2010–2019
ක්‍රිස්තුස්වහන්සේ තුල එකට
ඔක්තෝම්බර් 2018


ක්‍රිස්තුස්වහන්සේ තුල එකට

ස්වාමින්වහන්සේගේ කාර්යයන්හි මාගේ දයාබර සහකාරයෙනි, සභාවට මීට වඩා හොදින් නවක මිත්‍රයින් පිළිගන්න පුළුවන් සහ එසේ කල යුතු බව මම විශ්වාස කරමි.

සුභ සැන්දෑවක්, මගේ දයාබර සහෝදර සහෝදරියනි. මගේම බ්‍රසීල පෘතුගීසි භාෂාවෙන් කියනවනම් “බොවු ටර්ඩේ! අපේ දයාබර දිවැසිවරයා වන, සභාපති රසල් එම්. නෙල්සන්ගේ මග පෙන්වීම යටතේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ මේ අපූරු ප්‍රධාන සම්මණ්ත්‍රණයට එක් රැස්ව සිටීම ආශිර්වාදයක් බව මට දැනේ. අප ජීවත්වන මේ පසුදවස්වල පොළව මත සිටින උන්වහන්සේගේ සේවකයින් මගින් ස්වාමින්වහන්සේගේ හඩට සවන් දීමට අප එකිනෙකාට ලැබෙන මහගු අවස්ථාවට පිළිබද මා පුදුමවෙමි.

රූපය
ඇමසන් නදිය
රූපය
ඇමසන් නදිය සෑදෙන්නේ ගංගාවන් දෙකක් එකතු වීමෙනි

මගේ මව්රට බ්‍රසීලය ස්වභාවික සම්පත් වලින් ඉතා පොහොසත්ය. ඒවායින් එකක් නම් ඇමසන් ගංගාවයි, එය ලෝකයේ වඩාත්ම ලොකුම සහ දිගම ගංගාවලින් එකක්. එය සොලමොස් සහ නිග්රෝ යන ගංගා වල් දෙකෙන් සෑදී ඇත. පුදුමයකට, දෙක එකතු විමට පෙර සැතපුම් ගණනක් ඔවුන් ගලාගෙන යනවා. පටන් ගැන්ම, වේගය, උෂ්ණත්වය, රසායනික සංයුතියේ වෙනස්කම් මත, සැතපුම් ගණනකට පසු, ජලය එකට මිශ්‍රණයවී, තනි කොටසකට වඩා වෙනස්ම වූ ගගක් බවට පත් වෙනවා. මේ කොටස් දෙක එකතු වූවායින් පසුවයි, ඇමසන් ගංගාව බලවත් බවට පත්වී අත්ලාන්තික් මුහුදට ළගා වු විට, එය මුහුදු වතුර පස්සට තල්ලු කරන අතර සාගරයට සිට සැතපුම් ගණනාවක්ම ඇතුලටත් නැවුම් ජලය තවමත් සොයාගත හැකිය.

රූපය
ඇමසන් නදියේ ජලය එකතු වීම

සොලමොස් හා නිග්රෝ ගංගාවල් දෙක එකට ගලා ගොස් මහා ඇමසන් ගංගාව හදනව වාගේ, වෙනස් වූ සමාජ මට්ටම්, චාරිත්‍ර, සංස්කෘතීන්, වලින් මේ අලංකාර ශුද්ධවන්තයින්ගේ ප්‍රජාව දෙවියන්වහන්සේගේ දරුවෝ ක්‍රිස්තුස්වහණ්සේ තුල නැවත පිහිට වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව තුළ එක්ව ගොඩනැගෙනවා. අවසානයේ, අපි ධෛර්යමත්ව, උපකාරයන් සහ එකිනෙකාට ප්‍රේම කරන විට, අපි එකතු වෙලා ලෝකයට යහපත් බලවේගයක් නිර්මාණය කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස, මේ යහපතේ ගංගාවේ එකට ගලායන විට, අපට පිපාසිත ලෝකයකට ශුභාරංචියේ “නැවුම් ජලය” සපයන්න හැකි වනු ඇත.

