2010–2019
ක්‍රිස්තුස්වහන්සේ තුල සියලු දෙයෙහි එකට එක් වීම
ඔක්තෝම්බර් 2018


ක්‍රිස්තුස්වහන්සේ තුල සියලු දෙයෙහි එකට එක් වීම

ගැලවුම්කරුවාණන්ගේ සුභාරංචියේ දහම, මූලධර්ම සහ ක්‍රියාකාරකම් වල එකට බැඳී ඇති සබඳතාව පැහැදිලිව වටහා ගැනීමෙන් සහ ජීවිතයට යොදා ගැනීමෙන් එම බලය පරිවර්තනය වී අපිට ගලා යාමට ආශිර්වාද කරනු ඇත.

අප සියලුදෙනා හොඳින් දන්නා කඹය, අත්‍යවශ්‍ය භාණ්ඩයකි. එය සාදා තිබෙන්නේ, එකට ගොතා ගත් රෙදි, පැල, වයර්, හෝ වෙනත් ද්‍රව්‍යය වලිනි. අසාමාන්‍ය ද්‍රව්‍යයන් එකට ගෙතීමට හැකි වීම සහ ඒවා අසාමාන්‍ය ලෙස ශක්තිමත් වීම, සිත් ගන්නා සුලුය. එලෙස ප්‍රතිඵලදායක ලෙස එකතු වී, සාමාන්‍ය ද්‍රව්‍යයන් බැඳීමෙන් අසාමාන්‍ය භාණ්ඩයක් නිපදවිය හැක.

රූපය
කඹයක් ලෙස ගෙතූ පොටවල්

වෙන් වූ බොහෝ කැරලි එකට ගොතා ශක්තිය ලබන කඹය මෙන්, අප පාවුලුගේ උපදේශය වන, “ස්වර්ගයේ ද, පොළොවේ ද, ක්‍රිස්තුස්වහන්සේ වෙත ඇති සියල්ල හා උන්වහන්සේ වෙතද එකා මෙන් එකතු වනු” යන්නට අප ඇහුම්කන් දෙන විට, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපට සත්‍යයේ දුෂ්ඨිකෝණය සලසා සහ සාරවත් ආශීර්වාදයන්ද පුද කරන්නේය.1 මෙම සත්‍යයේ ඉතා වැදගත් එකතු වීම කේන්ද්‍ර වී තිබෙන්නේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතය. මන්ද, “මාර්ගය, සත්‍යය‍, සහ ජීවනය උන්වහන්සේ වන බැවිනි.”2

ක්‍රිස්තුස්වහන්සේ වෙත ඇති සියලු දේ කෙරෙහි අප එකා මෙන් එකතු වන ධර්මය අපේ එදිනෙදා ජිවිතයට යොදමින් සහ උන්වහන්සේගේ නැවත පිහිටවු ශුභාරංචියේ ජීවත් වීමට අවබෝධය අපට ලැබෙනු පිණිස මා ශුද්ධාත්මයාණන් වහන්සේට යාච්ඤා කරමි.

හෙලිදරව් සහිත අවධියක්

අප ජීවත් වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවු සභාවේ විශිෂ්ඨ එලිදරව් සහිත අවධියකය. අද ප්‍රකාෂ කල ඓතිහාසික සැකසුමට ඇත්තේ එක් වැදගත් අරමුණකි. එනම්, සවර්ගීය පියාණන් සහ උන්වහන්සේගේ සැලැස්ම සහ උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම ගැන ඇති ඇදහීම ශක්තිමත් කිරීමය. ඉරිදා රැස්වීම් කාලසටහන සරලවම කෙටිකළා නොවේ. නමුත්, අපට පුද්ගලයන් හා පවුල් ලෙස නිවසේදී සහ සභාවේදී අපගේ කාලය සබත් දින ප්‍රීතිමත් කිරීමේ අවස්ථාව සහ වගකීම වර්ධනය වී ඇත.

පසුගිය අප්‍රියෙල් මස පූජකවර ඝනපූර්ණයේ සංවිධාන ව්‍යුහය හුදෙක් වෙනස් නොවීය. ඇත්තෙන්ම, අපේ සහෝදර සහෝදරියන්ට උතුම්ව සහ ශුද්ධවූ ලෙස උපස්ථාන කිරීම පිණිස අවධාරණය හා ශක්තිය ලබා දීම සිදු විය.

