ප්‍රධාන සම්මන්ත්‍රණය
මහත්මයා, අපිට යේසුස්වහන්සේව දකින්න අවශ්‍යයි
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


මහත්මයා, අපිට යේසුස්වහන්සේව දකින්න අවශ්‍යයි

අපට යේසුව දැකීමට අවශ්‍ය වන්නේ උන්වහන්සේ කවුද කියා දැනගැනීමට සහ උන්වහන්සේගේ ආදරය දැනීමටයි.

මුහුණු අන්ධභාවය

1945 වසන්තයේ දිනක, එක් තරුණයෙක් හමුදා රෝහලකදී අවදි වුණා. ඔහු ජීවත් වීමට වාසනාවන්ත වී තිබුණා—ඔහුගේ කනට පිටුපසින් වෙඩි වැදී තිබුණා, නමුත් වෛද්‍යවරුන් සැත්කම් කළ අතර, ඔහුට දැන් සාමාන්‍ය ලෙස ඇවිදීමට හා කතා කිරීමට පුළුවන්.

ඛේදජනක ලෙස ඒ උණ්ඩයෙන් ඔහුගේ මොළයේ මුහුණු හඳුණාගන්නා කොටසට හානි සිදු වී තිබුණා. ඔහු තම බිරිඳ දෙස බලා ඇයව හඳුනාගැනීමට නොහැකිව ඔහේ බලා සිටියා; ඔහු තම මවවත් හඳුනා ගත්තේ නෑ. කණ්නාඩියෙන් පෙණුනු මුහුණ පවා ඔහුට ආගන්තුක වුණා—එය පිරිමියෙකු හෝ ගැහැණියක් දැයි පවා ඔහුට හඳුනාගත නොහැකි වුණා.1

ඔහු මුහුණු අන්ධභාවය ලබා තිබුණා—එය මිලියන ගණනක් මිනිසුන්ට බලපාන තත්වයක්.2

දැඩි ලෙස මුහුණ අන්ධභාවයට පාත්‍ර වුණු පුද්ගලයන් නීති කටපාඩම් කිරීමෙන් අන් අයව හඳුනා ගැනීමට උත්සාහ කරනවා—දියණියක්ව ඇයගේ ලප කැළැල් රටාවෙන් හෝ මිතුරියක්ව ඇගේ කකුල අද්දවා ඇවිදින රටාව වැනි නීති හාවිතයෙන් හඳුනාගන්න පුළුවන්.

වැඩීම

මෙන්න මගේ නිවසට ආසන්න දෙවන කථාව: කුඩා පිරිමි ළමයෙකු ලෙස, මම බොහෝ විට නීති සම්පාදනය කරන්නා ලෙස දැක්කේ මගේ අම්මාව. මට සෙල්ලම් කළ හැක්කේ කොයි වෙලේද සහ මම නින්දට යා යුත්තේ කොයි වෙලේද, නැත්නම් දරුණුම දේ තමා මිදුලේ වල් පැලෑටි ගලවන්න ඕනෙ කොයි වෙලේද කියලා ඇය තීරණය කළා.

ඇය ඇත්තෙන්ම මට ආදරය කළා. නමුත් මගේ ලැජ්ජාවට කරුණ තමයි බොහෝ විට මම ඇයව දුටුවේ “කීකරු විය යුතු කෙනා” ලෙස පමණයි.

අවුරුදු ගාණකට පස්සේ තමයි මම ඇයව සැබෑ කෙනෙක් විදිහට දැක්කෙ. අවුරුදු ගණනාවක් තිස්සේ ඇය පැරණි සායවල් දෙකක් (මම අලුත් පාසල් ඇඳුම් ලබා ගන්නා විට) පමණක් ඇඳසිටින විට, නැතහොත් දවස අවසානයේදී ඇය බොහෝ වෙහෙසට පත්වී සිටින විට මාව ඉක්මනින්ම නින්දට යැවීමට බොහෝ උනන්දු වන විට ඇගේ පරිත්‍යාගය මා කිසිවිටෙකත් නොදැකීම මෙන්ම ඒ ඇයි දැයි කල්පනා නොකිරීම ගැන මම ලැජ්ජා වනවා.

අපිටත් මුහුණ අන්ධභාවය තිබෙන්න පුළුවන්.

සමහර විට ඔබට මේ කතා දෙක ඇත්තටම එක කතාවක් බව පෙනෙනවා ඇති—වසර ගණනාවක් තිස්සේ, මම, ඇත්ත වශයෙන්ම, මුහුණු අන්ධභාවයෙන් විපාක ලබා තිබෙනවා. මගේ අම්මාව සැබෑ පුද්ගලයෙක් ලෙස දැකීමට මට නොහැකි වෙලා. මම ඇගේ නීති දැක්කා, නමුත් ඒවා තුළ ඇගේ ආදරය දැක්කෙ නෑ.

