ප්‍රධාන සම්මන්ත්‍රණය
නැවතුම්පොළ තුළ ඉඩ
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


නැවතුම්පොළ තුළ ඉඩ

මෙම පාස්කු සමයේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ආරාධනා කරන්නේ, උන්වහන්සේ මෙන්, හොඳ සමරිතානුවරයෙකු වීමටයි, උන්වහන්සේගේ තානායම (උන්වහන්සේගේ සභාව) සැමට රැකවරණය ලබාදෙන ස්ථානයක් බවට පත්කිරීමටයි.

ආදරණීය සහෝදර සහෝදරියනි, මගේ පියා මීට වසර 20 කට පෙර අභාවප්‍රාප්ත වුවද, මට ඔහු නැති පාලුව දැනෙන අවස්ථා තිබෙනවා. මම ඔහුව නැවත දකින බවට පාස්කුව පොරොන්දු වෙනවා.

මම එංගලන්තයේ උපාධි පාසලේ සිටියදී, මාව බැලීමට මගේ පියා පැමිණියා. ගෙදර නැතිව මට පාලු බව ඔහුගේ පියෙකුගේ හදවත දැනගෙන හිටියා.

මගේ පියා ආහාර හැරුණු විට උද්යෝගීමත් දේට ප්‍රිය කළා. එහි ආහාර පිසීමට ප්‍රසිද්ධියක් උසුලන, ප්‍රංශයේදී පවා, ඔහු “අපි චීන කෑම කමු” යැයි කියනවා. සභාවේ දිගු කලක් සේවය කළ ආදිපීතෘවරයෙකු වූ මගේ පියා, අධ්‍යාත්මික දයානුකම්පිත පුද්ගලයෙක්. එක් රාත්‍රියක, සයිරන් සහිත හදිසි වාහන පැරීසිය හරහා ධාවනය වන විට ඔහු පැවසුවේ, “ගෙරිට්, එම ශබ්ද තමයි නගරයක තුවාල” යනුවෙනුයි.

ඒ ගමනේදී, මට වෙනත් හැඬීම් හා තුවාලද දැනුණා. තරුණියක් කුඩා තල්ලු කරත්තයකින් අයිස්ක්‍රීම් විකුණමින් සිටියා. ඇගේ වේෆර් කේතු තනි අයිස්ක්‍රීම් හැන්දක් සඳහා වූ ප්‍රමාණයේ ඒවා පමණයි. කිසියම් හේතුවක් නිසා විශාල මිනිසෙක් මෙම තරුණිය ඉදිරියට ආවා. කෑ ගසමින් සහ තල්ලු කරමින්, ඔහු ඇගේ කරත්තය පෙරළමින් ඇගේ අයිස්ක්‍රීම් කේතු විසුරුවා හැරියා. ඔහු සිය බූට් සපත්තු වලින් කේතු පොඩි කරද්දී මට කළ හැකි කිසිවක් තිබුණේ නෑ. වීථියේ දණින් වැටී සිටින තරුණිය, ඇගේ කැඩුණු කේතු කැබලි බේරාගැනීමට උත්සාහ කිරීම, වේදනාවේ කඳුළු ඇගේ මුහුණෙන් ගලා යන ආකාරය මට තවමත් දැකගත හැකියි. ඇයගේ ප්‍රතිරූපය මා පසුපස හඹා යමින්, අප බොහෝ විට එකිනෙකාට පමුණුවන අකාරුණිකකම, නොසැලකිලිමත්කම සහ වරදවා වටහාගැනීම පිළිබඳ මතක් කිරීමක් ලබාදෙනවා.

තවත් සවස් වරුවක, පැරීසිය අසල, මගේ පියා සහ මම චාටර්ස්හි පිහිටි මහා ආසන දෙව්මැදුරට ගියා. ආසන දෙව්මැදුර පිළිබඳ ලෝක විශේෂඥයෙකු වන මැල්කම් මිලර්,1 චාටර්ස් හි වර්ණගැන්වූ වීදුරු ජනේල තුනක් පෙන්වා දුන්නා. ඒවා කතාවක් පවසන බව ඔහු කිව්වා.

පළමු කවුළු වල දැක්වෙන්නේ ආදම් සහ ඒව ඒදන් උයනෙන් පිටවන බවයි.

දෙවැන්න යහපත් සමරිතානුවරයාගේ උපමාව විස්තර කරයි.

තෙවැන්න ස්වාමින්වහන්සේගේ දෙවන පැමිණීම නිරූපණය කරයි.

