ප්‍රධාන සම්මන්ත්‍රණය
දෙවියන්වහන්සේගේ පවුල දෙස ඉහළ නාභියක සිට දැකීම
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


දෙවියන්වහන්සේගේ පවුල දෙස ඉහළ නාභියක සිට දැකීම

ඇදහිල්ලේ දෑස් හරහා, විශාලනය කර අපදෙස සහ අපගේ පවුල්දෙස බලාපොරොත්තුවෙන් හා ප්‍රීතියෙන් අපට දැකීමට පුළුවන් කියා.මම විශ්වාස කරනවා.

අපගේ බාල දියණිය, බර්ක්ලි කුඩා කාලයේ, කියවීම සඳහා —සියල්ල විශාලනය කරන ආකාරයේ කියවීමේ කණ්නාඩියක් මම භාවිතා කිරීමට ආරම්භ කළා. එක් දිනක් අපි එකට හිඳ පොතක් කියවද්දී මම ඇය දෙස ආදරයෙන් මෙන්ම දුකෙනුත් බැලුවේ ඇය හදිස්සීයේම බොහෝ උස්මහත් වී ඇති බවක් පෙනෙන්නට තිබුණු නිසයි. “කාලය මෙතරම් ගෙවීගියේ කොහේද? ඇය උස්මහත් වෙලා! කියා මට සිතුනා.

මම කඳුළක් පිස දැමීමට මගේ කියවීමේ කණ්නාඩි ඔසවද්දී “ඇය උස්මහත් වී නැහැ; ඒ මේ කණ්නාඩිය විතරයි! කියා මට සිතුණා. ගණන් ගන්නෙපා”

සමහර විට අපට දැකිය හැක්කේ අප ආදරය කරන අයගේ, විශාලනය කරන ලද සමීප දර්ශනය පමණයි. අද රාත්‍රියේ, මම ඔබට විශාලනය කර වෙනස් කාචයකින්—විශාල පින්තූරය, නැතිනම් ඔබේ විශාල කතාව කෙරෙහි අවධානය යොමු කරන සදාකාලික කාචයකින් බැලීමට ආරාධනා කරනවා.

මිනිසුන් මුලින්ම අභ්‍යවකාශයට යාමට ඔවුන්ගේ උත්සාහයන් ආරම්භ කළ විට, මිනිසුන් රහිත රොකට්වලට ජනේල තිබුණේ නැහැ. නමුත් ඇපලෝ 8 මෙහෙය වනවිට ගඝණගාමීන්ට එක් ජනේලයක් තිබුණා. අභ්‍යවකාශයේ පාවෙමින් සිටියදී, අපේ පෘථිවිය දැකීමෙන් ඔවුන් පුදුමයට පත් වූ අතර මුළු ලෝකයේම අවධානය ආකර්ෂණය කරගත් එහි මෙම දර්ශනීය රූපය ලබාගත්තා. එම ගඝණගාමීන් බලවත් සංවේදනයක් අත්විඳි අතර එයට ඉහල නාභියේ දසුන ලෙස එහි නමම ලබාදී තිබෙනවා.

රූපය
පෘථිවිය අභ්‍යවකාශයේ සිට පෙනෙන ආකාරය

නාසා

නව දෘෂ්ටි කෝණයකින් බැලීමෙන් සියල්ලවෙනස්වනවා. එක් අජටාකාශගාමියෙකු පැවසුවේ මෙම දෘෂ්ටිකෝණයෙන් බලන විට “කළමනාකරණය කළ හැකි යැයි ඔබට සිතන ප්‍රමාණයට දේවල් වල ප්‍රමාණය අඩු කරන බවයි. … අපට මෙය කළ හැකිය. පොළව මත සාමය ඇතිකිරීම—කිසිම ප්‍රශ්ණයක් නැහැ මිනිසුන්ට එවැනි ආකාරයේ ශක්තියක් … එවැනි ආකාරයේ බලයක් ලබා දෙනවා.”1

මිනිසුන් වශයෙන්, අපට භූමියේ සිට දෘෂ්ටිකෝණයක් ඇත, නමුත් දෙවියන්වහන්සේ විශ්වයේ මහා දළ විශ්ලේෂණය දකියි. ඔහු මුළු මැවිල්ලත්, අප සියලු දෙනාවත් දකින අතර බලාපොරොත්තුවෙන් පිරී සිටිනවා.

