2010–2019
දෙමාපියන් සහ දරුවන්
ඔක්තෝම්බර් 2018


දෙමාපියන් සහ දරුවන්

ඔබ කවුද සහ ඔබගේ ජීවිතයේ අරමුණ කුමක්ද කියා ස්වර්ගික පියාණන්‍වහන්සේගේ විශිෂ්ඨ ප්‍රීතියේ සැලස්ම ඔබට කියනවා.

මගේ ආදරණීය සහෝදරියනි, සභාවේ අවුරුදු අටෙන් ඉහල කාන්තාවන් සඳහා මෙම අලුත් ප්‍රධාන සම්මන්ත්‍රණ සැසිවාරයක් තිබීම සතුටක්. අපි සභාපති හෙන්රි බී. අයිරින්ගෙන් සහ කාන්තා නායකයින්ගෙන් සිතට තදින් දැනෙන පණිවිඩ වලට සවන් දුන්නා. සභාපති රසල් එම්. නෙල්සන්ගේ මඟපෙන්වීම යටතේ වැඩකිරීමට ලැබීම ගැන සභාපති අයරින්ට සහ මට සතුටක්, සහ අපි ඔහුගේ දිවැසිවර කතාවට ඇහුම්කන්දෙන්න ලාපොරොත්තුවෙන් සිටිනවා.

I.

දරුවන් දෙවියන්වහන්සේ ලබාදුන් අපේ ඉතා වටිනා තෑග්ගයි - අපගේ සදාකාලික වර්ධනයයි. නමුත්, අපි ජීවත්වෙන්නේ කාන්තාවන් දරුවන් බිහිකිරීමට සහ දරුවන් රැකබලා ගැනීමට කැමැත්තක් නොදක්වන කාලයකයි. බොහෝ තරුණ වැඩිහිටියන් විවාහය කල්දමනවා ලෞකික අවශ්‍යතාවන් සම්පූර්ණවනතුරු. සභාවේ සාමාජිකයන්ගේ විවාහයන්ගේ සාමාන්‍ය අවුරුදු දෙකකට වඩා වැඩි වෙලා, සහ සභාවේ සාමාජිකයන්ගේ දරු උපත් සංඛ්‍යාව වැටෙමින් පවතිනවා. ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව තවත් සමහර රටවල් විශ්‍රාම ලබන වැඩිහිටියන් ගණනට සහය වීමට වැඩිහිටියන් ලෙස පරිනත වන දරුවන් ගණන අඩුවීමේ අනාගතයකට මුහුණ පා තිබෙනවා.1 ඇමරිකා එක්සත් ජනපදයේ සියයට 40කට වඩා දරුවන් බිහිකරන්නේ විවාහ නොවූ මවුවරුන් විසින්. එම දරුවන් අනතුරු වලට භාජනය වෙන්න පුළුවන්. මේ සෑම නැඹුරුතාවක්ම ක්‍රියාකරන්නේ අපගේ පියාණන්වහන්සේගේ දිව්‍යමය ගැලවීමේ සැලැස්මට විරුද්ධවයි.

II.

පසු-දවස්වල සාන්තුවර කාන්තාවන් අම්මා කෙනෙකු වීම ඔවුන්ගේ ඉහලම ප්‍රමුඛතාව, සහ ඔවුන්ගේ පරම සතුට බව තේරුම්ගෙන තියෙනවා. සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි පවසනවා: “බොහෝ විට කාන්තාවන් ඔවුන්ගේ විශිෂ්ඨතම ඉටුවීම, සහ ඔවුන්ගේ විශාලතම සන්තෝෂය දකින්නේ නිවසින් සහ පවුලෙන්. මෘදු ශක්තියකින්, ශිෂ්ටත්වයෙන්, සාමයෙන්, යහපත්බවින්, සුචරිතබවින්, සත්‍යයෙන්, ආදරයෙන් ප්‍රකාශකළ හැකි දිව්‍යමය යමක් දෙවියන්වහන්සේ කාන්තාවන් තුල රෝපණය කළා. ඒ වගේම මෙම සියලුම විශිෂ්ට ගුණයන් සොයාගත හැක්කේ මාතෘත්වය නමැති සත්‍ය සහ වඩාත් තෘප්තිමත් ප්‍රකාශනය තුලින්.”