මම මේ කතා දෙක ඔබට කියන්නේ එක් කරුණක් ඉදිරිපත් කරන්නයි: යම් ආකාරයක ආධ්‍යාත්මික මුහුණු අන්ධභාවයකින් පෙළෙන කෙනෙකු (සමහර විට ඔබ විය හැකියි) ඔබ හඳුනනවා ඇති කියා මම සිතනවා.

දෙවියන්වහන්සේව ප්‍රේමණීය පියෙකු ලෙස දැකීමට ඔබ අරගල කරනවා වෙන්න පුළුවන්. ඔබ ස්වර්ගය දෙස බලා, ප්‍රේමයේ සහ දයාවේ මුහුණ නොව, ඔබ ගමන් කළ යුතුම මාර්ගයේ ඇති නීති රැසක් දකිනවා වෙන්න පුළුවන්. දෙවියන්වහන්සේ ස්වර්ගයන් පාලනය කරමින්, උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් හරහා කථා කරමින්, සහ ඔබේ සහෝදරියට ආදරය කරනවා යැයි විශ්වාස කරන විට, ඒත් උන්වහන්සේ ඔබට ආදරය කරන්නේ දැයි රහසින් කල්පනා කරනවා විය හැකියි.3 සමහර විට යකඩ අත්වැට ඔබේ අත්වලට දැනී ඇති නමුත් එය ගෙන යන ඔබේ ගැලවුම්කරුවාගේ ආදරය තවමත් ඔබට දැනී නැතිවන්නට පුළුවන්.4

ඔබ මෙවැනි අයව හඳුනනවා ඇති කියා මම හිතනවා, මොකද මම දිගු කලක් මෙවන් කෙනෙක් වෙලා සිටියා—මම අධ්‍යාත්මිකව මුහුණු අන්ධබවේ සිටියා.

නීති රීති අනුගමනය කිරීම සහ නොපෙනෙන ප්‍රමිතීන්ට අනුව ජීවත්වීම මාගේ ජීවිතය කියා සිතුවා. දෙවියන්වහන්සේ ඔබට ආදරය කරනවා කියා මම දැනසිටියත් එය මට දැනී තිබුනේ නැහැ. මගේ ස්වර්ගික පියාණන් සමඟ සිටිනවාට වඩා ස්වර්ගයට යාම ගැන සිතුවාදැයි කියා මම කරදරයට පත්වනවා.

ඔබත් මම මෙන්ම සමහර විට තොල් සොලවන නමුත් “ප්‍රේමයේ මුදවා ගැනීමේ ගීතය”5 ගායනා නොකරන්නේ නම්, අපිට කරන්න පුළුවන් මොකක්ද?

සභාපති නෙල්සන් අපට මතක් කරන පරිදි පිළිතුර සෑම විටම යේසුස්වහන්සේයි.6 ඒ වගේම එය ඉතා හොඳ ආරංචියක්.

මහත්මයා, අපිට යේසුස්වහන්සේව දකින්න අවශ්‍යයි

යොහාන් පොතේ මම ආදරය කරන කෙටි පදයක් තිබෙනවා. වැදගත් ඉල්ලීමක් සමඟ උන්වහන්සේගේ ගෝලයන් වෙත ගමන් කරන පිටස්තරයින් පිරිසක් ගැන එහි සඳහන් වෙනවා. “මහතාණෙනි, අපි යේසුස්වහන්සේ දකින්ට කැමැත්තෙමු”7 කියා ඔවුන් කියනවා.

අප සැමට අවශ්‍ය වන්නේ එයයි—එනම් යේසුස්වහන්සේව සැබෑ ලෙස දැකීම සහ උන්වහන්සේගේ ආදරය දැනීමයි. සභාවේ අප කරන බොහෝ දේට සහ නිසැකවම සෑම සක්‍රමේන්තු රැස්වීමකටම හේතුව මෙය විය හැකියි. කුමන ආකාරයේ පාඩමක් ඉගැන්විය යුතුද, කුමන ආකාරයේ රැස්වීමක් සැලසුම් කළ යුතුද, ඒවගේම උපස්ථායකයින්ව අතහැර ඩොජ්බෝල් ක්‍රීඩා කළ යුතුද යන්න ඔබ කල්පනා කරන්නේ නම්, ඔබට මෙම වැකිය ඔබේ මාර්ගෝපදේශය ලෙස ගන්න පුළුවන්: මෙය මිනිසුන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැකීමට සහ උන්වහන්සේට ආදරය කිරීමට උපකාර කරයිද? එසේ නොවේ නම්, සමහර විට වෙනත් දෙයක් උත්සාහ කරන්න.

