2010–2019
නුඹගේ හිස ඔසවා ප්‍රීති වන්න‍
ඔක්තෝම්බර් 2018


නුඹගේ හිස ඔසවා ප්‍රීති වන්න‍

ස්වාමින්වහන්සේගේ මාර්ගය තුල අප මුහුණ දෙන අමාරු කාර්‍යයන් වලදී, අපි අපගේ හිස ඔසවා ප්‍රීති වෙමු.

1981 දී, මගේ පියා, සමීප මිතුරන් දෙදෙනෙකු හා මා සමග ඇලෙස්කාවට දුෂ්කර ගමනක් ගියහ. හුදකලා ජලාශයකට ගොඩබැස අලංකාර උස් ප්‍රදේශයක් කරා නැගීමට අපි සිටියෙමු. පෞද්ගලිකව අප ඔසවා යා යුතු දේ අඩු කිරීම සඳහා, අපට උවමනා දේ පෙට්ටිවල දමා, ඒවා ෆෝම්වලින් වසා, විශාල වර්ණ ගැන්වූ පටි සවි කර, අපි ඒවා අරමුණුකරගත් ගමනාන්තය කරා අපේ ගුවන් යානයේ ජනේලයෙන් පිටතට වීසි කළෙමු.

පැමිණි පසු, අප කෙතරම් සෙවුවත්, ඒම එක පෙට්ටියක්වත් සොයාගත නොහැකි වූ නිසා අපි බියට පත් වුණෙමු. අවසානයේදී, අපි එකක් සොයාගත්තෙමු. එහි තිබුණා කුඩා ගෑස් ලිපක්, ඉටිරෙද්දක්, සීනිබෝල කිහිපයක්, හා හැම්බ්‍රර්ගර් හෙල්ප් පැකට් කිහිපයක්—නමුත් හැම්බ්‍රර්ගර් නොතිබුණි. පිටස්තර ලෝකය හා සංනිවේදනය කිරීමට අපට ක්‍රමයක් නොතිබුණු අතර අපව රැගෙන යාමට නියමිත දිනයට තව සතියක් විය.

මේ අත්දැකිමෙන් මම වැදගත් පාඩම් දෙකක් ඉගෙනගත්තෙමි: පළමුව, ඔබේ ආහාරය ජනේලයෙන් පිටතට වීසි නොකරන්න. දෙවනුව, සමහරවිට අපට අසීරු තත්වවලට මුහුණ දීමට සිදුවෙනවා.

නිරන්තරයෙන්ම, අසීරු තත්වවලදි අපේ පළමු ප්‍රතිචාරය නම්, “ඇයි මාව‍?” නමුත්, හේතු ඇසීම, කිසි දිනෙක අසීරු තත්ත්වය ඉවත් නොකරයි. ස්වාමීන්වහන්සේ අභියෝග ජය ගැනීමට අපට ආයාචනා කරන සේක. “මේ සියළු දෙයින් (අපට) අත්දැකීම් දෙන බවත්, සහ (අපගේ) යහපත සඳහා වන බවත්” උන්වහන්සේ අඟවා ඇත. 1

සමහරවෙලාවට අසීරු කාර්‍යයන් කරන ලෙස ස්වාමීන්වහන්සේ අපගෙන් ඉල්ලනව, සහ සමහරවෙලාවට අපේ අභියෝග අපේම හෝ අන් අයගේ නිදහස් කැමැත්ත මඟින් නිර්මාණය වේ. නෙපි මේ අවස්ථා දෙකම අත්දුටුවේය. ලාබන්ගෙන් තහඩු ගෙන ඒමට නැවත යන ලෙසට ලෙහි ඔහුගේ පුතුන්ට ආරා‍ධනා කල විට, ඔහු කීවේය, “තවද දැන් බලන්න, නුඹේ සහෝදරයන් මෙසේ කොඳුරති. ඔවුන්ගෙන් ඉල්ලා සිටින ඒ දෙය ඉතා පහසු දෙයකි; නමුත් බලන්න එය මා ඔවුන්ගෙන් ඉල්ලා නැත; නමුත් එය ස්වාමීන් වහන්සේගේ ආඥාවකි.”2වෙනත් අවස්ථාවකදී, නෙපිගේ සහෝදරයෝ ඔවුහුගේ නිදහස් කැමැත්ත භාවිතයෙන් ඔහුගේ කැමැත්ත සීමා කළහ; “ඔවුන් මා අල්ලා ගතිමින්, තවද බලන්න ඔවුහු බෙහෙවින් උදහස්ව, තවද ඔවුහු මාව ලණුවලින් බැඳ, මාගේ ජිවිතය නැති කිරීමට සෙවුහ.”3

ලිබර්ටි සිරගෙදරෙහි දි ජෝසප් ස්මිත් අසීරු තත්ත්වයකට මුහුණ පෑවේය. සහනය නොපෙනි සිටි විට හා බලාපොරොත්තු සුන්ව ඔහු හඬ නැඟුවේය, “අහෝ දෙවියනි, ඔබ වහන්සේ කොතැනද?”4සැකයක් නොමැතිව අප සමහරුන්ටත් ජොසප් මෙන් දැනී ඇත.

