ප්‍රධාන සම්මන්ත්‍රණය
ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය මාගේ සියලු දවස් වල ලදිමි
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය මාගේ සියලු දවස් වල ලදිමි

අපගේ පීඩාවන්ට අප ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? අපගේ ගැටලු වලට වඩා අපගේ ආශිර්වාද කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම නිසා අපට ස්තූතිවන්ත බවක් දැනෙනවාද?

කොවිඩ්-19 වසංගතය යනු ලෝක ඉතිහාසය පුරාම දෙවියන්වහන්සේගේ දරුවන් මුහුණදුන් බොහෝ පීඩා සහ අභියෝගයන්ගෙන් එකක්. මේ වසර ආරම්භයේදී, මම සහ මගේ ආදරණීය පවුල අඳුරු දින කිහිපයක් ඔස්සේ ජීවත් වුණා. මෙම වසංගතය සහ වෙනත් හේතු නිසා සමහර ආදරණීයයන් මියයාම තුළින් අපේ පවුලට මරණය හා වේදනාව ගෙනදුන්නා. වෛද්‍ය ප්‍රතිකාර, නිරාහාරය, සහ යාච්ඤාව නොතකා, සති පහක කාලය තුළදී මගේ සහෝදරයා චාර්ලි, මගේ සහෝදරිය සුසී, සහ මගේ මස්සිනා ජිමී, තිරයේ අනෙක් පැත්තට ගියා.

ලාසරස්ව මරණයෙන් නැගිටවීමට උන්වහන්සේට බලය ඇති බවත්, එමෙන්ම උන්වහන්සේගේ මිත්‍රයාව ගලවාගැනීමට ගැලවුම්කරුවාණන් ඉතා ඉක්මණින් උන්වහන්සේගේ බලය භාවිතා කරන බව උන්වහන්සේ දැන සිටියත්, ඇයගේ සොහොයුරාගේ මරණය නිසා කටුක වේදනාවෙන් පෙලෙන මරියාව දුටු විට ගැලවුම්කරුවාණන් හැඬුවේ ඇයි කියා සමහර වෙලාවට මට හිතෙනවා. 1 මරියා කෙරෙහි ඇති ගැලවුම්කරුවාණන්ගේ දයානුකම්පාව සහ සංවේදනය ගැන මම මවිතයට පත්වුණා; ඇගේ සොහොයුරු ලාසරස්ගේ මරණයෙන් මරියාට දැනෙන විස්තර කළ නොහැකි වේදනාව උන්වහන්සේ තේරුම්ගත්තා.

අපගේ ආදරණීයයන්ගෙන් තාවකාලිකව වෙන්වීම අත්විඳින විට අපට දැනෙන්නේත් එම දැඩි වේදනාවමයි. ගැලවුම්කරුවාණන්ට අප කෙරෙහි පරිපූර්ණ දයානුකම්පාවක් තිබෙනවා. අපගේ කෙටි දැක්ම ගැන හෝ අපගේ සදාකාලික ගමන දෘශ්‍යමාන කිරීමට සීමාවීම ගැන උන්හුවහන්සේ අපට දොස් කියන්නේ නෑ. ඒ වෙනුවට, උන්වහන්සේට තිබෙන්නේ අපේ ශෝකය හා දුක් වේදනා පිළිබඳ දයානුකම්පාවක්.

ස්වර්ගික පියාණන්වහන්සේට සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අවශ්‍ය වන්නේ අපි ප්‍රීතියෙන් සිටීමයි. 2 සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වුවා: “අපට දැනෙන ප්‍රීතියට, අපගේ ජීවිතයේ තත්වයන් සමඟ තිබෙන්නේ කුඩා සම්බන්ධයක්, ඒවගේම අපගේ ජීවිතයේ අවධානය සමඟ එයට සියලු සම්බන්ධතා තිබෙනවා. අපගේ ජීවිතයේ අවධානය යොමුවී ඇත්තේ දෙවියන්වහන්සේගේ ගැලවීමෙ සැලැස්මට වන විට, … අපගේ ජීවිතයේ සිදුවෙමින් පවතින දේ—හෝ සිදුනොවන දේ—කුමක් වුවත් අපට ප්‍රීතිය ලබාගන්න පුළුවන්.” 3