මම අධ්‍යාත්මිකව මුහුණු අන්ධතාවයෙන් පෙළෙන බව, සහ මම නීතිරීති දුටුවත් පියාණන්ගේ දයාවේ මුහුණ නොදුටු බව මට වැටහුණු විට, එය සභාවේ වරදක් නොවන බව මම දැන සිටියා. එය දෙවියන්වහන්සේගේ වරදවත්, එයින් අදහස් කරන්නේ සියල්ල නැති වූ බවවත් නොවේ; එය අපි සෑම කෙනෙක්ම ඉගෙන ගත යුතු දෙයක්. නැවත නැඟිටීම පිළිබඳ මුල් සාක්ෂිකරුවන් පවා නැවත නැඟිටුවනු ලැබූ ස්වාමින්වහන්සේ සමඟ බොහෝ විට මුහුණට මුහුණ ලා පැමිණි නමුත් උන්වහන්සේව හඳුනා ගත්තේ නැහැ; උද්‍යාන සොහොන්ගැබේ සිට ගලීලයේ වෙරළ දක්වා, උන්වහන්සේගේ පළමු අනුගාමිකයන් “යේසුස්වහන්සේ සිටගෙන සිටිනු දුටු අතර ඒ යේසුස්වහන්සේ බව දැන සිටියේ නැහැ.”8 ඔවුන්ට උන්වහන්සේව හඳුනා ගැනීමට ඉගෙන ගැනීමට සිදු වුණා, අපිටත් එසේමයි.9

පිවිතුරු ප්‍රේමය

මම ආත්මික මුහුණු අන්ධතාවයෙන් පෙළෙන බව දුටු විට, උන්වහන්සේගේ ගෝලයන්ට පොරොන්දු වී ඇති ප්‍රේමයෙන් පූර්ණ වීමට “හදවතේ මුළු ශක්තියෙන්” යාච්ඤා කරන ලෙස වූ මොර්මොන්ගේ උපදේශය අනුගමනය කිරීමට මම පටන් ගත්තා, ඒ—උන්වහන්සේ වෙනුවෙන් ඇති මගේ ප්‍රේමයෙන් සහ මා වෙනුවෙන් ඇති උන්වහන්සේගේ ප්‍රේමයෙන් පූර්ණ වී, එමෙන්ම “උන්වහන්සේව උන්වහන්සේ ලෙසම දකින පිණිස,” “සහ මෙම බලාපොරොත්තුව ඇතිවන පිනිසය.”10 දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමේ පළමු ශ්‍රේෂ්ඨ ආඥාව පිළිපැදීමටත් එමෙන්ම “සියලු සදාකාලිකත්වයේ පළමු ශ්‍රේෂ්ඨ සත්‍යය වන … දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මුළු හදවතින්, බලයෙන්, මනසින් සහ ශක්තියෙන් අපට ප්‍රේම කරන බව” දැනීමටත් හැකි වන ලෙස මම වසර ගණනාවක් යාච්ඤා කළා.11

ශුභාරංචීන්

මම ශුභාරංචි හතර කියවා, නැවත කියවා, නැවතත් කියෙව්වේ—මෙවර කියෙව්වේ උන්වහන්සේගේ නීති උකහා ගැනීමට නොවේ, නමුත් උන්වහන්සේ කවුද සහ උන්වහන්සේ ආදරය කරන්නේ මොනවාටද කියා බැලීමටයි. ඒවගේම, කාලයාගේ ඇවෑමෙන්, උන්වහන්සේගෙන් ගලා ආ ප්‍රේම ගංගාවෙන් මාව ගසාගෙන ගියා.

උන්වහන්සේව එවා ඇත්තේ “බිඳුණු හදවත් ඇති අයව සුව කිරීමටත්, වහලුන්ට නිදහස ප්‍රකාශ කිරීමටත්, අන්ධයන්ට පෙනීම ලබා දීමටත්” බව උන්වහන්සේ පැවසුවා.12

මෙය කළ යුතු දේවල් වල ලැයිස්තුවක් හෝ හොඳ මහජන සම්බන්ධතාවක් පමණක් නොවේ; එය උන්වහන්සේගේ ආදරයේ හැඩයයි.

ශුභාරංචි අහඹු ලෙස විවෘත කරන විට; සෑම පිටුවකම පාහේ අප දකින්නේ උන්වහන්සේ සමාජීය, අධ්‍යාත්මික සහ ශාරීරික වශයෙන් දුක් විඳින මිනිසුන්ට සැලකිල්ල දක්වන බවයි. දූෂිත හා අපිරිසිඳු13 කියා සලකන මිනිසුන්ව උන්වහන්සේ ස්පර්ශ කළ අතර කුසගින්නෙන් පෙළෙන අයව පෝෂණය කළා.14

යේසුස්වහන්සේ ගැන ඔබ කැමතිම කතාව කුමක්ද? ලාදුරු රෝගියා,15 වෛරයට ලක් වූ සමානුතාරිතවරයා,16 චූදිත සහ අපකීර්තිමත් පව්කාරයා,17 හෝ ජාතික සතුරා,18—දෙවියන්වහන්සේගේ පුත්‍රයා මායිම්වල සිටින කෙනෙකු වැළඳ ගැනීමට හෝ බලාපොරොත්තුවක් දීමට අත දිගු කරන බව ඒවා පෙන්නුම්කරනවා කියා මම සිතනවා. ඒ වගේ කරුණාවක් හරිම පුදුමාකාරයි.