සියලු දෙනාම අසීරු තත්ත්වලට මුහුණ දෙති: ආදරනීයන්ගේ මිය යාමක්, දික්කසාද, අකීකරු දරුවෙක්, රෝගාබාධ, ඇදහිල්ලේ පරික්ෂා, රක්ෂාවක් අහිමි වීම, හෝ වෙනත් ඕනෑම අපහසුතාවයක්.

දොළොස් දෙනාගේ ඝණ පුර්ණයේ වැඩිහිටි නීල් මැක්ස්වෙල්, ලියුකේමියා සමඟ ඔහුගේ සටන මැද්දේ කියූ මේ වදන ඇසීමෙන් මා සදාතනිකව වෙනස් විය. ඔහු කීවේය, “මා කල්පනා කර මෙනෙහි කිරීමක් කරන විට මේ උපදේශ හා සැනසීම දෙන වචන 13 මගේ සිතට හැගුණි: (‘මා ඔබට ලියුකේමියාව දී ඇත්තේ ඔබ මාගේ ජනයාට අව්‍යජත්වයෙන් උගන්වන පිණිසයි.) ‘ මා ඔබට ලියුකේමියාව දී ඇත්තේ ඔබ මාගේ ජනයාට අව්‍යජත්වයෙන් උගන්වන පිණිසයි.” ඔහු තවදුරටත් පවසනව මේ අත්දැකීම ඔහුට කුමක් සමග ආශීර්වාදයක් වුනාද කියල “ එය සදාතනිකයේ සැබෑවම ඉදිරිදර්ශනයකි..... එවන් සදාතනික දර්ශනයකට පුළුවන් වෙනවා අපට උදව් කරන්න ඊළඟ යාර 100 යාමට, එය කොතරම් අපහසු වුවත්”5

සදාතනිකයේ එවැනි දර්ශනයක් සහිතව අපගේ අසීරු කාල තුලින් ගමන් කිරීමට හා අපට උදව් ලබාගැනීමටත් ඒවා ජයගැනීම සදහාත්, මා කාරණා දෙකක් යෝජනා කරන්නම්. පළමුව, අප අසීරු තත්ත්වවලට මුහුණ දිය යුතුයි, අනුන්ට සමාව දීමෙන්, සහ දෙවනුව, ස්වර්ගයේ වැඩ සිටින දෙවිපියාණන් වහන්සේට අපගේ ජීවිත කැපකිරීමෙන්.

“[අපගේ] ජීවිත දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව කිරිමත්”6අපට අසීරු තත්වයන් ඇති කළ අයට සමාව දීමත් සන්සන්දනය කිරිම ඉතා අමාරු විය හැක. අපේ අසීරු තත්වය පවුල් සමාජිකයකු, සමිප මිතුරකු, හෝ අප විසින්ම ඇති වුවක් නම් එය වඩා වේදනාකාරී විය හැක.

තරුණ බිෂොප්වරයෙක් ලෙස, මා සමාව දීම ඉගෙනගත්තේ මගේ ස්ටේක සභාපති, බෲස් එම්.කුක්, මේ කතාව බෙදාගත් විටය. ඔහු පැහැදිලි කළේය:

“1970 ගණන්වල අග භාගයේ දී, මම සහ තවත් හවුල්කරුවන් කිහිපදෙනෙක් සමග ව්‍යාපාරයක් ඇරඹුහ. අප නීති විරෝධී කිසිවක් නොකළ ද තරඟකාරී, ආර්ථික කාල වකවානුවක් තුල වැරදි තීරණ කිහිපයක්, අපේ අසාර්ථකත්වයට හේතු විය.

