ප්‍රධාන සම්මන්ත්‍රණය
අපගේ නිරන්තර සහකරු
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපගේ නිරන්තර සහකරු

ඔබටත් මටත් ශුද්ධාත්මයාණන්ව අපගේ නිරන්තර සහකරුවා කරගැනීමට අවස්ථාව තිබෙනවා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම සමුළුවේදී අසීමිත ලෙස වැගිරුණු එළිදරව් වලින් අපි ආශිර්වාද ලැබුවා. ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ සේවකයන් සත්‍යය, දිරිගැන්වීම් සහ මඟ පෙන්වීමේ වචන කතා කර ඇති අතර ඉදිරියටද කතා කරනවා ඇත.

ස්වාමින්වහන්සේ ශුද්ධාත්මයාණන් මාර්ගයෙන් අපට පෞද්ගලිකව කථා කරන බවට මෙම සමුළුවේදී ජනිත වූ සාක්ශි මා ස්පර්ශ කරනු ලැබුවා. අපි යාච්ඤා කර පසුව ආත්මයේ පෙළඹවීම් වලට අවනත වන විට, ඉදිරියට වර්ධනය වෙමින් පැමිණෙන දුෂ්කර දින හරහා මඟ පෙන්වීම් ලැබීමට අපට වැඩි අවබෝධයක් සහ ආශීර්වාද ලැබෙනවා.

සභාපති රසල් එම්. නෙල්සන්ගේ අනතුරු ඇඟවීම අපට නැවත මෙසේ අසන්නට ලැබුණා: “එලඹෙන දිනයන්හිදී, මගපෙන්වීම, මෙහෙයවීම, සැනසීම සහ ශුද්ධාත්මයාණන්ගේ නිසැක ආනුභාවයෙන් තොරව ආත්මිකව බේරෙන්නට අපහසු වනු ඇත.1

එම අනාවැකිමය අනතුරු ඇඟවීම මගේ දරුවන්ට, මුණුබුරන්ට සහ මී මුණුබුරන්ට ඉදිරි දුෂ්කර දිනවලදී එම තීරණාත්මක මඟ පෙන්වීම ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මා ඉගැන්විය යුතු දේ ගැන මෙනෙහි කිරීමට මා තුළ පෙළඹවීමක් ඇතිකළා.

ඉතින්, මෙය මගේ පරම්පරාවට ඉදිරි දිනවලදී මා ඔවුන් සමඟ නොමැති විට ඔවුන්ට උපකාර කළ හැකි කෙටි ලිපියකි. මට අවශ්‍ය වන්නේ ඔවුන්ට උපකාර වන මා දැනගත් දේ ඔවුන්ද දැනගැනීමයි.

අපි ජීවත් වන ඉදිරි දවස්වලදී ඔවුන්ට ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර බලපෑම ඇති වීමට අවශ්‍ය වන්නේ කුමක්ද කියා මම හොඳින් වටහාගෙන තිබෙනවා. මාගේ නිරන්තර සහකරු වීමට මට හැකි පමණින් ශුද්ධාත්මයාණන්ට ආරාධනා කිරීමේ මාගේ පෞද්ගලික අත්දැකීම් ගැන අද කතාකිරීමට පැහැදීමක් මට ඇති වුනා. ඒ සඳහා ඔවුන්ව දිරිමත් කිරීමට මට හැකිවේවා යන්න මගේ යාච්ඤාවයි.

හිලමන්ගේ පුත්‍රයන්, නෙපි සහ ලෙහි සහ අනෙකුත් දෙවියන්වහන්සේගේ සේවකයන් ඔවුන් සමඟ වැඩකරණවා යයි සිතා යාච්ඥා කිරීමෙන් ආරම්භ කිරීමට ඔවුන්ට ඉඩ සලසනවා. ඔවුන් දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නා. ඔවුන් දුෂ්ට ස්ථානයක සේවය කරමින් සිටි අතර දරුණු රැවටීම්වලට මුහුණ දීමට සිදුවුනා. හිලමන්ගේ වාර්තාවේ එන මේ එක පදයෙන් මම ධෛර්යයක් ලබාගන්නවා.

