ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔබේ ආලෝකය ඔසවන්න
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔබේ ආලෝකය ඔසවන්න

අද මගේ ආරාධනය සරලයි: ශුභාරංචිය බෙදාගන්න. ඔබ ඔබම වී, එම ආලෝකය ඔසවන්න.

මීට වසර කිහිපයකට පෙර, පේරු බලා යන ගුවන්යානයක ස්වයං ප්‍රකාශිත අදේවවාදියෙක් අසල මම වාඩි වී සිටියා. මම දෙවියන්වහන්සේව විශ්වාස කරන්නේ ඇයි කියලා ඔහු මගෙන් ඇහුවා. ඉන් අනතුරුව ඇතිවූ රසවත් සංවාදයේදී, ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේව දුටු නිසා මම උන්වහන්සේව විශ්වාස කළ බව ඔහු සමඟ පවසා—ඉන්පසු දෙවියන්වහන්සේ පිළිබඳ මගේ දැනුමද පෞද්ගලික හා සැබෑ අධ්‍යාත්මික අත්දැකීමක් තුළින් ලැබුණු බව මම ඔහුට කිව්වා. “සෑම දෙයකින්ම අදහස් කරන්නේ දෙවියන්වහන්සේ සිටින බවයි” 1 යන මගේ විශ්වාසය මම බෙදාගත් අතර ඔහු විශ්වාස කරන ආකාරයට—අවකාශයේ රික්තය තුළ මෙම ජීවිතයේ ක්ෂේම භූමිය—වන පොළොව පැවැත්මට පැමිණුනේ කෙසේදැයි මම ඔහුගෙන් ඇසුවා. ඔහු පිළිතුරු දුන්නේ, ඔහුගේ වචන වලින් කිවහොත්, “එම අනතුර” කාලයත් සමඟ සිදුවී තිබිය හැකි බවයි. “අනතුරකට” මෙවැනි අලංකාරයක් සහ අනුපිළිවෙලක් නිර්මාණය කිරීම, එය කෙතරම් අසම්භාව්‍ය දැයි මම පැහැදිලි කළ විට, ඔහු මඳ වේලාවක් නිහඬව සිටි අතර පසුව හොඳ සිතිවිල්ලෙන් කියා සිටියේ “ඔබ මාව අල්ලගත්තා” කියායි. ඔහු මොර්මොන්ගේ පොත කියවන්නට කැමතිද කියලා මම ඇහුවා. ඔහු කැමති බව පැවසූ නිසා මම ඔහුට පිටපතක් යැව්වා.

අවුරුදු ගණනාවකට පසු නයිජීරියාවේ ලාගෝස් ගුවන්තොටුපලේ සිටියදී මට නව මිතුරෙකු හමුවුණා. ඔහු මගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්‍ෂා කරන විට අපි දැන හඳුනාගත්තා. මම ඔහුගේ ආගමික විශ්වාසයන් ගැන ඔහුගෙන් ඇසුවා, එවිට ඔහු දෙවියන්වහන්සේ කෙරෙහි දැඩි ඇදහිල්ලක් ප්‍රකාශ කළා. මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ මහත් ප්‍රීතිය හා ප්‍රබෝධය බෙදාගත් අතර ඔහු ධර්මදූතවරුන්ගෙන් තවත් ඉගෙනගැනීමට කැමතිදැයි විමසා සිටියා. ඔහු ඔව් කිව්වා, ඔහුට උගන්වනු ලැබ, බව්තීස්ම කළා. අවුරුද්දකට හෝ දෙකකට පසු, මම ලයිබීරියාවේ ගුවන්තොටුපල හරහා ඇවිදගෙන යද්දී, මගේ නම කියන හඬක් මට ඇසුණා. මම හැරුණු විට, එම තරුණයාම මද සිනහවකින් මා අසලට පැමිණියා. අපි සතුටින් වැළඳගත් අතර ඔහු සභාවේ ක්‍රියාකාරීව සිටි බවත් ධර්මදූතවරුන් සමඟ තම පෙම්වතියට ඉගැන්වීම සඳහා වැඩ කරන බවත් ඔහු මට පැවසුවා.

