ප්‍රධාන සම්මන්ත්‍රණය
අනුපිළිවෙලින් ඇති නිවසක්
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අනුපිළිවෙලින් ඇති නිවසක්

“අනුපිළිවෙල” යනු ස්වාමින්වහන්සේට උන්වහන්සේගේ දරුවන් වශයෙන් අපට වැදගත් මූලධර්ම ඉගැන්වීමේ සරල, ස්වාභාවික, හා ඵලදායී ක්‍රමයක්.

මගේ වෘත්තීය ජීවිතයේ සහ සභාවේ මගේ සේවයේදී, මම මෙය දහස් වාරයක් කර තිබෙනවා—නමුත් කිසිදිනෙක මෙවන් මිනිසුන් 15 දෙනෙක් මට පිටුපසින් කෙලින්ම වාඩි වී සිටියේ නෑ. ඔබේ සහ ඔවුන්ගේ යාච්ඤා මට දැනෙනවා.

සහෝදර සහෝදරියනි, මම දකුණු පැසිපික් කලාපයේ ටොංගා රාජධානියේ උපන් නමුත් හැදී වැඩුණේ උතුරු අමෙරිකාවෙයි. වසංගතය නිසා වසා ඇති දේශසීමා හේතුවෙන් ලොව පුරා සේවය කරන සිය-ගණනක්, සමහරවිට දහස්-ගණන් තරුණ ටොංගන් ධර්මදූතයින් සිය ආදරණීය මව්බිමට පැමිණීමට නොහැකිව සිටිනවා. සමහර ටොංගන් ජාතික ධර්මදූත වැඩිහිටියන් වසර තුනක් පුරාවට සහ සහෝදරියන් වසර දෙකකට වඩා වැඩියෙන් ඔවුන්ගේ ධර්මදූතයන්හි යෙදී සිටිනවා! අපේ ජනතාව ප්‍රසිද්ධ ඔවුන්ගේ ඇදහිල්ලත් සමඟ ඔවුන් බලාසිටිනවා. මේ අතර, ඔබේ කොට්ඨාෂ සහ ස්ටේක වල සේවය කරන ඔවුන්ගෙන් සමහරෙක් වැඩි වැඩියෙන් මා මෙන්–වියපත් වී සහ සුදු හිසකෙස් ඇතිවී ඇත්නම් ඒ ගැන කලබල වෙන්න එපා. වසංගතය හේතුවෙන් ඔවුන්ගේ සේවය ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා වැඩි හෝ කෙටි වූවත්, සෑම තැනම සිටින ධර්මදූතයින්ගේ කැපවූ සේවාව ගැන අපි ස්තූතිවන්ත වෙනවා.

මම උපස්ථායකවරයෙක්ව සිටි එක් ඉරිදා දිනක, සක්‍රමේන්තුව මෙහෙයවමින් ජලය සහිත බන්දේසියක් සමඟ මම ප්‍රවේශ ශාලාවේ සිටියදී කාන්තාවක් ගොඩනැගිල්ලට ඇතුළු වුණා. රාජකාරිමය වශයෙන්, මම ඇය වෙතට ගොස් එම තැටිය ඇයට ඇල්ලුවා. ඇය හිස සලා සිනාසී වතුර කෝප්පයක් ගත්තා. ඇය පැමිණියේ ප්‍රමාද වී නිසා පාන් ලබාගැනීමට නොහැකි වුණා. මෙම අත්දැකීමෙන් ටික කලකට පසු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ බොහෝ පැතිකඩයන් සහ ආශිර්වාදයන් අනුපිළිවෙලකට අපට ලබාදෙන බව, එකල මගේ නිවාස බැහැදැක ඉගැන්වීමේ ගුරුවරයා වූ, නෙඩ් බ්‍රිම්ලි මට කියාදුන්නා.

