ප්‍රධාන සම්මන්ත්‍රණය
අපගේ ශෝකය ප්‍රීතියට හැරෙනු ඇත
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපගේ ශෝකය ප්‍රීතියට හැරෙනු ඇත

ශෝකය දැනෙන සැමටම, අප මියගිය පසු කුමක් සිදුවේදැයි කල්පනා කරන සියල්ලන්ටම, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල තබන ලෙස මම ආරාධනා කරනවා.

මීට වසර කිහිපයකට පෙර, සෝල්ට් ලේක් නගරයේ රැස්වීම් වලට සහභාගී වෙමින් සිටියදී, අපගේ ආදරණීය අනාගතවක්තෘ රසල් එම්. නෙල්සන් මට ආචාර කළා. ඔහුගේ සාමාන්‍යය හිතවත් සහ පෞද්ගලික ආකාරයෙන්, “මාර්ක්, ඔබේ අම්මට කොහොමද?” කියා ඔහු ඇසුවා.

එම සතිය මුලදී මම ඇය සමඟ නවසීලන්තයේ ඇගේ නිවසේ සිටි බවත් ඇය වයසට යමින් සිටියත් ඇදහිල්ලෙන් හා ඇයව දන්නා සියල්ලන්ටම දිරියක්ව සිටින බවත් මම ඔහුට කිව්වා.

පසුව ඔහු, “කරුණාකර ඇයට මගේ ආදරය දෙන්න … මම ඇයව නැවත දැකීමට බලාපොරොත්තු වන බව ඇයට කියන්න” කියා පැවසුවා.

මම පුදුමයට පත් වී, “ඔබ නවසීලන්තයට ඉක්මනින් ගමනක් යාමට සැලසුම් කර තිබෙනවාද?” කියා ඇසුවා.

කල්පනාකාරී අවංකභාවයකින් “අනේ නෑ, මට ඇයව ඊළඟ ජීවිතයේදී දකින්න ලැබේවි” කියා පිළිතුරු දුන්නා.

ඔහුගේ ප්‍රතිචාරයේ කිසිදු නිෂ්ඵල බවක් තිබුනේ නෑ. එය පරිපූර්ණ ස්වාභාවික ප්‍රකාශනයක්. එම පෞද්ගලික, සැලසුම් නොකරන ලද මොහොතේ, මරණයෙන් පසු ජීවිතය දිගටම පවතින බවට ජීවමාන අනාගතවක්තෘවරයෙකුගෙන් මට පැහැදිලි සාක්ෂියක් ඇසුණා.

මෙම සම්මන්ත්‍රණ සති අන්තයේදී, ජීවමාන ප්‍රේරිතයන් සහ අනාගතවක්තෘවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳව සාක්ෂි දරන අයුරු ඔබට සවන්දිය හැකියි. “අපගේ දහමේ මූලික මූලධර්ම නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මියගොස්, භූමදානය කර, තුන්වන දින නැවත නැඟිටින බවට ප්‍රේරිතවරුන් සහ අනාගතවක්තෘවරුන්ගේ සාක්ෂියයි[;] … අපේ දහමට අදාළ අනෙක් සියල්ලම [මෙම සත්‍යයට] අදාල අනුබද්ධයන් පමණයි.”1 ඔබ සැබෑ චේතනාවෙන් සවන්දෙන විට, ආත්මයාණන්වහන්සේ ඔබේ මනසෙහි සහ ඔබේ හදවතේ මෙම සාක්ෂි වල සත්‍යතාව තහවුරු කරනු ඇතැයි මම පොරොන්දු වෙනවා.2