රූපය
අලුත් සමාජිකයින් අනිත් දෙවියන්වහන්සේගේ දරුවන් සමග එකට පැමිණීම
රූපය
ශුද්ධවන්තයින්ගේ ප්‍රජාව සාදා අවසානය

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ දිවැසිවරයින්ව පොළඹවනව අපට උගන්වන්න කොහොමද අපි එකිනෙකාට උපකාර සහ ආදරය කරන්නේ කියල එවිට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කිරිමට ඇදහිල්ලෙන් හා අරමුණින් එකතු වන්නට අපට හැකිවෙනවා. නව ගිවිසුමේ අපොස්තුලු පාවුලු උගැන්වුවා ඔබ අතරෙන් “ක්‍රිස්තුස්වහන්සේගේ තුල බෞස්තීම - ස්තාපනය කරනු ලැබූ ක්‍රිස්තුන්වහන්සේගේ තුලට පැමිණි...: ඔබ සියල්ලන් ක්‍රිස්තුන් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙකි. 1

බෞතිස්තීමයේදී ගැලවුම්කරුවාණන් අනුගමනය කරන්න පොරාන්දු වන විට, අපි අප මත ක්‍රිස්තුස්වහන්සේගේ නාමයට ගන්නට කැමති බවට පියාණන්වහන්සේගේ අභිය සාක්ෂි දරනවා.2 අපේ ජීවිත තුළ උන්වහන්සේගේ දිව්‍යමය ගුණාංග ලබාගන්න උත්සාහ දරන විට, ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේගේ වන්දි ගෙවීම තුලින් අප පෙරට වඩා වෙනස්ව වනවා, සහ අන් අය කෙරෙහි ඇති අපේ ප්‍රේමය ස්වභාවිකව වර්ධනය වෙනව.3 සැමගේ සතුට සහ සුභ සිද්ධිය සදහා අපට අවංක සිතිවිලි නැඟේ. අපි එකිනෙකාව සහෝදර සහෝදරයන් සේ දකිනව, දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස, දිව්‍යමය ආරම්භයක්, ගුණාංග සහ වියහැකි බව සමගින්. එකිනෙකාගේ බර දරාගෙන රැකබලා ගන්නට අපට කැමත්තක් ඇත්වෙනවා.4

පාවුලුතුමා මෙයයි දයාව යනුවෙන් විග්‍රහ කළේ.5මෝමන්ගේ පොතේ අනාගතවක්තෘවරයෙක් වන, මෝමන්, එය විග්‍රහ කරනවා “ක්‍රිස්තුස්වහන්සේගේ පවිත්‍ර ප්‍රේමය”6ලෙස, එය ඉතා උසස්, ගෞරවණීය සහ ප්‍රේමයේ ප්‍රබලම ස්වරූපයයි. අපේ වර්තමාන අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන්, මෑතකදී විග්‍රහ කළා, ක්‍රිස්තුන්වහන්සේගේ පවිත්‍ර ප්‍රේමයේ ප්‍රකාශවිම දේවසේවය බව, ගැලවුම්කරුවානන් කළාත් මෙන් එකිනෙකාව ප්‍රේමයෙන් හා රැකබලාගන්න වඩා යොමුවන ශුද්ධ ප්‍රවේශයක් බවත්. 7

අපේ සභා සේවාවට සහභාගී වීමට උනන්දුවක් ඇත්තාවුන්ට සහ මෑතකදී බෞස්තීමවු අයට අනුබලය, උපකාරය හා උනන්දු කරවීම සම්බන්ධව, ගැලවුම්කරුවාණන් කළාක් මෙන්, ප්‍රේමය හා රැකබලා ගැනිමට අපි සිතා බලමු.

