ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්න එමෙන්ම තනිව පැමිණෙන්න එපා
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්න එමෙන්ම තනිව පැමිණෙන්න එපා

ලෝකය දියුණු කිරීමට ඔබට ඇති හොඳම ක්‍රමය නම් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට සැමට ආරාධනා කිරීමෙන් ලෝකය සූදානම් කිරීමයි.

මෑතකදී මට ප්‍රශ්ණ ඇසීමට ලැදි තරුණියක්ගෙන් ලිපියක් ලැබුණා. ඇය මෙහෙම ලියලා තිබුණා: “මම හිරවෙලා. … මම දන්නේ නෑ මම කවුද කියලා, නමුත් මම මෙහි පැමිණියේ ඉතා උදාර දෙයක් සඳහා බව මට දැනෙනවා.”

ස්වර්ගික පියාණන්වහන්සේ ඔබ කවුද කියා දන්නවාද, සහ උන්වහන්සේට ඔබව අවශ්‍යද කියා සිතමින් ඔබට එම ගවේෂණාත්මක හැඟීම කවදා හෝ ඇතිවී තිබෙනවාද? මගේ ආදරණීය යෞවනයින්ට සහ ඔබ සැමට, මම සාක්ෂි දරනවා, එම පිළිතුර ඔව්! ස්වාමින්වහන්සේට ඔබ වෙනුවෙන් සැලැස්මක් තිබෙනවා. උන්වහන්සේගේ බලවත් ක්‍රියාවන්හි යහපත සඳහා ශක්තියක් සහ බලකායක් වෙන්නට, මේ මොහොතේදී, මේ දවස සඳහා උන්වහන්සේ විසින් ඔබව සූදානම් කර තිබෙනවා. අපිට ඔබව අවශ්‍යයි! සරලවම ඔබ නොමැතිව එය එතරම් උදාර වන්නේ නෑ!

ශුද්ධ වූ තත්වයන් යටතේ, ඔබේ උදාර හා මහිමවත් කාර්යය සඳහා පදනම් වූ සරල සත්‍යයන් දෙකක්, අපේ ආදරණීය අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන්, මට වරක් සිහිපත් කළා.

මම මාගේ ස්වාමිපුරුෂයා සමඟ අසුනක හිඳගෙන සිටින අතරතුර, අපගේ අනාගතවක්තෘවරයා ඔහුගේ පුටුව අප දෙසට ඇදගෙන, අපට ඉතාමත් ආසන්නව, ඔහුගේ තියුණු නිල් ඇස් දෙකෙන් මා දෙස බැලුවා. තරුණ කාන්තා ප්‍රධාන සභාපතිනිය ලෙස සේවය කිරීමට ඔහු මට කතා කළ විට මගේ හදවත වේගයෙන් ගැහුනාද නැත්නම් සම්පූර්ණයෙන්ම නැවතුණාද කියා මට විශ්වාස නෑ. මගේ හදවතේ තවමත් දෝංකාර දෙන ප්‍රශ්නයක් ඔහු ඇසුවා, “බොනී, [යෞවනයන්] දැනගත යුතු වැදගත්ම දෙය කුමක්ද?”

මම මොහොතකට කල්පනා කර මෙහෙම කිව්වා, “ඔවුන් කවුදැයි ඔවුන් විසින් දැනගත යුතුයි.”

“ඔව්! ඔවුන් විසින් ඔවුන්ගේ අරමුණ දැනගත යුතුයි” යනුවෙන් ඔහු පැවසුවා.

