ප්‍රධාන සම්මන්ත්‍රණය
දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට ආදරෙයි
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට ආදරෙයි

අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අප කෙරෙහි, උන්වහන්සේගේ දරුවන් කෙරෙහි ඇති ප්‍රේමය විදහා දක්වන නිශ්චිත ක්‍රම තුනක් බෙදාගැනීමට මම කැමතියි.

සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගැන මම ඔබ සමඟ ප්‍රීති වෙනවා. මම පිලිපීනයේ නම්‍යශීලී සාමාජිකයන්ගේ ආදරය මා සමග ගෙනැවිත් ඔවුන් වෙනුවෙන් මෙසේ කියනවා, මාබුහායි!

මෙම පාස්කු උදෑසන, මම ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ ගැනත්, උන්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ බවත්, උන්වහන්සේගේ අප කෙරෙහිත් ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ කෙරෙහිත් ඇති ප්‍රේමය පිරිසිඳු හා සදාකාලික බවත්, සාක්ෂි දරනවා. අද, මම ස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සෑම කෙනෙක් වෙනුවෙන්ම ඇති ප්‍රේමය කෙරෙහි අවධානය යොමුකිරීමට කැමතියි, මන්ද එම ප්‍රේමය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ප්‍රකාශ වෙනවා. “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළ සේක” (යොහාන් 3:16).

දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම ගැන දේවදූතයෙක් අනාගතවක්තෘ නෙපිගෙන් විමසූ විට, නෙපි මෙසේ සරලව පිළිතුරු දුන්නා, “උන්වහන්සේ තම දරුවන්ට ප්‍රේම කරන බව මම දනිමි” (1 නෙපි 11:16–17 බලන්න).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක් වන: මොර්මොන්ගේ පොතේ පදයකින් ගැලවුම්කරුවාණන්ගේ පරිපූර්ණ ප්‍රේමය ප්‍රබල ලෙස විස්තර කරනවා: “තවද ලෝකයා ඔවුන්ගේ අයුතුකම් නිසා, උන්වහන්සේ ශුන්‍ය දෙයක් යැයි විශ්වාස කරති; … ඔවුහු උන්වහන්සේට කස පහර දෙති, … තවද ඔවුහු උන්වහන්සේට පහරදෙති, … ඔවුහු උන්වහන්සේ මත කෙළ ගසති, තවද උන්වහන්සේ එය උසුලන සේක, තවද මනුෂ්‍ය දරුවන් වෙතට දක්වන ප්‍රේමය සහ කරුණාව නිසා උන්වහන්සේ ඉවසා දරා සිටින සේක” (1 නෙපි 19:9). ගැලවුම්කරුවාණන්ගේ විශ්වීය ප්‍රේමය යනු උන්වහන්සේ කරන සියල්ල පිටුපස ඇති පෙළඹවීමේ බලයයි. ගැලවුම්කරුවාණන් නිහතමානීව උන්වහන්සේ සහ පියාණන්වහන්සේ “එකයි” කියා උගන්වා ඇති නිසා, ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය එයම බව අපි දන්නවා (යොහාන් 10:30; 17:20–23 බලන්න).

එසේනම්, උන්වහන්සේලාගේ විශ්වීය ප්‍රේමය පිළිබඳව අප කෘතඥතාව පළකරන්නේ කෙසේද? ගැලවුම්කරුවාණන් අපට එය මෙම සරල සියල්ල වටකරන ආරාධනයෙන් ඉගැන්වුවා: “නුඹ මට ප්‍රේම කරනවා නම්, මාගේ ආඥා පවත්වන්න” (යොහාන් 14:15).

