ප්‍රධාන සම්මන්ත්‍රණය
ස්ථීර අනුගාමිකත්වය
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ස්ථීර අනුගාමිකත්වය

අපගේ ඇදහිල්ලේ ගිනිදැල් පවත්වා ගෙන යාමට සහ ස්ථීර කිරීමට අවශ්‍ය ශුද්ධ වූ පුරුදු සහ ධර්මිෂ්ඨ චර්යාවන් පෝෂණය කරන විට අපට ආත්මික විශ්වාසය හා සාමය සොයාගත හැකි බව මම දන්නවා.

මෙම පසුගිය ගිම්හානයේ දී, ලොව පුරා සිටින අපගේ යෞවන යෞවනියන් 200,000 කට අධික සංඛ්‍යාවක්, යෞවනයින්ගේ ශක්තිය සඳහා නොහොත් FS‍Y සම්මන්ත්‍රණවල සති ගණනක් පුරා තිබූ සැසිවාරවලදී ඇදහිල්ලෙන් යුතුව වර්ධනය වුණා. වසංගත හුදකලාවෙන් පිටතට පැමිණෙමින්, සහභාගී වීම පවා බොහෝ දෙනෙකුට ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ ක්‍රියාවක් වුණා. බොහෝ තරුණ සහභාගිවන්නන් ක්‍රමයෙන් වර්ධනය වන සහ ගැඹුරු වන හැරීමක් අනුගමනය කරන බව දැකීමට තිබුණා. ඔවුන්ගේ සතිය අවසානයේදී, “සම්මන්ත්‍රණය කොහොමද?” කියා මම ඔවුන්ගෙන් ඇසීමට කැමති.

ඔවුන් සමහර විට මේ වගේ දෙයක් කිව්වා: ඇත්තටම, සඳුදා මම මගේ අම්මා සමඟ හරිම කෝපයෙන් සිටියේ, ඇය මට ඇවිත් මේක කරන්න සැලැස්සුව නිසා. ඒ වගේම මම කිසිවෙකුව දැනගෙන සිටියේ නැහැ. ඒ වගේම මම හිතුවේ නැහැ මේ සම්මන්ත්‍රණය මට ගැලපෙයි කියලා. ඒවගේම මම හිතුවා මට මිතුරන් නැති වෙයි කියලා. … ඒත් අද සිකුරාදා, මට මෙහි ඉන්න අවශ්‍යයි. මට මගේ ජීවිතයේ ආත්මයණන්වහන්සේව දැනීමට අවශ්‍යයි. මට මේ විදියට ජීවත් වෙන්න අවශ්‍යයි.”

ඔවුන්ගේ අධ්‍යාත්මික වර්ධනයට සහ ගැඹුරු හැරී ඒමට දායක වූ අධ්‍යාත්මික ත්‍යාගවලින් ආශිර්වාද ලැබූ බව ඔවුන්ට හැඟුණු අවස්ථා පිළිබඳව තමන්ගේම කතාවක් ඔවුන් සෑම දෙනෙකුටම තිබෙනවා. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නිර්දය ලෙස ප්‍රතිචාර දක්වන මෙම තරුණ ජනකායේ එක් එක් හදවත් වල ධර්මිෂ්ඨ ආශාවන්ට ප්‍රතිචාර දක්වනු මම දැක ඇති නිසා, ඔවුන් එක් එක්කෙනා සතියක් උන්වහන්සේ අසල රැඳෙමින් උන්වහන්සේව විශ්වාස කිරීමට ධෛර්යය සොයාගත් ආකාරය දුටු මමත් මේ FSY සම්මන්ත්‍රණය හරහා වෙනස් වුණා.

මුහුදේ දීප්තිමත් වානේ නැව් මෙන්, අප ජීවත් වන්නේ අධ්‍යාත්මික වශයෙන් මලබැඳෙන පරිසරයකයි, එහිදී වඩාත් දිලිසෙන විශ්වාසයන් සිහියෙන් යුතුව පවත්වා ගත යුතු වෙනවා, නැතිනම් ඒවා කැටයම් වී, පසුව මල බැඳී කුඩු වී යනවා.

අපගේ විශ්වාසයේ ගින්න පවත්වා ගැනීමට අපට කළ හැකි දේවල් මොනවාද?