මම තරුණ ධර්යමදූතයෙකුව සිටියදී, මා අගය කළ අපූරු ධර්මදූතයෙකුට ඉතා කරදරකාරී ආරංචියක් ලැබුණු ආකාරය මට මතකයි. ඔහුගේ මව සහ ඔහුගේ බාල සොහොයුරා ඛේදජනක අනතුරකින් මියගොස් තිබුණා. එම ධර්මදූත සභාපතිවරයා විසින් මෙම ධර්මදූතවරයාට අවමංගල්‍යය සඳහා ආපසු ගෙදර යාමට අවස්ථාව ලබාදුන්නා. කෙසේවෙතත්, තම පියා සමඟ දුරකථනයෙන් කතා කිරීමෙන් පසු මෙම ධර්මදූතවරයා නැවතී තම ධර්මදූතය අවසන් කිරීමට තීරණය කළා.

රූපය
රෝහලේදී ධර්මදූතවරයාව බැහැදකිමින්

ටික වේලාවකට පසු, අපි එකම කලාපයේ සේවය කරමින් සිටියදී, මට සහ මගේ සහකරුට හදිසි ඇමතුමක් ලැබුණා; මෙම ධර්මදූතවරයාගේම පාපැදිය සොරුන් විසින් සොරාගෙන ගොස් ඔහුට පිහියකින් තුවාල සිදුකර තිබුණා. ඔහුට සහ ඔහුගේ සහකරුට ළඟම ඇති රෝහල වෙත ඇවිදගෙන යාමට සිදුවී තිබූ අතර, එහිදී මම සහ මගේ සහකරුවා ඔවුන් හමුවෙන්නට ගියා. රෝහල වෙත යන අතරමගදී, මම මෙම ධර්මදූතවරයා ගැන ශෝක වුණා. ඔහුගේ ආත්මික බව අඩුවී, නිසැකවම මෙම කම්පන සහගත අත්දැකීමෙන් පසු ඔහුට දැන් ආපසු ගෙදර යාමට අවශ්‍ය වනු ඇති බව මම සිතුවා.

කෙසේවෙතත්, අපි රෝහලට පැමිණෙන විට, මෙම ධර්මදූතවරයා ශල්‍යකර්මයකට භාජනය වනතුරු ඔහුගේ ඇඳේ වැතිරී සිටිනු මම දුටුවා—ඒවගේම ඔහු සිටියේ සිනාසෙමින්. “මේ වගේ වෙලාවක එයා කොහොමද හිනා වෙන්නේ?” කියලා මම හිතුවා. ඔහු රෝහලේදී සුවය ලබමින් සිටියදී, ඔහු ඉතා උනන්දුවෙන් අත් පත්‍රිකා සහ මොර්මොන්ගේ පොතේ පිටපත් වෛද්‍යවරුන්, හෙදියන්, සහ අනෙකුත් රෝගීන් වෙත ලබාදුන්නා. මෙම අභියෝග මැද වුවත්, ඔහුට ගෙදර යාමට අවශ්‍ය වුණේ නෑ. ඒ වෙනුවට, ඔහු ඔහුගේ ධර්මදූත සේවයේ අවසාන දිනය දක්වාම ඇදහිල්ල, ජවය, ශක්තිය, සහ උද්යෝගය සමඟ සේවය කළා.

මොර්මොන්ගේ පොතේ ආරම්භයේදී, නෙපි මෙසේ ප්‍රකාශ කරනවා, “තවද මාගේ දවස් වලදී බොහෝ පීඩාවන් දැක ඇත, එසේවුවත් ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය උසස් ලෙස මාගේ සියලු දවස් වල ලදිමි.” 4