මෙම ඉහළ දර්ශණයක හැඟීම දැනීමට—මෙම ග්‍රහලෝකයේ මතුපිට ජීවත් වන විට පවා දෙවියන්වහන්සේ දකින ආකාරයට දැකීමට පටන් ගැනීමට පුළුවන්ද? මම විශ්වාස කරනවා, ඇදහිල්ලේ දෑස් හරහා, විශාලනය කර අපදෙස සහ අපගේ පවුල්දෙස බලාපොරොත්තුවෙන් හා ප්‍රීතියෙන් අපට දැකීමෙන් පුළුවන් කියා.

මෙයට ශුද්ධලියවිලිත් එකඟ වනවා. “බෙහෙවින් ශක්තිමත්” වූ ඇදහිල්ලක් තිබූ නිසා “ඇදහිල්ලේ ඇස් වලින් දැක සන්තෝශ වූ අය” ගැන මොරෝනි කරනවා.2

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කළ ඇසකින්, ඔවුන්ට ප්‍රීතියක් දැනුණු අතර ක්‍රිස්තුස්වහන්සේ නිසා, සියල්ල සාර්ථක වන බවේ මෙම සත්‍යය දැන සිටියා. ඔබ මෙන්ම ඔබ සහ ඔබ කනස්සල්ලට පත්වන සෑම දෙයක්ම—-සියල්ල හොඳින් සිදුවනු ඇත! ඇදහිල්ලේ ඇසකින් බලන අයට දැන් හරියයි යන හැඟීම දැනෙනවා.

උසස් පාසලේ මගේ ජ්‍යෙෂ්ඨ වසර තුළ මම යහපත් තෝරාගැනීම් නොකල විට මට දුෂ්කර කාලයක් හරහා යෑමට සිඳුවුනා. මගේ මව හඬනවා දැක මම ඇයව කලකිරීමට පත් කළාද කියා මට සිතුණා මතකයි. ඒ මොහොතේ, ඇගේ කඳුළු වලින් අදහස් කරන්නේ ඇයට මා ගැන බලාපොරොත්තු සුන් වී ඇති බවයි කියාත්, ඇයට මා ගැන බලාපොරොත්තුවක් නැතිනම්, සමහර විට මට ආපසු ඒමට මාර්ගයක් නොතිබෙණු ඇතැයි කියාත් සිතීමෙන් මම කනස්සල්ලට පත්වුණා.

නමුත් මාගේ පියා විශාලනය කර දීර්ඝ දර්ශණය දැකීම පුහුණුකර සිටියා. ඔහු ඔහුගේ අත්දැකීමෙන් කනස්සල්ල ආදරයට සමාන නමුත් එය ආදරය නොවන බව ඉගෙනගෙන සිටියා.3 මේ සියල්ල සාර්ථක වනු දැකීමට ඔහු ඇදහිල්ලේ ඇස භාවිතා කළ අතර ඔහුගේ බලාපොරොත්තු සහගත ප්‍රවේශය මා වෙනස් කළා.

මම උසස් පෙළ හදාරා BYU විශ්වවිද්‍යාලයට පැමිණි පසු මගේ පියා මා කවුද කියා මතක් කර ලිපි ලිව්වා. ඔහු මගේ ශ්‍රේෂ්ඨම උද්යෝගිමත් කරන්නා බවට පත් වුනා, සහ සෑම කෙනෙකුටම උද්යෝගීමත් කරන්නෙකු අවශ්‍යයි—“ඔබ ප්‍රමාණවත් තරම් වේගයෙන් දුවන්නේ නැත” කියා ඔබට නොකියන කෙනෙකු නමුත් ඔබට හැකි බව මතක් කර දෙන කෙනෙකු.

