ප්‍රධාන සම්මන්ත්‍රණය
මිනිසාට ප්‍රශංසා වේවා
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


මිනිසාට ප්‍රශංසා වේවා

මෙම අවසාන කාල පරිච්ඡේදයේ අනාගතවක්තෘ වන ජෝසෆ් ස්මිත් අපට සිටින නිසා, අප දන්නා සියල්ල දැන ගැනීමට ලැබීමෙන් අප කොතරම් ආශීර්වාද ලබා තිබෙනවාද?

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අද උදෑසන ඔබ සමඟ සිටීමට ලැබීම මට ගෞරවයක්. ස්වාමින්වහන්සේ මට ආශීර්වාද කරනු ඇතැයි කියා මම යාච්ඤා කරනවා.

මගේ ඇස් ඉස්සර මෙන් නෙවෙයි. මම මාගේ අක්ෂි වෛද්‍යවරයා හමු වී, “මට ටෙලිප්‍රොම්ප්ටරය පෙනෙන්නේ නැති” බව පැවසුවා.

එවිට ඇය, පැවසුවේ “ඔබේ ඇස් වයසයි. ඒවා වෙනස් වෙන්නේ නැහැ” කියායි.

ඒ නිසා මම මට පුළුවන් හැකි උපරිමයෙන් කිරීමට බලාපොරොත්තු වනවා.

මගේ හිතේ තිබෙන සමහර දේවල් ඔබ සමඟ බෙදාගැනීමට මම කැමතියි. පසුගිය මාස කිහිපය තුළ මගේ සිතේ ජෝසප් අනාගතවක්තෘවරායා ගැන මෙනෙහි වූ බව පෙනෙන්නට තිබුණා. කාලයන්ගේ සම්පූර්ණත්වයේ මෙම කාල පරිච්ඡේදයේ අනාගතවක්තෘවරයා වීමේ ඔහුගේ මහිමාන්විත වගකීම මම වාඩි වී මෙනෙහි කළා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල සාමාජිකයන් වශයෙන් අපි කොතරම් ජෝසෆ් ස්මිත්ට කෘතඥ වෙනවාද කියා මම සිතනවා, තම පව්වලට සමාව ලබා ගැනීමට කළ යුත්තේ කුමක්දැයි දැන ගැනීමට ආශාවෙන් සිටි පිරිමි ළමයෙකු නිව් යෝර්ක්, පැල්මයිරා හි පිහිටි ඔහුගේ නිවස අසල කැළයකට යාමට ධෛර්යය ලබා, එහි යාච්ඥාවෙන් දන ගසා—පළමු වතාවට ශබ්ද නඟා යාච්ඤා කළා—යැයි ඔහුගේම ප්‍රකාශයේ සඳහන් වනවා. ( බලන්න ජෝසෆ් ස්මිත්-ඉතිහාසය 1:14).

අපි “පූජනීය කැළැය” ලෙස හඳුන්වහන එම ස්ථානයේ ජෝසෆ් ස්මිත් දනින් වැටුණ එම අවස්ථාවේදී ස්වර්ගය විවර වුවා. දහවල් හිරුට වඩා දීප්තිමත් පුද්ගලයන් දෙදෙනෙක් ඔහු ඉදිරියේ පෙනී සිටියා. එක් අයෙක් ඔහුට කතා කොට, මෙසේ කීවා “[ජෝසප්,] මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. ඔහුට සවන් දෙන්න! ” (ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:17). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාකාලික ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම එසේ ආරම්භ වුනා.

අපගේ ගැලවුම්කරුවාණන් සහ අපගේ මිදුම්කරුවාණන් වන යේසුස්වහන්සේ, යෝසෙප් නම් පිරිමි ළමයාට කතා කර අප දැන් ජීවත් වන මෙම කාල පරිච්ඡේදය විවෘත කළ නිසා, අපි “Praise to the Man who communed with Jehovah!” [යෙහෝවා සමඟ කථාකළ මිනිසාට ප්‍රශංසා වේවා!] යන ගීතිකාව ගායනා කරනවා. (“Praise to the Man,” Hymns, no. 27). ජෝසෆ් ස්මිත්ට සහ 1820දී නිව් යෝර්ක්හි පැල්මයිරා හි පිහිටි ඔහුගේ නිවස අසල පිහිටි කැළයට යාමට ඔහුට ඇති වූ ධෛර්යය ගැන අපි ස්වාමින්වහන්සේට ස්තූතිවන්ත වෙනවා.

