ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේ තුළ වර්ධනය වීම: බෑවුමේ උපමාව
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේ තුළ වර්ධනය වීම: බෑවුමේ උපමාව

ස්වාමින්වහන්සේගේ කාලය තුළ, වඩාත් වැදගත් වන්නේ අප පටන්ගන්නේ කොතැනින්ද යන්න නොව, නමුත් අප යන්නේ කොතැනටද යන්නයි.

කුඩා පිරිමි ළමයෙකු කාලයේ, මට මහත් අභිලාෂයන් තිබුණා. දිනක් පාසැල අවසන් වී, මම මෙහෙම ඇසුවා, “අම්මේ, මම ලොකු වුණාම මම කවුරු වෙන්නද ඕනේ: වෘත්තීය පැසිපන්දු ක්‍රීඩකයෙක්ද නැත්නම් රොක් තරුවක්ද?” අවාසනාවන්ත ලෙස ක්ලාක්ගේ “දත් රහිත ආශ්චර්යය” අනාගත මලල ක්‍රීඩා හෝ සංගීත මහිමයේ සලකුණු පෙන්නුවේ නෑ. ඒවගේම බොහෝ උත්සාහයන් නොතකා, මගේ පාසලේ උසස් අධ්‍යයන වැඩසටහනට මට නැවත නැවතත් ඇතුළත් වීම තහනම් වුණා. මම සම්මත පන්ති කාමරයට ඇලී සිටිය යුතු බව මගේ ගුරුවරු අවසානයේදී යෝජනා කළා. කාලයාගේ ඇවෑමෙන්, මම හානිපූරණ අධ්‍යනය කිරීමේ පුරුදු වර්ධනය කරගත්තා. නමුත් මගේ බුද්ධිමය හා අධ්‍යාත්මික හැකියාවන් ඉස්මතු වීමට පටන්ගත් බව මට දැනුනේ ජපානයේදී මාගේ ධර්මදූත සේවයෙන් පසුවයි. මම දිගටම මහන්සි වී වැඩ කළා. නමුත් මගේ ජීවිතයේ පළමු වතාවට මම ක්‍රමානුකූලව ස්වාමින්වහන්සේව මගේ දියුණුවට සම්බන්ධ කරගත් අතර එයින් මේ සියලු වෙනස්කම් සිදුවුණා.

රූපය
වැඩිහිටි ගිල්බර්ට් කුඩා ළමයෙකු ලෙස
රූපය
වැඩිහිටි ගිල්බර්ට් ධර්මදූතයෙකු ලෙස

සහෝදර සහෝදරියනි, මෙම සභාවේ, දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ගේ දිව්‍යමය හැකියාවන් සහ ක්‍රිස්තුස්වහන්සේ තුළ තවත් යමක් වීමට අපට ඇති හැකියාව ගැන අපි විශ්වාස කරනවා. ස්වාමින්වහන්සේගේ කාලය තුළ, වඩාත් වැදගත් වන්නේ අප පටන්ගන්නේ කොතැනද යන්න නොව නමුත් අප යන්නේ කොතැනටද යන්නයි. 1

මෙම මූලධර්මය විදහා දැක්වීම සඳහා, මම මූලික ගණිතය කිහිපයක් උකහා ගන්නම්. දැන්, ප්‍රධාන සම්මන්ත්‍රණයේදී ගණිතය යන වචනය ඇසීමෙන් කලබල වෙන්න එපා. ආරම්භකයාට පවා මෙම කේන්ද්‍රීය සංකල්පය ග්‍රහණය කරගත හැකි බව අපගේ BYU–අයිඩහෝ ගණිත පීඨය මට සහතික කළා. එය ආරම්භ වන්නේ රේඛාවක් සඳහා වූ සූත්‍රයෙන්. අපගේ අරමුණු සඳහා, අන්තඃඛණ්ඩය යනු, අපේ රේඛාවේ ආරම්භයයි. අන්තඃඛණ්ඩයට ඉහළ හෝ පහළ ආරම්භක ස්ථානයක් තිබෙන්නට පුළුවන්. රේඛාවේ බෑවුමට ධනාත්මකව හෝ සෘණාත්මකව බෑවුම් වෙන්න පුළුවන්.