මගේ පියා ලෙහීගේ සිහිනය ආකාරයට ක්‍රියා කළා. ලෙහි මෙන්ම ඔහුද දැන සිටියේ අතරමං වූවා යැයි හැඟෙන ඔබේ ආදරණීයයන් පසුපස හඹා නොයන බවයි. “ඔබ සිටින තැනම නැවතී ඔවුන්ට කතා කරනවා. ඔබ ගස ලඟට ගොස්, අසල නැවතී, පලතුරු අනුභව කර, ඔබේ මුහුණේ සිනහවකින් යුතුව, ඔබ ආදරය කරන අයට දිගටම කතා කර, පලතුරු අනුභව කිරීම සතුටක් බව ආදර්ශයෙන් පෙන්වනවා!”4

මෙම දෘශ්‍ය රූපය මම ගස අසල සිට, පලතුරු කමින් සහ මම කනස්සල්ලට පත්ව සිටින නිසා අඬමින් සිටින අවස්ථා වැනි; පහළ අවස්ථාවන්හිදී උපකාර කර තිබෙනවා; ඇත්තටම එය කොතරම් ප්‍රයෝජනවත් වනවාද? ඒ වෙනුවට අපි බලාපොරොත්තුව තෝරාගමු—අපගේ මැවුම්කරු සහ එකිනෙකා කෙරෙහි ඇති බලාපොරොත්තුව, දැන් අප සිටිනවාට වඩා හොඳ වීමට ඇති අපගේ හැකියාව පෝෂණය කරයි.

වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් අභාප්‍රාප්ත වී ටික වෙලාවකට පසු එක් වාර්ථාකරුවෙකු ඔහුගේ පුතාගෙන්, ඔහුට වැඩිපුරම මඟහැරෙන දෙය කුමක්ද කියා ඇසුවා. දෙමාපියන්ගේ නිවසේ රාත්‍රී භෝජනය කියා ඔහු පිළිතුරු දුන්නා, එයට හේතුව නම්, ඔහුගේ පියා ඔහු තුළ තැබූ විශ්වාසයයි.

මේ අපේ වැඩිහිටි දරුවන් තම සහකරු හෝ සහකාරිය සමඟ ඉරිදා රාත්‍රී භෝජන සංග්‍රහයට නිවසට එන්නට පටන් ගත් කාලය ආසන්නයෙයි. “සමහරවිට ඔබ ගෙදර සිටින විට දරුවන් සමඟ වැඩිපුර උදව් කිරීමට උත්සාහ කරන්න” හෝ “හොඳ සවන්දෙන්නෙකු වීමට අමතක කරන්න එපා” වැනි ඉරිදා ඔවුන්ට මතක් කළ හැකි දේවල් ගැන සතිය පුරා මගේ මනසේ ලැයිස්තු සාදනවා.

සහෝදර මැක්ස්වෙල්ගේ ප්‍රකාශය ඇසූ පසු, මම ඒ ලැයිස්තුව ඉවත දමා එම විවේචනාත්මක හඬ නිශ්ශබ්ද කර, මගේ වැඩුණු දරුවන් දකින සෑම සතියකම ඒ කෙටි කාලය තුළ, ඔවුන් දැනටමත් කරමින් සිටින බොහෝ ධනාත්මක දේවල් කෙරෙහි මගේ අවධානය යොමු කළා. අවුරුදු කිහිපයකට පසු අපේ වැඩිමහල් පුතා රයන් මිය ගිය විට, අපි එකට ගත කළ කාලය වඩාත් ප්‍රීතිමත් සහ ධනාත්මක වීම ගැන කෘතඥ වනවා මට මතකයි.

අපි ආදරය කරන කෙනෙකු සමඟ කටයුතු කිරීමට පෙර, “මම කරන්න යන දේ හෝ කියන දේ උපකාරී වේද නැතහොත් රිදවන දෙයක් වේද?” යන ප්‍රශ්නය අපට අපෙන්ම ඇසිය හැකිද? අපගේ වචන අපට ඇති එක් සුපිරි බලයක් වන අතර පවුලේ සාමාජිකයන් “මා ගැන ඔබට හැඟෙන දේ ලියන්න ” කියමින් අප ඉදිරියේ සිටගෙන සිටින මිනිස් කළුලෑල්ලක් වැනියි. මෙම පණිවිඩ, චේතනාත්මක හෝ නොදැනුවත් වුවත්, ඒවා බලාපොරොත්තු ඇතිකරවන සහ දිරිගන්වනසුලු විය යුතුයි.5

