ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේ තුළ එම දවසේදී ජීවත් වන්න
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේ තුළ එම දවසේදී ජීවත් වන්න

අපට දවසෙහි ජීවත්වීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉඩ සලසන සේක.

එය තියුණු හා සෘජු උපමා, සංකීර්ණ ප්‍රශ්න සහ ගැඹුරු ධර්මයෙන් පිරුණු දවසක් වුනා. “පිටින් ලස්සනට පෙනෙන නුමුත් ඇතුළේ මිනීඇටවලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී තිබෙන, සුඳුකළ සොහොන් ගෙවල්” මෙන් සිටි අයට කළ දරුණු තරවටු කිරීමෙන් පසු1 ආත්මික සූදානම සහ අනුගාමිකත්වය ගැන යේසුස්වහන්සේ තවත් උපමා තුනක් ඉගැන්නුවා. ඒවායින් එකක් නම් කන්‍යාවියන් දසදෙනාගේ උපමාවයි.

“එකල තමුන්ගේ පහන් රැගෙන මනමාලයාගේ පෙරමගට ගිය කන්‍යාවියන් දස දෙනෙකුට ස්වර්ගරාජ්‍යය සමානකරනු ලැබේ.

“ඔවුන්ගෙන් පස්දෙනෙක් නුවණ නැත්තියෝය, පස්දෙනෙක් නුවණ ඇත්තියෝය.

“නුවණ නැත්තියෝ තමුන්ගේ පහන් ගෙනයද්දී තමුන් සමග තෙල් නොගෙන ගියෝය:

“නුමුත් නුවණ ඇත්තියෝ තමුන්ගේ පහන් සමග තමුන්ගේ භාජන වල තෙල් ගෙනගියෝය.

“මනමාලයාගේ ඊම ප්‍රමාදවූ කල ඒ සියල්ලෝම නිදිබරව නිදාගත්තෝය.

“තවද මධ්‍යම රාත්‍රියේ: අන්න, මනමාලයා එනවා! ඔහුගේ පෙරමගට වරෙල්ලා යැයි හඬක් වූයේය.

“එවිට ඒ සියලු කන්‍යාවෝ නැගිට තමුන්ගේ පහන් හරිගැස්සුවෝය.

“එකල නුවණ නැත්තියෝ: අපේ පහන් නිවීගෙන යන නිසා නුඹලාගේ තෙලින් අපටත් දියල්ලා යැයි නුවණ ඇත්තියන්ට කීවෝය.

“නුමුත් නුවණ ඇත්තියෝ උත්තර දෙමින්: සමහරවිට අපටත් නුඹලාටත් මදිවෙයි: එසේ නොව විකුණන්නන් ළඟට ගොස්, නුඹලාටම මිලේට ගනිල්ලා යැයි කීවෝය.

“මිලේට ගන්ට ඔවුන් ගිය අතර මනමාලයා ආවේය; සෑදී සිටියෝ ඔහු සමග සරණ මංගල්‍යයට ඇතුල්වූවෝය. දොරද වසන ලද්දේය.

“පසුව අනික් කන්‍යාවන් ඇවිත්: ස්වාමිනි, ස්වාමිනි, අපට දොර හැරිය මැනවයි කීවෝය.”2

“නුමුත් ඔහු උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි, මම නුඹලා නාඳුනන්නෙමියි කීවේය.3

“එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටපල්ලා. ”4

මනාලයාගේ පැමිණීම සම්බන්ධයෙන් වැඩිහිටි ඩැලින් එච්. ඕක්ස් පහත සඳහන් සිතුවිලි උත්තේජනය කරන ප්‍රශ්ණ කිහිපයක් ඉදිරිපත් කළා:5 “උන්වහන්සේගේ පැමිණීමේ දිනය හෙටනම් කුමක් කළ යුතුද? අපගේ අකල් මරණයෙන් හෝ උන්වහන්සේගේ අනපේක්ෂිත පැමිණීම තුළින්—හෙට අපට ස්වාමින්වහන්සේව මුණගැසෙන බව අපි දන්නවා නම්—අද අපි කුමක් කරමුද?”6

අධ්‍යාත්මික සූදානම අවශ්‍ය වන්නේ ස්වාමින්වහන්සේගෙ පැමිණීම සඳහා පමණක් නොව, එය සැබෑ සාමය සහ සතුට සොයා ගැනීමට ඇති එකම මාර්ගය බවද මම මාගේ පෞද්ගලික අත්දැකීමෙන් ඉගෙනගෙන තිබෙනවා.