“සමහර ආයෝජකවරු ඔවුන්ගේ පාඩු ලබා ගැනීමට නඩුවක් ගොනු කළහ. ඔවුන්ගේ නිතීඥවරයා අප පවුලේ බිෂොප් කමිටුවේ උපදේශකයෙකු විය. මාව වීනාශ කිරිමට සොයන මිනිසෙකු ස්තිර කිරිම වඩා අසීරු විය. මම තරමක සැබෑ වෛරයක් ඔහු වෙත ඇති කර ගත් අතර ඔහු මාගේ සතුරෙකු ලෙස සැලකුවෙමි. වසර පහක නීතිමය සටන්වලින් පසු, අපට අයති සියල්ල අහිමි විය, අපේ නිවස පවා”

“2002 දී, මා උපදේශකයෙකු ලෙස සේවය කළ ස්ටේක සභාපතිත්වය නැවත සංවිධානය කරන බව මගේ බිරිඳ හා මම දැනගත්තෙමු. මුදාහරින්නට පෙර කෙටි නිවාඩුවක අප සංචාරය කරන විට, මා නව ස්ටේක සභාපති ලෙස පත් වීම් ලැබුවහොත් මගේ උපදේශකයන් ලෙස මා තෝරා ගත්තේ කවුද යන්න ඇය මගෙන් විමසුවාය. මට ඒ ගැන කතා කිරීමට වුවමනා නොවුවද ඇය පසුබට වුයේ නැත. අවසානයේදී, එක නමක් මගේ මතකයට හැඟුණි. එවිට වසර 20ට පෙර ප්‍රශ්න සියල්ලට හේතු වූ බව අප සැලකූ නිතීඥවරයාගේ නම ඇය සඳහන් කළාය. ඇය කතා කරන විට, ඔහු අනෙක් උපදේශකයෙකු විය යුතු බව ආත්මයාණන් වහන්සේ තහවුරු කළ සේක. මට එම පුද්ගලයාට සමාව දිය හැකි ද?”

“වැඩිහිටි ඩේවිඩ් ඉ.සොරෙන්සෙන් ස්ටේක සභාපති ලෙස සේවය කිරීමට කැඳවීම මට දෙන විට, උපදේශකයන් තෝරා ගැනීමට ඔහු මට පැයක් ලබා දුන්නේය. කඳුළු මැදින්, ස්වාමීන් වහන්සේ එම එළිදරව්ව ලබා දී අවසන් බවට මම ඇඟවුවෙමි. මගේ සතුරා යැයි මා සැලකූ පුද්ගලයාගේ නම පවසන විට” මා තුළ පැවති කෝපය , වෛරය හා ක්‍රෝධය අතුරුදහන් විය. ඒ මොහොතේ දී, ක්‍රිස්තුස් වහන්සේගේ වන්දිගෙවිම තුලින් එන සමාව දීමෙන් ලැබෙන සාමය ගැන මම උගත්තෙමි.”

වෙනත් වචනවලින් කිවහොත්, මගේ ස්ටේක සභාපති ඉපැරණි නෙපි මෙන්, ඔහුට “අවංකව සමාව” දුන්නේය. 7මා සභාපති කුක් හා ඔහුගේ උපදේශකවරයා ගැන දන්නේ එකිනෙකාට ප්‍රේම කරන ධර්මිෂ්ඨ පුජකවර නායකයන් දෙදෙනෙකු ලෙසටයි. ඔවුන් මෙන් වන්නට මම අධිෂ්ඨාන කළෙමි.

වසර ගාණනකට පෙර, ඇලස්කා අද්දැකිමේදි, මම ක්ෂනිකව ඉගෙනගත්තා අපගේ යම් තත්වයන්වලදි අන් අයට දොස් පැවරිම—අඳුරු වන විට ආහාර විසි කළ ගුවන් නියමුවාට—විසඳුමක් නොවන බව. එනමුදු, අප කායික විඩාව, ආහාර හිඟය, රෝග හා අපව වැසිමට ඉටිරෙද්දක් පමණක් තිබිය දී බලවත් කුණාටුවක් මැද බිම නිදා ගැනීමට අත්විඳි විටදී, “දෙවියන් වහන්සේ සමඟ කළ නොහැකි කිසිවක් නොමැති” බව මම උගත්තෙමි.8

තරුණ තරුණියනි, දෙවියන් වහන්සේට ඔබගෙන් අසීරු කර්යයන් අවශ්‍ය වන සේක. එක්තරා 14 හැවිරිදි තරුණියක් තරඟකාරී පැසිපන්දු ක්‍රීඩාවට සහභාගී වුවාය. ඇගේ වැඩිමහල් සොහොයුරිය මෙන් උසස් පාසල් පැසිපන්දු ක්‍රීඩා කිරීම ගැන ඇය සිහින මැවුවාය. නමුත් ඇයගේ දෙමාපියන් ගෝතමාලාවේ දූත මෙහෙයුමක මුලසුන දැරීමට කැඳවා ඇති බව ඇය දැන ගත්තාය.