“තවද හැත්තෑ නවවන වසරේ එහි බලවත් විවාදයක් පටන්ගැනීම සිදුවිය. එනම් නෙපි සහ ලෙහි, ඔවුන්ගේ බොහෝ සහෝදරයන් සත්‍ය ධර්මයේ කරුණු සම්බන්ධව දැන බොහෝ එළිදරව් දිනපතා ලැබ, එසේහෙයින් ඔවුන් ජනතාව හට දේශනා කළේය, එපමණකින් එනම් ඔවුන් ඔවුන්ගේ විවාද වලට අවසානයක් එම වසරේදීම තැබූහ.”2

මෙම වාර්ථාව මා දිරිමත් කරන අතර එය ඔබව දිරිමත් කළ හැකියි. ශුද්ධාත්මයාණන් සමඟ අත්දැකීම් මාලාවක් මගින් හිලමන්ගේ පුතුන්ට උගන්වා මඟ පෙන්වනු ලැබුවා. අපට අවශ්‍ය දේ ලබා ගැනීමෙන් පසුව අප සූදානම් වූ විට, අපට තව තවත් ලැබෙන ආකාරයට පේළියෙන් පේළිය ආත්මයාණන් මඟින් අපට ඉගැන්විය හැකි සහ ඉගෙනගත හැකි බවට මෙය මට සහතිකයක් වනවා.

ලාබන්ගේ තහඩු සඳහා ජෙරුසලමට ආපසු යන ලෙස ඉල්ලා සිටි නෙපිගේ වාර්තාව මා ඒ ආකාරයෙන්ම දිරිමත් කර තිබෙනවා. ඔහු කළ තේරීම ඔබට මතක ඇති. ඔහු මෙසේ පැවසුවා “ස්වාමින්වහන්සේ අණ කළ දේ මම ගොස් කරන්නෙමි.”3

මම ආරම්භ කරන කාර්යයන් ස්වාමින්වහන්සේගෙන් ලැබෙන පැවරුම් බව මම දැන සිටියත් එය මගේ අතීත අත්දැකීමෙන් ඔබ්බට සහ මගේ හැකියාව ලෙස මා දුටු දෙයින් ඔබ්බට ගිය බවක් පෙනෙන්නට තිබෙණ විට එම කාර්යයේදී ශුද්ධාත්මයාණන් සමඟ නෙපිගේ අත්දැකීම, මට බොහෝ ධෛර්යය ලබාදී තිබෙනවා.

ඔහුගේ අද්දැකීම ගැන නෙපි පැවසූ දේ ඔබට මතකද: “තවද එය රාත්‍රිය විය, තවද මම [මාගේ සහෝදරයන්ට] පවුර පිටත සැඟවිය යුතු වීමට සැලැස්වුවෙමි. තවද ඔවුන් ඔවුන්ව සැඟවූවාට පසු මම නෙපි, නගරය තුලට රිංගා යමින් ලාබන්ගේ නිවස කරා ගියෙමි.”

ඔහු මෙලෙස සිහිපත් කළා, “තවද මම කළ යුතු දේ කලින් නොදැන අත්මයාණන්වහන්සේගෙන් මගපෙන්වනු ලැබුවෙමි.”4

ස්වාමින්වහන්සේගේ රාජකාරිය මත රාත්‍රිය පුරා මිනිත්තුවෙන් මිනිත්තුව ආත්මයාණන් විසින් නෙපිව මෙහෙයවනු ලැබූ බව දැන ගැනීමෙන් මා දිරිමත් වූවා.

අපට ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර මිත්‍රත්වය අවශ්‍යයි. අපි එයට ආශා කරන නමුත් එය සාක්ෂාත් කර ගැනීම පහසු නොවන බව අපි අත්දැකීමෙන් දන්නවා. අපි සෑම කෙනෙකුම අපගේ දෛනික ජීවිතයේ ආත්මයාණන් අමනාප විය හැකි දේවල් සිතනවා, කියනවා සහ කරනවා.