සභාපති ඩැලින් එච්. ඕක්ස් මෙසේ ඉගැන්වුවා, “දෙවියන්වහන්සේගේ විශ්වීය හා පරිපූර්ණ ප්‍රේමය, උන්වහන්සේගේ හොඳම ආශිර්වාද වෙන්කර ඇත්තේ උන්වහන්සේගේ නීති වලට කීකරු වන අයට බව ඇතුලුව, උන්වහන්සේගේ ශුභාරංචි සැලැස්මේ සියලු ආශිර්වාද වලින් පෙන්නුම් කරනවා.”1

අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අප කෙරෙහි, උන්වහන්සේගේ දරුවන් කෙරෙහි ඇති ප්‍රේමය විදහා දක්වන නිශ්චිත ක්‍රම තුනක් බෙදාගැනීමට මම කැමතියි.

පළමුව, දෙවියන්වහන්සේ හා පවුල සමඟ ඇති සබඳතා උන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනවා.

අපගේ වටිනාම සබඳතා ඇත්තේ පියාණන් සහ පුත්‍රයාණන් හා අපගේම පවුල් සමඟයි, මන්ද ඔවුන් සමඟ අපගේ සබඳතා සදාකාලිකයි. ප්‍රීතියේ ශ්‍රේෂ්ඨ සැලැස්ම දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමයේ පුදුමාකාර ප්‍රකාශනයක්. දෙවියන්වහන්සේගේ සැලැස්ම දෙස, ඇස් යොමුකර ඇති අපි ආත්මාර්ථකාමී ආශාවන්ට අනුබල දෙන පස් සහ ගල් කැටයම් කරනවා වෙනුවට, අපි සදාකාලික සබඳතා ගොඩනංවන අත්තිවාරම් ඒවා වෙනුවට මාරු කරමු. එක් අතකින් මෙය “අධ්‍යාත්මික කැණීම්” ලෙස හඳුන්වන්නටත් පුලුවන්. අපගේ අධ්‍යාත්මික කැණීම් සිදුකිරීමේදී, අප මුලින්ම දෙවියන්වහන්සේව සොයාගෙන උන්වහන්සේට හඬගැසිය යුතුයි (යෙරෙමියා 29:12–13 බලන්න).

උන්වහන්සේව සෙවීම හා උන්වහන්සේට හඬගැසීම මෙම ක්‍රියාවලිය ආරම්භ කර අපගේ සදාකාලික සබඳතා ගොඩනඟාගැනීමට සහ ශක්තිමත් කිරීමට අවකාශය ලබාදෙනවා. එය අපගේ අධ්‍යාත්මික දෘෂ්ටිය පුළුල් කරන අතර අපගේ පාලනයෙන් පිටත ඇති බිය කෙරෙහි නොව අපට පාලනය කළ හැකි දේ වෙනස් කිරීමට අවධානය යොමුකරන්නට අපට උපකාර කරනවා. අපගේ ගැලවුම්කරුවාණැන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය හා දේවසේවය අධ්‍යයනය කිරීමෙන් මෙම අනෙකුත් කරුණු සදාකාලික දෘෂ්ටිකෝණයකින් බැලීමට අපට හැකියාව ලබාදෙනවා.

අවධානය වෙනතකට යොමුකිරීම සමහරවිට අපගේ පවුල් සබඳතා සහ ක්‍රියාකාරකම් වලදී දෙවියන්වහන්සේගේ ප්‍රේමය අත්විඳීමෙන් අපව වලක්වනවා. විද්‍යුත් උපකරණ මගින් තම පවුල් සබඳතා යටපත් කරගන්නා බව හැඟුණු එක් මවක් විසඳුමක් ගෙනාවා. රාත්‍රී භෝජන මේසයේ සහ පවුලේ අනෙකුත් වේලාවන්හිදී මෙසේ කරමු යැයි ඇය කිව්වා, “දුරකථන පසෙකින් තබන්න; අපිට මුහුණට මුහුණ වෙලාවක් ලබාගමු” මෙය ඔවුන්ගේ පවුලට නව සම්මතයක් බවත්, සැබෑ ලෙස මුහුණට මුහුණ සිටින විට එය පවුලක් ලෙස ඔවුන්ගේ සම්බන්ධතාවය ශක්තිමත් කරන බවත් ඇය පවසනවා. ඔවුන් දැන් පවුලක් ලෙස එකට එන්න, මා අනුගමනය කරන්න වැදගත් සාකච්ඡාවන් රසවිඳිනවා.