අපේ දිව්‍යමය අනන්‍යතාවය

ඔබ ස්වර්ගික පියාණන්වහන්සේගේ ආදරය ලත් ආදරණීය දරුවෙක්. උන්වහන්සේ ඔබට කොතරම් පරිපූර්ණව ආදරේද යත්, ඔබ සහ මා වෙනුවෙන් වන්දිගෙවීම සඳහා උන්වහන්සේ තම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පවා එව්වා. 1 අප අසමත් වූ විට පවා—අප වෙනුවෙන් වූ ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය අසීමිතයි! දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන්කිරීමට කිසිවකට නොහැකියි. 2 මෙම ප්‍රේමය මතකතබා ගැනීමෙන් ඔබේ දිව්‍යමය අනන්‍යතාවය පිළිබඳ ඔබේ ආත්ම-විශ්වාසය දුර්වල කිරීමට සහ ඔබේ හැකියාවන්ගෙන් ඔබව අන්ධ කිරීමට උත්සාහ කරන ලෝකයේ ව්‍යාකූලතාවයන් පසුපසට තල්ලු කිරීමට ඔබට හැකිවෙනවා.

FSY සම්මන්ත්‍රණයකදී, ප්‍රශ්ණ ගොඩක ඉන්න තරුණියන් දෙදෙනෙකු මට හමුවුණා. ඇය වෙනුවෙන් පුද්ගලිකවම ස්වාමින්වහන්සේගේ ප්‍රේමය සහ මගපෙන්වීම නැවත සොයාගැනීම සඳහා මෙම දෙදෙනාම ඔවුන්ගේ ආදිපීතෘ ආශිර්වාදය වෙතට හැරුණු බව මේ දෙදෙනාම සඳහන් කළා. ඔබේ ආදිපීතෘ ආශිර්වාදය සොයාගන්න, අවශ්‍ය නම් දූවිලි ගසා දමන්න, නමුත් එය නිතර අධ්‍යයනය කරන්න. ඔබට එකක් නැත්නම්, ඉක්මනින්—එකක් ලබාගන්න. ඔබ කවුදැයි ස්වාමින්වහන්සේට දැන් ඔබට පැවසීමට ඇති දේ සෙවීමට ප්‍රමාද වෙන්න එපා.

අපගේ සදාකාලික අරමුණ

එදින සභාපති නෙල්සන්ගේ දෙවන සත්‍යය අපට කථා කළේ අපේ අරමුණ දැනගැනීම ගැනයි. මෙය අපේ උදාර හා උතුම් කාර්යයයි.

අවුරුදු ගණනාවකට පෙර, මගේ පුතා වන ටැනර් සිය පළමු පාපන්දු ක්‍රීඩාව කරන විට ඔහුගේ වයස අවුරුදු පහක් පමණ වුණා. ඔහු සිටියේ නොඉවසිල්ලෙන්!

අපි ක්‍රීඩා පිටියට පැමිණි විට, ඔහුගේ කණ්ඩායම සාමාන්‍ය ප්‍රමාණයේ පාපන්දු ඉලක්කයක් භාවිතා කරන බව අපට වැටහුණා—එය අවුරුදු පහක් වයසැති ළමයින්ට සරිලන කුඩා දැලක් නොවේ නමුත් ඉතා විශාල එකක්.

ටැනර් ගෝල තනතුරට පත්වන බව මම දකින අතරතුර ක්‍රීඩාව මිථ්‍යා සමානුපාතිකයන් ගත්තා. මම බොහොම පුදුම වුණා. දැල ආරක්ෂා කරන ඔහුගේ අරමුණ ඔහු සැබවින්ම තේරුම්ගන්නට ඇත්ද?

විසිල් හඬ නැඟුණු අතර, අපි ක්‍රීඩාවට හසු වූ හෙයින් අපට ටැනර් ගැන සියල්ල අමතක වී ගියා. හදිසියේම ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් පන්දුව ලබාගෙන ඔහු වෙත වේගයෙන් එය අරන් ගියා. ඔහු ස්ථාවරව සිට ඉලක්කය ආරක්ෂා කරගැනීමට සූදානමින් සිටින බව තහවුරු කරගැනීමට මම ටැනර්ගේ දිශාව දෙස බැලුවා. මම දුටුවේ මම නොසිතූ දෙයක්.