එසේ සිඳුවන විට, සිඳුවිය හැකි පරිදි, අපට ස්වාමින්වහන්සේගේ අප්‍රසාදය දැනෙන්නට පුළුවන්. ඒ වගේම අපි තනිවී සිටිනවා යැයි සිතීමට පරික්ෂාවන් ඇතිවිය හැකියි. අප පසුතැවිලි වී සක්‍රමේන්තුවට සහභාගී වන විට සෑම සතියකම අපට ලැබෙන ස්ථිර පොරොන්දුව මතක තබා ගැනීම වැදගත්: එය නම් “ඔවුන්ට සැමවිට උන්වහන්සේගේ ආත්මය ඔවුන් සමඟ පවතින පිණිසය” යන්නයි.5

අද දින ඔබට ශුද්ධාත්මයාණන්ගේ බලපෑම දැනී ඇත්නම්, , වන්දිගෙවීම ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වන බවට එය සාක්ශියක් කරගන්න.

වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් පවසා තිබෙන ආකාරයට: “අපගේ අන්තයේ මෙම අවස්ථාවන් පැමිණෙන විට, දෙවියන්වහන්සේ අපව අත්හැර දමා ඇති බවට හෝ උන්වහන්සේ අපගේ යාච්ඤාවලට සවන් නොදෙන බවට ඇති බියට අප යටත් නොවිය යුතුය. උන්වහන්සේට අපිව ඇහෙනවා උන්වහන්සේ අපිව දකිනවා උන්වහන්සේ අපට ආදරෙයි.”6

ඒ සහතිකය මට උදව් කර තිබෙනවා. මට ස්වාමින්වහන්සේගෙන් ඈත් වූ බවක් හැඟෙන විට, මගේ යාච්ඤාවලට පිළිතුරු ප්‍රමාද වූ විට, පසුතැවිලි වීමට ඇති අවස්ථාවන් සොයා මාගේ ජීවිතය දෙස නැවත බැලීමට සභාපති නෙල්සන් කළ උපදෙස් අනුගමනය කිරීමට මම ඉගෙනගෙන තිබෙනවා. ඔහු අපට මතක් කර දෙන්නේ “දිනපතා පසුතැවිලි වීම පරිශුද්ධ වීමට මාර්ගයයි, එමෙන්ම පරිශුද්ධතාවය බලය ගෙන එන” බවයි.7

ඔබට ශුද්ධාත්මයාණන්ව දැනීමට අපහසු බව හැඟෙනවා නම්, පසුතැවිලි වී සමාව ලබා ගැනීමට ඔබට අවශ්‍ය යමක් තිබේදැයි ඔබට සිතා බැලිය හැකියි.8 පවිත්‍ර වීමට කුමක් කළ යුතු දැයි දැන ගැනීමට ඔබට ඇදහිල්ලෙන් යාච්ඤා කළ හැකි අතර එමගින් ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර මිත්‍රත්වය සඳහා වඩාත් සුදුසුකම් ලබනවා.

ඔබට ශුද්ධාත්මයාණන්ගේ සහකාරත්වය දැනීමට අවශ්‍ය නම්, ඔබට එය අවශ්‍ය විය යුත්තේ නිවැරදි හේතූන් සඳහායි. ඔබේ අරමුණ ස්වාමින්වහන්සේගේ අරමුණ විය යුතුයි. ඔබගේ අරමුණු වඩාත් ආර්ත්මාර්ථකාමීයී නම්, ඔබට ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම් ලබාගැනීමට මෙන්ම දැනීම අපහසු විය හැකියි.

ස්වාමින්වහන්සේට අවශ්‍ය දේ ඔබට අවශ්‍ය වීම ශුද්ධාත්මයාණන් දැණීමට ඇති යතුරයි. අපගේ චේතනා ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමය තුළින් මෙහෙයවිය යුතුයි. “මට අවශ්‍ය වන්නේ ඔබට අවශ්‍ය දේ පමණයි. ඔබවහන්සේගේ කැමැත්ත සිඳුවේවා” වැනි චේතනාවන් අපගේ යාච්ඥාව විය යුතුයි.