එකට ගත්විට, මෙම වර්ණගැන්වූ වීදුරු ජනේල අපගේ සදාකාලික ගමන විස්තර කරනවා. උන්වහන්සේගේ නැවතුම්පොළ තුළ ඉඩදෙමින් සියලුදෙනා පිළිගැනීමට ඒවා අපට ආරාධනා කරනවා.2

රූපය
චාටර්ස් ආසන දෙව්මැදුරේ කවුළුව

iStock.com/digitalimagination

ආදම් සහ ඒව මෙන්, අපි කටු හා කටු ගස් සහිත ලෝකයකට පැමිණුනා.3

රූපය
චාටර්ස් ආසන දෙව්මැදුරේ කවුළුව

iStock.com/digitalimagination

ජෙරිකෝවට යන දූවිලි සහිත පාරවල් වලදී, අපි තුවාල වී, වේදනාවෙන් සිටිනවා.4

අපි එකිනෙකාට උදව් කළ යුතු වුවත්, බොහෝ විට අපි කුමන හේතුවක් නිසා හෝ පාරේ අනෙක් පැත්තට යනවා.

කෙසේවෙතත්, අනුකම්පාවෙන්, යහපත් සමරිතානුවරයා නැවතෙමින් අපගේ තුවාල වයින් සහ තෙල් වලින් බැඳ තබනවා. සක්‍රමේන්තුව හා වෙනත් නියෝගයන් වල සංකේත වන, වයින් සහ තෙල් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අධ්‍යාත්මික සුවය කරා අපව යොමුකරනවා.5 යහපත් සමරිතානුවරයා අපව ඔහුගේ බූරුවා පිට හෝ, නැතහොත් සමහර වර්ණගැන්වූ වීදුරුවල කියවෙන පරිදි, අපව ඔහුගේ උරහිස මත ගෙන යනවා. උන්වහන්සේගේ සභාව නියෝජනය කළ හැකි තානායමට, ඔහු අපව රැගෙන යනවා. එම තානායමෙහි, යහපත් සමරිතානුවරයා මෙසේ පැවසුවා, “… මොහු බලාගනින්න; මීට වැඩියෙන් නුඹ වියදම් කරන දෙයක් මම නැවත ආ කල නුඹට ගෙවන්නෙමියි කීවේය.”6 යහපත් සමරිතානුවරයා, ගැලවුම්කරුවාණන්ගේ සංඛේතය, මේ වතාවේ තේජසින් හා මහිමයෙන්, නැවත පැමිණීමට පොරොන්දු වෙනවා.

රූපය
චාටර්ස් ආසන දෙව්මැදුරේ කවුළුව

iStock.com/digitalimagination

මෙම පාස්කු සමයේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ආරාධනා කරන්නේ, උන්වහන්සේ මෙන්, හොඳ සමරිතානුවරයෙකු වීමටයි, උන්වහන්සේගේ තානායම (උන්වහන්සේගේ සභාව) ජීවිතයේ තැලීම් සහ කුණාටු වලින් සැමට රැකවරණය ලබාදෙන ස්ථානයක් බවට පත්කිරීමටයි.7 සෑම දිනකම අප උන්වහන්සේට කැමති පරිදි “මේවායින් අවම වශයෙන්” වුවත් කරන විට, උන්වහන්සේගේ පොරොන්දු වූ දෙවන පැමිණීම සඳහා අපි සූදානම් වෙනවා.8 “මේවායින් අවමය” යනු අප සෑම කෙනෙකුමයි.

අපි යහපත් සමරිතානුවරයා සමඟ තානායම වෙත පැමිණෙන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා අප ගැන කරුණු පහක් අපි ඉගෙනගන්නවා.

පළමුවෙන්ම, අපි මෙම තානායම වෙත පැමිණෙන්නේ අපි එකිනෙකාට ඇති දෝෂයන් හා අඩුපාඩුකම් සමඟයි. එහෙත්, අප සැමට දායක වීමට අවශ්‍ය යමක් තිබෙනවා. දෙවියන්වහන්සේ වෙත වූ අපගේ ගමන බොහෝ විට දක්නට ලැබෙන්නේ එකට එක්වයි. වසංගත, කුණාටු, ලැව්ගිනි, නියඟ හෝ දිනපතා අවශ්‍යතා නිහඬව සපුරාලීම වැනි දේ හරහා—අපි එකමුතු ප්‍රජාවක් ලෙස අයත් වෙනවා. එක් එක් සහෝදරිය ඇතුළු සෑම පුද්ගලයෙකුටම සහ ආත්මයාණන්ට සවන්දීමෙන්, අපි එකට එක්ව උපදෙස් ලබාගන්නා විට, අපට පෙළඹවීම් ලැබෙනවා.