යේසුස් වහන්සේගේ පුරාණ ප්‍රේරිතයන් උන්වහන්සේගේ මරණයෙන් පසු ඔවුන්ට දර්ශනය වීමෙන් පසුව සදහටම වෙනස් වුණා. උන්වහන්සේ නැවත නැඟිටුවනු ලැබූ බව ඔවුන්ගෙන් දහ දෙනෙක් දුටුවා. තෝමස්, මුලින් නොපැමිණීම නිසා, “මා දකින තුරු … , මම විශ්වාස නොකරමි” යනුවෙන් ප්‍රකාශ කළා.3 පසුව යේසුස්වහන්සේ තෝමස්ට මෙසේ අවවාද කළා, “අවිශ්වාස නොකොට විශ්වාස කරපන්න”4 එවිට ස්වාමින්වහන්සේ ඇදහිල්ලේ වැදගත් කාර්යභාරයක් ඉගැන්වූවා: “නුදුටු නමුත් විශ්වාස කළාවූ අය ආශිර්වාද ලද්දෝය”.5

නැවත නැඟිටුවනු ලැබූ ස්වාමින්වහන්සේ උන්වහන්සේ පිළිබඳව සාක්ෂි දීමට උන්වහන්සේගේ ප්‍රේරිතයන්ට අණ කළා. අද අපගේ ජීවමාන ප්‍රේරිතයන් මෙන්, ඔවුන් ලෞකික රැකියාවන් අතහැර දමා ඔවුන්ගේ මුළු ජීවිත කාලයම ගතකළේ දෙවියන්වහන්සේ මෙම යේසුස්වහන්සේව නැවත නැගිටෙව් බව ප්‍රකාශ කරමින්. බව්තීස්ම වීමට ආරාධනය දහස් ගණනක් පිළිගැනීමට ඔවුන්ගේ ප්‍රබල සාක්ෂි හේතු වුණා.6

පාස්කු උදෑසන තේජාන්විත පණිවිඩය සියලු ක්‍රිස්තියානි දහමේ කේන්ද්‍රය වනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිට ඇති අතර, මේ හේතුව නිසා අප මියගිය පසු නැවත ජීවත් වෙනවා. මෙම දැනුම අපගේ ජීවිතයට අර්ථයක් සහ අරමුණක් ලබාදෙනවා. අප ඇදහිල්ලෙන් ඉදිරියට ගියහොත්, පුරාණ ප්‍රේරිතයන් මෙන් අපත් සදහටම වෙනස් වෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඕනෑම දුෂ්කරතාවයක් විඳදරාගැනීමට ඔවුන්ට මෙන් අපටද හැකිවෙයි. මෙම ඇදහිල්ල අපගේ “ශෝකය ප්‍රීතියට හැරෙන” කාලයක් සඳහා බලාපොරොත්තුවක් ලබාදෙයි. 7

මගේ ඇදහිල්ල ආරම්භ වූයේ ශෝකජනක කාලයකට පසුවයි.

මගේ පියා සහ මව නවසීලන්තයේ බැටළු ගොවීන්.8 ඔවුන් ඔවුන්ගේ ජීවිතය සතුටින් ගතකළා. තරුණ විවාහක යුවළක් ලෙස ඔවුන්ට කුඩා දැරියන් තිදෙනෙකුගෙන් ආශිර්වාද ලැබුවා. මොවුන්ගෙන් බාලතමයාගේ නම වූයේ ඈන්. දිනක් ඔවුන් විලක් අසල නිවාඩුවක් ගතකරමින් සිටියදී, මාස 17ක් වයසැති ඈන් හෙමින් හෙමින් ඇවිදින්නට උත්සහ කරමින් සිටියා. මිනිත්තු කිහිපයක බලාපොරොත්තු රහිත සෙවීමකින් පසු, ඇය ජලයේ පණ නැතිව සිටින බව සොයාගත්තා.

මෙම බියකරු සිහිනය කිව නොහැකි ශෝකයක් ඇති කළා. අවුරුදු ගණනාවකට පසු සමහර සිනහවන් ඔවුන්ගේ ජීවිතයෙන් සදහටම පහව ගිය බව තාත්තා සටහන් කළා. එය ජීවිතයේ වැදගත්ම ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමේ ආශාවක් ඇති කළා: අපගේ වටිනා ඇන්ට කුමක් වනු ඇත්ද? අපට ඇයව නැවත දකින්නට ලැබේද? අපේ පවුල නැවත සතුටින් සිටින්නේ කෙසේද?