රූපය
පිරිමි ළමයෙකු ගෝල් තබන්නා ලෙස සිටිමින්

ක්‍රීඩාවේ එක්තරා අවස්ථාවක, ටැනර්ගේ අවධානය වෙනතකට යොමු වී, ඔහු දැලේ විවිධ සිදුරු තුළින් ඔහුගේ වම් අත දමා පැටලවිමට ආරම්භ කර තිබුණා. ඉන්පසු ඔහු දකුණු අතින්ද එලෙසම කළා. ඊළඟට, ඔහුගේ වම් පාදය. අවසානයේ ඔහුගේ දකුණු පාදයද එසේම කළා. ටැනර් සම්පූර්ණයෙන්ම දැල තුළ පැටලී සිටියා. ඔහුට ඔහුගේ අරමුණ සහ ඔහු කළ යුතුව තිබුණු දේ අමතක වී තිබුණා.

රූපය
පිරිමි ළමයෙකු දැලෙහි පැටලී සිටිමින්

ටැනර්ගේ පාපන්දු ජීවිතය දිගු කලක් පැවතුණේ නැති නමුත්, එදින ඔහු මට කියාදුන් පාඩම කිසිදා මැකී යන්නේ නෑ. ඇතැම්විට අපි සියල්ලන්ගේම අපි මෙහි සිටින්නේ ඇයි යන අවධානය වෙනතකට යොමු වී, අපගේ ශක්තිය වෙනත් තැනකට යොමුවෙනවා. සාතන්ගේ බලවත්ම ආයුධයක් වන්නේ, අවශ්‍ය අවස්ථාවන්හිදී, අපව අන්ධ කර මේ ලෝකයට කැඳවූ විශේෂ වැඩ වලින් ඉවතට අපව බැඳ තබනු පිණිස, යහපත් හා ඉතා යහපත් හේතු වලින් අපව වෙනතකට යොමු කිරීමයි. 3

අපගේ සදාකාලික අරමුණ නම් ක්‍රිස්තුස්වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ කාර්යයට ක්‍රියාකාරීව සම්බන්ධ වීමයි. සභාපති නෙල්සන් ඉගැන්වූ දේ කිරීම තරම් එය සරලයි: “දෙවියන්වහන්සේ සමඟ ඔවුන්ගේ ගිවිසුම් ඇතිකර ගැනීමට හා පවත්වා ගැනීමට ඕනෑම කෙනෙකුට උදව් කරන්නට ඕනෑම දෙයක් අපි කරන ඕනෑම අවස්ථාවක … අපි ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට උදව් කරනවා” යැයි සභාපති නෙල්සන් ඉගැන්වුවා. 4 තවද අපි උන්වහන්සේ සමඟ එක්ව උන්වහන්සේගේ කාර්යය කරන විට, අපි උන්වහන්සේව වඩාත් හොඳින් දැනහඳුනා ගැනීමට හා ආදරය කිරීමට පටන්ගන්නවා.

අපි ඇදහිල්ල, ආදරණීය පසුතැවිලි වීම, සහ ආඥා පිළිපැදීම තුළින් ගැලවුම්කරුවාණන්ට වඩාත් සමීප වීමට නිරතුරුවම උත්සාහ කරනවා. ගිවිසුම් හා නියෝග තුළින් අපි උන්වහන්සේට බැඳෙන විට, අපි අපේ ජීවිත වැඩි ආත්ම-විශ්වාසයකින්, 5 ආරක්‍ෂාවකින්, 6 හා ගැඹුරු හා කල්පවත්නා ප්‍රීතියකින් 7 පිරෙනවා.

අපි උන්වහන්සේ වෙත පැමිණෙන විට, අපි උන්වහන්සේගේ දෑස් තුළින් අන් අයව දකිනවා. 8 ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්න. දැන් පැමිණෙන්න, නමුත් තනිව පැමිණෙන්න එපා! 9

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නිකම්ම නිකම් ලස්සන නොවේ; එය සැමට අත්‍යවශ්‍යයි. “[අපගේ] ගැලවීම උදෙසා ක්‍රිස්තුස්වහන්සේ තුළින් සහ කෙරෙන් හැර, වෙනත් මාර්ගයක් නොමැත.” 10 අපිට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අවශ්‍යයි! ලෝකයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අවශ්‍යයි! 11

මතකතබාගන්න, ලෝකය දියුණු කිරීමට ඔබට ඇති හොඳම ක්‍රමය නම් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ලෝකය සූදානම් කිරීම බව මතකතබාගන්න.