දැන්, මගේ අදේවවාදී මිත්‍රයා කවදා හෝ මොර්මොන්ගේ පොත කියවා හෝ සභාවට සම්බන්ධ වූවාදැයි මම දන්නේ නෑ. මගේ දෙවන මිතුරා එසේ කළා. ඔවුන් දෙදෙනාටම, මගේ වගකීම 2 —මගේ අවස්ථාව—එක හා සමානයි: එනම් ආදරය කිරීමට, බෙදාගැනීමට සහ සාමාන්‍ය, ස්වාභාවික ආකාරයකින් ඔවුන් සෑමදෙනාටම ආරාධනා කිරීමට—ශුභාරංචි ආලෝකය ඔසවා තබාගැනීමයි. 3

සහෝදර සහෝදරියනි, ශුභාරංචිය බෙදාගැනීමේ ආශිර්වාද මම අත්විඳ ඇති අතර, ඒවා අතිවිශිෂ්ඨයි. ඒවායින් කිහිපයක් මෙන්න:

ශුභාරංචිය බෙදාගැනීම ප්‍රීතිය හා බලාපොරොත්තුව ගෙනදෙයි

මේ බලන්න, මේ පොළොවට පැමිණීමට පෙර අපි ජීවත් වූයේ අපේ ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන් ලෙස බවත් 4 ඒවගේම පොළොව මවා ඇත්තේ සෑම පුද්ගලයෙකුටම ශරීරයක් ලබාගැනීමටත්, අත්දැකීම් ලබාගැනීමටත්, ඉගෙනගැනීමට හා දෙවියන්වහන්සේගේ ජීවිතය වන— සදාකාල ජීවනය ලබාගැනීම සඳහා වර්ධනය වීමට අවස්ථාව ලබාදීම සඳහා බවත් ඔබත් මමත් දන්නවා. 5 අපි පොළොවේ දුක් විඳ පාපයෙහි යෙදෙන බව ස්වර්ගික පියාණන්වහන්සේ දැන සිටි අතර, ඒනිසා උන්වහන්සේගේ තම පුත්‍රයාණන්ව එව්වා, උන්වහන්සේගේ “අසමසම ජීවිතය” 6 සහ අසීමිත වන්දිගෙවීමේ පරිත්‍යාගය 7 නිසා අපට සමාව ලබාගැනීමට, සුවවීමට සහ පූර්ණ වීමට හැකියාව ලැබෙනවා. 8

මෙම සත්‍යයන් දැනගැනීම ජීවිතය වෙනස් කරනවා! යම් පුද්ගලයෙක් ජීවිතයේ මහිමවත් අරමුණ ඉගෙනගෙන, ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන අයට උන්වහන්සේ සමාව දී උපකාර කරන බව තේරුම්ගෙන, එමෙන්ම ඉන්පසු බව්තීස්ම කිරීමේ ජලය වෙතට යාමට ක්‍රිස්තුස්වහන්සේව තෝරාගත් විට, ජීවිතයේ පිටස්තර තත්වයන් එසේ නොවුනත්—ජීවිතය යහපත් අතට හැරෙනවා.

