ප්‍රධාන සම්මන්ත්‍රණය
සතුටින් සහ සදහටම
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


සතුටින් සහ සදහටම

අප ආදරය කරන අය සමඟ සැබෑ ප්‍රීතිය සහ සදාකාලිකත්වය විඳදරාගැනීම දෙවියන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්මේ හරයයි.

මිත්‍රවරුනි, හිතවත් සහෝදර සහෝදරියනි, සදහටම සතුටින් කියන දේ විශ්වාස කළ බව හෝ විශ්වාස කිරීමට අවශ්‍ය වූ බව ඔබට මතකද?

ඊට පස්සෙ අපි ජීවිතයට මුහුණදුන්නා. අපි “ලොකු වුණා.” සම්බන්ධතා සංකීර්ණ වුණා. මේ ලෝකය මවාපෑම් සහ ආකල්ප සමඟ, ඝෝෂාකාරීයි, ජනාකීර්ණයි, තෙරපුම් සහිතයි. එහෙත්, කොහේ හෝ තැනක කෙසේ හෝ සතුට සහ සදාකාලය ඇත්තයි වගේම එය වෙන්න පුළුවන් දෙයක් කියලා, අපගේ “ගැඹුරු හදවතේ හරය”1 තුළ, අපි විශ්වාස කරනවා, නැත්නම් අපිට එය විශ්වාස කරන්න අවශ්‍යයි.

“සතුටින් සහ සදහටම” කියන්නේ සුරංගනා කතාවල තියෙන මනඃකල්පිත දේවල් නොවේ. අප ආදරය කරන අය සමඟ සැබෑ ප්‍රීතිය සහ සදාකාලිකත්වය විඳදරාගැනීම දෙවියන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්මේ හරයයි. උන්වහන්සේ ප්‍රේමණීය ලෙස සකස් කළ මාර්ගයට අපගේ සදාකාලික ගමන සතුටු හා සදාකාලික කරවන්න පුළුවන්.

අපට සැමරීමට බොහෝ දේ ඇති අතර ඒ සඳහා අපි ස්තූතිවන්ත විය යුතුයි. ඒත් අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ, කිසිම පවුලක් එහෙම නැහැ. අපගේ සබඳතාවලට ආදරය, සමාජීයත්වය සහ පෞරුෂය ඇතුළත් වන නමුත් බොහෝ විට ඝට්ටන, රිදවීම, සමහර විට ගැඹුරු වේදනාවන්ද ඇතුළත් වෙනවා.

“මක්නිසාද, ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන්ම, ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝම ජීවත්කරනු ලබන්නෝය.”2 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවත්වීමට අමරණීයත්වය ඇතුළත් වෙනවා—ඒ තමයි අපගේ භෞතික නැවත නැගිටීමේදී උන්වහන්සේගේ තෑග්ග. ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවමාන වීම ලෙස දෙවියන්වහන්සේ සහ අප ආදරය කරන අය සමඟ ප්‍රීතියෙන් බහුල සදාකාල ජීවනය ද ඇතුළත් කරන්න පුළුවන්.

කැපී පෙනෙන ආකාරයෙන්, පූජනීය දේවමාළිගාවේ නියෝග සහ ගිවිසුම් අපට තව තවත් ස්ථාන වලදී අප වෙත සමීප කිරීම තුළින් ඇතුළුව, ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා අපව අපගේ ගැලවුම්කරුවාණන් වෙතට ළංකරමින් සිටිනවා. අද දවසටත් සහ සදාකාලිකවත් එකිනෙකා හා අපගේ පවුල් සමඟ නව අධ්‍යාත්මික අවබෝධය, ප්‍රේමය, පසුතැවීම සහ සමාව සොයාගැනීමට අපට ගැඹුරු අවස්ථාවක් සහ ත්‍යාගයක් තිබෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අන්තර්-පරම්පරා ප්‍රශ්න පවා සුව කරමින් පවුල් එකමුතු කිරීම ගැන මිතුරන් පැවසූ අසාමාන්‍ය ලෙස අධ්‍යාත්මික සෘජු අත්දැකීම් දෙකක් මම ඔවුන්ගේ අවසරය ඇතුව බෙදාගන්නම්.3 “අනන්ත සහ සදාකාලික,”4 “මරණයේ බැමිවලට වඩා ශක්තිමත්,”5 වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමට අපගේ අතීතයට සාමය සහ අපගේ අනාගතයට බලාපොරොත්තුවක් ගෙන ඒමට අපට උදව් කරන්න පුළුවන්.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවට සම්බන්ධ වූ මගේ මිතුරිය සහ ඇගේ සැමියා, පවුල් සබඳතා “මරණය තෙක්” පමණක් නොවන බව ප්‍රීතියෙන් යුතුව ඉගෙනගත්තා. ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ, පවුල් වලට සදාකාලිකව (මුද්‍රා වී) එක්සත් වෙන්න පුළුවන්.

