ප්‍රධාන සම්මන්ත්‍රණය
අනුගාමිකත්වයේ රටාවන්
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අනුගාමිකත්වයේ රටාවන්

ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ ආකාර ගැන ඉගෙනගැනීම, අපව උන්වහන්සේ ගැන දැනගැනීමටත් ප්‍රේම කිරීමටත් යොමු කරවනවා.

ඇදහිල්ලේ රටාව

අද උදෑසන උතුරු අමෙරිකාවේ සිටින අපගේ දරුවන් දෙදෙනා සහ මුණුබුරන් තිදෙනා ඇතුළුව ලොවෙන් අඩක් පමණ නැගෙනහිර දෙසින් තේජාන්විතව නැගී එන සූර්යයාගේ දීප්තිය දුටුවා. අප්‍රිකාවේ සිටින අනෙක් දරුවන් තිදෙනා සහ මුණුබුරන් හත්දෙනා සහ ලෝකයේ අනෙක් භාගය බටහිරින් ක්ෂිතිජයට ඉහළින් හිරු බැස යන විට ක්‍රමයෙන් අන්ධකාරය ඔවුන් මතට රිංගා එන ආකාරය දුටුවා.

දිවා රෑ ආරම්භයේ මෙම කාලානුරූපී ස්ථාවරත්වය, අපට වෙනස් කළ නොහැකි, අපගේ ජීවිත පාලනය කරන යථාර්ථයන් පිළිබඳ එක් දෛනික මතක් කිරීමක්. මෙම සදාකාලික යථාර්ථයන් වලට ගරු කරන විට සහ ඒ සමඟ අප කරන දෙය පෙළගස්වන විට, අපිට අභ්‍යන්තර සාමය සහ සමගිය අත්දකින්න පුළුවන්. අප එසේ නොකරන විට, අපි නොසන්සුන් වන අතර, අප බලාපොරොත්තු වන පරිදි දේවල් සිදු වෙන්නේ නැති වෙනවා.

පොළොවේ මෙතෙක් ජීවත් වූ සෑම කෙනෙකුටම, දේවල් ඇත්තටම පවතින ආකාරයටම, දෙවියන්වහන්සේ ලබා දී ඇති බවට දිවා රෑ මේ රටාව එක් උදාහරණයක්. අපගේ මානව පැවැත්මේ පරම සත්‍යයක් තමයි අපිට අපේ කැමැත්ත අනුව සාකච්ඡා කර එයින් මිදිය නොහැකි වීම. මම අප්‍රිකාවේ සිට ප්‍රධාන සම්මන්ත්‍රණයට පැමිණීමට ගුවන් යානයක යන සෑම අවස්ථාවකම එක් දිනක් තුළ ශරීර ඔරලෝසුව පැය 10 කින් පසුපසට සැකසීමට සිදුවීම මෙය මට සෑම විටම සිහිපත් කරනවා.

අප අවධානය යොමු කරන සෑම අවස්ථාවකම, උන්වහන්සේව හඳුනාගෙන සාමයේ සහ ප්‍රීතියේ ආශිර්වාදය ලැබීම සඳහා අපගේ ජීවිත පාලනය කිරීමට ස්වර්ගික පියාණන්වහන්සේ සත්‍යයේ ප්‍රමාණවත් සාක්ෂිකරුවන්ව අපට ලබා දී ඇති බව අපට පේනවා.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් හරහා, ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් මෙලෙස තහවුරු කරනවා, “තවද නැවතත් සියලු දේවලට ආදර්ශයක් මම නුඹලා හට දෙන්නෙමි, එනම් නුඹලා නොරැවටෙන පිණිසය; මක්නිසාද සාතන් පොළවේ පැතිරී ඇත්තේය, තවද ඔහු ජාතීන් රවටමින් පෙරට යන්නේය.”1

දෙවියන්වහන්සේගේ පැවැත්ම සහ ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම අවිශ්වාස කරමින් ක්‍රිස්තු විරෝධී වූ කොරිහෝර් එවැනි රැවටීමකට හසු වුණා. අනාගතවක්තෘ ඇල්මා සාක්ෂි දරමින් ඔහුට මෙසේ පැවසුවා, “තවද සියලු දේවල් දෙවියන්වහන්සේ සිටින බව හඟවන්නේය; එසේය, පොළොවේ වුවත්, තවද පොළොව මත සියලු දේවල් එසේය තවද එහි ගමන, එසේය තවද එසේම සියලුම ග්‍රහයන් ඔවුන්ගේ සාමාන්‍ය විදිහේ චලනයන් එනම් එහි ශ්‍රේෂ්ඨ මැවුම්කරුවෙකු සිටින්නේ යයි සාක්ශි දරන්නේය.”2

කොරිහෝර් විශ්වාස කිරීමට පෙර ලකුණක් ලබා දෙන ලෙස බල කළ විට, ඔහුව ගොළු වීමට ඇල්මා සැලැස්වූවා. ඔහුගේ පීඩාවෙන් නිහතමානී වූ කොරිහෝර් යක්ෂයා විසින් ඔහුව රැවටූ බව නිදහසේ පාපොච්චාරණය කළා.

