2010–2019
ආත්ම රැකබලාගැනීම
ඔක්තෝම්බර් 2018


ආත්ම රැකබලාගැනීම

අපි ප්‍රේමයෙන් ලඟා වෙමු මන්ද ගැලවුම්කරුවාණන් අපට අණ කර ඇත්තේ එයයි.

මෑතකදී මගේ මිතුරෙකු හා ඇතිවූ කතාබහකදී, ඔහුගේ තරුණ, සභාවට අලුතින් බෞතිස්ම වූ සාමාජිකයෙකු ලෙස, ඔහුගේ කොට්ටාශයට ඔහු තවදුරටත් නොගැලපෙනවා යැයි එකවරම සිතුනු බව ඔහු මට පැවසුවා. ඔහුට ඉගැන්වූ ධර්මදුතයින් වෙනත් ප්‍රදේශයකට මාරුවී තිබූ අතර, ඔහු තනිවී ඇති බවක් ඔහුට දනුනා. කොට්ටාශයේ මිතුරන් නොමැති නිසා, ඔහු නැවත ඔහුගේ පැරණි මිතුරන් සොයාගෙන ඔවුන් සමග ක්‍රියාකාරකම් වල යෙදුනු අතර ඒ ක්‍රියාකාරකම් ඔහු සභාවට සහභාගී වීමෙන් ඉවතට ගෙන ගියා - ඒ හේතුවෙන් ඔහු ඒ රංචුවෙන් ඉවතට යාමට පටන් ගෙන තිබුනා. ඔහුගේ කොට්ටාශයේ සාමාජිකයෙකු දේවසේවා දෑතක් දිගු කර ඔහුට නැවතත් පැමිණෙන ලෙස කල උණුසුම් හා විශේෂ ආරාධනය ගැන ඔහු කොතරම් ස්තූතිවන්ත වනවාද යන්න, දෙනෙත් වල කඳුළු පුරවාගෙන ඔහු විස්තර කළා. මාස කීපයක් ඇතුලත, ඔහු නැවතත් එම රංචුවේ ආරක්ෂා සහිතව එකතු වී සිටිය අතර ඔහුවත් අනෙක් අයවත් ශක්තිමත් කළා. දැන් මගේ පසුපස හැත්තෑවරුන්ගේ සභාපතිත්වයේ සාමාජිකයෙක් ලෙස වාඩිවී සිටින වැඩිහිටි කාර්ලොස් ඒ. ගොඩෝයි නම් වූ මෙම තරුණ පිරිමි ළමයා සොයාගිය, බ්‍රසීලයේ ඒ එඬේරා වෙනුවන් අපි ස්තූතිවන්ත විය යුතුයි නේද?

එවන් පුංචි ප්‍රයත්නයන් නිසා ඇතිවන සදාකාලික ප්‍රතිඵලය පුදුම සහගත නොවෙයිද? මෙම සත්‍ය සභාවේ දේවසේවා ප්‍රයත්නයන්ගේ හදවතේ පවතී. අපගේ සරල, එදිනෙදා ප්‍රයත්නයන් ආශ්චර්යන්ට පරිවර්තනය කරන්නට ස්වර්ගීය පියාණන්වහන්සේට පුළුවන්. “අපි එකිනෙකා ගැන සොයාබලන ආකාරය පිලිබඳ නව ආකාරයක් ස්වාමීන්වහන්සේ විසින් පිලියෙල කර ඇති බව” සභාපති රසල් එම්. නෙල්සන් ප්‍රකාශයට පත්කර දැනට මාස හයක් පමණි,1 එය තවදුරටත් විස්තර කරමින් “අනෙක් අයට දේවසේවය කිරීමට සහ ඔවුන් ගැන සොයාබැලීමට අපි අලුත් සහ ශුද්ධවූ ක්‍රමයක් ඉදිරිපත් කරන්නෙමු. අපි මෙම සරල ප්‍රයත්නයන් ‘දේවසේවය’ ලෙස හඳුන්වන්නෙමු” යයි පැවසීය.2