එම සතිය අවසානයේදී, නෙඩ් සහ ඔහුගේ සහායකයා අමතක නොවන පාඩමක් සමඟ අපේ නිවසට පැමිණියා. දෙවියන්වහන්සේ පොළොව මැවූ ආකාරය පිළිබඳ පිළිවෙළක් ඇති බව නෙඩ් අපට සිහිපත් කළා. මෝසෙස්ට පොළොව මැවූ අනුපිළිවෙල පැහැදිලි කිරීමේදී ස්වාමින්වහන්සේ දැඩි සැලකිල්ලක් දැක්වුවා. පළමුව, උන්වහන්සේ පටන් ගත්තේ ආලෝකය අඳුරෙන් බෙදීමෙන් හා පසුව වියළි බිම් වලින් ජලය බෙදීමෙන්. ආදම් සහ ඒවගෙන් පටන්ගත් මිනිස් සංහතිය: අලුතින් පිහිටුවාගත් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ග්‍රහලෝකය හඳුන්වා දීමට පෙර උන්වහන්සේ ශාක ජීවීන් හා සතුන් එකතු කළා.

“එබැවින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ස්වකීය ස්වරූපයෙන් මැවූ සේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේ ඔහුව මැවූ සේක; උන්වහන්සේ ඔවුන්ව මැව්වේ පිරිමියා සහ ගැහැණිය ලෙසය. …

දෙවියන්වහන්සේ උන්වහන්සේ මැවූ සෑම දෙයක්ම දුටු අතර, බලන්න, එය ඉතා හොඳ විය” (උත්පත්ති 1:27, 31).

ස්වාමින්වහන්සේ සතුටු වුණා. එමන්ම උන්වහන්සේ හත්වන දිනයේ විවේක ගත්තා.

පොළව සෑදූ අනුක්‍රමික අනුපිළිවෙල දෙවියන්වහන්සේට වැදගත්ම දේ ගැන පමණක් නොව, උන්වහන්සේ පොළොව මැව්වේ ඇයි සහ කා සඳහාද යන්නද අපට අවබෝධයක් ලබාදෙනවා.

රූපය
නෙඩ් බ්‍රිම්ලි සහ පවුල

නෙඩ් බ්‍රිම්ලි ඔහුගේ ආනුභාව ලත් පාඩම සරල ප්‍රකාශයකින් මෙසේ අවසන් කළා: “වායි, දෙවියන්වහන්සේගේ නිවස පිළිවෙලකින් යුක්තයි. ඔබේ ජීවිතය පිළිවෙලකට ගතකිරීම උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙනවා. නිසි අනුපිළිවෙලකට. ඔබ විවාහ වීමට පෙර ධර්මදූත සේවයක යෙදීම උන්වහන්සේට අවශ්‍යයි.” මේ වනතෙක්, සභාවේ නායකයින් තවමත් උගන්වන්නේ මෙයයි “ස්වාමින්වහන්සේ බලාපොරොත්තු වන්නේ සෑම හැකි තරුණයෙකුම සේවය කිරීමට සූදානම් වීමයි. … සේවය කිරීමට කැමති තරුණ කාන්තාවන්ද … සූදානම් විය යුතුයි” (General Handbook: Serving in The Church of Jesus Christ of Latter-day Saints, 24.0, ChurchofJesusChrist.org). බ්‍රිම්ලි සහෝදරයා තවදුරටත් මෙසේ පැවසුවා: “දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ දරුවන් ලැබීමට පෙර විවාහ වීමයි. තවද, ඔබ අධ්‍යාපනය ලබන විට ඔබේ දක්ෂතා අඛණ්ඩව වර්ධනය කරගැනීම උන්වහන්සේට අවශ්‍යයි.” ඔබ ඔබේ ජීවිතය අනුපිළිවෙලකින් තොරව ගතකිරීමට තෝරාගන්නේ නම්, ඔබට ජීවිතය වඩාත් දුෂ්කර හා අවුල්සහගත වෙනවා.