අපි රැවටෙන්න අවශ්‍ය නැහැ. බුද්ධිමත් ජීවිතයේ ආශ්චර්යය නිරන්තරයෙන් අප ඉදිරියේ ක්‍රියා කරනවා. ගණන් කළ නොහැකි තරම් තරු සහ මන්දාකිණි වලින් සැරසී ඇති අහසේ ආශ්චර්යයන් දෙස කෙටි බැල්මක් සහ ආවර්ජනයක් “මගේ දෙවියන්වහන්ස, ඔබ කෙතරම් ශ්‍රේෂ්ඨද!”3කියා පැවසීමට ඇදහිලිවන්ත හදවතේ ආත්මය පොළඹවනවා.

ඔව්, අපගේ ස්වර්ගීය පියාණන් වන දෙවියන්වහන්සේ ජීවත් වන අතර, උන්වහන්සේ විවිධ ආකාරවලින් සෑම විටම අපට පෙනී සිටිනවා.

යටහත් පහත්කමේ රටාව

නමුත් දෙවියන්වහන්සේව පිළිගැනීමට, විශ්වාස කිරීමට සහ දෙවියන්වහන්සේ තුළ දිගටම පැවතීමට, සත්‍යයේ ආත්මය අපගේ හදවත් පිළිගත යුතුයි. ඇදහිල්ල පැමිණෙන්නේ නිහතමානිකමින් පසුව බව ඇල්මා ඉගැන්වූවා.4 “මොළොක් හා නිහතමානී හදවත්” නැති ඕනෑම කෙනෙකුට ඇදහිල්ල හා බලාපොරොත්තුව ඇති කර ගැනීමට සහ දෙවියන්වහන්සේගේ ආත්මය ලැබීමට නොහැකි බව මොර්මොන් තවදුරටත් පැවසුවා.5 ලෝකයේ තේජසට මුල් තැන දෙන ඕනෑම කෙනෙක් “දෙවියන්වහන්සේගේ සතුරෙක්”6 බව බෙන්යමින් රජු පැවසුවා.

දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිහතමානී වීම උන්වහන්සේගේ ගෝලයන්ගේ මූලික ගුණාංගයක් බව, ධර්මිශ්ඨව හා ශුද්ධව සිටියත් සියලු ධර්මිශ්ඨකම ඉෂ්ට කිරීම සඳහා බව්තීස්මයට යටත් වීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පෙන්වා දුන්නා.7

බව්තීස්ම නියෝගය තුළින් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිහතමානිකම පෙන්වීම, සියලුම නව අනුගාමිකයින්ගෙන් බලාපොරොත්තු වෙනවා. මේ අනුව “දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිහතමානීව, බව්තීස්ම වීමට කැමති, බිඳුණු හදවත් හා පසුතැවුණු ආත්මයන් සමඟ පිටතට එන සියල්ලන්ම බව්තීස්මයෙන් උන්වහන්සේගේ සභාවට පිළිගනු ලැබෙනවා.”8

නිහතමානිකම අනුගාමිකයාගේ හදවත පසුතැවිල්ලට හා කීකරුකමට යොමු කරනවා. එවිට දෙවියන්වහන්සේගේ ආත්මයට එම හදවතට සත්‍යය ගෙන ඒමට හැකි වන අතර, ඒ සඳහා ප්‍රවේශය සොයා ගන්නවා.9

මේ අන්තිම දවස්වල ප්‍රේරිත පාවුල්ගේ අනාවැකියේ ඉටුවීම සඳහා වැඩිපුරම දායක වන්නේ යටහත් පහත්කමයි.

