ප්‍රධාන සම්මන්ත්‍රණය
හදවත් එකට එකමුතුකමින් බැඳී
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


හදවත් එකට එකමුතුකමින් බැඳී

ඔබ කරුණාවෙන්, සැලකිල්ලෙන් සහ දයානුකම්පාවෙන්, අනුග්‍රහය දක්වද්දී, ඔබ එල්ලී තිබෙන දෑත් ඔසවා හදවත් සුව කරන බවට මම පොරොන්දු වෙනවා.

හැඳින්වීම

ගසකින් වැටෙන ඇපල් ගෙඩියක් තරම් සරල සිදුවීම් වලින් සමහර විට සැලකිය යුතු විද්‍යාත්මක සොයාගැනීම් පෙළඹවීම් ලත් ආකාරය සිත්ගන්නාසුළු නොවේද?

අද, හාවන්ගේ නියැදි කණ්ඩායමක් නිසා සිදු වූ සොයාගැනීමක් බෙදාගැනීමට මට ඉඩදෙන්න.

1970 දශකයේ දී, පර්යේෂකයන් විසින් හෘද සෞඛ්‍යයට ආහාරයේ බලපෑම පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කළා. මාස කිහිපයක් පුරා, ඔවුන් හාවන්ගේ පාලන කණ්ඩායමකට අධික මේද ආහාරයක් ලබාදුන් අතර ඔවුන්ගේ රුධිර පීඩනය, හෘද ස්පන්දන වේගය සහ කොලෙස්ටරෝල් නිරීක්ෂණය කළා.

අපේක්ෂා කළ පරිදි, බොහෝ හාවන්ගේ ඔවුන්ගේ ධමනි වල ඇතුළත මේද තැන්පත් වීමක් පෙන්නුම් කළා. එහෙත් මේ සියල්ලන්ගේම එසේ වුණේ නෑ! පර්යේෂකයන් විසින් ඒ තුළින් කුඩා අවබෝධයක් ලබාගත්තා. සියලුම හාවන් තුළ මේද තැන්පතු සෑදී තිබුණද, එක් කණ්ඩායමකට අනෙක් අයට වඩා සියයට 60 ක් අඩු වීම පුදුමයක් වුණා. හරියට ඔවුන් විවිධ හාවන් කණ්ඩායම් දෙකක් දෙස බලා සිටින බවක් පෙනෙන්නට තිබුණා.

විද්‍යාඥයින්ට, මෙවැනි ප්‍රතිඵල නිසා නින්දත් අහිමි වෙන්නට පුලුවන්. මෙය කෙසේ විය හැකිද? හාවන් සියල්ලම නවසීලන්තයෙන් වූ, සැබවින්ම එක සමාන ජාන සංචිතයක් පෙනෙන්නට ඇති එකම වර්ගයක්. ඔවුන් සෑම කෙනෙකුටම එකම ආහාර ප්‍රමාණයක් ලබාදී තිබුණා.

මෙයින් අදහස් කළ හැක්කේ කුමක්ද?

මෙම ප්‍රතිඵල නිසා මෙම අධ්‍යයනය අවලංගු වූවාද? අත්හදා බැලීමේ සැලසුමේ අඩුපාඩු තිබුණාද?

මෙම අනපේක්ෂිත ප්‍රතිඵලය තේරුම් ගැනීමට විද්‍යාඥයින් වෑයම් කළා!

අවසානයේදී, ඔවුන් ඔවුන්ගේ පර්යේෂණ කාර්ය මණ්ඩලය වෙත අවධානය යොමුකළා. ප්‍රතිඵල කෙරෙහි බලපෑම් කිරීමට පර්යේෂකයන් යමක් කර තිබීම වන්නට පුලුවන් දෙයක්ද? ඔවුන් මෙය ලුහුබඳින විට, මේද තැන්පතු අඩු සෑම හාවෙකුම එක් පර්යේෂකයෙකුගේ රැකවරණය යටතේ හිඳ ඇති බව ඔවුන් සොයාගත්තා. ඇය හාවන්ට අනෙක් සියල්ලන්ටම සමාන ආහාර ලබාදුන්නා. එහෙත්, එක් විද්‍යාඥයෙක් වාර්තා කළ පරිදි, “ඇය අසාමාන්‍ය ලෙස කරුණාවන්ත සහ සැලකිලිමත් පුද්ගලයෙක්.” ඇය හාවන්ට පෝෂණය කරන විට, “ඇය ඔවුන් සමඟ කතා කළා, තුරුලු කරගත්තා, සුරතල් කළා. … ‘ඇයට එය නවත්වන්න පුලුවන් උනේ නෑ. එය ඇයගේ විදියයි.’”1

