2010–2019
උත්සහ කරන්න, උත්සහ කරන්න, උත්සහ කරන්න
ඔක්තෝම්බර් 2018


උත්සහ කරන්න, උත්සහ කරන්න, උත්සහ කරන්න

ගැලවුම්කාරයානන්වහන්සේ උන්වහන්සේගේ නාමය අපේ හදවත් තුලට ඇතුල් කරනවා. එනිසා ඔබ වෙත සහ අන් අය වෙත ඇති ක්‍රිස්තුස්වහන්සේගේ පිරිසිඳු ආදරය ඔබට දැනෙනවා .

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබට කතා කිරීමට ඇති මේ අවස්ථාව ගැන මම ස්තුතිවන්ත වෙනවා.මෙම සම්මන්ත්‍රණය මා නගාසිටුවන සහ මට ඉගෙනගත හැකි එකක් වුනා. මෙහි ගායනා කල ගීතිකා සහ කතාකල වචන ශුද්ධාත්මයානන්වහන්සේ විසින් අපේ හදවත් තුලට ගෙනආවා. මම යාච්ඤා කරනවා මම කියනා දේවල් එම ආත්මයානන්වහන්සේම ඔබ වෙත ගෙනයාවී කියා.

අවුරුදු කිහිපයකට පෙර, මා නැගෙනහිර ඇමරිකා එක්සත් ජනපදයේ දිස්ත්‍රික්ක සභාපතිවරයෙකුගේ පළමු උපදේශකවරයෙක් ලෙස කටයුතු කළා. අපගේ කුඩා ශාඛා වලට රිය පදවාගෙන යන අතරතුර, බොහෝ වරක්, ඔහු මට පැවසුවා, “හැල් අපිට කවුරුහරි මුණගැසුන විට, ඔවුන් ගැඹුරු කරදරයක සිටිනවා කියලා හිතලා අපි ඔවුන්ට සලකන වීට, එයින් භාගයකට පමණ අපි නිවැරදි වෙනවා.” ඔහු නිවැරදි පමණක් නොවේ, නමුත් මම වසර ගණනාවක් පුරා ඉගෙන ගත්තා ඔහුගේ තක්සේරුව ඉතා අවම බව. අද මම ඔබ මුහුණ දෙන කරදර වලින් ඔබව දිරිමත් කිරීමට කැමතියි.

අපේ මනුෂ්‍ය ජීවිතය නිර්මාණය කරලා තියෙන්නේ ආදරණීය දෙවිකෙනෙක් විසින්, අප සෑම කෙනෙකුටම පරීක්ෂණයක් සහ වර්ධනය වීමේ මුලාශ්‍රයක් ලෙස. ඔබට මතක ඇති ලෝකය මැවීමේදී උන්වහන්සේගේ දරුවන් පිළිබඳව දෙවියන්වහන්සේ කියූ වචන: “ඔවුන්ගේ ස්වාමින්වන දෙවියන්වහන්සේ අනකරන්නාවූ කුමක්වුවද සෑම දෙයක්ම ඔවුන් කරන්නේ දැයි බලනු පිණිස, මෙයින් අපි ඔවුන්ට ඔප්පු කරන්නෙමු.” 1

ආරම්භයේ පටන්ම, පරීක්ෂාවන් ලේසි වුනේ නෑ. මනුෂ්‍ය ශරීර ලැබීම නිසා පැමිණෙන පරීක්ෂාවන්ට අපි මුහුන දෙනවා. අප සෑම කෙනෙකුම ජීවත්වෙන්නේ සත්‍ය සහ අපගේ පෞද්ගලික සතුටට විරුද්ධව සාතන්ගේ සටන තිවුර වන ලෝකයකයි. ලෝකය සහ ඔබගේ පෞද්ගලික සහ පවුල් ජීවිතය ඔබට පෙනෙනවා ඇත්තේ වැඩිවන වන කෝලහාලයක් විදිහට වෙන්න පුළුවන්.