“ඔබට පිළිකාවක් තිබෙනවා” යන වචන මට මුලින්ම ඇසුණු විට එය හිරු දීප්තිමත්ව බැබළෙන සිසිල් දවසක් වුනා. මගේ සැමියා සහ මම පුදුමයට පත්වුනා. ඒ ගැන කල්පනාකරමින් නිහඬව අපි නිවස කරා යන විට, මගේ හදවත අපේ පුතුන් තුන්දෙනා වෙත යොමු වුනා.

මම මගේ හිතින් ස්වර්ගයේ පියාණන්ගෙන් මෙසේ ඇසුවා, “මම මැරෙන්නද යන්නේ?

ශුද්ධාත්මයාණන් මෙසේ කෙඳිරුවා “සියල්ල හොඳින් සිඳුවේවී.”

එවිට මම ජීවත්වනවාද?” කියා ඇසුවා

නැවතත් “සියල්ල්ල හොඳින් සිඳුවේවි” යන පිළිතුර ලැබුණා.

මම ව්‍යාකූලත්වයට පත්වුනා. මම මැරුණත් ජීවත්වුණන් මට එම පිළිතුරම ලැබුනේ ඇයි?

එවිට මගේ මුළු සර්වාංගයම සම්පූර්ණ සාමයෙන් පිරීගියේ: අපිට ඉක්මනින්ම නිවසට ගොස් ළමයින්ට යාච්ඥා කරන්නේ කොහොමද කියා කියාදෙන්න අවශ්‍ය නෑ කියා මතක් වූ විටයි. ඔවුන් යාච්ඥාව තුළින් පිළිතුරු සහ සහනය ලබාගන්නා ආකාරය දැනගෙන සිටියා. අපිට ඉක්මනින් නිවසට ගොස් ශුද්ධ ලියවිලි හෝ ජීවමාන අනාගතවක්තෘන් ගැන කියලා දෙන්න අවශ්‍ය වුනේ නැහැ. ඒ වචන දැනටමත් හුරුපුරුදු ශක්තියක් සහ අවබෝධයක් වුනා. ඉක්මනින් නිවසට ගොස් පසුතැවිලි වීම, නැවත නැඟිටීම, නැවත පිහිටුවීම, ගැලවීමේ සැලැස්ම, සදාකාලික පවුල හෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය ගැන ඔවුන්ට කියා දීමට අවශ්‍ය වුනේ නැහැ

ඒ මොහොතේ සෑම පවුල් නිවාස සැඳෑ පාඩමක්ම, ශුද්ධ ලියවිලි අධ්‍යයන සැසියක්ම, පිදූ ඇදහිල්ලේ යාච්ඥාවන්, ලබාදුන් ආශිර්වාද, බෙදාගත් සාක්ශි, ඇතිකර තබාගත් ගිවිසුම්, ස්වාමින්වහන්සේගේ නිවසට සහභාගීවීම් සහ සබත් දවස සැමරීම වැදගත්වුනා—එය එතරම් වැදගත් වුනා. එම මොහොත අපේ පහන් වලට තෙල් දැමීමට බොහෝ ප්‍රමාද වී තිබුනා. අපිට සෑම බිඳක්ම අවශ්‍ය වුනා, සහ අපිට එය දැන්මම අවශ්‍ය වුනා!

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ නැවතපිහිටුවන ලද ශුභාරංචිය නිසා, මා මියගියද, මගේ පවුලට අවශ්‍ය සැනසීම, ශක්තිමත් කිරීම සහ යම් දිනක නැවත එක්වීමද සිඳුවනවා ඇත. මා ජීවත් වූවා නම්, මට උපකාර කිරීමට, නඩත්තු කිරීමට සහ සුව කිරීමට මේ මිහිපිට ඇති විශාලතම බලය වෙත ප්‍රවේශය ඇත. අවසානයේදී යේසුස් ක්‍රිස්තුස්වහසේ නිසා සියල්ලම හොඳින් සිඳුවිය හැක.

