ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔබේ මතු පරම්පරාව වෙනුවෙන්
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔබේ මතු පරම්පරාව වෙනුවෙන්

උරුමයක් සේ ඔබට ලැබුණු හෝ ඔබ ආරම්භ කළ මෙම ලස්සන ඇදහිල්ලේ දම්වැලේ දුර්වල පුරුක නොවන්න. ශක්තිමත් පුරුක වන්න.

මීට වසර කිහිපයකට පෙර, මම දකුණු ඇමරිකාවේ වයඹ දිග ප්‍රදේශයේ සේවය කරමින් පේරු, ලීමා හි ජීවත් වන විට, මම ඔබ සමඟ බෙදා ගැනීමට කැමති සුන්දර අත්දැකීමක් ලැබුවා.

එය සිඳුවුනේ සති අන්තයේ කාර්යබහුල වැඩකටයුතු නිමවී මා නිවසට පැමිණෙමින් සිටියදීයි. ගුවන් තොටුපල ආගමන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු, අපගේ සුපුරුදු කුලී රථ සේවාවෙන් මා එනතුරු බලා සිටින මිත්‍ර කුලී රථ රියදුරෙකු මට හමුවුනා. ඔහු මාව ඔහුගේ මෝටර් රථය වෙත ගෙන ගිය අතර, මම නිවස වෙත නිහඬ විවේකී ගමනක් භුක්ති විඳීමට සූදානම්ව පිටුපසින් වාඩි වුණා. ගොඩනැගිලි කිහිපයක් පසුකර ධාවනය කිරීමෙන් පසු රියදුරුට මම වැරදි කුලී රථයක් ගත් බව පවසමින් ඔහුගේ සුපරීක්ෂකගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. මට වෙනත් මෝටර් රථයක් වෙන් කර තිබූ අතර, මට මෝටර් රථ වෙනස් කිරීමට අවශ්‍ය නම් මාව නැවත ගුවන් තොටුපළට ගෙන යන ලෙස සුපරීක්ෂකවරයා ඔහුගෙන් ඉල්ලා සිටියා. එය අවශ්‍ය නොවන බවටත් අපට දිගටම ගමන්කළ හැකි බවත් මම ඔහුට පැවසුවා. මිනිත්තු කිහිපයක නිශ්ශබ්දතාවයෙන් පසු, ඔහු පසුපස බලන කණ්ණාඩියෙන් මා දෙස බලා, “ඔබ මෝර්මොන් කෙනෙක්ද?” කියා ඇසුවා.

එම ආරාධිත ප්‍රශ්නයෙන් පසුව, මගේ නිහඬ මොහොත අවසන් වනබව මම දැනගත්තා. ඔහුගේ ප්‍රශ්ණය අපව කොතැනට ගෙනයනවා ඇත්දැයි කියා ගවේශණය නොකර සිටීමට මට නොහැකි වුනා.

ඔහුගේ නම ඕමාර් බවත්, ඔහුගේ බිරිඳගේ නම මාරියා තෙරේසා බවත්, ඔවුන්ට වයස අවුරුදු 14ක සහ 10ක කැරොලිනා සහ රොඩ්රිගෝ නමින් දරුවන් දෙදෙනෙකු සිටින බවත් මම දැනගත්තා. ඕමාර් කුඩා කල සිටම සභාවේ සාමාජිකයෙකු වී සිටියා. ඔහුගේ පවුල ක්‍රියාශීලීව සිටි නමුත් යම් අවස්ථාවක දී ඔහුගේ දෙමාපියන් සභාවට යාම නවත්වා තිබෙනවා. අවුරුදු 5 වන විට ඕමාර් සම්පූර්ණයෙන්ම අක්‍රීය සාමාජිකයෙකු වී සිටිනවා. ඒ වනවිට ඔහුට අවුරුදු 40යි.

ඒ අවස්ථාවේදී මම වැරදි කුලී රථයක් නොගත් බවට මට පසක් වුනා. එය අහඹුවක් නොවේ! මම ඔහුට මා කවුදැයි හඳුන්වා දී, මම ඔහුගේ කුලී රථයේ සිටින්නේ ස්වාමින්වහන්සේ ඔහුව නැවත උන්වහන්සේගේ ගාලට කැඳවන බැවින් කියා පැවසුවා.