රූපය
කාරුණික පර්යේෂකයෙක් හාවෙකු සමඟ

ඇය හුදෙක් හාවන්ට ආහාර දීමට වඩා වැඩි යමක් කළා. ඇය උන්ට ආදරය ලබාදුන්නා!

බැලූ බැල්මට, මෙය නාටකාකාර වෙනසකට හේතුව විය හැකි දෙයක් ලෙස පෙනෙන්නට නොතිබුණත්, පර්යේෂණ කණ්ඩායමට වෙනත් විදියකට සිතන්නට හැකියාවක් පෙනුණේ නෑ.

ඉතින් ඔවුන් අත්හදා බැලීම නැවත නැවතත් කළා—මේ වතාවේ අනෙක් සෑම විචල්‍යයක් සඳහාම දැඩි ලෙස පාලනයක් ලබාදුන්නා. ඔවුන් ප්‍රතිඵල විශ්ලේෂණය කළ විට, සිදු වූයේද එයමයි! ආදරණීය පර්යේෂකයාගේ රැකවරණය යටතේ සිටින හාවන්ට සැලකිය යුතු ලෙස සෞඛ්‍ය ප්‍රතිඵල ලැබී තිබුණා.

විද්‍යාඥයින් මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල කීර්තිමත් සඟරාවක් වන විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත්කළා.2

වසර ගණනාවකට පසුවත්, මෙම අත්හදා බැලීමේ සොයාගැනීම් තවමත් වෛද්‍ය ප්‍රජාව තුළ බලපා ඇති බව පෙනෙන්නට තිබෙනවා. මෑත වසර වලදී, වෛද්‍ය කෙලී හාඩිං විසින් මෙම අත්හදා බැලීමෙන් ගත් නමක් වන The Rabbit Effect නමින් පොතක් ප්‍රකාශයට පත්කළා. ඇගේ නිගමනය: “සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවක් ඇති හාවෙකු ගන්න. ඌට කතාකරන්න. ඌව ඔසවන්න. ඌට සෙනෙහස දෙන්න. … එම සම්බන්ධතාවය වෙනසක් ඇති කරයි. … අවසානයේදී,” ඇය මෙසේ අවසන් කළා, “අපගේ සෞඛ්‍යයට වඩාත්ම අර්ථවත් ලෙස බලපාන දෙය අප එකිනෙකාට සලකන ආකාරය, අප ජීවත් වන ආකාරය, සහ මනුෂ්‍යයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව අප සිතන ආකාරය සමඟ බොහෝ සෙයින් සම්බන්ධ වේ.”3

ලෞකික ලෝකයක, ශුභාරංචි සත්‍යයන් සමඟ විද්‍යාව සම්බන්ධ කරන පාලම් සමහරවිට ස්වල්පයක් හා බොහෝ දුරට නැති තරම්. එහෙත් කිතුනුවන් වශයෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්, පසු-දවස්වල ශුද්ධවන්තයින් වශයෙන්, මෙම විද්‍යාත්මක අධ්‍යයනයේ ප්‍රතිඵල වලින් විශ්මය ජනක වනවාට වඩා බුද්ධිමත් බවක් පෙනෙන්නට තිබෙනවා. මට නම්, මෙය තවත් ගඩොලක් කරුණාවේ පදනමෙහි මූලික සුවකිරීමේ ශුභාරංචි මූලධර්මයක් ලෙස තැබීමක්—එයට චිත්තවේගීයව, අධ්‍යාත්මිකව, සහ මෙහි පෙන්වා ඇති පරිදි, භෞතික වශයෙන් පවා හදවත් සුවකළ හැකියි.

