විලියම්ස් වන දේව මාලිගා නිර්මාණ ශිල්පියත් සමග. අපට පෝල් ක්‍රිස්ටියන්සන් කියලා එහි ස්ටේක සභාපතිවරයෙකුව මුණ ගැසුනා, ඔහු අපට ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා. එදින ඇත්තටම ටිකක් තෙත, මීදුමෙන් පිරුණු දවසක්, එහෙත් සභාපති හින්කිලි වාහනයේ ඉවතට පැමිණ භූමිය පුරා ඇවිදින්නට පටන් ගත්තා.

එම ඉඩමෙහි මද වේලාක් ගත කෙරු පසු, මම සභාපති හින්කිලි ගෙන් විමසුවා මෙම කාර්යයට යෝජනා වූ අනෙක් ඉඩම්ද බැලීමට ඔහුට අවශ්‍ය ද කියා. ඔහු කැමති වුවා, ඇත්තටම, මෙසේ අනෙක් ඉඩම්ද බැලීමෙන් අපට එහි ගුණයන් සංසන්දනය කිරීමට හැකි වුනා.

අපි වැන්කෝවර් වටා ලොකු වටයක් ගොස් අනෙක් ඉඩම් ද නිරීක්ෂණය කිරීමෙන් පසු නැවත නියම ඉඩමට පැමිණියා. සභාපති හින්කිලි පැවසුවා. “මෙය ලස්සන ඉඩමක්.” ඉන්පසුව ඔහු ඇසුවා, “මීටර් කාලක් [0.4 km] නුදුරින් ඇති සභාව සතු රැස්වීම් ශාලාවට අපිට යන්නට පුළුවන් ද? ”කියා.

“අනිවාර්යෙන් සභාපතිතුමනි” අපි පිළිතුරු දුන්නා.

අපි වාහනයට නැග රැස්වීම් සභාවට යාමට පිටත් වුනා. අපි සභාවට ලගාවනවාත්ම, සභාපති හින්කිලි “මෙතනින් වමට හරවන්න” කියා පැවසුවා.අපි හැරෙව්වා සහ මග පෙන්නු ආරයට වීදී ඔස්සේ ගියා. වීදීය තරමක උස් වෙන්න පටන්ගත්තා.

උස් ප්‍රදේශයේ මුදුනටම ගියවිට, සභාපති හින්කිලි කිව්වා,“වාහනය නවත්වන්න, වාහනය නවත්තන්න” කියා. එතන දකුණු පස වූ ඉඩම පෙන්වා ඔහු කිව්වා, “මෙම ඉඩම කොහොමද? මෙතැනට තමා දේවමාලිගාවට හරියන්නේ. මෙතනයි තමයි දෙවියන් වහන්සේට දේවමාලිගාව අවශ්‍ය. ඔබට එය ගන්න පුලුවන්ද?”

මෙම ඉඩම අප අප සෝදිසි කර තිබුණේ නෑ. එය මහා මාර්ගයෙන් එපිට සහ ප්‍රධාන පාරට ඈතින් පිහිටයේය, සහ එය විකිණීමට ලැයිස්තු කර නොතිබිණි. අප එය ගැන දන්නේ නෑ කියූ විට, සභාපති හින්කිලි නැවතත් අත දික්කරමින්. “දේවමාලිගාව ගොඩනැගෙන්නේ මෙතන” යි පැවසුවාය.” මිනිත්තු කිහිපයක් එතන රැඳුනු, අපි නිවසට යමට ගුවන්තොටුපළට ගියෙමු.

පසුදින, සොයුරු විලියම් හා මා සභාපති හින්කිලිගේ කාර්යාලය කැදවා තිබුණා. ඔහු සියල්ල කඩදාසියක සටහන් කර තිබුණා, පාරවල්, සභාව, මෙතනින් වමට හැරෙන්න, X දේව මාලිගාව ඉදිකරන ස්ථානයද ලකුණු කර තිබුණා. අප කුමක් සොයාගත්තේද කියා ඔහු විමසා සිටියා. අපි ඔහුට කිව්වා, ඔබට මීට වඩා අමාරු ඉඩමක් නම් තෝරා ගන්නට බැරිවෙයි කියා. එය පුද්ගලයන් තුන් දෙනෙකු සතු ඉඩමක්: එක කෙනෙක් කැන්ඩාවේන් තව අයෙක් ඉන්දියාවෙන් හා තුන්වන පුද්ගලයා චීනයෙන්! සහ එය අවශ්‍ය ආගමික කලාපකරණයකටද සතු වූයේ නැත.