නෙපි අත්විඳි බොහෝ අභියෝග ගැන මම සිතනවා, ඒවායින් බොහොමයක් ඔහුගේ ලිවීම් වල ඇතුළත්. අප සියලුදෙනාටම අපේ අඳුරු දවස් ඇති බව තේරුම්ගැනීමට ඔහුගේ අභියෝග අපට උපකාර කරනවා. ලාබන් සතුව තිබූ පිත්තල තහඩු ලබාගැනීම සඳහා නැවත යෙරුසලමට යන ලෙස නෙපිට ආඥා කළ විට මෙවන් එක් අභියෝගයක් සිදුවුණා. නෙපිගේ සමහර සහෝදරයන් සුළු ඇදහිල්ලෙන් යුත් මිනිසුන් වූ අතර, ඔවුන් නෙපිට පොල්ලකින් පවා පහරදුන්නා. ඔහුගේ දුන්න කැඩී ඔහුගේ පවුලට ආහාර ලබාගැනීමට නොහැකි වූ විට නෙපි තවත් අභියෝගයකට මුහුණදුන්නා. පසුව, නෙපිට නැවක් තැනීමට ආඥා කළ විට, ඔහුගේ සහෝදරයන් ඔහුට සමච්චල් කළ අතර ඔහුට උදව් කිරීම ප්‍රතික්ෂේප කළා. ඔහුගේ ජීවිත කාලය තුළ වූ මේවා සහ වෙනත් බොහෝ අභියෝග මධ්‍යයේ වුවද, නෙපි සැමවිටම දෙවියන්වහන්සේගේ යහපත්කම හඳුනාගත්තා.

රූපය
නැවෙහි බැඳ ඇති නෙපි

පොරොන්දු වූ දේශය වෙත යන ගමනේ ඔහුගේ පවුල සාගරය තරණය කරමින් සිටියදී, නෙපිගේ පවුලේ “සමහර අය විනෝද වීමට, සැර පරුෂව කතා කිරීමට පටන්ගත් අතර,” ඔවුන්ව ආරක්ෂා කළේ ස්වාමින්වහන්සේගේ බලය බව අමතක කළා. නෙපි ඔවුන්ට තරවටු කළ විට, ඔවුන් අමනාප වී ඔහුට චලනය වීමටවත් නොහැකි වන පරිදි ලණු වලින් ඔහුව බැඳ තැබුවා. මොර්මොන්ගේ පොතේ ඔහුගේ සහෝදරයන් “[ඔහුට] රළු ලෙස සැලකූ” බවත්; ඔහුගේ මැණික් කටුව සහ වළලුකර “බොහෝ සෙයින් ඉදිමී ගොස් බෙහෙවින් වේදනාකාරී [වුණු]” බවත් සඳහන් කරනවා. 5 නෙපි තම සහෝදරයන්ගේ හදවත් වල දැඩි බව නිසා ශෝකයට පත්වූ අතර සමහර අවස්ථා වලදී ශෝකයෙන් මුසපත් වූ බවක් දැණුනා. 6 ඔහු මෙසේ ප්‍රකාශ කළා, “එසේවුවත්, මම මාගේ දෙවියන්වහන්සේ දෙස බැලුවෙමි, තවද මම දවස මුළුල්ලේම උන්වහන්සේට ප්‍රශංසා කළෙමි; තවද මාගේ පීඩාවන් නිසා මම ස්වාමින්වහන්සේට විරුද්ධව නොකෙඳුරුවෙමි.” 7

මාගේ ප්‍රිය සහෝදර සහෝදරියනි, අපගේ පීඩාවන්ට අපි ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ඒවා නිසා අපි ස්වාමින්වහන්සේ ඉදිරියෙහි කොඳුරනවාද? නැත්නම්, නෙපි සහ මගේ හිටපු ධර්මදූත මිතුරා මෙන්, අපගේ ගැටලු වලට වඩා අපි අපගේ ආශිර්වාද කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති හෙයින්, වචනයෙන්, සිතුවිල්ලෙන්, සහ ක්‍රියාවෙන් අපට ස්තූතිවන්ත වෙනවාද?