උන්වහන්සේ පිටස්තරයෙකු ප්‍රශංසා කරන හෝ සුව කරන හෝ ආහාර ගන්නා සෑම අවස්ථාවක් ගැනම ලිවීමට උත්සාහ කරන්න, ඔබ ලූක් කියවා අවසන් කිරීමට පෙර ඔබේ පෑනේ තීන්ත අවසන් වේවී.

මම මෙය දුටු විට, මගේ හදවත ආදරණීය පිළිගැනීමකින් ඉපිල ගියා, උන්වහන්සේ මට ආදරය කරනවා ඇති කියා මට දැනෙන්නට පටන් ගත්තා. සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වුවා, “ගැලවුම්කරුවාණන් ගැන ඔබ වැඩි වැඩියෙන් ඉගෙනගන්නා තරමට, උන්වහන්සේගේ දයාව, උන්වහන්සේගේ අසීමිත ප්‍රේමය, කෙරෙහි විශ්වාසය තැබීම පහසු වෙනවා.”19 තවද ඔබ වැඩි වැඩියෙන් ඔබගේ ස්වර්ගික පියාණන්වහන්සේව විශ්වාස කර ප්‍රේම කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණියේ “දෙවියන් වන සදාතනික පියාණන්වහන්සේ කවුරුන්ද සහ මොණවගේද කියා සහ සෑම කාලයක මෙන්ම ජන සමූහයකට සිටින උන්වහන්සේගේ දරුවන් වෙනුවෙන් උන්වහන්සේ කෙතරම් කැපවනවාද කියා පෙන්වීමට බව වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් අපට උගන්ව තිබෙනවා.20

පාවුල් පවසන්නේ දෙවියන්වහන්සේ “[සියලු] දයාවේ පියා සහ සියලු සැනසිල්ලේ දෙවියන්” කියායි21

ඔබ උන්වහන්සේව දකින්නේ වෙනස් ලෙස නම්, දිගටම උත්සාහ කරන්න.

ගිවිසුම් සහ දෙවියන්වහන්සේගේ වැළඳගැනීම්

උන්වහන්සේගේ මුහුණ සෙවීමට අනාගතවක්තෘවරුන් අපෙන් ඉල්ලා සිටිනවා.22 මෙය අපගේ පියාණන්ට කරන නමස්කාරයක් මිස, සූත්‍රයක් නොවන බවත්, අපගේ පියාණන්ගේ ප්‍රේමයේ මුහුණ ලෙස ජේසුස්වහන්සේ දැක23 උන්වහන්සේගේ නීතිරීති පමණක් නොව උන්වහන්සේව අනුගමනය කරන තෙක් අප අවසන් නොවන බවත් මතක් කිරීමක් ලෙස මම මෙය සලකනවා.24

අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතයන් ගිවිසුම් ගැන කතා කරන විට, ඔවුන් “තවත් උත්සාහ කරන්න!” කියා කෑගසන පුහුණුකරුවන් මෙන් නොවේ. අපගේ ගිවිසුම් මූලිකවම අපගේ සබඳතාවන් පිළිබඳව 25 මෙන්ම අපගේ ආත්මික මුහුණු අන්ධභාවයට පිළියමක් ලෙස දැකීම ඔවුන්ට අවශ්‍ය වනවා.26 ඒවා උන්වහන්සේගේ ආදරය උපයා ගැනීමට ඇති නීති නොවේ; උන්වහන්සේ දැනටමත් ඔබට සම්පූර්ණයෙන්ම ආදරය කරනවා. ඒ ආදරය තේරුම් ගෙන ජීවිතය හැඩගස්වා ගැනීම අපේ අභියෝගයයි.27

අපි අපේ ගිවිසුම් හරහා ජනේලයකින් පිටුපස ඇති පියාණන්ගේ දයාවේ මුහුණ දෙස බැලීමට උත්සාහ කරනවා මෙන්, බැලීමට උත්සහ කරනවා.

ගිවිසුම් යනු දෙවියන්වහන්සේගේ වැලඳගැනීමේ ආකාරයයි.