සභාපති නෙල්සන් මෙසේද පැහැදිලි කළේය: “ස්වාමින්වහන්සේගේ සත්‍ය සහ ජීවමාන සභාවේ කැපී පෙනෙන දෙයක් බවට සැමවිටම පත්වන්නේ, දෙවියන්වහන්සේගේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වලට දේවසේවය කිරීමේ ප්‍රයත්නයන් කරා ඇති සංවිධානාත්මක බව සහ යොමුකිරීමයි. මක්නිසාද ඒ උන්වහන්සේගේ සභාවයි, අපි උන්වහන්සේගේ සේවකයන් ලෙස උන්වහන්සේ කල ආකාරයටම දේවසේවය කරයි. අපි උන්වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේගේ බලයෙන් සහ අධිකාරිත්වයෙන්, සහ උන්වහන්සේගේ ප්‍රේමනීය කරුණාවෙන් දේවසේවය කරමු”.3

එම ප්‍රකාශය කල දින පටන්, ඔබගේ ප්‍රතිචාරයන් ඉතා අනර්ගයි! අපගේ ජීවමාන අනාගතවක්තෘගේ මගපෙන්වීම යටතේ ලෝකයේ සෑම ස්ටේකයකින්ම මෙම ක්‍රියාත්මකවීමේ ඇති විශාල සාර්ථකත්වය ගැන වාර්තා අපට ලැබුනා. උදාහරණයක් වශයෙන්, දේවසේවා සොහොයුරන් සහ සොහොයුරියන් පවුල් වලට නියම කර තිබූ අතර යුගල වශයෙන් - තරුණ ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් සංවිධානය කර ඇති අතර, දේවසේවා සම්මුක සාකච්ඡා පවත්වා තිබුනා.

“නිවස සහ සභාව අතර සුභාරංචිය ඉගැන්වීමේ නව සන්තුලනයක් සහ සම්බන්ධයක්”4යන ඊයේ දින නිවේදනය කල එළිදරවුවට මාස හයකට පෙර “දේවසේවය” පිලිබඳ එළිදරවුව නිවේදනය කිරීම අහඹු සිදුවීමක් බව මම සිතන්නේ නෑ. ජනවාරී මස ආරම්භයේ සිට, අප සභා නමස්කාරයන් සඳහා පැයක කාලයක් අඩුවෙන් ගත කරන විට, දේවසේවය තුලින් අප ඉගෙනගත් සෑම දෙයක්ම එම අඩු වන කාලය පවුල සහ ආදරණීයයන් සමඟ උසස් සහ ශුද්ධවූ නිවස මුලික කරගත් සබත් දිනයක අත්දැකීමක් සඳහා නැවත සමබර කරගැනීමට උපකාරී වේ.

මෙම සංවිධානාත්මක ව්‍යුහයත් සමගම, අපිට අසන්නට පුළුවන්, අපි ස්වාමින්වහන්සේගේ ආකාරයට දේවසේවය කරන බව අපි දැනගන්නේ කොහොමද? යහපත් එඬේරාණන්ට උවමනා ආකාරයට අපි උන්වහන්සේට සහය දෙනවාද? යන වග.

සභාපති හෙන්රි බී. අයිරින් සමග ඇතිවූ මෑතකාලීන සාකච්ඡාවකදී, ඔහු මෙසේ පැවසුවා, මෙම දෘශ්‍යමාන වෙනස්කම් වලට ශුද්ධවන්තයින් හුරු වෙනවා සේම දේවසේවය යනු “මිත්‍රශීලි බව පෙන්වීම” පමණක් නොවන බව සාමාජිකයින් වටහාගනී යන්න ඔහුගේ බලාපොරොත්තුවයි. එයින් අදහස් වන්නේ මිත්‍රශීලී වීම වැදගත් නොවේ යන්න නොවේ, නමුත් දෙවසේවයේ සත්‍ය ආත්මය හඳුනාගන්නා අය මිත්‍රශීලී වනවායින් ඔබ්බට යයි. ස්වාමින්වහන්සේගේ ආකාරයට කරනවානම්, දේවසේවය කිරීම වැඩිහිටි ගොඩොයි ට වුවා මෙන්, සියලුම සදාකාලිත්වයටම යහපත උදෙසා යාමට හැකියාවක් පෙළඹවීමක් ඇත.

