ප්‍රධාන සම්මන්ත්‍රණය
වචනයේ ගුණය
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


වචනයේ ගුණය

පුරාණ සහ නූතන අනාගතවක්තෘවරුන්ගේ වචන ස්වාමින්වහන්සේගේ වචන බැවින් ඔවුන්ගේ වචනවල ගුණයක් තිබෙනවා.

මොර්මොන්ගේ පොතේ, ආදරණීය ශුද්ධලියවිලි පදයක අනාගතවක්තෘ ඇල්මා විසින් ගන්නා ලද වැදගත් තීරණයක් ගැන අපි කියවනවා. එම හුරුපුරුදු වචන සමාලෝචනය කිරීමට පෙර, එම තීරණය ගන්නා විට ඇතිවූ දුෂ්කර තත්වයන් මා සමඟ සලකා බලන්න.

සෝරාම්වරුන් ලෙස ඔවුන්වම හඳුන්වාගන්නා ලද මිනිසුන් කොටසක් නෙපිවරුන්ගෙන් වෙන් වී1 ලාමන්වරුන් අසල දේශ සීමාවේ රැස්ව සිටියා.2 දස දහස් ගනනක් මිය ගිය, පෙර නොවූ විරූ සටනකින් නෙපිවරු මෑතකදී ලාමන්වරුන්ව පරාජය කර සිටි අතර,3 “සෝරාම්වරුන් ලාමන්වරුන් සමඟ මිත්‍ර සම්බන්ධකමකට ඇතුල්වන්නේයයිද තවද එනම් එය නෙපිවරුන් හට බලවත් නැතිවීමක් වන්නේ යයිද බියවුණා.”4 යුධමය තත්වයට වඩා “දෙවියන්වහන්සේගේ වචනය දේශනා කළ,”5 සෝරාම්වරුන් රූප නමස්කාරයට යොමු වෙමින් “ස්වාමින්වහන්සේගේ මාර්ගයන් විකෘති කරන බව” ඇල්මා දැනගෙන තිබුණා.6 මේ සියල්ල ඇල්මාට මහත් බරක් වූ අතර එය “මහත් දුකකටද හේතු වුණා.”7

මෙම සංකීර්ණ හා අභියෝගාත්මක තත්වයන් තුළ තමා කළ යුත්තේ කුමක්දැයි ඇල්මා කල්පනා කළා. අපගේ දවස්වල සංකීර්ණ සහ අභියෝගාත්මක තත්වයන් තුළදී අපව දිරිමත් කිරීමට සහ උපදෙස් දීමට සංරක්ෂණය කර ඇති වචන ඔහුගේ තීරණයේ දී අපට කියවීමට පුළුවන්.8

“දැන්, වචනය දේශනා කිරීම මගින් මිනිසුන්ව සාධාරණ දේ කිරීමට පෙළඹවීම සඳහා විශාල ප්‍රවණතාවක් ඇති බැවින්—ඔව්, එය කඩුවට හෝ වෙනත් දෙයකට වඩා ජනතාවගේ මනස කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කර [තිබෙනවා], එය ඔවුන් කෙරෙහි සිදුවී [තිබෙනවා]—එබැවින් ඇල්මා සිතුවේ ඔවුන් දෙවියන්වහන්සේගේ වචනයේ ගුණය අත්හදා බැලීම සුදුසු බවයි.”9

බොහෝ විසඳුම් අතර, ඇල්මාගේ ඇදහිල්ල ඔවුන්ව වචනයේ බලය මත රැඳවීමට හේතු වුණා. ශුද්ධලියවිල්ලේ කොතැනක හෝ දක්නට ලැබෙන බලවත්ම දේශනා කිහිපයක් එම තීරණයෙන් පසු වහාම දේශනා කිරීම අහම්බයක් නොවේ. ඇල්මා 32 සහ 33 පරිච්ඡේදවල අපි ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල පිළිබඳ ඔහුගේ විශිෂ්ට දේශනය කියවන අතර, 34 පරිච්ඡේදයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ අමුලෙක්ගේ මූලික ඉගැන්වීම් අපට හමුවෙනවා.