මෙම ඛේදවාචකයෙන් වසර කිහිපයකට පසු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ තරුණ ධර්මදුතයන් දෙදෙනෙක් අපගේ ගොවිපොළට පැමිණියා. ඔවුන් මොර්මොන්ගේ පොතේ සහ බයිබලයේ තිබෙන සත්‍යයන් ඉගැන්වීමට පටන්ගත්තා. මෙම සත්‍යතාවන්ට ඈන් දැන් ආත්මික ලෝකයේ ජීවත්වන බවට සහතිකයක්ද ඇතුලත් වුණා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම නිසා ඇයද නැවත නැඟිටිනු ඇත. ජීවමාන අනාගතවක්තෘවරයෙකු හා ප්‍රේරිතවරුන් දොළොස්දෙනෙකු සමඟ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව යළිත් මිහිපිට ඇති බව ඔවුන් ඉගැන්වූවා. අද්විතීය හා විශිෂ්ට දහමක් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ප්‍රධාන ප්‍රේරිත වන පේත්‍රැස්ට දුන් එම පූජකවරය මඟින්ම පවුල් සදහටම එකට බැදිය හැකි බව ඔවුන් ඉගැන්වූවා.9

අම්මා ක්ෂණිකව සත්‍යය හඳුනාගෙන ආත්මයාණන් තුළින් සාක්ෂියක් ලබාගත්තා. කෙසේවෙතත්, තාත්තා ඊළඟ අවුරුද්දේ සැකයන් හා අධ්‍යාත්මික පෙළඹවීම් අතර පොරබැදුවා. එසේම ඔහුගේ ජීවන රටාව වෙනස් කිරීමටද ඔහු පසුබට වුණා. එක් උදෑසනක නින්ද නොයන රාත්‍රියකින් පසු, වේගයෙන් ඇවිදින අතරතුර, අම්මා දෙසට හැරී, “මම අද බව්තිස්ම වෙනවා” යැයි ඔහු පැවසුවා .

සිදුවූ දෙය ආම්මා ධර්මදූතයන්ට පැවසූ පසු, දැල්විය හෝ නිවිය හැකි මගේ පියා තුළ ඇති නිවි නිවී දැල්වෙන ඇදහිල්ල වහාම හඳුනාගත්තා.

එදිනම උදයේ අප පවුලේ සියල්ලන්ම ලඟම ඇති වෙරළට ගියා. සිදුවන්නේ කුමක්දැයි නොදැන, ළමයින් වූ අපි වැලි කඳු වල විනෝදවෙමින් සිටින අතරතුර බොයිඩ් ග්‍රීන් සහ ගැරී ශෙෆීල්ඩ් යන ධර්මදූතයන් මගේ දෙමාපියන්ව මුහුදට ගෙන ගොස් බෞතිස්ම කළා. ඇදහිල්ලේ තවත් ක්‍රියාවක් ලෙස, කුමක් සිදුවුවත් ඔහු සිදුකරන පොරොන්දු වලට මුලු ජීවිත කාලයම මුලුල්ලේ සැබෑ ලෙස සිටීමට තාත්තා පෞද්ගලිකවම ස්වාමින්වහන්සේට කැපවුණා.

වසරකට පසු නවසීලන්තයේ හැමිල්ටන් හි දේවමාළිගාවක් කැපකරනු ලැබුවා. ටික කලකට පසු අපේ පවුල ඈන් නියෝජනය කරන කෙනෙකු සමඟ ස්වාමින්වහන්සේගේ පූජනීය ගෘහයේ පූජාසනය වටා දණ ගැසුවා. එහිදී, පූජකවරයේ අධිකාරියෙන්, අප සදාකාලික පවුලක් ලෙස සරල හා අලංකාර නියෝගයන් තුළින් එක්සත් වුණා. මෙය මහත් සාමයක් හා ප්‍රීතියක් ගෙන දුන්නා.

