ප්‍රධාන සම්මන්ත්‍රණය
ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම

සහෝදර සහෝදරියනි, නිවේදනය කළ ලෙස, මා දැන් ඔබට ඔබගේ ස්ථීර කිරීමේ ඡන්ද සඳහා සභාවේ ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ඉදිරිපත් කරනවා.

කරුණාකර ඔබ කොතැනක සිටියත් ඔබගේ ඡන්දය සුපුරුදු පරිදි ප්‍රකාශ කරන්න. දක්වා ඇති ඕනෑම යෝජනාවකට විරුද්ධ වන අය සිටීනම්, ඔබගේ ස්ටේක සභාපතිවරයා හා සමඟ සම්බන්ධ වන ලෙස අප ඉල්ලා සිටිනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ දිවැසිවරයා, අනාගතවක්තෘවරයා, එළිදරව් කරන්නා, සහ සභාපති ලෙස රසල් මැරියන් නෙල්සන්; පළමු සභාපතිත්වයේ පළමු උපදේශක ලෙස ඩැලන් හැරිස් ඕක්ස්; සහ පළමු සභාපතිත්වයේ දෙවැනි උපදේශක ලෙස හෙන්රි බෙනියන් අයිරින් යන අයව ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපති ලෙස ඩැලන් එච්. ඕක්ස් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ ක්‍රියාකාරී සභාපති ලෙස එම්. රසල් බැලර්ඩ් යන අයව ස්ථිර කිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, දන්වා සිටින්න.

අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයන් ලෙස ස්ථිර කිරීම සඳහා පහත සදහන් අයව ඉදිරිපත් කර සිටිනවා: එම්. රසල් බැලර්ඩ්, ජෙෆ්රි. ආර්. හොලන්ඩ්, ඩියේටර්. එෆ්. උක්ඩ්‍රොෆ්, ඩේවිඩ්. ඒ. බෙඩ්නර්, ක්වෙන්ටින් එල්. කුක්, ඩී. ටොඩ් ක්‍රිස්ටෝර්ෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩේල් ජී. රෙන්ලන්ඩ්, ජෙරිට් ඩබ්. ගොන්ග්, සහ උලිසෙස් සෝරෙස්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

පළමු සභාපතිත්වයේ උපදේශකයන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය දිවැසිවරුන්, අනාගතවක්තෘවරුන්, සහ එළිදරව් කරන්නන් ලෙස ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධ, කවුරුන් හෝ සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

අපි වැඩිහිට් ජේ. ඩෙවන් කෝනිෂ්, තිමෝති ජේ. ඩයික්ස්, ඩේවිඩ් එෆ්. එවන්ස්, රොබර්ට් සී. ගේ, ජේම්ස් බී. මාර්ටිනෝ, සහ ටෙරන්ස් එම්. වින්සන් යන අයව හැත්තෑවරුන්ගේ ප්‍රධාන අධිකාරීත්වයෙන් නිදහස් කර ගෞරව සහිතව විශ්‍රාමලත් තත්වය ලබාදෙනවා.

ඔවුන්ගේ කැපවීමෙන් කළ සේවය වෙනුවෙන් මෙම සහෝදරයින්ට සහ ඔවුන්ගේ පවුල් වලට කෘතඥතාව පළකිරීමට කැමති අයට එය අත එසවීමෙන් පෙන්විය හැකිය.

2021 අගෝස්තු 31 දින අභාවප්‍රාප්ත වූ වැඩිහිටි ඩීන් එම්. ඩේවිස් මෙම සම්මන්ත්‍රණයේදී හත්තෑවරුන්ගේ ප්‍රධාන අධිකරීත්වයෙන් නිදහස් කරන බව සටහන් කරනවා. අපි ඩාර්ලා ඩේවිස් සහෝදරියට සහ එම පවුලට හෘදයාංගම ශෝකය පළකරන අතර වැඩිහිටි ඩේවිස්ගේ නොපසුබස්නා සේවය අගය කරනවා.

ගෙවී ගිය වසර තුළ සිය සේවා කාලය සම්පූර්ණ කළ ප්‍රාදේශීය හැත්තෑවරුන්ද අපි ගෞරවයෙන් සැලකිල්ලට ගනු ලබනවා.

මෙම සහෝදරයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම ප්‍රකාශ කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අනෙකුත් ප්‍රධාන අධිකාරීවරුන්, මේ සතියේ මුල් භාගයේදී newsroom.ChurchofJesusChrist.org හි ප්‍රකාශයට පත්කරන ලද නව ප්‍රාදේශීය හැත්තෑවරුන්ද ඇතුලුව—ප්‍රාදේශීය හැත්තෑවරුන්—සහ දැනට පත්කර සිටින ප්‍රධාන නිලධාරීන්ව ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

සභාවේ නායකයින් වෙනුවෙන් ඔබේ පවත්නා නිරන්තර යාච්ඤාවන්ට හා ඇදහිල්ලට අප ස්තූතිවන්ත වෙනවා.