ඔහු තවදුරටත් කිව්වා: “ඕනෑම කාන්තාවක් කවදා හෝ කරන උතුම්ම රැකියාව වන්නේ ඇයගේ දරුවන් ධර්මිෂ්ඨකමේ සහ සත්‍යයෙන් පෝෂණය කිරීම, ඉගැන්වීම, ජීවත්කරවීම, දිරිමත් කිරීම සහ රැකබලාගැනීමයි. ඇය කුමක් කලත් එය සමඟ සැසදිය හැකි වෙනත් කිසිම දෙයක් නෑ.”2

අම්මාවරුනී, ආදරණීය සහෝදරියනී, ඔබ කවුරුන් වුනත් ඔබ අප සෑම දෙනෙක් වෙනුවන් කරන දේවල් වලට අපි ආදරෙයි.

සභාපති රසල් එම්. නෙල්සන් 2015 ඔහුගේ වැදගත්ම කතාවක් වූ “මගේ සහෝදරියන්ට ආයාචනයක්” යන මාතෘකාව යටතේ මෙසේ පැවසුවා:

“උතුම් ගිවිසුම් ඇතිකරගෙන ඒවා රකින කාන්තාවන්, දෙවියන්වහන්සේගේ බලයෙන් සහ අධිකාරියෙන් කතා කලහැකි කාන්තාවන් නොමැතිව දෙවියන්වහන්සේගේ රාජධානිය සම්පූර්ණ වන්නේ නැත!

“අද දින, ... ඔවුන්ගේ විශ්වාසයෙන් වැදගත් දේවල් සිදුකරන්නට හැකි සහ පවෙන් - පිරී තිබෙන ලෝකයක සදාචාරය සහ පවුල් ආරක්ෂා කළහැකි දිරිමත් කාන්තාවන් අපිට අවශ්‍යයි. උත්කර්ෂය කරා ගිවිසුම්ගත මාර්ගය ඔස්සේ දෙවියන්වහන්සේගේ දරුවන්ව රැකබලාගැනීමට කැපවූ කාන්තාවන්; පෞද්ගලික එළිදරවු ලබාගැනීමට දන්නා කාන්තාවන්, දේවමාලිගා වත්පිලිවෙත් වල බලය සහ සැනසීමේ තේරුම දන්නා කාන්තාවන්, දරුවන් සහ පවුල් ආරක්ෂා කිරීමට සහ ශක්තිමත් කිරීමට ස්වර්ගයේ බලය ඉල්ලා සිටින ආකාරය දන්නා කාන්තාවන්; නිර්භයව උගන්වන කාන්තාවන් අපිට අවශ්‍යයි.”3

මෙම දේවානුභාවයෙන් යුත් ඉගැන්වීම් සියල්ලක්ම පදනම් වෙලා තියෙන්නේ “පවුල: ලෝකයට ප්‍රකාශනයක්,” යන ලෝකය මැවීමට පෙර මැවුම්කරුවාණන්ගේ සැලැස්මට කේන්ද්‍රගතව තිබු දහම සහ පුරුදු, මෙම නැවත පිහිටවූ සභාව තුලින් යලි තහවුරු කරන මෙම ප්‍රකශනයේයි.

III.