“උන්වහන්සේ කලාක් මෙන් ප්‍රේමයෙන් පූර්ණව සේවය කරන්නේ කෙසේද යන්න මිදුම්කරුවාණන් උදාහරණයෙන් පෙන්වා දී තිබෙනවා. ... උන්වහන්සේ ... ඉගැන්වූ සේක, යාච්ඤා කල සේක, සැනසූ සේක සහ උන්වහන්සේව අනුගමනය කිරීමට ආරාධනා කරමින් උන්වහන්සේ වටා අයට ආශිර්වාද කල සේක. සභාවේ සාමාජිකයින් [උසස් සහ ශුද්ධවූ ආකාරයකට] දේවසේවය කරන විට, ඔවුන් යාච්ඤාශීලීව උන්වහන්සේගේ ආකාරයට සේවය කිරීමට සොයයි - ‘සභාව සැම විටම රැකබලා ගනී, සහ ඔවුන් සමග හිඳ ශක්තිමත් කරයි,’ ‘සැම සාමාජිකයෙකුගේම නිවාස බැහැදකී,’ සහ සැමටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීමට උදව් කරයි”.5

නියම එඬේරෙකු ඔහුගේ බැටළුවන්ට ආදරය කරයි, සෑම කෙනෙකුම නම් වශයෙන් දනී, සහ ඔවුන් කෙරෙහි “පෞද්ගලික කැමැත්තක් ඇත”. .6

රූපය
කඳුකරයේ බැටළුවා

අවුරුදු ගණනක සිට මගේ මිත්‍රයෙකු බැටළුවන් සහ වසු පැටවුන් හදාවඩා ගන්නා අමාරු කාර්යය කරමින්, ගොවිපලක් බලාගන්නෙක් ලෙස රළු ගල් සහිත කඳුකරයක ඔහුගේ ජීවිතය ගත කළා. බැටළුවන් හදාවඩා ගැනීමේ කාර්ය හා සම්බන්ධ අභියෝග සහ උවදුරු ගැන ඔහු මා සමග බෙදාගත්තා. වසන්ත කාලයේ මුල විශාල කඳු වලින් හිම බොහෝ සේ දියවූ විට, බැටළුවන් 2000 පමණ ගිම්හානය තෙක් කඳු වල මුදා හරී. එහිදී, ඔවුන් ගිම්හාන කාලයේ සිට සීත සෘතුවට ලඟා වූ විට සරත් සෘතුව නිමවන තෙක් ඔහු උන්ව බලාගනී. දවසේ පාන්දර සිට රාත්‍රිය දක්වාම - ඉර නගින්නටත් පෙර හා කළුවර වූ පසුත් ඇවිදිමින්, විශාල බැටළු රංචුවක් රැකබලා ගැනීම කෙතරම් අසීරුද යන්න ඔහු විස්තර කළා. ඔහුට එය කොහෙත්ම තනිව කරන්නට බැහැ.