හදවත් එකට එකමුතුකමින් බැඳී

“ආචාරිනි, ව්‍යවස්ථාවෙහි ඉතා උතුම් ආඥාව කොයි එකදැයි?” ඇසූ විට, ගැලවුම්කරුවාණන් මෙසේ පිළිතුරු දුන්නා “තාගේ මුළු හෘදයෙන් තාගේ දෙවි වූ ස්වාමින්වහන්සේට ප්‍රේමකරව,” ඉන්පසු උන්වහන්සේ මෙසේ කිව්වා, “තට මෙන් තාගේ අසල්වාසියාට ප්‍රේමකරව.”4 ගැලවුම්කරුවාණන්ගේ ප්‍රතිචාරය අපගේ ස්වර්ගීය යුතුකම ශක්තිමත් කරනවා. පුරාණ අනාගතවක්තෘවරයෙක් මෙසේ ආඥා කළා “එහි එකිනෙකා සමඟ විවාදයන් නොවිය යුතුය, එහෙත් [අපි] එක සමඟියකින් ඉදිරිය බලමින්, … [අපගේ] හදවත් එකට එකමුතුකමින් බැඳෙමින් තවද එකෙකු අනෙකු වෙත ප්‍රේමයෙන් සිටිය යුතුය.”5 අපට තවදුරටත් මෙසේ උගන්වා තිබෙනවා “බලයක් හෝ බලපැමක් … මෘදුකමින් සහ යටහත්කමින්, … වංචාකිරීමකින් තොරව, … කරුණාවෙන් … නඩත්තු කළ යුතුය.”6

මෙම මූලධර්මය මඟින් සියලුම පසු-දවස්වල ශුද්ධවන්තයින්ට විශ්වීය යෙදුමක් ඇති බව මම විශ්වාස කරනවා: වැඩිහිටියන්, යෞවනයින් සහ ළමයින් යන සැමටම.

එය මනසේ තබාගෙන, ප්‍රාථමික වයස්වල දරුවන් වන ඔබට මොහොතකට කථා කිරීමට මට ඉඩදෙන්න.

කරුණාවන්ත වීම කෙතරම් වැදගත් දැයි ඔබ දැනටමත් තේරුම්ගෙන සිටිනවා. “මම යේසුස්වහන්සේ මෙන් වීමට උත්සාහ කරමි,” නම් වූ ඔබගේ එක් ප්‍රාථමික ගීතයක ගායක වෘන්දය, මෙසේ උගන්වනවා:

යේසුස්වහන්සේ ඔබට ප්‍රේම කරන ආකාරයටම එකිනෙකාට ප්‍රේම කරන්න.

ඔබ කරන සෑම දෙයකදීම කරුණාව පෙන්වීමට උත්සාහ කරන්න.

ක්‍රියාවෙන් හා සිතුවිලි වලින් මෘදු හා ආදරණීය වන්න,

මක්නිසාද යේසුස්වහන්සේ ඉගැන්වූ දේවල් මේවායි.7

තවමත්, ඔබට සමහරවිට දුෂ්කර කාලයක් තිබිය හැකියි. දකුණු කොරියාවේ මින්චන් කිම් නම් ප්‍රාථමික පිරිමි ළමයෙකු ගැන ඔබට උදව් විය හැකි කතාවක් මෙන්න. ඔහුගේ පවුල මීට වසර හයකට පමණ පෙර සභාවට සම්බන්ධ වුණා.

රූපය
මින්චන් කිම්

“දවසක් පාසැලේදී, මගේ පංතියේ ළමයින් කිහිපදෙනෙක් තවත් සිසුවෙකුට නම් කියමින් ඔහුට වචනයෙන් හිරිහැර කළා. එය විනෝදයක් මෙන් පෙනුන නිසා, සති කිහිපයකට මම ඔවුන් සමඟ එකතු වුණා.

