ප්‍රධාන සම්මන්ත්‍රණය
දෙමාපියන් සඳහා දිව්යමය පාඩම්
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


දෙමාපියන් සඳහා දිව්යමය පාඩම්

තම වටිනා දරුවන්ට නැවත ස්වර්ගයට යාමට මඟ පෙන්වීම සඳහා දෙමාපියන් තම ස්වර්ගික පියාණන් සමඟ හවුල්කාරිත්වයකට ඇතුල් වනවා.

ඔබ කවදා හෝ අලුත උපන් බිළිඳකු ඔසවා තිබෙනවද? දෙමව්පියන්ගේ හදවත් සතුටින් පිරවිය හැකි විශේෂ ආදරයේ බැඳීමක් ගෙන එන සෑම අලුත උපන් බිළිඳෙකුගෙන්ම නික්මෙන ආලෝකයක් ඇත.1 මෙක්සිකානු ලේඛකයෙක් මෙසේ ලියා තිබෙනවා: “අලුත උපන් බිළිඳෙකු තම පියාගේ ඇඟිල්ල මුලින්ම තම කුඩා හස්තයේ තදකරන විට, ඔහු ඔහුව සදහටම අල්ලාගෙන ඇති බව මම ඉගෙනගෙන තිබෙනවා.”2

දෙමාපිය රැකවරණය ජීවිතයේ අතිවිශේෂ අත්දැකීමක්. තම වටිනා දරුවන්ට නැවත ස්වර්ගයට යාමට මඟ පෙන්වීම සඳහා දෙමාපියන් තම ස්වර්ගික පියාණන් සමඟ හවුල්කාරිත්වයකට ඇතුල් වනවා.3 අද මම අපගේ දෙමාපියන්ගේ උරුමය තබා යමට උපකාර කිරීම සඳහා ශුද්ධ ලියවිල්ලේ ඇති සහ ජීවමාන අනාගතවක්තෘවරුන් විසින් උගන්වනු ලබන මාපිය පාඩම් කිහිපයක් බෙදා ගැනීමට කැමැතියි.

ශුභාරංචි සංස්කෘතියේ උස් බිමට නැගීම

අපි අපේ පවුල් සමඟ ශුභාරංචි සංස්කෘතියේ උස් බිමට නැඟිය යුතුයි. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ප්‍රකාශ කළා: “පවුල් ස්වර්ගයෙන් මඟ පෙන්වීම ලැබිය යුතුය. පුද්ගලික අත්දැකීම්, බිය හෝ අනුකම්පාවෙන් දරුවන්ට ප්‍රමාණවත් ලෙස උපදෙස් දීමට දෙමාපියන්ට නොහැකියි.”4

අපේ සංස්කෘතික පසුබිම්, දෙමාපිය විලාසයන් සහ පෞද්ගලික අත්දැකීම් දෙමාපියන් සඳහා වටිනා විය හැකි වුවද, අපගේ දරුවන්ට නැවත ස්වර්ගයට යාමට උපකාර කිරීමට මෙම හැකියාවන් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි අපගේ දරුවන් සමඟ “ඉහළ, ශුද්ධ වූ ආකාරයෙන්” ගණුදෙනු කළහැකි 6වඩා උසස් “සාරධර්ම සමූහයක් සහ … භාවිතයන්”5 වෙත සහ ආදරය සහ අපේක්ෂාවන් යන දෙකෙහිම සංස්කෘතියක් සඳා ප්‍රවේහ්සය අවශ්‍ය වනවා. සභාපති ඩැලන් එච්. ඕක්ස් ශුභාරංචි සංස්කෘතිය විස්තර කළේ “විශේෂිත ජීවන මාර්ගයක් ලෙස වටිනාකම් සහ අපේක්ෂාවන් සහ භාවිතයන් සමූදායක්. … ලෙසයි. මෙම ශුභාරංචි සංස්කෘතිය පැමිණෙන්නේ ගැලවීමේ සැලැස්ම, දෙවියන්වහන්සේගේ ආඥා සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් තුළින්ය. එය අප අපගේ පවුල් ඇති දැඩි කරන ආකාරය සහ අපගේ පෞද්ගලික ජීවිතය ගත කරන ආකාරය පිළිබඳව අපට මග පෙන්වයි.”7