පසුව ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සභාවේ ක්‍රියාකාරී සාමාජිකයන්ව සිටි කාලය ගැන අපි කතාකලා. ඔහුට ආදරණීය පවුල්-නිවස-සැඳෑ අවස්ථා සහ සමහර ප්‍රාථමික ගීත පිළිබඳ සොඳුරු මතකයන් තිබුණා. ඊටපසු ඔහු “මම දේව දරුවෙක්මි” යන ගීතිකාවේ වචන කිහිපයක් ගායනා කළා.1

ඔහුගේ ලිපිනය, දුරකථන අංකය ලබාගෙන ඒවා ඔහුගේ සභානායකවරයා සමඟ බෙදා ගැනීමට අවසර ලබාගනිමින්, සභාවට පැමිණෙන ඔහුගේ පළමු දිනයේ සභාවට ඒමට මාර්ගයක් සොයා ගන්නා බව මම ඔහුට පැවසුවා. අපි ගුවන් තොටුපළේ සිට මගේ නිවසට යන ගමනත්, ඔහුගේ අතීතයට අප ගිය කුඩා ගමනත් අවසන් කර, වෙන්වී ගියා.

සති කිහිපයකට පසු ඔහුගේ සභානායකවරයා මට කතා කර, ඕමාර් ඉරිදා දිනයක සභාවට ඒමට අදහස් කරන බව මට පැවසුවා. මම එදින පැමිණෙන බව ඔහුට පැවසුවා. එම ඉරිදා ඔමාර් ඔහුගේ පුතා සමඟ පැමිණ හිටියා. ඔහුගේ බිරිඳ සහ දියණිය තවමත් පැමිණීමට උනන්දු වී නැහැ. මාස කිහිපයකට පසු, ඔහුගේ සභානායකවරයා නැවතත් මට කතා කළේ, මෙවර ඕමාර් ඔහුගේ බිරිඳ සහ ඔහුගේ දරුවන් දෙදෙනා බව්තීස්ම වනබව මට පැවසීමට, සහ එහි පැමිණෙන ලෙසට මට ආරාධනා කිරීමටයි. මෙය ඔවුන් සභාවේ සාමාජිකයන් බව තහවුරු වූ ඉරිදා දින පින්තූරයක්.

රූපය
වැඩිහිටි ගොඩෝයි ඕමාර්ගේ පවුලේ අය සමඟ ඔවුන් ස්ථිර කළ ඉරිදා දින.

අවුරුද්දක් තුළ ඔවුන් සූදානම් වුවහොත් ලීමා දේවමාළිගාවේදී ඔවුන්ගේ මුද්‍රා තැබීම සිදු කිරීමට හැකි වීම මට ගෞරවයක් බව එම ඉරුදුන මම ඕමාර්ට සහ ඔහුගේ පවුලේ අයට පැවසුවා. මෙය අවුරුද්දකට පසු එම අමතක නොවන දිනයේදී ගත් පින්තූරයක්.

රූපය
වැඩිමහල් ගොඩෝයි ඕමාර්ගේ පවුලේ අය සමඟ දේවමාළිගාවේදී.

මම මේ අත්දැකීම් ඔබ සමඟ බෙදාගන්නේ ඇයි? මම එය බෙදාගන්නේ අරමුණු 2ක් සහිතවයි.

පළමුව, යම් හේතුවක් නිසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවතපිහිටුවන ලද ශුභාරංචියෙන් ඈත් වී ඇති එම යහපත් සාමාජිකයන්ට ආමන්ත්‍රණය කිරීමටයි. දෙවනුව, ඔවුන්ගේ ගිවිසුම්වලට විශ්වාසවන්තව සිටිය යුතු තරම් විශ්වාසවන්තව නොසිටින අද සභාවට සහභාගිවන සාමාජිකයින් ඇමතීමටයි. අවස්ථා දෙකේදීම, ඔවුන්ගේ ඉදිරි පරම්පරාවන්ට බලපෑම් ඇති වන අතර, ඔවුන්ගේ පරම්පරාවන් සඳහා වෙන් කර ඇති ආශීර්වාද සහ පොරොන්දු අවදානමට ලක්වනවා.

අපි පළමු අවස්ථාවෙන් පටන් ගනිමු, හරියට මගේ පේරු මිතුරෙකු වූ ඕමාර් සමඟ සිදු වූ පරිදි, ගිවිසුම් මාර්ගයෙන් ඉවත් වූ හොඳ සාමාජිකයන්. ඔහු ආපසු පැමිණීමට තීරණය කළේ ඇයිදැයි කියා මා ඔහුගෙන් ඇසූ විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සමඟ තම දරුවන් ජීවිතය ප්‍රීතියෙන් ගතකරනු ඇති බව ඔහුට සහ ඔහුගේ බිරිඳට හැඟුණු නිසා යයි ඔහු පැවසුවා. තම දරුවන් වෙනුවෙන් නැවත සභාවට යාමට කාලය පැමිණ ඇති බව ඔහුට හැඟුණා.