වචනයේ ගුණය පිළිබඳ නිදර්ශන

ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ වචනයේ ගුණය අත්හදා බැලීමට තෝරාගත් අය මත වැගිරෙන ආශ්චර්යමත් ආශිර්වාද ගැන ශුද්ධලියවිලි පුරාවටම අපි කියවනවා.10 “අපගේ පසුදවස් වල පැවැත්මේ මාර්ගෝපදේශය” ලෙස සභාපති රසල් එම්. නෙල්සන් විස්තර කළ පොත වන—මොර්මොන්ගේ පොත වෙත අපගේ අවධානය යොමු කරන විට මා සමඟ උදාහරණ තුනක් ගැන මෙනෙහි කිරීමට මම ඔබට ආරාධනා කරනවා.11

පළමුව, ස්වාමින්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ව ගලවා ගත් ආකාරය ඔහුගේ සෙනඟට මතක් කරමින්, ඇල්මා මෙසේ ඉගැන්වූවා: “බලන්න, උන්වහන්සේ ඔවුන්ගේ හදවත් වෙනස් කළ සේක; එසේය, උන්වහන්සේ ඔවුන්ව ගැඹුරු නින්දකින් පිටතට අවදි කළ සේක, තවද ඔවුහු දේවියන්වහන්සේ වෙතට අවදි වූ සේක. බලන්න, ඔවුහු අන්ධකාරයේ මැද සිටියෝය; එසේවුවත්, ඔවුන්ගේ ප්‍රාණයන් සදාකාල වචනයේ ආලෝකයෙන් අලෝකමත් කරනු ලැබීය.”12 සමහරවිට ඔබ අඳුර මැද සිටින්නාක් මෙන් ඔබට දැනෙනවා වන්නට පුළුවන්. ඔබේ ආත්මය ආලෝකය සඳහා උවමනාවෙන් බලා සිටිනවාද? එසේ නම්, කරුණාකර වචනයේ ගුණය උත්සාහ කරන්න.

දෙවනුව, අම්මොන් ධර්මදූතයෙකු ලෙස සිටියදී, ඔහු දුටු ස්වාමින්වහන්සේ ලාමන්වරුන් හට කළ පරිවර්තනය පිළිබිඹු කරමින්, ඔහු මෙසේ පැවසුවා, “බලන්න, අපගේ සහෝදරයන් බොහෝ දහස් ගණනක් උන්වහන්සේ නිරයේ වේදනා වෙතින් ලිහිල් කල සේක්ද; තවද ඔවුන්ව මිදවීමේ ප්‍රේමය ගායනා කිරීමට පැමිණෙවු සේක, තවද මෙය අප තුළ වූ උන්වහසේගේ වචනයේ බලය නිසාය.13 සහෝදර සහෝදරියනි, මිදීමේ ප්‍රේමය ගයන්නට අප ආදරය කරන කෙනෙකු ගෙන ඒම සඳහා ආශා කරන බොහෝ දෙනෙක් අප අතර සිටිනවා. අපගේ සියලු උත්සාහයන් වලදී, අප තුළ ඇති දෙවියන්වහන්සේගේ වචනයේ ගුණය උත්සාහ කිරීමට අපි මතක තබාගනිමු.

තෙවනුව, හිලමන්ගේ පොතේ අපිට මෙසේ කියවීමට පුළුවන්, “කවරෙකු වුවත් ජීවමාන බලවත්වූ දෙවියන්වහන්සේගේ වචනය අල්ලා ගන්නේ නම්, යක්ශයාගේ සියලු ප්‍රයෝගන් සහ උගුල් සහ සැලැස්මවල් දෙකඩ කර ක්‍රිස්තුස්වහන්සේගේ මනුෂ්‍යයා (සහ කාන්තාව) අවහිර සහ පටු මාර්ගය හරහා සදාකාලික දුක්ඛිතකමේ ආගාධයෙන් ඉවතට මගපෙන්වා … ඔවුන්ගේ ප්‍රාණයන් … ස්වර්ග රාජ්‍යයේ දෙවියන්වහන්සේගේ දකුණු භාගයේ නවතින්නේය.”14 ඔබ අපේ කාලයේ දර්ශනවාදයන් තුළ ඉතා ප්‍රචලිතව පවතින යක්ෂයාගේ සියලු කපටිකම්, උගුල් සහ උපායන් කපා හැරීමට උත්සාහ කරනවාද? ගිවිසුම් මාර්ගය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා තොරතුරු බහුල වීම නිසා ඇතිවන ව්‍යාකූල වලාකුළු විසුරුවා හැරීමට ඔබ කැමතිද? කරුණාකර දෙවියන්වහන්සේගේ වචනයේ ගුණය උත්සාහ කරන්න.

