ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න

දයානුකම්පාව ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංගයකි. එය අන් අය කෙරෙහි ඇති ආදරය නිසා උපදින අතර එයට සීමා මායිම් නැත.

මේ උදෑසන අප්‍රිකානු සංචාරයකට මා සමඟ එකතු වන ලෙස මම ඔබට ආරාධනා කර සිටිනවා. ඔබට සිංහයන්, සීබ්‍රා සතුන් හෝ අලි ඇතුන් නොපෙනේවී, නමුත් ගමන අවසානයේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් දහස් ගණනක් “ඔබේ අසල්වැසියාට ප්‍රේමකරන්න” යන ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන ශ්‍රේෂ්ඨ අඥාවට අද්විතීය ආකාරයකින් ප්‍රතිචාර දක්වන ආකාරය ඔබට පෙනෙනු ඇත (මාර්ක් 12:31).

අප්‍රිකාවේ ග්‍රාමිය, රතු පස ගැන මොහොතකට සිතන්න. වසර ගණනාවකට මැණිය හැකි ප්‍රමාණයකින් වර්ශාවක් පතිත වී නැති බව වියලි සහ නිසරු පොළොවෙන් ඔබට පෙනේ. මස් වලට වඩා ඇටකටු ඇති ඔබව පසුකරයන ගවයන් කිහිපදෙනෙකුව දක්කන සෙරෙප්පු දැමූ පාද සහිත බ්ලැන්කට්ටුවකින් ආවරණය කරගත් කරමජොං ගොපල්ලෙකු ගස්කොළන් සහ ජලය සොයාගැනීමේ බලාපොරොත්තුවෙන් අසීරුවෙන් ගමන් කරයි.

රළු ගල් සහිත පාරේ ඔබ ගමන් කරන විට, ඔබ ලස්සන ළමයින් කණ්ඩායම් කිහිපයක් දකින අතර ඔවුන් පාසලේ නොසිටින්නේ මන්දැයි කල්පනා කරයි. ළමයින් සිනහසී අත වනන අතර ඔබ කඳුලක් සහිත සිනහවකින් පෙරලා අතවනයි. මේ ගමනේදී ඔබ දකින කුඩාම දරුවන්ගෙන් සියයට අනූ දෙකක්ම ආහාර හිඟකමේ ජීවත් වන අතර ඔබේ හදවත වේදනාවෙන් කෙඳිරිගායි.

ඉදිරියෙන්, මවක් ගැලුන් පහක වතුර භාජනයක් තම හිසමත සමබරව තබාගෙන සහ තව එකක් අතින් රැගෙන යන ආකාරය ඔබට පෙනේ. ඇය මෙම ප්‍රදේශයේ සෑම නිවාස දෙකකින් එකක් නියෝජනය කරන අතර, එහි තරුණ සහ මහළු කාන්තාවන් සෑම දිනකම එක් දෙසකට පමණක් මිනිත්තු තිහකට වඩා වැඩි කාලයක් තම පවුල සඳහා ජලය සොයා ගමන් කරයි. ශෝකයේ රැල්ලකින් ඔබව සේදීයයි.

රූපය
ජලය රැගෙන යන අප්‍රිකානු කාන්තාවක්.

පැය දෙකක් ගතවූ පසු ඔබ සෙවන සහිත හුදකලා වූ එළිපෙහෙලියකට පැමිණේ. රැස්වීම් ස්ථානය ශාලාවක් හෝ කූඩාරමක්වත්ද නොවේ, ඒ වෙනුවට හිරු රශ්මියේ අධික උශ්ණයෙන් ආවරණය කරන විශාල ගස් කිහිපයක පාමුලය. මෙම ස්ථානයේ නල ජලය, විදුලිය හෝ සෝදා හැරිය හැකි වැසිකිලියක්වත් නොමැති බව ඔබට පෙනෙනු ඇත. ඔබ වටපිට බලන විට ඔබ සිටින්නේ දෙවියන්වහන්සේට ප්‍රේම කරන මිනිසුන් අතර යයි දැනගන්නා විට ක්ෂණිකයෙන් දෙවියන්වහසේගේ ප්‍රේමය ඔවුන් කෙරෙහි දැනේ. උපකාර සහ බලාපොරොත්තුව ලබා ගැණීමට ඔවුන් රැස්ව සිටි අතර එය බෙදා ගැනීමට ඔබ පැමිණ ඇත.