රූපය
බැටළුවන් සමඟ බැටළුවන් බලාගන්නන්

අත්දැකීම් ඇති ගොවිමහතුන් සහ ඔවුන්ගේ ප්‍රඥාවෙන්, ප්‍රතිලාබ ලැබූ තරුණ සහකාර ගොවිමහතුන්ගෙන් යුත් පිරිසක් බැටළු රෑලට සෙවන සැලසවේය. තවත් ඔහු මහළු අශ්වයන් දෙදෙනෙක්, පුහුණු කරවන කුඩා අශ්වයන් දෙදෙනෙක්, බැටළුවන් බලාගන්නා මහළු සුනකයන් දෙදෙනෙක් සහ බැටළුවන් බලාගන්නා කුඩා සුනකයන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් මතද ඔහු උදව් ලබාගත්තා. ග්‍රීෂ්ම කාලය පුරාවටම, මගේ මිතුරා සහ බැටළුවා, වැහි කුණාටු, අසනීප, අබලතා, නියන් සහ කෙනෙක්ට සිතිය හැකි අනෙකුත් සියලුම අසීරුතා වලට මුහුණ දුන්නා. බැටලුවන්ව ජීවත් කරන්නට යම් වසර වල ඔවුන්ට ග්‍රීෂ්ම කාලය පුරාම වතුර අදින්නට උනා. ඉන්පසු, සරත් කාලයේ අග සෑම වසරකම, සීත කාලය එළඹෙන විට බැටළු රල කන්දෙන් පහලට ගෙන ගණන් කරන විටදී, සෑමවිටම 200 කට වඩා ප්‍රමාණයක් නැතිවී සිටියා.

රූපය
රැලේ බැටළුවා
රූපය
බැටළු රැල

වසන්තයේ මුල් කාලයේදී කඳු වලට ගෙන ගිය 2000 ක බැටළු රැල 1800 ක පමණ ප්‍රමාණයකට අඩු වී සිටියා. මෙම නැතිවන බැටළුවන්ගෙන් බොහෝ උන් නැතිවී තිබුනේ අසනීප සහ සාමාන්‍ය මරණ නිසා නොවේ, නමුත් කඳු වල සිටින සිංහයන් වෘකයන් වැනි ගොදුරු අල්ලන සතුන් නිසාය. මෙම ගොදුරු සොයා යන උන්ට බැටළුවන් හසු වන්නේ උන් රැලේ ආරක්ෂාවෙන් ඉවත ගොස්, ඔවුන්ගේ එඬේරාගේ ආරක්ෂාවෙන් මිදී ගිය විටයි. මොහොතකට ඔබලාට සිතන්නට පුලුවන්ද මම මේ පැහැදිලි කල දේ හි ඇති ආත්මික සංයුතිය? එඬේරා කව්ද? රංචුව කව්ද? එඬේරාට සහය දුන් අය කව්ද?

රූපය
යහපත් එඩේරා

ස්වාමින්වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසූ සේක, “යහපත් එඬේරා මම වෙමි, තවද මගේ බැටළුවා හඳුනමි, ... තවද ඒ බැටළුවා වෙනුවෙන් මම මගේ ජීවිතය කැප කරමි.” 7

රූපය
ජේසුස් වහන්සේ උන්වහන්සේගේ බැටළුවන් පෝෂණය කරන සේක

ඒ ලෙසම නෙපි දිවැසිවරයා මෙසේ ඉගැන්විය, යේසුස් වහන්සේ “උන්වහන්සේගේ බැටළුවා පෝෂණය කරන සේක, සහ ඔවුන් ඔහු තුල තම තණබිම සොයාගන්නවා ඇත.”8 “ස්වාමීන්වහන්සේ මගේ එඬේරාණන්”9බව සහ උන්වහන්සේ අපි සැම දන්නා නිසාත් උන්වහන්සේගේ සෙවනේ සිටිනා බව දැනගැනීම තුල මම සාමය අත්විඳිමි. අපි ජිවිතයේ සුළං, වැහි කුණාටු, අසනීප, අබලතා සහ නියඟ වලට මුහුණ දීමේදී ස්වාමීන්වහන්සේ - අපේ එඬේරාණන් - අපට දේවසේවය කරනු ඇත. උන්වහන්සේ අපගේ ආත්මයන් නැවත පුබුදුවන සේක.

