ප්‍රධාන සම්මන්ත්‍රණය
මානසික සෞඛ්‍ය පිළිබඳ ආමන්ත්‍රණය කිරීම
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


මානසික සෞඛ්‍ය පිළිබඳ ආමන්ත්‍රණය කිරීම

අපේ පවුල අභියෝගයන් තුළින් පසුකර යන අතරතුර මම කළ නිරීක්‍ෂණ කිහිපයක් බෙදාගැනීමට මට ඉඩදෙන්න.

ගිවිසුම් මාවතේ ප්‍රීතියෙන් ගමන් කරන අතරතුර අපේ පවුල පොහොසත් ආශිර්වාද භුක්තිවින්දත්, අපි ඉතා උස් කඳු වලටද මුහුණ දී තිබෙනවා. මානසික රෝග ගැන ඉතා පුද්ගලික අත්දැකීම් කිහිපයක් බෙදාගැනීමට මම බලාපොරොත්තු වෙනවා. මේවාට සායනික මානසික අවපීඩනය, දැඩි සාංකාව, ද්වි ධ්‍රැව ආබාධ, ADHD—සහ සමහරවිට ඒ සියල්ලේම එකතුවක් ඇතුළත් වෙනවා. මම මෙම මෘදු අත්දැකීම් බෙදාගන්නේ අදාළ අයගේ අනුමැතිය ඇතිවයි.

මගේ දේවසේවය අතරතුරදී, මේ හා සමාන අත්දැකීම් ඇති පුද්ගලයින් සහ පවුල් සිය ගණනක් මට හමුවී තිබෙනවා. ශුද්ධලියවිලි වල සඳහන් පරිදි දේශය ආවරණය කරන “පාළුකරන රෝගයට” මානසික රෝග ඇතුළත් විය හැකිදැයි සමහරවිට මට සිතෙනවා. 1 සෑම මහාද්වීපයක්ම සහ සංස්කෘතියක්ම ආවරණය කරමින් එය ලොව පුරාම ඇති අතර සියලු—බාල, මහළු, පොහොසත්, සහ දුප්පතුන්ට බලපානවා. සභාවේ සාමාජිකයින්ව එයින් බැහැර කර නෑ.

ඒ අතරම, අපගේ දහම අපට උගන්වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වී උන්වහන්සේ තුළ පරිපූර්ණ වීමට උත්සාහ කරන ලෙසයි. “මම යේසුස් මෙන් වීමට උත්සහ කරමි” ලෙස අපේ දරුවන් ගායනා කරනවා. 2 අපේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පරිපූර්ණ වනවා මෙන් අපිත් පරිපූර්ණ වීමට ප්‍රාර්ථනා කරනවා. 3 පරිපූර්ණත්වය පිළිබඳ අපගේ අවබෝධයට මානසික රෝග බාධා කළ හැකි බැවින්, එය නිතරම වාගේ තහනම් කරුණක් ලෙස පවතිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඕනෑවට වඩා නොදැනුවත්කමක්, ඕනෑවට වඩා නිහඬ දුක් විඳීමක්, සහ ඕනෑවට වඩා බලාපොරොත්තු සුන්වීමක් තිබෙනවා. බලාපොරොත්තු වන ප්‍රමිති වලට ඔවුන් නොගැලපෙන නිසා බොහෝ දෙනෙක් කලබලයට පත්වී, සභාවේ තමන්ට තැනක් නැතැයි වැරදියට විශ්වාස කරනවා.