අවුරුදු ගණනාවකට පසු තාත්තා මට පැවසුවේ ඈන්ගේ ඛේදනීය මරණය නොවන්න, නැවත පිහිටවූ ශුභාරංචිය පිළිගැනීමට තරම් ඔහු නිහතමානී නොවනු ඇත කියායි. එහෙත්, ධර්මදූතයන් ඉගැන්වූ දේ සත්‍ය යැයි ස්වාමින්වහන්සේගේ ආත්මය බලාපොරොත්තුවක් ඇති කළා. එය ඔවුන්ගේ ජීවිතයේ සෑම තීරණයක්ම නිහඬව හා නිහතමානීව මෙහෙයවූ සාක්ශියේ ගින්නෙන් දැවෙන තුරුම මගේ දෙමාපියන්ගේ ඇදහිල්ල දිගින් දිගටම වර්ධනය වුණා.

අනාගත පරපුරට මගේ දෙමාපියන්ගේ ආදර්ශයට මම සැමවිටම ස්තූතිවන්ත වෙනවා. ගැඹුරු ශෝකයට ප්‍රතිචාර වශයෙන් කළ ඔවුන්ගේ ඇදහිල්ලේ ක්‍රියාවන් නිසා සදාකාලිකව වෙනස් වූ ජීවිත ගණන මැනිය නොහැකියි.

ශෝකය දැනෙන සැමටම, සැකයෙන් පොරබදින සියල්ලන්ටම, අප මියගිය පසු කුමක් සිදුවේදැයි කල්පනා කරන සියල්ලන්ටම, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල තබන ලෙස මම ආරාධනා කරනවා. ඔබ විශ්වාස කිරීමට කැමති නම්, ඇදහිල්ලෙන් ක්‍රියා කර ආත්මයාණන්ගේ මිමිනුම් අනුගමනය කරන්න, එවිට ඔබට මේ ජීවිතයේ හා ඉදිරි ලෝකයේ ප්‍රීතිය ලැබෙනු ඇති බවට මම පොරොන්දු වෙනවා.

මගේ සහෝදරිය ඈන්ව මුණගැසෙන දවස එනතෙක් මම බලා සිටිනවා. මීට වසර 30 කට පෙර මියගිය මගේ පියා සමඟ ප්‍රීතිමත් නැවත හමුවීමක් මම බලාපොරොත්තුවෙන් සිටිනවා. ඇදහිල්ලෙන් ජීවත් වීමෙන්, නොදැක විශ්වාස කිරීමෙන්, නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවත් වන බව ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් දැනගැනීමෙන් හමුවිය හැකි ප්‍රීතිය පිළිබඳව මම සාක්ශි දෙනවා. මගේ මුළු හදවතින්ම සහ ආත්මයෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ නැවත පිහිටුවන ලද ශුභාරංචිය අනුගමනය කිරීමට මම තෝරාගත්තා. මෙය මගේ ජීවිතයේ සෑම අංශයකටම ආශිර්වාද කරයි. යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බවත්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවත්, අපගේ ගැලවුම්කරුවාණන් සහ අපගේ මිදුම්කරුවාණන් බවත් මම දන්නවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 49.

  2. දහම සහ ගිවිසුම් 8:2 බලන්න.

  3. යොහාන් 20:25. “දැකීම විශ්වාස කිරීම” යැයි පැවසීම අපේ ලෞකික ලෝකයේ සාමාන්‍ය දෙයකි. ස්වාමින්වහන්සේගේ ආකාරය වඩා හොඳින් අර්ථ දක්වා ඇත්තේ වෙනත් නියමයකින්ය: ‘විශ්වාස කිරීම පෙනීමයි.’ ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල යනු සාධ්‍යයයි, නමුත් අවසානය නොවේ,” (Lance B. Wickman, “But If Not,” Liahona, Nov. 2002, 31).

  4. යොහාන් 20:27.

  5. යොහාන් 20:29; අවධාරණය කිරීම් සහිතව.

  6. ක්‍රියා 2 බලන්න.

  7. යොහාන් 16:20.

  8. කෙනෙත් මොලොනි පාමර් සහ ජිල් ගාර්ලික් පාමර්.

  9. මතෙව් 16:19 බලන්න.