අපගේ කාර්යය අමාරු කාලයකින් යන කෙනෙකුට ඔවුන් නරකද, කලකිරවනවද කියා ඉගන්වීම නොවේ. දුර්ලභ අවස්ථාවන්හිදී නිවැරදි කිරීමට අපි පෙළඹෙනවා ඇති, නමුත් බොහෝ විට අපි අපගේ ආදරණීයයන්ට ඔවුන් ඇසීමට ආශා කරන පණිවිඩ කතාකර හෝ නොකර කියමු: හරියට “ඔබ අපේ පවුල තුළ සිටින නිසා අපේ පවුල සම්පූර්ණයි.” “කුමක් වුවත්—ඔබේ ජීවිතයේ ඉතිරි කාලය පුරාවටම ඔබට ආදරය කරනවා” වැනි පණිවිඩ.

සමහර විට අපට අවශ්‍ය වන්නේ උපදෙස් වලට වඩා සංවේදනයයි; “ ඔවුන් දැන් පවසූ දේ පැවසීමට නම් මට දැන්නෙන්නේ කොහොමද?”, කියා අසා පුදුම වන කෙනෙක්.

මතක තබා ගන්න, පවුල් යනු දෙවියන්වහන්සේ විසින් දෙන ලද රසායනාගාරයක් වන අතර එහිදී අපි දේවල් සොයාගන්නවා, එනිසා වැරදි පියවරයන් සහ වැරදි ගණනය කිරීම් විය හැකි පමණක් නොව ඇත්ත මෙන් පෙනිය හැකියි. අපගේ ජීවිත අවසානයේදී, එම සබඳතා, එම අභියෝගාත්මක අවස්ථාවන් පවා අපගේ ගැලවුම්කරුවා මෙන් වීමට අපට උපකාර කළ දේවල් බව අපට දැකගත හැකි නම් එය සිත්ගන්නාසුළු නොවේද? සෑම දුෂ්කර අන්තර්ක්‍රියාවක්ම ගැඹුරු මට්ටමකින්—එනම් දෙවියන්වහන්සේගේ වැනි මට්ටමකින් ආදරය කරන්නේ කෙසේද කියා ඉගෙන ගැනීමට අවස්ථාවක් වනවා.6

අපි මෙහි ඉගෙනගැනීමට ආ පාඩ්ම් කියා දීමට ඇති පරිපූර්ණ අවස්ථාවක් ලෙස පවුල් සබඳතා දකීමට අප විශාලනය කර බලමු.

වැටුණු ලෝකයක, පරිපූර්ණ සහකරුවෙක්, දෙමාපියෙක්, පුතෙකු හෝ දියණියක, මුණුබුරෙකු, උපදේශකයෙකු හෝ මිතුරෙකු වීමට ක්‍රමයක් නැති, නමුත් යහපත් කෙනෙකු වීමට ක්‍රම මිලියනයක් ඇති බව පිළිගණිමු.7 අපි ගස අසල සිට දෙවියන්වහන්සේගේ ආදරය අනුභව කරමින් එය බෙදා ගනිමු. අප වටා සිටින මිනිසුන් ඔසවා ගණිමින් අපි එකට නැගෙමු.

අවාසනාවට පළතුර අනුභව කිරීමේ මතකය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත; අන්ධකාරය පලවා හැරීම සඳහා ආලෝකයෙන් පිරී ඇති ශුද්ධ ලියවිලි පාඨ විවෘත කිරීමෙන්; අපගේ සාමාන්‍ය යාච්ඤාව බලවත් වන තුරු දණින් වැටී සිටීමෙන් අපගේ කාචය ස්ථානගත කර අපව ස්වර්ගීය ඉහළ දර්ශණයට සම්බන්ධ කරන ආකාරවලින් නැවත නැවතත් අනුභව කළ යුතුයි. අපගේ හදවත් මෘදු වී දෙවියන්වහන්සේ දකින ආකාරයට අපි දකින්නට පටන්ගන්නේ එවිටයි.