මේ පිලිබඳව මාගේ සහතිකය වෙන්නේ: ඔබ වෙත මෙම පරීක්ෂාවන් වලට ඉඩහැර ඇති ආදරණීය දෙවියන් ඒවා පසුකර යාමට නිසැක මාර්ගයක්ද නිර්මාණය කර ඇති බවයි. ස්වර්ගයේ පියාණන්වහන්සේ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයන් අපට උදවු කිරීමට එවන තරම් ලෝකයට ප්‍රේමකලා. 2 උන්වහන්සේගේ පුත්‍රයන්, වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, අප වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය දුන්නා. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනියෙදී සහ කුරුසිය මතදී අපසියලු දෙනාගේ පවුබර දැරුවා. ජීවිතයේ සෑම පරීක්ෂාවක් තුලින්ම අපිව සනසන සහ ශක්තිමත් කරන පිණිස උන්වහන්සේ සියලුම දුක, වේදනාවන් සහ අපගේ පවුවල විපාක අත්දුටුවා. 3

ඔබට මතක ඇති ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සේවකයන්ට පැවසුවා:

“පියාණන් සහ මම එක්කෙනෙක්. මම පියාණන් තුල සහ පියාණන් මා තුලයි; ඒ තරම්ම ඔබ මා ලබාගන්නේ නම්, ඔබ මා තුල මෙන්ම මාද ඔබ තුල සිටිමි.

“එබැවින්, මම ඔබ අතරේ සිටිමි, මම යහපත් එඩේරා මෙන්ම ඉශ්‍රායෙලයේ පර්වතයයි. මෙම පර්වතය මත ගොඩනගන කවුරුන් නමුදු කිසිදිනෙක වැටෙන්නේ නැත.” 4

අපගේ දිවැසිවරයා, සභාපති රසල් එම්. නෙල්සන්, විසින්ද එම සහතිකයම ලබා දී තිබෙනවා. තවදුරටත්, ඔහු අපගේ පරීක්ෂාවන් තුලින් මඟපෙන්වන්නට එම පර්වතය මත ගොඩනැගිය හැකි සහ අපගේ හදවත් තුල ස්වාමින්වහන්සේගේ නාමය රඳවා ගත හැකි මාර්ගයක් විස්තර කරනවා.

ඔහු පවසනවා: “සමහර විට ක්ෂණික ලෙස අධෛර්යට පත්වන ඔබ, මතකතබාගන්න, ජීවිතය පහසුවන්නට සැලසුම් කරලා නැහැ. පරීක්ෂාවන් ඇතිවිය යුතුයි සහ මාර්ගය දිගේ ශෝකය විඳදරාගත යුතුයි. ‘දෙවියන්වහන්සේ තුල කළනොහැකි කිසිවක් නැත’ යන්න මතකතබා ගනිමින් (ලුක් 1:37), උන්වහන්සේ ඔබේ පියාණන් බව දැනගන්න. ඔබගේ සුදුසු කමට අනුව ඔබගේ ධර්මිෂ්ඨ උත්සාහයන්ට උදවු කිරීමට එළිදරවු ලබාගැනීමට හිමිකම් ඇති ඔබ උන්වහන්සේගේ රුපයට අනුව මැවූ පුත්‍රයෙක් හෝ දියණියක්. ඔබ ස්වාමින්වහන්සේගේ ශුද්ධවූ නාමය ඔබ මතට ගන්න. ඔබට දෙවියන්වහන්සෙගේ උතුම් නාමයෙන් කතාකිරීමට සුදුසුකම් ලැබිය හැක (දහම සහ ගිවිසුම 1:20 බලන්න).”5

සභාපති නෙල්සන්ගේ වචන අපට මතක්කරදෙනවා සක්‍රමේන්තු යාච්ඤාවේ සොයාගත හැකි පොරොන්දු පිළිබඳව, අපි විසින් පොරොන්දු වූ දේවල් ඉටුකලවිට අපගේ ස්වර්ගයේ පියාණන්වහන්සේ සම්පූර්ණ කරන පොරොන්දුවක් පිළිබඳව .