පටි එකට ගොතා ශක්තිමත් ස්ථිර කඹයක් සාදා ගන්නා මෙන්, මේ සියලු එකිනෙකට සම්බන්ධ ක්‍රියාවන්, එක්සත් උත්සහයක කොටසක් වෙනවා, ගැලවුම්කරුවාණන්ගේ නැවත පිහිටුවු සභාවේ කාර්ය හා එහි මූලික මෙහෙය ගැන හොඳින් කේන්ද්‍ර වීම සඳහා, එනම්, දෙවියන්වහන්සේගේ දරුවන්ට ගැලවීම ලැබ, ඔවුන් උසස් කරන උන්වහන්සේගේ කාර්යයන්ට උදව් කරනු සඳහා. කරුණාකර ප්‍රකාශ කරන ලද ප්‍රවර්ධන සහ දර්ශනයන් කරෙහි මූලිකව එල්ල නොවන්න. වෙනස් කරන ලද වැදගත් ආත්මීක කාරනා අඳුරු කිරීමට, පටිපාටි විස්තරයන්ට ඉඩ නොදිය යුතුය.

අපේ අභිප්‍රාය නම්, පියාණන්ගේ සැලැස්ම මත ඇදහීම ඇතිව හා ගැලවුම්කරුවාණන්ගේ මුදවා ගැනීමේ මෙහෙය පොලවේ වැඩි කර, දෙවියන්වහන්සේගේ සදාකාල ගිවිසුම තහවුරු කිරීමය.3 අපේ එකම අරමුණ වනුයේ නොනැවතී ස්වාමින්වහන්සේ වෙත හැරිම් කිරීමට සහ අපේ සහෝදර සහෝදරියන්ට හොඳින් ප්‍රේම කර, ඵලදායී ලෙස සේවය කිරීමට පහසුකම් සැලසීමය.

කොටස් කිරීම සහ වෙන් කිරීම

සභාවේ සමාජිකයින් ලෙස අපි සමහර විට ශුභාරංචිය අපේ ජිවිතයට යෙදීම සඳහා දිගු පුද්ගලික පාඩම් මාතෘකා සහ ඉටු කිරිමට කටුයුතු වෙන් කර ගන්නෙමු. නමුත්, එවැනි කාරණා අපේ තේරුම් ගැනීම් සහ දර්ශනයන්, බලෙන් කරවනවා මෙනි. අපි පරිස්සම් විය යුතුයි. මන්ද සෝදිසි ලයිස්තු මත ව්‍යාජ භක්ති තබන විට, ස්වාමින්වහන්සේ වෙතට අපේ ලංවීම, වෙනතකට හරවන බැවිනි.

අරමුණ සහ පවිත්‍රවීම, සතුට, නොනැවතී හැරීම් සිදුකර, “දෙවියන්වහන්සේ වෙත අප හදවත් පුද කිරීමෙන්”4 ලබන ආරක්ෂාව සහ “උන්වහන්සේගේ ස්වරූපය අපට ලබා ගැනීමට අපහසු වෙනවා”5 නිකම් අප කළ යුතු ආත්මීක කාරනා හා ලයිස්තු බලමින් ක්‍රියා කරන විට. ඇත්තෙන්ම, අපට ආශීර්වාද හා වෙනස් වීම සඳහා ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචියේ බලය ගලා එන්නේ, ඥානවන්තව එකිනෙකට බැඳුනු ධර්මය හා මුලධර්ම ක්‍රියාවේ යොදන විටය. ක්‍රිස්තුස්වහන්සේ වෙත ඇති සියලු දේ කෙරෙහි අපි ගැඹුරු එල්ලයක් සහිතව, එකා මෙන් එකතුව සිටින විට පමණය, ශුභාරංචියේ සත්‍යයන්ට හැකිවන්නේ දෙවියන්වහන්සේට උවමනා ආකාරයට අපව තැබීමටත්6 හා අවසානය දක්වා නිර්භීතව තැබීමටත්ය.7