දැන් මම කතාකරන්න යන්නේ මෙම ප්‍රේක්ෂකාගාරයේ සිටින තරුණම කණ්ඩායමටයි. මගේ ආදරණීය තරුණ සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ සුභාරංචිය පිළිබඳව ඔබට ඇති දැනුම නිසා, ඔබ සුවිශේෂී වෙනවා. ඔබේ දැනුම ඔබ වැඩෙන විට මුහුණ දෙන දුෂ්කරතාවයන් විඳ දරාගැනීමට ඔබට ශක්තිය දෙනවා. කුඩා කාලයේ සිට, ඔබේ ඉගෙනීම, තලෙන්ත, ලිවීම, කතා කිරීම, සැලසුම්කි රීම සහ වගකීම් සහිත හැසිරීමක් වර්ධනය කිරීමට සහ ඒ වගේම බොරු කීම, වංචා කිරීම, හොරකම් කිරීම, හෝ මධ්‍යසාර වැනි පරීක්ෂාවන් මඟහරවා ගැනීමට උගන්වන ව්‍යාපෘති සහ වැඩසටහන් වලට ඔබ සහභාගී වෙලා තියෙනවා.

උතුරු කැරොලිනාහි විශ්වවිද්‍යාලයක් විසින් ඇමෙරිකානු නව යෞවනයන් සහ ආගම ගැන කල අධ්‍යනයකදී ඔබේ සුවිශේෂත්වය ඇගයීමට ලක්කරලා තියෙනවා. චාලට් ඔබ්සවර් නැමැති සඟරාවේ ලිපියක තේමාව මෙලෙස සඳහන් වෙනවා, “මෝර්මන් යෞවනයන් සාර්ථකව හසුරවනවා: ඔවුන් නවයොවූන් විය හසුරවීමෙහිලා ඉහලින් සිටින බව අධ්‍යනයන් සොයා ගනී.” ලිපිය අවසන් කර තිබුනේ, “මොර්මොන්වරු අවධානම් හැසිරීම් මඟහරවා ගැනීම හොඳින් සිදුකර ඇත, පාසලේ කටයුතු හොඳින් සිදුකර සහ අනාගතය පිළිබඳව ධනාත්මක ආකල්ප ඇතුව සිටී” යනුවෙන්. අපගේ තරුණ තරුණියන් බොහොමක් සමඟ සම්මුඛ සාකච්චඡා පැවැත්වූ අධ්‍යනයේ සිටි එක පර්යේෂකයෙක්, පවසා සිටියේ, “අප සලකා බැලු සෑම අංශයකම පාහේ, පැහැදිලි රටාවක් තිබුණා: මොර්මන්වරුන් ප්‍රතමයන් වුනා.” යනුවෙන්.4

වැඩෙන විට මුහුණ දෙන දුෂ්කරතාවයන් වලට ඔබ හොදින් මුහුණ දෙන්නේ ඇයි? තරුණ කාන්තාවනි, ඒ ඔබ අපේ ස්වර්ගයේ පියාණන්වහන්සේගේ උසස් ප්‍රීතියේ සැලැස්ම ගැන දන්නා නිසා. ඔබ කවුද සහ ඔබේ ජීවිතයේ අරමුණ කුමක්ද කියාලා මෙය ඔබට පහදලා දෙනවා. එම තේරුම්ගැනීම තිබූ තරුණ තරුණයින් ප්‍රශ්න විසඳීම සහ හරිදේ තෝරාගැනීමෙන් ප්‍රථමයන් වුනා. ඔබ දන්නවා ඔබ වැඩෙන විට ඇතිවන දුෂ්කරතාවයන්ගෙන් ජයගැනීමට ස්වාමින්වහන්සේගේ උදවු ලබාගන්න පුළුවන් කියලා.

ඔබ බොහෝ කාර්යක්ශම වීමට තවත් හේතුවක් තමයි ඔබට ආදරය කරන ස්වර්ගයේ පියාණන්ගේ දරුවෙක් බව ඔබ තේරුම් අරගෙන සිටීම. මට විශ්වාසයි “ආදරණීය දරුවනි, දෙවියන්වහන්සේ ඔබ ලඟයි” යන අපේ විශිෂ්ඨ ගීතිකාව ඔබ හොඳින් දන්නවා කියලා. අපි සෑම කෙනෙක්ම ගායනා කර ඇති සහ විශ්වාස කරන එහි පළමුවන පදය මෙන්න:

ආදරණීය දරුවනි, දෙවියන්වහන්සේ ඔබ ලඟයි,

දිවා රෑ ඔබව රැකබලනා,

ඔබව අයිතිකර ගැනීමට සහ ආශිර්වාද කිරීමට බලා සිටී,

හරි දේ කිරීමට ඔබ උත්සහකරනවා නම්.5

එම පදයේ ඉගැන්වීම් දෙකක් තිබෙනවා: පළමුවැන්න, අපගේ ස්වර්ගයේ පියාණන්වහන්සේ අපි ලඟයි සහ දිවා රෑ දෙකෙහිම අපව රැකබලා ගන්නවා. මේ ගැන සිතන්න! දෙවියන්වහන්සේ අපිට ආදරෙයි, උන්වහන්සේ සිටින්නේ අපිට ලඟින්, සහ උන්වහන්සේ අපව රැකබලාගන්නවා. දෙවැන්න, “අපි හරි දේ කිරීමට උත්සහ කරන විට” උන්වහන්සේ අපිට ආශිර්වාද කිරීමට සතුටු වෙනවා. අපගේ සාංකාවන්ට සහ දුෂ්කරතාවයන් අතරට මෙය මොනතරම් සැනසීමක්ද!

ඔව්, තරුණ කාන්තාවනි, ඔබ භාග්‍යවන්තයි ඒ වගේම ආශ්චර්යජනකයි, නමුත් ඔබ සියල්ලන්ම දෙවියන්වහන්සේගේ දරුවන් වගේ “හරි දේ කිරීමට උත්සහ කරන්න ඕනා.”

මට ඔබට බොහෝ වෙනස් දේවල් ගැන උපදේශ දෙන්න පුළුවන්, නමුත් මම තෝරාගෙන තිබෙන්නේ දේවල් දෙකක් ගැන කතා කිරීමට පමණයි.

මගේ පලවන උපදේශය ජංගම දුරකථන පිළිබඳවයි. රටපුරා මෑතකදී සිදුකල පරීක්ෂණයකදී ඇමරිකා එක්සත් ජනපදයේ නව යෞවනයන් භාගයකට වඩා වැඩි පිරිසක් පවසා තිබුනේ ඔවුන් සිය ජංගම දුරකතනයට වැඩිපුර කාලයක් මිඩංගු කරන බවයි. සියයට 40කට වඩා වැඩි පිරිසක් කියා තිබුනේ ඔවුන්ගේ ජංගම දුරකතනයෙන් වෙන්වූ විට ඔවුන්ට සාංකාවක් දැනෙන බවයි.6 මෙය පිරිමි ළමුන්ට වඩා ගැහැණු ළමයින් අතර ගොඩක් සුලභයි. මගේ තරුණ සහෝදරියනි - සහ වැඩිහිටි කාන්තාවනී - ඔබ ජංගම දුරකථන භාවිතය සහ ඒ මත යැපීම සීමා කල විට එය ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් වේවි.

මගේ දෙවන උපදේශය ඊටත් වැඩියෙන් වැදගත්. අන් අයට කරුණාවන්ත වෙන්න. කරුණාවන්තවීම අපගේ බොහෝ තරුණ තරුණියන් දැනටමත් කරන දෙයක්. සමහර ප්‍රජාවල සිටින සමහර තරුණ කණ්ඩායම් අප සියලු දෙනාටම මාර්ගය පෙන්වා දී තිබෙනවා. ආදරය සහ උදවු අවශ්‍යතාවන්ගෙන් යුත් අය වෙත අපගේ තරුණ තරුණියන්ගේ කරුණාවන්ත ක්‍රියාවන් තුලින් අප දේවානුබල ලබලා තියෙනවා. බොහෝ ආකාරවලින් ඔබ එකිනෙකාට එම උදවු ලබා දෙනවා සහ ආදරය පෙන්වනවා. අපි ප්‍රාර්ථනා කරනවා සියලුදෙනාම ඔබගේ ආදර්ශය අනුගමනය කරයි කියලා.

