ප්‍රධාන සම්මන්ත්‍රණය
පිළිගැනීමට සහ අනුගමනය කිරීමට නිහතමානී වන්න
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


පිළිගැනීමට සහ අනුගමනය කිරීමට නිහතමානී වන්න

දෙවියන්වහන්සේගේ අභිමුඛයට නැවත පැමිණීමට සූදානම් වීමේදී නිහතමානිකම අනිවාර්ය අවශ්‍යතාවයක් වනවා.

අල්මා හි පස්වන පරිච්ඡේදයේ තමන්ගේ අභ්‍යන්තරය විමර්ශන කරන ප්‍රශ්නයක් මෙසේ අසනවා “නුඹලා මෙම අවස්ථාවේ මැරණයට කැඳවනු ලැබුයේ නම්, නුඹලාගේ අභ්‍යන්තරයෙහි, එනම් නුඹලා සෑහෙන ලෙස යටහත් වී ඇත්ද?”1 එම ප්‍රශ්නයෙන් අදහස් කෙරෙන්නේ දෙවියන්වහන්සේගේ අභිමුඛයට නැවත පැමිණීමට සූදානම් වීමේදී නිහතමානිකම අනිවාර්ය අවශ්‍යතාවයක් බවයි.

අප ප්‍රමාණවත් තරම් නිහතමානී යැයි සිතීමට අපි කවුරුත් කැමතියි, නමුත් ජීවිතයේ සමහර අත්දැකීම් අපට අවබෝධ කර දෙන්නේ ස්වභාවික උඩගු මිනිසා බොහෝ විට අප තුළ ජීවමානව සිටින බවයි.

අවුරුදු ගාණකට කලින් අපේ දියණියන් දෙන්නා නිවසේ ජීවත්වන කාලයේ, ඔවුන්ට සහ මගේ බිරිඳට, මම වැඩ කෙරූ ආයතනයේ මා භාරව තිබූ ව්‍යාපාරික අංශය පෙන්වීමට මම තීරණය කළා.

මගේ සැබෑ අරමුණ වුණේ අපගේ ගෙදර මෙන් නොවන, සෑම කෙනෙක්ම මගෙන් ප්‍රශ්න කිරීමකින් තොරව, මම කියන දේ කරන තැනක් ඔවුන්ට පෙන්වීමයි. සාමාන්‍යයෙන් මගේ මෝටර් රථය ළං වන විට ස්වයංක්‍රීයව විවෘත වන ඉදිරිපස ගේට්ටුව වෙත අප පැමිණි විට, මෙවර එය විවෘත නොවීම ගැන මම පුදුමයට පත් වුනා. ඒ වෙනුවට මම කවදාවත් දැක තිබූ නැති ආරක්ෂක නිලධාරියෙක් මගේ මෝටර් රථය අසලට පැමිණ මගෙන් රාජකාරී හැඳුනුම්පත ඉල්ලුවා.

මගේ මෝටර් රථය සමඟ දේපල තුළට යාමට මට කිසි විටෙකත් හැඳුනුම්පතක් අවශ්‍ය නොවූ බව මම ඔහුට පැවසූ අතර පසුව ඔහුගෙන් පැරණි උඩඟු ප්‍රශ්නය ඇසුවා: “ඔබ කතා කරන්නේ කාටද කියා ඔබ දන්නවාද?”

ඔහු එයට පිළිතුරු දුන්නේ, “එසේනම්, ඔබ සතුව ඔබේ සමාගම් හැඳුනුම්පත නොමැති නිසා, ඔබ කවුදැයි කියා මට දැනගැනීමට හැකියාවක් නැහැ, මම මෙම ගේට්ටුව අසල සිටින තෙක් ඔබේ නිසි හඳුනාගැනීමක් නොකර පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ නොදෙන” බවයි.