තරුණ සහ මහලු බැටළුවන් බලාගන්නන්, අශ්වයින්, සහ බැටළුවන් බලාගන්නා සුනකයින්ගේ සහයෙන් මගේ මිත්‍රයා ඔහුගේ බැටළුවන් රැකබලාගත ඒ ආකාරයෙන්,උන්වහන්සේගේ රැලෙහි බැටළුවන් මෙම අභියෝගාත්මක ක්‍රියාවේදී බලාගැනීමට ස්වාමීන්වහන්සේ සහය පතන සේක.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දේවසේවය කිරීම

ප්‍රේමනීය ස්වාර්ගික පියාණන්ගේ දරුවන් ලෙස සහ උන්වහන්සේගේ රැලෙහි බැටළුවන් ලෙස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් පෞද්ගලිකව දේවසේවය ලබාගැනීමේ ආශිර්වාද අපි භුක්ති විඳිමු. ඒ ආකාරයටම, අපද එඬේරන් ලෙස අප වටා ඉන්නා අයට දේවසේවය සැපයීමට අපට වගකීමක් ඇත. “මට සේවය කර මාගේ නාමයෙන් ඉදිරියට යන්න, සහ ... මගේ බැටළුවන් එකතු කරන්න”10 යන ස්වාමින්වහන්සේගේ වචන වලට අපි ඇහුම්කන් දෙමු.

එඬේරා යනු කව්ද? සෑම පිරිමියෙක්, ගැහැනියක් සහ දෙවියන්වහන්සේගේ රාජධානියේ දරුවෙක්ම එඬේරෙකි. කැඳවීමක් අවශ්‍ය නැත. ජලයේ බෞතිස්මයෙන් පිටතට ආ මොහොතේ සිටම, අපි මෙම කාර්යට බැඳී සිටිමු. අපි අන් අයට ප්‍රේමයෙන් ලඟා වන්නේ මන්ද අපගේ ගැලවුම්කරුවාණන් අපට එය අණ කර ඇති නිසාවෙනි. ඇල්මා මෙසේ අවධාරණය කළා: “එඬේරෙක් බැටළුවන් විශාල ප්‍රමාණයක් සිට ඔවුන් නොබලා සිටීද, වෘකයන් ආ කල කෑදරෙන් ඔවුන්ව කා දමන්නට හදන විට ඔහු උන්ව එළවා දමන්නේ නැත්ද?”11අපගේ අසල්වැසියන් කොයි මොහොතක හෝ භෞතිකව හෝ ආත්මිකව සසල වී ඇති විට, ඔවුන්ගේ උදව් සඳහා අපි දුවන්නෙමු. අන් අයගේ බර ඒවා සැහැල්ලු වන පිණිස අපි ඔසවමු. වැලපෙන්නන් සමග අපි වැලපෙමු. සැනසුම අවශ්‍ය අයව අපි සනසවමු.12ස්වාමීන්වහන්සේ ප්‍රේමනීය ලෙස අපෙන් එය බලාපොරොත්තු වෙයි. උන්වහන්සේගේ රංචුවට දේවසේවය කල ආකාරය ගැන අප වගකිවයුතු දිනයක් උන්වහන්සේ අපට ගෙනෙන සේක.13

ඒ කඳු වැටියේ බැටළුවන් බලාගත් ආකාරය ගැන ඉතා වැදගත් යමක් මාගේ එඬේර මිතුරා මා සමග බෙදාගත්තා. නැතිවූ බැටළුවා ගොදුරු අල්ලන්නන්ගේ අනතුරට භාජනය වීමට ඉතා ළඟ බව ඔහු විස්තර කළා. තවද, ඔහුගේ සහ ඔහුගේ කණ්ඩායමේ මුළු වේලාවෙන් සියයට 15 ප්‍රතිෂතයක්ම වැයවී තිබුනේ නැතිවූ බැටළුවා සෙවීමටයි. බැටළුවා රැලෙන් බොහෝ ඈතට යාමට පෙර, ඔවුන් නැතිවූ බැටළුවා සොයාගත් විටම, අනතුරට භාජනය වීමට ඇති ඉඩකඩ අඩු බව ඔවුන් ඉගෙනෙගෙන තිබුනා. නැතිවූ බැටළුවෙක් නැවත යතා තත්වයට ගෙන ඒමට සංයමයක් සහ ඉවසීමක් අවශ්‍යයි.