අපගේ ප්‍රධාන සහන සමිති සභාපතිනිය වන කමීල් ජොන්සන් සහෝදරිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන ඩග් සහ සභාවේ මානූෂීය සේවයේ අධ‍යක්ෂකවරිය වන ශැරන් ඉයුබෑන්ක් සහෝදරිය සමඟ මධ්‍යම අප්‍රිකාවේ මිලියන හතලිස් හතක් මිනිසුන් වෙසෙන රටක් වන උගන්ඩාවේ අප සංචාරය කරන විට ආර්ඩර්න් සහෝදරිය සහ මාගේ ගමන එවැනි එකක් විය. සභාවේ මානූෂීය සේවය, යුනිසෙෆ් සහ උගන්ඩා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව අරමුදල් සපයනු ලැබූ ප්‍රජා සෞඛ්‍ය ව්‍යාපෘතියකට එදින, ගස් සෙවන යට අපි සහභාගී වුනෙමු. මේවා සභාවේ සාමාජිකයින් පරිත්‍යාග කරන ලද මානුෂීය අරමුදල් විචක්ෂණශීලීව භාවිතා කිරීම සහතික කිරීම සඳහා ප්‍රවේශමෙන් තෝරාගෙන ඇති විශ්වාසදායක සංවිධානයන්ය.

රූපය
අප්‍රිකානු දරුවා රැකවරණය ලබයි.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සහ ක්ෂය රෝගය, මැලේරියාව සහ නොනවතින පාචනය වැනි රෝග වල ප්‍රතිවිපාක දැකීමෙන් හදවත වෙව්ලන තරමටම, අපට හමු වූ අය සඳහා වඩා හොඳ හෙටක් පිළිබඳ බලාපොරොත්තුවේ වැඩිවීමක් අප සෑම කෙනෙකුටම ඇති විය.

රූපය
තම දරුවා පෝෂණය කරන මවක්

අර්ධ වශයෙන් එම බලාපොරොත්තුව පැමිණියේ, සභාවේ මානුෂීය ප්‍රයත්නයන්ට කාලය සහ මුදල් පරිත්‍යාග කරන ලොව පුරා සිටින සභාවේ සාමාජිකයන්ගේ කරුණාව තුළින්ය. මම රෝගී වූවන්ට සහ විපතට පත් වූවන්ට පිහිට වී ඔසවා තබනවා දුටුවිට කෘතඥතාවෙන් මගේ හිස නමා ආචාර කළෙමි. ඒ අවස්ථාවේ රජවරුන්ගේ රජ පැහැදිළි කළේ කුමක්ද කියා මට වැටහුනා, එනම්;

“මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට ඔබ සැමට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න … :

“මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, ඔබ සැම මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, ඔබ සැම මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, ඔබ සැම මා පිළිගත්තහුය” (මතෙව් 25:34–35)

අපගේ ගැලවුම්කරුවාණන්ගේ ආයාචනය වන්නේ “එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා” යන්නයි.(බලන්න මතෙව් 5:16; තවත් බලන්න 14–15). පොළවේ ඒ ඈත කෙළවරේ, ඔබේ යහපත් ක්‍රියා ජීවිත ආලෝකමත් කර මහඟු අවශ්‍යතා ඇති මිනිසුන්ගේ බර සැහැල්ලු කළහ.

එම උණුසුම් සහ දූවිලි පිරුණු දවසේ, සියල්ලටම වඩා, අවංක කෘතඥතාවයෙන් දෙවියන්වහන්සේට කළ යාච්ඥාවන් වලට සවන්දීමට ඔබට හැකිවූවා නම් කියා මම ප්‍රාර්ථනා කලා. ඔවුන් ඔවුන්ගේ කරමජොං භාශාවෙන් “ආලකාරා “ යැයි ඔබට පැවසීමට මට කියනු ඇත. එනම් ඔබට ස්තූතියි යන්නයි.

අපගේ ගමන, මා විසින් විස්තර කළ මාර්ගය මෙන් නොවන ජෙරුසලමේ සිට ජෙරිකෝව දක්වා දිවෙන දූවිලි සහිත මාර්ගයක ගමන් කල යහපත් සමාරිතානුවරයාගේ උපමාව මට මතක් කර දුන්නා. ඔබේ අසල්වැසියාට ප්‍රේම කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි මෙම දේවසේවයේ යෙදෙන සමරිතානුවරයා අපට උගන්වයි.

ඔහු “එක්තරා මනුෂ්‍යයෙක් යෙරුසලමෙන් යෙරිකෝවට යන කල සොරුන්ට අසුවි; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට පහරදී, ඔහු අඩපණකර ගිය ආකාරය” දුටුවේය (ලූක් 10:30). සමානුතානුවරයාට “ඔහු ගැන අනුකම්පාවක් ඇතිවිය” (ලූක් 10:33).