අපගේ ආදරණීය අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන් විසින් ඉතා අලංකාර ලෙස ඉගැන්වූ මෙම සත්‍යය පිළිබඳව වචනයේ බලයෙන් වෙනස් වූ අයෙකු ලෙස, මම පුද්ගලිකව සාක්ෂි දරනවා: “මට නම්, මොර්මොන්ගේ පොතේ බලය වඩාත් පැහැදිලිව පෙනෙන්නේ එය කියවන අයගේ ජීවිතවලට ‘අවංක හදවතකින්, සැබෑ චේතනාවෙන්, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතිව’ එන ප්‍රබල වෙනස තුළයි. බොහෝ හැරී එන්නන් එම පොතේ නියමයන් පිළිපැදීම සඳහා ඔවුන් කලක් ආදරය කළ බොහෝ දේ අත්හැර දමනවා. … එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ප්‍රාණයන් ගෙන ඒම සඳහා ඔබේ වඩාත් ඵලදායී මෙවලමයි.”15

ගුණවන්ත බවේ මූලාශ්‍රය

මෙම සහ අනෙකුත් නිදර්ශනවලදී, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ වචනයේ ගුණය අපි දකිනවා. එම ගුණය හෝ බලයේ මූලාශ්‍රය කුමක්ද? කියා අපිට අසන්න පුළුවන්.

අපි මෙම ප්‍රශ්නය සලකා බලන විට, ශුද්ධලියවිලි භාවිතා කර ඇති “වචනය” යන වාක්‍ය ඛණ්ඩයට අවම වශයෙන් අර්ථ දෙකක්වත් ඇති බව මතක තබා ගැනීම අත්‍යවශ්‍යයි. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෑතකදී මෙසේ ඉගැන්වුවා “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එක් නාමයක් වන්නේ ‘වචනයයි’” ඒවගේම “ශුද්ධලියවිලිවල සටහන් කර ඇති ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම්ද ‘වචනයයි’”16.

අනාගතවක්තෘ නෙපි මෙම අර්ථ දෙක අතර සම්බන්ධය මෙසේ ලිවීමෙන් නිදර්ශනය කළා: “මේ වචනවලට සවන් දී ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන්න; නුඹලා මෙම වචන විශ්වාස නොකරන්නහු නම් වුවද ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන්න. නුඹලා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නහු නම් නුඹලා මෙම වචන කෙරෙහි විශ්වාස කරනු ඇත , මක්නිසාද ඒවා ක්‍රිතුස්වහන්සේගේ වචනයි, උන්වහන්සේ ඒවා මා හට දී ඇති සේක”.17 පුරාණ සහ නූතන අනාගතවක්තෘවරුන්ගේ වචන ස්වාමින්වහන්සේගේ වචන බැවින් ඔවුන්ගේ වචනවල ගුණයක් ඇති බව මේ අනුව අපි නිවැරදිව ඉගෙන ගන්නවා.18 මගේ හිතවත් මිත්‍රවරුනි, “දේශයේ සාගතයක් තිබේ, එය රොටී සඳහාවත් පිපාසයට වතුර සඳහාවත් නොව, ස්වාමින්වහන්සේගේ වචන ඇසීමේ සාගතයක්ය”19 යන මෙම සදාකාලික සත්‍යය පිළිගැනීම අපගේ අවසාන දිනවල අධ්‍යාත්මික පැවැත්මට ඉතා වැදගත්.20

අවසාන වශයෙන්, දෙවියන්වහන්සේගේ වචනයේ ගුණය ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යි.21 අපි මෙය වඩාත් සම්පූර්ණයෙන් වටහා ගන්නා විට, උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ කාර්යභාරය සහ මිදුම්කරුවාණන් අතර සදාකාලිකව වැදගත් සම්බන්ධතාවක් අපිට දැකගන්න පුළුවන්. උන්වහන්සේ කෙරෙහි අපට ඇති ප්‍රේමය, උන්වහන්සේ වෙත ලං වීමට සහ උන්වහන්සේගේ ප්‍රේමයෙහි රැඳී සිටීමට අපට ඇති ආශාව,22 අපගේ පුද්ගලික ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් ලෙස උන්වහන්සේගෙන් ගලා එන ගුණය23 සහ “ස්වාමින්වහන්සේගේ තෝරාගත් සේවකයන්ගේ” වචන හරහා ගලා එන උන්වහන්සේගේ ගුණය යන දෙකම24 අපගේ ජීවිතයේ වචනයේ ගුණය අත්හදා බැලීමට අපව දිරිමත් කරනවා. ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ වචන පිළිබඳ අපගේ අධ්‍යයනයේදී වෙනත් මූලාශ්‍ර ප්‍රයෝජනවත් විය හැකි නමුත් ඒවා කිසි විටෙකත් ඒ වෙනුවට ආදේශකයක් නොවිය යුතු බව අපි වටහා ගත යුතුයි. බොහෝ විට අපි ගැඹුරින්25 සහ සෘජුවම එම මූලාශ්‍රයන්ගෙන්ම ඉගෙනගත යුතුයි.26