එවැනි රැවටීම් වලට එරෙහිව සටන් කිරීම සඳහා, “ගැලවුම්කරුවාණන් තම පියාණන්වහන්සේගේ සෑම දරුවෙකුටම ආදරය කරන බව” මතකතබාගැනීම වැදගත්. පුළුල් මානසික සෞඛ්‍ය අභියෝග සමඟ ජීවත් වන බොහෝ දෙනෙක් අත්විඳින වේදනාව සහ අරගලය උන්වහන්සේ වඩාත් හොඳින් වටහාගන්නවා. උන්වහන්සේ ‘උන්වහන්සේගේ ජනතාවගේ වේදනාව හා අසනීපයන් උන්වහන්සේ මතට ගනිමින්, …. සෑම ආකාරයකම වේදනාවන් හා පීඩා සහ පරීක්‍ෂා වලට මුහුණදුන් සේක’ (ඇල්මා 7:11; අවධාරණය කිරීම් සහිතයි; තවත් බලන්න හෙබ්‍රෙව් 4:15–16; 2 නෙපි 9:21). උන්වහන්සේ සියලු පීඩාවන් තේරුම්ගන්නා හෙයින්, ‘බිඳුණු සිත් ඇති අයව සුවකළ’ යුතු ආකාරය උන්වහන්සේ දන්නවා (ලූක් 4:18; තවත් බලන්න යෙසායා 49:13–16).” 4 අභියෝග බොහෝ විට අතිරේක මෙවලම් සහ ආධාරක වල අවශ්‍යතාවයක් පෙන්නුම් කරන අතර ඒවා චරිත දෝෂයක් නොවෙයි.

අපේ පවුල අභියෝගයන් තුළින් පසුකර යන අතරතුර මම කළ නිරීක්‍ෂණ කිහිපයක් බෙදාගැනීමට මට ඉඩදෙන්න.

පළමුව, බොහෝ මිනිසුන් අප සමඟ වැලපෙයි; ඔවුන් අපව විනිශ්චය කරන එකක් නෑ. දැඩි සන්ත්‍රාස ප්‍රහාර, කාංසාව, සහ මානසික අවපීඩනය හේතුවෙන් අපේ පුතා සති හතරකට පසු ඔහුගේ ධර්මදූත සේවයෙන් ආපසු නිවසට පැමිණියා. ඔහුගේ දෙමව්පියන් වශයෙන් බලාපොරොත්තු සුන්වීම සහ ශෝකය සමඟ කටයුතු කිරීම අපට අසීරු වුණා, මොකද ඔහුගේ සාර්ථකත්වය සඳහා අපි බොහෝ සේ යාච්ඤා කර තිබුණා. සියලුම දෙමාපියන් මෙන්, අපේ දරුවන් සමෘද්ධිමත් වී සතුටින් සිටිනවාට අපිත් කැමතියි. ධර්මදූත සේවයක් කියන්නේ අපේ පුතාට වැදගත් සන්ධිස්ථානයක් විය යුතුව තිබුණා. අනෙක් පුද්ගලයින් කුමක් සිතාවිදැයි කියාත් අපි කල්පනා කළා.

අපි නොදැනුවත්වම, අපේ පුතාගේ නැවත පැමිණීම ඔහුට අසීමිත ලෙස විනාශකාරී වුණා. ඔහු ස්වාමින්වහන්සේට ප්‍රේම කළා එමෙන්ම සේවය කිරීමට අවශ්‍ය වුණා, ඒත් තේරුම්ගැනීමට ඔහු අරගල කළ හේතු නිසා ඔහුට එය කරන්නට නොහැකි වුණා. ඔහු ඉතා ඉක්මණින් බලාපොරොත්තු සුන්වීමේ, දැඩි වරදකාරී හැඟීමකට මුහුණදෙන තැනකට වැටුණා. ඔහුට තවදුරටත් පිළිගැනීමක් දැනුණේ නැති අතර අධ්‍යාත්මික වශයෙන් හිරිවැටීමකට පත්වුණා. මරණය පිළිබඳ පුන පුනා නැගෙන සිතිවිලි වලින් ඔහු භීතියට පත්වුණා.

මෙම අතාර්කික තත්වයේ සිටින අතරතුර, අපේ පුතා විශ්වාස කළේ ඉතිරිව ඇති එකම ක්‍රියාව නම් සියදිවි නසාගැනීම බවයි. ඔහුව බේරාගැනීම සඳහා ශුද්ධාත්මයාණන්වහන්සේ සහ තිරය දෙපැත්තේම දේවදූත සේනාවක් අවශ්‍ය වුණා.

ඔහු ජීවිතය වෙනුවෙන් සටන් කරමින් සිටින අතරතුර සහ මෙම ඉතාමත් අසීරු කාලයේදී, අපේ පවුලේ අය, කොට්ඨාශ නායකයින්, සාමාජිකයින්, සහ මිතුරන් අපට සහයෝගය දැක්වීමට හා දේවසේවය කිරීමට උත්සුක වුණා.