ඒ සමඟම, අපි දන්නවා කරුණාවන්ත නොවීමට, විරුද්ධකාරයා අප සියලු දෙනාවම පොළඹවන බව, සහ තවමත් එවැනි උදාහරණ බොහොමයක් තියෙනවා, ළමයි සහ තරුණ තරුණයන් අතර පවා. නොනවත්වාම පවතින අකරුණාවන්තකම, හිරිහැර කිරීම යමෙකු මත කඩා පැනීම, හෝ එකට එක්වී අන් අය ප්‍රතික්ෂේප කිරීම වැනි බොහෝ නම්වලින් මෙය හදුන්වනවා. මෙවැනි උදාහරණ හිතාමතාම පන්තියේ ළමයින් හෝ යහළුවන්ට හානි පමුණුවනවා. මගේ තරුණ සහෝදරියනි, අපි අන් අයට කුරිරු හෝ නපුරු වෙනවානම් එය ස්වාමින්වහන්සේට ප්‍රිය වන්නේ නෑ.

මෙන්න උදාහරණයක්. මම දන්නවා යූටා වල ඉන්න සරණාගත තරුණයෙක් පිළිබඳව, යම් අවස්ථා වලදී ඔහුගේ දේශීය භාශාවෙන් කතා කල නිසා විහිලුවට ලක්කරලා එහෙම නැතිනම් වරප්‍රසාද භුක්ති විඳින තරුණයන් පිරිසක් විසින් ඔහුව තරහ උපදවලා, එම තරුණයා එකට එක කිරීමකින් පසුව දවස් 70 කට සිරගත කර ඔහුව පිටුවහල් කිරීමටද සලකා බලමින් පවතිනවා. මම දන්නේ නෑ මෙම තරුණයන් කණ්ඩායම මේ තරම් පෙළඹවුයේ මොකක්ද කියලා, ඔවුන් බොහෝ දෙනෙක් ඔබ වැනි පසු-දවස්වල ශුද්ධවන්තයන්, නමුත් මට පෙනෙනවා ඔවුන්ගේ අකරුණාවන්ත බවේ ප්‍රතිඵලය, දෙවියන්වහන්සේගේ එක දරුවෙකුට එක ඛේදජනක අත්දැකීමක් සහ වියදමක්. අකරුණාවන්තකමේ පුංචි ක්‍රියාවන් වලට අතිශය ප්‍රබල ප්‍රතිවිපාක තියෙන්න පුළුවන්.

මට එම කතාව ඇසුණු පසු, මම එය සංසන්දනය කළා, මෑතක අපගේ දිවැසිවර, සභාපති නෙල්සන්ගේ, ලොවපුරා තරුණ ආගමික හමුවකදී ඔහු පැවසු දේවල් සමඟ. ඊශ්‍රායෙලය එකතු කිරීමට ඔබෙන් සහ සියලුම තරුණ තරුණියන්ගේ සහය ඉල්ලමින්, ඔහු පැවසුවා: “කැපී පෙනෙන්න; ලෝකයාගෙන් වෙනස් වන්න. ඔබ සහ මම දන්නවා ඔබ ලෝකයට ආලෝකයක් වියයුතු බව, ස්වාමින්වහන්සේට අවශ්‍යයි ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය අනුගාමිකයෙකු ලෙස දකිනවට, ඇසෙනවට, ක්‍රියාකරනවට, සහ අඳිනවට.”7

තරුණ බලකාය, සභාපති නෙල්සන් ඔබට එක්වෙන්න ආරාධනා කලේ එකිනෙකාට නපුරුකම් කිරීමට නොවේ. අන් අයට ආදරයෙන් ලඟාවී ඔවුන් ගැන සිතන්න, කෙනෙක් ඔබට වරදක් කර ඇත්නම් අනිත් කම්මුලත් හරවන්න යන ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් අනුගමනය කිරන්න.