නයිජීරියාවේ ඔනිට්ෂා හිදී මට හමුවූ ඉතා ප්‍රීතිමත් සහෝදරියක් මට පැවසුවේ, ඇය ශුභාරංචිය ඉගෙනගෙන බව්තීස්ම වූ දා සිට (දැන් මම ඇයගේ වචන භාවිතා කරන්නම්), “සෑම දෙයක්ම මට හොඳයි. මම ඉන්නේ සතුටින්. මම ඉන්නේ ස්වර්ගයේ.” 9 ශුභාරංචිය බෙදාගැනීම තුළින් ලබාදෙන්නාගේ මෙන්ම ලබන්නාගේද යන දෙදෙනාගේම ප්‍රාණයන්හි ප්‍රීතිය හා බලාපොරොත්තු දල්වනවා. සැබැවින්ම, ඔබ ශුභාරංචිය බෙදාගන්නා විට “ඔබේ ප්‍රීතිය කෙතරම් මහත් වනු ඇත්ද!” 10 ශුභාරංචිය බෙදාගැනීම යනු ප්‍රීතියේ ප්‍රීතියයි, බලාපොරොත්තුව කෙරෙහි බලාපොරොත්තුවයි. 11

ශුභාරංචිය බෙදාගැනීම තුළින් දෙවියන්වහන්සේගේ බලය අපේ ජීවිත තුළට ගෙන එයි

අපි බව්තීස්ම වූ විට, අපි සැමදෙනාම දෙවියන්වහන්සේ සමඟ සදාකාලික 12 ගිවිසුමකට අවතීර්ණ වුණා, ඒ “උන්වහන්සේට සේවය කිරීමට සහ උන්වහන්සේගේ ආඥා පැවැත්වීම” 13 සඳහායි, එයට “සෑම විටම සහ සෑම දෙයකදීම සහ සෑම තැනකදීම සාක්ෂිකරුවෙකු ලෙස සිටීම” 14 යන දෙයත් ඇතුළත් වෙනවා. මෙම ගිවිසුම තබාගැනීමෙන් අපි උන්වහන්සේ තුළ “වාසය” කරන විට, අත්තකට වැලෙන් පෝෂණය ලැබෙන්නාක් මෙන්, ක්‍රිස්තුස්වහන්සේ තුළින් පැමිණෙන දේවතත්වයේ, ජීවමාන, පවතින, පාරිශුද්ධ කරන බලය අපේ ජීවිත තුළට ගලා එනවා. 15

ශුභාරංචිය බෙදාගැනීමෙන් අපව පරික්ෂා වලින් ආරක්ෂා කරයි

ගැලවුම්කරුවාණන් මෙසේ ආඥා කළා:

“නුඹලාගේ ආලෝකය බබළවන පිණිස ලෝකය වෙතට ඔසවන්න. බලන්න නුඹලා එම ඔසවන්නාවූ ආලෝකය මමය—එනම් මා විසින් කරනවා නුඹලා දුටු දේවල්ය. …

“… නුඹලා මා වෙතට පැමිණීමට මම ආඥා කර ඇත්තෙමි, එනම් නුඹලාට දැනී දකින පිණිසය, ඒ ආකාරයෙන්ම නුඹලා ලෝකය වෙතට කරන්නෙහුය; තවද කවරෙක් වුවත් මෙම ආඥාව කඩන්නේද ඔහු තමන්වම පරික්ෂාවට මගපෙන්වා ගන්නේය.” 16

ශුභාරංචි ආලෝකය ඔසවා තබා නොගැනීමට තෝරාගැනීමෙන්, සෙවනැල්ල වෙත අපව ගෙන යන අතර එහිදී අපි පරීක්ෂාවට ගොදුරු විය හැකියි. වැදගත් දෙය නම්, එම සංවාදය සත්‍යයකි: ශුභාරංචි ආලෝකය ඔසවා තබාගැනීමට තෝරාගැනීමෙන් අපව එම ආලෝකයට සම්පූර්ණයෙන්ම ගෙන එන අතර එය පරීක්ෂාවට එරෙහිව ආරක්ෂාව සපයනවා. අද ලෝකයේ මෙය මොනතරම් විශාල ආශිර්වාදයක්ද!