සහෝදර බ්‍රිම්ලි අපට තවදුරටත් ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම තුළින් අපගේම හෝ වෙනත් කෙනෙකුගේ දුර්වල තෝරාගැනීම් තුළින් අවුල් සහගත වූ හෝ පිළිවෙලකින් තොර වූ අපගේ ජීවිත යථා තත්වයට පත්කිරීමට අපට උපකාර කරන බව ඉගැන්වුවා.

එතැන් පටන් මම “අනුපිළිවෙල” කෙරෙහි ඇල්මක් දැක්වුවා. ජීවිතයේ සහ ශුභාරංචියේ අනුක්‍රමික රටා සෙවීමේ පුරුද්දක් මම වර්ධනය කරගත්තා.

වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙම මූලධර්මය මෙසේ ඉගැන්වුවා: “අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අධ්‍යයනය කරන විටත්, ඉගෙනගන්නා විටත්, ජීවත් වන විටත්, අනුපිළිවෙල බොහෝ විට උපදේශාත්මකයි. නිදසුනක් වශයෙන්, ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචියේ පූර්ණත්වය මේ අවසාන දිනවල නැවත පිහිටවූ බැවින් සිදුවූ ප්‍රධාන සිදුවීම් අනුපිළිවෙලෙන්, අධ්‍යාත්මික ප්‍රමුඛතා ගැන අප ඉගෙනගන්නා පාඩම් සලකා බලන්න.”

වැඩිහිටි බෙඩ්නර් විසින් පළමු දර්ශනය සහ ජෝසෆ් ස්මිත් වෙත මොරෝනිගේ මූලික දර්ශනය මූලික කොටගෙන, ළමා පිරිමි අනාගතවක්තෘවරයාට මුලින්ම, දෙවියන්වහන්සේගේ චරිතය සහ ස්වභාවය, පසුව මොර්මොන්ගේ පොතේ කාර්යභාරය සහ මෙම අවසාන කාලයේදී තිරයෙන් දෙපස ඊශ්‍රායලය එක්රැස් කිරීමට එලියාගේ කාර්යභරය ඉගැන්වූ පරිදි ලැයිස්තුගත කළා.

වැඩිහිටි බෙඩ්නර් මෙසේ අවසන් කළා: “මෙම ආශ්වාදජනක අනුපිළිවෙල දේවත්වයට ඉහළම ප්‍රමුඛතාව ලබාදෙන අධ්‍යාත්මික කරුණු පිළිබඳව උපදෙස් ලබාදෙනවා” (“The Hearts of the Children Shall Turn,” Liahona, Nov. 2011, 24).

“අනුපිළිවෙල” යනු ස්වාමින්වහන්සේට උන්වහන්සේගේ දරුවන් වශයෙන් අපට වැදගත් මූලධර්ම ඉගැන්වීමේ සරල, ස්වාභාවික, හා ඵලදායී ක්‍රමයක් බව මම කළ එක් නිරීක්‍ෂණයක්.

අපි පොළවට පැමිණ ඇත්තේ වෙනත් ආකාරයකින් නොලැබෙන අත්දැකීමක් ලබාගැනීමට සහ ඉගෙනගැනීමටයි. අපගේ වර්ධනය අප සෑම කෙනෙකුටම සුවිශේෂී වන අතර ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්මේ අත්‍යවශ්‍ය අංගයක්. අපගේ ශාරීරික හා අධ්‍යාත්මික වර්ධනය අදියර වශයෙන් ආරම්භ වන අතර අනුපිළිවෙලින් අත්දැකීම් ලබාගන්නා හෙයින් සෙමෙන් වර්ධනය වෙනවා.

