ප්‍රධාන සම්මන්ත්‍රණය
වචනයෙන් සහ ක්‍රියාවෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ශි දැරීම
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


වචනයෙන් සහ ක්‍රියාවෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ශි දැරීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට එකඟව අපගේ ජීවිත ගත කිරීමට අප උත්සාහ කරන විට, අපගේ හැසිරීම අපගේ මිදුම්කරු සහ උන්වහන්සේගේ නාමය පිළිබඳ ජීවමාන සාක්ෂියක් වනු ඇත.

බෞතිස්මයේදී අපවන එක් පොරොන්දුවක් නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අපවෙත ගැනීමට කැමති වීමයි. අද මාගේ අරමුණ වන්නේ, අපගේ වචනයෙන් සහ ක්‍රියාවෙන් යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බව අපට හැකි සෑම විටම සාක්ශි දැරීමෙන්, දෙවියන්වහන්සේ හට අපි උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය ගන්නා බවට පෙන්විය හැකි බව මතක් කර දීමයි

ගැළවුම්කරුවාණන් ඔහුගේ නැවත නැඟිටීමෙන් පසු ඇමරිකාවේ මිනිසුන්ට දේවසේවය කරන විට සහ උගන්වන විට, මෙසේ ප්රකාශ කළා:

“ඔවුන් ශුද්ධ ලියවිලි කියවා නැත්ද? එය නුඹලා මත එම මාගේ නාමය වූ ක්‍රිස්තුස්වහන්සේගේ නාමයගතයුතු යයි පවසන්නේය. මක්නිසාද අවසාන දවස්වලදීමෙම නාමයෙන් නුඹලා නම්කරනු ලබන්නහුය;

“තවද කවරෙකු වුවත් ඔහුමත මාගේ නාමය ගන්නේද, අවසානය දක්වා දරාගන්නේද, එවැන්නාම අවසාන දවසේදී ගළවාගනු ලබන්නේය.”1

සභාපති රසල් එම්. නෙල්සන් අපට උගන්වා තිබෙන ආකාරයට: “ස්වාමින්වහන්සේගේ නාමය අපතුලට ගැනීමේදී—යේසුස් නම් ක්‍රිස්තුස්වහන්සේ බව—අප ක්‍රියාවන්ගෙන් සහ වචන වලින් ප්‍රකාශ කිරීම සහ සාක්ෂි දැරීමද ඇතුලත් වෙනවා.”2

යේසුස්ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් ලෙස අප සිටින සෑම තැනකම ස්වාමින්වහන්සේගේ සහ උන්වහන්සේගේ නාමයේ සාක්ෂිකරුවන් ලෙස නැගීසිටීමට අපට ආශීර්වාදය සහ වරප්‍රසාදය තිබෙනවා.3 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට එකඟව අපගේ ජීවිත ගත කිරීමට අප උත්සාහ කරන විට, අපගේ හැසිරීම අපගේ මිදුම්කරු සහ උන්වහන්සේගේ නාමය පිළිබඳ ජීවමාන සාක්ෂියක් වනු ඇත. එපමණක් නොව, ක්‍රිස්තුස්වහන්සේ ගැන අප විශ්වාස කරන, දැනෙන හෝ දන්නා දේ අන් අය සමඟ බෙදාගැනීමෙන් අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන වචනයෙන් සාක්ෂි දරනවා.

අප නිහතමානීව අපගේ වචන සහ ක්‍රියාවන් තුළින් ස්වාමින්වහන්සේ පිළිබඳ අපගේ සාක්ෂිය බෙදා ගන්නා විට, සැබෑ චේතනාවෙන්, විවෘත හදවත්වලින් සහ කැමැත්තෙන් සිටින අයට යේසුස්වහන්සේ සැබවින්ම ක්‍රිස්තුස් බව 5 ශුද්ධාත්මයාණන්වහන්සේ තහවුරු කරයි.4

සභාවේ රැස්වීම්වලදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කථා කිරීමෙන් සහ ස්වාමින්වහන්සේ පිළිබඳ පවිත්‍ර සාක්ෂි දැරීමෙන් දෙවියන්වහන්සේගේ නාමය තමන් මතට ගන්නා බව පෙන්වන සාමාජිකයින්ගේ මෑතකාලීන සහ ආනුභාව සම්පන්න උදාහරණ දෙකක් බෙදා ගැනීමට මම කැමතියි.

