ප්‍රධාන සම්මන්ත්‍රණය
අපගේ දිව්‍යමය ආනුභාව ලත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපගේ දිව්‍යමය ආනුභාව ලත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම

දිව්‍ය ආනුභාවය පිළිබඳ අපගේ විශ්වාසය, එක්සත් ජනපද ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථාමයවාදයේ මූලධර්ම ආරක්ෂා කිරීමට හා වැටෙන්නට නොදී උසුලන්නට පසු-දවස්වල ශුද්ධවන්තයින්ට සුවිශේෂී වගකීමක් ලබාදෙනවා.

මෙම කරදරකාරී කාලය තුළ, එක්සත් ජනපදයේ දේවානුභාවයෙන් යුත් ව්‍යවස්ථාව ගැන කතා කිරීමට මට හැඟුණා. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්සත් ජනපදයේ අපගේ සාමාජිකයින්ට විශේෂ වැදගත්කමක් ඇති නමුත්, එය ලොව පුරා ව්‍යවස්ථාවන්හි පොදු උරුමයක්.

I.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ආණ්ඩුවේ පදනමයි. එය රජයේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යුහය හා සීමාවන් සපයනවා. එක්සත් ජනපද ව්‍යවස්ථාව අදටත් ක්‍රියාත්මක වන පැරණිතම ලිඛිත ව්‍යවස්ථාවයි. එය මුලින් සම්මත කරගනු ලැබුවේ යටත් විජිතයන් සුළු සංඛ්‍යාවකින් පමණක් වුවද, එය ඉතා ඉක්මනින් ලොව පුරා ආදර්ශයක් බවට පත්වුණා. අද වන විට, ජාතීන් තුනක් හැර සෑම ජාතියක්ම ලිඛිත ව්‍යවස්ථා සම්මත කරගෙන තිබෙනවා.1

මෙම කතාවේදී මම කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ වෙනත් කණ්ඩායමක් වෙනුවෙන් කතා කරන්නේ නෑ. මම කතා කරන්නේ මම අවුරුදු 60 කට වැඩි කාලයක් ඉගෙනගෙන ඇති, එක්සත් ජනපද ව්‍යවස්ථාව වෙනුවෙන්. මම කතා කරන්නේ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයාගේ නීති ලිපිකරුවෙකු ලෙස වූ මගේ අත්දැකීම් වලින්. මම කතා කරන්නේ නීතිය සම්බන්ධ මහාචාර්යවරයකු ලෙස මම අවුරුදු 15 ක් කළ සේවය සහ යූටා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස මගේ අවුරුදු 3½ කළ සේවය ඇසුරෙනුයි. වැදගත්ම දෙය නම්, මම කතාකරන්නේ යේසුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවේ කාර්යයට අදාළ දිව්‍යමය වශයෙන් දේවානුභාවය ලත් එක්සත් ජනපද ව්‍යවස්ථාවේ තේරුම අධ්‍යනය කිරීමේ වගකීම ඇති, අවුරුදු 37 ක් පුරාවට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙකු ලෙසයි.

එක්සත් ජනපද ව්‍යවස්ථාව අද්විතීය වන්නේ දෙවියන්වහන්සේ එය “සියලුම මාංශයන්ගේ අයිතීන් සහ සුරක්ෂිතභාවය සඳහා ස්ථාපිත කළ” බව හෙළිකළ නිසයි (දහම සහ ගිවිසුම් 101:77 තවත් බලන්න 80 වන පදය). මෙම ව්‍යවස්ථාව කෙරෙහි ලොව පුරා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගේ සභාව විශේෂ අවධානයක් යොමුකරන්නේ ඒ නිසයි. ලෝකයේ වෙනත් ජාතීන්ට එහි මූලධර්ම ක්‍රියාත්මක කළ යුතුද නැද්ද සහ කෙසේද යන්න ඔවුන්ගේ තීරණයට අදාළ දෙයක්.

එක්සත් ජනපද ව්‍යවස්ථාව ස්ථාපිත කිරීමේ දෙවියන්වහන්සේගේ අරමුණ කුමක්ද? ලෞකික තෝරාගැනීමේ නිදහසේ මූලධර්මයෙන් අප එය දකිනවා. නැවත පිහිටුවන ලද සභාවේ පළමු දශකය තුළ, බටහිර මායිමේ එහි සාමාජිකයින් පෞද්ගලික හා මහජන හිංසාවන්ට ලක්වුණා. අර්ධ වශයෙන් මෙයට හේතුව එක්සත් ජනපදයේ එවකට පැවති මිනිස් වහල්භාවයට ඔවුන් දැක්වූ විරෝධයයි. මෙම අවාසනාවන්ත තත්වයන් යටතේ, දෙවියන්වහන්සේ ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් උන්වහන්සේගේ දහම පිළිබඳ සදාකාලික සත්‍යයන් හෙළිකළා.