“ඔහු එය ගණන් නොගන්නා බව මවා පෑවත්, අපගේ වචන වලින් ඔහුට රිදවන බවත්, ඔහු සෑම රාත්‍රියකම හඬන බවත්, සති කිහිපයකට පසු, එම පිරිමි ළමයා මට කිව්වා. ඔහු මට එය කිව්වම මම අඬන්න ඔන්න මෙන්න හිටියෙ. මට විශාල කණගාටුවක් දැනුණු අතර ඔහුට උදව් කිරීමට අවශ්‍ය වුණා. ඊළඟ දවසේ මම ඔහු වෙතට ගොස් ඔහුගේ උරහිස වටා අත තබා සමාව අයැද, මෙසේ කිව්වා, ‘මම ඔබට වචනයෙන් හිරිහැර කිරීම ගැන මට සමාවෙන්න.’ ඔහු මගේ වචන වලට ඔලුව වැනූ අතර, ඔහුගේ දෑස් කඳුළින් පිරී ගියා.

“ඒත් අනිත් ළමයි තවමත් එයාට වචනයෙන් හිරිහැර කරනවා. එවිට, ප්‍රාථමික පන්තියේදී මම ඉගෙනගත් දේ මට මතක් වුණා: හරි දේ තෝරාගන්න. ඉතින් මම මගේ පන්තියේ ළමයින්ගෙන් එය නවත්වන්න කියා ඉල්ලා සිටියා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වෙනස් නොවීමට තීරණය කළ අතර, ඔවුන් මා කෙරෙහි කෝප වුණා. නමුත් වෙනත් පිරිමි ළමයෙක් ඔහුට සමාවෙන්න ලෙස පැවසූ අතර, අප තිදෙනා හොඳ මිතුරන් බවට පත්වුණා.

“කිහිප දෙනෙක් තවමත් ඔහුට වචනයෙන් හිරිහැර කළත්, ඔහු වෙනුවෙන් අපි සිටින නිසා ඔහුට හොඳක් දැනුණා.

“අවශ්‍යතා ඇති මිතුරෙකුට උපකාර කිරීමෙන් මම හරි දේ තෝරාගත්තා.”8

රූපය
මින්චන් කිම්ගේ ඡායාරූපය

යේසුස්වහන්සේ මෙන් වීමට උත්සාහ කිරීම සඳහා මෙය හොඳ උදාහරණයක් නොවේද?

දැන්, තරුණ පිරිමි හා තරුණ ගැහැණු ළමුන් සඳහා, ඔබ වයසින් වැඩෙත්ම, අන් අයට වචනයෙන් හිරිහැර කිරීම ඉතා භයානක ලෙස පරිණාමය විය හැකියි. කාංසාව, මානසික අවපීඩනය සහ නරක අතට හැරීම බොහෝ විට වචනයෙන් හිරිහැර කිරීමේ සහකරුවන් බවට පත්වෙනවා “වචනයෙන් හිරිහැර කිරීම නව සංකල්පයක් නොවන අතර, සමාජ මාධ්‍ය සහ තාක්‍ෂණය වචනයෙන් හිරිහැර කිරීම නව තලයකට ගෙන ඇවිත් තිබෙනවා. සයිබර් හරහා වචනයෙන් හිරිහැර කිරීම—එය වඩාත් නිරන්තර, සදාකාලික තර්ජනයක් බවට පත්වෙනවා.”9

පැහැදිලිවම, සතුරා ඔබේ පරම්පරාවට හානියක් කිරීමට මෙය භාවිතා කරනවා. ඔබගේ සයිබර් අවකාශය, අසල්වැසියන්, පාසල්, ගණපූරණ හෝ පන්ති වල මේ සඳහා ස්ථානයක් නෑ. කරුණාකර මෙම ස්ථාන කාරුණික හා ආරක්ෂිත කිරීමට ඔබට හැකි සෑම දෙයක්ම කරන්න. ඔබ මේ කිසිවක් නිෂ්ක්‍රීයව නිරීක්ෂණය කරන්නේ නම් හෝ ඊට සහභාගී වන්නේ නම්, මීට පෙර වැඩිහිටි ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් විසින් ලබාදුන් උපදෙස් වලට වඩා හොඳ උපදෙස් කිසිවක් මම දන්නේ නෑ.