FS‍Y සම්මන්ත්‍රණ, කඳවුරු, සක්‍රමේන්තු රැස්වීම් සහ ධර්මදූත සේවාවන් වැනි අත්දැකීම්, වර්ධනයේ කව සහ අධ්‍යාත්මික සොයාගැනීම් හරහා සාපේක්ෂ සාමයේ ස්ථාන කරා අපව රැගෙන යාමින් අපගේ සාක්ෂි වර්ධනය කිරීමට උපකාර වෙන්න පුළුවන්. නමුත් පසුපසට ලිස්සා යනවාට වඩා එහි රැඳී සිටීමට සහ “ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරව ඉදිරියට යාමට” (2 නෙපි 31:20) අප කළ යුත්තේ කුමක්ද? නිතර යාච්ඤා කිරීම, ශුද්ධලියවිලි වල ගිලී සිටීම සහ අවංකව සේවය කිරීම වැනි අපව මුලින්ම එහි ගෙන ආ දේවල් අපි දිගටම කළ යුතුයි.

අපගෙන් සමහරෙකුට සක්‍රමේන්තු රැස්වීමට සහභාගි වීම පවා ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමේ අභ්‍යාසයක් වෙන්න පුළුවන්. නමුත් අපි එහි ගිය පසු, ස්වාමින්වහන්සේගේ සක්‍රමේන්තුවේ සුව කිරීමේ බලපෑම, ශුභාරංචි මූලධර්ම සිතට කාවැද්දීම සහ සභාවේ සාමාජිකයන් විසින් පෝෂණය කිරීම මගින්, ඉහළින් ඇති අපගේ නිවස කරා අපව ගෙනයනවා.

පෞද්ගලිකව එකට එකතු වීමේ බලය පැමිණෙන්නේ කොහෙන්ද?

FS‍Y හිදී, අපගේ තරුණ තරුණියන් සියදහස් ගණනක් සහ ඊට වැඩි පිරිසක් ගැලවුම්කරුවාණන්ව වඩාත් හොඳින් දැන හඳුනා ගත්තේ ඔවුන්ගෙන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් උන්වහන්සේගේ නාමයෙන් එක්රැස් වීමේ සරල සූත්‍රයක් භාවිතා කරමින් (බලන්න මතෙව් 18:20), ශුභාරංචිය සහ ශුද්ධලියවිලි පාඨ එකතු කරගැනීමෙන්, එකට ගායනා කිරීමෙන්, එකට යාච්ඤා කිරීමෙන් සහ ක්‍රිස්තුස්වහන්සේ තුළ සාමය සොයා ගැනීමෙන් ඔවුන් එය කළා. මෙය අධ්‍යාත්මික පිබිදීම සඳහා ප්‍රබල බෙහෙත් වට්ටෝරුවක්.

මේ දුර බැහැර සහෝදර සහෝදරියන් පිරිස දැන් ගෙදර ගොස් තිබෙන්නේ විවිධ අසීමිත ලෞකික බලපෑම් ඇති ලෝකයක තවමත් “ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම” (හිතෝපදේශ 3:5; 2022 තරුණ තේමාව) යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තීරණය කිරීමටයි. ශුද්ධලියවිලි පුළුල් ලෙස විවෘතව තබා මෙනෙහි කිරීමේ නිහඬ ස්ථානයක “උන්වහන්සේට සවන් දීම” (ජෝසෆ් ස්මිත්—ඉතිහාසය1:17) එක දෙයක්. නමුත් අවධානය වෙනතකට යොමු කරන මෙම මනුශ්‍ය ඝෝෂාව තුළට අපගේ අනුගාමිකත්වය ගෙන යාම සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්, එහිදී අප ආත්මාර්ථකාමීව නොපැහැදිලි බව සහ ආත්ම-විශ්වාසයෙන් පැකිළීම තුළින් පවා “උන්වහන්සේට සවන් දීමට” උත්සාහ කළ යුතුයි. කිසිඳු සැකයකින් තොරව, එය අපේ කාලයේ වෙනස් වන සදාචාරාත්මක ක්‍රියාදාමයන්ට එරෙහිව කෙළින් සිට ගැනීමට අපගේ තරුණයින් තම හදවත් සහ මනස සකස් කරන විට ඔවුන් විසින් ප්‍රදර්ශනය කරන ලද වීරත්වයේ ගුණාංග වෙනවා.