මෙම ශුභාරංචි සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. ඇදහිල්ලේ බීජය සමෘද්ධිමත් විය හැකි සාරවත් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අපගේ පවුල් තුළ ශුභාරංචිය සංස්කෘතිය අනුගමනය කිරීම ඉතා වැදගත් වනවා. උස් බිමකට නැඟීමට, සභාපති ඕක්ස් අපට ආරාධනා කරන්නේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ඉගැන්වීම්වලට පටහැනි ඕනෑම පුද්ගලික හෝ පවුල් සම්ප්‍රදායන් හෝ භාවිතයන් අත්හරින්න” කියායි.8 දෙමාපියනි, ශුභාරංචි සංස්කෘතිය ස්ථාපිත කිරීමට අප දක්වන නිවටකම නිසා විරුද්ධවාදියාට අපගේ නිවෙස් තුළ හෝ ඊටත් වඩා නරක ලෙස අපගේ දරුවන්ගේ හදවත් තුළ ස්ථාවර වීමට ඉඩ සැලසෙනවා.

අපගේ පවුල තුළ ශුභාරංචි සංස්කෘතිය ප්‍රමුඛ සංස්කෘතිය බවට පත් කිරීමට අප තෝරා ගන්නා විට, ශුද්ධාත්මයාණන්ගේ9බලගතු බලපෑමෙන් අපගේ වර්තමාන දෙමාපිය විලාසයන්, සම්ප්‍රදායන් සහ භාවිතයන් පෙරලා, පෙළගැස්වී, පිරිසිඳු වී, වැඩිදියුණු වනු ඇත.

නිවස ශුභාරංචි ඉගෙනීමේ මධ්‍යස්ථානය බවට පත් කරන්න

සභාපති රසල් එම්. නෙල්සන් උගන්වා ඇත්තේ නිවස “ශුභාරංචි ඉගෙනීමේ මධ්‍යස්ථානය” විය යුතු බවයි.10 සියලුම ශුභාරංචි ඉගෙනීමේ සහ ඉගැන්වීමේ අරමුණ වන්නේ “ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත අපගේ පරිවර්තනය ගැඹුරු කිරීම සහ උන්වහන්සේලා හා සමාන වීමට අපට උපකාර කිරීමයි.”11 අපගේ නිවෙස් තුළ උසස් ශුභාරංචි සංස්කෘතියක් ස්ථාපිත කිරීමට අපට උපකාර කළ හැකි අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතයන් විසින් විස්තර කරන ලද තීරණාත්මක මාපිය වගකීම් තුනක් ගැන සලකා බලමු.

පළමුවැන්න: නිදහසේ උගන්වන්න

ස්වර්ගික පියාණන්වහන්සේ ආදම්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන උපදෙස් ලබා දුන්නා. “මේ දේවල් [ඔහුගේ] දරුවන්ට නිදහසේ උගන්වන්න” කියා උන්වහන්සේ ඔහුට ඉගැන්වූවා.12 වෙනත් වචන වලින් කියනවනම්, ස්වර්ගික පියාණන්වහන්සේ ආදම්ට ඉගැන්වූයේ මේ දේවල් නිදහස්ව, නොමසුරුව සහ බාධාවකින් තොරව ඉගැන්වීමටයි.13 ශුද්ධ ලියවිලිවල අපට පවසන්නේ “ආදම් සහ ඒව දෙවියන් වහන්සේගේ නාමයට ආශීර්වාද කළ අතර, ඔවුන් තම පුතුන්ට සහ දූවරුන්ට සියල්ල දන්වා දුන්” බවයි.14