ඇල්මා ඇදහිල්ල පිළිබඳ ප්‍රබල දේශනාවක්—බීජයක වර්ධනය උපයෝගී කරගෙන පවසනවා, එය නිසි ලෙස රැකබලා ගෙන පෝෂණය කළහොත් කුඩා අංකුරයක සිට රසවත් පලතුරු නිපදවන, වැඩුණු ගසක් දක්වා වර්ධනය වෙනවා (ඇල්මා 32:28–43 බලන්න). ඔබේ හදවත් තුළ—බීජ සඳහා තැනක් ලබාදී—හෝ දෙවියන්වහන්සේගේ වචනයෙන් පෝෂණය කරන විට ඔබේ ඇදහිල්ල වැඩිවන බව එම පාඩමයි. දෙවියන්වහන්සේගේ වචනය “ඔබේ පපුව තුළ වැඩිවීමට” පටන්ගන්නා විට ඔබේ ඇදහිල්ල වැඩිවෙනවා” (28 පදය). එය “වැඩිවෙත්ම, දළුලා, වර්ධනය වීමට පටන් ගන්නවා” (30 පදය) මෙය දෘශ්‍ය මෙන්ම උපදේශාත්මකයි. එමෙන්ම එය වන්නේ අනුපිළිවෙලකටයි.

අපගේ ඉගෙනීමේ හැකියාව සහ අප ඉගෙනගන්නා ආකාරය අනුව ස්වාමින්වහන්සේ අපට තනි තනිව උගන්වනවා. අපගේ වර්ධනය රඳා පවතින්නේ අපේ කැමැත්ත, ස්වාභාවික කුතුහලය, ඇදහිල්ලේ මට්ටම, සහ අවබෝධය මතයි.

වසර 2,300 කට පසු ඔහායෝ කර්ට්ලන්ඩ් හිදී ජෝසෆ් ස්මිත් ඉගෙනගන්නට යන දේ නෙපි මෙසේ ඉගෙනගත්තා: “මක්නිසාද බලන්න ස්වාමි වූ දෙවියන්වහන්සේ කියන සේක: මම මනුෂ්‍ය දරුවන් හට පේළියෙන් පේළියට, ආඥාවෙන් ආඥාවට, මෙහි ටිකක්ය එහි ටිකක් දෙන්නෙමි; තවද මාගේ උපදේශයන්ට කන්දෙන්නාවුද, මගේ ආඥාවන්ට ඇහුම්කන් දෙන්නන්ටද ආශිර්වාද කරන්නෙමි, මක්නිසාද ඔවුන් ප්‍රඥාව ඉගෙනගන්නෝය” (2 නෙපි 28:30).

අපි “පේළියෙන් පේළියට, ආඥාවෙන් ආඥාවට, මෙහි ටිකක් එහි ටිකක් ” ඉගෙනගැනීම නැවතත් අනුපිළිවෙලක්.

අපගේ ජීවිතයේ බොහෝමයක් අප අසා ඇති පහත සඳහන් ප්‍රකාශයන් සලකා බලන්න: “පළමුවෙන්ම පළමු දේ” හෝ “මස් කෑමට පෙර ඔවුන්ට කිරි දෙන්න.” “දුවන්නට පෙර අපි පයින් යා යුතුයි”? යන ඒවා එවන් ප්‍රකාශණයන්. මෙම සෑම මූලධර්මයක්ම අනුපිළිවෙලින් වූ යමක් විස්තර කරනවා.

ප්‍රාතිහාර්යයන් අනුපිළිවෙලකට අනුව ක්‍රියාත්මක වෙනවා. ප්‍රාතිහාර්යයන් සිදුවන්නේ අප පළමුව ඇදහිල්ල තැබූ විටයි. ඇදහිල්ලෙන් පසු ප්‍රාතිහාර්ය සිදුවෙනවා.

තරුණ පිරිමි ළමුන්ව ආරෝනික පූජකවරයට නියම කරනු ලබන්නේද අනුපිළිවෙලින්, කෙනෙකු නියම වෙනු ලබන්නේ ඔවුන්ගේ වයස අනුවයි: උපස්ථායක, ගුරුවර, සහ පසුව පූජක.