“හරි” යන්නෙන් අදහස්වන්නේ කුමක්ද කියා දහම සහ ගිවිසුම් හොඳින් අධ්‍යයනය කිරීමෙන් අපට ඉගෙන ගත හැකියි:

“තවද එම දවසේදී, මම මාගේ මහිමයෙන් පැමිණෙන කළ, මා විසින් පැවසූ කන්‍යාවියන් දසදෙනාගේ උපමාව සම්පූර්ණ වන්නේය.

“මක්නිසාද ප්‍රඥාවන්තවූ සහ සත්‍ය ලබාගත් ඔවුන්, තවද ඔවුන්ගේ මඟපෙන්වුම්කරු ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේ ලබාගත්, තවද රැවටීමට ලක්නොවූ ඔවුන්—සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ඔවුන්ව කපනු ලැබ ගින්නෙහි දමනු නොලබන්නේය, එහෙත් දවසේදී ජීවත් වන්නෝය.”7

අපට දවසෙහි ජීවත්වීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉඩ සලසන සේක. එම දවසේදී ජීවත්වීම යනුවෙන් අදහස් වන්නේ, දවසේ වැඩ ලැයිස්තුවට එකතු කිරීම නොවේ. විශාලන වීදුරුවක් ගැන සිතන්න. එහි එකම අරමුණ හුදෙක් දේවල් විශාල ලෙස පෙන්වීම නොවේ. එය වඩාත් බලගතු කිරීමට ආලෝකය එක්රැස් කර නාභිගත කළ හැකියි. අපි සරල කළ යුතුයි, අපගේ උත්සාහයන් වෙත අවධානය යොමුකළ යුතුයි සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය රැස් කරන්නන් විය යුතුයි.

වයඹ දිග ඊශ්‍රායලයේ පිහිටා ඇති සුන්දර කඳු පන්තියක් බොහෝ විට හඳුන්වන්නේ “සදාහරිත කන්ද” ලෙසිනි. කාර්මෙල් කන්ද8 බොහෝ දුරට වසර පුරා අර්ධ වශයෙන් කුඩා ප්‍රමාණයේ පිනි සහිතව හරිත වර්ණයෙන් පවතිනවා. පෝෂණය දිනපතා සිදුවනවා. කාර්මෙල් හි පිනි මෙන්,9 “ධර්මිෂ්ඨකමට අදාළ දේවලින්,”10 “කුඩා හා සරළ දේවලින්,”11 අපගේ ආත්මයන් පෝෂණය කිරීමට අප උත්සාහ කරන විට අපගේ සාක්ෂිය සහ අපගේ දරුවන්ගේ සාක්ෂි ජීවත් වනු ඇත!

දැන්, ඔබ සිතන්නේ, “නමුත් රයිට් සහෝදරිය, ඔබ මගේ පවුල දන්නේ නැහැ. අපි ඇත්තටම ඉන්නෙ කරදරෙන්, මේ වගේ දෙයක් අපට පෙනෙන්නේ නැහැ.” කියා නම්, ඔබ නිවැරදියි. මම ඔබේ පවුල දන්නේ නැහැ. නමුත් අසීමිත ආදරය, දයාව, බලය, දැනුම සහ තේජස ඇති දෙවි කෙනෙක් ඔබව හඳුනනවා.

ඔබ අසන ප්‍රශ්න ඔබේ ආත්මයේ ගැඹුරට රිදවන හදවතේ ප්‍රශ්න විය හැකියි. ඒ හා සමාන ප්‍රශ්ණ අපට ශුද්ධ ලියවිලිවල දක්නට ලැබෙනවා:

“ආචාරිනී, [මගේ පවුල] විනාශ වන බව ඔබ සලකන්නේ නැද්ද?”12

“එසේ නම් මාගේ බලාපොරොත්තුව කොතැනද?”13

“මෙම අන්ධකාරයේ වලාකුළ [මා] වසාගැනීමෙන් ඉවත් කිරීමට [මම] කුමක් කරන්නෙමුද?”14

“නුමුත් ප්‍රඥාව සම්බවන්නේ කොතැන්හිද? නුවණ තිබෙන තැන කොහේද?”15

“එනම් නුඹලාට සියලු යහපත් දේ අල්ලා ගැනීමට හැකිවන්නේ කෙලෙසද?”16

“ස්වාමිනී, ඔබ මට කුමක් කරන්නට කියන්නේද?”17

එවිට ඉතා ආදරණීය ලෙස පිළිතුරුද ලැබෙනවා:

“ගැළවීම කෙරෙහි ක්‍රිස්තුස්වහන්සේගේ බලයෙහි නුඹ විශ්වාස කරන්නෙහිද”18

“ස්වාමින්වහන්සේ උන්වහනේගේ යහපත්කමෙහි ඔවුන් කිසිවෙකුට සහභාගී නොවීමට ආඥාකර ඇතිසේක්ද?”19

“[උන්වහන්සේට] මෙය කරන්ට පුළුවන කියා නුඹලා විශ්වාසකරනවාද?”20

“ඔබ අනාගතවක්තෘවරුන් විශ්වාසකරන්නෙහිද?”21

“නුඹලාගේ ඇදහිල්ල නුඹලා මුදවන්නාවූ මැවුවාවූ උන්වහන්සේ කෙරෙහි නුඹලා ක්‍රියාත්මක කරන්නෙහුද?”22

“මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්ද?”23

මගේ ආදරනීය මිත්‍රවරුනි, අපට අපගේ තෙල් බෙදාගත නොහැකියි, නමුත් උන්වහන්සේගේ ආලෝකය බෙදාගත හැකියි. අපගේ පහනේ ඇති තෙල් උපකාර වන්නේ අපට දවසේ ජීවත්වීමට පමණක් නොවේ, නමුත් අප ආදරය කරන අයව පිළිගැනීමට “දෑත් දිගුකර” සූදානමින් සිටින ගැළවුමරුවාණන් වෙතට යන මාවත ආලෝකමත් කිරීමේ මාධ්‍යක්ද විය හැකියි.24

“ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක; නුඹේ හඬ ඇඬීමෙන්ද නුඹේ ඇස් කඳුළුවලින්ද වලක්වාගනින්න: මක්නිසාද නුඹේ ක්‍රියාවට විපාක ලැබෙන්නේය, … ඔවුන් සතුරන්ගේ දේශයෙන් හැරීඑනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

“නුඹේ මතු කාලය ගැන බලාපොරොත්තුවක් තිබේ, නුඹේ දරුවෝ තමුන්ගේ සීමාවට හැරීඑන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.”25

“නුඹේ මතු කාලය ගැන බලාපොරොත්තුව” යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. අප සතුව ඇති හෝ අප නොකළ කිසිවක් උන්වහන්සේගේ අනන්ත සදාකාලික පරිත්‍යාගයෙන් ඔබ්බට නැත. අපගේ කතාව අවසානයක් නොවන්නට හේතුව උන්වහන්සේයි.26 “එබැවින්, ඔබ ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරව, බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියකින්ද, දෙවියන්වහන්සේට සහ සියලු මනුෂ්‍යයන්ට ප්‍රේමයෙන්ද ඉදිරියට යා යුතුය. එමනිසා නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත භුක්ති විඳිමින් අවසානය දක්වා විඳදරාගෙන ඉදිරියට එන්නේ නම්, බලන්න, පියාණන්වහන්සේ මෙසේ පවසන සේක: ඔබට සදාකාල ජීවනය ලැබේ” 27

සදාකාල ජීවිතය යනු සදාකාල ප්‍රීතියයි. මේ ජීවිතයේ, මේ මොහොතේ ප්‍රීතියයි—එනම් අපගේ කාලය තුළ අභියෝග නොතකා නොව ඒවායෙන් ඉගෙන ගැනීමට සහ අවසානයේ ඒවා ජයගැනීමට ඇති ස්වාමින්වහන්සේගේ උපකාරය නිසා—සහ පැමිණීමට ඇති ඉදිරි ජීවිතයේ අපිරිමිත සතුටයි. කඳුළු සිඳී යනු ඇත, බිඳුණු හදවත් යහපත් වනු ඇත, නැති වූ දේ සොයා ගනු ඇත, කරදර විසඳනු ඇත, පවුල් යථා තත්ත්වයට පත් වනු ඇත, පියාණන් සතු සියල්ල අපගේ වනු ඇත.28

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බලා ජීවත්වන්න29 යනු මාගේ සාක්ශියයි, [අපගේ] “ආත්මවල එඬේරා සහ සභානායක” වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පූජනීය ශුද්ධවූ නාමයෙන් ආමෙන්30

සටහන්:

  1. මතෙව් 23:27.

  2. මතෙව් 25:1-11.