අපි අපේ දරුවන් සමඟ අර්ථවත් කාලයක් ගත කරන විට අපි ඔවුන්ට නොමසුරුව උගන්වනවා. “තිර කාලය” වැනි සංවේදී මාතෘකා සාකච්ඡා කරන විට සභාවේ ලබා දී ඇති සම්පත් භාවිතා කරමින් අපිට බාධාවකින් තොරව ඉගැන්විය හැකියි.15 ආත්මයාණන්වහන්සේට ගුරුවරයා වීමට ඉඩදී, එන්න, මා අනුගමනය කරන්න පොත භාවිතා කර අපගේ දරුවන් සමඟ ශුද්ධ ලියවිලි පාඨ ඉගෙන ගන්නා විට අපි නිදහසේ උගන්වනවා

දෙවනුව: අනුගාමිකත්වයේ ආදර්ශය

යොහන් පොතේ, යුදෙව්වන් කිහිපදෙනෙකු ගැලවුම්කරුවාණන්ගේ හැසිරීම ගැන ප්‍රශ්න කළ විට, යේසුස්වහන්සේ උන්වහන්සේගේ ආදර්ශය වන උන්වහන්සේගේ පියා වෙත අවධානය යොමු කළ බව අපි කියවනවා. උන්වහන්සේ ඉගැන්වූයේ, “ඔහු ඉගැන්වූයේ, “පුත්‍රයාණන්ට තමා විසින්ම කිසිවක් කළ නොහැකි ය, නමුත් ඔහු කුමක් දකින්නේද එය පියාණන් කරන සේක, මක්නිසාද උන්වහන්සේ කරන දේ පුත්‍රයා ද එසේම කරයි.”16 දෙමාපියණි අපි අපේ දරුවන්ට ආදර්ශයෙන් පෙන්විය යුත්තේ කුමක්ද? අනුගාමිකත්වය

දෙමාපියන් වශයෙන්, අපි පළමු ආඥාව ගැන සාකච්ඡා කරන විට දෙවියන් වහන්සේට මුල් තැන දීමේ වැදගත්කම අපට ඉගැන්විය හැකිය, නමුත් අපි ලෞකික අවධානය වෙනතකට යොමු කර සෑම සතියකම සබත් දවස ශුද්ධව තබන විට අපි එයට ආදර්ශයක් වනවා. ස්වර්ගීය විවාහය පිළිබඳ මූලධර්මය ගැන කතා කරන විට දේවමාළිගා ගිවිසුම්වල වැදගත්කම අපට ඉගැන්විය හැකිය, නමුත් අපි අපගේ ගිවිසුම්වලට ගරු කරන විට, අපගේ සහකරු හෝ සහකාරියට ගෞරවයෙන් සලකන විට අපි එයට ආදර්ශයක් වනවා.

තෙවනුව: ක්‍රියා කිරීමට ආරාධනා කරන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල අපගේ දරුවන්ගේ සාක්ෂිවල හරය විය යුතු අතර, මෙම සාක්ෂි සෑම දරුවෙකුටම පුද්ගලික එළිදරව් කිරීම් හරහා පැමිණිය යුතුයි.17 අපගේ දරුවන්ට ඔවුන්ගේ සාක්ෂි ගොඩනැගීමට උපකාර කිරීම සඳහා, ඔවුන්ගේ තෝරාගැනීමට ඇටි නිදහස නිවැරදි දේ තෝරා ගැනීමට18 භාවිතා කරන ලෙස අපි ඔවුන්ව දිරිමත් කරනවා, මෙන්ම දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාර්ගයෙහි ජීවිත කාලය සඳහා ඔවුන්ව සූදානම් කරනවා.19

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ ඔහුගේ හෝ ඇයගේම සාක්ෂියේ වගකීම භාරගෙන ඒ සඳහා වැඩ කිරීමට, එය වර්ධනය වන පරිදි එය රැකබලා ගැනීමට, එයට සත්‍යය තුලින් පෝෂණය ලබාදෙන ලෙසට සහ නොඇදහිලිවන්ත ස්ත්‍රීන් හා පුරුෂයින්ගේ ව්‍යාජ දර්ශනවලින් එය අපවිත්‍ර නොකරන ලෙසට අපි ඔවුන් සෑම කෙනෙකුටම ආරාධනා කරමු.20