සභාවේ ක්‍රියාකාරකම්වල ඇති වූ ගම්‍යතාව ගොඩනැගීමට පවුල්වලට නිවසේදී කළ හැක්කේ කුමක්ද?

මම වරක් ස්ටේක තරුණ ගැහැණු ළමයින්ගේ සභාපතිනිගේ සැමියා ලෙස සේවය කළා. එක් රාත්‍රියක මගේ බිරිඳ ඊළඟ සතියේ තරුණ ගැහැණු ළමයින්ගේ කඳවුරට සහභාගී වීමට සූදානම් වන දියණියන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා සභාවේ රැස්වීමක් මෙහෙයවන අතරතුර මට ප්‍රවේශ ශාලවේ විස්කෝතු (කුකීස්) පිළියෙළ කිරීමට භාර වුණා. සිටිය යුතු තැන සහ ගෙන ආ යුතු දේ පැහැදිලි කිරීමෙන් පසු ඇය මෙසේ පැවසුවා, “දැන්, අඟහරුවාදා උදේ ඔබ ඔබේ ආදරණීය ගැහැණු ළමයින් බස් රථය අසල බස්සවන විට, ඔබ ඔවුන්ව තදින් වැලඳගන්න ඕනෙ. ඔබ ඔවුන්ව සිපගෙන සමුදෙනවා—මොකද ඒ ඔවුන් ආපසු නොඑන නිසයි.”

කවුරුන් හෝ තදින් හුස්මක් පිටකරනවා මට ඇහුණා, මම තේරුම්ගත්තා ඒ මම කියලා. “නැවත පැමිණෙන්නේ නැද්ද?”

නමුත් පසුව ඇය තවදුරටත් මෙසේ පැවසුවා: “ඔබ අඟහරුවාදා උදේ ගැහැණු ළමයින්ව ඇරලවූ විට, ඔවුන් අනවශ්‍ය දේ වලට ඇති අවධානය වෙනතකට යොමු කර ඉගෙනගනිමින් සහ වර්ධනය වෙමින් සහ ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් සතියක් ගත කරනවා. අපගේ ඇටකටු තුළට උරාගන්නා තුරු අපි එකට යාච්ඤා කරන්නවා, ගායනා කරනවා, උයනවා, එකට සේවය කරනවා, එකට සාක්‍ෂි බෙදාගන්නවා සහ, සතිය පුරා, ස්වර්ගීය පියාණන්ගේ ආත්මය අපට දැනීමට ඉඩ සලසන දේවල් කරනවා. ඒවගේම සෙනසුරාදා, බස් රථයෙන් බහිනව දකින ගැහැණු ළමයි අඟහරුවාදා බස් රථයට ගොඩවූ ළමයි නොවේවි. ඔවුන් නව ජීවීන් වෙයි. ඔබ ඔවුන්ට එම ඉහළ තලයේ සිට ඉදිරියට යාමට උදව් කළහොත්, ඔවුන් ඔබව මවිතයට පත් කරයි. ඔවුන් දිගටම වෙනස් වෙමින් වර්ධනය වෙයි. ඔබේ පවුලේ අයත් එසේම වෙයි.”

එම සෙනසුරාදා ඇය අනාවැකි කී පරිදිම එය සිදු වුණා. මම කූඩාරම් පටවන විට, ගෙදර යාමට පෙර ගැහැණු ළමයි එකට එකතු වී සිටිය එළිමහන් රංග ශාලාව දෙසින් මගේ බිරිඳගේ කටහඬ මට ඇසුණා. “මේ ඉන්නේ ඔගොල්ලෝ කියා” මගේ බිරිඳ කියනවා මට ඇසුණා. අපි සතිය පුරාම ඔයාලා දිහා බලාගෙන සිටියා. අපේ සෙනසුරාදා ගැහැණු ළමයි.”

