ප්‍රධාන සම්මන්ත්‍රණය
ස්වාමින්වහන්සේ උදෙසා කාලය වෙන්කරන්න
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ස්වාමින්වහන්සේ උදෙසා කාලය වෙන්කරන්න

සෑම දිනකම—ඔබේ ජීවිතයේ ස්වාමින්වහන්සේ උදෙසා කාලය ලබාදීමෙන් ලෝකයේ උපායන් වලට එරෙහි වන ලෙස මම අද ඔබෙන් අයදිනවා.

මාගේ ආදර සහෝදර සහෝදරියනි, උන්වහන්සේ ඔවුන්ට කුමක් පවසන්න කියනවාද කියා දැනගැනීමට උනන්දුවෙන් සෙවූ ස්වාමින්වහන්සේගේ සේවකයන් විසින් දින දෙකක් පුරාවට අපිට හොඳින් උගන්වා තිබෙනවා.

ඉදිරි මාස හය තුළ අපට අපේ වගකීම පවරා තිබෙනවා. දැන් ප්‍රශ්ණය නම්, අප ඇසූ සහ දැනුණු දේ නිසා අපි වෙනස්වෙන්නේ කොහොමද?

සමහරවිට අපට පාලනය කළ නොහැකි තත්වයන්ගෙන් ජීවිතය කෙතරම් වේගයෙන් වෙනස් විය හැකිද යන්න වසංගතය මගින් පෙන්නුම් කර තිබෙනවා. කෙසේවෙතත්, අපට පාලනය කළ හැකි බොහෝ දේ තිබෙනවා. අපි අපේම ප්‍රමුඛතාවයන් සකසාගෙන අපේ ශක්තිය, කාලය සහ උපක්‍රම භාවිතා කරන්නේ කෙසේද යන්න තීරණය කරමු. අපි එකිනෙකාට සලකන්නේ කෙසේද යන්න අපි තීරණය කරමු. සත්‍යය සහ මගපෙන්වීම සඳහා අප හැරිය යුතු අයව අපි තෝරාගනිමු.

ලෝකයේ හඬවල් සහ පීඩනයන් සිත්ඇදගන්නා සුළු මෙන්ම බොහෝයි. නමුත් බොහෝ හඬවල් රැවටිලිකාර, මුලා කරවන අතර අපව ගිවිසුම් මාවතෙන් ඉවතට ඇද දැමිය හැකියි. ඒ හේතුවෙන් ඇතිවන නොවැළැක්විය හැකි හිත් බිඳීම් වළක්වාගැනීම සඳහා, සෑම දිනකම ඔබේ ජීවිතයේ ස්වාමින්වහන්සේ උදෙසා කාලය ලබාදීමෙන් ලෝකයේ උපායන් වලට එරෙහි වන ලෙස මම අද ඔබෙන් අයදිනවා.

ඔබට ලැබෙන බොහෝ තොරතුරු සමාජ හෝ වෙනත් මාධ්‍ය වලින් පැමිණෙන්නේ නම්, ආත්මයේ මිමිනුම් ඇසීමට ඇති ඔබේ හැකියාව අඩුවී යනවා. දිනපතා යාච්ඤා කිරීම සහ ශුභාරංචිය අධ්‍යයනය කිරීම තුළින් ඔබ දෙවියන්වහන්සේව සොයන්නේ නැත්නම්, ඔබ කුතුහලයට පත්විය හැකි නමුත් සත්‍ය නොවන දර්ශනවාදයන්ට ගොදුරු විය හැකියි. නැතහොත් ඇදහිලිවන්ත ශුද්ධවන්තයන් පවා බැබිලෝනියානු කණ්ඩායමේ ස්ථීර සංගීත නාදය නිසා පීලි පැනීය හැකියි.

මාගේ සහෝදර සහෝදරියනි, ස්වාමින්වහන්සේ වෙනුවෙන් කාලය ලබාදෙන මෙන් මම ඔබෙන් අයදිනවා! ශුද්ධාත්මයාණන්ට සැමවිටම ඔබ සමඟ සිටීමට ඉඩ සලසන එම දේවල් කිරීමෙන් ඔබේම අධ්‍යාත්මික පදනම ස්ථිර කර කාලයාගේ පරීක්ශාවන්ට විරුද්ධව සිටගැනීමට හැකිවෙන ලෙස සැකසෙන්න.