මේ නවක මිත්‍රයින් ලෝකයෙන් එපිටට පැමිණ යේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ ශුභාරංචිය වැළඳ, උන්වහන්සේගේ සභාවට එකතුවෙලා, උන්වහන්සේ මගින් නැවත උපත ලබා ඔවුන් උන්වහන්සේගේ ගෝලයන් බවට පත්වේ. 8ඔවුන් හොදින් දන්නා ලෝකය අතහැර යේසුස් වහන්සේ අනුගමනය කරන්න තොරගන්නව, මුළු හදවතින්ම, අලුත් “ගංගාවට එකතුවෙලා හරියට මහා ඇමසන් නදිය වගේ- දෙවියන් වහනසේගේ අභියසට ගලා යන ධර්මිෂ්ඨ හා යහපත් බවින් යුත් වික්‍රමාන්විත බලවත් ගගක් මෙන්. අපෝස්තුලු පාවුලු එය විස්තර කරන්නේ “තෝරාගත් වංශයක් ද, රාජකීය පූජක පෙළක්ද, ශුද්ධ වූ ජාතියක් ද, අමුතුම සෙනගක්ද වන්නාහුය ලෙසය.” 9මේ නව මිත්‍රයින් නවක හා නුපුරුදු ගංගාවකට ඒකාබද්ධ වන විට, මුලදී ව්‍යාකූල බවක් දැනෙන්නට හැකිය. මේ නව මිත්‍රයින් වෙනස්ම ආරම්භයක්, උෂ්ණත්වයක්, රසායනික සංයුතියක් - ඇති තමන්ටම ආවේණික වූ චාරිත්‍ර, සංස්කෘතීන්, වචන මාලාවක් ඇති ගංගාවක් සමග මුසුවු බවට ඔවුන් සොයා ගනීවි. ක්‍රිස්තුස්වහන්සේ තුළ මේ අලුත් ජීවිතය ඔවුන්ට නොතකා සිටිය නොහැකි තරම් බලවත් යැයි පෙනෙවි. “පවුල් සෑදෑව,” “BYC,” “නිරාහාර ඉරිදා,” “මලවුන් සදහා බෞස්තීමය,” “සහන සමිතිය,” “මැල්කැසඩික් පූජකවරය,” “ත්‍රිත්ව සංකලනය” ආදී වචන පළමු වතාවට ඔවුන්ට ඇසෙන විට ඔවුන්ට හැඟෙන ආකාරය ගැන මොහොතක් සිතන්න.

එය ලේසියෙන්ම පේනවා ඇයි එයාලට දැනේන්නේ ඔවුන් මෙයට සුදුසු නොවන බවක්. එවැනි අවස්ථාවලදී, ඔවුන් ඔවුන්ගෙන්ම අසාවි, “මෙතන මට තැනක් තියේ ද? යේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ පසුදවස්වල ශ්‍රද්ධාවන්තයින්ගෙන් යුත් සභාවට මාව ගැලපෙනවාද? සභාවට මාව අවශ්‍යද? මට අනුබල හා උපකාර කරන්න කැමති නව මිත්‍රයින් මට හමුවේද? “

මාගේ දයාබර මිත්‍රයිනි, එවැනි අවස්ථා වලදී, ගෝලත්වයේ දිගු මාර්ගයේ වෙනස් ස්ථාන වල සිටින්නාවූ අප අපේ නව මිත්‍රයින්ව උණුසුම් දෑතින් පිලිගෙන, සහ උපකාරය, ප්‍රේමය, තුලින් ඔවුන් සිටින තැනින්ම, අපේ ජීවිත වලට ඔවුන් ඇතුළත් කර ගනිමු. මේ නව මිත්‍රයින් සියල්ලෝම දෙවියන් වහන්සේගේ වටිනා දූ, දරුවන් වේ. 10ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් අපට නැති කරගන්න බැහැ මක්නිසාද අතු ගංගා වලින් යැපෙන ඇමෙසන් ගංගාව සේ, ඔවුන්ට අපව අවශ්‍ය මෙන්ම අපට ඔවුන්වද අවශ්‍යයි. ලෝකයේ යහපත වෙනුවෙන් අපට ප්‍රබල බලවේගයක් වෙන්න.

අපේ නව මිත්‍රයන් දෙවියන්වහන්සේ-දක්ෂතා, උද්යෝගය, සහ යහපත්කම, ඔවුන් තුල රැගෙන එනවා. ශුභාරංචිය උදෙසා ඔවුන්ගේ උද්යෝගය බෝවන සුළුයි. එයින් අපේම සාක්ෂින් පුනර්ජීවනය කරගන්න අපට හැකිවෙනවා. අප ජීවිතය හා ශුභාරංචිය තේරුම් ගන්නා ආකාරයට නැවුම් දර්ශනයන් ඔවුන් ගෙන එන්නෝය.

නැවත පිහිට වූ යේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ සභාවේ අපගේ නව මිත්‍රයින්ව සාදරයෙන් පිළිගැනීමට හා ප්‍රේම කිරීමට අපට උපකාර කල හැකි ආකරය පිළිබදව අපට දිගු කාලයක් පුරා උගන්වා තිබේ. ඔවුන්ගේ ජීවිත පුරාවට ශක්තිමත්ව හා ඇදහිලිමත්ව සිටීමට ඔවුන්ට අවශ්‍ය දේවල් තුනක් තිබේ.