අපගේ හදවත් වෙනස් වන විට උන්වහන්සේගේ ස්වරූපය අපගේ මුහුණුවරට අපට ලැබෙන විට,9 උන්වහන්සේව සහ අපිව උන්වහන්සේගේ සභාව තුළ අපට පෙනෙනවා. උන්වහන්සේ තුළ, අපට පැහැදිලි බවක් මිස විසංවාදයක් නෑ. උන්වහන්සේ තුළ, අපට යහපත කිරීමට හේතුවක්, යහපත් වීමට හේතුවක්, සහ යහපත් වීමට ඇති හැකියාවේ වැඩි වීමක් අප සොයාගන්නවා. උන්වහන්සේ තුළ, ස්ථිර ඇදහිල්ලක්, නිදහස් පරාර්ථකාමීත්වය, සැලකිලිමත් වෙනස, සහ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය අපි සොයාගන්නවා. උන්වහන්සේගේ තානායම තුළ, අපගේ පියාණන් වන දෙවියන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපගේ පුද්ගලික සම්බන්ධතාවය සොයාගෙන ගැඹුරු කරගන්නවා.

තානායම උන්වහන්සේට එය වීමට අවශ්‍ය ස්ථානය වීමට උදව් කිරීමට, උන්වහන්සේ අපව විශ්වාස කරනවා. අප අපගේ දක්ෂතා සහ උපරිම උත්සාහයන් ඉදිරිපත් කරන විට, උන්වහන්සේගේ අධ්‍යාත්මික දීමනාද ශක්තිමත් වී ආශිර්වාද කරනවා.10

ස්පාඥ භාෂා පරිවර්තකයෙක් මට මෙසේ කිව්වා, “වැඩිහිටි ගොන්ග්, මට පරිවර්තනය කිරීමට හැකිවන පරිදි, අන්‍යභාෂා දීමනාව මගින්, ඔබ කියන්නට යන දේ ආත්මයාණන් විසින් මා දැන සිටියා.”

ඇදහිල්ල හා සහතික කිරීමේ ත්‍යාගය විවිධ අවස්ථාවන්හිදී වෙනස් ලෙස ප්‍රකාශ වෙනවා. තම ස්වාමිපුරුෂයා COVID-19 නිසා අභාවප්‍රාප්ත වන විට එක් ආදරණීය සහෝදරියකට ආත්මික සැනසීමක් ලැබුණා. ඇය මෙසේ පැවසුවා: “මම දන්නවා මගේ ආදරණීය ස්වාමිපුරුෂයා සහ මම නැවතත් එකතු වෙනවා.” වෙනස් COVID තත්වයකදී, තවත් ආදරණීය සහෝදරියක් පැවසුවේ, “මගේ ස්වාමිපුරුෂයාට තව ටිකක් කාලය ලබාදෙන ලෙස මම ස්වාමින්වහන්සේගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් අයැදිය යුතු යැයි මට හැඟුණා.”

දෙවනුව, උන්වහන්සේගේ තානායම සෑම කෙනෙකුටම රැස්විය හැකි, සැමට ඉඩකඩ ඇති, කරුණාව හා අවකාශය ඇති ස්ථානයක් බවට පත්කරන ලෙස උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටිනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, දෙවන පන්තියේ කණ්ඩායම් නොමැතිව, සියලුදෙනා එක හා සමානයි.

සක්‍රමේන්තු රැස්වීම්, වෙනත් ඉරිදා රැස්වීම් සහ සමාජ සිදුවීම් වලට සහභාගී වීමට සැමවම සාදරයෙන් පිළිගන්නවා.11 අපි එකිනෙකා ගැන කල්පනාකාරී හා සැලකිලිමත් වීම තුළින්, අපගේ ගැලවුම්කරුවාණන්ට භක්තියෙන් යුතුව නමස්කාර කරනවා. අපි එක් එක් පුද්ගලයාව දකිනවා සහ පිළිගන්නවා. අපි සිනාසෙනවා, තනිව වාඩි වී සිටින අය සමඟ වාඩි වෙනවා, නව ආගමට හැරුණු අය, නැවත පැමිණෙන සහෝදර සහෝදරියන්, තරුණියන් හා තරුණයින්, සෑම ආදරණීය ප්‍රාථමික දරුවෙකුම ඇතුළු සියල්ලන්ගේ නම් දැනගන්නවා.