ඔබ බොහෝ දෙනෙක් ඉපදුන කාලයේ පැවති, ප්‍රධාන සම්මන්ත්‍රණ කතාවකදී, සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි ඔබව ආමත්‍රණය කළා “සුභාරංචියට අනුව ජීවත්වීමට උත්සහ කරන ලස්සන තරුණ කාන්තාවන්.” ලෙස. ඔහු ඔවුන්ව විස්තර කලේ අද මට ඔබව විස්තර කිරීමට සිතෙන ආකාරයටමයි:

“ඔවුන් එකිනෙකාට ත්‍යාගශීලීයි. ඔවුන් එකිනෙකාව ශක්තිමත් කිරීමට සොයනවා. ඔවුන් ඔවුන්ගේ දෙමාපියන්ට සහ ඔවුන්ගේ නිවෙස් වලට සම්මානයක්. ඔවුන් ස්ත්‍රීත්වයට පැමිණෙමින් සිටී, ඒ වගේම වර්තමානයේදී ඔවුන්ව උනන්දු කරවන පරමාදර්ශ ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම රැගෙන යාවී.8

ස්වාමින්වහන්සේගේ සේවකයෙකු වශයෙන්, තරුණ කාන්තාවනි මම ඔබට කියනවා, අපේ ලෝකයට ඔබේ ආදරය සහ හොඳකම අවශ්‍යයි. එකිනෙකාට කරුණාවන්ත වෙන්න. යේසුස්වහන්සේ අපට ඉගැන්වුවා එකිනෙකාට ආදරය කිරීමට සහ අපිට සලකනවට කැමති ආකාරයටම අන් අයටත් සලකන ලෙස. අපි කරුණාවන්ත වීමට උත්සහ දරන විට, අපි උන්වහන්සේට සහ උන්වහන්සේගේ ආදරණීය ආනුභාවයට ලඟා වෙන්නෙමු.

මගේ ආදරණීය සහෝදරියනි, ඔබ ඕනෑම අකරුනාවන්ත හෝ නොහොබිනා දෙයකට සහභාගීවුවොත් - තනි පුද්ගලයෙකු ලෙස හෝ කණ්ඩායමක් ලෙස - වෙනස්වීමට දැන්ම අධිෂ්ඨානය කරගන්න ඒ වගේම අනිත් අයටද වෙනස්වීමට ධෛර්ය දෙන්න. එය මගේ උපදේශයයි, සහ එය මම ඔබට දෙන්නේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෙකු ලෙසයි, ඒ උන්වහන්සේගේ ආත්මයාණන් මෙම වැදගත් කාරණාව පිළිබඳව ඔබට කතාකිරීමට මට උපදෙස් දුන් නිසා. මම සාක්ශි දරනවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේ අපට ප්‍රේම කල ලෙස අපිද අන් අයට සේවය කල යුතු බව ඉගැන්වූ අපගේ ගැලවුම්කරුවාණන්. අපි එසේ කරාවි යැයි මම යාච්ඤා කර සිටිනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. See Sara Berg, “Nation’s Latest Challenge: Too Few Children,” AMA Wire, June 18, 2018, wire.ama-assn.org.

  2. Teachings of Gordon B. Hinckley (1997), 387, 390; see also M. Russell Ballard, “Mothers and Daughters,” Liahona, May 2010, 18 (in Daughters in My Kingdom: The History and Work of Relief Society [2011], 156).

  3. Russell M. Nelson, “A Plea to My Sisters,” Liahona, Nov. 2015, 96; see also Russell M. Nelson, “Children of the Covenant,” Ensign, May 1995, 33.

  4. The study was published by the Oxford University Press as Christian Smith and Melinda Lundquist Denton, Soul Searching: The Religious and Spiritual Lives of American Teenagers (2005).

  5. “Dearest Children, God Is Near You,” Hymns, no. 96.

  6. See “In Our Opinion: You Don’t Need to Be Captured by Screen Time,” Deseret News, Aug. 31, 2018, deseretnews.com.

  7. Russell M. Nelson, “Hope of Israel” (worldwide youth devotional, June 3, 2018), 8, HopeofIsrael.lds.org.

  8. Gordon B. Hinckley, “The Need for Greater Kindness,” Liahona, May 2006, 60–61.