සයොනයේ ධෛර්ය සම්පන්න යෞවනයන් විස්මිත කාලයන් හරහා ගමන් කරනවා. අනාවැකි පලකර ඇති කඩාකප්පල්කාරී මේ ලෝකයේ කොටසක් නොවී එහි අන්ධ ස්ථානය සමඟ ශුද්ධකම දෙසින් එම ලෝකයේ සතුට සොයා ගැනීම ඔවුන්ගේ විශේෂ ගාස්තුවයි. “අපිට එකවරම විශ්වය දැනිය යුත්තේ, කුණාටුවකට ලක් වීමට නියමිත, රකුසන්ගේ බලකොටුවක් ලෙස නමුත් අපට සවස් වන විට ආපසු යා හැකි අපේම ගෘහය ලෙසත් එය දැනිය යුතුයි, කියා ජී. කේ. චෙස්ටරොන් නම් ඉංග්‍රීසි ලේඛකයා අවුරුදු සියගණනකට පෙර පැවසුවේ හරියට නිවස කේන්ද්‍ර කරගත් සහ සභාවේ සහාය ඇතිව යන මෙම ගවේෂණය ඔහු දුටුවා වගෙයි” (Orthodoxy [1909], 130).

ස්තූතිවන්ත වෙන්නට, ඔවුන් තනිවම පිටතට යන්නේ නෑ. ඔවුන්ට එකිනෙකා සිටිනවා. ඒ වගේම ඔවුන්ට ඔබ සිටිනවා. ඔවුන් ජීවමාන අනාගතවක්තෘවරයෙකු වන සභාපති රසල් එම්. නෙල්සන්ව අනුගමනය කරනවා, ඔහු දකින්නෙකුගේ දැන-උපේක්ෂාවේ නායකත්වයෙන් මේ කාලයේ මහා උත්සාහය—ඊශ්‍රායෙලයේ එක්රැස්වීම—උත්කර්ෂවත් මෙන්ම තේජාන්විත එකක් වනු ඇත බව ප්‍රකාශ කරනවා (බලන්න “Hope of Israel” [worldwide youth devotional, June 3, 2018], HopeofIsrael.ChurchofJesusChrist.org).

මේ ග්‍රීෂ්ම ඍතුවේදී මටත් මගේ බිරිඳ කලීන් හටත් වසර ගණනාවකට පෙර, මම නව ධර්මදූතයෙකුව සිටි ඇම්ස්ටර්ඩෑම් හි ගුවන් යානා හුවමාරුවක් කිරීමට සිදුවුණා. ලන්දේසි බස ඉගෙනීමට මගේ මාස ගණනාවක වෙහෙස මහන්සි වීමෙන් පසු, අපගේ KLM නම් ගුවන් යානය ගොඩබසිමින් තිබුණු අතර, ගුවන් නියමුවා මගීන් අමතමින් නිවේදනයක් සිදුකළා. මොහොතක නිහැඬියාවකින් පසු මගේ සහයිකාව මුමුණමින් “මම හිතන්නේ ඒ ලන්දේසි භාශවයි” කියා පැවසුවා. අපි හිස් ඔසවා බැලූ විට සියල්ලන්ටම තේරුනේ නෑ යන අදහස අපි එකිනෙකාගෙ මුහුණේ ලියවී තිබුණා.

නමුත් සියල්ල නැති වී නෑ. ධර්මදූතයන් ලෙස අප මත වැස්සවීමට නියමිත ආශ්චර්යයන් කරා යන ගමනේදී, එදා අපි මේ ගුවන් තොටුපළ හරහා ගමන් කරන විට අපි රැගෙන ගොස් තිබුණ ඇදහිල්ලේ පිම්ම ගැන මම පුදුමයට පත්වෙමින් සිටින විට, නිවස කරා යාමට ගුවන්යානයට ගොඩවෙමින් සිටි ජීවමාන, හුස්ම ගන්නා ධර්මදූතයෙකු විසින් මාව හදිසියේම වර්තමානයට ගෙන ආවා. ඔහු තමාව හඳුන්වා දෙමින්, “ලන්ඩ් සභාපතිතුමා, ශක්තිමත්ව සිටීමට මා කුමක් කළ යුතුද?” කියා ඇසුවා. ශක්තිමත්ව සිටීමට මා කුමක් කළ යුතුද?”

