ප්‍රධාන සම්මන්ත්‍රණය
අපි උන්වහන්සේගේ දරුවන්
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපි උන්වහන්සේගේ දරුවන්.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව තුළින් අපට සමාන දිව්‍යමය සම්භවයක් සහ සමාන දිව්‍යමය හැකියාවන් තිබෙනවා.

ඊශ්‍රායෙල්හි නව රජුව අභිෂේක කිරීම සඳහා අනාගතවක්තෘ සාමුවෙල්ව යෙස්සේගේ නිවසට යැවූ අවස්ථාවේදී ඔහු මුහුණ දුන් අත්දැකීම ඔබට මතකද? සාමුවෙල් යෙස්සේගේ කුලුඳුල් දරුවා වන එලියාබ්ව දුටුවා. දුටු ආකාරයට, එලියාබ් උස සහ නායකයෙකුගේ පෙනුමකින් යුක්ත වුනා. සැමුවෙල් එය දැකලා නිගමනයකට පැමිණියා. එය වැරදි නිගමනයක් බවට පත් වූ අතර, ස්වාමින්වහන්සේ සාමුවෙල්ට ඉගැන්වූයේ මෙසේ ය. … “ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මනුෂ්‍ය තෙමේ පිටස්තර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.”1

ස්වාමින්වහන්සේ සාවුල්ට ආශීර්වාද කිරීම සඳහා ශ්‍රාවක අනනියස්ව එවන විට ඔහු මුහුණ දුන් අත්දැකීම ඔබට මතකද? පෙර සාවුල්ට බොහෝ කීර්තියක් තිබූ අතර, සාවුල් ශුද්ධවන්තයන්ට කරන කුරිරු, නිර්දය හිංසා පීඩා ගැන අනනියස් අසා තිබුණා. අනනියස් එය අසා, සමහරවිට ඔහු සාවුල්ට සේවය නොකළ යුතු බවට නිගමනයකට එළඹියා. එය වැරදි නිගමනයක් බවට පත් වූ අතර, ස්වාමින්වහන්සේ අනනියස්ට ඉගැන්වූයේ, “ඔහු මාගේ නාමය අන්‍යජාතීන්ද රජුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය” කියායි.2

මෙම අවස්ථා දෙකේදී සැමුවෙල්ට සහ අනනියස්ට වූ වරද කුමක්ද? ඔවුන් සියැසින් දැක, කනින් අසා, එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් බාහිර පෙනුම හා අසන කතා පදනම් කරගෙන අන් අයව විනිශ්චය කළා.

විනයධරයන් සහ පරිසිවරුන් කාමමිථ්‍යාචාරයේ යෙදී සිටින ස්ත්‍රීයව ගැන දුටුවේ කෙලෙසද? දූෂිත කාන්තාවක්, මරණයට සුදුසු පව්කාරියක්. යේසුස්වහන්සේ ඇයව දුටුවේ කෙසෙද? මාංසයේ දුර්වලතාවයට තාවකාලිකව යටත් වූ නමුත් පසුතැවිලි වීම සහ උන්වහන්සේගේ තුළින් විනාශවීමෙන් බේරාගත හැකි කාන්තාවක්. ඔහුගේ සේවකයා අංශභාග රෝගයෙන් පෙළෙන ශතාධිපතියාව මිනිසුන් දුටුවේ කෙසේද? සමහරවිට ඔවුන් ආක්‍රමණය කරන්නෙකු, විදේශිකයෙකු, හෙළා දැකිය යුතු කෙනෙකුව දුටුවා විය හැක. යේසුස්වහන්සේ ඔහුව දුටුවේ කෙසේද? අවංකව හා ඇදහිල්ලෙන් ස්වාමින්වහන්සේව සෙවූ තම නිවසේ සාමාජිකයෙකුගේ සුභසාධනය ගැන සැලකිලිමත් වන මිනිසෙක්. ලේ ප්‍රශ්නයක් ඇති කාන්තාව දුටු විට මිනිසුන් ඇයව දුටුවේ කෙසේද? සමහර විට අපිරිසිදු කාන්තාවක්, බැහැර කළ යුතු නෙරපා හරින ලද කාන්තාවක්. යේසුස්වහන්සේ ඇයව දුටු විට උන්වහන්සේ දුටුවේ කුමක්ද? පාලනය නොකළ තත්වයන් නිසා හුදකලා වූ සහ විරසක වූ, සුව වී නැවත අයිති වීමට බලාපොරොත්තු වූ රෝගී කාන්තාවක්.