පළමු උදාහරණය: 2022 දී මගේ බිරිඳ එලේන් සහ මම ස්පාඤ්ඤයට ගිය විට, අපි එහි සභාවේ කුඩා ඒකකයක ඉරිදා රැස්වීම්වලට සහභාගි වුණා. මම කථිකයන් සිටින ස්ථානයේ අසුන්ගෙන සිටින විට සහ මාගේ බිරිඳ සභාවේ සිටින විට ඇය මහළු සහෝදරියක් අසලින් වාඩිවනවා මම දුටුවා. සක්‍රමේන්තු රැස්වීම අවසන් වූ පසු, මම එලේන් දෙසට ගොස් ඇගේ නව මිතුරියට මා හඳුන්වා දෙන ලෙස ඉල්ලා සිටියා. ඇය එසේ කළ අතර, සභාවේ සාමාජිකයෙකු නොවූ මෙම කාන්තාව වසර දෙකක පමණ කාලයක සිට සභාවට පැමිණෙන බව ඇඟවුම් කළා. එය ඇසූ විගස මම මේ දේවභයැති කාන්තාවගෙන් ඇසුවේ මෙපමණ කාලයක් නැවත නැවතත් අපේ රැස්වීම්වලට එන්න හේතුව කුමක්ද කියායි. එම කාන්තාව ආදරයෙන් “ඔබේ රැස්වීම්වලදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන නිසා මම මෙහි පැමිණීමට කැමතියි” කියා පිළිතුරු දුන්නා.

පැහැදිලිවම, ස්පාඤ්ඤයේ එම ඒකකයේ සභාවේ සාමාජිකයන් ඔවුන්ගේ රැස්වීම්වලදී ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කළා, ඉගැන්වූවා සහ සාක්ෂි දුන්නා.

දෙවන උදාහරණය: බ්‍රසීල ප්‍රදේශයේ සේවය කිරීමෙන් පසු සභා මූලස්ථානයේ සේවය කිරීමට අලුත් පැවරුමක් ලැබුණා. අපි සෝල්ට් ලේක් නගරයේ පදිංචියට මේ වසරේ ජූලි මස අවසානයේදී ගිය විට, අපි අපගේ නව හා අපූරු කොට්ඨාශයේ ඉරිදා රැස්වීම්වලට සහභාගි වුණා. මෙම රැස්වීම්වලින් එකක් වන්නේ නිරාහාරශීලයේ සිට සාක්ෂි දීමේ රැස්වීමයි. ගෞරවාන්විතව සක්‍රමේන්තුවට සහභාගී වීමෙන් පසු, සාමාජිකයින් එකින්නෙකා නැඟිට, ගැලවුම්කරුවාණන් පිළිබඳ හෘදයාංගම සාක්ෂි ඉදිරිපත් කළ. රැස්වීම ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත කේන්ද්‍රගත වූ අතර, අපට ආත්මයාණන්වහන්සේ පැහැදිලිව දැනෙන්නට වුනා. අප දැනුවත් වූ අතර අපගේ සාක්ශිය ශක්තිමත් වුනා. අවංකව සත්‍යය සොයන සභාවේ මිතුරන්, එම රැස්වීමට පැමිණ සිටියේ නම්, මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව බව ඔවුන් හඳුනා ගනු ඇත.

අපගේ සභාවේ රැස්වීම් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දැරීමටත්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය අප වෙත ගැනීමෙන් අප ප්‍රීති වන බව දෙවියන් වහන්සේට සංඥා කිරීමටත් තෝරාගත හැකි අවස්ථා බව දැකීම මොනතරම් ආශීර්වාදයක්ද.

දැන්, ක්‍රියාවන් තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂි දැරීමෙන් උන්වහන්සේගේ නාමය අප වෙත ගෙන ඒමේ ප්‍රබල උදාහරණයක් මම සඳහන් කරන්න මට ඉඩදෙන්න.

පසුගිය අගෝස්තු මාසයේදී, යූබා නගරයේ පිහිටි ෆෙදර් රිවර් කැලිෆෝනියා දේවමාළිගාව නැරඹීමේ විවෘත සංචාරයට මම වැඩිහිටි ජොනතන් ෂ්මිත් සමඟ සහභාගී වුනා. එහිදී, දේවමාළිගා සංචාරයේ යෙදෙන ඛන්ඩායම් වලට මඟපෙන්වීමේ ආශිර්වාදය මට ලැබුනා. මෙම කණ්ඩායම්වලින් එකකට සභාවේ සාමාජිකයෙකු වන වර්ජිල් ඇට්කින්සන් සහ වෙනත් ඇදහිලිවන්ත මිතුරන් හත් දෙනෙකු ඇතුළත් වුනා. සංචාරය අවසානයේ දේවමාළිගා මුද්‍රා තැබීමේ කාමරයක සිටි ඇට්කින්සන් සහෝදරයා එදින දේවමාළිගාවට පැමිණි තම මිතුරන්ට ආදරය ප්‍රකාශ කරමින් හැඟීම්බර වුනා. ඔහු එසේ කළ සැණින්, කණ්ඩායමේ සිටි කාන්තාවක් නැඟිට මෙසේ පැවසුවා, “අපි හැමෝම වර්ජිල්ට ආදරෙයි. ඔහු කිසිවිටකත් ඔහුගේ විශ්වාසය අප මත පටවා නෑ. එහෙත් ඔහු ඒ ගැන ලැජ්ජා වන්නේද නෑ. ඔහු විශ්වාසකරන දේ තුළ ඔහු ජීවත් වනවා.