“වෛර කිරීම, ඕපාදූප කීම, නොසලකා හැරීම, සමච්චල් කිරීම, අමනාපකම් පැවැත්වීම හෝ හානියක් කිරීමට අවශ්‍ය වූ විට කරුණාකර පහත සඳහන් දෑ අදාළ කරගන්න:

“එය නවත්වන්න!”10

ඔබට එය ඇසුනාද? එය නවත්වන්න! ඔබ කරුණාවෙන්, සැලකිල්ලෙන් සහ දයානුකම්පාවෙන්, ඩිජිටල් ලෙස පවා ඔබ කරුණාවෙන් අනුග්‍රහය දක්වද්දී, ඔබ එල්ලී තිබෙන දෑත් ඔසවා හදවත් සුව කරන බවට මම පොරොන්දු වෙනවා.

ප්‍රාථමික දරුවන් හා යෞවනයින් සමඟ කතා කළ මම දැන් මගේ අදහස් සභාවේ වැඩිහිටියන්ට යොමුකරනවා. අප පවසන දේ සහ අප ක්‍රියා කරන ආකාරය පිළිබඳව නැගී එන පරම්පරාවට ක්‍රිස්තුස්වහන්සේගේ මෙන් හැසිරීම පිළිබඳව ඉගැන්වීම සඳහා—කරුණාවේ, ඇතුලත් කරගැනීමේ, සහ ආචාරශීලී බවේ ස්ථානයක් සැකසීමට සහ යහපත් ආදර්ශයන් වීමට අපට මූලික වගකීමක් තිබෙනවා. දේශපාලනය, සමාජ පංතිය, සහ මිනිසා විසින් සාදන ලද සෑම වෙනසකටම පාහේ කැපී පෙනෙන සමාජ මාරුවක් අප නිරීක්ෂණය කරන බැවින් එය විශේෂයෙන් වැදගත් වෙනවා.

සභාපති එම්. රසල් බැලර්ඩ් ද උගන්වා ඇත්තේ පසු-දවස්වල ශුද්ධවන්තයින් එකිනෙකාට පමණක් නොව අප අවට සිටින සියල්ලන්ටම කරුණාවන්ත විය යුතු බවයි. ඔහු මෙසේ නිරීක්ෂණය කළා: “ඇතැම් විට අපගේ සාමාජිකයන් වෙනත් ආගම්වල අයව නොසලකා හරිමින් ඔවුන්ව අතහැර දැමීම ගැන මට අසන්නට ලැබෙනවා. මෙය විශේෂයෙන් අපගේ සාමාජිකයන් බහුතරයක් සිටින ප්‍රජාවන් තුළ සිදුවිය හැකියි. පටු අදහස් ඇති දෙමව්පියන් මෙසේ කියනවා මම අසා තිබෙනවා, අසල්වැසි විශේෂිත දරුවෙකුගේ පවුල අපගේ සභාවට අයත් නොවන නිසා, ඔහු හෝ ඇය සමඟ සෙල්ලම් කිරීමට නොහැකි බව ඔවුන් තම දරුවන්ට පවසනවා. මේ ආකාරයේ හැසිරීම ස්වාමින්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් වලට අනුකූල වන්නේ නෑ. අපේ සභාවේ කිසිම සාමාජිකයෙක් මෙවැනි දේ සිදුවීමට ඉඩදෙන්නේ මන්දැයි මට තේරුම්ගත නොහැකියි. … මෙම සභාවේ සාමාජිකයන් අපගේ මිතුරන්ට සහ වෙනත් ආගම් වල අසල්වැසියන්ට ප්‍රේමණීය, කාරුණික, ඉවසිලිවන්ත සහ කරුණාවන්ත කෙනෙකු මිස වෙන කිසිවක් වන ලෙස ඉල්ලා ඇති බවක් මම අසා නෑ.”11