අප දන්නා පුදුමාකාර දේවල් සහ අප සතුව ඇති සියලුම දේ ගැන මම මෙනෙහිකරමින් සිටිනවා. මගේ ආදරණීය සහෝදරවරුනි, සහෝදරියනි, අද උදෑසන ඔබට මගේ සාක්ෂිය නම්, මෙම අවසාන කාල පරිච්ඡේදයේ අනාගතවක්තෘ වන ජෝසෆ් ස්මිත් අපට සිටින නිසා, අප දන්නා සියල්ල දැන ගැනීමට ලැබීමෙන් අප කොතරම් ආශීර්වාද ලබා තිබෙනවාද.

ජීවිතයේ අරමුණ, අප කවුරුන්ද යන්න පිළිබඳව අපට අවබෝධයක් තිබෙනවා.

යෝසෙප්, පිරිමි ළමයෙකු ලෙස කැළයට ගොස්, සැබවින්ම, ඔහුගේ පව්වලට සමාව සෙවූ නිසා, දෙවියන්වහන්සේ කවුරුන්ද කියලා අපි දන්නවා; ගැළවුම්කාරුවාණන් කවුරුන්ද කියා අපි දන්නවා.

මම හිතන්නේ අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සහ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ මේ අවසාන දිනවලදී තමන්ව එළිදරව් කර ඇති බවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාකාලික ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීමට යෝසෙප්ව තෝරාගත් බවත්, මේ ලෝකයේ ඕනෑම කෙනෙකුට දැනගත හැකි වඩාත්ම තේජාන්විත හා පුදුම දේවල් වලින් එකක් කියායි.

අපට මෝර්මොන්ගේ පොත තිබෙනවා. සභාවේ සාමාජිකත්වය සඳහා මොර්මොන්ගේ පොත කෙතරම් විශ්මය දනවන හා අපූරු තෑග්ගක්ද. යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බවට එය තවත් සාක්ශියක් සහ ගිවිසුමක් වනවා. අපට එය ලැබී තිබෙන්නේ, ජෝසප් තහඩු රැගෙන යාමට සුදුසු වූ නිසාත්, දෙවියන්වහන්සේගේ දීමනාවෙන් සහ බලයෙන් ඒවා පරිවර්තනය කර, පොත ලොවට දීමටත් ස්වර්ගයේ ආනුභාවය ලැබීම නිසායි.

අද උදෑසන මගේ පණිවිඩය සරල වුවත්, එය ගැඹුරුයි, එය ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට සහ ඔහුව ස්ථීර කළ සහ තරුණ වියේදී ස්ථීර කිරීමට කැමැත්තෙන් සිටි මගේ සහෝදර සහෝදරියන්ට ආදරයෙන් පිරී තිබෙනවා.

මේ උදෑසන මම ඔහුගේ මවට උපහාර දැක්වීමට කැමතියි. ජෝසප් පූජනීය කැළැයෙහි එම අත්දැකීමෙන් පසු පැමිණ ඔහුගේ මවට සිදු වූ දේ පැවසූ විට, ලුසී මැක් ස්මිත් ඔහුව විශ්වාස කිරීම කෙතරම් අපූරුදැයි මම නිතරම සිතනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාකාලික ශුභාරංචියේ පූර්ණත්වය නැවත වරක් මිහිපිට නැවතපිහිටුවීමේ අනාගතවක්තෘවරයා වීමට ස්වාමින්වහන්සේ ඔහු මත පවරන ලද මෙම දැවැන්ත වගකීමේදී ඔහුව ස්ථීර කළ ඔහුගේ පියාට සහ ඔහුගේ සහෝදරයන්ට සහ ඔහුගේ සහෝදරියන්ට සහ ඔහුගේ පවුලේ අයට මම ස්තූතිවන්ත වනවා.