මේ අවසාන දවස්වල සමහර විට අපේ ලොකුම කාර්යය අපගේ ආදරණීයයන් සමඟ විය හැකියි—එනම් දුෂ්ට ලෝකයක ජීවත් වන යහපත් මිනිසුන් සමඟයි. අපගේ බලාපොරොත්තුව ඔවුන් ඔවුන්වම දකින ආකාරය සහ ඔවුන් සැබවින්ම කවුරුන්ද යන්න වෙනස් කරයි. මෙම ආදරයේ කාචය හරහා ඔවුන් කවුරුන් බවට පත්වේදැයි ඔවුන් දකිනු ඇත.

නමුත් අපි හෝ අපගේ ආදරණීයයන් එකට ගෙදර පැමිණෙනවාට අකමැති කෙනෙකු සිටිනවා. අප ජීවත් වන්නේ කාලය හා සීමිත වසර ගණනකින් නිසා 8බැඳී ඇති ග්‍රහලෝකයක නිසා, විරුද්ධවාදියා සැබෑ භීතියක් ඇති කරයි. අපි විශාලනය කර ඇති විට, අපගේ වේගයට වඩා අපගේ දිශාව වැදගත් බව දැකීම අපහසුයි.

මතකතබා ගන්න, “ඔබට වේගයෙන් ගමන් කිරීමට අවශ්‍ය නම්, තනිවම ගමන් කරන්න. ඔබට බොහෝ දුර ගමන් කිරීමට අවශ්‍ය නම් එකට ගමන් කරන්න.”9 අප අදහන දෙවියන්වහන්සේ කාලයෙන් බැඳී නැති නිසා ස්තූතිවන්ත වන්න. අපේ ආදරණීයයන් ඇත්තටම කවුද සහ අපි ඇත්තටම කවුද කියලා උන්වහන්සේ දකිනවා.10 උන්වහන්සේ අපව ඉවසා සිටින්නේ අප එකිනෙකාව ඉවසා සිටියි යන බලාපොරොත්තුවෙන්ය.

ඇදහිල්ලේ එක ඇසක් සමඟ අනෙක් ඇස අඩන මොහොතවල් වලදී—අපේ තාවකාලික නිවහන වන පොළොවේ දුකෙන් පිරුණු දූපතක් සේ දැනෙන අවස්ථා තිබෙන බව මා පිළිගන්නවා.11 ඔබ මෙමෙ හැඟීම හඳුනනවද?

මට අඟහරුවාදා එලෙස දැනුණා.

අපගේ පවුල්වල අනගතවක්තෘවරයා විසින් ප්‍රාතිහාර්යයන් පොරොන්දු වන විට ඔහුගේ ආකල්ප තෝරා ගත හැකිද? අපි එසේ කරන විට, කැළඹීම් වැඩි වුවද ප්‍රීතිය දැනීමේ අපේ හැකියාව වැඩිවේ. අපගේ තත්වය නොසලකා ඉහළ නාභියක දර්ශණයක් දැන්, අත්විඳිය හැකි බව ඔහු පොරොන්දු වනවා.12

දැන් මෙම ඇදහිල්ලේ ඇස තිබීම අප මේ පෘථිවියට පැමිණීමට පෙර තිබූ ඇදහිල්ලේ නැවත ලබා ගැනීමක් හෝ දෝංකාරයක් වනවා. එය මොහොතක අවිනිශ්චිත බව පසුකර දකිමින්, “අපගේ බලය තුළ රැඳී ඇත්තාවූ සියලු දේවල් ප්‍රීතියෙන් යුතුව ඉටුකිරීමට සහ පසුව … නැගීසිටීමට” ඉඩ සලසයි.13

මේ මොහොතේ ඔබේ ජීවිතයේ දුෂ්කර දෙයක්, ඔබ කනස්සල්ලට පත්කරන විසඳිය නොහැකි දෙයක් තිබේද? ඇදහිල්ලේ ඇස නොමැතිව, දෙවියන්වහන්සේට දේවල් අධීක්ශණය කිරීමට නොහැකි බවක් දැනෙන්නට පුළුවන, එය සත්‍යයක්ද?

එසේත් නැතිනම් ඔබට ඇති ලොකුම බිය නම් ඔබ මෙම දුෂ්කර කාලය ඔබ විසින්ම ගතකළයුතුයි යන්න විය හැකියි, නමුත් එයින් අදහස් වන්නේ දෙව්යන්වහන්සේ ඔබව අතහැර දමා ඇති බවයි. එය සත්‍යක් විය හැකිද?