දෙවියන්වහන්සේ තම දරුවන්ට ලෞකික තෝරාගැනීමේ නිදහස වන—තීරණ ගැනීමට සහ ක්‍රියාකිරීමට බලය ලබාදී තිබෙනවා. එම තෝරාගැනීමේ නිදහස ක්‍රියාත්මක කිරීම සඳහා වඩාත් සුදුසු කොන්දේසිය නම් පිරිමින්ට සහ කාන්තාවන්ට ඔවුන්ගේ තනි තේරීම් අනුව තීරණය කිරීමට හා ක්‍රියා කිරීමට ඇති උපරිම නිදහසයි. එවිට, එම එළිදරව්ව මෙසේ පැහැදිලි කළා, “සෑම මනුෂ්‍යයෙකුම විනිෂ්චය දවසේදී ඔහුගේ ස්වකීය පාපයන් උදෙසා ගණන්දිය යුතුය” (දහම සහ ගිවිසුම් 101:78). “එසේහෙයින්,” ස්වාමින්වහන්සේ මෙසේ එළිදරව් කරනවා “කිසියම් මනුෂ්‍යයෙකු එක් අයෙකු තව කෙනෙකුට බැඳීමක් තිබීම නුසුදුසු වන්නේය” (දහම සහ ගිවිසුම් 101:79). මෙයින් පැහැදිලිවම අදහස් කරන්නේ මිනිස් වහල්භාවය වැරදි බවයි. එමෙන්ම එම මූලධර්මයට අනුව, පුරවැසියන්ට ඔවුන්ගේ පාලකයින් තෝරාගැනීමේදී හෝ ඔවුන්ගේ නීති සම්පාදනය කිරීමේදී හඬක් නොතිබීම වැරදියි.

II.

එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව දිව්‍යමය වශයෙන් දේවානුභාවයෙන් ලත් එකක් වන්නේ යැයි වූ අපගේ විශ්වාසයෙන්, එක් එක් ප්‍රාන්තයෙන් නියෝජිතයින් සංඛ්‍යාව වෙන් කිරීම හෝ එක් එක් අයගේ අවම වයස වැනි, එහි සෑම වචනයක්ම සහ වාක්‍ය ඛණ්ඩයක්ම දිව්‍යමය එළිදරව්වෙන් දුන් බව අදහස් කෙරෙන්නේ නෑ.2 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව “සම්පූර්ණයෙන් වැඩුණු ලියවිල්ලක්” නොවන බව සභාපති ජේ. රූබන් ක්ලාක් පැවසුවා. ඔහු මෙසේ පැහැදිලි කළා, “ඊට පටහැනිව, දියුණු වෙමින් පවතින ලෝකයක වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා එය වර්ධනය වී ක්‍රමයෙන් දියුණු වියයුතු යැයි අපි විශ්වාස කරමු.”3 නිදසුනක් වශයෙන්, දේවානුභාවයෙන් කරන ලද සංශෝධන මගින් වහල්භාවය අහෝසි කර කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදුන්නා. කෙසේවෙතත්, සෑම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අර්ථ නිරූපණය කිරීමේදී දේවානුභාවයක් අපට පෙනෙන්නේ නෑ.

එක්සත් ජනපද ආණ්ඩුක්‍රරම ව්‍යවස්ථාවේ අවම වශයෙන් දිව්‍ය ආනුභාව ලත් මූලධර්ම පහක්වත් අඩංගු බව මම විශ්වාස කරනවා.4

පළමුවැන්න රජයේ බලයේ ප්‍රභවය ජනතාවයි යන මූලධර්මය. ස්වෛරී බලය රජවරුන්ගේ දිව්‍ය අයිතියෙන් හෝ හමුදාමය බලයෙන් පැමිණේ යැයි විශ්වීය වශයෙන් උපකල්පනය කළ කාලයක, ස්වෛරී බලය ජනතාවට ආරෝපණය කිරීම විප්ලවීය වුණා. දාර්ශනිකයන් මේ සඳහා අනුබල දුන් නමුත්, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් එය මුලින්ම ක්‍රියාත්මක කළා. ජනතාව තුළ ස්වෛරී බලය යන්නෙන් අදහස් කරන්නේ මැරයින්ට හෝ වෙනත් කණ්ඩායම් වලට රජයේ ක්‍රියාමාර්ග බිය ගැන්වීමට හෝ බල කිරීමට මැදිහත් වියහැකි බව නොවෙයි. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් ස්ථාපිත කරන ලද අතර එහිදී ජනතාව තම බලය තෝරා පත්කරගත් නියෝජිතයන් හරහා භාවිතා කරනවා.