මගේ සහෝදර සහෝදරියන් වන ඔබ සැමට මම මගේ ආදරය ප්‍රකාශ කරනවා. එම ප්‍රේමය තුළ, ඔබගේ ජීවිතයේ සෑම දිනකම, විශේෂයෙන්ම මොර්මොන්ගේ පොත හරහා දෙවියන්වහන්සේගේ වචනයේ ගුණය අත්විඳින ලෙස මම ඔබෙන් අයැද සිටිනවා. ඔබ එසේ කරන විට, සභාපති රසල් එම්. නෙල්සන්ගේ මෙම අනාවැකිමය පොරොන්දුව ඔබ අත්දකිනු ඇත: “ඔබ දිනපතාමෝර්මොන්ගේ පොත යාච්ඤාවෙන් අධ්‍යයනය කරන විට, ඔබදිනපතාමවඩා හොඳ තීරණ ගන්නා බවට මම පොරොන්දු වෙනවා. ඔබ ඉගෙනගන්නා දේ ගැන මෙනෙහි කරන විට, ස්වර්ගයේ කවුළු විවෘත වී, ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සහ ඔබේ ජීවිතය සඳහා මගපෙන්වීම ඔබට ලැබෙනු ඇතැයි මම පොරොන්දු වෙනවා. ඔබ දිනපතා මොර්මොන්ගේ පොතෙහි ගිලී සිටින විට, දවසේ නපුරට, එරෙහිව ඔබට ප්‍රතිශක්තීකරණය ලබාදිය හැකි බවට මම පොරොන්දු වෙනවා.”27

අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ අපට වචනය ලබා දී ඇත්තේ උන්වහන්සේ අපට පරිපූර්ණ ලෙස ප්‍රේම කරන නිසාත්, අප සෑම කෙනෙකුම උන්වහන්සේ සමඟ සදහටම ජීවත් වීමට නැවත නිවසට පැමිණීමට අවශ්‍ය නිසාත් බව මම සාක්ෂි දරනවා. “වාක්‍යාණෝ … මාංශවත් වීම”28 ගැන එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන, සහ අපව ගලවාගත් සහ මුදවාගත් උන්වහන්සේගේ බලය ගැන මම සාක්ෂි දරනවා. අතීතයේ මෙන්ම වර්තමානයේද උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ වචන තුළින් උන්වහන්සේගේ ගුණය ගලා යන බව මම දන්නවා.

දෙවියන්වහන්සේගේ වචනය තදින් අල්ලාගෙන29 උත්කර්ෂය හා සදාකාල ජීවනය කරා යන ගිවිසුම් මාවතේ රැඳී සිටීමේ ප්‍රඥාව සහ නිහතමානීකම අප සතුවීම මාගේ හදවතේ යාච්ඤාවයි.30 වචනයේ බලය තුළින් අප සෑම කෙනෙකුටම ලබා ගත හැකි බලවත් වෙනස අපි අඛණ්ඩව අත්විඳිමු.31 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. බලන්න ඇල්මා 30:59.

  2. බලන්න ඇල්මා 31:3.

  3. බලන්න ඇල්මා 28:2.

  4. ඇල්මා 31:4. මහත් ශෝකයට හා පාඩුවකට තුඩු දුන් එවැනි “මිත්‍ර සම්බන්ධකමක්” ඇල්මා සහ ඔහුගේ ජනතාව මීට පෙර ඇමෙලෙකිවරුන් සහ ලාමන්වරුන් අතර අත්විඳ ඇති බව කරුණාවෙන් සලකන්න (බලන්න ඇල්මා 2:21–38; and ඇල්මා 3:1–3).

  5. ඇල්මා 31:8.

  6. ඇල්මා 31:1.

  7. ඇල්මා 31:2.

  8. බලන්න මොර්මොන් 8:34-35.

  9. ඇල්මා 31:5; අවධාරණය කිරීම් සහිතයි.

  10. උදාහරණ ලෙස, බලන්න, 1 නෙපි 15:24; ඇල්මා 32:41–43; 36:26; 37:8, 44–45.

  11. රසල් එම්. නෙල්සන්, “අනාගතයට ඇදහිල්ලෙන් මුහුණදෙන්න,” ලියහෝනා, නොවැ. 2020, 75.