ඒ සියල්ලට මගේ දියණියන්ගේ ප්‍රතිචාරය පරීක්ෂා කිරීමට පිටුපස බලන කණ්ණාඩිය දෙස බැලීමට මම සිතුවත්, නමුත් ඔවුන් ඒ මොහොතේ සෑම තත්පරයක්ම රස විඳින බව මම දැන සිටියා! මගේ පැත්තේ සිටි මගේ බිරිඳ මගේ හැසිරීම අනුමත නොකර ඔළුව වනමින් සිටියා. මගේ අවසාන විසඳුම වූයේ ආරක්ෂක නිලධාරියාගෙන් සමාව අයැදීම සහ ඔහුට මෙතරම් අකාරුනික ලෙස සැලකීම ගැන මම ඉතා කණගාටු වන බව පැවසීමයි. “ඔබට සමාව දෙනවා, නමුත් සමාගම් හැඳුනුම්පතක් නොමැතිව ඔබට අද ඇතුළට යා නොහැකියි!”

අපි නිහතමානී නොවී සිටීමට තීරණය කළ විට, අපව අවමානයට ලක්වනවා යන මෙම වටිනා පාඩම ඉගෙන ගත් මම මගේ හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉතා සෙමින් ආපසු නිවසට වෙත වහනය පැදෙව්වා.

හිතෝපදේශ පොතේ මෙසේ සඳහන් වනවා, “මනුෂ්‍යයෙකුගේ උඩඟුකම ඔහු පහත හෙළයි; එහෙත් සිතින් පහත්ව සිටින්නා ගෞරව ලබයි.”2 යටහත් පහත්කම වර්ධනය කිරීමට නම්, ශුභාරංචියේ සම්බන්ධය තුළ එය සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද යන්න අප තේරුම් ගත යුතුයි.

සමහරුන් නිහතමානී වීම දුප්පත් වීම වැනි වෙනත් දේවල් සමඟ පටලවාගෙන තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම දුප්පතුන් හා උඩඟු අය, එසේම ධනවත් හා නිහතමානී බොහෝ දෙනෙක් සිටිනවා. තවත් ඉතා ලැජ්ජාශීලී හෝ අඩු ආත්ම අභිමානයක් ඇති අයට නිහතමානී බවේ බාහිර පෙනුමක් තිබුණත් ඇතුළත උඩඟුකමින් පිරී තිබෙනවා.

එසේ නම් නිහතමානිකම කියන්නේ කුමක්ද? Preach My Gospel පොතට අනුව, එය “ස්වාමීන්වහන්සේගේ කැමැත්තට යටත් වීමට ඇති කැමැත්තයි. … එය යමක් ඉගැන්විය හැකි වීමයි. … [එය] අධ්‍යාත්මික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය උත්ප්‍රේරකයකි.”3

මෙම ක්‍රිස්තුස්වහන්සේ හා සමාන ගුණාංගය වැඩිදියුණු කිරීමට අප සැමට නිසැකවම බොහෝ අවස්ථා තිබෙනවා. අපගේ අනාගතවක්තෘවරයාගේ උපදෙස් පිළිපැදීමේදී අප කෙතරම් නිහතමානීව සිටියාද, නැතිනම් නිහතමානී විය යුතුද යන්න මුලින්ම ගවේෂණය කිරීමට මම කැමැතියි. මෙය අපට තනි තනිව ඉකමනින් කළ හැකි ප්‍රශ්නාවලියක් විය හැකියි:

  • අපගේ සියලු අන්තර්ක්‍රියා වලදී අපි සභාවේ සම්පූර්ණ නම සඳහන් කරනවාද? සභාපති නෙල්සන් පැවසුවේ, “ස්වාමීන්වහන්සේගේ නම ස්වාමින්වහන්සේගේ සභාවෙන් ඉවත් කිරීම සාතන්ගේ විශාල ජයග්රහණයක්” බවයි.4

  • අපගේ අනාගතවක්තෘවරයාගේ නිශ්චිත ආරාධනය පිළිගැනීමෙන් අපි දෙවියන්වහන්සේට අපගේ ජීවිත තුළ ජය ගැනීමට ඉඩ දෙනවාද? “අගතියේ ආකල්ප හා ක්‍රියාවන් අතහැර දැමීමට කටයුතු කරන ලෙස, අද මම සෑම තැනකම සිටින අපගේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.”5

  • අපගේ අනාගතවක්තෘවරයා ඉගැන්වූ පරිදි මිනිසුන්ගේ දර්ශනවලට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය විශ්වාස කරමින් අපි ලෝකය ජය ගන්නවාද?6