ශුභාරංචිය බෙදාගැනීමෙන් සුවය ලැබේ

ඇදහිල්ල පිළිබඳ ප්‍රශ්න ඇතුළුව, ඉතා දැඩි පෞද්ගලික අරගල මධ්‍යයේ වුවද ධර්මදූතයින්ට සහයෝගය දැක්වීම සඳහා වූ ආරාධනය ටිෆනි මයිලෝන් සොයුරිය පිළිගත්තා. ධර්මදූතයින්ට සහය වීම ඇගේ ඇදහිල්ල සහ යහපැවැත්ම පිළිබඳ හැඟීම අලුත් කර තිබෙන බව මෑතකදී ඇය මට කිව්වා. ඇගේ වචනයෙන් කියනවා නම්, “ධර්මදූත කාර්යය ඉතා සුවදායකයි.” 17

ප්‍රීතිය. බලාපොරොත්තුව. දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ස්ථිර බලය. පරීක්ෂාවන්ගෙන් ආරක්ෂා වීම. සුවවීම. මේ සියල්ල—සහ තවත් බොහෝ දේ (පාප වලට සමාව ඇතුළුව) 15 —අපි ශුභාරංචිය බෙදාගන්නා විට ස්වර්ගයේ සිට අප මත වගුරුවනු ලැබෙනවා.

දැන්, අපේ උතුම් අවස්ථාව වෙත හැරෙමු

සහෝදර සහෝදරියනි, “සියලු … පාර්ශවයන්, [සම්ප්‍රදායන්] සහ නිකායන් වල බොහෝ අය තවමත් ඇත, … තවද ඔවුන්ව සත්‍යයෙන් සඟවා ඇත්තේ මක්නිසාද එය සොයගන්නේ කොතනැදැයි ඔවුන් නොදන්නා නිසාය.” 19 අපේ ආලෝකය ඔසවා තබාගැනීමේ අවශ්‍යතාවය මෙලෙස ඉතා ශ්‍රේෂ්ඨව සමස්ත මානව ඉතිහාසයේ කිසිදිනෙක තිබුණේ නෑ. එමෙන්ම සත්‍යයට ප්‍රවේශ වීමට කිසිවිටෙකත් මෙතරම් පහසු වී නෑ.

යූ ටියුබ් හි ජීවිතය බෙදාගත් පවුලක් ගැන, බෞද්ධයෙකු ලෙස හැදී වැඩුණු, ජිමී ටොන් පුදුමයට පත්වුණා. ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් බව ඔහු දැනගත් විට, ඔහු විසින්ම අන්තර්ජාලය හරහා ශුභාරංචිය අධ්‍යයනය කළා, ශුභාරංචි යෙදුම භාවිතා කර මොර්මොන්ගේ පොත කියවා, විද්‍යාලයේදී ධර්මදූතවරුන් හමුවීමෙන් පසු බව්තීස්ම වුණා. 20 වැඩිහිටි ටොන් ඔහුම දැන් පූර්ණ කාලීන ධර්මදූතවරයෙක්.

අපේ අනාගතවක්තෘවරයාව උපුටා දක්වනවා නම්, ඔහු සහ ලොව පුරා සිටින ඔහුගේ අනෙකුත් ධර්මදූතයින් ස්වාමින්වහන්සේගේ බලඇණියයි. 21 මෙම ධර්මදූතවරුන් ලෝකයේ ප්‍රවණතාවට බාධා පමුණුවමින් සිටිනවා: Z පරම්පරාව දෙවියන්වහන්සේගෙන් ඈත් වන බව සමීක්ෂණ වාර්තා කරන අතර, 22 අපේ වීරෝදාර රණශූර 23 වැඩිහිටියන් සහ සහෝදරියන් මිනිසුන්ව දෙවියන්වහන්සේ වෙත යොමුකරමින් සිටිනවා. එමෙන්ම ක්‍රිස්තුස්වහන්සේ වෙත හා උන්වහන්සේගේ සභාව වෙත වැඩි වැඩියෙන් මිතුරන්ට පැමිණීමට උදව් කරමින්, ශුභාරංචිය බෙදාගැනීමේදී ධර්මදූතයින් සමඟ සභාවේ සාමාජිකයින් වැඩි සංඛ්‍යාවක් එකතු වෙමින් සිටිනවා.