රූපය
Slopes and intercepts

අපි සෑම කෙනෙකුටම ජීවිතයේ විවිධ අන්තඃඛණ්ඩ තිබෙනවා—අපි විවිධ ස්ථාන වලින් විවිධ ජීවිත දායාද වලින් පටන්ගන්නවා. ඇතැමෙක් උපතින්ම අවස්ථා වලින් පිරී ඇති, ඉහළ අන්තඃඛණ්ඩ සමඟ ඉපදෙනවා. තවත් සමහරු අභියෝගාත්මක හා අසාධාරණ ලෙස පෙනෙන ආරම්භක තත්වයන්ට මුහුණදෙනවා. 2 එවිට අපි පුද්ගලික දියුණුවේ බෑවුමක් දිගේ ඉදිරියට යමින් වර්ධනය වෙනවා. අපේ ආරම්භක ස්ථානය අනුව අපේ අනාගතය තීරණය වන්නේ වඩාත් අඩුවෙන් වන අතර, බොහෝ දුරට එය තීරණය වෙන්නේ අපේ බෑවුම අනුවයි. අපි කොතැනකින් පටන්ගත්තත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දිව්‍යමය හැකියාවන් දකිනවා. හිඟන්නා, පව්කාරයා, සහ දුර්වලයා තුළ උන්වහන්සේ එය දුටුවා. ධීවරයා, බදු එකතු කරන්නා, සහ ජ්වලිතයා තුළ පවා උන්වහන්සේ එය දුටුවා. අපි පටන්ගන්නේ කොහෙන්ද යන බව නොසලකා, ක්‍රිස්තුස්වහන්සේ සලකාබලන්නේ අපට ලබාදී ඇති දේ සමඟ අපි කුමක් කරනවාද කියායි. 3 ලෝකය අපේ අන්තඃඛණ්ඩය කෙරෙහි අවධානය යොමුකරන අතරතුර, දෙවියන්වහන්සේ අවධානය යොමුකරන්නේ අපගේ බෑවුම පිළිබඳවයි. ස්වාමින්වහන්සේගේ ගණනය කිරීම් වලදී, උන්වහන්සේ අපේ බෑවුම් ස්වර්ගය දෙසට හැරවීමට අපට උදව් කිරීමට උන්වහන්සේට හැකි සෑමදෙයක්ම කරයි.

මෙම මූලධර්මය අරගල කරන අයට සැනසීමක් ලබාදිය යුතු අතර, සෑම වාසියක්ම ඇතැයි පෙනෙන අයට විරාමයක් ලබාදිය යුතුයි. දුප්පත්කම, අධ්‍යාපනයට ප්‍රවේශයට ඇති සීමා, සහ අභියෝගාත්මක පවුල් තත්වයන් ඇතුළු, අසීරු ආරම්භක අවස්ථා ඇති පුද්ගලයින් ඇමතීමෙන් මම පටන්ගන්නම්. තවත් සමහරු ශාරීරික අභියෝග, මානසික සෞඛ්‍ය බාධාවන්, හෝ දැඩි ජානමය නැඹුරුතාවයන්ට මුහුණදෙනවා. 4 දුෂ්කර ආරම්භක ස්ථාන සමඟ පොරබදින ඕනෑම කෙනෙකු, ගැලවුම්කරුවාණන් අපේ අරගල දන්නා බව කරුණාකර හඳුනාගන්න. උන්වහන්සේ “උන්වහන්සේ මත [අපගේ] දුර්වලකම් ගන්නා සේක, එනම් උන්වහන්සේගේ හද පත්ල කරුණාවෙන් පිරෙන්නේය … එනම් උන්වහන්සේ [අපගේ] දුර්වලකම් වලට අනුව [අපට] උපකාර කිරීමට දැනගන්නා පිණිසය.” 5

දුෂ්කර ආරම්භක තත්වයන්ට මුහුණදෙන අය සඳහා දිරිගැන්වීමේ අංශ දෙකක් බෙදාගැනීමට මට ඉඩදෙන්න. පළමුවෙන්ම, ඔබ ආරම්භ කළේ කොතැනින්ද නොව කොතැනට යනවාද යන්න ගැන අවධානය යොමුකරන්න. ඔබේ තත්වයන් නොසලකා හැරීම වැරදියි—ඒවා සත්‍ය වන අතර ඒවාට පිළියම් යෙදිය යුතුයි. නමුත් දුෂ්කර ආරම්භක ස්ථානයක් කෙරෙහි වැඩියෙන් අවධානය යොමුකිරීම මගින් එයින් ඔබව නිර්වචනය කිරීමට සහ ඔබේ තෝරාගැනීමේ හැකියාව සීමා කිරීමට පවා හේතු වෙනවා. 6