ඔවුන්ගේ ස්ථානය ගැන අප මවාගනිමින්, අපි මිතුරන්, අමුත්තන්, අලුතින් පදිංචි වූ අය, බොහෝ දිශා වලට ඇදගෙන ඇති කාර්යබහුල පුද්ගලයන්ව සාදරයෙන් පිළිගන්නවා. අපි වැලපෙනවා, ප්‍රීති වෙනවා, ඒවගේම එකිනෙකා වෙනුවෙන් එහි සිටිනවා. අප අපගේ පරමාදර්ශයන්ගෙන් ඈත් වී, ඉක්මන් වී, නොදැන, විනිශ්චය කරන හෝ අගතියට පත්වන විට, අපි එකිනෙකාගෙන් සමාව අයැද සිටිනවා.

දැන් එක්සත් ජනපදයේ වෙසෙන අප්‍රිකාවේ පවුලක් පැවසුවේ, “පළමු දිනයේ සිටම සභාවේ සාමාජිකයන් මිත්‍රශීලී වුණා හා සාදරයෙන් පිළිගත්තා. හැමෝම අපට නිවසේදී මෙන් හැඟීමක් ඇති කළා. කිසිවෙකු අපව පහත් කොට සැලකුවේ නෑ.” එම පියා පැවසුවේ, “ශුද්ධ වූ බයිබලය උගන්වන්නේ ශුභාරංචි ඵල ශුභාරංචි මූලයන්ගෙන් ලැබෙන බවයි.” එම පියා සහ මව මෙසේ පැවසුවා “ඒවගේම ධර්මදූතයින්, අපේ පුතා සහ දුව ඒ ධර්මදූතයින් මෙන් වැඩෙනවාට අපි කැමතියි.” සහෝදර සහෝදරියනි, අපි සෑම කෙනෙකුවම උන්වහන්සේගේ තානායම වෙත සාදරයෙන් පිළිගනිමු.

තෙවනුව, උන්වහන්සේගේ තානායමේදී, අප ඉගෙනගන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණත්වය මිස ලෝකයේ පරිපූර්ණත්වයට නොවේ. ව්‍යාජ සහ යථාර්ථවාදී නොවන, ලෝකයේ “ඉන්ස්ටා-ගැලපෙන” පෙරහන් පරිපූර්ණත්වයට, එහා මෙහා යාම, කැමති වී හෝ දෙවරක් තට්ටු කිරීමට වහල් බවක් දැනීමෙන්, අප ප්‍රමාණවත් නොවන බවක් පෙන්විය හැකියි. ඊට වෙනස්ව, වෙන කිසිවෙකු දැනගැනීමට අපට අවශ්‍ය නැති දේවල්, අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප ගැන සෑම දෙයක්ම දන්නවා, උන්වහන්සේ තවමත් අපට ප්‍රේම කරනවා. උන්වහන්සේගේ එම ශුභාරංචිය, උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයෙන් පුලුවන්කම ලබාදුන්, දෙවන හා තුන්වන අවස්ථා ඇති ශුභාරංචියක්.12 අපි උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට ඉතා උවමනාවෙන් උත්සහ කරන විට, යහපත් සමරිතානුවෙක් වීමටත්, අඩුවෙන් විනිශ්චය කිරීමටත්, අපටත් එකිනෙකාටත් සමාව දීමටත් උන්වහන්සේ අප එකිනෙකාට ආරාධනා කරනවා.

අපි එකිනෙකාට උදව් කරන විට අපි අපිටම උදව් කරගන්නවා. මා දන්නා පවුලක් කාර්යබහුල පාරක් අසල ජීවත් වුණා. සංචාරකයින් බොහෝ විට උදව් ඉල්ලීම සඳහා නැවතුණා. එක් උදෑසනක පවුලේ අයට ඔවුන්ගේ දොරට හයියෙන් පහර දෙන හඬක් ඇසුණා. අළුයම 2.00 ට එය කවුරුන් විය හැකිදැයි වෙහෙසට පත්ව, ඔවුන් කල්පනා කළේ, මේ වතාවේ පමණක් වෙන කෙනෙකුට උදව් කළ හැකියිනේ ලෙසයි. බලහත්කාරයෙන් තට්ටු කිරීම දිගටම කරගෙන යද්දී, “ගින්නක්—ඔබේ නිවසේ පිටුපස ගින්නක්!” ලෙස ඔවුන්ට ඇසුණා. යහපත් සමරිතානුවන් එකිනෙකාට උදව් කළා.