මෙම වචන වලට ඇහුන්කම්දෙන්න: “අහෝ දෙවිවූ, සදාතනික පියානන්වහන්ස, ඔබවහන්සේගේ පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, මෙයට සහභාගීවන්නාවූ, එම සියලුම ප්‍රානයන්ට මෙම පාන් ආශිර්වාද කර පරිශුද්ධ කරන මෙන් අපි ඔබවහන්සේගෙන් ඉල්ලමු: එනම් ඔවුන් එය අනුභව කරමින්, ඔවුන් ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ ශරීරය සිහිකර, තවද ඔබවහන්සේ වෙතට සාක්ෂි දැරීමටත්, අහෝ දෙවිවූ, සදාතනික පියානන්වහන්ස, එනම් ඔවුන් ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය ඔවුන් මත ගැනීමට කැමතිව, උන්වහන්සේව සැමවිටම සිහිකරමින්, උන්වහන්සේ ඔවුන්ට දුන්නාවූ එම උන්වහන්සේගේ ආඥාවන් තබමින්, එනම් ඔවුන් සෑම විටම උන්වහන්සේගේ ආත්මය ඔවුන් සමඟ පවතින පිණිසය. ආමෙන්.”6

එම යාච්ඤාව අපි වෙනුවෙන් ඔප්පු කරන විට අපිආමෙන් කියන සෑම විටම, පාන් අනුභව කිරීම තුලින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමය අප තුලට ගැනීමට කැමති බවට, උන්වහන්සේව සෑම විටම මතක තබාගන්නා බවට, සහ උන්වහන්සේගේ අණපනත් පිළිපදින බවට අපි පොරොන්දුවෙනවා. පිලිවෙලින්, අපට පොරොන්දු වෙනවා සෑම විටම උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ අප සමඟ සිටින බවට. මෙම පොරොන්දු හේතුවෙන්, ගැලවුම්කාරයානන්වහන්සේ අප මුහුණදෙන සෑම කුනාටුවකටම ආරක්ෂිතව සහ බියක් නොමැතිව නැගීසිටිය හැකි පර්වතය වනවා.

ගිවිසුම්ගත වචන සහ එයට අදාළ පොරොන්දුවූ ආශිර්වාද පිළිබඳව මෙනෙහිකල විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අපතුලට ගැනීමට කැමතිවීම යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා මම කල්පනා කළා.

සභාපති ඩලන් එච්. ඕක්ස් පැහැදිලිකලා: “ අප සක්‍රමේන්තුවට සහභාගී වනවිට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අපතුලට ගැනීමට අප සාක්ෂි නොදරන බව වැදගත් වන බව. අපි සාක්ෂි දරන්නේ එසේ කිරීමට අපි කැමති බවටයි. (දහම සහ ගිවිසුම 20:77බලන්න.) අපි අපගේ කැමැත්ත පිළිබඳව පමණක් සාක්ෂි දැරීම යන කාරනාව තුලින් අර්ථවත් වන්නේ අපි ඇත්තටම උතුම් වූ නාමය අපතුලට ගැනීමට පෙර වෙනයම් දෙයක් සිදුවිය යුතු බවයි.” 7

උන්වහන්සේගේ නාමය “අප තුලට ගැනීමට කැමති” යන ප්‍රකාෂණයෙන් කියවෙන්නේ, අපි මුල්වරට බෞතිස්මයෙදී උන්වහන්සේගේ නාමය අපතුලට ගත්තද, උන්වහන්සේගේ නාමය ගැනීම බෞතිස්මයෙන් අවසන් නොවන බවයි. අප මුළු ජීවිත කාලය පුරාවටම නොනවත්වාම උන්වහන්සේගේ නාමය අපතුලට ගැනීමට වැඩ කලයුතුයි, එය අප සක්‍රමේන්තු මේසයේදී අපගේ ගිවිසුම් අළුත්කරන විටදී සහ ස්වාමින්වහන්සේගේ ශුද්ධවූ දෙවමාලිගාවෙදී ගිවිසුම් ඇතිකරගන්නා විටදීද ඇතුළුව එය සිදුකල යුතුයි.