දෙවන ආනුභාවලත් මූලධර්මය නම්, ජාතිය සහ එහි අනුබද්ධ රාජ්‍යයන් අතර එම නියෝජනය කරන බලය බෙදීමයි. අපගේ සාමූහික ක්‍රමය තුළ, මෙම පෙර නොවූ විරූ මූලධර්මය සමහරවිට කලින් සඳහන් කළ වහල්භාවය අහෝසි කිරීම සහ කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබාදීම වැනි දේවානුභාවයෙන් කරන ලද සංශෝධන මගින් වෙනස් කර තිබෙනවා. සැලකිය යුතු කරුණක් නම්, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජාතික ආණ්ඩුව පැහැදිලිවම හෝ ඇඟවීමෙන් ලබාදී ඇති බලතල ක්‍රියාත්මක කිරීම සීමා කරන අතර, අනෙක් සියලුම රජයේ බලතල “පිළිවෙලින් රාජ්‍යයන්ට හෝ ජනතාවට” රඳවා තබාගන්නවා.5

තවත් දේවානුභාවයෙන් යුත් මූලධර්මයක් වන්නේ බලතල වෙන්කිරීමයි. අපගේ 1787 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මුතියට සියවසකට පමණ පෙර, ඉංග්‍රීසි පාර්ලිමේන්තුව විසින් රජුගෙන් යම් යම් බලතල උදුරා ගන්නා විට ව්‍යවස්ථාදායක සහ විධායක අධිකාරිය වෙන්කිරීමට පුරෝගාමී වුණා. අමෙරිකානු සම්මුතියේ ආභාෂය වූයේ ස්වාධීන විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල පැවරීමයි, එවිට මෙම ශාඛා තුනට එකිනෙකා පරීක්ෂා කර බැලීමට හැකිවෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක වී වසර තුනකට පසුව සංශෝධනයෙන් සම්මත කරන ලද, අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පතේ පුද්ගල අයිතිවාසිකම් සහ රජයේ අධිකාරියේ නිශ්චිත සීමාවන් පිළිබඳ වැදගත් සහතික කිරීම් සමූහය සිව්වන දේවානුභාවයෙන් යුත් මූලධර්මයයි. අයිතිවාසිකම් පනතක් යනු අලුත් දෙයක් නොවේ. මෙහිදී, මෙම දේවානුභාවය, මැග්නා කාර්ටා වෙතින් ආරම්භ වී, එංගලන්තයේ පුරෝගාමී වූ මූලධර්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුළ දක්නට ලැබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලේඛකයින්ට මේවා හුරුපුරුදු වූයේ සමහර යටත් විජිත ප්‍රතිපත්ති වලට එවැනි සහතික තිබූ බැවිනුයි.

අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පතක් නොමැතිව, දශක තුනකට පසුව ආරම්භ වූ, ශුභාරංචිය නැවත පිහිටුවීමේ සත්කාරක රට ලෙස අමෙරිකාවට සේවය කිරීමට නොහැකි වන්නට තිබුණා. රාජ්‍ය විධිවිධාන සඳහා ආගමික පරීක්ෂණයක් නොකළ යුතු බවට මුල් විධිවිධානය තුළ දිව්‍ය ආනුභාවයක් පැවතුනද,6 පළමු සංශෝධනයේදී ආගමික නිදහස සහ ප්‍රතිස්ථාපන සහතික කිරීම් එකතු කිරීම අත්‍යවශ්‍ය වුණා. කථනය සහ මාධ්‍යය සහ අපරාධ නඩු පැවරීම වැනි, වෙනත් සංශෝධන වල පුද්ගලික ආරක්ෂණය සඳහා නිදහස වැනි පළමු සංශෝධනය තුළද, අපි දිව්‍යමය අනුභාවයක් දකිනවා.