“එසේනම් ඔබගේ උපරිමය කරන්න.” ඔහු පැවසුවා

පසුව ප්‍රාතිහාරයක් සිදු වූවා. මාස කිහිපයක් ඇතුළත අපට එම ඉඩම මිලදී ගැනීමට හැකි වුනා, සහ පසුව ලැන්ගරි නගරයේ බ්‍රිතාන්‍ය කොලොම්බියාව අපට අවසර ලබා දුන්නා දේවමාලිගාවක් ගොඩනැගීමට.

රූපය
වැන්කෝවර් බ්‍රිතාන්‍ය කොලොම්බියා දේවමාලිගාව

එම අත්දැකීම් ආවර්ජනය කරන විට, මට නිහතමානීව තේරුම් යනවා, සහෝදර විලියම් හා මා සතුව අධ්‍යාපනය හා නිත්‍ය දේපල හා දේවමාලිගා ඉදිකිරීමේ වසර ගණනාවක පලපුරුද්ද වූ අතර සභාපති හින්කිලිට එබදු කිසිදු පුහුණුවක් නොමැති වුවත්, ඔහුට ඊට වඩා මහගු දෙයක් තිබුණා—දිවැසිවර අනාගතවක්තෘවරය. ඔහුට දර්ශනය කරගන්න පුළුවන් වුනා දේව මාලිගාව ඉදි කළ යුත්තේ කොතැනද යන්න.

මෙම කාල පරිච්ඡේදයේ පෙර සාන්තුවරයන්ට දෙවියන්වහන්සේ දේවමාලිගාවක් තනන ලෙසට නියෝග කල විට, උන්වහන්සේ පවසනවා.

“නිවසක් ඉදිකරන මගේ නමට, මා ඔවුන්ට පෙන්වන රටාවට අනුව. ”

“මගේ ජනතාව එය ඉදිකරන්නේ මා ඔවුන්ට පෙන්වන රටාවට නොවේනම්… ,මා ඔහුගේ දෑතින් එය පිළිගන්නේ නෑ” (දහම සහ ගිවිසුම 115:14–15).

පෙර සාන්තුවරයන්ට මෙන්ම, වර්තමානයේ සිටින අපටද එසේමයි: දෙවියන් වහන්සේ අනාවරණය කලා හා ඉදිරියටත් අනාවරණය කරාවි අපගේ දවස්වල සභාවේ සභාපතිවරුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යය හසුරුවන්නේ කුමන රටාවටද කියා. සහ, පෞද්ගලික මට්ටමකින් අපට මඟ පෙන්වනවා අප සියල්ල ජීවිත හසුරවාගත යුත්තේ කෙසේද යන්න, එසේ අපවද, දෙවියන් වහන්සේට පිළිගත හැකි ලෙසට.

2013, අප්‍රේල් වල මා පැවසුවා සෑම දේවමාලිගාවම අත්තිවාරම දැමීමේදී දැරීමට වන ලක ලැහැස්තිය, එය ඕනෑම කුණාටුවක් හෝ වෙනත් ඕනෑම අනතුරක් ඉදිරියේ නොසෙල්වී සිටීමට නම්. එහෙත් අත්තිවාරම ආරම්භයක් විතරයි. දේවමාලිගාවක් ගොඩනැ‍ගෙන්නේ කොටස් ගොඩකින්, පෙර සැලසුම් නිර්මාණ රටාවකට අනුව එකට එසවේවි. අපගේ ජීවතත් දේව මාලිගාවක් වාගේ වෙන්නට නම්, අප සියල්ල උත්සහ දැරිය යුතුයි දෙවියන් වහන්සේ කියූ ආකාරයට ගොඩනගා ගැනීම් කරන්න. (see 1 කොරොන්ති 3:16–17), අප හේතු සහිතව අපෙන්ම විමසිය යුතුයි “කුමන කොටසක්ද කොහොමද එක් කළ යුත්තේ අපගේ ජීවිතය ලස්සන කරගැනීමට, සහ තේජවන්ත වීමට හා ලෝකයේ කුණාටුවලින් බේරී සිටිමට.