පළමුව, ඔවුන්ට අවශ්‍යයි ප්‍රශ්න වලට පිළිතුරු සපයන, සැමවිටම ඔවුන්ට හැරෙන්න පුළුවන් හිතවත් හා සැබෑ මිත්‍රයන් සහ ඔවුන් කෙරෙහි අවංකවම උනන්දුවක් දක්වන සභාවේ සහෝදර සහෝදරියන් ඔවුන්ට අවශ්‍යයි. සභා සාමාජිකයන් ලෙස, අපට වගකීම් පැවරුම් නැතිනම් වෙන දෙයක් අපට තිබුනත් අපි සභාවේ රැස්වීම් හා ක්‍රියාකාරකම් වලට සහභාගි වන විට නවක මුහුණු සෙවිය යුතුයි හා හැමවිටම අපේ අවධානය යොමුකළ යුතුයි. සභාවේදී ඔවුන්ව අප සාදරයෙන් පිළිගන්න බව නව මිත්‍රයින්ට හැගෙන්න අපට සරල දේවල් කළ හැකියි, හරියට මේ වගේ උණුසුම්ව පිළිගන්න, අවංකවම ඔවුන් සමග සිනාසෙන්න, නමස්කාරය හා ගායනයට ඔවුන් සමග අසුන් ගැනීම, වෙනත් සාමාජිකයන්ව ඔවුන්ට හදුන්වාදීම වැනි දෑ, මේ සමහරක් ක්‍රියා වලින් අපේ නව මිත්‍රයින්ට අපේ හදවත් විවර කළවිට, අප දේවසේවය කිරීමේ හැගීමෙන් ක්‍රියා කරන්නෙමු. ගැලවුම්කරුවානන් සේම අප ඔවුන්ට දේවසේවය කරන විට, “අපේ දොරටුව තුළ ආගන්තුකයනයෝ” මෙන් ඔවුන්ට දැනෙන්නේ නැත. ඔවුන්ට හොද හැගීමක් ඇති විය හැකි අතර නව මිතුරන් ඇති කරගන්නට හැකි වනු ඇත, සහ ඉතා වැදගත්ව, අපේ අවංක රැක බලාගැනීමෙන් ගැලවුම්කරුවානන්ගේ ප්‍රේමය ඔවුන්ට දැනෙනු ඇත.

දෙවැනුව, නව මිත්‍රයින්ට පැවරුම් අවශ්‍යයි - අන් අයට සේවය කිරීමට අවස්ථාවක්ලෙස. සේවය යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශ්‍රද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ විශිෂ්ඨ ශ්‍රේෂ්ඨත්වයන්ගෙන් එකකි. අපේ ඇදහිල්ල ශක්තිමත් විය හැකි ක්‍රියාවලියකි. සෑම නව මිත්‍රයෙක්ම එම අවස්ථාව ලැබිය යුතුයි. සභා නායකයාට හා කොට්ඨාශ මන්ත්‍රණ සභාවට ඔවුන්ගෙ බෞතිස්මයෙන් පසු කැදවීම් දිමේ වගකීම ඇති අතර, අවිධිමත්ව හෝ සේවා ව්‍යාපෘති තුළින් වෙනත් අයට සේවය කරන්න අපට උපකාර කරන්න අපේ නව මිත්‍රයින්ට ආරාධනා කිරීම වලක්වන කිසිවක් නැත.

තුන්වැන්න, නවක මිත්‍රයින් “දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන් පෝෂණය” විය යුතුයි.11 අසීරු වචන විස්තර කරමින් හා කථා වලට සම්බන්ධය සපයමින් ඔවුන් සමග ශුද්ධ ලියවිලි කියවමින් සාකච්ඡා කරනවිට ඒවාට ප්‍රේම කරන්න හා හුරුපුරුදු වන්න අපට ඔවුන්ට උපකාර කල හැකියි. නිරන්තර ශුද්ධලියවිලි අධ්‍යනය තුළින් පෞද්ගලික මග පෙන්වීම් ලබාගන්නා අන්දම ද අපට උගන්විය හැකියි. ඊට අමතරව, අපේ නිවෙස් වලට ඔවුන්ට ආරාධනා කල හැකියි අපටද අපේ නව මිත්‍රයින්ව ඔවුන්ගේ නිවසේදී බැහැ දැකිය හැක. අපේ සභාවේ රැස්වීම් හා ක්‍රියාකාරකම් වලට, ශ්‍රද්ධවන්තයින්ගේ සමූහයේ ප්‍රබල ගංගාවට මුසුවන්න ඔවුන්ට උපකාර කරමින්.