අපි විසින්, ඇතුළත් කිරීම එක්සත්කම සඳහා ධනාත්මක මාධ්‍යයක් බවත්, බැහැර කිරීම බෙදීම් වලට තුඩුදෙන බවත් ඉගැන්වීම ස්වාමින්වහන්සේ අපේක්ෂා කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන්, දෙවියන්වහන්සේගේ දරුවන්ට ඔවුන්ගේ ජාතිය අනුව හිරිහැර කරන ආකාරය ගැන ඇසූ විට අපි කැළඹෙනවා. කළු, ආසියානු, ලැටිනෝ හෝ වෙනත් ඕනෑම කණ්ඩායමකට මෑතකදී එල්ල වූ ප්‍රහාර ගැන ඇසීමෙන් අපි කම්පාවට පත්ව සිටිනවා. අගතිය, වාර්ගික ආතතිය, හෝ ප්‍රචණ්ඩත්වය යන ඒවාට කිසිවිටෙකත් අපේ අසල්වැසි ප්‍රදේශ වල, ප්‍රජාවන්හි හෝ සභාව තුළ කිසිදු ස්ථානයක් නොතිබිය යුතුයි.

අප සෑම කෙනෙකුම, අපගේ වයස කුමක් වුවත්, අපගේ උපරිමය වීමට උත්සාහ කරමු.

ඔබගේ සතුරාට ප්‍රේම කරන්න

ඔබ ආදරය, ගෞරවය, සහ කරුණාව දැක්වීමට උත්සාහ කරන අතරම, අනුන්ගේ අයහපත් තේරීම් නිසා ඔබට හානියක් හෝ සෘණාත්මක බලපෑමක් සැකයකින් තොරවම ඇතිවන්නට පුලුවන්. එහෙනම් අපි මොකද කරන්නේ? “නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න … නුඹලාව නොසලකා නුඹලාව භාවිතා කරන්නන් වෙනුවෙන් යාච්ඤා කරන්න” යන ස්වාමින්වහන්සේගේ අවවාදය අපි අනුගමනය කරනවා.12

අපගේ මාවතේ ඇති විපත් වලින් මිදීමට අපි හැකි සෑම දෙයක්ම කරමු. ස්වාමින්වහන්සේගේ හස්තය අපගේ තත්වයන් වෙනස් කරන ලෙස අපි නිතරම යාච්ඤා කරමින් අවසානය දක්වා විඳදරාගැනීමට උත්සාහ කරමු. අපට උපකාර කිරීම සඳහා උන්වහන්සේ අපගේ මාවතේ තබන අයට අපි ස්තූතිවන්ත වෙමු.

රූපය
ඉලිනොයිස්, ක්වින්සි හි ආශ්චර්යය

අපගේ මුල් සභා ඉතිහාසයෙන් මේ පිළිබඳ උදාහරණයක් මට තදින් දැණුනා. 1838 ශීත සෘතුවේදී ජෝසෆ් ස්මිත් සහ අනෙකුත් සභා නායකයන් ලිබර්ටි බන්ධනාගාරයේ රඳවා ගනු ලැබුවේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ව බලහත්කාරයෙන් මිසුරි ප්‍රාන්තයේ පිහිටි සිය නිවෙස් වලින් පලවා හරිනු ලැබූ අවස්ථාවේදීයි. ශුද්ධවන්තයින් අසරණ වී, මිතුරන් නොමැති වී, සහ සීතල හා සම්පත් හිඟයෙන් පීඩා විඳිමින් සිටියා. ඉලිනොයිස්, ක්වින්සි හි පදිංචිකරුවන් ඔවුන්ගේ මංමුලා සහගත තත්වය දුටු අතර අනුකම්පාවෙන් හා මිත්‍රත්වයෙන් ඔවුන්ට ලඟාවුණා.