නමුත් මගේ මිතුරියට ඇගේ පියාට මුද්‍රා වීමට අවශ්‍ය වුණේ නෑ. “ඔහු මගේ මවට හොඳ සැමියෙක් ලෙස හිටියේ නෑ. ඔහු තම දරුවන්ට හොඳ පියෙක් වුණේ නෑ,” ඇය පැවසුවා. “මගේ තාත්තාට බලාගෙන ඉන්න වෙයි. ඔහුගේ දේවමාළිගාවේ කාර්යය කිරීමටත්, සදාකාලයටම ඔහු සමඟ මුද්‍රා වීමටත් මට ආශාවක් නෑ.”

අවුරුද්දක් පුරා ඇය නිරාහාරව සිටිමින්, යාච්ඤා කරමින්, ස්වාමින්වහන්සේ සමඟ ඇගේ පියා ගැන බොහෝ දේ කතා කළා. අවසානයේ ඇය සූදානම් වුණා. ඇගේ පියාගේ දේවමාළිගා කටයුතු සම්පූර්ණ කළා. පසුව ඇය මෙසේ පැවසුවා: “මගේ නින්දේදී මගේ පියා මට සිහිනයකින් පෙනී සිටියා, ඔහු මුළුමනින්ම සුදු ඇඳුමින් සැරසී සිටියා. ඔහු වෙනස් වී තිබුණා. ඔහු කිව්වා, ‘මා දිහා බලන්න. මම පිරිසිඳුයි. මා වෙනුවෙන් දේවමාළිගාවේ වැඩ කිරීම ගැන ඔබට ස්තූතියි.’” ඇගේ පියා තවදුරටත් මෙසේ කිව්වා, “නැඟිට නැවත දේවමාළිගාවට යන්න; ඔබේ සහෝදරයා බව්තීස්ම වෙන්න බලාගෙන ඉන්නවා.”

මගේ මිත්‍රයා මෙසේ පැවසුවා “මගේ මුතුන් මිත්තන් සහ මිය ගිය අය ඔවුන්ගේ වැඩකටයුතු සිදුවන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිනවා.”

“මා සම්බන්ධයෙන් ගත් කල, දේවමාළිගාව යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් සුවකරන, ඉගෙනගන්නා සහ පිළිගැනීමේ ස්ථානයක්.”

දෙවන අත්දැකීම. තවත් මිතුරෙකු ඔහුගේ පවුල් ඉතිහාසය ගැන උනන්දුවෙන් සොයා බැලුවා. ඔහුට තම සීයාගේ පියාව හඳුනා ගැනීමට අවශ්‍ය වී තිබුණා.

එක් හිමිදිරි උදෑසනක, මගේ මිතුරා පැවසුවේ ඔහුගේ කාමරයේ මිනිසෙකුගේ ආධ්‍යාත්මික පැමිණීමක් ඔහුට දැනුණු බවයි. ඔහුව සොයා ගැනෙනවාට සහ ඔහුගේ පවුල තුළ ඔහුව දැන ගැනෙනවාට මේ මිනිසාට අවශ්‍ය වුණා. තමන් දැන් පසුතැවිලි වී ඇති වරදක් ගැන මේ මිනිසා කණස්සලු වුණා. මගේ මිතුරාට ඔහුගේ සීයාගේ පියා යැයි සිතූ පුද්ගලයා සමඟ මගේ මිතුරාට කිසිඳු DNA සම්බන්ධයක් නොමැති බව තේරුම් ගැනීමට මේ මිනිසා උදව් කළා. “වෙනත් වචන වලින් කියනවා නම්, මම මගේ සීයාගේ පියාව සොයාගෙන ඇති අතර, අපේ පවුලේ වාර්තාවල අපේ සීයාගේ පියා යැයි පවසන පුද්ගලයා ඔහු නොවන බව මම දැනගත්තා,” ලෙස මගේ මිතුරා පැවසුවා.