සෑම අවස්ථාවකදීම, ස්වාමින්වහන්සේ මෙම පුද්ගලයින් කවුද කියා දැක ඒ අනුව එක එක්කෙනාට උපස්ථාන කළා. නෙපි සහ ඔහුගේ සහෝදර යාකොබ් ප්‍රකාශ කළ පරිදි:

“උන්වහන්සේ සියලු දෙනාවම උන්වහන්සේ වෙතට කැඳවන සේක … , කළු සහ සුදු, වහල්ලා සහ නිදහස් තැනැත්තා, පිරිමියෙකු හෝ ගැහැණියක, තවද උන්වහන්සේ මිත්‍යාදෘෂ්ඨිකයා මතක් කරන සේක; සියල්ලෝම දෙවියන්වහන්සේට සමානය.3

තවද එක් පුද්ගලයෙකු උන්වහන්සේගේ පෙනීමට අනෙකා මෙන් වටින්නේය ”4

එසේම අපගේ ඇස්, කන් හෝ අපගේ බිය අපව නොමඟ යැවීමට ඉඩ නොදී, අපගේ හදවත් සහ මනස විවෘත කර, උන්වහන්සේ කළාක් මෙන් අප අවට සිටින අයට නිදහසේ සේවය කරමු.

මීට වසර කිහිපයකට පෙර, මගේ බිරිඳ ඉසබෙල්ට දේවසේවයේ වෙනස්ම පැවරුමක් ලැබුණා. සෞඛ්‍ය ගැටලු ඇති සහ තනිකම ජීවිතයට තිත්තකමක් ගෙනදී තිබූ අපේ කොට්ඨාශයේ වයෝවෘද්ධ වැන්දඹුවක්ව බැහැදැකීමට ඇයට පැවරී තිබුණා. ඇගේ තිර රෙදි වැසී තිබුණා; ඇගේ මහල් නිවාසය වාතාශ්‍රයක් නොමැතිව තිබුණා; ඇයව බැහැදකිනවාට අකමැති වූ අතර “මට කිසිවෙකු වෙනුවෙන් කළ හැකි කිසිවක් නැත” යන්න ඇය පැහැදිලි කර දී තිබුනා. “නැහැ ඔබට යමක් කිරීමට පුළුවන්! ඔබව බැහැදැකීමට අපට ඉඩ දීමෙන් ඔබට යමක් කිරීමට පිළුවන්” කියා ඉසබෙල් නොසැලී කියා සිටියා. ඉතින් ඉසබෙල් විශ්වාසවන්තව ගියා.

ටික කාලෙකට පස්සේ මේ යහපත් සහෝදරියගේ පාදවල සැත්කමක් කළා, ඒ සඳහා ඇයගේ වෙළුම් පටි දිනපතා වෙනස් කිරීමට සිදු වුනා, එය ඇයට තනිවම කළ නොහැකි දෙයක් වුනා. දින ගණනාවක් ඉසබෙල් ඇගේ නිවසට ගොස් ඇගේ පාද සෝදා, ඇගේ වෙළුම් පටි මාරු කළා. ඇය කිසි දිනෙක එහි හිරිකිත බවක් දුටුවේ නැහැ; ඇයට කිසිදා දුර්ගන්ධයක් දැනුනේ නැහැ. ඇය හැමදාම දුටුවේ ආදරය සහ මුදු මොළොක් රැකවරණය අවශ්‍ය දෙවියන්වහන්සේගේ ලස්සන දියණියක් පමණයි.