සිව්වනුව, උන්වහන්සේගේ තානායමේදී, නැවත පිහිටවූ සත්‍යය, ජීවමාන අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතයන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් සාක්ෂියක් වන—මොර්මොන්ගේ පොතෙහි නැංගුරම් දමාගනිමින්, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ කේන්ද්‍රගත වූ ශුභාරංචි ප්‍රජාවක කොටසක් බවට පත්වෙනවා. උන්වහන්සේ අපව උන්වහන්සේගේ තානායමට එමෙන්ම උන්වහන්සේගේ නිවස වන—ශුද්ධ වූ දේවමාළිගාව වෙතට ගෙන යනවා. ස්වාමින්වහන්සේගේ ගෘහය යනු ජෙරිකෝවට යන පාරේ තුවාල ලැබූ මිනිසා මෙන්, යහපත් සමරිතානු ජාතිකයාට අපව පවිත්‍ර කර වස්ත්‍ර ගැන්වීමට, දෙවියන්වහන්සේගේ පැමිණීමට නැවත අපව සූදානම් කිරීමට හා දෙවියන්වහන්සේගේ පවුල තුළ සදාකාලිකව එක්සත් වීමට හැකි ස්ථානයක්. උන්වහන්සේගේ දේවමාළිගා ඇදහිල්ලෙන් හා කීකරුකමින් උන්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශ කරන සියල්ලන්ට විවෘතයි.

දේවමාළිගා ප්‍රීතියට විවිධ උරුමයන්, සංස්කෘතීන්, භාෂා සහ පරම්පරා යන වෙනස්කම් නොසලකා ශුභාරංචි එක්සත්කම ඇතුළත් වනවා. ටේලර්ස්විල් යූටා දේවමාළිගා මුල්ගල තැබීමේදී, 17 හැවිරිදි මැක්ස් හාර්කර් ඔහුගේ මී සීයා වන ජෝසෆ් හාර්කර් සහ ඔහුගේ බිරිඳ සුසන්නා ස්නේත් විසින්, පරම්පරා හයකට පෙර ආරම්භ කරන ලද පවුලේ ඇදහිල්ලේ උරුමයක් බෙදාගත්තා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය තුළ, අපගේ පවුල් පරම්පරාවන් තුළ ශක්තිමත් සම්බන්ධයක් බවට අප එකිනෙකාට පත්විය හැකියි.

අවසාන වශයෙන්, පස්වනුව, අපගේ විවිධ පසුබිම් හා තත්වයන් තුළ, සෑම ජාතියකම, වර්ගයකම හා භාෂාවකම, සිය දරුවන්ට සිය තානායමෙහි සැමට ඉඩකඩ ඇතිව ප්‍රේමකරන දෙවියන්වහන්සේ නිසා අපි ප්‍රීති වෙමු.

පසුගිය අවුරුදු 40 තුළ, ජාත්‍යන්තරයේ සභා සාමාජිකයන් වැඩි වැඩියෙන් එකතුව තිබෙනවා. 1998 සිට එක්සත් ජනපදයේ සහ කැනඩාවට වඩා සභා සාමාජිකයන් වැඩි දෙනෙක් ඉන් පිටත රටවල වාසය කර තිබෙනවා. 2025 වන විට, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ මෙන්ම සභාවේ සාමාජිකයන් බොහෝ දෙනෙක් ලතින් අමෙරිකාවේද ජීවත් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ලෙහි පියාගේ ඇදහිලිවන්ත පරම්පරාව එක්රැස් කිරීමේ අනාවැකිය ඉටුවෙමින් තිබෙනවා. පුරෝගාමී කොරිඩෝව ඇතුළුව ඇදහිලිවන්ත ශුද්ධවන්තයින් ලොව පුරා සභාවේ භක්තියේ හා සේවයේ ජලාශයක් ලෙස පවතිනවා.

එසේම, සභාවේ වැඩිහිටි සාමාජිකයන්ගෙන් බහුතරයක් දැන් අවිවාහක, වැන්දඹුවන් හෝ දික්කසාද වූ අයයි. මෙය සැලකිය යුතු වෙනසක්. එයට අපගේ සහන සමිතියේ සහෝදරියන්ගෙන් අඩකට වඩා සහ අපගේ වැඩිහිටි පූජක සහෝදරයින්ගෙන් අඩකට වඩා ඇතුළත් වෙනවා. මෙම ජන විකාශන රටාව 1992 සිට ලොව පුරා සභාවේ සහ 2019 සිට එක්සත් ජනපදයේ සහ කැනඩාවේ සභාවන් වල දක්නට පුලුවන්.