ඉගෙනීම සහ ශුභාරංචි සත්‍යයට බැඳිම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය, එකට ගොතා “සුදුසු ලෙස රාමු කරන ලද”8 තේජස ඇති සත්‍යයේ ගෙත්තමකි. අපි ඉගෙනමින්, ශුභාරංචිය එලිදරව් කරන ලද සත්‍යයන් එකට එකතු කරන විට, අප ආශිර්වාද ලබනවා වටිනා දෘෂ්ඨිකෝන ලැබිමට හා අපේ ජිවිතයේ ඇති ස්වාමින්වහන්සේගේ ආනුභාවය දැකීමට අපේ දෑසට ආත්මික ධාරිතාව වැඩි වීමට හා උන්වහන්සේගේ හඬ ඇසෙන කන් අපට ලැබීමටත්.9උන්වහන්සේ තුළ වුවද, එකාමෙන් එකට එකතු වීම මගින් — අපේ පාරම්පරික ලැයිස්තු වෙනුවට, ඒකාබද්ධ පරිපූර්ණ සමස්ථයක් ලැබීමට උපකාර ලැබීය හැක. මා යෝජනා කරන දෙයට ධර්මානුකූලව හා සභාවේ උදාහරණයක් සැපයිමට මට අවසර දෙන්න.

උදාහරණය 1. සතර වන ඇදහිල්ලේ කරනු ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති සියළු දෙයට, එකාමෙන් එකතු වන එක් උදාර නිරූපනයකි: “අපි විශ්වාස කරනවා ශුභාරංචියේ පළවැනි මූලධර්ම සහ නියෝග මෙලෙස: පළවැන්න, ස්වාමී වු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත ඇදහීම. දෙවැන්න, පසුතැවීම: තුන්වැන්න, බෞතීස්මය විසින් පවු සමා කිරීමට දියේ ගිල්වීම: සතරවැන්න, ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාග ලැබීම පිණිස දෑත් තැබීම.”10

රූපය
ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල

සත්‍ය ඇදහිල්ල එල්ල වනුයේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මතය. දිව්‍යමය සහ පියාණන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වන බැවින්, උන්වහන්සේ මතය. ගැලවීමේ මෙහෙය සම්පූර්ණ කළ උන්වහන්සේ මතය. “මන්ද, උන්වහන්සේ නීතියේ කෙලවරට උත්තර සපයා ඇති බැවින්, උන්වහන්සේ මත ඇදහිල්ල තබන සියලු දෙනාට උන්වහන්සේ අයිතිවාසිකම් කියන බැවින්, උන්වහන්සේ මත ඇදහිල්ල තබන අයට සෑම යහපත් කාරනාවන්ට බැඳෙන බවද, එබැවින්, මනුශ්‍යන්ගේ දරුවන්ගේ කාරනා ගැන උන්වහන්සේ මැදිහත්කරුවෙකුද වන සේක.”11 ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල පැවැත්වීම, අපගේ ගැලවුම්කරුවාණන් ලෙස අපේ විශ්වාසය උන්වහන්සේ වෙත තැබීම, උන්වහන්සේගේ නාමයෙන් සහ උන්වහන්සේගේ පොරොන්දු ගැන විශ්වාස තැබීම.

රූපය
පසුතැවීම

ගැලවුම්කරුවාණන් මත විශ්වාස තැබීමේ පළවැනි සහ ස්වාභාවික ප්‍රතිඵලය නම් පසුතැවී, නපුරෙන් හැරී යාමය. අපේ ඇදහිල්ල ස්වාමීන්වහන්සේ මත පවත්වන විට අපි අවංකව උන්වහන්සේ වෙතට හැරී ගොස් උන්වහන්සේ මත යැපෙන්නෙමු. එබැවින්, පසුතැවීම විශ්වාසදායක, බලාපොරොත්තු සහිතය, මිදුම්කරුවාණන් විසින් අප සඳහා අපට කළ නොහැකි කාරනා උන්වහන්සේ අප සඳහා කරන බවට. අප ගලවා ගැනීමට ප්‍රබලයෙකු වන උන්වහන්සේගේ කුසලතා මත අපි සම්පූර්ණයෙන්ම “[යැපිය යුතුය.] 12 මන්ද, ශුද්ධ වූ අප ක්‍රිස්තුස්වහන්සේ තුළ නව ජීවින් බවට පත්ව14 අවසානයේ දී නැවත ගොස් දෙවියන්වහන්සේගේ අභිමුඛයේ වාසය කරනු ලබනුයේ “මෙසියස්වහන්සේගේ කුසලතා හා දයාව හා අනුකම්පා තුලින් පමණය.”13