අප සෑම දෙනෙකුටම ඇති තීරණාත්මක ප්‍රශ්න දෙකක් වන්නේ “උන්වහන්සේගේ නාමය මා තුලට ගැනීමට මම කුමක් කල යුතුද?” සහ “මම වර්ධනය වෙනවාද කියා මම දැනගන්නේ කොහොමද?”යන්නයි.

සභාපති නෙල්සන්ගේ ප්‍රකාශය එක් ප්‍රයෝජනවත් පිළිතුරක් යෝජනා කරනවා. ඔහු පැවසුවා ගැලවුම්කරුවානන්ගේ නාමය අපතුලට ගෙන උන්වහන්සේ වෙනුවෙන් කතා කල හැකි බව. අපි උන්වහන්සේ වෙනුවෙන් කතාකල විට, අපි උන්වහන්සේට සේවය කරනවා. “මක්නිසාද මනුෂ්‍යයෙකු ඔහු විසින් සේවය නොකරන ලද; තවද ඔහුට ආගන්තුකයෙකු වූ ස්වාමියෙකු කෙසේ දැනගන්නේද?, තවද එය ඔහුගේ හදවතේ සිතිවිලි සහ අභිප්‍රාය වෙතින් බොහෝ දුරස්ය”8

ඒ සඳහා ඇදහිල්ලේ යාච්ඤාවක් අවශ්‍යයි. ගැලවුම්කරුවාණන්ට උන්වහන්සේගේ කාර්‍යයන්ට උදවු කිරීමට අප කතා කලයුතු වචන මොනවාද කියා ඉගෙනගැනීමට ස්වාර්ගයේ පියානන්වහන්සේට දැඩි උනන්දුවෙන් යාච්ඤා කිරීමට අවශ්‍යයි. එවිට අපි වූ පොරොන්දුවට සූදානම්ය වෙනවා: “මාගේ හඬ වුවද මගේ සේවකයාගේ හඬ වුවද, එය සමාන වේ.”9

එනමුත්, උන්වහන්සේගේ නාමය අපතුලට ගැනීමට උන්වහන්සේ වෙනුවෙන් කතාකිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. අපගේ හදවතේ ඇති හැගීම් උන්වහන්සේගේ සේවකයන් වශයෙන් සුදුසු කරගත යුතුයි.

උන්වහන්සේගේ නාමය අපතුලට ගැනීමට අපව සුදුසු කරවන සහ බලය දෙන හැගීම් මොනවාද කියලා මොර්මොන් දිවැසිවරයා විස්තර කරනවා. මෙම හැගීම් වලට විශ්වාසය, බලාපොරොත්තුව, සහ ප්‍රේමය නමැති ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු ආදරයද ඇතුලත් වෙනවා.

මෝර්මන් විස්තර කරනවා:

“මක්නිසාද නුඹලාගේ නිහතමානී කම නිසා ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල නුඹලාට ඇත්තේ යයි මම විනිශ්චය කරමි; මක්නිසාද උන්වහන්සේ තුල නුඹලාට ඇදහිල්ල නොමැති නම්, එවිට උන්වහන්සේගේ සභාවේ ජනතාව අතර ගණන් ගනු ලැබීමට සුදුසු නොවන්නේය

“තවද නැවත, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, මම නුඹලාට බලාපොරොත්තුව සම්බන්ධව කතාකරන්නෙමි. නුඹලාට බලාපොරොත්තුව ඇත්නම් මිස, එනම් කෙසේ නුඹ ඇදහිල්ල වෙතට ලඟා වෙන්නේද?