රූපය
අපි ජනතාව

පස්වන හා අවසාන වශයෙන්, සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම වැදගත් අරමුණ තුළ, දිව්‍ය ආනුභාවයක් මම දකිනවා. අප පාලනය විය යුත්තේ නීතියෙන් මිස පුද්ගලයන් විසින් නොවන අතර, අපගේ පක්ෂපාතිත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ එහි මූලධර්ම හා ක්‍රියාවලීන්ට මිස, කිසිඳු නිලධාරියෙකුට නොවේ. මේ ආකාරයෙන්, නීතිය ඉදිරියේ සියලු පුද්ගලයින් සමාන විය යුතුය. මෙම මූලධර්ම සමහර රටවල ප්‍රජාතන්ත්‍රවාදය දූෂිත කර ඇති අත්තනෝමතික අභිලාෂයන් අවහිර කරනවා. රජයේ මෙම ශාඛා තුනෙන් එකක්වත් අනෙක් ඒවාට වඩා ආධිපත්‍යය දැරීම හෝ එකිනෙකා පරීක්ෂා කිරීම සඳහා නිසි ව්‍යවස්ථාමය කාර්යයන් ඉටුකිරීම වැළැක්වීම නොකළ යුතු බව ඒවායින් තවත් අදහස් වෙනවා.

III.

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිව්‍යමය ආනුභාව ලත් මූලධර්ම තිබියදීත්, අසම්පූර්ණ මනුෂ්‍යයන් විසින් ක්‍රියාත්මක කරන විට, ඔවුන්ගේ අපේක්ෂිත ප්‍රතිඵල සැමවිටම සපුරාගෙන නෑ. පවුල් සබඳතා පාලනය කරන සමහර නීති මෙන්, නීති සම්පාදනයේ වැදගත් විෂයයන් සන්ධීය ආණ්ඩුක්‍රම විසින් ප්‍රාන්ත වලින් ඉවත්කර තිබෙනවා. නිදහසේ කතා කිරීමේ පළමු සංශෝධන සහතිකය සමහරවිට අපකීර්තිමත් කතා මර්දනය කිරීම මගින් බාල කර තිබෙනවා. බලතල බෙදීමේ මූලධර්මය සැමවිටම පීඩනයට ලක්ව ඇත්තේ රජයේ එක් ශාඛාවක් වෙනත් එකකට පවරා ඇති බලතල ක්‍රියාත්මක කිරීම හෝ වළක්වා ගැනීම නිසා ඇතිවන පිරිහීම් සහ බැසයාම් හේතුවෙනුයි.

එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ආනුභාව ලත් මූලධර්ම වලට රහසින් අනතුරු කරන තවත් තර්ජන තිබෙනවා. නිදහස සහ ස්වයං පාලනය වෙනුවට, වර්තමාන සමාජ ප්‍රවණතා එහි ආරම්භයට හේතුව ලෙස ආදේශ කිරීමට ගත් උත්සාහයන් මගින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රබලත්වය හීන වී යනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකාරය සුළු කොට තැකෙන්නේ, අපේක්ෂකයින් හෝ නිලධාරීන් විසින් එහි මූලධර්ම නොසලකා හරින විටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගෞරවය සහ බලය අඩු කරනු ලබන්නේ, රජයේ අධිකාරිය සඳහා බලය පැවරීමේ සහ සීමාවන්ගේ ප්‍රභවයක් ලෙස එහි උසස් තත්වය වෙනුවට, පක්ෂපාතීත්ව පරීක්ෂණයක් හෝ දේශපාලන සටන් පාඨයක් ලෙස එය හඳුන්වන අය නිසායි.

IV.

දිව්‍ය ආනුභාවය පිළිබඳ අපගේ විශ්වාසය, අප කොතැනක ජීවත් වුවත්, එක්සත් ජනපද ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථාමයවාදයේ මූලධර්ම ආරක්ෂා කිරීමට හා වැටෙන්නට නොදී උසුලන්නට පසු-දවස්වල ශුද්ධවන්තයින්ට සුවිශේෂී වගකීමක් ලබාදෙනවා. අපි ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා මෙම ජාතියේ අනාගතය ගැන ධනාත්මක විය යුතුයි.