දෙවියන්ගේ ආදරයේ ගංගාව

අවසාන වශයෙන්, උන්වහන්සේට සේවය කිරීමෙන් අපට උන්වහන්සේ දැකීමට ඉගෙන ගත හැකියි. “මක්නිසාද මනුෂ්‍යයෙකු ඔහු විසින් සේවය නොකරන ලද ස්වාමියෙකුව දැනගන්නේ කෙසේද?”28

මීට වසර කීපයකට පෙර, මට සුදුසුකමක් නැතැයි මට හිතුණු කැඳවීමක් ලැබුණා. මම නොසන්සුන්ව වේලාසනින් අවදි වුණා—නමුත් මම මීට පෙර අසා නොතිබූ වාක්‍ය කණ්ඩයක් මගේ මනසේ තිබුණා: ඒ තමයි මෙම සභාවේ සේවය කිරීම යනු දෙවියන්වහන්සේගේ දරුවන් කෙරෙහි ඇති ප්‍රේමයේ ගංගාවේ නැගී සිටීමයි. මෙම සභාව, පේළිය අවසානයේ සිටින දෙවියන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේගේ ප්‍රේමයේ ගංගාවට ළඟා වීම පිණිස ඒ සඳහා ඇති ඇළ මාර්ගය පිරිසිදු කිරීමට උදව් කිරීමට උත්සාහ කරන ගල් කටු සහ සවල් අතැතිව සිටින මිනිසුන්ගෙන් යුත් ඛණ්ඩායමකි.

ඔබ කවුරුන් වුවද, ඔබගේ අතීතය කුමක් වුවත්, මෙම සභාවේ ඔබට ඉඩ ඇත.29

කොල්ලුවක් සහ සවලක් අරගෙන මේ කණ්ඩායමට එකතු වන්න. උන්වහන්සේගේ ආදරය උන්වහන්සේගේ දරුවන් වෙත ගෙන යාමට උදව් කරන්න, එයින් සමහරක් ඔබ මතට විසිරී යයි.30

අපි උන්වහන්සේගේ ආදරණීය මුහුණ, උන්වහන්සේගේ වැලඳගැනීමේ ගිවිසුම සොයමු, පසුව උන්වහන්සේගේ දරුවන් සමඟ අත්වැල් බැඳ, එක්ව “ඊශ්‍රායෙල් මිදුම්කාරයා” [Redeemer of Israel] ගීතය ගායනා කරමු:

මිදුම්කරුණි, යලි දෙන්,

ඔබ මුහුණේ ආලෝකේ,

මා ප්‍රාණේ සනහාලන්නට.

ආශා ඇතේ රැඳෙන්න

ඔබේ ලෝකේ

මගේ පාළු හදවතට බලාපොරොත්තුවක් ගෙනඑන්න.31

අපි උන්වහන්සේගේ ආදරණීය මුහුණ සොයමින් පසුව උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේගේ දයාවේ භාජන වෙමු.32 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. See Hadyn D. Ellis and Melanie Florence, “Bodamer’s (1947) Paper on Prosopagnosia,” Cognitive Neuropsychology, vol. 7, no. 2 (1990), 84–91; Joshua Davis, “Face Blind,” Wired, Nov. 1, 2006, wired.com.

  2. See Dennis Nealon, “How Common Is Face Blindness?,” Harvard Medical School, Feb. 24, 2023, hms.harvard.edu; Oliver Sacks, “Face-Blind,” New Yorker, Aug. 23, 2010, newyorker.com.

  3. “සමහර සභා සාමාජිකයන් විසින් මෙම දහම, මූලධර්ම, සහ මෙම සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දේශනා කූඩුව මත සහ ලෝකය වටා දේශීය සභාවන් තුළ නැවත නැවතත් ප්‍රකාශ කෙරෙන සාක්ෂි සත්‍ය බව පිළිගන්නවා—ඒත් තවමත් මෙම සදාකාලික සත්‍යයන් ඔවුන්ගේ ජීවිතවලට සහ ඔවුන්ගේ තත්වයන්ට විශේෂයෙන් අදාළ වන බව විශ්වාස කිරීමට අරගල කරන්න පුළුවන්” (ඩේවිඩ් ඒ. බෙඩ්නර්, “තවද නුඹ මා තුළත්, මා නුඹ තුළත් වාසය කරන්නෙහිය,” ලියහෝනා,මැයි 2023, 125).

  4. බලන්න 1 නෙපී 8:19; 15:23. “උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ විශ්වාසය නොමැතිව ස්වාමින්වහන්සේගේ ආඥා තබාගැනීම දුෂ්කරයි” (හෙන්රි බී. අයිරින්, “ඉල්ලීමට හා පසුව ක්‍රියාකිරීමට ඇදහිල්ල,” ලියහෝනා, නොවැ. 2021).

  5. ඇල්මා 5:26.