රූපය
බෞතීස්මය

පාපයන්ට සමාව ලබන ගිල්වා කරන බෞතීස්ම වත්පිළිවෙතට උවමනා කරනවා අප උන්වහන්සේ මත විශ්වාසය තබා හා උන්වහන්සේ වෙත බලාපොරොත්තු තබා හා උන්වහන්සේව අනුගමනය කිරීමට. නෙපී මෙසේ ප්‍රකාශ කලේය, “මා දන්නවා නුඹලා පුත්‍රයාණන්වහන්සේව අනුගමනය කරනවා නම්, දෙවියන්වහන්සේ ඉදිරියේ හදවතේ කුහකකම් හා වංචාව නැතුව නමුත්, සත්‍ය චේතනාවෙන්, නුඹේ පාපයන්ට පසුතැවී, බෞතීස්මයෙන් අප මතට ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගැනීමට කැමති බව පියාණන්වහන්සේ වෙතට සාක්ෂි දරණ විට. ඔව්, නුඹලාගේ ස්වාමීන් සහ ගැලවුම්කරුවාණන් අනුගමනය කරමින් උන්වහන්සේගේ වචනයට අනුව ජලයට බැස, බලව, එවිට නුඹ ශුද්ධාත්මයාණන් වහන්සේව ලබන්නේය. ඔව්, පසුව ගින්නේ බෞතීස්මය හා ශුද්ධාත්මයාණන්ගේ පැමිණීම ලබන්නේය”15

රූපය
ස්ථීර කිරීම

අත් තබා ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාග ලබන නියෝගයට වුවමනා වෙනවා, උන්වහන්සේ වෙතට අපේ විශ්වාසය, උන්වහන්සේ මත යැපීම, උන්වහන්සේව අනුගමනය කිරීම සහ උන්වහන්සේ තුළින් ඉදිරියට යෑමට උන්වහන්සේගේ ශුද්ධ වු ආනුභාවයේ උපකාර සමග “නෙපි ප්‍රකාශ කරන ලෙස, “දැන්,... මා මෙයින් දන්නවා, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ උදාහරණය අනුමනය නොකර, අන්තිම දක්වා ස්ථිරව නොසිටියේ නම් ඔහුව බේරා ගැනිමට නොහැකි බව”16

රූපය
එකා ලෙස එක්රැස් වීම

නැවත පිහිටවූ ශුභාරංචියේ නියෝගයන් හා මූලික මූලධර්ම, සතරවන ඇදහිල්ලේ කරුණු මගින් පහසුවෙන් හඳුන්වා නොදෙයි. ඇත්තෙන්ම, මේ පෙළඹවීමෙන් ලත් විශ්වාසයන්ගෙන් යුත් වගන්තිය, ක්‍රිස්තුස්වහන්සේ තුල ඇති සියලු දේ එකකට එකතු කරයි. උන්වහන්සේ මත විශ්වාසය, උන්වහන්සේ මත යැපීම, උන්වහන්සේ අනුගමනය කරමින් උන්වහන්සේ සමග ඉදිරියට යාම, එමෙන්ම උන්වහන්සේ තුලද එසේම වීම.

උදාහරණය 2.ක්‍රිස්තුස්වහන්සේ තුල, එකක් ලෙස, සභාවේ සියලු වැඩසටහන් සහ මුල්පිරීම් එකතු කරන ආකාරය කෙසේද යන්න විස්තර කිරීමට මා දැන් කැමතිය. බොහෝ අමතර නිදසුන් පෙන්විය හැක. තෝරා ගත් කිහිපයක් මා විස්තර කරන්නම්.