එක් කාලයකදී තම පවුල තුළ ශුභාරංචිය තිබී, සභාවෙන් විරාමයක් ගැනීමට තම දෙමාපියන් හෝ ආච්චිලා සීයලා ගත් තීරණය නිසා එය අහිමි වූ සභාවේ අක්‍රිය සාමාජිකයන් හෝ සාමාජිකයන් නොවන අය අපට හමුවීම ඉතා කණගාටුදායකයි. එම තීරණය ඔවුන්ගේ පරම්පරාවට සදහටම බලපෑමක් ඇති කළ හැකියි!

ඔවුන්ගේ දරුවන්ගේ සහ මුණුබුරන්ගේ ජීවිත තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ ආරක්ෂාව සහ ආශීර්වාද වලක්වා ඇත. ඊටත් වඩා හද කම්පා කරවන කරුණ නම්, එක් දිනක ඔවුන්ට තිබූ සදාකාලික පවුලක පොරොන්දු ඔවුන්ට අහිමි වී තිබීමයි. කෙනෙකුගේ තීරණය මුළු පරම්පරාවටම බලපා ඇත. ඇදහිල්ලේ උරුමයක් කැඩී ඇත.

කෙසේ වෙතත්, අප දන්නා පරිදි, බිඳුණු ඕනෑම දෙයක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් නිවැරදි කළ හැකියි. මෙම හේතුව නිසා, කරුණාකර සභාපති රසල් එම්. නෙල්සන්ගේ මෙම ආරාධනය සලකා බලන්න: “දැන්, ඔබ මාර්ගයෙන් ඉවත් වී ඇත්නම්, කරුණාකර නැවත එන්නැයි මාගේ සිතේ ඇති සියලු බලාපොරොත්තුවෙන් මම ඔබට ආරාධනා කරනවා. ඔබගේ ගැටළු කුමක් වුවත්, ඔබගේ අභියෝග කුමක් වුවත්, ස්වාමින්වහන්සේගේ මේ සභාවේ, ඔබට ස්ථානයක් තිබෙනවා. ඔබ සහ තවමත් නූපන් පරම්පරාවන් ගිවිසුම් මාර්ගයට නැවත පැමිණීමට දැන් ඔබගේ ක්‍රියාවෙන් ආශීර්වාද ලබනු ඇත.”2

දැන් අපි දෙවන අවස්ථාව ආමන්ත්‍රණය කරමු, අද සහභාගී වන සාමාජිකයන් විය යුතු තරම් විශ්වාසවන්තව නොසිටිනවා විය හැක. ඊයේ ගත් තීරණ අද යථාර්ථයට බලපානවා සේම, අද තීරණ අපගේ අනාගතයට සහ අපගේ පවුලේ සාමාජිකයින්ගේ අනාගතයට බලපානු ඇත.

සභාපති ඩැලින් එච්. ඕක්ස් මෙසේ ඉගැන්වූවා:

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පිහිටවූ ශුභාරංචිය අනාගතය ගැන සිතා බැලීමට අපව දිරිමත් කරනවා. … එය අද දවසේ අපේ ක්‍රියාවන්ට මඟපෙන්වීම පිණිස අනාගතය ගැන උසස් අදහස් උගන්වනවා.

“ඊට ප්‍රතිවිරුද්ධව, අද වියදම් කරන්න, අද විනෝද වන්න, සහ අනාගතය ගැන නොසිතන වර්තමානය ගැන පමණක් සැලකිල්ලක් දක්වන මිනිසුන්ව අපි හැමෝම දන්නවා.

“… අපි වර්තමානයේ තීරණ ගන්නා විට, අපි සෑමවිටම ඇසිය යුතුයි, ‘මෙය මෙහෙයවන්නේ කොහෙටද?’” කියා 3 අපගේ වර්තමාන තීරණ අපට දැන් සහ සදාකාලික ප්‍රීතිය ගෙන එයිද, නැතහොත් ඒවා අපට දුක හා කඳුළ ගෙන එයිද?

“සෑම ඉරිදා දිනකම අපි සභාවට යාමට අවශ්‍ය නැත,” හෝ “තත්වය යහපත් වූ විට අපි දසයෙන් කොටස ගෙවන්නෙමු” හෝ “මම මෙම විෂය සම්බන්ධයෙන් සභාවේ නායකයින්ට සහාය නොදක්වමි” යැයි සමහරු සිතිය හැකියි.

“නමුත්,” ඔවුන් පවසන්නේ, “සභාව සත්‍ය බව අපි දනිමු, අපි කිසිදාක යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අත් නොහරිමු.” කියායි.

මෙවැනි සිතිවිලි ඇති අය මෙම “මද උණුසුම්” සාමාජිකත්වය තම ජීවිතයට සහ තම පරම්පරාවේ ජීවිතයට ඇති කරන අහිතකර බලපෑම නොදනියි. දෙමව්පියන් ක්‍රියාශීලීව සිටිය හැකියි, නමුත් ඔවුන්ගේ දරුවන් අහිමි වීමේ අවදානම ඉහළයි—මේ ජීවිතයේ සහ සදාකාලිකවම.