අපට මෙම ප්‍රශ්නයට පිළිතුරු මෝර්මන් ග්‍රන්ථයේ සොයාගන්නට පුළුවන්. මෝර්මන් ග්‍රන්ථය සැලකිල්ලට ගෙන, දිවැසිවර ජෝසෆ් ස්මිත් පැවසුවා. “මා පැවසුවා සහෝදරයන්ට, මිහිපිට ඇති වඩා නිවැරදිම ග්‍රන්ථය මෝර්මන් ග්‍රන්ථය බව, සහ අපගේ ආගමෙහි මුදුන් මුලයි. පොත කියවීම තුළින් මනුෂ්‍යයකු දෙවියන් වහන්සේට ළං වන්නට පුළුවන් වෙනත් කිසිදු පොතට වඩා.” මෝර්මන් ග්‍රන්ථය හදුන්වා දීමේදි, අපට කියා දී තිබෙනවා මෝර්මන් ග්‍රන්ථය දෙවියන්වහන්සේගේ වචනය කියා ශුද්ධාත්මයාණන් තුලින් දිව්‍යමය සාක්ෂියක් ලබාගන්නා අය එම බලයෙන්ම දැනගනීවි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් කියල,ජෝසෆ් ස්මිත් උන්වහන්සේගේ එළිදරව් කරන්නෙකු සහ [නැවත පිහිටු විමේ දිවැසිවරය] කියල, සහ යේසුස් ක්‍රිස්තුස්යහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව මෙම පොලොවේ නැවත පිහිට වු ස්වාමින්වහන්සේගේ රාජ්‍ය බවත්.”

එසේනම්, මේවා තවත් වැදගත් කොටස් අප සියල්ලගේ විශ්වාසය ඇදහිල්ල හා සාක්ෂි දැරීම සදහා.

  1. ජේසුස් වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන්ය

  2. මෝර්මන් ග්‍රන්ථය දෙවියන්වහන්සේ ගේ චචනයයි

  3. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පසුදවස්වල ශුධවන්තයින්ගෙන් යුත් සභාව පොළොවෙහි දෙවියන්වහන්සේගේ රාජධානියයි.

  4. ජෝසෆ් ස්මිත් සත්‍ය දිවැසිවරයෙන්, සහ අපට අද ජීවමාන දිවැසිවරුන් මිහිපිට සිටිනවා

පසුගිය මාස කිහිපයේ, සෑම ප්‍රධාන සම්මන්ත්‍රණයකම සභාපති නෙල්සන් ඔහු පළමු අපෝස්තුළුවරයා ලෙස කැඳවීම ලැබීමේ සිටන්ම දුන් සෑම කතාවකටම මා සවන් දුන්නා,. මෙම අභ්‍යාසය මගේ ජීවිතය වෙනස් කළා. අවුරුදු 34ක සභාපති නෙල්සන් ගෙන් ගත් දැනුම, ඔහුගේ ඉගැන්වීම් තුළ පැහැදිලිව, ස්ථිරව තේමා පෙන්වීම මා අධ්‍යයනය කළා. එම සෑම තේමාවක් මා දැන් පැවසූ ගොඩනගා ගැනීමේ කොටස් වලට සම්බන්ධයි. අපගේ පෞද්ගලික දේව මාලිගාවක් උදෙසා. එහි ඇතුලත් වෙනවා ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල, පසුතැවිලිවීම, බෞතීස්මය පව් වලින් ගැලවීමට, හා ශුද්ධාත්මයානන්ගේ දීමනාව, මළවුන්ගේ මුදවීම හා දේවමාලිගාවේ කටයුතු කිරීම, සබත් දින ශුද්ධ ලෙස ගත කිරීම. අවසානය මනසේ තබාගෙන ආරම්භය, පොරොන්දු වූ මාර්ගයේ ගමන් කිරීම. සභාපති නෙල්සන් මේ සියල්ල පිළිබඳව ආරයෙන් හා කැපවීමෙන් කතා කර තිබෙනවා.

ප්‍රධාන කොන්ගල සහ ගොඩනැගීමේ කොටස් සභාවේ සහ අපගේ ජීවිතයේ ජේසුස් වහන්සේ. මේ උන්වහන්සේගේ සභාවයි. සභාපති නෙල්සන් උන්වහන්සේගේ දිවැසිවරයායි. සභාපති නෙල්සන්ගේ ඉගැන්වීම් තුළ ජේසුස් වහන්සේගේ ජීවිතය හා චරිතය අනාවරණය වෙනවා හා ඔහු සාක්ෂි දරනවා. ඔහු ආදරයෙන් හා උවමනාවෙන් කතා කරනවා අපගේ ගැනුම්කරුවානන්ගේ ස්වභාවය හා මිෂනාරී සේවය පිළිබඳව. නිරතුරුවම සාක්ෂි දරනවා ජීවමාන දිවැසිවරයෙකුගේ දිව්‍යමය කැදවීම පිළිබඳව. ඔහු සේවය කර ඇති —සභාපතිවරුන්— පිළිබඳව.