දෙවනුව, අනාගතවක්තෘවරුන් කැඳවීමෙන් උන්වහන්සේ තම ප්‍රේමය තම දරුවන්ට ප්‍රකාශ කරනවා

අපගේ වර්තමාන ලෝකය “වචන යුද්ධයකින් හා මතවාද වල කැළඹීමකින්” මුලාවී සිටිනවා (ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:10). පාවුල් අපට මතක්කර දෙන්නේ “ලෝකයේ බොහෝ හඬවල් ඇත” (1 කොරින්ති 14:10). පැහැදිලිව හා අර්ථවත් ලෙස සටනට ඉහළින් නැඟෙන්නේ එම සියල්ලන්ගෙන්ම කුමන හඬවල්ද? එය දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ, අනාගතය දකින්නන්ගේ සහ එළිදරව් කරන්නන්ගේ හඬයි.

2018 දී ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු, එමෙන්ම නැවත රැකියාවට ගිය පසු, මම සභා මූලස්ථානයේ වාහන නැවැත්වීමේ ගරාජයේ සිටියා මට පැහැදිලිවම මතකයි. හදිසියේම, සභාපති රසල් එම්. නෙල්සන්, “ටානියෙලා, ටානියෙලා” යනුවෙන් ඇමතූ හඬ මට ඇසුණා. මම ඔහු දෙසට දිව ගිය අතර ඔහු ඇහුවා මට කොහොමද කියලා.

මම කිව්වා, “සභාපති නෙල්සන්, මම හොඳින් සුවය ලබනවා.”

ඔහු මට උපදෙස් දී වැළඳ ගත්තා. අනාගතවක්තෘවරයකුගේ “එක්කෙනෙකුට” වූ පෞද්ගලික දේවසේවය මට දැනුණා.

සභාපති නෙල්සන් පොළොවේ බොහෝ ජාතීන් වෙතට සංචාරය කර තිබෙනවා. මගේ මනසේ, ඔහු හුදෙක් දහස් ගණනකට දේවසේවය කරනවා පමණක් නොවේ, නමුත් ඔහු “එක්කෙනෙකු” වැනි දහස් ගණනකට සේවය කරනවා. එසේ කිරීමෙන්, දෙවියන්වහන්සේ සිය සියලු දරුවන් කෙරෙහි දක්වන ප්‍රේමය ඔහු බෙදාගන්නවා.

මෑතකදී, සභාපති නෙල්සන්ගේ වචන පිලිපීනයේ ජනතාවට ශක්තියක් හා ධෛර්යයක් වුණා. ලෝකයේ සෑම රටකම මෙන්ම, 2020 දී පිලිපීනය COVID-19 වසංගතය මෙන්ම ගිනිකඳු පිපිරීමක්, භූමිකම්පා, ශක්තිමත් සුළි සුළං සහ විනාශකාරී ගංවතුර හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්වුණා.

එහෙත්, බිය, තනිකම සහ බලාපොරොත්තු සුන්වීම යන අඳුරු වලාකුළු හරහා බැබළෙන ආලෝක ධාරාවක් මෙන් අනාගතවක්තෘවරයාගේ වචන පැමිණියා. වසංගතය නොතකා ලොව පුරා නිරාහාරව සිටීම සහ යාච්ඤාව සහ උපදෙස් ලබාදීම ඒවාහි ඇතුළත් වුණා. අපගේ නිවෙස් ඇදහිල්ලේ පෞද්ගලික අභයභූමි බවට පත්කිරීමට ඔහු අපට ආරාධනා කළා. දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ගරු කරන ලෙසත්, අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදෙන ලෙසත් ඔහු සෑම තැනකම සිටින පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් ඉල්ලා සිටියා.2

කෘතඥතාවයේ බලය පිළිබඳ සභාපති නෙල්සන්ගේ මෑතකාලීන වීඩියෝව, සහ ඔහුගේ අවසන් යාච්ඤාව පිලිපීනය පුරා අනුනාද වීම එම ඇවිස්සීමයි.3 ලෙයිතේ පළාතේ, වීඩියෝව වාදනය වූයේ අන්තර් ඇදහිලි උත්සවයක් අතරතුර වන අතර, එය පූජකවරයකුගේ නිහතමානීකමේ කොටසක් ලෙසද සඳහන් වුණා. පිලිපීනය මෙන්ම මුළු ලෝකයටම, දෙවියන්වහන්සේගේ තෝරාගත් අනාගතවක්තෘවරයාගේ වචන තුළින් දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනීමට ලැබීම භාග්‍යයක්.