ක්වින්සි හි පදිංචිකරුවෙකු වන වැන්ඩල් මේස්, පසුව මිසිසිපි ගඟ ඉවුර දිගේ ශුද්ධවන්තයින් තාවකාලික කූඩාරම් වල සිටිනු දුටු ආකාරය ඔහු සිහිපත් කළා: “සමහරු සුළඟින් මඳක් රැකවරණය ලබාගැනීම සඳහා රෙදි දිගුකර තිබුණා, … සුළඟ හමන ගින්නක් වටා ළමයින් වෙව්ලමින් සිටි නිසා ඔවුන්ට එය එතරම් යහපතක් කළේ නෑ. අසරණ ශුද්ධවන්තයින් දරුණු ලෙස දුක්වින්දා.”13

ශුද්ධවන්තයින්ගේ දුක්ඛිත තත්වය දුටු ක්වින්සි නිවැසියන්, ආධාර සැපයීම සඳහා එක්රැස් වූ අතර සමහරු තම නව මිතුරන්ට ගඟ හරහා ප්‍රවාහනය කිරීමට පවා සහාය වුණා. මේස් තවදුරටත් මෙසේ කිව්වා: “[ඔවුන්] නොමිලයේම පරිත්‍යාග කළා; … ඌරු මස්,… සීනි,… සපත්තු හා ඇඳුම් ආයිත්තම් වලින් වඩාත්ම නොමිලේ විය හැකි වන්නේ කාටදැයි සොයමින් වෙළඳුන් එකිනෙකා සමඟ තරඟ වැදුණා.”14 වැඩිකල් යන්නට මත්තෙන්, සරණාගතයින්, තම නිවෙස් විවෘත කර ඔවුන්ගේ සම්පත් ස්වල්පය විශාල පෞද්ගලික පරිත්‍යාගයක් සමඟ බෙදාගත් ක්වින්සි නිවැසියන්ට වඩා වැඩිවුණා.15

ශුද්ධවන්තයින් බොහෝ දෙනෙක් ශීත සෘතුවේදී දිවි ගලවා ගත්තේ ක්වින්සිහි පදිංචිකරුවන්ගේ දයානුකම්පාව සහ ත්‍යාගශීලීභාවය නිසායි. මෙම ලෞකික දේවදූතයන් ඔවුන්ගේ හදවත් සහ නිවෙස් විවෘත කර, ජීවිතාරක්ෂක පෝෂණය, උණුසුම සහ—සමහරවිට වඩාත්ම වැදගත් දෙය නම්—දුක් විඳින ශුද්ධවන්තයින්ට මිත්‍රත්වයේ හස්තයක් ලබාදුන්නා. ක්වින්සි හි ඔවුන් ගතකළ කාලය සාපේක්ෂව කෙටි වුවද, ශුද්ධවන්තයින් තම ආදරණීය අසල්වැසියන්ට ඇති කෘතඥතාව කිසිවිටෙකත් අමතක නොකළ අතර, ක්වින්සි “රැකවරණ නගරය” ලෙස ප්‍රසිද්ධ වුණා.16

අර්බුධකාරී, සෘණාත්මක එමෙන්ම, නපුරු ක්‍රියා වලින් අප මත විපත් සහ පීඩාවන් පැමිණෙන විට, අපට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තෝරාගත හැකියි. මෙම බලාපොරොත්තුව ලැබෙන්නේ උන්වහන්සේගේ ආරාධනයෙන් සහ “ධෛර්යමත්ව සිටින්න, මක්නිසාද මම නුඹලාට මගපෙන්වන්නෙමි”17 යන පොරොන්දුවෙන්, එමෙන්ම ඔබේ යහපත උදෙසා උන්වහන්සේ ඔබගේ දුක් පීඩා විශුද්ධ කරයි.18

යහපත් එඬේරා

අප ආරම්භ කළ තැනින් අවසන් කරමු: දයානුකම්පිත රැකබලා ගන්නියක්, ඇය භාරකාරත්වය දැරූ සතුන්ගේ හදවත් සුව කරමින්—කරුණාවන්තව සහ පෝෂණය කිරීමේ ආත්මයකින් ඇය කටයුතු කරමින්, එමෙන්ම එම ලැබූ අනපේක්ෂිත ප්‍රතිඵලය. ඇයි? මොකද ඒ ඇය එසේ වූ නිසා!