  12. ඇල්මා 5:7; අවධාරණය කිරීම් සහිතයි.

  13. ඇල්මා 26:13; අවධාරණය කිරීම් සහිතයි.

  14. හිලමන් 3:29-30; අවධාරණය කිරීම් සහිතයි.

  15. රසල් එම්. නෙල්සන්, “The Book of Mormon: A Miraculous Miracle” (නව ධර්මදූත සභාපතිවරුන් සඳහා වූ සම්මන්ත්‍රණයේ දී කරන ලද දේශනයෙන්, 2016 ජූනි 23), කොටසක් උපුටා දක්වයි මොරෝනි 10:4.

  16. ඩේවිඩ් ඒ. බෙඩ්නර්, “නමුත් අපි ඔවුන්ට අවනත වුයේ නැත,” ලියහෝනා, මැයි 2022, 16.

  17. 2 නෙපි 33:10; අවධාරණය කිරීම් සහිතයි.

  18. බලන්න දහම සහ ගිවිසුම් 1:38.

  19. බලන්න දහම සහ ගිවිසුම් 1:14–18.

  20. ආමෝස් 8:11.

  21. බලන්න ඇල්මා 34:6.

  22. බලන්න යොහාන් 15:10.

  23. බලන්න මාර්ක් 5:25–34.

  24. මොරෝනි 7:31.

  25. “සුදානම් වීමට වඩා හොඳ ක්‍රමයක් තිබේ, මන්ද මහත් ඇදහිල්ලට ඇත්තේ කෙටි ආයු කාලයකි. ශුද්ධලියවිලිවල ක්‍රිස්තුස් හන්සේගේ වචන සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් නොනවත්වාම අධ්‍යයනය කිරීමට අපට තීරණය කල හැකියි. මම කරන්නේ මෙයයි. මම නැවත මෝර් මන්ගේ පොත වෙත ගොස් අධිකලෙස සහ නිතර බොන්නෙමි” (හෙන්රි බී. අයරින්, “අධ්‍යාත්මික සූදානම: වේලාසනින් ආරම්භකර ස්ථාවරව සිටින්න,” ලියහෝනා, 2005 නොවැ. 39).

  26. “මට නම්, ශුද්ධලියවිලි කියවීම ශිෂ්‍යත්වය ලුහුබැඳීම නොවේ. ඒ වෙනුවට, එය ස්වාමින්වහන්සේගේ සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ වචනය සමඟ ඇති ආදර සම්බන්ධයකි. …

    “ශුද්ධලියවිලිවල ඇති දේ දිගට විශාල කිරීමට නිර්මාණය කර ඇති දිගු විවරණ වෙළුම් කියවීම ගැන මම වැඩි සැලකිල්ලක් නොදක්වමි. ඒ වෙනුවට, දෙවියන්වහන්සේගේ වචනය උන්වහන්සේ දුන් පරිදි සහ එය ශුද්ධලියවිලි ලෙස අප පිළිගන්නා පොත්වල සටහන් කරඇති පරිදි—සත්‍යයේ අත්තිවාරමේ කිසිවක් මිශ්‍ර නොකළ ජලයේ රස විඳිමින් මූලාශ්‍රය සමඟ වාසය කිරීමට මම කැමැත්තෙමි. ශුද්ධලියවිලි කියවීමෙන්, අප කියවන දේ දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේගේ දරුවන්ගේ ඥානාලෝකය, ආශීර්වාදය සහ ප්‍රීතිය සඳහා පැමිණ ඇති බවට ආත්මයේ සහතිකය අපට ලබා ගත හැකිය” (ගොර්ඩන් බී. හින්ක්ලි, “Feasting upon the Scriptures,” Tambuli, ජූනි. 1986, 2, 4).

  27. රසල් එම්. නෙල්සන්, “මෝර්මොන්ගේ පොත: එය නොමැතිව ඔබේ ජීවිතය කෙබඳු වේවිද?,” ලියහෝනා, 2017 නොවැ., 62.

  28. යොහාන් 1:14

  29. බලන්න 1 නෙපි 8:30.

  30. “උත්කර්ෂයට සහ සදාකාල ජීවනයට මඟ පෙන්වන එකම මාර්ගය ගිවිසුම් මාර්ගයයි” (රසල් එම්. නෙල්සන්, “ආත්මික ගම්‍යතාවයේ බලය,” ලියහෝනා, 2022 මැයි, 98).

  31. බලන්න ඇල්මා 5:11–13.