වසර ගණනාවක් පුරා, සහෝදර ඇට්කින්සන්ගේ ක්‍රිස්තුස් වැනි ජීවිතය ඔහුගේ මිතුරන්ට ප්‍රබල සාක්ෂියක් විය. ඔහුගේ ආදර්ශය ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ නාමය තමන් වෙත ගෙන ඇති බවට ප්‍රබල සාක්ෂියකි.

අවසාන වශයෙන්, සභාවේ නිවැරදි නම භාවිතා කරමින් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප වෙත ගෙන උන්වහන්සේ ගැන සාක්ෂි දරන ආකාරයෙන් මා ඉගෙන ගත් පාඩම බෙදා ගැනීමට මට ඉඩ දෙන්න.

දෙවියන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘ සභාපති නෙල්සන්, 2018 ප්‍රධාන සම්මන්ත්‍රණයේදී “සභාවේ නිවැරදි නම” යන මාතෘකාව යටතේ ආමන්ත්‍රනය කර මෙසේ පැවසුවා: “එය නිවැරදි කිරීමක් එය ස්වාමින්වහන්සේගේ අණක්. ජෝසෆ් ස්මිත් ඔහු තුලින් පිහිටවපු සභාව නම් කලේ නෑ; ඒ වගෙමයි මෝර්මොන්. ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ලෙස, මාගේ සභාව අවසාන දින වලදී හඳුන්වනු ලැබිය යුතු වන්නේය’කියා පැවසුවේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින්මයි (දහම සහ ගිවිසුම 115:4).”6

අපි සියලු දෙනාම එදින ප්‍රධාන සම්මන්ත්‍රණයෙන් පිටව ගියේ අනාගතවක්තෘවරයා අනුගමනය කිරීමටත් එතැන් සිට සභාවේ හෙළිදරව් කරන ලද නම භාවිතා කිරීමට කැපවීමටත් අධිෂ්ඨාන කරගෙනය. මම සභාවේ නිවැරදි නම භාවිතා කරන බවට සහතික කර ගැනීමට මම ඇත්තෙන්ම වගබලා ගත්තා. මුල් අවස්ථා කිහිපයේදී මට නැවත පැරණි ක්‍රමයට යාමට ඉඩ නොදෙන ලෙසට වගබලා ගැනීමට මට බොහෝ සිහියෙන් සිටීමට සිදුවූවා. පළමු උත්සාහයන්ගෙන් පසුව, සභාවේ හෙළිදරව් කරන ලද නම භාවිතා කිරීම මට වඩාත් පහසු වුනා. මම බොහෝ අවස්ථාවල සභාවේ නම ඉක්මනින් උච්චාරනය කරන බව මම පිළිගන්නවා මිනිසුන් සභාවේ සම්පූර්ණ නම කෙරෙහි අවධානය යොමු නොකරනු ඇතැයි සහ එය ටිකක් දිගු යැයි ඔවුන් සිතනු ඇතයි කියා මට කනස්සල්ලක් දැනුනා.

කෙසේ වෙතත්, සභාවේ සම්පූර්ණ නම සැබෑ චේතනාවෙන් කථා කිරීම තුළින් මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය කථා කිරීමට වටිනා අවස්ථා ලබා දුන් බව සහ ඇත්ත වශයෙන්ම ගැලවුම්කරුවාණන්ගේ සභාවේ නාමය තුළින් උන්වහන්සේගේ නාමය ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේ ගැන සාක්ෂි දැරීමට හැකි බව පසුව මට වැටහුනා. මම සභාවේ නිවැරදි නම අන් අය සමඟ කතා කරන විට, මම නිතර නිතර යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහිපත් කළ බවත්, මගේ ජීවිතයට උන්වහන්සේගේ බලපෑම දැනුණු බවත් මම දුටුවා.

අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන වැඩි වැඩියෙන් සාක්ෂි දැරීමට සභාවේ නිවැරදි නාමය භාවිතා කිරීමෙන් අප සැමට ඉගෙන ගත හැකියි, එමගින් ස්වාමින්වහන්සේගේ නාමය වඩාත් සම්පූර්ණයෙන් අප වෙතට ගෙන ආ හැකිය.

මෙම සබත් දින උදෑසන, සභාපති නෙල්සන් දෙවියන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයා බවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සහාව ක්‍රිස්තුස්වහන්සේ නැවත පිහිටුවන ලද සභාව බවත් මම සතුටින් සාක්ෂි දරනවා. මම නිහතමානීව දෙවියන්වහන්සේගේ පුත්‍රයානන් සහ උන්වහන්සේගේ දේවත්වය ගැන සාක්ෂි දරනවා. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ කුලුඳුල් සහ ඒකජාතක පුත්‍රයාය, අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණ වන එමානුවෙල්ය.7 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.