ඇදහිලිවන්ත පසු-දවස්වල ශුද්ධවන්තයින් තවත් කුමක් කළ යුතුද? සියලු ජාතීන්ට සහ ඔවුන්ගේ නායකයින්ට මගපෙන්වීම ලබාදී ආශිර්වාද කරන ලෙස අපි ස්වාමින්වහන්සේට යාච්ඤා කළ යුතුයි. මෙය අපගේ ඇදහිල්ලේ කරුණු වල කොටසක්. ඇත්තවශයෙන්ම ජනාධිපතිවරුන්ට හෝ පාලකයන්ට යටත් වීම7 අපගේ පුද්ගල නීති හෝ ප්‍රතිපත්ති වලට විරුද්ධව බාධාවක් වන්නේ නෑ. එයින් බලාපොරොත්තු වන්නේ අපගේ ව්‍යවස්ථාවන්හි සහ අදාළ නීතිවල රාමුව තුළ සිවිල් හා සාමකාමීව අපගේ බලපෑම ක්‍රියාත්මක කළ යුතු බවයි. තරඟකාරී කාරණා සම්බන්ධයෙන්, අප උත්සාහ කළ යුත්තේ මධ්‍යස්ථ හා එක්සත් වීමටයි.

දේවානුභාවයෙන් යුත් ව්‍යවස්ථාව පිළිගැනීමේ කොටසක් ලෙස අවම වශයෙන් තවත් රාජකාරි දෙකක්වත් එහි තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දේවානුභාවයෙන් යුත් මූලධර්ම අප ඉගෙනගෙන ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. අපි ඔවුන්ගේ පොදු ක්‍රියාකාරකම් වලදී එම මූලධර්ම වලට සහය දෙන ඥානවන්ත හා යහපත් පුද්ගලයන් සොයාගැනීමට සහ ඒවාට සහාය දැක්විය යුතුයි.8 ප්‍රජා කටයුතු වලදී අපගේ බලපෑම දැනීමට සලස්වන ක්‍රියාශීලී දැනුමක් ඇති පුරවැසියන් බවට පත්වීමට අපි යොමුවිය යුතුයි.

එක්සත් ජනපදයේ සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල, දේශපාලන බලපෑම ක්‍රියාත්මක කරනු ලබන්නේ තනතුරු වලට තරඟ කිරීමෙන් (අප දිරිමත් කරන්නේ එයයි), ඡන්දය දීමෙන්, මූල්‍ය ආධාරයෙන්, දේශපාලන පක්ෂවල සාමාජිකත්වය හා සේවය මගින්, සහ නිලධාරීන්, පක්ෂ සහ අපේක්ෂකයින්ට අඛණ්ඩ සන්නිවේදනයන් මගිනුයි. හොඳින් ක්‍රියාත්මක වීමට නම්, ප්‍රජාතන්ත්‍රවාදයට මේ සියල්ල අවශ්‍ය වුවද, ඕනෑම අවංක පුරවැසියෙකුට ඒ සියල්ල සැපයීමට අවශ්‍ය වන්නේ නෑ.

මෙහි බොහෝ දේශපාලන කාරණා ඇති නමුත් පක්ෂයකට හෝ වේදිකාවකට සහ තනි අපේක්ෂකයෙකුට සියළුම පුද්ගලික මනාපයන් තෘප්තිමත් කළ නොහැකියි. එබැවින් සෑම පුරවැසියෙකුම යම්කිසි අවස්ථාවකදී ඔහුට හෝ ඇයට වඩාත් වැදගත් වන්නේ කුමන ප්‍රශ්ණද යන්න තීරණය කළ යුතුයි. එවිට සාමාජිකයන් ඔවුන්ගේ පුද්ගලික ප්‍රමුඛතා අනුව ඔවුන්ගේ බලපෑම ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව පෙළඹවීමක් සෙවිය යුතුයි. එම ක්‍රියාවලිය පහසු වන්නේ නෑ. ඒ හේතුව නිසා, මැතිවරණයෙන් මැතිවරණයට වුවද, පක්ෂ සහයෝගය හෝ අපේක්ෂක තේරීම් වෙනස් කිරීම අවශ්‍ය විය හැකියි.