ඔබ දකින ඕනෑම බියකරු සිහිනයක් ආශීර්වාදයක් බවට පත් කිරීමට ගැලවුම්කරුවාණන්ට උන්වහන්සේගේ වන්දිගෙවීම නිසා හැකියාව ඇති බව මගේ සාක්ෂියයි. “අපි උන්වහන්සේට ආදරය කර අනුගමනය කිරීමට උත්සහ කරන විට [අපව] පීඩාවට පත්කොට ඇති සියලු දේවල් අපගේ යහපත උදෙසා එක්ව ක්‍රියාකරන්නේ යැයි උන්වහන්සේ වෙනස් නොවන ගිවිසුමක් සමඟින් මෙසේ පොරොන්දු වන සේක.14 සියලු දේවල්.

අපි ගිවිසුමේ දරුවන් නිසා, අපට දැන්මෙම බලාපොරොත්තු සහගත හැඟීම ඉල්ලා සිටිය හැකිය!

අපට පරිපූර්ණ පවුල් නොමැති වුවත්, අන් අය සඳහා ඇති අපගේ ආදරය, නියත, නොවෙනස්වන, කුමක් වුවත් පවතින ආකාරයේ ආදරයක් බවට පත් වන තුරු—වෙනස් වීමට සහය වන සහ වර්ධනය වී නැවත පැමිණීමට ඉඩ සලසන වර්ගයේ ආදරයක් බවට පත්වන තුරු පරිපූර්ණ කළ හැකිය.

ඔවුන්ව නැවත ගෙන ඒම ගැලවුම්කරුවාණන්ගේ කාර්යයයි. එය උන්වහන්සේගේ කාලයේදී සිඳුවන උන්වහන්සේගේ කාර්යයයි. ඔවුන්ට නිවසට පැමිණිය හැකි බලාපොරොත්තුවක් සහ හදවතක් ලබා දීම අපගේ කාර්යයයි. “අපට හෙළා දැකීමට [දෙවියන්වහන්සේගේ] අධිකාරිය හෝ මුදවා ගැනීමට උන්වහන්සේගේ බලය නැත, නමුත් උන්වහන්සේගේ ප්‍රේමය ක්‍රියාත්මක කිරීමට අපට බලය ලැබී ඇත.”15 අපගේ විනිශ්චයට වඩා අන් අයට අපගේ ආදරය අවශ්‍ය බව සභාපති නෙල්සන් ද උගන්වා ඇත. “ඔවුන් අත්විඳිය යුත්තේ [අපේ] වචනවලින් සහ ක්‍රියාවෙන් පිළිබිඹු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු ප්‍රේමයයි.”16

ආදරය යනු හදවත් වෙනස් කරන දෙයකි. එය සියලු දේටම වඩා පිරිසිදු චේතනාව වන අතර අනෙක් අයට එය දැනිය හැකියි. වසර 50කට පෙර ඉදිරිපත් කළ මෙම අනාවැකිමය වදන් අපි තදින් අල්ලාගෙන සිටිමු: “කිසිදු නිවසක් උත්සාහය අත් නොහරින තාක් අසාර්ථක නොවේ.”17 නිසැකවම, වඩාත්ම හා දිගුකාලීනව ආදරය කරන අය ජය ගනී!

පොළොවේ පවුල්තුළ, දෙවියන්වහන්සේ අප සමඟ කළ දේවල් කරමින් සිටිනවා, එනම් අපගේ ආදරණීයයන් ගමන් කරන මාර්ගය ඔවුන් තෝරා ගත යුතු බව දැන, මාර්ගය පෙන්වා එම දිශාවට යනු ඇතැයි බලාපොරොත්තු වනවා.

ඔවුන් තිරයෙන් එහා ගිය විට, ස්වර්ගීය නිවසේ එම ආදරනීය ගුරුත්වාකර්ශන බලයට ලංවන විට මෙහිදී ඔවුන්ට ලැබුණු ආදරය හේතුවෙන් එහි හුරු පුරුදු බවක් දැනෙනු ඇතැයි මම විශ්වාස කරනවා.18

අපි එම ඉහළ නාභිය භාවිතා කර අපගේ සුන්දර ග්‍රහලෝකයේ හවුල් සහකරුවන් ලෙස ජීවත් වන අප ආදරය කරන සහ එකට ජීවත් වන පුද්ගලයින් දකිමු.