වසර ගණනාවක් පුරා, මම සහ තවත් ගණන් කළ නොහැකි තරම් අය ස්වාමින්වහන්සේ දකින ආකාරයෙන් දැකීමට ඉසබෙල්ට ආශීර්වාද කර තිබෙනවා. ඔබ ස්ටේක සභාපති හෝ කොට්ඨාශයේ ආචාර කරන්නා වුවද, ඔබ එංගලන්තයේ රජු වුවද, පැල්පතක ජීවත් වුවද, ඔබ ඇගේ භාෂාව හෝ වෙනත් භාෂාවක් කතා කළද, ඔබ සියලු ආඥා පිළිපැද්දද, සමහර ඒවා පිළිපැදීමට අසීරු වුවද, ඇගේ හොඳම පිඟන් මත ඉතා හොඳම ආහාර වේල ඔබට පිළිගන්වයි. ආර්ථික තත්වය, සමේ වර්ණය, සංස්කෘතික පසුබිම, ජාතිය, ධර්මිෂ්ඨකම, සමාජ තත්වය හෝ වෙනත් හඳුනාගැනීමක් හෝ ලේබලයක් ඇයට සැලකිය යුතු දෙයක් නොවේ. ඇය ඇගේ හදවතින් දකිනවා; ඇය සෑම කෙනෙකු තුළම සිටින දෙවියන්වහන්සේගේ දරුවා දකිනවා.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වූවා:

“ප්‍රතිවාදියා ලේබල්වලින් අපව බෙදන අතර ඒ අප අප ගැන සහ එකිනෙකා ගැන සිතන ආකාරය සීමා කරන නිසා ඔවුන් එයින් ප්‍රීති වනවා. අපි ගෞරව කරනවාට වඩා ලේබල්වලට ගෞරව කරන විට එය කොතරම් කණගාටුදායකද.

“ලේබල් විනිශ්චය කිරීමට සහ සතුරුකමට හේතු විය හැක. “ජාතිය, වර්ගය, ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂභාවය, අධ්‍යාපනික උපාධි, සංස්කෘතිය හෝ අනෙකුත් වෙන්කර හඳුනාගැනීම් නිසා සිදුකරන ඕනෑම අපයෝජනයක් හෝ අගතියක්, අපගේ මැවුම්කරුවාණන්ව අමනාප කරනවා.!”5

ප්‍රංශ යනු මම නොවේ; එය මා උපන් ස්ථානයයි. සුදු යනු මම නොවේ; එය මගේ සමේ වර්ණය හෝ වර්ණයේ අඩු කමයි. මහාචාර්ය ධූරය මම නොවේ; එය මා මාගේ පවුල නඩත්තු කිරීම පිණිස කළ දෙයයි. හැත්තෑවරුන්ගේ ප්‍රධාන අධිකාරීත්වය මම නොවේ; මම මේ කාලයේ රාජ්‍යයේ සේවය කරන්නේ එතැනයි.

සභාපති නෙල්සන් අපට මතක් කර දුන් පරිදි “පළමුව සහ ප්‍රධාන වශයෙන්, මම දෙවියන්වහන්සේගේ දරුවෙක්.”6 ඔබත් එසේමයි, අප වටා සිටින අනෙකුත් සියලුම මිනිසුන්ද එසේමය. මෙම පුදුමාකාර සත්‍යය පිළිබඳව අපට වඩා හොඳ අගයක් ඇති වේවායි මම ප්‍රාර්ථනා කරනවා. එය සියල්ල වෙනස් කරයි!

අපි විවිධ සංස්කෘතීන්වල හැදී වැඩුණු අය විය හැකියි. අපි විවිධ සමාජ ආර්ථික තත්වයන්ගෙන් පැමිණිය හැකිය; අපගේ ජාතිය, සමේ වර්ණය, ආහාර මනාපයන්, දේශපාලන දිශානතිය යනාදිය ඇතුළුව අපගේ මරණීය ජීවිතයේ උරුමය බොහෝ සෙයින් වෙනස් විය හැකියි. නමුත් අපි ව්‍යතිරේකයකින් තොරව අපි සියල්ලෝම ඔහුගේ දරුවන් වනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව තුළින් අපට සමාන දිව්‍යමය සම්භවයක් සහ සමාන දිව්‍යමය හැකියාවන් තිබෙනවා.