තෙවනුව, දඬුවම් කිරීම දෙවියන්වහන්සේ තම දරුවන් කෙරෙහි දක්වන ප්‍රේමය ප්‍රකාශ කිරීමක් විය හැකියි

සමහර අවස්ථා වලදී දඬුවම් ලබාදීම මගින් දෙවියන්වහන්සේ අපට ප්‍රේමය ප්‍රකාශ කරනවා. එය උන්වහන්සේ අපට ප්‍රේම කරන බවත් අප කවුදැයි උන්වහන්සේ දන්නා බවත් අපට මතක් කර දෙන ක්‍රමයක්. උන්වහන්සේ පොරොන්දු වූ සාමයේ ආශිර්වාදය, ධෛර්ය සම්පන්නව ගිවිසුම් මාවතේ ගමන් කරන සහ නිවැරදි කිරීම් ලබාගැනීමට කැමති සියල්ලන්ට විවෘතයි.

දඬුවම් අප හඳුනාගෙන, කැමැත්තෙන් ලබන්නන් වන විට, එය අධ්‍යාත්මික සැත්කමක් බවට පත්වෙනවා. ඇත්තටම, සැත්කම් වලට කැමති කවුද? නමුත් එය අවශ්‍ය අයට සහ එය ලැබීමට කැමති අයට එය ජීවිතාරක්ෂාවක් විය හැකියි. ස්වාමින්වහන්සේ දඬුවම් කරන්නේ උන්වහන්සේ ප්‍රේම කරන අයටයි. ශුද්ධලියවිලි අපට එසේ පවසනවා (බලන්න හේබ්‍රෙව් 12:5–11; හිලමන් 12:3; දහම සහ ගිවිසුම් 1:27; 95:1). එම දඬුවම්, හෝ අධ්‍යාත්මික සැත්කම් මගින් අපගේ ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් සිදුවෙනවා. සහෝදර සහෝදරියනි, එය අපගේ අභ්‍යන්තර තැටි පිරිපහදු කර පිරිසිඳු කරන බව අපි තේරුම්ගනියි.

ජෝසෆ් ස්මිත්, නැවත පිහිටුවීමේ අනාගතවක්තෘවරයාටද, දඬුවම් ලැබුණා. මොර්මොන්ගේ පොතේ අත් පිටපතේ පිටු 116 ජෝසෆ්ට අහිමි වීමෙන් පසු, ස්වාමින්වහන්සේ නිවැරදි කරමින් ප්‍රේමය පෙන්වූයේ මෙසේයි: “ඔබ දෙවියන්වහන්සේට වඩා මිනිසාට බිය නොවිය යුතුය. … ඔබ විශ්වාසවන්ත විය යුතුව තිබුණි. … බලන්න, ජෝසෆ් වන නුඹ, තවද නුඹව තෝරාගෙන ඇත. … මතකතබාගන්න, දෙවියන්වහන්සේ කරුණාවන්තය; එසේහෙයින්, පසුතැවිලි වන්න” (දහම සහ ගිවිසුම් 3:7–10).