ඔහුගේ පවුල් සබඳතා දැන් නිරවුල්, මගේ මිතුරා පැවසුවේ, “මට නිදහසක්, සාමයක් දැනෙනවා. මගේ පවුලේ අය කවුදැයි දැනගැනීම බොහෝම වැදගත්.” මගේ මිතුරා මෙහෙම සිතනවා, “නැමුණු අත්තක් නරක ගසක් නොවේ. අපි මේ ලෝකයට එන්නේ කෙසේද යන්න අප එයින් ඉවත් වන විට අප කවුරුන්ද යන්නට වඩා වැදගත් වෙන්නේ නෑ.”

ආත්මික ලෝකයේ ජීවත්ව සිටින අය ඇතුළුව පුද්ගලික සුවය සහ සාමය පිළිබඳ ශුද්ධලියවිලි සහ පූජනීය අත්දැකීම්, මූලධර්ම පහක් අවධාරණය කරනවා.

පළමුවැන්න: දෙවියන්වහන්සේගේ මිදීමේ සහ ප්‍රීතියේ සැලැස්මේ කේන්ද්‍රය වන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින්, “නැවත කිසි විටෙකත් නොබෙදෙන පිණිස එනම් අපි පූර්ණත්වයේ ප්‍රීතිය ලබාගන්නා පිණිස”6 අපගේ ආත්මය සහ ශරීරය එක්සත් කිරීමට පොරොන්දු වීමයි.

දෙවනුව: වන්දිගෙවීම—ක්‍රිස්තුස්වහන්සේ තුළ ඒකත්වය—පැමිණෙන්නේ අප ඇදහිල්ල ක්‍රියාත්මක කර පසුතැවිල්ලට ඵල ගෙන දෙන විටයි.7 ලෞකික බවේදීත්, අමරණීය බවේදීත් එහෙමයි. දේවමාළිගාවේ නියෝග අපව හෝ ආත්මික ලෝකයේ සිටින අයව වෙනස් කරන්නේ නෑ. නමුත් මෙම දිව්‍යමය නියෝග මගින් ස්වාමින්වහන්සේ සමඟ ගිවිසුම් පාරිශුද්ධ කරගැනීමට හැකි වන අතර, එමගින් උන්වහන්සේ සහ එකිනෙකා සමඟ සමගිය ඇති කරගන්න පුළුවන් වෙනවා.

අප වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව සහ සමාව අපට දැනෙන විට අපගේ ප්‍රීතිය පිරී යනවා. ඒවගේම, අපි එකිනෙකාට උන්වහන්සේගේ කරුණාවේ හා සමාව දීමේ ආශ්චර්යය පුද කරන විට, අපට ලැබෙන දයාව සහ අප පිරිනමන දයාව ජීවිතයේ අසාධාරණයන් සාධාරණ කිරීමට උදව් වෙනවා.8

තෙවනුව: දෙවියන්වහන්සේ අපව හොඳින් හඳුනනවා අපට ප්‍රේම කරනවා. “දෙවියන්වහන්සේ සමච්චලයට ලක් වන්නේ නෑ,”9 එමෙන්ම උන්වහන්සේව රවටන්න බැහැ. පරිපූර්ණ දයාවෙන් හා යුක්තියෙන් යුතුව, උන්වහන්සේ නිහතමානී සහ පසුතැවිලි වන අයව තම ආරක්ෂිත දෑතින් වට කර ගන්නවා.

කර්ට්ලන්ඩ් දේවමාළිගාවේදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ඔහුගේ සොහොයුරු ඇල්වින් ස්වර්ග රාජ්‍යයේ ගැලවීම ලබා සිටිනවා දුටුවා. බව්තීස්ම කිරීමේ නියෝගය ලැබීමට පෙර ඇල්වින් මිය ගොස් සිටි බැවින් ජෝසෆ් අනාගතවක්තෘවරයා පුදුමයට පත් වුණා.10 සැනසිලිදායක ලෙස, ඒ ඇයි කියා ස්වාමින්වහන්සේ මෙසේ පැහැදිලි කළා: ස්වාමින්වහන්සේ “[අපගේ] ක්‍රියාවලට අනුව [අපගේ] සිත්වල අභිලාශයට අනුව [අපව] විනිශ්චය කරනු ඇත.”11 අපගේ ප්‍රාණයන් අපගේ ක්‍රියා සහ අභිලාෂයන් පිළිබඳ වාර්තා දරනවා.