“තවද නුඹලා කුමක් උදෙසා බලාපොරොත්තු වන්නේහුද? බලව, මම නුඹලාට කියන්නෙමි. එනම් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුලින් සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයෙන්, සදාතන ජීවිතයට නැගිටීමට නුඹලාට බලාපොරොත්තුව ලැබෙන්නේය, තවද මෙම පොරොන්දුවට අනුව උන්වහන්සේ කෙරෙහි නුඹලාගේ ඇදහිල්ල නිසාය.

“එසේහෙයින්, මනුෂ්‍යකුට ඇදහිල්ල ඇත්නම්, ඔහුට බලාපොරොත්තුව තිබීම අවශ්‍ය වන්නේය; මක්නිසාද ඇදහිල්ල නැතුව එහි කිසි බලාපොරොත්තුවක් නොවන්නේය.

“තවද නැවත, බලන්න මම නුඹලාට කියන්නෙමි. එනම් ඔහුට නිහතමානීත්වය හදවතේ යටහත්කමින් මිස ඔහුට ඇදහිල්ල සහ බලාපොරොත්තුව තිබිය නොහැකිවන්නේය.

“එසේවන්නේ නම් ඔහුගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව නිෂ්ඵලය, මක්නිසාද නිහතමානීකමත් සහ හදවතේ යටහත්කමත් මිස කිසිවක් දෙවියන්වහන්සේ ඉදිරියේ පිලිනොගන්නේය, තවද මනුෂ්‍යයෙකු නිහතමානීව සහ හදවතින් යටත්ව සිට ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් යෙසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ යයි පාපොච්චාරණය කරන්නේ නම්, ඔහුට දයාව තිබිය යුතුය; මක්නිසාද ඔහුට දයාව නොමැති නම් ඔහු නිෂ්ඵලය; එසේහෙයින් ඔහුට දයාව තිබීම අවශ්‍යවන්නේය.”

ප්‍රේමය විස්තර කල පසු , මෝර්මන් තවදුරටත් කියා සිටියා:

“එහෙත් දයාව ක්‍රිස්තුස්වහන්සේගේ පවිත්‍ර ආදරයයි, තවද එය සදාකාලයට දරා ගන්නේය; තවද අවසාන දවසේදී කවරෙකු මත තිබෙන්නේද එය ඔහුට යහපත වන්නේය.

“එසේහෙයින්, මගේ ප්‍රියාදර සහෝදරයෙනි, හදවතේ සියලු ශක්තිය සමඟ පියානන්වහන්සේට යාච්ඤා කරන්න, ඒ කරුනකොටගෙන නුඹලා මෙම ප්‍රේමය සමඟ පූර්ණ වන පිණිසය, එය උන්වහන්සේ; යේසුස් ක්‍රිස්තුස්වහන්සේවූ, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ සත්‍ය අනුගාමිකයන් මත ප්‍රදානය කර ඇති සේක; එනම් නුඹලා දෙවියන්වහන්සේගේ පුත්‍රයන් බවට පැමිණීමටය; උන්වහන්සේ පෙනීසිටින විට අපි උන්වහන්සේ මෙන් වන්නෙමු, මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේව දකින්නෙමු. ඒ කරණකොටගෙන අප මෙම බලාපොරොත්තුව ඇතිව, එනම් උන්වහන්සේ පවිත්‍රවන්නක් මෙන් අපිද පවිත්‍ර වන පිණිසය. ආමේන්.”10

මගේ සාක්ෂිය නම් ගැලවුම්කරුවානන්වහන්සේ උන්වහන්සේගේ නාමය ඔබේ හදවත් තුලට ඇතුල් කරන බවයි. ඔබගෙන් බෝහෝ දෙනෙකුට, උන්වහන්සේ තුල ඇති ඔබේ විශ්වාසය වර්ධනය වෙනවා. ඔබට වැඩි බලාපොරොත්තුවක් සහ ශුභවාදී ලෙස හැඟෙනවා. ඒ වගේම අන්අයටත් ඔබ උදෙසාත් ඇති ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය ඔබට දැනෙනවා.