  6. රසල් එම්. නෙල්සන්, “පිළිතුර සෑමවිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි,” ලියාහෝනා, මැයි 2023, 127-28.

  7. යොහාන් 12:21.

  8. යොහාන් 20:14. ඔවුන් උන්වහන්සේව එම්මාවුස් වෙත යන මාර්ගයේ (බලන්න ලූක් 24:16), අගුලු දැමූ කාමරයක (බලන්න ලූක් 24:37), ගලීල වෙරළේ (බලන්න යොහන් 21:4), සහ උද්‍යාන සොහොනේ (බලන්න යොහන් 20:14) දුටු නමුත් හඳුනා නොගත්තහ.

  9. අපි මුළු හදවතින්ම උන්වහන්සේව සොයනවා නම්, ඒවගේම ඇදහිල්ලෙන් දිගටම ගමන් කරනවා නම්, උන්වහන්සේ හමුවෙනවා.

    “මා විසින් නුඹලා ගැන කරන යෝජනා මම දනිමි, ඒවා නපුරේ යෝජනා නොව එහෙත් සමාදානයේ යෝජනායයි ස්වාමින්වහන්සේ කියන සේක.…

    “නුඹලා මා සොයනවා ඇත, නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බවෙනවා ඇත” (යෙරෙමියා 29:11, 13).

    “උන්වහන්සේ තුළ සහ උන්වහන්සේ මගින් ප්‍රාණවත් වී, නුඹලා දෙවියන්වහන්සේව වුවත් අවබෝධ කරගන්නා වූ දවස පැමිණෙන්නේය.

    “එවිට එනම් නුඹලා මා දැක ඇතිබවත්, එනම් ඒ මම බවත්, තවද දැනගන්නෝය” (දහම සහ ගිවිසුම් 88:49–50)

    “ඔහුගේ පාප අත්හැර දමන තවද මා වෙතට පැමිණෙන, තවද මාගේ නාමයෙන් කතාකරන, තවද මාගේ හඬට කීකරු වන, සහ මාගේ ආඥා පිළිපදින සෑම ප්‍රාණයක්ම, මාගේ මුහුණ දැක ඒ මා බව හඳුනාගන්නේය” (දහම සහ ගිවිසුම් 93:1).

  10. මොරෝනි 7:48. පාවුල් අපට පැහැදිලිව දැකීමේ හැකියාව සමඟ පිවිතුරු ප්‍රේමය සම්බන්ධ කළා. පිවිතුරු ප්‍රේමය පිළිබඳ ඔහුගේ ශ්‍රේෂ්ඨ දේශනාව අවසානයේ, ඔහු ලියන්නේ “එසේය, දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය; නුමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. නුමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි” (1 කොරින්ති 13 :12).

  11. ජෙෆ්‍රි ආර්. හොලන්ඩ්, “Tomorrow the Lord Will Do Wonders among You,” ලියහෝනා, මැයි 2016, 127. “ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමය’ යන්නෙහි විශාල නිර්වචනය වන්නේ කිතුනුවන් වශයෙන් අප උත්සාහ කරන නමුත් එය අනෙක් අයට පෙන්වීමට අප බොහෝ දුරට අපොහොසත් වීම නොව නමුත් ක්‍රිස්තුස්වහන්සේ අප වෙත පෙන්වීමට සම්පුර්ණයෙන්ම සමත් වූ දෙයයි. සැබෑ පිවිතුරු ප්‍රේමය දැනගෙන ඇත්තේ එක් වරක් පමණි. එය ක්‍රිස්තුස්වහන්සේගේ නොවරදින, අවසාන සහ වන්දිගෙවීමේ ප්‍රේමය තුළින් පරිපූර්ණව සහ නිර්මලව පෙන්නුම් කර තිබේ” (Jeffrey R. Holland, Christ and the New Covenant, 336–37).

  12. ලූක් 4:18 නව ජාකොබ් රජුගේ අනුවර්තනය

  13. බලන්න මතෙව් 8:3; 9:25

  14. බලන්න මතෙව් 14:13–21.

  15. බලන්න මතෙව් 8:1-3.

  16. බලන්න යොහන් 4:7-10; ඔහු සමානුතාරිතවරයාව ප්‍රශංසා කළහ (බලන්න ලූක් 10:25-37

  17. බලන්න මතෙව් 21:31; ලූක් 7:27–50; 15:1–10; යොහන් 8:2–12.

  18. බලන්න මතෙව් 8:5-13.

  19. රසල් එම්. නෙල්සන්, “ක්‍රිස්තුස්වහන්සේ උත්ථාන වී ඇත; උන්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය කඳු චලනය කරයි,” ලියහෝනා, මැයි 2021, 103.

  20. ජෙෆ්‍රි ආර්. හොලන්ඩ්, “The Grandeur of God,” Liahona, Nov. 2003. “මා දුටු තැනැත්තේ පියාණන්වහන්සේ දුටුවේය” (යොහන් 14:9)

  21. 2 කොරින්ති 1:3.