සී. එස්. ලුවිස් එය මෙසේ අර්ථ දක්වනවා “දෙවිවරුන් හා දේවතාවියන් විය හැකි අය සිටින සමාජයක ජීවත්වීම බැරෑරුම් දෙයකි, ඔබ කතා කරන පුද්ගලයා උදාසීන කිසිඳු උනන්දුවක් නොදක්වන පුද්ගලයෙකු වූවත්, ඔබ එලෙස දැන් දුටුවත්, නමස්කාර කිරීමට දැඩි ලෙස ඔබව පොළඹවන කෙනෙකු විය හැකි බව මතක තබාගන්න. … සාමාන්‍ය මිනිස්සු කියා කොට්ඨාශයක් නැත. ඔබ කවදාවත් නිකම්ම මිනිසෙක් සමඟ කතා කරන්නේ නැත. ජාතීන්, සංස්කෘතීන්, කලාවන්, ශිෂ්ටාචාරය—මේවා මරණීය වන අතර එම ජීවිතය අපට මදුරුවෙකුගේ ජීවිතයක් වැනියි. නමුත් අපි විහිළු කරන, වැඩ කරන, විවාහ වන, නින්දා කරන සහ සූරාකන්නේ අමරණීය පුද්ගලයන්වයි.”7

අපේ පවුල විවිධ රටවල සහ සංස්කෘතීන්වල ජීවත් වීමට වරප්‍රසාද ලබා තිබෙනවා; අපේ දරුවන් විවිධ ජාතීන් තුළ විවාහ වීමට ආශීර්වාද ලබා සිටිනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බලවත් සමානකරණයක් බව මට වැටහුණා. අප එය සැබවින්ම වැලඳ ගන්නා විට, “අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මයට එක්ව සාක්ෂිදෙනසේක.”8 මෙම විස්මිත සත්‍යය අපව නිදහස් කරන අතර, වෙනත් ආකාරයකින් අපට සහ අපගේ එකිනෙකා සමඟ ඇති සබඳතාවලට පීඩා කළ හැකි සියලුම ලේබල් සහ වෙනස්කම් හුදෙක් “ක්‍රිස්තුස් වහන්සේ තුළ ගිල දමනු ලැබේ.”9 අපි මෙන්ම අන් අයද “විදේශිකයෝවත් ආගන්තුකයෝවත් නොව, ශුද්ධවන්තයන් සමග එක නුවර වැසියෝව දෙවියන්වහන්සේගේ පවුලේ අයවල්ව සිටින” බව ඉක්මනින් පැහැදිලි වනවා.10

