ප්‍රධාන සම්මන්ත්‍රණය
දේවමාළිගාව කෙරෙහි අවධානය යොමු කරන්න
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


දේවමාළිගාව කෙරෙහි අවධානය යොමු කරන්න

දේවමාළිගාවේ වැඩි වේලාවක් ගතකිරීම ඔබේ ජීවිතයට අන් කිසිවකට කළ නොහැකි ආකාරයෙන් ආශිර්වාද කරන බවට මම පොරොන්දු වෙනවා.

හිතවත් සහෝදර සහෝදරියනි, ප්‍රධාන සම්මන්ත්‍රණයේ මේ අනර්ඝ සැසි පහ තුළදී, ස්වර්ගය විවෘත වී ඇති බව අපි නැවත වරක් අත්දැක තිබෙනවා! ඔබ ඔබේ හැඟීම් සටහන් කරගෙන ඇති බවත් ඔබ ඒවා අනුගමනය කරාවි කියාත් මම යාච්ඤා කරනවා. අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට උපකාර කිරීමට සූදානම්ව සිටිනවා. උන්වහන්සේලාගේ උපකාරය පැතීමට ඔබේ උත්සාහය වැඩි කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

මෑතකදී, මොර්මොන්ගේ පොතේ වීඩියෝ මාලාවේ 4 වෙනි කතා මාලාව බැලීමට නෙල්සන් සහෝදරියට සහ මට අවස්ථාව ලැබුණා.1 අපි ඒවායින් ආශ්වාදයක් ලැබුවා! නෙපිවරුන්ට ගැලවුම්කරුවාණන්ගේ දර්ශනය වීම නිරූපනය කරන දර්ශනයෙන් කෙටි උපුටනයක් මම ඔබට පෙන්වන්නම්.

ගැලවුම්කරුවාණන් දේවමාළිගාවේදී මිනිසුන්ට පෙනී සිටීමට තෝරා ගැනීම වැදගත්. එය උන්වහන්සේගේ නිවස. එය පිරී තිබෙන්නේ උන්වහන්සේගේ බලයෙන්. ස්වාමින්වහන්සේ දැන් අප වෙනුවෙන් කරන දේ අපි කිසි විටෙකත් අමතක නොකර සිටිමු. උන්වහන්සේ තම දේවමාළිගා වලට ප්‍රවේශය වඩා පහසු කරවනවා. අපි දේවමාළිගා ගොඩනගන වේගය උන්වහන්සේ වේගවත් කරනවා. ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට උපකාර කිරීමට උන්වහන්සේ අපගේ හැකියාව වැඩි කරනවා. එමෙන්ම අප සෑම කෙනෙකුටම ආත්මිකව පිරිපහදු වීමට උන්වහන්සේ පහසු කරවනවා. දේවමාළිගාවේ වැඩි වේලාවක් ගතකිරීම ඔබේ ජීවිතයට අන් කිසිවකට කළ නොහැකි ආකාරයෙන් ආශිර්වාද කරන බවට මම පොරොන්දු වෙනවා.

අප සතුව දැනට ක්‍රියාත්මක වන දේවමාළිගා 168ක් තිබෙන අතර, නව දේවමාළිගා 53ක් ඉදිවෙමින් පවතිනවා ඒවගේම තවත් 54ක් පූර්ව ඉදිකිරීම් සැලසුම් අදියරේ පවතිනවා!2 පහත සඳහන් සෑම ස්ථානයකම නව දේවමාළිගාවක් ඉදිකිරීමට අපගේ සැලසුම් ප්‍රකාශ කිරීමට මම සතුටුයි: බුසාන්, කොරියාව; නාගා, පිලිපීනය; සන්තියාගෝ, පිලිපීනය; එකෙට්, නයිජීරියාව; චික්ලයෝ, පේරු; බුවනෝස් අයර්ස් සිටි සෙන්ටර්, ආර්ජන්ටිනාව; ලොන්ඩ්රීනා, බ්‍රසීලය; රිබියෙරෝ ප්‍රෙටෝ, බ්‍රසීලය; හුවෙහුවෙටෙන්ගෝ, ග්වාතමාලාව; ජැක්සන්විල්, ෆ්ලොරිඩා; ග්‍රෑන්ඩ් රැපිඩ්ස්, මිචිගන්; ප්රෝස්පර්, ටෙක්සාස්; ලෝන් මවුන්ටන්, නෙවාඩා; සහ ටකොමා, වොෂින්ටන්.

දැනට පවතින දේවමාළිගාවකට ගමන් කරන කාලය ප්‍රධාන අභියෝගයක් වන තෝරාගත් විශාල නාගරික ප්‍රදේශවල දේවමාළිගා කිහිපයක් ඉදිකිරීමට ද අපි සැලසුම් කරමින් සිටිනවා. එබැවින්, මෙක්සිකෝ නගරය ආසන්නයේ නව දේවමාළිගා ඉදිකරන අමතර ස්ථාන හතරක් ප්‍රකාශ කිරීමට මම සතුටුයි, ඒ තමයි කුවෙර්නාවාකා, පචුකා, ටලුකා, සහ ටුලා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ කිසිදාක නොකළ ආකාරයෙන් දේවමාළිගා කෙරෙහි අවධානය යොමු කරන්න. සෑම දිනකම දෙවියන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප වීමට මම ඔබට ආශිර්වාද කරනවා. මම ඔබට ආදරෙයි. අපි නැවත හමුවන තුරු දෙවියන්වහන්සේ ඔබ සමඟ වේවා ලෙස, මම යාච්ඤා කරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. මෙම නව වීඩියෝ ශුභාරංචි පුස්තකාලයේ සහ අනෙකුත් නාලිකාවල බොහෝ භාෂාවලින් ලබාගත හැකිය. එම කථාංග මෙම සම්මන්ත්‍රණයෙන් පසු අද සිට සතිපතා ප්‍රකාශයට පත් කෙරේ.

  2. 2022 ඔක්තෝම්බර් 1 දින වන විට, තවත් දේවමාළිගා හතරක් ප්‍රතිසංස්කරණය වෙමින් පවතී (සෙන්ට් ජෝර්ජ්යූටා, මන්ටි යූටා, සෝල්ට් ලේක්, සහ කොලොම්බස් ඔහයෝ), සහ තවත් තුනක් කැප කිරීමට බලා සිටී (හැමිල්ටන් නවසීලන්තය, ක්විටෝ එක්වදෝරය, සහ බෙලෙම් බ්‍රසීලය).