වසර කීපයකට පෙර, පුවත්පතක තිබූ චමත්කාරජනක ලිපියක් දේශීය පුවත්පතකින් මට හමුවී මම එය සුරක්ෂිතව තබා ගත්තා. පළමු පිටුවේ මුල් වැකියේ සඳහන් වී තිබුනේ “අධිෂ්ඨානවත් සුනකයා නැතිවූ බැටළුවන් අත්නොහරී.”14 මෙම ලිපියේ පැහැදිලි කර තිබුනේ මගේ මිත්‍රයාගේ ඉඩමට ඈත නොවන තැනක කුඩා බැටළුවන් ප්‍රමාණයක් සහිත ස්ථානයක් පිලිබඳවය. මාස දෙක තුනකට පසු, ඔවුන් කඳුකරයේ නැතිවී හිමෙන් යටවී සිටියෝය. බැටලුවන්ව හැරගොස් තිබියදී බැටළුවන් බලාගන්නා සුනකයා උන් සමග නැවතී, ඔහුගේ වගකීම වූ උන් බලාගෙන ආරක්ෂා කලා. ඔහු බලාගැනීමෙන් බැහැරට ගියේ නැහැ. ඔහු එම නැතිවූ බැටළුවන් වටේ යමින් සීත හිම කාලගුණයේ රැඳී සිටි අතර, කඳු සිංහයන් සහ වෘකයන්ගෙන් හා බැටළුවන්ට හානි කල හැකි ගොදුරු සොයන උන්ගෙන් උන් ආරක්ෂා කරගත්තා. බැටලුවන්ව නැවත ඒ රංචුව සහ එඬේරා වෙතට ගෙනයන තෙක්ම ඌ එහි රැඳී සිටියා. මෙම ලිපියේ මුල පිටුවේ අති ජායාරුපය ඒ බල්ලාගේ චරිතය සහ චිත්ත ධෛර්ය ගැන සිතාගන්නට පුළුවන්කම ලබාදෙනවා.

රූපය
බැටළු සුනඛයකුගේ දෑස් වල සහ චර්යාවේ ස්වභාවය

නව ගිවිසුමේ, නැතිවූ බැටළුවන් කෙරෙහි, එඬේරන්, දේවසේවා සහෝදර සහෝදරියන් ලෙස අපගේ වගකීම ගැලවුම්කරුවාණන්ගේ උපදෙස් මත උපමා කතාවකින් අපට හමුවෙනවා:

“ඔබලා අතරින් කොයි අයෙක් බැටළුවන් සියයක් සිටියදී එකෙක් නැති වුනොත්, ඉතිරි අනූ නවය තැනිතලාවේ දමා, නැතිවූ බැටළුවා හමුවන තුරු සොයා යන්නේද?

“තවද ඔහු ඌ හමුවූ පසු, ඔහුගේ උරහිස් මත තබා සතුටු වන්නේද.

“තවද ඔහු නිවසට ආ පසු, ඔහු ඔහුගේ අසල්වැසියන් සහ මිතුරන් එකතු කොට, ඔවුන්ට මෙසේ කියන්නේය, මා සමග සතුටු වෙන්න; මන්ද නැතිවූ මගේ බැටළුවා මම සොයාගත්තෙමි.”15

මෙම උපමාවෙන් අප ඉගෙනගත් දේ සාරාංශ කිරීමේදී, අපිට ඉතා වැදගත් අවවාදයක් හමුවෙනවා:

  1. අපි නැතිවූ බැටළුවා හඳුනා ගතයුතුයි.

  2. ඔවුන් හමුවෙන තෙක් අපි සෙවිය යුතුයි.

  3. ඔවුන්ව හමුවූ විට, ඔවූන් අපගේ උරහිස් මත තබාගෙන නිවසට රැගෙන ආ යුතුයි.

  4. ඔවුන්ගේ නැවත පැමිණීමේදී ඔවුන්ව මිතුරන් වටා තැබිය යුතුයි.