අපේ නව මිත්‍රයින් දෙවියන්වහන්සේගේ පවුලේ සාමාජිකයන් බවට පත්ව, අභියෝගය හා හැඩගැස්සවීම් හදුනාගනිමින්, අපේ සහෝදර සහෝදරියන් ලෙස, අපේ ජීවිතේ එවැනි වූ අවස්ථාවන් ජයගත් අන්දම ඔවුන් සමග බෙදාගත හැකියි. ඔවුන් තනියෙන් නොවන බවත් හා ඔවුන්ගේ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ පොරොන්දු තුළ ක්‍රියාවේ යොදවන විට දෙවියන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන බව ඔවුන්ට දැනගැනීමට එය උපකාරී වේවි. 12

සොලොමෝස් හා නීග්රෝ ගංගාවන් මුසුවන විට, ඇමේසන් ගංගාව ප්‍රබල හා ශක්තිමත් බවට පත්වේ. ඒ හා සමානව, අපිත් අපේ නව මිත්‍රයින් හා සැබැවින්ම මුසුවන විට, නගා සිටවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව වඩාත් ශක්තිමත් බවට සහ ස්ථීර බවට පත්වේ. අපි අපේ මවු රට වන බ්‍රසීලයේදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වැළදගත් විට, මේ නව ගංගාවට මුසුවන්නට වසර ගණනාවකට පෙර අපට උපකාර කළ සියල්ලන්ට, මාගේ පෙම්බරිය, රොසනා හා මා බෙහෙවින් ස්තූතිවන්ත වෙමු. වසර කිහිපයක් තිස්සේ, මෙම අපූරු මිනිස්සු සැබැවින්ම අපට දේවසේවය කර ඇති අතර අඛණ්ඩව ධර්මිෂ්ටව ගලායන්න උදව් කර ඇත. අපි ඔවුන්ට ගොඩක් ස්තුතිපූර්වක වන්නෙමු.

සදාකල් ජීවනය දෙසට මෙම නව යහපතේ ගංගාව තුළට එක්ව ඇදහිලිමත්ව ගලන නව මිත්‍රයින් තබා ගැනීම ගැන බටහිර අර්ධගෝලයේ අනාගවක්තෘන් හොදින් දැන සිටියේය. උදාහරනයක් ලෙස, අපේ දවස් දැක හා එවැනි වූ අභියෝග වලට අපි මුහුණ දෙන බව දැන, 13මොරෝනි ඒවායින් වැදගත් පියවර කීපයක් මෝමන්ගේ පොතේ ඔහුගේ ලේඛනයට ඇතුළත් කළේය.

“තවද ඔවුන්ව බෞස්තීමයට භාර ගත්තාට පසු ශුද්ධාත්මයානන්ගේ බලය මගින් පවිත්‍රකර, ඔවුන්ව ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ජනතාව අතර ගණන්ගනු ලැබුවේය; තවද එනම් ඔවුන්ව සිහිකිරීමට ද, දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන් පෝෂණය කරන පිණිසත් ඔවුන්ගේ නාමයන් ගෙන, ඔවුන්ව හරි මාර්ගයෙන් තබා ගැනීමටත්, ඔවුන් නිතර යාඥාවෙන් විමසිලිමත්ව තබා ගැනීමටත්ය, ඔවුන්ගේ ඇදහිල්ලේ කතෘද, අවසන් කරන්නාද වන ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියාවන් මත තනිවම රදා පැවතීමටය.