දයානුකම්පාව ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංගයකි. එය අන් අය කෙරෙහි ඇති ආදරය නිසා උපදින අතර එයට සීමා මායිම් නැත. ලෝකයේ ගැලවුම්කරුවාණන් වන ජේසුස්වහන්සේ දයාවේ ප්‍රතිමූර්තියයි. “යේසුස්වහන්සේ ඇඬූබව” (යොහාන් 11:35) අප කියවන විට, මරියා සහ මාර්තා මෙන්, මුලින්ම උන්වහන්සේගේ ආත්මයෙන් සුසුම්ලා කෙඳිරිගෑමට සැලැස්වූ උන්වහන්සේගේ දයානුකම්පාව ගැන සාක්ෂිකරුවන් වන්නෙමු.(බලන්න යොහාන් 11:33). ක්‍රිස්තුස්වහන්සේගේ දයානුකම්පාව පිළිබඳ උදාහරණයක් වන මොර්මොන්ගේ පොතේ, යේසුස්වහන්සේ සමූහයක් ඉදිරියේ පෙනී සිට මෙසේ කීවේය:

නුඹලා අතර යම් කොරුන්, හෝ අන්ධයන්, … හෝ බිහිරන් හෝ එනම් කිසියම් ආකාරයකින් පීඩිත වූවන් සිටිත්ද? ඔවුන්ව මෙහි ගෙනෙන්න තවද මම ඔවුන්ව සුවපත් කරන්නෙමි, මන්ද නුඹලා මත මට අනුකම්පාව ඇත්තේය. …

උන්වහන්සේ ඔවුන්ගේ සෑම අයෙකුවම සුවපත් කළ සේක” (3 නෙපී 17:7, 9)

අපගේ සෑම උත්සාහයක්ම නොතකා, ඔබට සහ මට සෑම කෙනෙකුම සුව කිරීමට නොහැකි නමුත් අප සෑම කෙනෙකුටම කෙනෙකුගේ ජීවිතයේ යහපත සඳහා වෙනසක් කළ හැකි අය විය හැකිය. පන්දහසකට කන්න දීම පිණිස රොටී දෙකක් සහ මාළු දෙදෙනෙකු පිරිනැමුවේ එක් ගැටවරයෙක් පමණයි, ඔහු නිකම්ම පිරිමි ළමයෙක් පමණයි. රොටි සහ මාළු ගැන ගෝලයෙකු වූ අන්ද්‍රැ කළාක් මෙන් “මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දැයි?” කියා අපගේ පරිත්‍යාගයන් ගැන අපෙන් ඇසිය හැකිය. (යොහාන් 6:9). ඔබට හැකි දේ දී, පසුව ක්‍රිස්තුස්වහන්සේට වෙනස ඇතිකිරීමට ඉඩ දීම ප්‍රමාණවත් බව මම ඔබට සහතික වනවා.

මෙම කාරණයේදී, වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් අපට ආරාධනා කළේ, “පොහොසත් හෝ දුප්පත්, … අන් අයට අවශ්‍ය වූ විට ‘අපට කළ හැකි දේ’ කරන ලෙසයි.” පසුව ඔහු මා කරන ආකාරයටම සාක්ෂි දැරුවේ දෙවියන්වහන්සේ “[ඔබේ] අනුකම්පා සහගත ගෝලයන්ගේ ක්‍රියාවන්හිදී ඔබට උපකාර කර ඔබට මග පෙන්වනු ඇති” බවටයි (“Are We Not All Beggars?,” Liahona, Nov. 2014, 41).

ඒ ඈත දේශයේ, ඒ අමතක නොවන දවසේ, මම එදා මෙන් අදද, පොහොසත් සහ දුප්පත්, ආත්මය සසල කරවන සහ ජීවිතය වෙනස් කරන දයාවේ සමාජිකයන් සිටින සභාවේ සාක්ෂිකරුවෙකු ලෙස නැගී සිටිනවා.

යහපත් සමානුතානුවරයාගේ උපමාව ඔහු “[මනුශ්‍යයාගේ] තුවාල බැඳ, ඔහුව බලාගන්න තෙක්” දිගටම පවතී (ලූක් 10:34). අපගේ සභාවේ මානුෂීය ප්‍රයත්නයන් සමඟ අපට ස්වභාවික විපත්වලට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට සහ ලෝකයේ පුළුල් වන රෝග, කුසගින්න, මන්දපෝෂණය, අවතැන්වීම් සහ බොහෝ විට නොපෙනෙන අධෛර්යය, කලකිරීම සහ බලාපොරොත්තු සුන්වීම යන තුවාල බැඳීමට අපට හැකි වේ.