රූපය
බොස්ටන් හි තරුණ පිරිමි ළමුන්

වසර ගණනාවකට පෙර මම මැසචුසෙට්ස්, බොස්ටන් හි, ශුභාරංචියට සහ සභාවේ අපේක්ෂාවන්ට බොහෝ සෙයින් අළුත් වූ නගර මධ්‍යයක සිටි යෞවනයින් කණ්ඩායමක් සමඟ සේවය කළා. ඔවුන්ගේ තත්වය උදෙසා මගේ සංවේදනය සහ සැලකිල්ල සමඟ දෙවියන්වහන්සේගේ ප්‍රමිති පහත් කිරීමේ උවමනාව සමඟ ව්‍යාකූල වීම පරික්ෂාවක් මෙන් වුණා. 7 මගේ ආදරය පෙන්වීමට ඇති ප්‍රබලතම ක්‍රමය නම් කිසිවිටෙකත් මගේ අපේක්ෂාවන් පහත හෙලීම නොවන බව මට වැටහුණා. මම කරන්නට දන්නා සෑමදෙයක් සමඟම, ඔවුන්ගේ හැකියාවන් කෙරෙහි අපි එකට එක්ව අවධානය යොමුකළ අතර, ඒ සෑම කෙනෙකුම ඔවුන්ගේ බෑවුම් ඉහළ නැංවීමට පටන්ගත්තා. ශුභාරංචිය තුළ ඔවුන්ගේ වර්ධනය ක්‍රම-ක්‍රමයෙන් වූ නමුත් ස්ථාවර වුණා. අද ඔවුන් ධර්මදූතයන් සේවය කර, විද්‍යාලයෙන් උපාධි ලබා, දේවමාළිගාවේදී විවාහ වී, එමෙන්ම කැපීපෙනෙන පෞද්ගලික හා වෘත්තීය ජීවිත ගතකරමින් සිටිනවා.

රූපය
බොස්ටන් හි වැඩුණු පිරිමි ළමුන්

දෙවනුව, ඔබේ බෑවුම එසවීමේ ක්‍රියාවලියට ස්වාමින්වහන්සේව සම්බන්ධ කරගන්න. BYU–Pathway Worldwide (ලෝක ව්‍යාප්ත BYU–මාර්ගය) හි සභාපති ලෙස සේවය කරමින් සිටියදී, පේරු, ලීමා හිදී, වැඩිහිටි කාලෝස් ඒ. ගොඩෝයි කථිකයා ලෙස සිටි විශාල දේශනාවක හිඳගෙන සිටි අයුරු මට මතකයි. ඔහු එම රැස්ව සිටි පිරිස දෙස බැලූ විට, බොහෝ ඇදහිලිවන්ත, පළමු පරම්පරාවේ විශ්ව විද්‍යාල සිසුන් නිරීක්ෂණය කිරීමෙන් ඔහු යටපත් වූ බවක් පෙනුණා. සමහරවිට එවැනි අසීරු තත්වයන් තුළින් ඔහුගේම මාවත ගැන මෙනෙහි කරමින්, වැඩිහිටි ගොඩෝයි චිත්තවේගීයව මෙසේ පැවසුවා: “ඔබ විසින් ඔබට උපකාර කරගැනීමට ඇති හැකියාවට වඩා ස්වාමින්වහන්සේ ඔබට උපකාර කරයි. [එබැවින්] මෙම ක්‍රියාවලියට ස්වාමින්වහන්සේව සම්බන්ධ කරගන්න.” 8 අනාගතවක්තෘ නෙපි මෙසේ ඉගැන්වුවා “අපට කළ හැකි සියල්ලෙන් පසු, අපට ගැලවීම ලැබෙන්නේ කරුණාව මගින්ය.” 9 පසුතැවිලි වීම ඇතුළුව, අපි අපිට කළ හැකි උපරිමය කළ යුතුම නමුත්, 10 අපගේ දිව්‍යමය හැකියාවන් සාක්‍ෂාත් කරගත හැක්කේ ස්වාමින්වහන්සේගේ කරුණාව තුළින්ම පමණයි. 11

රූපය
ලිමා පේරු හි, BYU–Pathway දේශනාව
රූපය
වැඩිහිටි ගොඩොයි ලිමා පේරු හි, කතා කරමින්