තම පවුල් සමඟ ස්වර්ගීය තේජස උරුම නොවන අය ගැන, ස්වාමින්වහන්සේ මෙසේ පවසයි, “මොවුන් යේසුස්වහන්සේගේ සාක්ශිය තුළ එඩිතර නොවූවන්ය; එසේහෙයින්, ඔවුන් අපගේ පියාණන්වහන්සේගේ රාජ්‍ය මතකිරුළ ලබා නොගන්නෝය.”4 අපේ දරුවන්ට සහ අපට අවශ්‍ය වන්නේ එයද? අපි අපේම සහ අපේ අනාගත පරපුර වෙනුවෙන් වඩාත් ධෛර්ය සම්පන්න එඩිතර සහ අඩු ඇල්මැරුණු විය යුතු නොවේද?

සභාපති එම්. රසල් බැලර්ඩ් ද එවැනිම ප්‍රශ්ණයක් ගැන කතා කළා:

“සමහරුන්ට, විශ්වාස කිරීමට සහ රැඳී සිටීමට ක්‍රිස්තුස්වහන්සේ කළ ආරාධනය දිගටම කිරීම දුෂ්කර ය. … සමහර ගෝලයන් සභාවේ නිශ්චිත ප්‍රතිපත්තියක් හෝ ඉගැන්වීමක් තේරුම් ගැනීමට අරගල කරයි. තවත් සමහරු අපගේ ඉතිහාසය තුළ හෝ අතීතයේ සහ වර්තමානය තුළ සමහර සාමාජිකයන්ගේ සහ නායකයන්ගේ අසම්පූර්ණකම් සෙවීමට උත්සුක වෙයි.

සභාවේ සාමාජිකයන් සහ ස්වාමින්වහන්සේගේ තෝරාගත් නායකයන් සමඟ ‘තවදුරටත් ගමන් නොකිරීමේ’ තීරණය දැන් දැකිය නොහැකි දිගුකාලීන බලපෑමක් ඇති කරයි.”5

ඉදිරියට ගෙනයාමට මොනතරම් දුක්බර උරුමයක්ද—කුමණ හේතුවක් නිසාද? එය කුමක් වුවත්, ඉදිරි පරම්පරාවන් සඳහා නිර්මාණය කරන ඍණාත්මක අධ්යාත්මික බලපෑම නොසලකා හැරීම ප්රමාණවත් නොවේ.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ මගේ පණිවිඩයේ සඳහන් කළ මෙම අවස්ථා දෙකෙන් එකක් පසු කරන්නේ නම්, කරුණාකර ඔබේ ක්‍රියාමාර්ගය නැවත සලකා බලන්න. ඔබ දන්නවා මේ ජීවිතයේ අපට සැලැස්මක් තිබෙන බව. ඔබ දන්නවා පවුල් සදාකාලික විය හැකි බව. ඔබේ පවුල අවධානමකට ලක් කරන්නේ ඇයි? උරුමයක් සේ ඔබට ලැබුණු හෝ ඔබ ආරම්භ කළ මෙම ලස්සන ඇදහිල්ලේ දම්වැලේ දුර්වල පුරුක නොවන්න. ශක්තිමත් පුරුක වන්න. එය කිරීමට දැන් ඔබේ වාරයයි, එමෙන්ම ස්වාමින්වහන්සේට ඔබට උපකාර කළ හැකියි.

මගේ හද පත්ලෙන්ම, මේ ගැන සිතීමට මම ඔබට ආරාධනා කර සිටිනවා, ඉදිරිය බලා “මෙය ඔබව ගෙනයන්නේ කොහේද” කියා නිගමනය කරගන්න සහ අවශ්‍ය නම්, ඔබේ පරපුර වෙනුවෙන් ඔබේ මාර්ගය නැවත සකසා ගැනීමට එඩිතර වන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. “I Am a Child of God,” Hymns, no. 301.

  2. රසල් එම්. නෙල්සන්, “අපි එක්ව ඉදිරියට යනවිට,” ලියහෝනා, 2018 අප්‍රි., 7 අවධාරණය කිරීම් සහිතයි.

  3. ඩැලන් එච්. ඕක්ස්, “මෙය මෙහෙයවන්නේ කොහෙටදලියහෝනා, මැයි 2019,60.අවධාරණය කිරීම් සහිතයි.

  4. දහම සහ ගිවිසුම් 76:79; අවධාරණය කිරීම් සහිතයි.

  5. එම්. රසල් බැලර්ඩ්, “To Whom Shall We Go?,” ලියහෝනා, 2016 නොවැ. 2016, 90, අවධාරණය කිරීම් සහිතයි.