කෘතඥපූර්වකව, ජීවත්ව සිටින අය සහ “පසුතැවිලි වූ මළවුන්ව, කීකරුකම සහ දෙවියන්වහන්සේගේ ගෘහයේ නියෝග තුළින්”12 සහ ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් මුදවනු ලබන බව අපි දන්නවා. ආත්මික ලෝකයේදී, පාප සහ වැරදි කරන අයට පවා පසුතැවිලි වීමට අවස්ථාව තිබෙනවා.13

ඊට පටහැනිව, හිතාමතාම දුෂ්ටකම තෝරා ගන්නා, දැනුවත්ව පසුතැවීම කල්දමන, හෝ ඕනෑම කලින් සැලසුම් කළ හෝ දැන දැනම පහසුවෙන් පසුතැවිලි වීමට සැලසුම් කරන ආඥා කඩ කරන අයව දෙවියන්වහන්සේ විසින් සහ “[ඔවුන්ගේ] සියලු වරදෙහි දීප්තිමත් මතකය මගින්”14 විනිශ්චය කරනු ලැබෙනවා. අපට සෙනසුරාදා දැනුවත්ව පව් කර, ඉරිදා සක්‍රමේන්තුවට සහභාගී වීමෙන් ස්වයංක්‍රීය සමාව අපේක්ෂා කරන්න බැහැ. ආත්මයාණන්ව අනුගමනය කිරීම යනු ධර්මදූත ප්‍රමිතීන්ට හෝ ආඥාවලට අවනත වීම නොවේ යැයි පවසන ධර්මදූතයින්ට හෝ වෙනත් අය, කරුණාකර මතකතබාගන්න ධර්මදූත ප්‍රමිතීන්ට සහ ආඥාවලට කීකරු වීම ආත්මයාණන්ට ආරාධනා කරනවා. අප කිසිවෙක් පසුතැවිලි වීම කල් දැමිය යුතු නෑ. අපි පසුතැවිලි වීමට පටන් ගන්නා විට පසුතැවිල්ලේ ආශිර්වාද ආරම්භ වෙනවා.

හතරවනුව: අන් අයට අවශ්‍ය නමුත් තමන් වෙනුවෙන් ඔවුන්ට කළ නොහැකි නියෝජිත ගැලවීමේ දේවමාළිගා නියෝග අපි පිරිනමන බැවින්, උන්වහන්සේට සමාන වීමට ස්වාමින්වහන්සේ අපට දිව්‍යමය අවස්ථාව ලබා දෙනවා. අපි “සයොන කන්දේ ගැලවුම්කරුවන්”16 බවට පත් වන විට අපි වඩාත් සම්පූර්ණ හා පරිපූර්ණ වෙනවා.15 අප අන් අයට සේවය කරන විට, පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්ට එම නියෝග අනුමත කර දෙන්නා සහ ලබන්නා යන දෙදෙනාවම පාරිශුද්ධ කරන්න පුළුවන්. ලබාදෙන්නා සහ ලබන්නා යන දෙදෙනාටම, ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් යන අයට පොරොන්දු වූ ආශිර්වාද කාලයාගේ ඇවෑමෙන් ලබමින්, පරිවර්තනය කිරීමේ ගිවිසුම් ඇති කර ගැනීමට සහ ගැඹුරු කරගැනීමට පුළුවන්.

අවසාන වශයෙන්, පස්වැන්න: ස්වර්ණමය රීතිය17 උගන්වන පරිදි, පසුතැවීම සහ සමාව දීමේ විශුද්ධිකරණ සමමිතිය අපට අවශ්‍ය සහ කැමති දේ අන් අයට පිරිනැමීමට අප එකිනෙකාට ආරාධනා කරනවා.

සමහර විට වෙනත් කෙනෙකුට සමාව දීමට ඇති අපගේ කැමැත්ත නිසා ඔවුන්ටත් අපටත් පසුතැවිලි වී සමාව ලැබිය හැකි යැයි විශ්වාස කිරීමට හැකියාව ලැබෙනවා. සමහර අවස්ථාවලදී පසුතැවිලි වීමට කැමැත්ත සහ සමාව දීමට ඇති හැකියාව විවිධ අවස්ථාවලදී පැමිණෙනවා. අපගේ ගැලවුම්කරුවාණන් දෙවියන්වහන්සේ සමඟ අපගේ මැදිහත්කරු වෙනවා, නමුත් අපි උන්වහන්සේ වෙතට පැමිණෙන විට අපව අප වෙතට සහ එකිනෙකා වෙතට ගෙන ඒමටද උන්වහන්සේ උපකාර කරනවා. විශේෂයෙන්ම අපගේ රිදීම සහ වේදනාව ගැඹුරු වන විට, අපගේ සබඳතා අලුත්වැඩියා කිරීම සහ අපගේ හදවත් සුවපත් කිරීම දුෂ්කරයි, සමහර විට අපට තනිවම එය කළ නොහැකියි. නමුත් අල්ලාගෙන සිටිය යුත්තේ කවදාද සහ අත්හැරිය යුත්තේ කෙසේද යන්න දැන ගැනීමට අපගේ ශක්තියෙන් ඔබ්බට ශක්තිය සහ ප්‍රඥාව ලබාදෙන්නට ස්වර්ගයට පුළුවන්.