අපගේ බහු සංස්කෘතික භාෂා ඒකකයක ශාඛාවේ සභාපති, වැඩිහිටි ගෙරිට් ඩබ්ලිව්. ගොං කළ පරිදි ගිවිසුමට අයත් ලෙස මෙය හඳුන්වනවා මට මෑතකදී අසන්නට ලැබුණා.11 කෙතරම් සුන්දර පොරොන්දුවක්ද! අපි අයත් වන්නේ තම ජීවිතවල ගැලවුම්කරුවාණන් සහ ගිවිසුම් කේන්ද්‍රස්ථානය කර ශුභාරංචිය ප්‍රීතියෙන් ජීවත් වීමට උත්සාහ කරන මිනිසුන් පිරිසකටය. එබැවින්, මරණීය විකෘති කාචය හරහා අප එකිනෙකා දකිනවාට වඩා, ශුභාරංචිය අපගේ දර්ශන මතු කරන අතර අපගේ පරිශුද්ධ ගිවිසුම්වල දෝෂ රහිත, වෙනස් නොවන කාචය තුළින් එකිනෙකා දැකීමට අපට ඉඩ සලසයි. එසේ කිරීමෙන්, අපි අන් අය කෙරෙහි අපගේම ස්වභාවික අගතීන් සහ පක්ෂග්‍රාහීකම් ඉවත් කිරීමට පටන් ගන්නා අතර, පුදුමාකාර චක්‍රයක ආකාරයෙන් එමඟින් ඔවුන්ගේ අගතීන් සහ අප කෙරෙහි පක්ෂග්‍රාහී වීම අවම කර ගැනීමට උපකාරී වනවා.12 ඇත්තෙන්ම, අපි අපගේ ආදරණීය අනාගතවක්තෘවරයාගේ ආරාධනය පිළිපදින්නවා: “මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපි එකිනෙකාට සලකන ආකාරය ඇත්තෙන්ම වැදගත්! අපි නිවසේදී, සභාවේදී, රැකියාවේදී සහ අන්තර්ජාලයේදී අන් අය සමඟ සහ ඔවුන් ගැන කතා කරන්නේ කෙසේද යන්න ඇත්තෙන්ම වැදගත්. අද, මම අපෙන් ඉල්ලා සිටින්නේ අන් අය සමඟ උසස්, පරිශුද්ධ ආකාරයකින් කටයුතු කරන ලෙසයි.”13

අද දහවල්, එම ආරාධනයේ ආත්මය තුළ, අපේ අපූරු ප්‍රාථමික දරුවන්ට මම මගේ ප්‍රතිඥාව එකතු කිරීමට කැමැතියි:

ඔබ බොහෝ මිනිසුන් මෙන් ඇවිදින්නේ නැතිනම්,

සමහර අය ඔබෙන් ඈත් වෙනවා,

නමුත් මම එසේ කරන්නේ නැහැ! මම කරන්නේ නැහැ!

බොහෝ අය කතා කරන ආකාරයට ඔබ කතා නොකරන්නේ නම්,

සමහර අය ඔබට කතා කරනවා, හිනා වෙනවා,

නමුත් මම එසේ කරන්නේ නැහැ! මම කරන්නේ නැහැ!

මම ඔබ සමඟ ඇවිදිනවා. මම ඔබ සමඟ කතා කරනවා

මම ඔබට මගේ ආදරය පෙන්වන්නේ එලෙසයි.

යේසුස්වහන්සේ කිසිවකුගෙන් ඉවත්ව ගියේ නැහැ

උන්වහන්සේ තම ආදරය සෑම කෙනෙකුටම ලබා දුන්නා

ඉතින් මමත් එසේම කරනවා! මම කරනවා!14

ස්වර්ගයේ සිටින අපගේ පියා ලෙස අප ආමන්ත්‍රණය කරන උන්වහන්සේ සැබවින්ම අපගේ පියාණන් බවත්, උන්වහන්සේ අපට ප්‍රේම කරන බවත්, උන්වහන්සේ තම සෑම දරුවෙකුම සමීපව දන්නා බවත්, උන්වහන්සේ එක් එක් අය ගැන ගැඹුරින් සලකන බවත්, අපි සැබවින් ම උන්වහන්සේට සමාන බවත් මම සාක්ෂි දරනවා. අප එකිනෙකාට සලකන ආකාරය, උන්වහන්සේගේ පුත්‍රයා, අපගේ ගැලවුම්කරුවා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරම පරිත්‍යාගය සහ වන්දිගෙවීම පිළිබඳ අපගේ අවබෝධය සහ අගය කිරීමේ සෘජු පිළිබිඹුවක් බව මම සාක්ෂි දරනවා. උන්වහන්සේ මෙන්, අපටත් අන්‍යයන්ට ප්‍රේම කළ හැක්කේ එය කළ යුතු නිවැරදි දෙය වන නිසා මිස ඔවුන් හරි දේ කරන නිසා හෝ “නිවැරදි” අච්චුව ගැලපෙන නිසා නොවිය යුතුයි කියා මම යාච්ඥා කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.