ප්‍රාදේශීය හැත්තෑවරුන්ගේ වෙනස්කම්

ප්‍රධාන සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස පැවති නායකත්ව රැස්වීමකදී පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව ස්ථිර කරනු ලැබුවා:

පෙඩ්‍රෝ ඊ. හර්නෑන්ඩස් සහ චාර්ඩන් න්ඩින්ගා.

ප්‍රධාන සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස පැවති නායකත්ව රැස්වීමකදී පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව නිදහස් කරනු ලැබුවා:

ගුලිඑර්මෝ අයි. ගුවාර්ඩියා සහ ගීතාන් කෙලොව්නව්.

පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව 2021 අගෝස්තු 1 දින නිදහස් කරනු ලැබුවා:

පී. ඩෙවිඩ් අගසානි, කිල්මර් ඒ. අගේරෝ, ෆ්‍රෙඩ්‍රික් ඕ. අක්න්බෝ, නෙල්සන් ආන්ඩිලා, රිචර්ඩ් සී. බකීරන්, ඩොන්ග් කොල් බෙහ්, මතියු බෙන්නසර්, ලෝරන්ස් පී. බ්ලන්ක්, ලුවිස් ජේ. කැමී, ඩග්ලස් බී. කාටර්, අරොල්ඩෝ බී. කාවාල්කැන්තෙ, ලුයිස් සී. චාවේරි, උලිසෙස් චාවෙස්, බ්‍රන්ට් ජේ. ක්රිස්ටෙන්සන්, ඩග්ලස් එල්. ඩාන්ස්, එම්. ටී. බෙන් ඩේවිස්, මාර්ක් සී. ඩේවිස්, ජේ. ස්කොට් ඩෝරියස්, එම්. ඩර්ක් ඩ්‍රිස්කොල්, ඇන්ටෝනියෝ එෆ්. ෆෝන්ඩස්, හොසේ ඒ. ෆර්නෑන්ඩස්, මතියස් ඩී. ෆර්නෑන්ඩස්, කැන්ඩිඩෝ ෆෝර්චූනා, බෲස් ඊ. ගෙන්ට්, මයිකල් ඒ. ගිලන්වොව්ටර්, මයිකල් ඩී. ග්‍රොල්, ඩැනියෙල් ජී. හැමිල්ටන්, ටොම්-එටල් හර්ලන්ඩ්, රීමොන්ඩ් එස්. හෙයිමන්, ජෙරාට් කේ. සී. ඉග්වේ, ක්‍රිස්ටෝෆ් කවායා, ජෝන් ඒ. කොරන්ටෙන්ග්, මින්ග්-ශුන් කුවාන්, ටොඩ් එස්. ලාර්කින්, හුවාන් ජේ. ලෙව්‍රිනෝ, කාර්ලෝ එම්. ලෙසානෝ, ෆෙලික්ස් ඒ. මාර්ටිනෙස්, ජේ වෝන් මැකෝතර්, කෙවින් කේ. මිස්කින්, හිලමන් මොන්ටෙජෝ, මයිකල් ආර්. මුරේ, රයන් වී. පගඩුවන්, ඒ. මොරෝනි පෙරෙස්, කර්ලොස් ඊ. පෙරෝටි, මාර්ක් පී. පෙටෙරු, තෝමස් ටී. ප්‍රයිඩේ, බ්‍රයන් එල්. රව්සන්, රෙනේ රොමේ, බ්ලේක් එම්. රොනී, ලුවිස් ජී. රුවිස්, මැක්සිමෝ ඒ. සාවෙඩ්‍රා කණිෂ්ඨ, පෙඩ්‍රෝ ඒ. සන්හුවේසා, එරික් ජේ. ශුම්ට්ස්, පෝල් එච්. සින්ක්ලෙයාර්, බෙන්ජමින් ටී. සින්ජොක්ස්, ඩෙවිඩ් එල්. ස්ටැප්ලටොන්, ඩැනියෙල් ටෙක්සීරා, සෙයිජි ටොකුසාවා, මැක්සිමෝ සී. ටෝරෙස්, හෙසූස් වෙලෙස්, කාර්ලොස් විලරියල්, පෝල් එච්. වොට්කින්ස්, රොබර්ට් කේ. විලියම්, සී. ඩේල් විලිස්, කෙවින් ජේ වෝර්තෙන්, සහ ලුවිස් ජී. සපාටා.