එම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා නිසා, සමහරවිට ඒ නිසා ඡන්ද දායකයින්ට ඔවුන්ට අනුමත කළ නොහැකි වෙනත් තනතුරු දරන, අපේක්ෂකයින්ට හෝ දේශපාලන පක්ෂ වලට සහය වීමට අවශ්‍ය වන්නටත් පුලුවන්.9 දේශපාලන කාරණා සම්බන්ධයෙන් එකිනෙකා විනිශ්චය කිරීමෙන් වළකින ලෙස අපි අපගේ සාමාජිකයන්ව දිරිගන්වන එක් හේතුවක් වන්නේ එයයි. ඇදහිලිවන්ත පසු-දවස්වල ශුද්ධවන්තයෙකුට කිසියම් පක්ෂයකට අයත් විය නොහැකි බව හෝ නිශ්චිත අපේක්ෂකයෙකුට ඡන්දය දිය නොහැකි බව අපි කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ යුතුයි. අපි නිවැරදි මූලධර්ම උගන්වන අතර, වරින් වර ඉදිරිපත් වන ගැටළු සම්බන්ධයෙන් එම මූලධර්මයන්ට ප්‍රමුඛතාවය ලබාදිය යුතු ආකාරය තෝරාගැනීමට අපගේ සාමාජිකයින්ට ඉඩදෙනවා. අපගේ සභාවේ ඕනෑම රැස්වීමකදී, දේශපාලන තේරීම් සහ අනුබද්ධතා ඉගැන්වීම් හෝ උපදේශනයන්ට යටත් නොවිය යුතු යැයි අපි අපේ ප්‍රාදේශීය නායකයින් හට අපි තරයේ කියා සිටිනවා එමෙන්ම අපි ඉල්ලා සිටිනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව, ඇත්තවශයෙන්ම, ආගම නිදහසේ ක්‍රියාත්මක කිරීමට හෝ සභාවේ සංවිධාන වල අත්‍යවශ්‍ය අවශ්‍යතාවන්ට බලපෑමක් වනු ඇතැයි විශ්වාස කරන අප සලකන නිශ්චිත ව්‍යවස්ථාදායක යෝජනා අනුමත කිරීමට හෝ විරුද්ධ වීමට ඇති අයිතිය ක්‍රියාත්මක කරනවා.

එක්සත් ජනපදයේ දිව්‍ය ආනුභාව ලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මම සාක්ෂි දෙන අතර, ඒ සඳහා දේවානුභාවය දුන් දිව්‍යමය තැනැන්වහන්සේව හඳුනාගන්නා අපි සෑමවිටම එහි ශ්‍රේෂ්ඨ මූලධර්ම ආරක්ෂා කර උසුලන මෙන් යාච්ඤා කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. See Mark Tushnet, “Constitution,” in Michel Rosenfeld and András Sajó, eds., The Oxford Handbook of Comparative Constitutional Law (2012), 222. ලිඛිත කේතගත ව්‍යවස්ථා නැති රටවල් තුන වන්නේ එක්සත් රාජධානිය, නවසීලන්තය සහ ඊශ්‍රායලයයි. මේ සෑම එකකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රබල සම්ප්‍රදායන් ඇතත්, පාලන විධිවිධාන එක ලේඛනයකින් එකතු කර නොමැත.

  2. See United States Constitution, article 1, section 2.

  3. J. Reuben Clark Jr., “Constitutional Government: Our Birthright Threatened,” Vital Speeches of the Day, Jan. 1, 1939, 177, quoted in Martin B. Hickman, “J. Reuben Clark, Jr.: The Constitution and the Great Fundamentals,” in Ray C. Hillam, ed., By the Hands of Wise Men: Essays on the U.S. Constitution (1979), 53. බ්‍රිගම් යන්ග් විසින් වගාකරුවන් “අඩිතාලම දැමූ අතර, එය මත පදනම් වූ සුපිරි ව්‍යුහය පසුපස හඹා යාමෙන් පසු පරම්පරාවන්ට” උගන්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සමාන සංවර්ධන මතයක් දැරූවේය (Discourses of Brigham Young, sel. John A. Widtsoe [1954], 359).

  4. These five are similar but not identical to those suggested in J. Reuben Clark Jr., Stand Fast by Our Constitution (1973), 7; Ezra Taft Benson, “Our Divine Constitution,” Ensign, Nov. 1987, 4–7; and Ezra Taft Benson, “The Constitution—A Glorious Standard,” Ensign, Sept. 1987, 6–11. See, generally, Noel B. Reynolds, “The Doctrine of an Inspired Constitution,” in By the Hands of Wise Men, 1–28.

  5. United States Constitution, amendment 10.

  6. See United States Constitution, article 6.

  7. See ඇදහිල්ලේ කරුණු 1:12.

  8. දහම සහ ගිවිසුම් 98:10 බලන්න.

  9. See David B. Magleby, “The Necessity of Political Parties and the Importance of Compromise,” BYU Studies, vol. 54, no. 4 (2015), 7–23.