ධර්මිෂ්ඨ, චේතනාන්විත දෙමාපිය රැකවරණය

මවුපියන් වශයෙන් අපගේ ස්වර්ගික පියාණන්ගේ දිව්‍ය අභිප්‍රායන් මෝසෙස්ට දෙන ලද එළිදරව්වකින් ප්‍රකට වුනා: එය නම් “මිනිසාගේ අමරණීයභාවය සහ සදාකාල ජීවනය ගෙන ඒම—මාගේ කාර්යය සහ මාගේ මහිමයයි.”21 සභාපති නෙල්සන් තවදුරටත් මෙසේ පැවසුවා, “සදාකාලයටම ලැබෙන උතුම්ම ආශීර්වාද ඔබට අතපසු නොවීමට උපකාර කිරීම පිණිස, ඔබගේ තෝරා ගැනීමේ නිදහස උල්ලංඝනය කිරීමකින් තොරව දෙවියන්වහන්සේ ඔබට හැකි සෑම දෙයක්ම කරනු ඇත.”22

දෙමව්පියන් වශයෙන්, අපි අපගේ දරුවන්ගේ රැකවරණයෙහි දෙවියන්වහන්සේගේ නියෝජිතයන් වනවා.23 අපගේ දරුවන්ට උන්වහන්සේගේ දිව්‍යමය බලපෑම දැනිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අප කළ හැකි සෑම දෙයක්ම කළ යුතුයි.

දෙමාපියන් ලෙස අපේ දරුවන්ගේ අධ්‍යාත්මික ජීවිතය දෙස ප්‍රේක්ෂකයින් ලෙස පැත්තකට වී බලාසිටීම ස්වර්ගික පියාණන් කිසි විටෙකත් අදහස් කළේ නැත. පුද්ගලික අත්දැකීමක් පාදක කරගෙන චේතාන්විත මාපියන් රැකවරණය පිළිබඳ මෙම අදහස පැහැදිලි කිරීමට මට ඉඩ දෙන්න. මම ග්වාතමාලාවේ කුඩා ශාඛාවක ප්‍රාථමිකයට සහභාගි වන විට, මාගේ දෙමාපියන් පීතෘමූලික ආශීර්වාදවල වටිනාකම ගැන මට ඉගැන්වීම ආරම්භ කළා. මගේ මව ඇගේ ඉතා වටිනා පිතෘමූලික ආශිර්වාදය ලැබීමේ අත්දැකීම බෙදා ගැනීමට කාලය ගත කළා. ඇය මට පීතෘමූලික ආශිර්වාද සම්බන්ධ ධර්මය ඉගැන්වූ අතර පොරොන්දු වූ ආශීර්වාද ගැන සාක්ෂි දැරුවා. ඇයගේ චේතනාන්විත රැකවරණය මගේ පීතෘමූලික ආශිර්වාදය ලබා ගැනීමේ ආශාව ඇති කිරීමට මා තුළ පෙලඹීමක් ඇති කළා.

මට වයස අවුරුදු 12 දී, මගේ දෙමාපියන් මට පීතෘමූලිකයෙකු සෙවීමේ කාර්යය දියත් කිරීමට උපකාර කළා. අප ජීවත් වූ දිස්ත්‍රික්කයේ පීතෘමූලිකයෙකු නොසිටි නිසා මෙය අවශ්‍ය වුනා. මම කිලෝමීටර් 156 ක් දුරින් පිහිටි ස්ටේකයක සිටි පීතෘමූලිකයෙකු වෙත ගියා. ආදිපීතෘ මට ආශීර්වාද කිරීම පිණිස මගේ හිස මත අත් තැබූ මොහොත මට පැහැදිලිව මතකයි. මගේ ස්වර්ගික පියාණන්වහන්සේ මා දන්නා බව කිසිදු සැකයකින් තොරව බලවත් අධ්‍යාත්මික තහවුරු කිරීමකින් මම දැනගත්තා.