මෙතරම් පිටාර ගලන ආදරයක් මට කවදාවත් දැනිලා නෑ. සැනසිල්ල අවශ්‍ය අයව සනසනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න මට එතරම් බලවත් ලෙස සහ පෞද්ගලික ආකාරයකින් කවදාවත් දැනිලා තිබුණේ නෑ. එම අධික සැලකිල්ල සඳහා අපේ පවුල සදහටම කෘතඥ වෙනවා.

මෙම සිදුවීම් සමඟ සිදුවූ ගනණය කළ නොහැකි ප්‍රාතිහාර්යයන් ගැන මට විස්තර කරන්නට බැරි තරම්. ස්තූතිවන්ත වන්නට, අපේ පුතාගේ ජීවිතය බේරුණා, නමුත් ඔහුට ආදරය, වටිනාකම සහ ඔහුව අවශ්‍ය බව පිළිගන්නටත්, සුවවෙන්නටත් ඔහුට දිගු කාලයක් සහ බොහෝ වෛද්‍ය, චිකිත්සක, හා අධ්‍යාත්මික සත්කාර අවශ්‍ය වුණා.

එවැනි සිදුවීම් සියල්ල අපේ මෙන් අවසන් නොවන බව මම දන්නවා. ඉතා ඉක්මණින් තම ආදරණීයයන් අහිමි වූ සහ දැන් ශෝකය මෙන්ම පිළිතුරු නැති ප්‍රශ්නද සමඟ සිටිනා අය සමඟ මම ශෝක වෙනවා.

මගේ ඊළඟ නිරීක්ෂණය නම් දෙමාපියන්ට තම දරුවන්ගේ අරගල හඳුනාගැනීම දුෂ්කර විය හැකියි, නමුත් අපි අපවම දැනුවත් කරගත යුතුයි. සාමාන්‍ය වර්ධනය හා අසනීප වීමේ සලකුණු හා සම්බන්ධ දුෂ්කරතා අතර වෙනස අපි දැනගන්නේ කොහොමද? ජීවිතයේ අභියෝග ජයගැනීමට අපේ දරුවන්ට උපකාර කිරීමේ පූජනීය වගකීම දෙමාපියන් වශයෙන් අපට තිබෙනවා; කෙසේවෙතත්, මානසික සෞඛ්‍ය විශේෂඥයෝ වෙන්නේ අපෙන් ස්වල්ප දෙනෙක් පමණයි. කෙසේවෙතත් අපේ දරුවන් ඔවුන්ට සුදුසු බලාපොරොත්තු සපුරාලීමට වෙර දරන විට, ඔවුන්ගේ අවංක උත්සාහයෙන් සෑහීමට පත්වීමට ඉගෙනගැනීමට උපකාර කිරීමෙන්, අපි ඔවුන් ගැන සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාත්මික වර්ධනය අඛණ්ඩ ක්‍රියාවලියක් බව අපි සෑම කෙනෙක්ම අපේ පෞද්ගලික අඩුපාඩු වලින් දැනගෙන තිබෙනවා.

‘චිත්තවේගී හා මානසික සුවය සඳහා සරල විශ්ව ඖෂධයක් නොමැති බව’ අපට දැන් වැටහී තිබෙනවා. අපි වැටුණු ශරීරයක් සමඟ වැටුණු ලෝකයක ජීවත් වන නිසා අපි ආතතිය හා කැලඹීම් අත්විඳිනවා. මීට අමතරව, මානසික රෝග විනිශ්චය සඳහා හේතු සාධක බොහෝමයක් හේතුවිය හැකියි. අපගේ මානසික හා චිත්තවේගීය යහපැවැත්ම කුමක් වුවත්, අපේ අඩුපාඩු ගැන සිතනවාට වඩා වර්ධනය කෙරෙහි අවධානය යොමුකිරීම සෞඛ්‍ය සම්පන්නයි.” 5