අවසාන වශයෙන්, ඉහළ ආරම්භක අවස්ථා ඇති අය සඳහා දිරිගැන්වීමේ අංශ දෙකක් බෙදාගැනීමට මට ඉඩදෙන්න. පළමුවෙන්ම, අප විසින්ම නිර්මාණය නොකළ තත්වයන් සඳහා අපට යම් නිහතමානී බවක් පෙන්විය හැකිද? BYU හි හිටපු සභාපති රෙක්ස් ඊ. ලී සිය සිසුන්ට උපුටා දැක්වූ පරිදි, “අපි සියලුදෙනාම අපි නොහෑරූ ළිං වලින් පානය කර ඇත, එමෙන්ම අපි ගොඩනැගුවේ නැති ගින්නෙන් අපව උණුසුම් කරගෙන ඇත.” 12 පෙර පුරෝගාමීන් විසින් ඉදිකරන ලද අධ්‍යාපන ළිං පුරවා නැවත ලබාදෙන ලෙස ඔහු තම ශිෂ්‍යයින්ගෙන් ඉල්ලා සිටියා. අන් අය විසින් වගාකරන ලද කෙත්වතු නැවත වගාකිරීමට අපොහොසත් වීම තලෙන්තයක් වැඩිකර නොගෙන ආපසු ලබාදීම හා සමාන විය හැකියි.

දෙවනුව, ඉහළ ආරම්භක ස්ථානයක් කෙරෙහි අවධානය යොමුකිරීම බොහෝ විට අප දියුණුවෙමින් සිටින බවක් හැඟීමට අපව පොලඹවා ගතහැකි අතර, ඇත්තවශයෙන්ම අපේ අභ්‍යන්තර බෑවුම තරමක් දියුණු නොවන සුළු වෙන්න පුළුවන්. හාවර්ඩ් මහාචාර්ය ක්ලේටන් එම්. ක්‍රිස්ටන්සන් ඉගැන්වූයේ වඩාත් සාර්ථක පුද්ගලයින් වඩාත් නිහතාමානී අය බවයි, මොකද නිවැරදි කිරීමට හා ඕනෑම කෙනෙකුගෙන් ඉගෙනගැනීමට තරම් ඔවුන් ආත්ම-විශ්වාසයකින් යුතු අයයි. 13 වැඩිහිටි ඩී.ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් අපට මෙසේ උපදෙස් ලබාදුන්නා “පිළිගැනීමට සහ නිවැරදි කිරීමට පවා කැමැත්තෙන්ම [ක්‍රම සොයන්න].” 14 සෑමදෙයක්ම හොඳින් සිදුවන බවක් පෙනෙන්නට තිබුණත්, යාච්ඤාවෙන් ඉල්ලමින් අපි වැඩිදියුණු වීමේ අවස්ථා සෙවිය යුතුම වෙනවා.

අපි බහුලව හෝ දුෂ්කර තත්වයන් යටතේ පටන්ගත්තත්, අපි අපගේ මූලික හැකියාව අවබෝධ කරගැනීම සිදුවන්නේ දෙවියන්වහන්සේව අපේ සහකරු කරගත් විට පමණයි. BYU–Pathway (BYU–මාර්ගයේ) හි සාර්ථකත්වය ගැන විමසමින් සිටි ජාතික වශයෙන් ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනඥයෙකු සමඟ මම මෑතකදී සංවාදයක් පැවැත්වූවා. ඔහු දීප්තිමත් වූ අතර ඔහුගේ විමසීම අවංක වූ නමුත්, ඔහුට පැහැදිලිවම අවශ්‍ය වූයේ ලෞකික ප්‍රතිචාරයක්. අපගේ රඳවාගැනීමේ වැඩසටහන් සහ උපදේශක උත්සාහයන් මම ඔහු සමඟ බෙදාගත්තා. නමුත් මම මෙසේ කියමින් අවසන් කළා, “මේ සියල්ල හොඳ පුරුදු වන අතර, අපේ ශිෂ්‍යයන්ගේ දියුණුවට සැබෑ හේතුව නම් අපි ඔවුන්ගේ දිව්‍යමය හැකියාවන් ඔවුන්ට කියාදීමයි. ඔබේ මුළු ජීවිතය පුරාම ඔබට කිසිදිනක සාර්ථක විය නොහැකියි කියා ඔබට පවසා ඇතැයි සිතන්න. එසේනම් ඔබ ඇත්තෙන්ම දිව්‍යමය හැකියාවක් සහිත දෙවියන්වහන්සේගේ පුතෙකු හෝ දියණියක් වීමේ බලපෑම ගැන ඉගැන්වීම සලකාබලන්න.” ඔහු මදකට නතර වී, “එය බලවත්” යැයි සරලව පිළිතුරු දුන්නා.