නැවත නැගිටි ගැලවුම්කරුවාණන් නෙපිවරුන් සමඟ කාලය ගතකිරීම ගැන බලසම්පන්නව කතාකරන ප්‍රබල කතාවක් මොර්මොන්ගේ පොතේ තිබෙනවා. එය කෙසේ වෙන්නට ඇත්දැයි ඔබට සිතා ගන්නට පුලුවන්ද?

ක්‍රිස්තුස්වහන්සේ පියාණන් වෙතට ආපසු යා යුතු බව ප්‍රකාශ කළ විට, “උන්වහන්සේ නැවත වරක් තම ඇස් වටපිටාවට යොමුකළා.” 12 මිනිසුන්ගේ ඇස් වල කඳුළු දුටු උන්වහන්සේ, ඔවුන්ගේ හදවත් තමන් තවදුරටත් රැඳෙයි යන බලාපොරොත්තුවෙන් සිටින බව උන්වහන්සේ දැනගත්තා.

රූපය
ගැලවුම්කරුවාණන් සුවය ලැබීමට නෙපිවරුන්ට ආරාධනා කරමින්

උන්වහන්සේ මෙහෙම ඇසුවා: “නුඹලා අතර යම් රෝගීහු සිටිත්ද? ඔවුන්ව මෙහි ගෙනෙන්න. නුඹලා අතර යම් කොරුන්, හෝ අන්ධයන්, … හෝ බිහිරන් හෝ එනම් කිසියම් ආකාරයකින් පීඩිත වූවන් සිටිත්ද? ඔවුන්ව මෙහි ගෙනෙන්න, තවද මම ඔවුන්ව සුවපත් කරන්නෙමි.” 13

මහත් දයානුකම්පාවෙන් යුතුව, උන්වහන්සේ සීමා මායිම් නොතබන අතර “ඕනෑම ආකාරයකින් පීඩාවට පත්වූ” සියලුදෙනා කැඳවනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සුව කිරීමට නොහැකි තරම් ලොකු හෝ කුඩා කිසිවක් නැති බවට මම කැමතියි.

උන්වහන්සේ අපේ දුක් වේදනා දන්නා අතර, කනස්සල්ලට හා මානසික අවපීඩනයට පත්ව සිටින, වෙහෙසට පත්වූ, උඩඟු, වරදවා වටහාගත්, පාළුවට ගිය අය, හෝ “ඕනෑම ආකාරයකින් පීඩාවට පත්වූ” අයව ගෙන ඒමට කැඳවනවා.

රූපය
ගැලවුම්කරුවාණන් සුවකරමින්

එමෙන්ම සියල්ලන්ම “පෙරට ගියහ …; තවද උන්වහන්සේ ඒ සෑම කෙනෙකුවම සුවකළ සේක. …

“…සුවපත් කරනු ලැබූ සහ පූර්ණ වූ දෙගොල්ලන්ම, උන්වහන්සේගේ දෙපා පාමුල නැමී, තවද උන්වහන්සේට නමස්කාර [කළෝය].” 14

මම මෙය කියවන සෑම අවස්ථාවකම, මම මගෙන්ම මෙසේ අසනවා: මම ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන එන්නේ කාවද? ඔබ ගෙන එන්නේ කාවද?

කිසිකෙනෙකු මගහැරී නැති බවත් එමෙන්ම උන්වහන්සේව දැනගැනීමට සියල්ලන්ටම ආරාධනා කර ඇති බවත් සහතික කරගැනීමට, යේසුස්වහන්සේ කළාක් මෙන්, අපට නැවතත් වටපිට බලන්නට පුළුවන්ද?