“තවද සභාව නිතර නිරාහාරවද යාඤා කිරීමටද, ඔවුන්ගේ ප්‍රාණයන්ගේ සුභ සිද්ධිය සම්බන්ධව එකිනෙකා සමග කථා කිරීමට ඔවුහු එක් රැස්වූහ.”14

ස්වාමින්වහන්සේගේ කාර්යයෙහි මාගේ දයාබර සහකාරයිනි, මිත්‍රයින් සභාවට පිළිගැනීමේදී මට විශ්වාසයි අපට වඩා හොදින් කරගන්න පුලුවන් හා වඩා හොදින් කළ යුතුයි. මේ ඊළග ඉරිදා පටන්, ඔවුන්ට උපකාරී වන්න, පිළිගනිමින් සහ වඩාත් පුළුල්ව වැළදගැනීමට අපට කළ හැකි දේ සලකා බැලීමට මම ඔබට ආරාධනා කරමි. සභා රැස්වීම් හා ක්‍රියාකාරකම් වල නව මිත්‍රියින්ව පිළිගැනීම ඔබේ සභා පැවරුම් නිසා අතපසු වෙන්ට ඉඩ නොදෙන්න වගබලාගන්න. මේ සියල්ලට පසු, දෙවියන් වහන්සේගේ නෙත් අභියස මෙම ආත්ම අනර්ඝයි හා වඩා වැදගත් සභාවේ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් වලට වඩා ගැලවුම්කරුවාණන් කලාක් මෙන් පවිත්‍ර ප්‍රේමයෙන් පිරී අපේ හදවත් සමගින් නව මිත්‍රයින්ට මෙහෙ කරන්නේ නම්, මා පොරොන්දු වෙනවා, උන්වහන්සේගේ නාමයෙන්, එතුමන් අපගේ උත්සහයන්ට සහය වන සේක. ගැලවුම්කරුවාණන් කළ ලෙස, අපි ඇදහිලිමත් මෙහෙකරන්නන් ලෙසින් ක්‍රියාකරන විට, අපේ නව මිත්‍රයින්ට අවසානය දක්වා ඇදහිල්ලෙන්, කැපවීමෙන්, ශක්තිමත්ව සිටීමට ඔවුන්ට අවශ්‍ය උපකාරය ඔවුන්ට ඇත. යේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ ශුභාරංචියේ ආශිර්වාද ඉතා අවශ්‍ය ලෝකයකට නැවුම් ජලය රැගෙන ඒමට අපට උපකාරී වීමට හා දෙවියන් වහන්සේගේ ප්‍රබල ජනකායක් බවට අප පත්වෙන විට ඔවුන්ද අප හා එක් වේවි. ඔවුන් “විදේශිකයෝවත්, ආගන්තුකයෝවත් නොව, ශ්‍රද්ධවන්තයින් සමග සහකාර පුරවැසියො” බව දෙවියන් වහන්සේගේ මෙම දරුවන්ට දැනේවි.15 ගැලවුම්කරුවානන් උන්වහන්සේගේම සභාවේ හිදිනා බව ඔවුන්ට හදුනාගන්න ලැබෙන බවට මම ඔබට පොරොන්දු වෙමි. ඔවුන් සියලු යහපතෙහි උල්පත බවට ගගක් ලෙස අපත් සමග ගලා බසිනු ඇත. අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෑතින් ඔවුන් බාරගන්නා තුරු: සහ පියාණන්වහන්සේ “නුඹටසදාකල් ජීවනය ලැබෙන්නේය” පවසනු ඔවුනට ඇසෙයි. 16

උන්වහන්සේ ඔබට ප්‍රේම කරන්නාක් මෙන් අන් අයට ප්‍රේම කරන්න උන්වහන්සේගේ උපකාරය සොයන්නට මම ඔබට ආරාධනා කරමි. මෝමන් මෙසේ උගැන්නුවේය, “ එසේ හෙයින් මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, හදවතේ සියලු ශක්තිය සමග පියාණන්වහන්සේට යාඥා කරන්න, ඒ කරණකොටගෙන නුඹලා මෙම ප්‍රේමය සමග පුණර්ජීවන පිණිසය, එය උන්වහන්සේ; යේසුස් ක්‍රිස්තුස්වහන්සේවූ, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ සත්‍ය අනුගාමිකයන් මත ප්‍රධානය කර ඇතිසේක; එනම් නුඹලා දෙවියන් වහන්සේගේ පුත්‍රයන් බවට පැමිණීමටය; උන්වහන්සේ පෙනී සිටින විට අපි උන්වහන්සේ මෙන් වන්නෙමු, මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේව දකින්නෙමු. ඒ කරණ කොටගෙන අප මෙ බලාපොරොත්තුව ඇතිව, එනම් උන්වහන්සේ පවිත්‍රවන්නාක් මෙන් අපද පවිත්‍රවන පිණිසය.”17මෙම සත්‍යයන් පිළිබදව මා සාක්ෂි දරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙනි. ආමෙන්.