අපි තනිවෙලා නැහැ කියලා තේරෙනකොට අපි තනි වෙනවා අඩුයි. අපගේ ගැලවුම්කරුවාණන් සෑම විටම තේරුම්ගන්නවා.18 අපගේ ගැලවුම්කරුවාණන්ගේ උපකාරයෙන් අපට අපගේ උඩඟුකම, අපගේ රිදවීම්, අපගේ පාපයන් දෙවියන්වහන්සේට භාර දෙන්න පුළුවන්. අපි ආරම්භ කරන විට අපට හැඟෙන්නේ කෙසේ වෙතත්, අපගේ සබඳතා සම්පූර්ණ කිරීමට උන්වහන්සේව විශ්වාස කරන විට අපි වඩාත් සම්පූර්ණ වෙනවා.

පරිපූර්ණව දකින සහ තේරුම්ගන්නා, ස්වාමින්වහන්සේ උන්වහන්සේ සමාව දෙන අයට සමාව දෙනවා; (අසම්පූර්ණ) අපි සියල්ලන්ටම සමාව දිය යුතුයි. අපි අපගේ ගැලවුම්කරුවාණන් වෙත පැමිණෙන විට, අපි අප කෙරෙහි යොමුකරන්නේ අඩු අවධානයක්. අපි අඩුවෙන් විනිශ්චය කර වැඩිපුර සමාව දෙනවා. උන්වහන්සේගේ ගුණ දයාව සහ කරුණාව19 විශ්වාස කිරීමෙන් වාද විවාදවලින්, කෝපයෙන්, අපයෝජනයෙන්, අත්හැරීමෙන්, අසාධාරණයෙන්, සමහර විට ලෞකික ලෝකයක භෞතික ශරීරයක් සමඟ එන ශාරීරික හා මානසික අභියෝගවලින් අපව නිදහස් කරගන්න පුළුවන්. සතුටින් සහ සදහටම යන්නෙන් අදහස් කරන්නේ සෑම සම්බන්ධතාවයක්ම සතුටින් හා සදහටම පවතිනු ඇති බව නොවෙයි. නමුත් සාතන් බැඳී සිටින සහස්‍ර වසර දහස් ගණනේදී20, අපට සදාකාලිකත්වය සඳහා සූදානම් වන විට ආදරය කිරීමට, තේරුම් ගැනීමට සහ දේවල් සකස් කිරීමට අවශ්‍ය කාලය සහ පුදුම සහගත ක්‍රම ලැබෙන්න පුළුවන්.

අපි එකිනෙකා තුළ ස්වර්ගයේ සමාජභාවය සොයා ගනියි.21 දෙවියන්වහන්සේගේ කාර්යයට සහ මහිමයට සතුට හා සදාකාලය ගෙන ඒම ඇතුළත් වෙනවා.22 සදාකාල ජීවනය සහ උත්කර්ෂය යනු දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනගැනීමයි, එවිට, දේව බලයෙන්, උන්වහන්සේලා සිටින තැන අප සිටියි.23

ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේ ස්වර්ගීය පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් ජීවමානයි. උන්වහන්සේලා සෑම ජාතියකටම භාෂාවකටම, අප සෑම කෙනෙකුටම සාමය, ප්‍රීතිය සහ සුවය පිරිනමනවා. ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා මගපෙන්වනවා. පසුදවස් වල එළිදරව් නොකඩවාම ලැබෙනවා. අපි අපගේ ස්වාමින්වහන්සේගේ ශුද්ධ ගෘහයේ සිට අපගේ ගැලවුම්කරුවාණන් වෙතට ළං වෙමු, අපගේ සියලු පරම්පරාවලදී ක්‍රිස්තුස්වහන්සේ දුන් දයානුකම්පාවෙන්, සත්‍යයෙන් සහ දයාවෙන් අපගේ හදවත් එකට එකතු කරගන්නා විට—මේ කාලයේදී සහ සදාකාලිකව, සතුටින් හා සදහටම, උන්වහන්සේ අපව දෙවියන්වහන්සේ වෙතට හා එකිනෙකා වෙතට ළං කරවනු ලැබේවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ, එය හැකියි; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ එය සත්‍යයක්. මම එසේ සාක්ෂි දරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.