  • අපි මිනිසුන්ට සහ මිනිසුන් ගැන ධනාත්මක දේ කියමින් සාමය ඇති කරන්නන් බවට පත් වී තිබෙනවාද? සභාපති නෙල්සන් පසුගිය ප්‍රධාන සම්මන්ත්‍රණයේදී අපට පහත සඳහන් දේ ඉගැන්වූවා:අපට වෙනත් පුද්ගලයෙකු ගැන පැවසිය හැකි “ගුණවත් වූද, ප්‍රේමනීය වූද, එමෙන්ම සම්භාවනීය වූ හෝ ප්‍රසංසාවට යෝග්‍ය වූ යමක් තිබේද—එය ඔහුගේ මුහුණට හෝ ඔහු නොමැති තැනක හෝ පැවසීම—අපගේ සන්නිවේදන ප්‍රමිතිය විය යුතුයි.”7

මේවා සරල නමුත් බලවත් උපදෙස් වනවා. මතක තබා ගන්න, සුවය ලැබීමට මෝසෙස්ගේ සෙනඟ කළ යුතුව තිබුණේ ඔහු ඔසවා තැබූ පිත්තල සර්පයා දෙස බැලීම පමණයි.8 නමුත්, “මාර්ගයෙහි වූ සරළ බව නිසා නැතිනම් පහසු බව නිසා බොහෝමයක් නැසුනෝය.”9

මෙම සම්මන්ත්‍රණයේදී අපගේ අනාගතවක්තෘවරුන්ගේ සහ ප්‍රේරිතයන්ගේ නොවරදින අවවාද අපි අසා ඇති අතර තවමත් අසනවා. ස්වාමින්වහන්සේ මෙම තෝරාගත් නායකයින් හරහා කතා කිරීම, නිහතමානී බව වර්ධනය කර ගැනීමටත් අපගේ දැඩි අදහස් ඊටත් වඩා ශක්තිමත් විශ්වාසයකින් ගිල දැමීමටත් කදිම අවස්ථාවක්.

සියල්ලටත් වඩා, නිහතමානීකම වර්ධනය කිරීමේදී, අපගේ අභියෝග ජය ගැනීමට හෝ අපගේම උත්සාහයෙන් පමණක් අපගේ සම්පූර්ණ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට අපට නොහැකි බව අප තේරුම් ගෙන පිළිගත යුතුයි. ලොව පුරා සිටින අභිප්‍රේරණ කථිකයන්, ලේඛකයින්, පුහුණුකරුවන් සහ බලපෑමක් වන්නන්, විශේෂයෙන් ඩිජිටල් වේදිකාවල, සෑම දෙයක්ම රඳා පවතින්නේ අප සහ අපගේ ක්‍රියාවන් මත පමණක් යැයි කියනවා ඇත. ලෝකය මාංසයේ හස්තය මත විශ්වාස කරයි.

නමුත් නැවත පිහිටුවන ලද ශුභාරංචිය තුළින් අපි ඉගෙන ගත්තේ අප බොහෝ සෙයින් රඳා පවතින්නේ ස්වර්ගික පියාණන්ගේ කරුණාව සහ අපගේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම මත බවයි, “මක්නිසාද අපි ගැලවී සිටින්නේ අනුග්‍රහය නිසා බව අපි දන්නෙමු, අපට කළැ හැකි සියල්ල එය වන්නේය”.10 දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගැනීම සහ තබා ගැනීම ඉතා වැදගත් වන්නේ එනිසයි, එසේ කිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් උන්වහන්සේගේ සුවය, සක්‍රීය කිරීමේ සහ පරිපූර්ණ කිරීමේ බලය සඳහා පූර්ණ ප්‍රවේශය අපට ලැබෙනවා ඇත.

අපගේ ගිවිසුම් ලබාගෙන නැවත අලුත් කිරීමට සහ වත්පිලිවෙ වලට සහභාගී වීමට සතිපතා සක්‍රමේන්තු රැස්වීම්වලට පැමිණීම සහ නිතිපතා දේවමාළිගාවේ නමස්කාර කිරීම, ස්වර්ගීය පියාණන් සහ අපගේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත අපගේ යැපීම අප හඳුනා ගන්නා බවට ලකුණක් වනවා. එය අපගේ සියලු ගැටලු වලට අපට උපකාර කිරීමට සහ අපව මවා ඇති අරමුණ සම්පූර්ණ කිරීමට ඔවුන්ගේ බලය අපගේ ජීවිත්වලට ආරාධනා කරනවා ඇත.