කුඩා නගරයක සිට අවුරුදු 12 ක පිරිමි ළමයෙකුට, එය මට බොහෝ වැදගත් වුනා. මගේ මවගේ සහ පියාගේ චේතනාන්විත රැකවරනය නිසා මගේ හදවත එදින මගේ ස්වර්ගික පියාණන් වෙත යොමු වූ අතර, මම ඔවුන්ට සදාකාලිකවම කෘතඥ වනවා.

හිටපු ප්‍රධාන ප්‍රාථමික සභාපතිනිය වන ජෝයි ඩී. ජෝන්ස් සහෝදරිය මෙසේ ඉගැන්වූයේ: “අපගේ දරුවන්ගේ හැරීම නිකන්ම සිදු වන තුරු අපට බලා සිටිය නොහැක. අහම්බෙන් හැරීම යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ මූලධර්මයක් නොවේ.”24 අපගේ ආදරය සහ ආනුභාව ලත් ආරාධනා වලට අපගේ දරුවන් ඔවුන්ගේ තෝරාගැනීමට ඇති නිදහස භාවිතා කරන ආකාරයෙහි වෙනසක් කළ හැකියි. සභාපති නෙල්සන් අවධාරනය කලේ, “ධර්මිෂ්ඨ, චේතනාන්විත මාපිය රැකවරණය ඉක්මවා යමට වෙනත් කිසිඳු කාර්යයකට නොහැක!”25

අවසාන වශයෙන්

දෙමාපියනි, මේ ලෝකය අපගේ දරුවන්ගේ අවධානය සඳහා තරඟ කරන දර්ශන, සංස්කෘතීන් සහ අදහස් වලින් පිරී තිබෙනවා. විශාල හා ඉඩකඩ සහිත ගොඩනැගිල්ල වඩාත්ම වත්මන් මාධ්‍ය නාලිකා භාවිතා කරමින් එහි සාමාජිකත්වය දිනපතා ප්‍රචාරණය කරනවා. නමුත් අනාගතවක්තෘ මොරෝනි ඉගැන්වූ අකාරයට “උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ දීමනාව තුළ, “දෙවියන්වහන්සේ වඩාත් විශිෂ්ට මාර්ගයක් පිළියෙළ කර තිබෙනවා.”26

අපි ගිවිසුම් හරහා දෙවියන් වහන්සේ සමඟ හවුල් වී අපගේ දරුවන්ගේ රැකවරණයෙහි උන්වහන්සේගේ නියෝජිතයන් බවට පත් වන විට, “අපගේ දරුවන් ඔවුන්ගේ පව්වලට පව්කමාව ලබා ගැනීමට කුමණ උලොඅත දෙස රැඩිමටදැයි දැනගැනීම පිණිස” උන්වහන්සේ අපගේ අභිප්‍රායන් පවිත්‍ර කරයි, අපගේ ඉගැන්වීම් ආනුභාවලත් කරයි, සහ අපගේ ආරාධනාවන් මෘදු කරයි.27 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. ගීතාවලිය 127:3 බලන්න.

  2. Johnny Welch, “The Puppet,” reproduced at inspire21.com/thepuppet; see also Johnny Welch, Lo que me ha enseñado la vida (1996).

  3. මෙය දුෂ්කර කාර්යයක් සේ පෙනෙන නමුත්, නමුත් වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් පැවසූ ආකාරයට, “ස්වර්ගීය පියෙකුගේ උපකාරයෙන් අපට අප සිතනවාට වඩා දෙමාපියන්ගේ උරුමයක් ඉතිරි කළ හැක.”(“The Hands of the Fathers,” Liahona, July 1999, 18).

  4. රසල් එම්. නෙල්සන්, “Thou Shalt Have No Other Gods,” Ensign, May 1996, 15.

  5. ඩැලන් එච්. ඕක්ස්, “The Gospel Culture,” Liahona, Mar. 2012, 22.