දැන්, අද අපට වරප්‍රසාද ලැබෙනවාඔහුවඅනුමත කරන්නට ජේසුස් වහන්සේගේ පොළොවෙහි ජීවමාන දිවැසිවරයා ලෙසට. අපි පුරුදුවී සිටිනවා සභාවේ නායකයන්ව දකුණු අත එසවීම තුළින් අනුමත කරන්නට, එනම්, ඔවුන්ව පිළිගන්නට හා ඔවුන්ට උදව් කිරීමටත්. මිනිත්තු කිහිපයකට පෙර අප කලා මෙන්ම. එහෙත් සැබෑ අනුමත කිරීම කායික පිළිබිඹු කිරීමෙන් ඔබ්බට ගිය එකක්.දහම සහ ගිවිසුම 107:22,පවසනවා පළමු සභාපතිත්වය. “රැදවිය යුත්තේ, ආත්ම විශ්වාසයෙන් ඇදහිල්ලෙන් හා සභාවේ යාඥාව තුළින්.” අප මුලුමුනින්ම හා සත්‍ය ලෙසම ජීවමාන දිවැසිවරයාව අනුමත කරනවා අප ඔහුගේ වචන වල රටාව හඳුනා ගත් විට, එය මත විශ්වාසය හා ක්‍රියා කිරීම තුලින් හා ජේසුස් වහන්සේගේ ආශිර්වාද නොනවත්වා ඔහුට ලැබීම යාච්ඤා කිරීම තුළින්

දිවැසිවර රසල් එම්. නෙල්සන් පිළිබඳව මම සිතූ විට, ජේසුස් වහන්සේ පැවසූ මේ වචන තුළින් සහනයක් දරනවා, එනම්, “මාගේ ජනතාව මාගේ හඬට සවන් දෙන්නේ නම් හා , මාගේ මිනිසුන් මෙහය වන්න පත්කර තිබෙන මාගේ සේවකයන්ගේ හඩට සවන් දෙන්නේ නම් මාගේ ජනතාවට ගෙනයන්නට සවන්දෙන්නේ නම්, මා ඔබට පවසනවා, ඔවුන් ඔවුන්ගේ ස්ථාන වලින් ඉවතට යන්නේ නැති බවට”(දහම සහ ගිවිසුම 124:45).

ජීවමාන දිවැසිවරයාට ඇහුම්කන්දීමෙන් හා ක්‍රියාකිරීමෙන් අපට පෙනෙන, ජීවිතය වෙනස් වන ආකාරයේ ප්‍රතිඵලයන් එන්නට පුළුවන්. ස්වාමින්වහන්සේ තුල අපිට විශ්වාසයක් හා ආත්ම ශක්තියක් ලැබෙන්නට පුළුවන්. අපිට ජේසුස් වහන්සේගේ වචන ඇසෙන්න පුළුවන්, දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැනෙනවා. අපිට දැනගන්නට පුළුවන් ජීවනය අරමුණක් ඇති ව ක්‍රියා කිරීමට හසුරුවා ගන්නේ කෙසේද කියා.

මා ආදරෙයි හා මා අනුමත කරනවා සභාපති රසල් එම්. නෙල්සන් හා අනෙක්, දිවැසිවරුන් එළිදරව්කරුවන් හා දර්ශන දකින්නන් ලෙස කැඳවීම ලත් අයට. මා සාක්ෂි දරනවා ජේසුස් වහන්සේගේ දීමනා ඔහුගේ හිස මත පතිත කර ඇති බවට හා මා සාක්ෂි දරනවා අපගේ ජීවිත ස්ථිර කර ගත් විට ජීවමාන දිවැසිවරයාට ඇහුම්කන් දීම හා ක්‍රියාකිරීම යන පුරුද්ද තුළින් අපගේ ජීවිත ගොඩනැගේවි ජේසුස් වහන්සේගේ අපට ඇති දිව්‍යමය රටාව තුළින්. අපට සදාතනික ආශිර්වාද ලබාගැනීමට හැකිවේවි. මා ඔබ සැමටම ආරාධනා කරනවා. එන්න, දිවැසිවරයාගේ හඬට සවන් දෙන්න. මේ සියල්ල පවසන්නේ ජේසුස්ගේ නාමයෙන් ආමෙන්.