මුළු ලෝකය පුරාම සේවය කරන ධර්මදූතයන් තුලින් මම එය දකිනවා.සාමාජිකයන් ඔවුන්ගේ යහළුවන්ට සහ පවුලේ සාමාජිකයන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව පිළිබඳව කතාකරනවා.පුරුෂයන්, කාන්තාවන්, තරුන තරුනියන්, සහ ළමයින්ද ගැලවුම්කරුවානන්ට සහ ඔවුන්ගේ අසල්වාසීන්ට ආදරයෙන් දේවසේවයේ යෙදෙනවා.

ලොව පුරා සිදුවන ව්‍යවසනයන්ගේ පළමු වාර්තාවේදීම, සාමාජිකයන් මුදවාගැනීම සඳහා සැලසුම් යොදනවා, සමහරවිට මුහුද හරහා, කිසිදු ඉල්ලීමකින් තොරව. සමහර විට ඔවුන්ට විනාශයට පත්වූ ප්‍රදේශ වලට යාමට හැකිවනතෙක් බලා සිටීමට දුෂ්කර වෙනවා.

මට තේරෙනවා අද ඇහුන්කම් දී සිටින සමහර අයට හිතෙනවා ඇති ඔබේ විශ්වාසය සහ බලාපොරොත්තුව තුලින් ඔබේ කරදර ජයගන්නවා කියලා. ඒ වගේම ඔබ ආදරයේ හැගීම දැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා.

සහෝදර සහෝදරියනි, ස්වාමින්වහන්සේට ඔබ ළඟ අවස්තාවන් තිබෙනවා උන්වහන්සේගේ ආදරය හැගීමට සහ බෙදාගැනීමට. උන්වහන්සේ වෙනුවෙන් තවකෙනෙකුට ආදරය කිරීමට ඔබට මඟපෙන්වන මෙන් ආත්මවිශ්වාසයෙන් යුතුව යාච්ඤා කරන්න. ඔබ වැනි නිහතමානී ස්වේච්චාවෙන් ඉදිරිපත්වෙන්නන්ගේ යාච්ඤාවට උන්වහන්සේ පිළිතුරු දෙනවා. ඔබට සහ උන්වහන්සේ වෙනුවෙන් ඔබ සේවය කරන පුද්ගලයාට ඇති දෙවියන්වහන්ස්ගේ ආදරය ඔබට දැනේවි. ඔබ දෙවියන්වහන්සේගේ දරුවන්ට ඔවුන්ගේ කරදර වලදී උදවු කල විට, ඔබේ කරදර සැහැල්ලු වේවි. ඔබේ විශ්වාසය සහ ඔබේ බලාපොරොත්තුව ශක්තිමත් වේවි.

මම සත්‍යය සියසින් දුටු සාක්ෂිකරුවෙක්. ජීවිත කාලයක් පුරා, මගේ බිරිඳ ස්වාමින්වහන්සේ වෙනුවෙන් කතාකර සහ උන්වහන්සේ වෙනුවෙන් මිනිසුන්ට උදවු කරලා තිබෙනවා. අපගේ එක් සභානායකයෙක් මට වරක් කීවා, “මම පුදුම වෙනවා. කොට්ඨාශයේ කරදරයක සිටින පුද්ගලයෙකු පිළිබඳව මට ඇසුණු සෑම විටම, උදවු කිරීමට මම ඉක්මන් කරනවා. නමුත්,මම ලඟා වන වෙලාවට, ඔබේ බිරිඳ සැම විටම එහි සිටින බව පෙනෙනවා.” අවුරුදු 56 පුරාවට අපි ජීවත් වූ සෑම ස්තානයකදීම එය සත්‍යයක් වී තිබෙනවා.