අපි ශුභාරංචි කාචයක් තුළින් බලන විට, කරුණාවෙන් හා පෝෂණය වන ස්වභාවයකින් උන්වහන්සේව අප වෙත දිගුකරන, දයානුකම්පිත රැකබලා ගන්නෙකුගේ රැකවරණය යටතේ අපි සිටින බව අපි හඳුනාගන්නවා. යහපත් එඬේරාණන් අප සෑම කෙනෙකුවම නමින් හඳුනන අතර, “අප ගැන පෞද්ගලික උනන්දුවක් දක්වනවා.”19 ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ කිව්වා: “මම යහපත් බැටළු එඬේරාය; මම මාගේ බැටළුවන් අඳුනමි. … එසේම බැටළුවන් උදෙසා මාගේ ප්‍රාණය දෙමි.”20

රූපය
නැතිවූ බැටළු පැටවා සොයාගැනීම

මෙම ශුද්ධ වූ පාස්කු සති අන්තයේදී, “ස්වාමින්වහන්සේ මාගේ එඬෙරා”21 බවත්, අප සෑම කෙනෙකුවම උන්වහන්සේ විසින් දන්නා බවත්, අපි උන්වහන්සේගේ කාරුණික මුරකාවල් යටතේ සිටින බවත් දැනගැනීමෙන් මට ස්ථිර සාමයක් සොයාගන්නට පුලුවන්. අපි ජීවිතයේ සුළඟ හා වැසි කුණාටු, අසනීප හා පීඩාවන් වලට මුහුණදෙන විට, අපගේ එඬේරා, අපගේ රැකබලාගන්නා වන ස්වාමින්වහන්සේ—අපව ප්‍රේමයෙන් හා කරුණාවෙන් පෝෂණය කරනවා. උන්වහන්සේ අපගේ හදවත් සුවකර අපගේ ආත්මයන් යථා තත්වයට පත්කරනවා.

මම මේ ගැන සහ—අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන්නේ—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.

සටහන්:

  1. See Kelli Harding, The Rabbit Effect (2019), xxiii–xxiv.

  2. See Robert M. Nerem, Murina J. Levesque, and J. Frederick Cornhill, “Social Environment as a Factor in Diet-Induced Atherosclerosis,” Science, vol. 208, no. 4451 (June 27, 1980), 1475–76.

  3. Harding, The Rabbit Effect, xxiv, xxv.

  4. මතෙව් 22:36–39 බලන්න.

  5. මොසායා 18:21; අවධාරණය කිරීම් සහිතව.

  6. දහම සහ ගිවිසුම් 121:41–42.

  7. “I’m Trying to Be like Jesus,” Children’s Songbook, 79.

  8. Adapted from Minchan K., “The Apology,” Friend, Jan. 2020, 35.

  9. Frances Dalomba, “Social Media: The Good, the Bad, and the Ugly,” Lifespan, lifespan.org.

  10. Dieter F. Uchtdorf, “The Merciful Obtain Mercy,” Liahona, May 2012, 75.

  11. M. Russell Ballard, “Doctrine of Inclusion,” Liahona, Jan. 2002, 41.

  12. ලූක් 6:27–28.

  13. Wandle Mace autobiography, circa 1890, typescript, 32–33, Church History Library, Salt Lake City.

  14. Wandle Mace autobiography, 33; spelling and capitalization standardized.

  15. See Richard E. Bennett, “‘Quincy—the Home of Our Adoption’: A Study of the Mormons in Quincy, Illinois, 1838–40,” Mormon Historical Studies, vol. 2, no. 1 (Spring 2001), 110–11.

  16. See Susan Easton Black, “Quincy–A City of Refuge,” Mormon Historical Studies, vol. 2, no. 1 (Spring 2001), 83–94.

  17. දහම සහ ගිවිසුම් 78:18.

  18. බලන්න 2 නෙපි 2:2.

  19. See James E. Talmage, Jesus the Christ (1916), 417.

  20. යොහාන් 10:14, 15.

  21. ගීතාවලිය 23:1.