මගේ බිරිඳට සහ මට, සැමවිටම අපට උපකාර කළ එකම දෙය නම් හැකිතාක් දුරට ස්වාමින්වහන්සේට සමීපව සිටීමයි. ආපසු හැරී බලන විට, මහත් අවිනිශ්චිත කාල වලදී ස්වාමින්වහන්සේ අපට ඉවසිලිවන්තව උපකාර කළ ආකාරය අපිට දැන් පේනවා. අඳුරු පැය හරහා පියවරෙන් පියවර උන්වහන්සේගේ ආලෝකය අපට මගපෙන්වා තිබෙනවා. පුද්ගලයෙකුගේ ප්‍රාණයක වටිනාකම කිසිඳු ලෞකික කාර්යයක් හෝ ජයග්‍රහණයකට වඩා සදාකාලික පටිපාටිය තුළ ඉතාමත් වැදගත් බව දකින්නට ස්වාමින්වහන්සේ අපට උපකාර කළා.

නැවතත්, මානසික රෝග ගැන අපවම දැනුවත් කරගැනීම, අපට සහ ඒ සමඟ අරගල කරන අනෙක් අයට උපකාර කිරීමට අපව සූදානම් කරනවා. එකිනෙකා සමඟ විවෘත හා අවංකව සාකච්ඡා කිරීම මෙම වැදගත් මාතෘකාවට ලැබිය යුතු අවධානය ලබාගැනීමට උපකාරී වෙනවා. සියල්ලට පසු, තොරතුරු, පෙළඹවීම් සහ එළිදරව් වලට යොමුකරවනවා. බොහෝ විට නොපෙනෙන්නට ඇති මෙම අභියෝග ඕනෑම කෙනෙකුට බලපෑ හැකි අතර, අප ඒවාට මුහුණදීමේදී, ඒවා ජයගත නොහැකි ලෙස පෙනෙන්නට තිබෙනවා.

අප ඉගෙනගත යුතු පළමු කරුණ නම් අප නිසැකයෙන්ම තනි වී නැති බවයි. ශුභාරංචි පුස්තකාල යෙදුමේ ජීවිත උදවු අංශයේ මානසික සෞඛ්‍ය පිළිබඳ මාතෘකාව හැදෑරීමට මම ඔබට ආරාධනා කරනවා. ඉගෙනීමෙන් වැඩි අවබෝධයක්, වැඩි පිළිගැනීමක්, වැඩි දයානුකම්පාවක්, වැඩි ආදරයක් ඇති වෙයි. සෞඛ්‍ය සම්පන්න අපේක්ෂාවන් සහ සෞඛ්‍ය සම්පන්න අන්තර්ක්‍රියා වර්ධනය කරගැනීමට සහ කළමනාකරණය කරගැනීමට එය අපට උපකාර වන අතරතුර, එමඟින් ඛේදවාචකයන් අඩුකළ හැකියි.

මගේ අවසාන නිරීක්ෂණය: අපි නිතරම එකිනෙකා ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි. විශේෂයෙන් අපේ බලාපොරොත්තු ක්ෂණිකව ඉටුනොවන විට—අපි එකිනෙකාට ප්‍රේම කළ යුතු අතර විනිශ්චය නොක‍ර සිටිය යුතුයි. අපේ දරුවන් සහ යෞවනයන් තමන් ගැන පෞද්ගලිකව ආදරයක් දැනීමට පොරබදින විටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය ඔවුන්ගේ ජීවිත තුළ දැනීමට අපි ඔවුන්ට උදව් කළ යුතුයි. ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයෙකු ලෙස සේවය කළ, වැඩිහිටි ඕර්සන් එෆ්. විට්නි, දුෂ්කරතාවයෙන් පෙළෙන දරුවන් සඳහා උපකාර කළ යුතු ආකාරය ගැන දෙමාපියන්ට අවවාද කළා: “ඔබේ … දරුවන් වෙනුවෙන් යාච්ඤා කරන්න; ඔබේ ඇදහිල්ලෙන් ඔවුන්ව අල්ලාගෙන සිටින්න.” 6