  3. Joseph Smith Translation, Matthew 25:11 (in Matthew 25:12, footnote a).

  4. මතෙව් 25:13

  5. වැඩිහිටි ජේම්ස් ඊ. ටැල්මේජ් මෙසේ ඉගැන්වූවා: “මනාලයා ස්වාමීන් වන යේසුස්වහන්සේය; විවාහ මංගල්‍යය සංකේතවත් කරන්නේ මිහිපිට සභාව, උන්වහන්සේගේ මනාලිය ලෙස පිළිගැනීම සඳහා සිඳුකරන, උන්වහන්සේගේ මහිමවත් පැමිණීමයි. කන්‍යාවන් විසින් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසයක් ප්‍රකාශ කරන අයව සංකේතවත් කරන අතර, එබැවින් මංගල්‍යයේ ආශීර්වාද ලත් සහභාගිවන්නන් අතරට ඇතුළත් වීමට විශ්වාසයෙන් යුතුව බලාපොරොත්තු වන අයයි. එක් එක් තරුණියන් දැල්වූ පහන, ක්‍රිස්තියානි ඇදහිල්ලේ සහ පිළිවෙතෙහි බාහිර ප්‍රකාශයකි; එමෙන්ම නුවණැති අයගේ තෙල් සංචිතවල දෙවියන්වහන්සේගේ සේවයෙහි කඩිසරකම සහ භක්තිය පමණක් සහතික කළ හැකි අධ්‍යාත්මික ශක්තිය සහ බහුලත්වය අපට දැකගත හැකිය”(Jesus the Christ [1916], 578).

  6. Dallin H. Oaks, “Preparation for the Second Coming,” Liahona, May 2004, 9.

  7. දහම සහ ගිවිසුම් 45:56-57; අවධාරණය කිරීම් සහිතයි.

  8. “වියළි ගිම්හානයේදී පවා පිනි වැටීම සීමිත තෙතමනයක් සපයන අතර කොමඩු වැනි ගිම්හාන භෝග සඳහා වැදගත් වේ. ප්‍රදේශය මුහුදට ආසන්නවෙත්ම පස එහි මතුපිට ස්පර්ශ වන වාතයට වඩා සිසිල් වන විට, සුළං රහිත රාත්‍රිවල පිනි වැටීම සඳහා එහි අපේක්ෂාවන් වඩා හොඳය. සාමාන්‍යයෙන්, වෙරළබඩ තැන්න, අභ්‍යන්තර ප්‍රදේශවලට වඩා පිනි ඇත; වඩාත් වැඩියෙන් පින්න ඇති වන්නේ කාර්මෙල් කන්දේ වන අතර එය වසරකට සාමාන්‍යයෙන් රාත්‍න්රී 250 ක්දී පමණ පිනි වැටෙනවා” (එෆ්‍රේම් ඔර්නි සහ එලිශා එෆ්‍රට්, Geography of Israel, 4th rev. ed. [1971], 147).

  9. දහම සහ ගිවිසුම් 128:19.

  10. මොසායා 23:18.

  11. ඇල්මා 37:6.

  12. මාර්ක් 4:38.

  13. යෝබ් 17:15.

  14. හිලමන් 5:40.

  15. යෝබ් 28:12.

  16. (මොරෝනි 7:20).

  17. ක්‍රියා 9:6.

  18. ඇල්මා 15:6.

  19. 2 නෙපි 26:28.

  20. මතෙව් 9:28.

  21. ක්‍රියා 26:27.

  22. ඇල්මා 5:15.

  23. උත්පත්ති 18:25.

  24. මොර්මොන් 6:17.

  25. ජෙරමායා 31:16-17; අවධාරණය කිරීම් සහිතයි.

  26. බලන්න කමීල් එන්. ජොන්සන්, “ඔබේ කතාව ලියන්නට ක්‍රිස්තුස්වහන්සේට ආරාධනා කරන්න,” ලියහෝනා, 2021, නොවැ, 82: “සෑම හොඳ කතාවකම කොටසක් වන විපත් සහ පීඩා, ඔබව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත සමීප කර, වඩාත් උන්වහන්සේ හා සමාන වන හේතුවක් කරගන්න.”

  27. 2 නෙපි 31:20.

  28. බලන්න දහම සහ ගිවිසුම් 84:38.

  29. බලන්න ඇල්මා 37:47.

  30. 1 පේත්‍රැස් 2:25.