එහි පැමිණි පසු, ඇයගේ පන්ති කිහිපයක්, ඇයට එවිට කතා කළ නොහැකි වූ භාෂාවක් වන, ස්පාඤ්ඤ භාෂාවෙන් පැවැත්වෙන බව ඇය සොයාත්තාය. ඇයගේ පාසලේ ස්ත්‍රී ක්‍රීඩා කණ්ඩායම් එකක්වත් නොතිබුණි. ඇය දැඩි ආරක්ෂාවක් ඇති ගොඩනැගිල්ලක 14 වන මහලේ ජීවත් විය. ඒ සියල්ලටම හරියන්න, ආරක්ෂක හේතුන් මත ඇයට තනිව එළියට යාමට ද නොහැකි විය.

මාස ගණනාවක් ඇය අඬමින් නිදා ගන්න ආකාරයට ඇයගේ දෙමාපියෝ සවන් දුන්හ. මෙය ඔවුන්ගේ හඳවත් බින්දාය! අවසානයේ උසස් පාසල සඳහා ඇයව ඇගේ මිත්තණියගේ නිවසට යවන්න ඔවුහු තීරණය කළහ.

මගේ බිරිඳ අපේ තීරණය ගැන පවසන්න අපේ දියණියගේ කාමරයට ඇතුළු වූ විට, අපේ දියණිය ඇඳ මත මෝර්මොන්ගේ ග්‍රන්ථය පෙරළාගෙන දණ ගසා යාඥා කරන ආකාරය ඇය දුටුවාය. ආත්මයාණන් මගේ බිරිඳට කෙදුරුවාය, “ඇයට කරදරයක් සිදු නොවෙයි,” කියා මගේ බිරිඳ නිශ්ශබ්දව කාමරයෙන් පිට වූවාය.

ඇය අඬමින් නිදා ගන්නා ආකාරය අපට නැවත කිසි දිනෙක නොඇසුණි. අධිෂ්ඨානයෙන් හා ස්වාමීන්ගේ උදව්වෙන්, ඇය එම වසර තුනට නිර්භීතව මුහුණ දුන්නාය.

අපේ දුත මෙහෙයුම අවසානයේ දී, ඇය පූර්ණ කාලීන දුත මෙහෙයුමක සේවය කරනවා ද කියා මම මගේ දියණියගෙන් ඇසුවෙමි. “නෑ, තාත්තේ, මම සේවය කර අවසන්,” ඇයගේ පිළිතුර විය.

මට එය ගැටළුවක් නොවීය! නමුත් මාස හයකට පමණ පසුව, මේ සිතුවිල්ල සමඟ ආත්මයාණන් වහන්සේ මාව රත්‍රීයේ අවදි කළ සේක: “දුත මෙහෙයුමක සේවය කිරීමට මා ඔබේ දියණියව කැඳවා ඇත.”

“දෙවිපියාණන් වහන්ස, ඇය හුඟක් කැපකිරිම් කර ඇත” යන්න මගේ ප්‍රතිචාරය විය. ආත්මයාණන් මාව වහාම නිවැරදි කළ අතර ස්වාමීන් වහන්සේට ඇයගේ ධර්ම දූත සේවය අවශ්‍ය වන බව මට වැටහුණි.

වැඩිකල් යාමට පෙර මගේ දියණිය සමඟ මම දිවා ආහාර ගැනිමට ගියෙමි. මේසයේ විරුද්ධ දෙසින් සිට. “ගැන්සී, ඔයා දන්නවාද අපි මෙතනට ආපු හේතුව?” කියා මම කීවෙමි.

ඇය කීවාය, “ඔව්, තාත්තේ. ඔයා දන්නවා මම දූත මෙහෙයුමක යෙදෙන්න ඕන බව. මම යන්න අකමැතියි, ඒත් මං යනවා.”

ඇය ඇයගේ කැමැත්ත දෙවිපියාණන් වහන්සේට දුන් නිසා, ඇය උන්වහන්සේට ඇයගේ මුළු හඳවතින්ම, බලයෙන්ම, සිතින්ම හා ශක්තියෙන්ම සේවය කළාය. අසීරු දේ කරන ආකාරය ඇය ඇයගේ පියාට ඉගැන්වුවාය.