එය කෙතරම් සරලද යන්න පිළිබඳ උදාහරණයක් බෙදාගැනීමට මට ඉඩදෙන්න. වයස අවුරුදු 15 ක්වූ මගේ මිතුරා වන පේටන්, සෑම උදෑසනකම ආහාර වේල අතරතුර ශුද්ධලියවිලි පද පහක් කියවීම අරමුණක් කරගත්තා, නමුත් ඇය එය තනිවම කළේ නෑ. නැවතත් බලා, පේටන් ඇගේ දෙමාපියන්ට සහ සහෝදර සහෝදරියන්ට මෙන්ම ඇගේ පස් හැවිරිදි සහෝදරයාටද ආරාධනා කළා. “ඔවුන්ව මෙතැනට ගෙනෙන්න,” ලෙස උන්වහන්සේ ආරාධනා කළ විට, කුඩා ක්‍රියාවක් ලෙස පෙනෙන්නට තිබුණත් ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්වුවේ එයයි.

ස්වාමින්වහන්සේගේ මෙම ආරාධනාව අදටත් එලෙසමයි. තරුණ ගැහැණු ළමුනි සහ තරුණ පිරිමි ළමුනි—ඔබේම නිවසේ සිටම, දැන් පටන්ගන්න. ඔබේ දෙමාපියන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන විට ඔබ ඔවුන්ට සහයෝගය දක්වන්නේ කෙසේද කියා යාච්ඤා කරමින් ඔබ ස්වර්ගික පියාණන්ගෙන් අසනවාද? ඔබට ඔවුන්ව අවශ්‍ය තරමටම ඔවුන්ටද ඔබව අවශ්‍යයි.

ඉන්පසු ඔබේ සහෝදර සහෝදරියන්, මිතුරන් සහ අසල්වැසියන් දෙස නැවත බලන්න. ඔබ ක්‍රිස්තුස්වහන්සේ දෙසට ගෙන එන්නේ කාවද?

අපේ ගැලවුම්කරුවාණන් මෙසේ පැවසුවා, “බලන්න මම ආලෝකයය; මම නුඹලා උදෙසා ආදර්ශයක් තබා ඇත්තෙමි.” 15 “මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය” යනුවෙන් උන්වහන්සේ පොරොන්දු වී ඇති හෙයින්, දෙවියන්වහන්සේගේ පවුල රැකගැනීම සඳහා අපි උන්වහන්සේ සමඟ එකතු වන විට උන්වහන්සේගේ ආදරය හා සාමය අපට දැනෙනවා. 16

ක්‍රිස්තුස්වහන්සේගේ මාර්ගයෙහි නියැලීමට මේ මොනතරම් මහිමාන්විත කාලයක්ද!

ඔව්, ඔබ මෙහි පැමිණ සිටින්නේ උදාර දෙයක් සඳහායි. මෙසේ පැවසූ සභාපති නෙල්සන් සමඟ මම එකතු වෙනවා: “ලෝකය වෙනස් කිරීමට ස්වාමින්වහන්සේට ඔබව අවශ්‍යයි. ඔබ කෙරෙහි උන්වහන්සේගේ කැමැත්ත ඔබ පිළිගෙන එය අනුගමනය කරන විට, කළ නොහැකි දේ ඔබ සාර්ථක ලෙස ඉටුකරගනු ඇත!” 17

ඔබ කවුද කියා ස්වාමින්වහන්සේ දන්නා බවත් උන්වහන්සේ ඔබට ප්‍රේම කරන බවත් මම නිර්භීතව සාක්ෂි දරනවා! ක්‍රිස්තුස්වහන්සේ නැවත මේ පොළොවට පැමිණ අප සෑම කෙනෙකුටම “මෙතැනට” එන්න කියා කියන ශ්‍රේෂ්ඨ දවස වනතුරු අපි එක්ව උන්වහන්සේගේ අරමුණ ඉදිරියට ගෙනයමු. අපි ක්‍රිස්තුස්වහන්සේ වෙතට එන අය වන අතර, අපි පැමිණෙන්නේ තනිවම නොවන නිසා, අපි ප්‍රීතියෙන් එකට එකතු වෙමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.