  22. බලන්න ගීතාවලිය 27:8; දහම සහ ගිවිසුම් 88:68.

  23. බලන්න 2 කොරින්ති 4:6; Pope Francis, “Misericordiae Vultus: Bull of Indiction of the Extraordinary Jubilee of Mercy,” Apostolic Letters, vatican.va.

  24. මෙය වැදගත් තේමාවකි. එය ගැලවීමේ සහ උත්කර්ෂවත් කිරීමේ කාර්යය පමණක් නොව උන්වහන්සේගේ කාර්යයයි (බලන්න ප්‍රධාන අත්පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවනතයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීම, 1.2,ශුභාරංචි පුස්තකාලය ). මම යන්නේ දේවමාළිගාවකට පමණක් නොව ස්වාමින්වහන්සේගේ ගෘහයට ය; එය මොර්මොන්ගේ සභාව නොව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවයි (බලන්න රසල් එම්. නෙල්සන්, “සභාවේ නිවැරදි නම,” ලියහෝනා, නොවැ. 2018, 87–89). අපගේ නායකයින් අපව උන්වහන්සේ වෙතට යොමු කරන අතර අපට මතක් කර දෙන්නේ අපට උපකාරය, සුවය, සමාව හෝ බලය ඉල්ලා සිටිය හැකි “වන්දිගෙවීම” ලෙස හඳුන්වන නියම හැඩහුරුකමක් නොමැති වස්තුවක් නොමැති බවයි. එහි උල්පත යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි” (රසල් එම්. නෙල්සන්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය අපගේ ජීවිත වෙත ඇදගැනීම,” ලියහෝනා, මැයි 2017.

  25. “ගිවිසුම් මාර්ගය යනූ දෙවියන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය වේ”; එය “ප්‍රේමයේ මාවතයි— … දයානුකම්පිත සැලකිල්ල සහ එකිනෙකා වෙත ළඟාවීම” (බලන්න රසල් එම්. නෙල්සන්, “සදාකාලික ගිවිසුම,” ලියහෝනා, ඔක්. 2018, 87–89).

    බලන්න ඩේවිඩ් ඒ. බෙඩ්නර් “The Blessed and Happy State” (address given at the seminar for new mission leaders, June 24, 2022); Scott Taylor, “Elder Bednar Shares 7 Lessons on ‘the Blessed and Happy State’ of Obedience,” Church News, June 27, 2022, thechurchnews.com.

    “ශුද්ධ වූ ගිවිසුම් වලට ඇතුල්වීම සහ සුදුසු ලෙස පූජකවර නියෝග ලබාගැනීම, අපව ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ ස්වර්ගීය පියාණන්වහන්සේට වියගහකින් සම්බන්ධ කරමින් අපව බැඳ තබනවා. අපි ගැලවුම්කරුවාණන්ව අපගේ උපදේශකයාණන් සහ මැදිහත්කරුවාණන් ලෙස විශ්වාස කරන අතර, ජීවන ගමන අතරතුර උන්වහන්සේගේ ගුණය, දයාව, සහ කරුණාව මත විශ්වාසය තබන බව මෙයින් සරලව අදහස් කරනවා. …

    “ගිවිසුම් බැඳීම් අනුව ජීවත් වීමෙන් සහ ඒවාට ප්‍රේම කිරීමෙන්, ස්වාමින්වහන්සේ සමඟ ගැඹුරු පුද්ගලික සහ අධ්‍යාත්මික වශයෙන් බලවත් සම්බන්ධතාවයක් ඇති කරනවා. … එවිට යේසුස්වහන්සේ අපට ශුද්ධලියවිලි කථා වල කේන්ද්‍රීය චරිතයට වඩා බොහෝ සෙයින් වැඩි කෙනෙක් වෙනවා; උන්වහන්සේගේ ආදර්ශය සහ ඉගැන්වීම් අපගේ සෑම ආශාවකටම, සිතුවිල්ලකටම, සහ ක්‍රියාවකටම බලපානවා” (ඩේවිඩ් ඒ. බෙඩ්නර්, “නමුත් අපි ඔවුන්ට සවන් නොදුන්නෙමු,” ලියහෝනා, මැයි 2022, 15).

    බලන්න ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්, “දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය,” ලියහෝනා, මැයි 2022.

  26. “තවද එහි වූ නියෝගයන් සහ පූජකවරයේ අධිකාරිත්වය නොමැතිව, මාංශයේ මනුෂ්‍යයන් වෙතට දේවත්වයේ බලය එළිදරව් නොකරන්නේය;

    “මක්නිසාද මෙය නොමැතිව කිසිම මනුෂ්‍යයෙකුට දෙවියන්වහන්සේ වන පියාණන්වහන්සේගේ මුහුණ දැක ජීවත්විය නොහැක” (දහම සහ ගිවිසුම් 84:21–22).