අපගේ ගැලවුම්කරුවාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ මේ ලෝකයේ දේවසේවයේදී අපට ආදර්ශයක් ලබාදුන්නා. අසීරුතාවයන් සහ අහියෝග අවස්ථාවන්හිදී, අපගේ සෙසු මිනිසාට සේවය කරනවාට වඩා අපට මහත් සාමය හා තෘප්තිය ගෙනදෙන කාරණා ඇත්තේ ස්වල්පයයි. හෙරෝදියස්ගේ දියණිය සතුටු කිරීම සඳහා හෙරොද් රජු විසින් උන්වහන්සේගේ ඥාති සොහොයුරු යොහාන් බව්තීස්තගේ හිස ගසා දැමූ බව, ගැලවුම්කරුවාණන් දැනගත් විට සිදුවූ දේ මතෙව් පොතෙහි සඳහන් වෙනවා:

“ඔහුගේ ගෝලයෝ ඇවිත් මිනිය රැගෙන, ඔහු තැන්පත් කොට, පසුව ගොස් යේසුස්වහන්සේට දැන්වූහ.

“යේසුස්වහන්සේ ඒ අසා එයින් පිටත්ව, ඔරුවකින් කාන්තාර ස්ථානයකට වෙන්ව ගියසේක: සමූහයෝ ඒ අසා නුවර වලින් පිටත්ව ඇවිත් උන්වහන්සේ පස්සේ පයින් ගියෝය.

“උන්වහන්සේ නික්මවිත්, මහත් සමූහයක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පාවී, ඔවුන්ගේ රෝගීන් සුවකළ සේක.

“සවස්වූ කල ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: මේක කාන්තාර ස්ථානයක්ය, දැන් වේලාවද ඉක්මගොස් තිබේ; සමූහයා ගම්වලට ගොස් තමුන්ට කෑම මිලදී ගන්නා පිණිස ඔවුන්ට යන්ට හැරිය මැනවයි කීවෝය.

“ඔවුන් යන්ට කමක් නැත; නුඹලා ඔවුන්ට කන්ට දීපල්ලායයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.” 8

අපිට පීඩා සහ විපත්ති කාල වලදී අපට අන් අයගේ දුෂ්කරතා හඳුනාගත හැකි බව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට පෙන්වාදුන්නා. දයානුකම්පාවෙන් පෙලඹී ගියහොත්, අපට ඔවුන් වෙත ළඟා වී ඔවුන්ව ඔසවා තැබිය හැකියි. තවද, අප එසේ කරන විට, අපගේ ක්‍රිස්තුස්වහන්සේගේ මෙන් සේවාව තුළින් අපවද උසස් කරනු ලැබෙනවා. සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි මෙසේ පැවසුවා: “කනස්සලු වීම සඳහා මම දන්නා හොඳම ප්‍රතිවිරෝධකය නම් වැඩ කිරීමයි. බලාපොරොත්තු සුන්වීම සඳහා හොඳම ඖෂධය සේවාවයි. වෙහෙසට හොඳම විසඳුම නම් ඊටත් වඩාත් වෙහෙසට පත්වූවෙකුට උපකාර කිරීමේ අභියෝගයයි.” 9

මේ තුළ, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව තුළ, මගේ සෙසු මනුෂ්‍යයින්ට දේවසේවය කිරීමට හා සේවය කිරීමට මට බොහෝ අවස්ථාවන් ලැබී තිබෙනවා. ස්වර්ගික පියාණන්වහන්සේ මාගේ බර සැහැල්ලු කරන බව මට දැනෙන්නේ එම අවස්ථා වලදීයි. සභාපති රසල් එම්. නෙල්සන් යනු පොළොවේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයායි; දුෂ්කර අභියෝග වලදී අපි අන් අයට සේවය කළ යුතු ආකාරය ගැන ඔහු කදිම ආදර්ශයක්. දෙවියන්වහන්සේ අපගේ ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේ බවට වූ, මෙම බොහෝ ශුද්ධවන්තයින්ගේ සාක්ෂි සමඟ මම මගේ සාක්ෂිය එක්සත් කරනවා. මගේ අඳුරු දින වලදී මට උන්වහන්සේගේ අසීමිත ආදරය දැනුණා. අපගේ ගැලවුම්කරුවාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, අපගේ වේදනාව හා පීඩා තේරුම්ගන්නවා. අපේ බර අඩු කර අපිව සනසන්නට උන්වහන්සේට අවශ්‍යයි. අපේ බරටත් වඩා වැඩි බරක් ඇති අයට සේවය කිරීමෙන් හා දේවසේවයෙන් අපි උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කළ යුතුමයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.