හොඳයි, FS‍Y සම්මන්ත්‍රණවලින්, තරුණ කඳවුරුවලින්, දේවමාළිගා චාරිකාවලින් පිටවන විට සහ ඕනෑම වේලාවක ඔවුන්ට ස්වර්ගයේ බලය දැනෙන විට අපගේ තරුණයින්ගේ සිත්වල ඇතිවන ප්‍රශ්නයම මෙයයි: “දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම මගින් අපව සදාකාලික අනුගාමිකයන් බවට පත් කරන්නේ කොහොමද?”

ඔහුගේ ධර්මදූතයේ අවසන් පැය කිහිපය තුළ සේවය කරන මේ පැහැදිලි-දර්ශනයක් ඇති ධර්මදූතයා ගැන මට දැනුනේ වර්ධනය වන ආදරයක්, ආත්මයේ එම ක්ෂණික නිශ්ශබ්දතාවය තුළ “උන්වහන්සේගේ නම දැරීමට ඔබ ලාංඡනය පැළඳිය යුතු නෑ” කියා කියන විට මගේ හඬේ හැඟීමබර හඬක් මට ඇසුණා.

මට ඔහුගේ උරහිස් මත අත් තබා මෙය කියන්නට අවශ්‍ය වුණා, “ඔබ කළ යුත්තේ මෙයයි. ඔබ නිවසට ගොස් මා පැහැදිලි කළ පරිදි කරන්න. ඔබ ඉතා හොඳයි, ඔබ අඳුරේ දිදුලනවා. ඔබගේ ධර්මදූත සේවය, විනය සහ පරිත්‍යාගයන් ඔබව දෙවියන්වහන්සේගේ විශිෂ්ට පුත්‍රයෙකු බවට පත් කර තිබෙනවා. ඔබ වෙනුවෙන් මෙතරම් ප්‍රබල ලෙස මෙහිදී ක්‍රියා කළ දේ නිවසේදී දිගටම කරගෙන යන්න. ඔබ යාච්ඤා කිරීමට, යාච්ඤා කරන්නේ කා හටද සහ යාච්ඤාවේ භාෂාව ඉගෙනගෙන තිබෙනවා. ඔබ උන්වහන්සේගේ වචන අධ්‍යයනය කර ගැලවුම්කරුවාණන් මෙන් වීමට උත්සාහ කිරීමෙන් උන්වහන්සේට ප්‍රේම කිරීමට පැමිණ තිබෙනවා. උන්වහන්සේ ස්වර්ගික පියාණන්ට ප්‍රේම කළාක් මෙන් ඔබත් උන්වහන්සේගේ පියාණන්ට ප්‍රේම කර තිබෙනවා, උන්වහන්සේ අන් අයට සේවය කළාක් මෙන් ඔබත් අන් අයට සේවය කළා, උන්වහන්සේ ජීවත් වූ ආකාරයටම ආඥාවන් තුළින් ඔබත් ජීවත් වුණා—ඔබ එසේ නොකළ විට, ඔබ පසුතැවිලි වී තිබෙනවා. ඔබේ අනුගාමිකත්වය කමිසයක සටන් පාඨයක් පමණක් නොවේ—හිතාමතාම අන්අය වෙනුවෙන් ජීවත්වීම ඔබේ ජීවිතයේ කොටසක් වී තිබෙනවා. ඉතින් ඔබ නිවසට ගොස් එය කරන්න. එලෙස වන්න. ඔබේ ජීවිතයේ ඉතිරි කාලය තුළ මෙම අධ්‍යාත්මික ගම්‍යතාව රැගෙන යන්න.”

ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගිවිසුම් මාර්ගය කෙරෙහි විශ්වාසය තැබීම තුළින් අපගේ ඇදහිල්ලේ ගිනිදැල් පවත්වා ගෙන යාමට සහ ස්ථීර කිරීමට අවශ්‍ය ශුද්ධ වූ පුරුදු සහ ධර්මිෂ්ඨ චර්යාවන් පෝෂණය කරන විට අපට ආත්මික විශ්වාසය හා සාමය සොයාගත හැකි බව මම දන්නවා. අපි සෑම කෙනෙකුම එම උණුසුම් ගිණිදැල් වෙත තව තවත් ළං වෙමු, එවිට කුමක් පැමිණියද, අපි රැඳී සිටිමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.