සහෝදර සහෝදරියනි, අපි නැතිවූ බැටළුවන්ට දේවසේවය කරන විට අපගේ අතිමහත් අභියෝග සහ ශ්‍රේෂ්ට ඇගයීම් ලැබෙන්නට පුළුවන්. මෝර්මන් පොතෙහි සභාවේ සාමාජිකයින් “ඔවුන්ගේ පිරිස බලාගත්තේය, සහ ධර්මිෂ්ට කමින් ඔවුන් පෝෂණය කළේය.”16 දේවසේවය යනු “ආත්මයාණන් විසින් මගපෙන්වනු ලබන, ... නම්‍යශීලි, සහ ... එක් එක් සාමාජිකයාගේ අවශ්‍යතා වලට ගැලපෙන” බව මතක තබාගෙන ඔවුන්ගේ උදාහරණය අනුගමනය කරන්නට අපට පුළුවන්. අපි “පුද්ගලයන්ට සහ පවුල් වලට ඔවුන්ගේ ඊළඟ වත්පිලිවෙතට, ගිවිසුම් තබා ගැනීමට… ,සහ ස්වයංපෝෂිත වීමට” උදවු කිරීම අවශ්‍ය වේ.17

සෑම ආත්මයක්ම අපගේ ස්වර්ගීය පියාණන්ට වටින සේක. දේවසේවය කිරීමට උන්වහන්සේගේ පෞද්ගලික ඇරයුම උන්වහන්සේගේ කාර්ය සහ මහිමය සඳහා උන්වහන්සේට බොහෝ සේ වටින සේක. එය සැබෑ ලෙසම සදාකාලිකත්වයේ කාර්යයි. උන්වහන්සේගේ සෑම දරුවෙකුටම උන්වහන්සේ ඉදිරියේ අසමසම හැකියාවන් ඇති අයයි. ඔබට සිතාගැනිමටවත් නොහැකි ප්‍රේමයකින් උන්වහන්සේ ඔබට ප්‍රේම කරන සේක. කැපවූ බැටළුවන් බලාගත් සුනකයා මෙන්, ඔබව සුළඟින්, වැහි කුණාටු වලින් සහ හිමෙන් සහ බොහෝ දේ වලින් ආරක්ෂා කිරීමට උන්වහන්සේ ඔබ සමග කඳුකරයේ රැඳී සිටින සේක.

සභාපති රසල් එම්. නෙල්සන් පසුගිය සම්මන්ත්‍රණයේ අපට මෙසේ ඉගැන්වීය: “ලෝකයට අපේ පණිවිඩය [මම තවත් එකතු කරන්නම්,“අපේ දේවසේවා රංචුවට”] සරලය සහ අවංකය: තිරයෙන් දෙපසම සිටින දෙවියන්වහන්සේගේ දරුවන් සියල්ලන්ටම අපි ආරාධනා කර සිටිනවා ගැලවුම්කරුවාණන් වෙත පැමිණ, ශුද්ධවූ දේවමාලිගාවේ ආශිර්වාද ලාබාගන්න, අසීමිත සතුටක් ලබාගන්න සහ සදාකාලික ජිවිතට සුදුසු වන්න.”18

මෙම දිවැසිවර දර්ශනයට අපි අපේ දැක්ම නංවාලමූ, තවද දේවමාලිගාව වෙතටත් එලෙසම ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතටත් ආත්මයන් ගෙනෙන්නට අපි එඬේරන් වෙමු. අප ප්‍රාතිහාර්ය කිරීම උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ නෑ. ආත්ම ගලවාගැනීමටඋන්වහන්සේට බලය ඇති බැවින්, උන්වහන්සේ අපෙන් අසන්නේ අපගේ සහෝදර සහෝදරියන් උන්වහන්සේ වෙත රැගෙන එම පමණයි. අප එසේ කරන විට, අපි මේ පොරොන්දුව ලබාගැනීමට සුදුස්සන් වෙමු: “ප්‍රධාන එඬේරා පැමිණි විට, නැතිවී නොයන මහිමාන්විත ඔටුන්නක් ඔබට ලැබෙනු ඇත.”19 මේ පිළිබඳව සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් සහ අපගේ මිදුම්කරුවානන් ලෙසත්-මා සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙනි, ආමෙන්.