“ආත්මයාණන්වහන්සේ කථා කරනනේ … සත්‍ය ලෙසම පවතින දේ මෙන්ම සත්‍ය ලෙස විය හැකි දේ” පිළිබඳව යන ගැඹුරු සත්‍ය අවතක්සේරු කරන්න එපා. 1 “එය ඔබ කළ යුතු සියල්ල ඔබට පෙන්වයි.” 2

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ අවධානය යොමුකරනවාට වඩා කිසිවක් ආත්මයාණන්ට වැඩියෙන් ආරාධනා කරන්නේ නෑ. ක්‍රිස්තුස්වහන්සේ ගැන කථා කරන්න, ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති වන්න, ක්‍රිස්තුස්වහන්සේගේ වදන් පිළිගෙන, ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථීරව ඉදිරියට ගමන් කරන්න. 3 ඔබ උන්වහන්සේට නමස්කාර කරන විටත්, සක්‍රමේන්තුව ලබාගන්නා විටත්, උන්වහන්සේගේ දවස ශුද්ධ ලෙස තබාගැනීමේදීත්, ඔබේ සබත් දිනය ප්‍රීතිමත් එකක් කරන්න. 4

අද උදෑසන මම අවධාරණය කළ පරිදි, ස්වාමින්වහන්සේගේ ශුද්ධ වූ නිවස තුළ උන්වහන්සේ වෙනුවෙන් කරුණාකර කාලය වෙන්කරන්න. දේවමාළිගා සේවය සහ දේවමාළිගා නමස්කාරය මෙන් කිසිවක් ඔබගේ අධ්‍යාත්මික පදනම ශක්තිමත් කරන්නේ නෑ.

අපගේ නව දේවමාළිගා වල සේවය කරන සැමට අපි ස්තූතිවන්ත වෙනවා. ඒවා ලොව පුරා ඉදිවෙමින් පවතිනවා. පහත සඳහන් ස්ථානවල හෝ ඒ ආසන්නයේ තවත් දේවමාළිගා ඉදිකිරීමට අපේ සැලසුම් නිවේදනය කිරීමට අද මම සතුටු වනවා: ඒ කාඕසියුං, තායිවානය; තක්ලොබන්, පිලිපීනය; මොන්රෝවියා, ලයිබීරියාව; කනංගා, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය; ඇන්ටනනාරිවෝ, මැඩගස්කරය; කුලියාකොන්, මෙක්සිකෝව; විටාරියා, බ්‍රසීලය; ලා පාස්, බොලිවියාව; බටහිර සැන්ටියාගෝ, චිලී; ෆෝට් වර්ත්, ටෙක්සාස්; කෝඩි, වයොමිං; උතුරු රෙක්ස්බරග්, අයිඩහෝ; හෙබර් නිම්නය, යූටා; සහ ඔරෙම් යූටා දේවමාළිගාව කැපකිරීමෙන් පසු ප්‍රෝවෝ යූටා දේවමාළිගාව ප්‍රතිසංස්කරණය කිරීමයි.

ආදරණීය සහෝදර සහෝදරියනි, මම ඔබට ආදරෙයි. ස්වාමින්වහන්සේ ඔබව හඳුනන අතර ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේ ඔබේ ගැලවුම්කරුවාණන් සහ ඔබේ මිදුම්කරුවාණන්. උන්වහන්සේ තම සභාවට නායකත්වය දෙනවා මෙන්ම මගපෙන්වනවා. සෑම දිනකම—ඔබේ ජීවිතය තුළ ඔබ උන්වහන්සේ වෙනුවෙන් කාලය ගතකරන්නේ නම් ඔබේ පෞද්ගලික ජීවිතය තුළ උන්වහන්සේ ඔබගේ පෙරමුණින් යනවා මෙන්ම ඔබට මගපෙන්වයි.

අපි නැවත හමුවන තුරු දෙවියන්වහන්සේ ඔබ සමඟ වේවා ලෙස, මම යාච්ඤා කරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.