“මක්නිසාද මනුෂ්‍යයෝ තමන්ට ප්‍රේම කරන්නෝව, මුදලට ප්‍රේම කරන්නෝව, පාරට්ටු කරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාස කරන්නෝව, මවුපියන්ට අකීකරු වන්නෝව, ස්තූතිවන්ත නොවන්නෝව,

“අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලම් කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝය, කෲරයෝව, යහපතට ප්‍රේම නොකරන්නෝව.”10

උන්වහන්සේ ගැන ඉගෙන ගැනීමට ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය ලෞකිකත්වයේ සිත් ඇදගන්නාසුළු දේවලින් ඉවත් වී උන්වහන්සේ මෙන් මෘදු හා යටහත් පහත් හදවතක් ඇතිකරගෙන, නිහතමානී වීමට කරන ආරාධනයක්. එවිට සභාපති නෙල්සන් ඉතා දක්ෂ ලෙස හා නැවත නැවතත් අපට උගන්වා ඇති ආකාරයට, අපට උන්වහන්සේගේ වියගහ අතට ගෙන එය පහසු බවත්—අනුගාමිකත්වය බරක් නොව ප්‍රීතියක් බවත්, සොයා ගැනීමට හැකි වෙයි.

ආදරයේ රටාවන්

ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ ආකාර ගැන ඉගෙනගැනීම, අපව උන්වහන්සේ ගැන දැනගැනීමටත් ප්‍රේම කිරීමටත් යොමු කරවනවා.

නිහතමානී ආකල්පයකින් අපගේ මුළු ආත්මයෙන්ම පියාණන් වන දෙවියන්වහන්සේව දැන ගැනීමට සහ උන්වහන්සේට ප්‍රේම කිරීමටත්, කිසිවක් රඳවා නොගෙන අප අපට ප්‍රේම කරන්නාක් මෙන් අන් අයට ප්‍රේම කිරීමටත් හැකි බව උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්වා දුන්නා. උන්වහන්සේගේ කැමැත්ත සහ ශරීරය යන දෙකම පූජාසනය මත තැබූ උන්වහන්සේගේ මිහිපිට දේවසේවය, මෙම මූලධර්ම භාවිතය සඳහා රටාවක් වෙනවා, උන්වහන්සේගේ ශුභාරංචිය පදනම් වී ඇත්තේ ඒ මතයි. මේ මූලධර්ම දෙකම බාහිරව පෙනෙන අතර ඒවා අප අන් අය සමඟ සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳව වන නමුත් ඒවා පුද්ගලික තෘප්තිය හෝ ගෞරවය සෙවීම ගැන නොවේ.

එහි ඇති ආශ්චර්යමත් උත්ප්‍රාසය තමයි දෙවියන්වහන්සේට සහ අන් අයට ප්‍රේම කිරීම කෙරෙහි අප අපගේ උපරිම උත්සාහය යොමු කරන විට, මෙම අත්දැකීම ගෙන දෙන සම්පූර්ණ සාමය සහ ප්‍රීතිය සමඟින්, දෙවියන්වහන්සේගේ පුත්‍රයන් සහ දූවරුන් වශයෙන් අපගේම සැබෑ දිව්‍යමය වටිනාකම සොයා ගැනීමට අපට හැකියාව ලැබීම.

අපි ආදරය හා සේවය තුළින් දෙවියන්වහන්සේ සමඟත් එකිනෙකා සමඟත් එක් වෙමු. ලෙහි කතා කරන “[ඔහු] කලින් රස බැලූ සියල්ලටම වඩා, වඩාත් මිහිරි” පලතුර වන එම නිර්මල ප්‍රේමයේ ශුද්ධාත්මයාණන්ගේ සාක්ෂිය අපට ලබාගන්න පුළුවන්.11

පියාණන්වහන්සේට ප්‍රේම කිරීමේ සහ අපට ප්‍රේම කිරීමේ ආදර්ශය සැකසීමේ හැකියාව තුළ සියල්ල දීමෙන් හා කිරීමෙන් ක්‍රිස්තුස්වහන්සේට ලැබුණු ඔටුන්න වූයේ සියලු බලය ලැබීමයි, පියාණන් සතු සියල්ල එනම් උත්කර්ශය පවා ලැබීමයි.12

අපගේ ආත්මය තුළ දෙවියන්වහන්සේට සහ අපගේ අසල්වැසියාට සදාකාලික ප්‍රේමයක් පෝෂණය කිරීමට අපට ඇති අවස්ථාව ආරම්භ වන්නේ නිවසෙන්, ඒ උන්වහන්සේගේ එකම පුත්‍රයාගේ නාමයෙන්, පෞද්ගලික සහ පවුලේ යාච්ඤාව තුළ දිනපතා පියාණන්වහන්සේ සමඟ සම්බන්ධ වීමේ, පුද්ගලිකව සහ පවුලේ ශුද්ධලියවිලි අධ්‍යයනය තුළින් උන්වහන්සේලා පිළිබඳ එකට ඉගෙනගැනීමේ, එකට සබත් දවස පැවැත්වීමේ, වත්මන් දේවමාළිගා නිර්දේශයක් තිබීමේ සහ අපට හැකි සෑම විටම එය භාවිතා කිරීමේ ශුද්ධ පුරුදු සමඟයි.

පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ පිළිබඳ අපගේ දැනුම හා ප්‍රේමය අප එකිනෙකා තනි තනිව වර්ධනය කරගන්නා විට, අපි අන් අයට ප්‍රේම කරනවා මෙන්ම ඔවුන්ව අගය කිරීම කෙරෙහි අපි වර්ධනය වෙනවා. නිවසින් පිටත අන් අයට ආදරය කිරීමට සහ සේවය කිරීමට අපගේ හැකියාව බෙහෙවින් වැඩි දියුණු වෙනවා.

අපි නිවසේදී කරනා දේවල් කල්පවත්නා සහ ප්‍රීතිමත් අනුගාමිකත්වයේ සැබෑ පරීක්ශාවයි. මගේ බිරිඳ ග්ලැඩිස් සහ මම අපේ නිවසේ භුක්ති වින්ද නැවත පිහිටවූ වූ ශුභාරංචියේ මිහිරිම ආශිර්වාද පැමිණ ඇත්තේ නිවසේදී දෙවියන්වහන්සේව දැන ගැනීමට සහ ගෞරව කිරීමට සහ අපගේ පසු පරම්පරාව සමඟ උන්වහන්සේගේ ආදරය බෙදා ගැනීමට ඉගෙන ගැනීමෙන්.

සේවයේ රටාව

දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ එකිනෙකාට සේවය කිරීම නිවසේදී පෝෂණය වන අතර කාලයාගේ ඇවෑමෙන් නිවසින් පිටත අන් අයට සේවය කිරීමේ පිරිසිඳු ප්‍රේමයේ ගුණාංගය දක්වා වර්ධනය වෙනවා.

ස්වාමින්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් විසින් අප ඉදිරියෙහි තබා ඇති දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ කැප වූ සේවයේ රටාව මෙය අනුනාද කරනවා. අපි ඔවුන් සමඟ එකෙකු වෙමු.

එවිට අපට ඔවුන් තුළින් “සෑම සිතුවිල්ලකදීම” ස්වාමින්වහන්සේ දෙස බැලීමට හැකියාව ලැබෙයි, එවිට අපට “සැකයක්” හෝ “බියක් නැති වෙයි.”13

ස්වාමින්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරුන් හා ප්රේරිතවරුන් මෙන්, “අභ්‍යන්තරය … සියලුම මනුශ්‍යයන් වෙතද, එමෙන්ම … ඇදහිල්ලේ නිවැසියන් වෙතද, පවිත්‍ර ප්‍රේමයෙන් පිරී, අපගේ සිතිවිලි [ගුණවත්කමින්] නොකඩවා පිරී; [අපගේ] ආත්ම-විශ්වාසය දෙවියන්වහන්සේගේ අභිමුඛයේ වර්ධනය වී; තවද පූජකවරයේ දහම ස්වර්ගයෙන් පැමිණෙන පිණිබිඳු මෙන් [අපගේ ප්‍රාණය] මත [වෑහීමෙන්]” අපට ඉදිරියට යන්න පුළුවන්.

ස්වාමින්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් සමඟ, අපට ද කැප වූ සේවයෙන් ශක්තිමත් වූ ඇදහිල්ලේ සුචරිත කවයකට සම්බන්ධ [වෙන්න පුළුවන්], එවිට “ශුද්ධාත්මයාණන්වහන්සේ [අපගේ] නිරන්තර සහායකයා [බවට පත්වෙනවා], ඒවගේම [අපගේ] සැරයටිය ධර්මිශ්ඨකමේ සහ සත්‍යයේ වෙනස් නොවන සැරයටිය [බවට පත්වෙනවා]; [ඒවගේම නුඹගේ] ආධිපත්‍ය සදාකාලික ආධිපත්‍යක් [බවට පත්වෙනවා]; තවද බලපෑමකින් තොරව [අප] වෙතට සදාකාලයෙන් සදකාලයට එය ගලා [එනවා].”14 මොකද මේ තමයි පියාණන්වහන්සේගේ සැලැස්මේ පොරොන්දුව. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.