ඔබට සහ මට අපට මෙය කළ හැකිය! අපට රැඳී සිටිය හැකියි සහ බලාපොරොත්තු විය හැකියි! අපට ගස අසල රැඳී සිටිමින්, අපගේ මුහුණේ සිනහවකින් යුතුව පලතුරු අනුභව කළ හැකිය, එවිට අපගේ ඇස්වල වන ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය ඔවුන්ගේ අඳුරුතම පැයවලදී ඔවුන්ට බලාපොරොත්තුව ගෙන එනු ඇත. තවද අපගේ මුහුණේ ආලෝකය ප්‍රකාශ වන බව ඔවුන් දකින විට, ඔවුන් එයට ඇදී එනු ඇත. එවිට අපට ආදරයේ සහ ආලෝකයේ මුල් මූලාශ්‍රය වන “දීප්තිමත් සහ උදෑසන තාරකාව” වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත ඔවුන්ගේ අවධානය නැවත යොමු කිරීමට උපකාර කළ හැක.19

ඔබට සහ මට කිසිදිනෙක සිතාගත නොහැකි වන ආකාරයට—මේ සියල්ල—යහපත් අතට හැරෙනු ඇතැයි මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ ඇසකින්, අවසානයේ සියල්ල හොඳින් සිදුවන බවටත්, දැන් එය හොඳින් සිදුවනු ඇති බවත් අපට පෙනීමට සහ හැඟීමට හැකි වේවී. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. Anousheh Ansari, The Overview Effect and Other Musings on Earth and Humanity, According to Space Travelers – CoCre.

  2. ඊතර් 12:19; අවධාරණය කිරීම් සහිතයි.

  3. බලන්න ජෝඩි මෝර්, “How to Say Hard Things,” Better Than Happy (podcast), 2020 සැප්. 18 ep. 270.

  4. රොනල්ඩ් ඊ. බර්තොලමියු, අවසරය ඇතුව භාවිතා කරන ලදී 1 නෙපි 8:10; 11:21-22.

  5. බලන්න ජේම්ස් ඩී. මැක් ආතර්, “The Functional Family,” Marriage and Families, vol. 16 (2005), 14.

  6. “[අපට] මෙම ප්‍රේමයෙන් පූර්ණ වන පිණිස මුළු හදවතින්ම පියාණන්වහන්සේට යාච්ඤා කරන” ලෙස අපට ආරාධනා කර තිබෙනවා, ඒවගේම ආඥා කර තිබෙනවා.” (මොරෝනි 7:48).

  7. ජිල් චර්චිල්ට ආරෝපණය කරන ලද ප්‍රකාශයක පරාවර්තනය

  8. බලන්න රිචර්ඩ් අයිරි Life Before Life: Origins of the Soul … Knowing Where You Came From and Who You Really Are (2000), 107.

  9. සාම්ප්‍රදායික හිතෝපදේශය.

  10. බලන්න දහම සහ ගිවිසුම් 93:24, 26.

  11. බලන්න රොබර්ට් ෆ්‍රොස්ට්, “Birches,” in Mountain Interval (1916), 39.

  12. රසල් එම්. නෙල්සන්, “Joy and Spiritual Survival,” Liahona, මැයි 2016, 81; තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩ දෙන්න,” ලියහෝනා, නොවැ. 2020, 92-95.

  13. දහම සහ ගිවිසුම 123:17.

  14. දහම සහ ගිවිසුම් 98:3; අවධාරණය කිරීම් සහිතයි.

  15. බලන්න වේන් ඊ. බ්‍රිකී, Inviting Him In: How the Atonement Can Change Your Family, (2003) 144.

  16. බලන්න රසල් එම්. නෙල්සන්, “සාමය ඇති කරන්නන් අවශ්‍යයි,” ලියහෝනා, මැයි 2023, 100-101.

  17. Teachings of Presidents of the Church: Gordon B. Hinckley (2000), 134.

  18. බලන්න පෝල් ඊ. කෝලිකර්, “He Truly Loves Us,” Liahona, May 2012, 18.

  19. එළිදරව් 22:16.