සමානුතානුවරයා පසුව “මසු දෙකක් රැගෙන, තානායම්කරුට දී මොහු බලාගන්නැයි” කීවේය (ලූක් 10:35)). සභාවක් ලෙස, අපගේ මානුෂීය ප්‍රයත්නයන් සඳහා සහාය වීම සඳහා අනෙකුත් “සත්කාරක” හෝ කතෝලික සහන සේවා, යුනිසෙෆ්, සහ රතු කුරුස/රතු අඩ සඳ වැනි සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ගැන අපි කෘතඥ වෙමු. ලොව පුරා බොහෝ දෙනෙකුට දැරීමට සිදුවන බර ලිහිල් කරන ඔබේ “පෙන්ස් දෙක” හෝ යුරෝ දෙක, පෙසෝ දෙක හෝ සිලිං දෙක සඳහා අපි එකසේ කෘතඥ වෙමු. ඔබගේ කාලය, රුපියල් සහ ශත ලබන්නන් කවුරුන්දැයි දැනගැනීමට ඔබට හැකි නොවනු ඇත, නමුත් දයානුකම්පාවට ඔවුන්ව දැන ගැනීමට අවශ්‍ය නොවේ, එයට අවශ්‍ය වන්නේ අප ඔවුන්ට ආදරය කිරීම පමණි.

“අපි අපගේ මුළු හදවතින්ම දෙවියන්වහන්සේට ප්‍රේම කරන විට, උන්වහන්සේ අපගේ හදවත් සුන්දර, ගුණවත් චක්‍රයක් තුළ අන් අයගේ යහපැවැත්මට යොමු කරන” බව මතක් කර දීම ගැන සභාපති රසල් එම්. නෙල්සන් අපි ඔබට ස්තූතිවන්ත වනවා (“දෙවන උතුම් ආඥාව,” ලියහෝනා, නොවැ. 2019, 97). සභාපති නෙල්සන්ගේ ඇමතුමට සහ ජෝසෆ් ස්මිත්ගේ “මේ සභාවේ වුවත්, වෙනත් ඕනෑම සභාවක වුවත්, හෝ කිසිම සභාවකට අයත් නොවුවත්, කොතැනකින් හෝ ඔවුන්ව [අපි සොයාගත්]විට, “කුසගින්නෙන් පෙළෙන්නන්ව පෝෂණය කරන්න, ඇඳුම් නැතිව සිටින්නන්ට ඇඳුම් දෙන්න, වැන්දඹුවන්ට සලසාදෙන්න, අනාතයන්ගේ කඳුළු පිසදමන්න [සහ] පීඩිතයන් සනසන්න” යන ආයාචනයට ප්‍රතිචාර දක්වන විට, අප සෑම කෙනෙකුටම ප්‍රීතිය, සාමය, නිහතමානිකම සහ ප්‍රේමය වැඩි වන බවට මම සාක්ෂි දරනවා (“Editor’s Reply to a Letter from Richard Savary,” Times and Seasons, Mar. 15, 1842, 732).

රූපය
වැඩිහිටි ආර්ඩර්න් සහ සභාපති කැමිල් එන්. ජොන්සන් අප්‍රිකානු දරුවන් සමඟ.

ඒ සියලු මාසවලට පෙර, වියළි හා දූවිලි සහිත තැනිතලාවක කුසගින්නෙන් පෙළෙන සහ පීඩාවට පත් වූවන් අපට හමු වූ අතර උපකාරය පතා ආයාචනා කරන ඔවුන්ගේ ඇස්වල සාක්ෂිකරුවන් විය. අපගේම ආකාරයෙන් අප ආත්මයෙන් සුසුම්ලා කැළඹී සිටිනමුත් (බලන්න යොහාන් 11:33), කුසගින්නෙන් පෙලෙන අයට ආහාර ලබාදී, වැන්දඹුවන්ට සලසා දී, පීඩිතයන් සනසා ඔවුන්ගේ කඳුළු වියලීමට සභාවේ සාමාජිකයන්ගේ දයානුකම්පාව ක්‍රියාවට නංවන ආකාරය අපදුටු විට එම හැඟීම් සන්සුන් විය.

අපි සදාකාලිකව අන්‍යයන්ගේ සුබසිද්ධිය දෙස බලා, “එකිනෙකාගේ බර ඉසිලීමට” (මොසායා 18:8), බිඳුණු සිත් ඇත්තන්ව සුවකිරීමට (දහම් සහ ගිවිසුම් 138:42), සහ ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන ශ්‍රේෂ්ඨ ආඥාව වන “අසල්වැසියාට ප්‍රේම කිරීමට” (මාර්ක් 12:31) කැමති බව වචනයෙන් සහ ක්‍රියාවෙන් පෙන්වමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.