ගැලවීම සහ උත්කර්ෂය පිළිබඳ නියෝග ස්වභාවයෙන්ම අනුපිළිවෙලකට තිබෙනවා. ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය ලැබීමට පෙර අපි බව්තීස්ම වනවා. දේවමාළිගා නියෝග වලටද ඒ හා සමාන අනුපිළිවෙලක් තිබෙනවා. ඇත්තවශයෙන්ම, මගේ මිත්‍ර නෙඩ් බ්‍රිම්ලි මට ඥානවන්තව ඉගැන්වූ පරිදි, සක්‍රමේන්තුවට අනුපිළිවෙලක් තිබෙනවා—එය ආරම්භ වන්නේ පාන් වලින්, පසුව වතුරෙන්.

“ඔවුන් කෑම කමින් සිටියදී යේසුස්වහන්සේ රොටි ගෙන ආශිර්වාද කර කඩා ගෝලයන්ට දී මෙසේ කීවේය: මෙය රැගෙන අනුභව කරන්න; මේ මගේ ශරීරයයි.

“ඔහු කුසලානය ගෙන ස්තූති කර ඔවුන්ට දුන් අතර,“ ඒ සියල්ල පානය කරන්න; යැයි පැවසුවා.

“මෙය මාගේ පව් සමාව සඳහා බොහෝ දෙනෙකු උදෙසා වගුරුවන අළුත් ගිවිසුමේ මාගේ රුධිරයයි” (මතෙව් 26:26–28).

යෙරුසලමේ සහ පුරාණ අමෙරිකාවේ ගැලවුම්කරුවාණන් සක්‍රමේන්තුව නියම කළේ එකම අනුපිළිවෙලකටයි.

“බලන්න, මගේ නිවස පිළිවෙළක් ඇති නිවසක්, දෙවි වූ ස්වාමින්වහන්සේ වදාරන සේක, තවද එය ව්‍යාකූල නිවසක් නොවේ” (දහම සහ ගිවිසුම් 132:8).

පසුතැවීමටද අනුපිළිවෙලක් තිබෙනවා. අංශුවක් වුවත්, එය ආරම්භ වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන්. “බිඳුණු හදවතක් හා පසුතැවෙන ආත්මයක්” තිබීම අත්‍යවශ්‍ය අංගයක් වන නිහතමානීකම, ඇදහිල්ල සඳහා අවශ්‍යයි (2 නෙපි 2:7).

ඇත්තවශයෙන්ම, ශුභාරංචියේ මුල් මූලධර්ම හතරද ඇත්තේ අනුපිළිවෙලින්. ශුභාරංචියේ මුල් ප්‍රතිපත්ති හා නියෝගයන්, පළමුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල; දෙවනුව, පසුතැවීම; තෙවනුව, පව් සමාව සඳහා ගිල්වීමෙන් බව්තීස්ම වීම; හතරවනුව, ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය සඳහා අත් තැබීම බව අපි විශ්වාස කරනවා” (ඇදහිල්ලේ කරුණු 1:4).

බෙන්යමින් රජු තම ජනතාවට මෙම වැදගත් සත්‍යය ඉගැන්වුවා: “තවද එනම් මෙම සියලු දේවල් ප්‍රඥාවෙන්ද, පිළිවෙලටද, සිදුකිරීමට බලන්න; මක්නිසාද මනුෂ්‍යයෙකු ඔහුගේ ශක්තියට වඩා වේගයෙන් දිවීම අවශ්‍ය නොවන්නේය. තවද නැවත ඒත් ඔහු උද්‍යෝගිමත් වීම අවශ්‍ය වන්නේය, එමගින් ඔහු ත්‍යාගය දිනන පිණිසය; එසේහෙයින් සියලු දේවල් පිළිවෙලට සිදුකළ යුතුය” (මොසායා 4:27).

අපි අපේ ජීවිත පිළිවෙලට තබා ස්වාමින්වහන්සේ අප වෙනුවෙන් දක්වා ඇති අනුපිළිවෙල අනුගමනය කිරීමට උත්සාහ කරමු. උන්වහන්සේට වඩාත්ම වැදගත් දේ ස්වාමින්වහන්සේ උගන්වන රටා සහ අනුක්‍රමය සොයන විට සහ අනුගමනය කරන විට අපි ආශිර්වාද ලබනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.