ඉතින් මෙම උදෑසන මගේ සාක්ශිය වන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් බව මා දන්නා බවයි අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සහ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ පෙනී සිටිමින් ජෝසෙප්ට කතා කොට අනාගතවක්තෘවරයා වීමට ඔහුව සූදානම් කළ බව ද මම දන්නවා.

අපගේ ජීවිතයේ අරමුණ, අප මෙහි සිටින්නේ ඇයි, අපගේ එදිනෙදා ජීවිතයේදී අප කිරීමට උත්සාහ කළ යුතු සහ ඉටු කළ යුතු දේ පිළිබඳව අප දන්නා දේ දැන ගැනීමට අප කොතරම් ආශීර්වාද ලත්ද යන්න ගැන මම පුදුමයට පත්වනවා, මෙන්ම ඔබගෙන් බොහෝ දෙනෙක්ද එසේ පුදුම වන බව මට විශ්වාසයි. අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ දිනය එනම් අපගේ ස්වර්ගීය පියාණන්ගේ සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අභිමුඛයට අප නැවත පැමිණෙන දිනය වෙනුවෙ අපි දවසින් දවස, ටිකක් යහපත් වී, ටිකක් කරුණාවන්ත වී, සහ ටිකක් ඒ ඒ දවසේ සූදානම් වෙමින් සිටිනවා.

එය මා වෙත ටිකෙන් ටිකෙ ළං වෙනවා. මට ඉක්මනින්ම 95ක් වෙනවා. සමහර දවස්වලට මම ඊට වඩා ගොඩක් වයසින් වැඩී මෙන් කියා ඔවුන්ට සිතෙන බව මගේ ළමයි මට කියනවා, නමුත් එය නිවැරදී. මම මට හැකි උපරිමය කරනවා.

නමුත් සහෝදර සහෝදරියනි, සභාවේ පොදු අධිකාරීවරයෙක් ලෙස මගේ පැවරුම තුළ ලෝකය ආවරණය කිරීමේ වරප්‍රසාදය මට ලැබී තිබෙනවා. එය පුදුමාකාර ආශිර්වාදයක්. මම හිතන්නේ මම ලෝකයේ සෑම ප්‍රදේශයකටම පාහේ සමීප වී තිබෙනවා කියලයි. මම ලොව පුරා සිටින සභාවේ සාමාජිකයන් හමුවී තිබෙනවා.

ඇත්තටම, මම ඔබට කෙතරම් ප්‍රේම කරනවාද. ඔබේ මුහුණු දෙස බලා, ඔබ ඉදිරියෙහි සිට, ස්වාමින්හන්සේ කෙරෙහි සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පිහිටවූ ශුභාරංචිය කෙරෙහි ඔබ තුළ ඇති ඔබේ ප්‍රේමය අත්දකින්නට ලැබීම—මොනතරම් තේජාන්විත අත්දැකීමක්ද.

අපගේ ස්වර්ගීය පියාණන් මේ මොහොතේ අප දෙස බලා සමුළුවේ සියලුම කටයුතු වලට ආශීර්වාද කරත්වා. ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් අපගේ හදවත් තුළ සම්පූර්ණයෙන්ම පවතීවා, එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට—අපගේ ප්‍රේමනීය ගැලවුම්කරුවාණන් වන, ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඇති අපගේ ආදරය—උන්වහන්සේට සේවය කිරීමටත් උන්වහන්සේගේ ආඥා පිළිපැදීමටත් අප උත්සාහ කරන විට වර්ධනය වනවා මෙන්ම, සම්මන්ත්‍රණයට සහභාගී වීමේ ප්‍රතිඵලයක් ලෙස අපි තව තවත් උන්වහන්සේ මෙන් වනවා. ඔබ මේ ලෝකයේ කොතැනක සිටියත් දෙවියන්වහන්සේ ඔබට ආශීර්වාද කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් අප සමඟ වේවා. සම්මන්ත්‍රණ මෙම සැසියේදී එකට නමස්කාර කරන විට අපට ස්වර්ගයේ බලය දැනේවා.

ජේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බව මා දන්නා බවට මාගේ සාක්ෂිය මම ඔබ සමඟ තබා යනවා. උන්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන්. අපගේ හොඳම මිතුරා උන්වහන්සේයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.