මම ගැළවුම්කරුවාණන්ගේ පරිත්‍යාගය සහ උන්වහන්සේ මා කෙරෙහි දක්වන ආදරය සිහිපත් කිරීමට උත්සාහ කරනවා. ඉන්පසුව, මම ස්වර්ගීය පියාණන්ට ස්තුතිවන්ත වීමට යාච්ඤා කරන විට, මගේ යාච්ඤාවලට උන්වහන්සේ සවන් දෙන බවත් මට හොඳම දේ ලැබෙනු ඇති බවටත් ආදරයේ සහතිකයක් දැනෙනවා. එය මගේ සාක්ෂිය ශක්තිමත් කරනවා.

ශුද්ධාත්මයාණන්වහන්සේ දරන සෑම සාක්ෂියකින්ම, අපට වඩාත්ම වටිනා සාක්ෂිය නම් යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ජීවමාන පුත්‍රයා වන ක්‍රිස්තුස්වහන්සේ යන සාක්ෂියය විය හැකියි. ගැලවුම්කරුවාණන් මෙසේ පොරොන්දු වුනා, “පියාණන් වෙතින් මා ඔබ වෙත එවන සැනසිලිදායකයාණන්, එනම් පියාණන්වහන්සේගෙන් නික්මෙන සත්‍යයේ ආත්මය පැමිණෙන විට, උන්වහන්සේ මා ගැන සාක්ෂි දරන්නේය.”9

වසර ගණනාවකට පෙර මට කලකිරුණු මවකගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඇගේ දියණිය නිවසින් ඈතට ගොස් සිටින බව ඇය මට පැවසුවා. තම දියණිය සමඟ ඇති කුඩා සම්බන්ධයෙන් ඇයට දැනුණේ කුමක් හෝ දරුණු වරදක් සිදුවී ඇති බවයි. ඇයට උදව් කරන ලෙස මට ආයාචනා කර සිටියා.

දියණියගේ නිවාස බැහැදකින්නන් කවුද කියා මම සොයාගත්තා. එය බොහෝ කලකට පෙර බව ඔබට එම නමෙන් කිව හැකියි. මම ඔහුට කතා කළා ඔහු තරුණ වියේ පසුවන්නෙක් වුනා. එහෙත් ඔහු සහ ඔහුගේ සහයකයා, එම දියණිය ගැන කරදරයට පත්ව පමණක් නොව දුක සහ කාලකන්නිකම ගෙන එන තෝරාගැනීම් කිරීමට ඇය සූදානමින් සිටින බවට ලැබුණු දේවානුභාවයන් නිසා මුළු රාත්‍රීයේම අවදිව සිටි බව පැවසුවා. ඒ ආත්මයේ ආනුභාවයෙන් පමණක් ඔවුන් එමෙ දියණිය බැලීමට පිටවූවා.

මුලදී ඇය තම තත්වය ඔවුන්ට පැවසීමට කැමති වූයේ නැහැ. පසුතැවිලි වී ස්වාමින්වහන්සේ ඇය සඳහා තිබූ මාර්ගය තෝරා ගන්නා ලෙස ඔවුහු ඇයගෙන් අයැද සිටියා. එවිට ඇයට වැටහුණා, ඇයගේ ජීවිතය පිළිබඳ ඔවුන් දැනගත් දේවල් ඔවුන්ට දැනගැනීමට ඇති එකම මාර්ගය දෙවියන්වහන්සේ බව, මම ආත්මයානන් හෙතුකොටගෙන විශ්වාස කරනවා. මවක් තම ප්‍රේමණීය සැලකිල්ල ස්වර්ගීය පියාණන් සහ ගැලවුම්කරුවාණන් වෙත යොමු කළා. එම නිවාස බැහැදකින්නන් වෙත ශුද්ධාත්මයාණන්වහන්සේ එවා තිබුණේ ඔවුන් ස්වාමින්වහන්සේට සේවය කිරීමට කැමැත්තෙන් සිටි නිසයි. ඔවුන් දහම සහ ගිවිසුම්වල ඇති උපදෙස් සහ පොරොන්දුව අනුගමනය කර තිබෙනවා:

“එසේම නුඹගේ ලය සියලු මනුෂ්‍යයන් සහ කාන්තාවන්] වෙතට ප්‍රේමයෙන් පිරී තිබිය යුතුය, තවද ඇදහිල්ලේ ගෘහයේ සියල්ලන්ටම, තවද නුඹගේ සිතිවිලි නොකඩවා ගුණවත්වකමින් පිරී තිබේවා; එවිට නුඹගේ විශ්වාසය දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ශක්තිමත් වන්නේය; තවද පූජකවරයේ දහම ස්වර්ගයෙන් පැමිණෙන පිණිබිඳු මෙන් නුඹගේ ප්‍රාණය මත වෑහෙනු ලබන්නේය.

ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹගේ නිරන්තර සහයකයා වන්නේය, තවද නුඹගේ සැරයටිය ධර්මිෂ්ඨකමේ සහ ශක්තියේ සහ සත්‍යයේ වෙනස් නොවන සැරයටිය වන්නේය; තවද නුඹගේ ආධිපත්‍ය සදාකාලික ආධිපත්‍යයක් වන්නේය; තවද බලපෑමකින් තොරව නුඹ වෙතට සදාකාලයෙන් සදාකාලයට එය ගලා එන්නේය.”10

ස්වාමින්වහන්සේ තම පොරොන්දුව ඉටු කළ බවට මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ඇදහිලිවන්ත ගිවිසුම් සාමාජිකයන් වෙත ශුද්ධාත්මයාණන් යවනු ලබනවා. ඔබේ අත්දැකීම් අද්විතීය වනු ඇති අතර, ඔබ සහ ඔබ ආදරය කරන සහ සේවය කරන අය සඳහා එළිදරව් ලබා ගැනීමට ඔබේ ඇදහිල්ලට සහ හැකියාවට වඩාත් ගැලපෙන ආකාරයෙන් ආත්මයාණන් මඟ පෙන්වනු ඇත. ඔබේ ආත්ම විශ්වාසය තව තවත් වර්ධනය වේවායි මම යාච්ඥා කරනවා.

පියාණන් වන දෙවියන්වහන්සේ ජීවත් වන බව මම ඔබට සාක්ෂි දරනවා. උන්වහන්සේ ඔබට ආදරෙයි. උන්වහන්සේ සෑම යාච්ඤාවකටම සවන් දී පිළිතුරු දෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට මඟ පෙන්වීමට, සැනසීමට සහ සත්‍යය පිළිබඳ සාක්ෂි දීමට ශුද්ධාත්මයාණන් එවන ලෙස පියාණන්වහන්සේට යාච්ඤා කළා. පියාණන් සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් ජෝසෆ් ස්මිත්ට ගස්වලින් පිරුණු කැළැයකදී පෙනී සිටියා. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේගේ දීමනාව සහ බලය මගින් මොර්මොන්ගේ පොත පරිවර්තනය කළා.

ස්වර්ගීය පණිවිඩකරුවන් පූජකත්ව යතුරු ප්‍රතිෂ්ඨාපනය කළා. සභාපති රසල් එම්. නෙල්සන් යනු මුළු පොළොවටම දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයායි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස, උන්වහන්සේ ජීවත්වන බවත් උන්වහන්සේගේ සභාව මෙහෙයවන බවත් මම දන්නවා. අපි ගැලවුම්කරුවාණන්ව සිහිපත් කර ප්‍රේම කරන විට, පසුතැවිලි වී, උන්වහන්සේගේ ප්‍රේමය අපගේ හදවත් තුළ පවතින ලෙස ඉල්ලා සිටින විට, ඔබටත් මටත් ශුද්ධාත්මයාණන් අපගේ නිරන්තර සහකරුවා කර ගැනීමටත් එම සත්‍යයන් තහවුරු කර ගැනීමටත් අවස්ථාව තිබෙනවා. ඒ ආශිර්වාදයත්, ශුද්ධාත්මයාණන්ගේ ඇසුරත් අදත්, අපගේ ජීවිතයේ සෑම දිනකමත් ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. මම ඔබට ආදරෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.