සහෝදර සහෝදරියනි, මෙහි එක් ප්‍රාතිහාර්යයක් නම්, ස්වාමින්වහන්සේගේ සභාවේ, අපි සෑම කෙනෙකුටම ක්‍රිස්තුස්වහන්සේ තුළ වැඩි යමක් බවට පත්වීමට ඇති හැකියාවයි. එහි සාමාජිකයින්ට සේවය කිරීමට, ආපසු දීමට, පසුතැවිලි වීමට, සහ වඩා හොඳ මිනිසුන් වීමට වැඩි අවස්ථාවක් ලබාදෙන වෙනත් කිසිඳු සංවිධානයක් ගැන මම දන්නේ නෑ. අපි බහුල හෝ දුෂ්කර වාතාවරණයන්ගෙන් පටන්ගත්තත්, අපේ දර්ශනයන් සහ අපේ බෑවුම් ස්වර්ගය දෙසට යොමුකරමු. අපි එසේ කරන විට, ක්‍රිස්තුස්වහන්සේ අපව උසස් තැනකට ඔසවා තබයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. See Clark G. Gilbert, “The Mismeasure of Man” (BYU–Pathway Worldwide devotional, Jan. 12, 2021), byupathway.org/speeches. මෙම පණිවිඩයෙන් මම සොයාබැලුවේ ලෝකය බොහෝ විට මනුෂ්‍යයාගේ හැකියාවන් වැරදි ලෙස මනින්නේ කෙසේද යන්නයි. අධිෂ්ඨානය (ඇන්ජෙලා ඩක්වර්ත්) සහ වර්ධන මානසිකත්වය (කැරොල් එස්. ඩෙක්) යන සංකල්පයන් වෙනුවෙන් පෙනී සිටින වැදගත් කාර්යයන් සඳහා යොමුවන යහපත් අදහස් ඇති පුද්ගලයින් වන ප්‍රමුඛ මනෝවිද්‍යාඥයින් පවා, ඔවුන් ඉගෙනගත් රටාවන් මත විශ්වාසය තබා, සැබෑ මිනිස් ධාරිතාව අවතක්සේරු කරමින්, එමෙන්ම ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ දිව්‍යමය හැකියාවන් නොසලකා හරිති.

  2. See Dale G. Renlund, “Infuriating Unfairness,” Liahona, May 2021, 41–45.

  3. බලන්න මතෙව් 25:14–30. තලෙන්ත උපමාවේදී, සෑම සේවකයෙකුටම තම ස්වාමියාගෙන් විවිධ කුසලතා ගණනක් ලැබුණි. නමුත් විනිශ්චය තීරණය වූයේ ඔවුන්ට ලැබුණු දෙයින් නොව එය කළමනාකරණය කළ ආකාරය අනුවය. එම ස්වාමියාට මෙසේ පැවසීමට හේතු වූයේ මෙම වැඩිවීමයි, “යහපත්වූ විශ්වාසවූ දාසය, ඒ යහපතය; ස්වල්ප දේ ගැන නුඹ විශ්වාස වූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි, නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙයන්නැයි ඔහුට කීවේය” (මතෙව් 25:21).

  4. බලන්න මොසායා 3:19. එක් ඇඟවුමක් විය හැක්කේ ස්වාභාවික ජානමය නැඹුරුතාවයන් අනුව ස්වාභාවික මිනිසාගේ ආකර්ෂණයට අප නිරාවරණය වීම වෙනස් විය හැකි බවයි. අප සෑම කෙනෙකුටම විවිධ ත්‍යාගයන් හිමිවනවා සේම, අප කළමනාකරණය කිරීමට සහ ජයගැනීමට ඉගෙනගත යුතුම වන විවිධ ශාරීරික, මානසික හා චිත්තවේගී අභියෝගද ඇත.