  6. රසල් එම්. නෙල්සන්, “සාමය ඇති කරන්නන් අවශ්‍යයි,” ලියහෝනා , මැයි 2023, 99.

  7. ඩැලන් එච්. ඕක්ස්, “The Gospel Culture,” 22.

  8. ඩැලන් එච්. ඕක්ස්, “The Gospel Culture,” 22.

  9. බලන්න මොරෝනි 10:5.

  10. රසල් එම්. නෙල්සන්, “උදාහරණාත්මක පසු-දවස්වල ශුද්ධවන්තයින් බවට පත්වීම,” ලියහෝනා, නොවැ. 2018, 113.

  11. හැරීම අපගේ ඉලක්කයයි,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 v.

  12. මෝසෙස් 6:58.

  13. See American Dictionary of the English Language, accessed Aug. 15, 2023, webstersdictionary1828.com/Dictionary/freely.

  14. මෝසෙස් 5:12.

  15. See “Taking Charge of Technology” and For the Strength of Youth: A Guide for Making Choices (2022), Gospel Library.

  16. යොහාන් 5:19.

  17. බලන්න “මතෙව් 16:17–18.. Individual Revelation Needed for a Testimony of Jesus Christ,” in New Testament Student Manual (2018), 52.

  18. බලන්න ඩේල් ජී. රෙන්ලන්ඩ්, “Choose You This Day,” Liahona, නොවැ. 2018, 104: “දෙමාපියෙක් ලෙස ක්‍රියා කිරීමේදී අපගේ ස්වර්ගික පියාණන්ගේ ඉලක්කය වන්නේ උන්වහන්සේගේ දරුවන් ලවා හරි දේ කරවීම නොවේ; ඒ උන්වහන්සේගේ දරුවන් හරි දේ කිරීමට තෝරාගෙන අවසානයේ උන්වහන්සේ හා සමාන වීමටයි.”

  19. උපග්‍රන්ථය: දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිතය ගතකිරීම සඳහා ඔබේ දරුවන් සූදානම් කිරීම,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 Gospel Library.

  20. බලන්න රසල් එම්. නෙල්සන්, “ලෝකය ජයගෙන විවේකය සොයාගන්න,” ලියාහෝනා, නොවැම්බර් 2022, 97.

  21. මෝසෙස් 1:39. මෙම පදයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කතා කරන්නේ ස්වර්ගික පියාණන් වෙනුවෙන් ය.

  22. Russell M. Nelson, “Choices for Eternity” (worldwide devotional for young adults, May 15, 2022), broadcasts.ChurchofJesusChrist.org.

  23. බලන්න රසල් එම්. නෙල්සන්,“Salvation and Exaltation,” Liahona, May 2008, 10: “Do not: “ඔබේ දරුවන්ව පාලනය කරන්න එපා. ඒ වෙනුවට, ඔවුන්ට ඇහුම්කන් දෙන්න, ශුභාරංචිය ඉගෙන ගැනීමට ඔවුන්ට උපකාර කරන්න, ඔවුන්ව දිරිමත් කරන්න, සහ සදාකාල ජීවනය කරා මඟපෙන්වන්න. ඔබ දෙවියන්වහන්සේ විශ්වාසයෙන් ඔබට භාරදී ඇති දරුවන් රැකබලා ගැනීමේ දෙවියන්වහන්සේගේ නොයෝජිතයන්ය. ඔබ උගන්වන විට සහ ඒත්තු ගන්වන විට උන්වහන්සේගේ දිව්‍යමය බලපෑම ඔබේ හදවත් තුළ පවතින්නට ඉඩ හරින්න.”

  24. ජොයි ඩී. ජෝන්ස්, “අත්‍යවශ්‍ය සංවාද,” ලියහෝනා, මැයි 2021, 12.

  25. බලන්න රසල් එම්. නෙල්සන්, “The Sabbath Is a Delight,” Liahona, May 2015, 131.

  26. ඊතර් 12:11.

  27. 2 නෙපි 25:26.