ලයිබීරියාවේ සිටින අපගේ පසුදවස් වල ශුද්ධවන්තයින් මාස 10 ක් තුළ තම රටේ පූර්ණ කාලීන ධර්මදූතවරුන් නොමැති අතරදී, මිතුරන් 507 දෙනෙකුට බව්තීස්ම ජලයට ඇතුළු වීමට උදව් කළා. එහි සිටි අපේ පුදුමාකාර ස්ටේක සභාපතිවරයෙකු පූර්ණ කාලීන ධර්මදූතයින් ආපසු එන බව ආරංචි වූ විට, ඔහු මෙසේ පැවසුවා: “අනේ හොඳයි, දැන් ඔවුන්ට අපේ වැඩ වලට උදව් කරන්නට පුළුවන්.”

ඔහු හරි: මෙම පොළොවේ ශ්‍රේෂ්ඨතම අභිප්‍රාය වන 24 —ඊශ්‍රායෙලය එක්රැස් කිරීම—අපගේ ගිවිසුමේ වගකීමයි. එමෙන්ම මේ අපේ කාලයයි! අද මගේ ආරාධනය සරලයි: ශුභාරංචිය බෙදාගන්න. ඔබ ඔබම වී, එම ආලෝකය ඔසවන්න. ස්වර්ගික උපකාරය සඳහා යාච්ඤා කරන්න, එමෙන්ම ආත්මික පෙළඹවීම් අනුගමනය කරන්න. ඔබේ ජීවිතය සාමාන්‍ය පරිදි හා ස්වභාවිකව බෙදාහදා ගන්න; තවත් පුද්ගලයෙකුට පැමිණ බැලීමට, සහ පැමිණ උදව් වීමට, සහ පැමිණ එකතුවීමට ආරාධනා කරන්න. 25 ඉන්පසු ඔබටත් ඔබ ආදරය කරන අයටත් පොරොන්දු වූ ආශිර්වාද ලැබෙන විට ප්‍රීති ප්‍රමුදිත වන්න.

ක්‍රිස්තුස්වහන්සේ තුළ මෙම ශුභාරංචිය නිහතමානී අයට දේශනා කරන බවත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ බිඳුණු සිත් නැවත සකස් කරන බවත්; ක්‍රිස්තුස්වහන්සේ තුළ වහලුන්ට නිදහස ප්‍රකාශ කෙරෙන බවත්; ක්‍රිස්තුස්වහන්සේ තුළ, ක්‍රිස්තුස්වහන්සේ තුළ පමණක්, වැලපෙන අයට අළු සඳහා අලංකාරය ලබාදෙන බවත් මම දන්නවා. 26 ඒ නිසා මේ දේවල් දැනුවත් කිරීම ලොකු අවශ්‍යතාවයක්! 27

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපේ ඇදහිල්ලේ කතෘ හා අවසන් කරන්නා බව මම සාක්ෂි දරනවා. 28 ශුභාරංචියේ ආලෝකය ඔසවා තබාගැනීමේදී, අපගේ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම—එය කෙතරම් අසම්පූර්ණ වුවත්—උන්වහන්සේ එය අවසන් කරනවා, උන්වහන්සේ එය සම්පූර්ණ කරනවා. උන්වහන්සේ අපේ ජීවිතයේ හා උන්වහන්සේ රැස්කරන සියළුම දෙනාගේ ජීවිත වල ප්‍රාතිහාර්යයන් සිදුකරනවා, මක්නිසාද උන්යවහන්සේ ප්‍රාතිහාර්යයන්ගේ දෙවියන්වහන්සේයි. 29 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පුදුම සහගත වූ නාමයෙන්, ආමෙන්.