  5. ඇල්මා 7:11–12 ක්‍රිස්තුස්වහන්සේ අපගේ පසුතැවිල්ල තුළින් අපගේ පව් වලින් ජයගැනීමට අපට උදවු කරනවා පමණක් නොව, නමුත් අපගේ ජීවිතයේ දුෂ්කරතාවයන්ගෙන් අපව සනසවාගන්නේ කෙසේදැයි උන්වහන්සේ දනී, මන්ද වන්දිගෙවීම තුළින් උන්වහන්සේට සියලු මනුෂ්‍ය දුක් වේදනා දැනී ඇති අතර ඒ සියලු මිනිස් වේදනාවන් ජයගෙන ඇත.

  6. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් අපට මතක්කර දෙන්නේ අපි නියෝජිතයන් වන අතර අපි අපි වෙනුවෙන් ක්‍රියාකළ යුතු බවයි. ලෝකයේ ලේබල වලින් අපි අපව නිර්වචනය කරන විට, අපි අපගේ දිව්‍යමය හැකියාවන් සීමා කරන අතර එසේ කිරීමෙන් අපට තෝරාගැනීමේ හැකියාව සීමා කරන්නෙමු. (See David A. Bednar, “And Nothing Shall Offend Them,” Liahona, Nov. 2006, 89–92.)

  7. See Russell M. Nelson, “The Love and Laws of God” (Brigham Young University devotional, Sept. 17, 2019), speeches.byu.edu. මෙම BYU දේශනාවේදී, සභාපති නෙල්සන් උගන්වන්නේ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් අපට ප්‍රේම කරන හෙයින්, උන්වහන්සේලා අපට උපකාර වන නීති සහ අපේක්ෂාවන් දී ඇති බවයි. “දෙවියන්වහන්සේගේ නීති වලින් පිළිබිඹු වන්නේ අප සෑම කෙනෙකු කෙරෙහිම උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමයයි. උන්වහන්සේගේ නීති මඟින් අපව අධ්‍යාත්මික වශයෙන් සුරක්‍ෂිත කරන අතර සදාකාලික දියුණුවට අපට උපකාරී වේ” (පිටුව 2).

  8. Carlos A. Godoy, BYU–Pathway Connections Conference, Lima, Peru, May 3, 2018.

  9. 2 නෙපි 25:23.

  10. මගේ දෙමාපියන් විසින් “ඔබේ උපරිමය කරන්න” යනුවෙන් ගිල්බට් පවුලේ ආදර්ශ පාඨයක් ස්ථාපිත කර තිබිණි. අපි අපේ උපරිමය කළහොත් දෙවියන්වහන්සේට මැදිහත් වී වෙනසක් ඇතිකළ හැකි යැයි අපට විශ්වාස කළ හැකි බව අවධාරණය කිරීම බෑවුමේ උපමාව පෙන්වා දීමට එය තවත් ක්‍රමයකි.

  11. See Clark G. Gilbert, “From Grit to Grace” (BYU–Pathway Worldwide devotional, Sept. ාගැනීමට අප ඉගෙනගත යුතුය යන අදහස ගවේෂණය කරමි.

  12. Rex E. Lee, “Some Thoughts about Butterflies, Replenishment, Environmentalism, and Ownership” (Brigham Young University devotional, Sept. 15, 1992), 2, speeches.byu.edu; තවත් බලන්න ද්විතීය කතාව 6:11.

  13. See Clayton M. Christensen, “How Will You Measure Your Life?,” Harvard Business Review, July–Aug. 2010, hbr.org. මෙම පණිවිඩය මුලින් ලබාදුන්නේ හාවර්ඩ් ව්‍යාපාරික පාසලේ උපාධියට සම්බන්ධ පන්ති දින කතාවක් ලෙසය. ඔහුගේ පණිවිඩයේදී, මහාචාර්ය ක්‍රිස්ටෙන්සන් සිය පණිවිඩය තුළින්, ජීවිතය පුරාම වැඩිදියුණු වීම දිගටම පවත්වාගෙන යන්නට නම්, ඔවුන් නිවැරදි කිරීම් සොයන්නට සහ අනෙක් අයගෙන් ඉගෙනගැනීමට තරම් නිහතාමානි විය යුතු බව මතක්කරමින්, නිහතාමානීකමින් ආත්ම-විශ්වාසය වෙන් කිරීම ගැන අනතුරු ඇඟෙව්වේය.

  14. D. Todd Christofferson, “As Many as I Love, I Rebuke and Chasten,” Liahona, May 2011, 97.