රූපය
සයොනය ගොඩනගා ශක්තිමත් කිරීම

වර්ෂ 1978 දී, ලෝකය පුරා සයෝනය ශක්තිමත් කිරීමට, සභාවේ සාමාජිකයින්ට සභාපති ස්පෙන්සර් ඩබ්. කිම්බල් උපදෙස් දුන්නේය, ඔහු සාත්තුවරයන්ට උපදෙස් දුන්නා තම ජන්ම රටේම සිට, දෙවියන්වහන්සේගේ පවුල් එකතු කර, ඔවුන්ට ස්වාමින්වහන්සේගේ මාර්ග උගන්වමින්, ශක්තිමත් ස්ටේකයන් පිහිටුවීමට. ඔහු තව දැක්වුවා, බොහෝ දේවමාළිගා ගොඩනගන බවට සහ සාත්තුවරයන් ලෝකයේ කොහේ ජීවත් වුවත්, ඔවුන්ට ආශිර්වාද ලැබෙන බවටද පොරොන්දු විය.17

රූපය
පැය තුනේ වැඩසටහන
රූපය
පවුල් ප්‍රකාශය

ස්ටේක ප්‍රමාණය වැඩි වීමට පටන්ගත් විට, පවුලේ සමාජිකයන්ට ගැවසීමට කැමති, තම ජීවිත සාරවත් කර, අන්‍යොන්‍ය ප්‍රේමය, උපකාර, අගය කිරීම සහ ධෛර්ය ලැබීම සඳහා, සාමාජික නිවාස උවමනාව වැඩි විය.18 පසුව 1980 වර්ෂයේ දී, ඉරිදා රැස්වීම් පැය තුනකට තැබුවා පුද්ගලික හා පවුලේ වගකීම් නැවත අවධාරණය කිරීමට, ඉගෙනීමට, ජීවත් වීමට සහ ශුභාරංචිය ඉගැන්වීම සඳහා.19 මෙම පවුල සහ නිවාස ගැන අවධාරනය, නැවත තහවුරු කලා, සභාපති ගෝඩන් බී. හින්ක්ලි 1995 දී හඳුන්වා දුන් “පවුල : ලෝකයට ප්‍රකාශය” හී.20

රූපය
දේවමාළිගා ගොඩනැගීම

ලොව පුරා සිටින පුද්ගලයන්ට සහ පවුල් වලට ශුද්ධවූ වත්පිළිවෙත් ගෙන එමින් ස්වාමින්වහන්සේගේ ගෘහය පසුදවස්වල සාන්තුවරයන් සමීපයට ගෙනෙමින්, 1991 අප්‍රියෙල් මාසයේදී, කුඩා දේවමාළිගා තවත් විශාල ප්‍රමාණයක ගොඩනැංවීම ගැන සභාපති හින්ක්ලි නිවේදනය කළේය.21 ආත්මික වර්ධනය සඳහා වූ මෙම ප්‍රසාරණය වූ අවස්ථා තනිව යැපීම සහ අධ්‍යාපනය සඳහා අරමුදල සමග සම්බන්ධ වී වර්ධනය විය.22

රූපය
දුප්පතුන් හා උදව් අවශ්‍ය අය ගැන සලකා බැලීම

සභාපති තෝමස් එස්. මොන්සන්, ඔහුගේ පරිපාලනය කාලයේදී සාන්තුවරයන්ව නිතරම උනන්දු කළා සභාව පුජනීය වගකිමක් ලෙස දක්වන, දුප්පතුන්ට සහ අසරණයන්ට පිහිට වීමට. ලෞකීක සුදානමේ අවධාරණය තවදුරට කියනවානම්, “ආත්ම ශක්ති. සේවය” මුල පිරුවේ වර්ෂ 2012 දීය.

රූපය
සබත් දවස ප්‍රීතිමත් කිරීම

නිවසේ දී හා සභාවේ දී. සබත් දවස ප්‍රීතිජනක කිරීම සඳහා, පසුගිය අවුරුදු කිපයේදී අවධාරණය කර සවිගැන්වීය,23 එලෙස, ඉරිදා රුස්වීම සඳහා අප සුදානම් කරන ආකාරය මෙම මහා සම්මන්ත්‍රණයේ දී නිවේදනය කරනු ලබයි.