ඔවුන්ව ඇදහිල්ලෙන් අල්ලාගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි මම බොහෝ විට කල්පනා කර තිබෙනවා. ආදරය, නිහතමානීකම, කරුණාවන්තකම, සහ ගෞරවය යන සරල ක්‍රියාවන් ඊට ඇතුළත් වන බව මම විශ්වාස කරනවා. එහි තේරුම නම් තමන්ගේම වේගයෙන් ඔවුන්ට වර්ධනය වීමට ඉඩදීම සහ අපේ ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය ඔවුන්ට දැනෙන පරිදි සාක්ෂි දැරීමයි. ඒ සඳහා අපි ඔවුන් ගැන වැඩියෙන් සිතිය යුතු අතර අපි ගැන හෝ අන් අය ගැන අඩු ලෙස සිතිය යුතුයි. සාමාන්‍යයෙන් එයින් අදහස් කරන්නේ අඩුවෙන් කතා කිරීම සහ බොහෝ සේ, බොහෝ සේ, සවන්දීමයි. අපි ඔවුන්ට ප්‍රේම කළ යුතුයි, ඔවුන්ව සවිබල ගැන්විය යුතුයි, එමෙන්ම සාර්ථක වීමට සහ දෙවියන්වහන්සේට ඇදහිලිවන්තව සිටීමට දරන උත්සාහයේදී ඔවුන්ව නිතරම ප්‍රශංසා කළ යුතුයි. ඒවගේම අවසාන වශයෙන්, අපි දෙවියන්වහන්සේට සමීපව සිටින්නාක් මෙන්ම—ඔවුන්ට සමීපව සිටීමට අපට හැකි සෑම දෙයක්ම කළ යුතුයි.

මානසික අසනීප වලින් පෞද්ගලිකව පීඩාවට පත්වූ සියලුදෙනාට, මේ අවස්ථාවේදී ඔබට දෙවියන්වහන්සේගේ ප්‍රේමය නොදැනුණත්, ඔබේ ගිවිසුම් තදින් අල්ලාගෙන සිටින්න. ඔබේ බලයේ තිබෙන ඕනෑම දෙයක් කරමින් ඒවගේම “දෙවියන්වහන්සේගේ ගැලවීම දැකීමට සහ උන්වහන්සේගේ හස්තය හෙළිදරව් වනතුරු … නිශ්චලව සිටින්න.” 7

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපේ ගැලවුම්කරුවාණන් බව මම සාක්ෂි දරනවා. උන්වහන්සේ අපිව දන්නවා. උන්වහන්සේ අපට ආදරය කරන අතර, උන්වහන්සේ අප එනතුරු බලා සිටිනවා. අපේ පවුලේ අභියෝග අතරතුරදී, උන්වහන්සේ කෙතරම් සමීප දැයි මට දැනගැනීමට හැකිවුණා. උන්වහන්සේගේ පොරොන්දු සත්‍යයි:

බිය නොවන්න, මම ඔබ සමඟ සිටිමි; අහෝ, කලබල නොවන්න,

මක්නිසාද මම නුඹලාගේ දෙවියන් වෙමි තවද නුඹලාට තවමත් ආධාර කරන්නෙමි.

මම ඔබව ශක්තිමත් කරමි, ඔබට උදව් කරමි, ඔබ සිටගෙන සිටින්නට සලස්වන්නෙමි, …

මාගේ ධර්මිෂ්ඨකමේ, … සර්වබලධාරී හස්තයෙන් අල්ලාගනිමින්.

අපගේ අත්තිවාරම කෙතරම් ස්ථිර දැයි දැන, අපි සදාකාලයටම සතුටින් මෙසේ ප්‍රකාශ කරමු:

ප්‍රාණය විශ්‍රාමය සඳහා යේසුස්වහන්සේ කෙරෙහි නැඹුරු වී ඇත

මම ඔහුගේ සතුරන්ට, ඔහුව අතරමං නොකරන්නෙමි, මට එසේ කිරීමට නොහැකිය;

එම ප්‍රාණය, සියලු නිරය සෙලවීමට උත්සාහ කළ යුතු වුවද, …

මම කවදාවත්, කවදාවත් නැහැ, … කවදාවත් අත්හරින්නේ නැහැ! 8

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.