ස්වාමින්වහන්සේ ඉදිරියෙහි හා උන්වහන්සේගේ සභාව තුළ අපගේ පැවතීම, අපගේ විවාහක තත්ත්වය පිළිබඳ කාරණයක් නොවේ, නමුත් එය අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්ත හා ධෛර්යසම්පන්න ගෝලයන් බවට පත්වීමේ කාරණයක්.13 වැඩිහිටියන්ට වැඩිහිටියන් ලෙස දැකීමටත් වගකීමෙන් යුතුව වැඩිහිටියන් ලෙස දායක වීමටත් අවශ්‍ය වී තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් සෑම තැනකින්ම, සෑම හැඩයකින්ම, ප්‍රමාණයකින්ම, වර්ණයකින්ම, වයසකින්ම, සෑම කෙනෙක්ම තලෙන්ත, ධර්මිෂ්ඨ ආශාවන්, සහ ආශිර්වාද කිරීමට සහ සේවය කිරීමට අතිමහත් ධාරිතාවන් සමඟ පැමිණෙනවා. පසුතැවිලි වීමට හා ප්‍රීතිය විඳදරාගැනීමට ඇදහිල්ලෙන්14 යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට අපි දිනපතා උත්සාහ කරනවා.

මේ ජීවිත කාලය තුළ, අපි සමහර විට ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටිනවා. අනාගතයේදී අප බලාපොරොත්තු වන හා අපේක්ෂා කරන තැන අප තවමත් නොසිටින්නට පුලුවන්. භක්තිමත් සහෝදරියක් මෙසේ පවසනවා, “ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය උදෙසා විශ්වාසවන්තව බලාසිටීම ශුද්ධ වූ තනතුරකි. එය අනුකම්පාවෙන්, උඩඟුකමින් හෝ විනිශ්චයෙන් නොව පරිශුද්ධ ගෞරවයෙන් යුතුව කළ යුතුයි.”15 මේ අතර, අපි දැන් ජීවත්වෙනවා මිස, ජීවිතය ආරම්භ වන තෙක් බලා සිටින්නේ නෑ.

යෙසායා මෙසේ පොරොන්දු වුණා, “නුමුත් ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.”16

නැවත පැමිණෙන බවට අපගේ යහපත් සමරිතානුවරයා පොරොන්දු වුණා. උන්වහන්සේ මෙන් අප එකිනෙකා ගැන සැලකිලිමත් වන විට හාස්කම් සිදුවෙනවා. බිඳුණු හදවත් හා පසුතැවුණු ආත්මයන් සමඟ අප පැමිණෙන විට,17 අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ හඬ සොයාගත හැකි අතර රැකවරණය සහිත උන්වහන්සේගේ තේරුම්ගැනීමේ හස්තයන්ගෙන් වටවිය හැකියි.18 ශුද්ධ වූ නියෝගයන් වලින්, අභ්‍යන්තර අභිප්‍රාය හා බාහිර ක්‍රියාව පවිත්‍ර කිරීම සඳහා ගිවිසුම් සහ “දේව භක්තියේ බලය”19 ඉදිරිපත් කරනවා. උන්වහන්සේගේ ප්‍රේමනීය කරුණාව හා බොහෝ ඉවසිලිවන්තකම නිසා, උන්වහන්සේගේ සභාව අපගේ තානායම බවට පත්වෙනවා.

අපි සියල්ලන්ම සාදරයෙන් පිළිගනිමින්, උන්වහන්සේගේ තානායමේ ඉඩක් නිර්මාණය කරන විට, අපගේ යහපත් සමරිතානුවරයාට අපගේ දූවිලි සහිත ලෞකික මාර්ගවල අපව සුව කළ හැකියි. “මෙලොව සාමයත්, පැමිණෙන ලෝකයේ සදාකාල ජීවනයත්”20—“මා සිටින තැන නුඹලාත් සිටිනු ඇත”21 කියමින් පරිපූර්ණ ප්‍රේමයත් සමඟ, අපගේ පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොරොන්දු වෙනවා. මම එසේ ඉතාමත් කෘතඥපූර්වකව සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.