දැන් ඇයට කතාකරන්න පුළුවන් දවසකට වචන කිහිපයක් විතරයි. ඇය ස්වාමින්වහන්සේ වෙනුවෙන් ආදරය කල මිනිසුන් දැන් ඇයව බලන්න එනවා. හැම රාත්‍රියකම සහ උදයකම මම ඇය සමඟ ගීතිකා ගායනා කරලා අපි යාච්ඤා කරනවා. යාච්ඤාවේ සහ ගීතිකාවල හඬ වෙන්න මට වෙලා තියෙනවා. සමහර වෙලාවට මම දකිනවා ඇය ගීතිකාවල වචනවලට මුඛය සොලවනවා. ඇය කැමති ළමයිගේ ගීතිකා වලට. ඇය කැමතිම හැගීම් “I’m Trying to Be like Jesus” යන ගීතිකාවේ සාරාංශ ගත කරලා තියෙනවා.11

පෙර දවසක, “Love one another as Jesus loves you. Try to show kindness in all that you do,” යන ස්ථායි කොටසේ වචන ගායනා කල පසු, ඇය මෘදුව කීවුවා, “උත්සහ කරන්න, උත්සහ කරන්න, උත්සහ කරන්න.” කියා. මම හිතන්නේ, උන්වහන්සේව දැකීමෙන් පසු ඇය සොයාගනී, අපගේ ගැලවුම්කාරයානන්වහන්සේ උන්වහන්සේගේ නාමය ඇය තුලට ඇතුල් කරඇති බව සහ ඇය උන්වහන්සේ මෙන් වී ඇති බව. උන්වහන්සේ ඇයගේ මෙම කරදර කාලයේදී ඇයව ඔසවාගෙන යනවා, එලෙසම උන්වහන්සේ ඔබේ කරදර කාලයේදීත් ඔබව ඔසවාගනී

මම ඔබට සාක්ෂි දරනවා ගැලවුම්කාරයානන්වහන්සේ ඔබව දන්නා ලෙසත් ඔබට ආදරය කරන ලෙසත්. ඔබ උන්වහන්සේගේ නම දන්නාක් මෙන් උන්වහන්සේද ඔබ්ගේ නම දන්නවා. උන්වහන්සේ ඔබගේ කරදර දන්නවා. උන්වහන්සේ ඒවා අත්විඳ තිබෙනවා. උන්වහන්සේගේ වන්දිගෙවීම තුලින්, උන්වහන්සේ ලෝකය ජයගෙන තිබෙනවා. උන්වහන්සේගේ නාමය ඔබ තුලට ගැනීමට කැමති වීම තුලින් ඔබේ බර ඔසවනවාසේම, ඔබටත් ගනන්කළ නොහැකි තරම් පිරිසකගේ බර ඉසිලිය හැකි වෙනවා. ඔබ නියම වෙලාවට සොයාගනීවී ඔබ ගැලවුම්කාරයානන්ව හොඳින් දන්නා බවත් ඒ වගේම ඔබ උන්වහන්සේට වඩා වැඩියෙන් ආදරය කරන බවත්. උන්වහන්සේගේ නාමය ඔබේ හදවතේ තියේවී ඒ වගේම ඔබේ මතකයේ රැදේවී. ඔබට ආමන්ත්‍රණය කරනු ලබන නම එයයි. මම මෙලෙස සාක්ෂි දරන්නේ, මට, මගේ ආදරනීයන්ට සහ ඔබට ඇති උන්වහන්සේගේ ආදරණීය - කරුණාවට කෘතඥ වෙමින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමෙන් ආමෙන්.