2016 දී, ආකැන්සාස්, ලිට්ල් රොක්හි ධර්මදූතයක සේවය කරමින් සිටියදී, ෆීජි දූපතක ජීවත් වූ මගේ වැඩිමහල් සහෝදරියට පාර්සලයක් යවන ලෙස මම සහෝදර කැවාගෙන් ඉල්ලා සිටියා. ඔහුගේ ප්‍රතිචාරය මා අපේක්ෂා කළ දෙයක් නොවේ. “සභාපති වකෝලෝ, ඔබේ සහෝදරිය මියගොස් දින 10 කට පෙර භූමදාන කරනු ලැබුවා” කියා ඔහු කෙඳිරි ගාමින් කිව්වා. මට ආත්ම අනුකම්පාවක් ඇති වූ අතර මගේ පවුලේ අය මට දැනුම් දීමට පවා කරදර නොවීම ගැන ටිකක් කලබල වුණා.

ඊළඟ දවසේ, මගේ බිරිඳ ධර්මදූතයින්ට උගන්වමින් සිටියදී, මෙම සිතුවිල්ල මගේ ආත්මයට විනිවිද ගියා: “ටානියෙලා, මේ සියලු අත්දැකීම් ඔබගේ යහපත හා සංවර්ධනය සඳහායි. ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳව ඔබේ සාක්ෂිය උගන්වමින් හා බෙදාගනිමින් ඉන්නවා; දැන් ඒ අනුව ජීවත් වන්න.” “බලව, දෙවියන්වහන්සේගෙන් දඬුවම් ලබන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය; එබැවින් සර්වපරාක්‍රමයාණන්ගේ දඬුවම් කිරීම සුළු නොකරන්න” (යෝබ් 5:17) ලෙස මට මතක්කර දුන්නා. එය මට අධ්‍යාත්මික සැත්කමක් වූ අත,ර එහි ප්‍රතිඵලය ක්ෂණිකව සිදුවුණා.

මම මෙම අත්දැකීම් ගැන කල්පනා කරද්දී, සාකච්ඡාවට මගේ අවසාන අදහස් ලබාදෙන ලෙස මට ඉල්ලීමක් ලැබුණා. වෙනත් දේ අතර, මට මේ දැන් ඉගෙනගැනීමට ලැබුණු පාඩම මම බෙදාගත්තා: පළමුව, ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් මට දඬුවම් කර ඇති අතර මම එයට ඇලුම් කළේ එය ඇසූ එකම තැනැත්තා මා වූ නිසායි; දෙවනුව, ගැලවුම්කරුවාණන්ගේ පරිත්‍යාගය සහ මිදීමේ මිලය නිසා, මම තවදුරටත් මගේ අභියෝග පීඩා සහ මහත් විපත් ලෙස නොව, මගේ ඉගෙනීමේ අත්දැකීම් ලෙස හඳුන්වනවා; තුන්වෙනුව, උන්වහන්සේගේ පරිපූර්ණ හා පව් රහිත ජීවිතය නිසා මම තවදුරටත් මගේ අඩුපාඩු හා හැකියාවන් නොමැතිකම දුර්වලතා ලෙස නොව මගේ “සංවර්ධන අවස්ථා” ලෙස හඳුන්වනවා. දෙවියන්වහන්සේ අපට දඬුවම් කරන්නේ උන්වහන්සේ අපට ප්‍රේම කරන බැවින් බව දැනගැනීමට මෙම අත්දැකීම මට උදව් වුණා.

මම මෙසේ අවසන් කරනවා අපගේ සදාකාලික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, අපට ඉගැන්වීමට සහ දේවසේවය කිරීමට නූතන අනාගතවක්තෘවරුන් කැඳවීමෙන්, සහ අපට ඉගෙනගෙන වර්ධනය වන්නට අපව දඬුවම් වලට පමුණුවීමෙන්, උන්වහන්සේලා සමග සහ අපගේ පවුල් වල සාමාජිකයින් සමග සදාකාලික බැඳීම් තබාගැනීමට හැකියාව ලබාදෙමින්, උන්වහන්සේලාගේ ප්‍රේමය පෙන්වනවා. අපගේ මරණයෙන් නැවත නැගිටි ස්වාමින්වහන්සේ වන ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ වන “උන්වහන්සේගේ දිව්‍ය පුත්‍රයාණන්ගේ අසමසම ත්‍යාගයට දෙවියන්වහන්සේට ස්තූතිවන්ත විය යුතුයි.”4 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.