යෞවනයන් සඳහා සභාපති රසල් එම්.නෙල්සන්ගේ ලෝක ව්‍යාප්ත කැප කිරිමේදී, ඔහු යෞවනයන්ගෙන් අසීරු කාර්යයන් කිහිපයක් ඉල්ලුවේය. සභාපති නෙල්සන් කීවේය: “මගේ පස්වන ආරාධනය ඔබට කැපී පෙනීමටයි; ලෝකයාගෙන් වෙනස් වන්න.... ස්වාමින්වහන්සේට අවශ්‍යයි ඔබගේ පෙනුම, කතාවිලාශය, හැසිරීම, හා පැළඳීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය අනුගාමිකයන් මෙන් වනවාට.”9එය අසීරු කාර්යයක් විය හැක. නමුත් ඔබට එය -සතුටින්- කළ හැකි බව මම දනිමි.

“මනුෂ්‍යයන් වන්නේ, ඔවුන්ට ප්‍රීතිය ලැබීමටයි”10යන්න මතක තබා ගන්න. ලෙහි මුහුණ දුන් සියල්ලත් සමඟ‍, ඔහු ප්‍රීතිය සොයා ගත්තේය. ඇල්මා ඇමොනිහා හි ජනතාව හේතුවෙන් “දුකෙන් මුසපත් වූ” 11විට මතකද? දේව දූතයා ඔහුට කීහ, “ඇල්මා නුඹ ආශිර්වාද ලද්දෙක්ය; එසේ හෙයින් නුඹගේ හිස ඔසවා තවද ප්‍රීතිවන්න.... මක්නිසාද ඔබ දෙවියන්වහන්සේගේ ආඥාවන් පැවැත්වීමේ දී... ඇදහිලිමත්වි ඇත්තෙහිය.”12ඇල්මා මහඟු සත්‍යයක් උගත්තේය: අණපනත් තබන විට අපට සෑමදා ප්‍රීතිමත් විය හැක. කපිතාන් මොරෝනිගේ කාලයේ මුහුණ දුන් යුද්ධ හා අභියෝග මධ්‍යයේ “නෙපිගේ ජනයාට මිට වඩා ප්‍රීතිමත් කාලයක් නොතිබුණු”13බව මතක තබා ගන්න. අප අසීරු කාර්යයන්ට මුදුණ දෙන විට ප්‍රීතිය සොයා ගත හැකි අතර සොයා ගත යුතුයි.

ගැලවුම්කරුවාණන් වහන්සේ ද අසීරු කාර්යයන්ට මුහුණ දුන් සේක: “ලෝකයා.... උන්වහන්සේ ශුන්‍ය දෙයක් යයි විනිශ්චය කරති, එම නිසා ඔවුහු උන්වහන්සේට කස පහර දෙති, තවද උන්වහන්සේ එය උසුලන සේක: තවද ඔවුහු උන්වහන්සේට පහර දෙති, තවද උන්වහන්සේ එය උසුලන සේක. එසේය, ඔවුහු උන්වහන්සේ මත කෙල ගසති, තවද උන්වහන්සේ එය උසුලන සේක. තවද මනුෂ්‍ය දරුවන් වෙත දක්වන ප්‍රේමය සහ කරුණාව නිසා උන්වහන්සේ ඉවසා දරා සිටින සේක.”14

එම ප්‍රේමබර කරුණාව හේතුවෙන්, ජේසුන් ක්‍රිස්තුස් වහන්සේ වන්දි ගෙවීම විඳ දැරූ සේක. එහි ප්‍රතිඵලයක් ලෙස, උන්වහන්සේ අප එකිනෙකාට කියන සේක, “ලෝකයෙහි ඔබට දුක් ගැහැට තිබේ. එහෙත් ධෛර්යවත් වන්න, මම ලෝකය අභිබවා ජයගතිමි.”15ක්‍රිස්තුස් වහන්සේ හේතුවෙන්, අපට ද ලෝකයා ජය ගත හැක.

අප ස්වාමීන්ගේ මාර්ගයේ අසීරු තත්ත්වයන්ට මුහුණ දෙන විට, අපි හිස ඔසවා ප්‍රීති වෙමු. මේ ශුද්ධ වූ අවස්ථාවේදී ලෝකයට සාක්ෂි දරමි, මම ප්‍රකාශ කරනව අපේ ගැලවුම්කරුවාණන් වහන්සේ ජීවමාන බවත් ඔහුගේ සභාව මෙහෙය වන බවත්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්, ආමෙන්.