  27. Patricia Holland, “A Future Filled with Hope” (worldwide devotional for young adults, Jan. 8, 2023), Gospel Library:

    “[උන්වහන්සේ ඔබට උපකාර කරයි යන බලාපොරොත්තුව] පසුපස හඹා යාමට ඔබට අවශ්‍ය නැත; ඔබ එසේ නොකරන අතර ඔබට එය නිපවිය නොහැක. කරුණාවේ ක්ෂේත්‍රයේ බොහෝ දේ මෙන්, ඔබ එය ඔබේම ශක්තිය මත හෝ වෙනත් පුද්ගලයෙකුගේ ශක්තිය මතින් උපයාගත නොහැකි. එහි කිසිඳු රහස් සූත්‍ර හෝ ඉන්ද්‍රජාලික මන්ත්‍ර කිසිවක් අඩංගු නොවේ. …

    “ඇත්ත වශයෙන්ම, අප ඉටු කරන කොටස වැදගත් නමුත් ඇත්ත වශයෙන්ම ඉතා කුඩා ය; කර්තව්‍යයේ වැඩි කොටස ඇත්තේ දෙවියන්වහන්සේටය. අපගේ කොටස වන්නේ නිහතමානීව හා සරලව උන්වහන්සේ වෙතට පැමිණීමයි, එවිට අපි කරදර නොවිය යුතුය, බිය නොවිය යුතුය.

  28. මොසායා 5:13; තවත් බලන්න යොහාන් 17:3.

  29. “මුළු මිනිස් පවුලම වැලඳ ගැනීම සඳහා අපගේ ප්‍රේමයේ කවය පුළුල් කරන ලෙස” සභාපති නෙල්සන් අපෙන් නැවත නැවතත් ඉල්ලා ඇත (“සාමය ඇති කරන්නන් භාග්‍යවන්තයෝ,,” ලියාහෝනා, නොවැ, 2002, 41). 2022 මැයි මාසයේදී ඔහු තරුණ වැඩිහිටියන්ට පැවසුවේ “ලේබල් විනිශ්චය කිරීමට සහ සතුරුකමට හේතු විය හැකි බවයි. “ජාතිය, වර්ගය, ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂභාවය, අධ්‍යාපනික උපාධි, සංස්කෘතිය හෝ අනෙකුත් වෙන්කර හඳුනාගැනීම් නිසා සිදුකරන ඕනෑම අපයෝජනයක් හෝ අගතියක්, අපගේ මැවුම්කරුවාණන්ව අමනාප කරනවා.” (“Choices for Eternity” [worldwide devotional for young adults, May 15, 2022], Gospel Library). ඉතා වැදගත් ලෙස ඔහු මෙහෙම කිව්වා, “ලොව පුරා සිටින අපගේ කළු සහෝදර සහෝදරියන් ජාතිවාදයේ හා අගතියේ වේදනා විඳදරාගැනීම ගැන මම දුක්වෙනවා. අගතියේ ආකල්ප හා ක්‍රියාවන් අතහැර දැමීමට කටයුතු කරන ලෙස, අද මම සෑම තැනකම සිටින අපගේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ගෞරවය ප්‍රවර්ධනය කරන ලෙස මම ඔබෙන් අයැද සිටිනවා.” (“දෙවියන්වහන්සේට ජයගන්නට ඉඩදෙන්න,” ලියහෝනා, නොවැ. 2020, 94).

    “අගතිය දෙවියන්වහන්සේගේ හෙළිදරව් කරන ලද වචනයට අනුකූල නොවේ. දෙවියන්වහන්සේ කෙරෙහි දක්වන ප්‍රසාදය හෝ අප්‍රසාදය රඳාපවතින්නේ දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ ආඥා කෙරෙහි ඇති ඔබගේ භක්තිය මත මිස පුද්ගලයෙකුගේ සමේ වර්ණය මත නොවේ.…

    “… මෙයට ජාතිය, ජනවාර්ගිකත්වය, ජාතිකත්වය, ගෝත්‍රය, ස්ත්‍රී පුරුෂ භාවය, වයස, ආබාධිතභාවය, සමාජ ආර්ථික තත්ත්වය, ආගමික විශ්වාසයන් හෝ නොඇදහිල්ල සහ ලිංගික දිශානතිය මත පදනම් වූ අගතිය ඇතුළත් වේ” (ප්‍රධාන අත්පොත, 38.6.14, ශුභාරංචි පුස්තකාලය).

  30. බලන්න 1 නෙපී 11:25.

  31. Redeemer of Israel,” Hymns, no. 6.

  32. බලන්න රෝම 9:23.