රූපය
මෙල්කිසදෙක් පූජකවර ඝණපූර්ණය උපශාඛා හා සමග එක් කිරීම

මාස 6 කට පෙර, මෙල්කිසදෙක් පුජකවර ඝණපූර්ණයට ශක්තිය ලබා දුන්නා, ඵලදායි ලෙස, ආධාරකයන් සමග උසස් බවෙන් හා පුජනීය ලෙස උපස්ථාන සිදු කිරීම සඳහා.

රූපය
එකමුතු එක් කාර්යය

මා විශ්වාස කරනවා, ශතවර්ෂ ගණාවක් පුරාවට කරන මේ ක්‍රියාවලියේ පිළිවෙළ හා කාල නියමයන්, අපට දකින්නට උදවුකරයි කියා මෙම එක්, ඒකාබද්ධ පුළුල් කාර්යය ගැන. එය, වෙන් වූ මනාපයෙන් කෙරෙන යම් මාලාවක් නොවේය. සභාවේ අනුබල ලත්, නිවස මුල් කර ගත් ක්‍රියාවන් සහ වැඩසටහන්, ඉගැන්වීම් සහ නියෝග තුළින් දෙවියන්වහන්සේ පුද්ගලිකව හෝ පවුල් සඳහා ආත්මීක දිගුවකට නිදර්ශනයක් එළිදරව් කර ඇත. සභාවේ සංවිධාන සහ වැඩසටහන පවා ඇත්තේ පුද්ගලයන්ට හා පවුල්වලට ආශිර්වාද කිරීමටය.24

බොහෝ ලෙස නිවාස මුල් කර ගත් සහ සභාවේ අනුබල ලත්, ලෝකයේ ඇති එක් උදාර කාර්යය, ස්වාමින්වහන්සේගේ කාර්යයක් බව අප හඳුනාගන්නා පිණිස මා යාච්ඤා කරමි. මා දන්නවා සහ සාක්ෂි දරනවා, ස්වාමින්වහන්සේ එළිදරව් කරන බව සහ ඉදිරියේදී ද දෙවියන්වහන්සේගේ රාජ්‍යට අදාළ වැදගත් වටිනා කාරනා එළිදරව් කරන බවට.25

පොරොන්දුව සහ සාක්ෂිය

මා මගේ පණිවිඩය පටන් ගත්තේ තනි පටි වලින් ගොතා ශක්තිමත් කඹයක් සදා ගත් අයුරු ඉස්මතු කරමිනි. එලෙස, මා පොරොන්දු වෙනවා, වැඩි පෙනීමක්, අරමුණක් සහ බලය ප්‍රත්‍යක්ෂ වන බව, අපි නැවත පිහිටු වූ ශුභාරංචිය ඉගෙන එහි මත ජිවයක් වී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සියල්ල කෙරෙහි එකා මෙන් එකතු වීමට උත්සහ කරන විටදී.

ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල දරා සිටීමෙන්, සදාකල් ප්‍රථිපල සහ අවස්ථා ලැබීමට පහසුය. ඇල්මා සාක්ෂි දැරූ ලෙස, මිනිසා බේරා ගැනීමට වෙන කිසිදු මාර්ගයක් නැත. ක්‍රිස්තුස්වහන්සේ තුළින් හැර. බලව, එතුමන්ය ජිවනය සහ ලෝකයේ ආලෝකයයි.26

මා සතුටින් ප්‍රකාශ කරනවා මාගේ සාක්ෂිය, දේවත්වය සහ සාදාකාල පියාණන්ගේ සහ උන්වහන්සේගේ ප්‍රේමණිය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුතුමන්ගේ සත්‍ය ජීවනය ගැන. සහ උන්වහන්සේ තුළින් අපට “ලෝකයේ සාමය සහ සැමට පැමීණීමට තිබෙන ලෝකයේ සදාකාල ජිවිතය ගැන සහතිකය අපට සෙවිය හැක්කේ.”27 මා මෙලස සාක්ෂි දරණවා ස්වාමී වු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයන් ආමෙන්.