වැඩි කල් නොගොස් මගේ යටහත් පහත්කමේ මට්ටම සහ ස්වාමින්වහන්සේ මත මා කොපමණ යැපෙනවාද යන්න පිළිබඳ අවබෝධය නැවත වරක් පරීක්ෂාවට ලක්වුනා. විසඳීමට ඉතා අසීරු තත්ත්වයක් තිබු ස්ථානයකට යාමට කෙටි ගුවන් ගමනක් සඳා ගුවන් තොටුපලට කුලී රථයකින් යමින් සිටියා. සභාවේ සාමාජිකයෙකු නොවූ කුලී රථ රියදුරා කණ්නාඩියෙන් මා දෙස බලා, “ඔයා අද අසනීපයෙන් වගේ මට පේනවා!” යයි පැවසුවා.

“ඔබට කියන්න පුළුවන්ද” කියා මම ඇසුවා

“ඔව් ඇත්තටම” ඔහු පැවසුවා එවිට ඔහු මෙවැනි යමක් පැවසුවා, “ඇත්තටම ඔබ වටා තිබෙන්නේ ඉතා සෘණාත්මක හැඟීමක්!”

මට ගණුදෙනු කිරීමට ඉතා අමාරු තත්වයක් තිබූ බව මම පැහැදිළි කළ විට, “එය විසඳීමට ඔබට හැකි සෑම දෙයක්ම ඔබ කර තිබෙනවාද?”කියා ඔහු ඇසුවා.

මට කළ හැකි සෑම දෙයක්ම මම කළ බව මම පැවසුවා.

එවිට ඔහු, “එහෙනම් මෙය දෙවියන්වහන්සේගේ දෑතට භාරදෙන්න, එවිට සියල්ල හොඳින් සිඳුවෙයි” කියා පැවසුවා.

“ඔබ කතා කරන්නේ කාටද කියා ඔබ දන්නවාද?” කියා ඔහුගෙන් ඇසීමට මා පෙලඹුණු බව මම ඔබට පාපොච්චාරණය කරනවා. නමුත් මම එසේ කළේ නැහැ! මම කලේ එම පැයක ගුවන් ගමන පුරාවට, මාව යටහත්පහත් කරගැනීමට ස්වාමින්වහන්සේ ඉදිරියෙහි යාච්ඥාවෙන් දිව්‍යමය උපකාර ඉල්ලා සිටීමයි. මම ගුවන් යානයෙන් පිටව යන විට, විසඳිය යුතු දුෂ්කර තත්වය දැනටමත් විසඳී ඇති බවත්, මගේ පැමිණීම තවදුරටත් අවශ්‍ය නොවන බවත් මම දැනගැනීමට හැකිවුනා.

සහෝදර සහෝදරියනි, ස්වාමින්වහන්සේගේ ආඥාව, ආරාධනාව සහ පොරොන්දුව ඉතා පැහැදිලි සහ සැනසිලිදායකයි: එනම් “නුඹ යටහත් වන්න; තවද නුඹගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ නුඹව හස්තයෙන් මඟපෙන්වනු ලබන්නේය, තවද නුඹගේ යාච්ඥාවන්ට නුඹට පිළිතුරු දෙනු ලබන්නේය.”11

අපගේ අනාගතවක්තෘවරුන්ගේ උපදෙස් පිළිපැදීමට යටහත්පහත් වී, අපව මේ ජීවිතයේ අපගේ හොඳම අනුවාදය බවට පත් කර, එක් දිනක්, ක්‍රිස්තුස්වහන්සේ තුළ අපව පරිපූර්ණ කළ හැක්කේ—උන්වහන්සේගේ සභාවෙන් ලැබුණු අණපනත් සහ ගිවිසුම් හරහා—අපව පරිවර්තනය කළ හැක්කේ දෙවියන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට පමණක් බව පිළිගමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.