ප්‍රධාන සම්මන්ත්‍රණය
එක් ප්‍රතිශතයකින් වඩා යහපත්ව
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


එක් ප්‍රතිශතයකින් වඩා යහපත්ව

වෙනස් වීමට අපි ගන්නා සෑම උත්සාහයක්ම, අපට එය කෙතරම් කුඩා ලෙස පෙනුනත්, එයට අපේ ජීවිත වල ලොකුම වෙනස සිදුකළ හැකියි.

ශතවර්ෂයකටත් වැඩි කාලයක්, මහා බ්‍රිතාන්‍යයේ ජාතික පාපැදි ධාවන කණ්ඩායම් පාපැදි ලෝකයේ විහිළුකාරයින් වී සිටියා. මධ්‍යමානතාවයේ ගිලී සිටි, බ්‍රිතාන්‍ය යතුරුපැදිකරුවන් වසර 100 ක ඔලිම්පික් තරඟ වලදී ගැනීමට සමත් වුණේ ඉතා සුළු රන් පදක්කම් ප්‍රමාණයක් අතර, වසර 110 ක කාලයක් තුළ කිසිදු බ්‍රිතාන්‍ය ධාවකයෙකු ජයග්‍රහණය නොකළ පාපැදි සවාරි ඉසව්ව වන සති තුනක දීර්ඝ ටුවර් ද ප්‍රංශ තරගයේදී වඩාත් දුර්වල වුණා. අසීරු ලෙස දිනාගත් ඔවුන්ගේ කීර්ති නාමයන් හැමදාටම විනාශ කර දමනු ඇතැයි යන බිය නිසා සමහර කීර්තිමත් පාපැදි නිෂ්පාදකයන් බ්‍රිතාන්‍යයින්ට පාපැදි විකිණීම පවා ප්‍රතික්ෂේප කිරීම බ්‍රිතාන්‍ය ධාවකයින්ගේ අවාසනාවන්ත තත්ත්වයට කණගාටුවට කරුණක්. අති නවීන තාක්‍ෂණයට සහ අලුතින් මුහුණපෑමට සිදුවූ සෑම පුහුණු ක්‍රමයක් සඳහාම අතිමහත් සම්පත් ප්‍රමාණයක් කැපකළද කිසිවක් වැඩකළේ නෑ.

රූපය
බ්‍රිතාන්‍ය පාපැදි කරුවන්

කිසිවක් සිදුවුණේ නෑ, ඒ 2003 දී, බ්‍රිතාන්‍ය පාපැදි ධාවන පථය සදහටම වෙනස් කරන සුළු, විශාල ලෙස නොදුටු සුළු වෙනසක් සිදුවන තුරුයි. එම නව ප්‍රවේශය සදාකාලික මූලධර්මයක්—පොරොන්දුවක් සමඟම—අපව වැඩිදියුණු කරගැනීම සඳහා නිතරම ව්‍යාකූල වන ලෞකික ගවේෂණය පිළිබඳව හෙළිදරව් කරනවා. එසේනම් දෙවියන්වහන්සේගේ වඩා හොඳ දියණියන් හා පුත්‍රයන් වීම සඳහා අපගේ පෞද්ගලික ලුහුබැඳීම සඳහා අදාළ විය හැකි බ්‍රිතාන්‍ය පාපැදි පැදවීමේදී සිදුවූයේ කුමක්ද?

2003 දී, ශ්‍රීමත් ඩේව් බ්‍රේල්ස්ෆර්ඩ්ව රැකියාවට බඳවාගත්තා. එක රැයකින් නාටකාකාර ලෙස ආපසු හැරවීමට උත්සාහ කළ පුහුණුකරුවන් මෙන් නොව, ශ්‍රීමත් බ්‍රේල්ස්ෆර්ඩ් ඒ වෙනුවට “ආන්තික ලාභ එකතු කිරීම” ලෙස හැඳින්වූ උපාය මාර්ගයක් සඳහා කැපවුණා. සෑමදෙයකම කුඩා වැඩිදියුණු කිරීම් ක්‍රියාත්මක කිරීම මෙයට ඇතුළත් වුණා. එනම් නිරතුරු තක්සේරු කිරීම්, ප්‍රධාන සංඛ්‍යාලේඛන ගණනය කිරීම්, සහ නිශ්චිත දුර්වලතා ඉලක්ක කරගැනීම් මෙයට ඇතුළත් වුණා.

එය මොර්මොන්ගේ පොතේ ලාමන්වරයෙකු වූ සාමුවෙල් අනාගතවක්තෘවරයාගේ “සුපරික්ෂාවෙන් ගමන්කිරීම” යන්නට තරමක් සමානයි. 1 පුළුල්, වඩා පරිපූර්ණ දෘෂ්ටියක් නිසා අප මුහුණ පා ඇති පැහැදිලි ගැටලුව හෝ පාපය මත දුර නොපෙනෙන ලෙස සවිකර ඇති උගුලෙන් අපි වළකිනවා. බ්‍රේල්ස්ෆර්ඩ් මෙසේ පැවසුවා, “එම මුළු මූලධර්මයම පැමිණුනේ, බයිසිකලය පැදීම සඳහා අවශ්‍ය වන සියලුදේම කුඩා කොටස් වලට වෙන්කර, ඉන්පසු එය 1 ප්‍රතිශතයකින් වැඩිදියුණු කළ විට, ඔබ නැවත ඒ සියල්ල එකට එක් කළ විට ඔබට විශාල දියුණුවක් ලබන්නට පුළුවන් යන අදහසිනුයි.” 2

ඔහුගේ ප්‍රවේශය ස්වාමින්වහන්සේගේ ප්‍රවේශය සමඟ හොඳින් ගැලපෙන බව පේනවා, සියයට 99 ක අවදානමින් වුවද— සියයට 1ක ඇති වැදගත්කම උන්වහන්සේ අපට ඉගැන්වුවා. ඇත්තෙන්ම, අවශ්‍යතා ඇති පුද්ගලයින් සෙවීමට ඇති ශුභාරංචියේ අත්‍යවශ්‍ය බව උන්වහන්සේ උගන්වමින් සිටියා. නමුත් ශුභාරංචියේ ඉතා පැණිරස හා රසවත් දෙවන මූලධර්මය වන පසුතැවිල්ලට අපි එම මූලධර්මයම අදාළ කරගත්තොත් කොහොමද? පාපය සහ පසුතැවිල්ල අතර ඇතිවන සංචලනය සහ නාටකාකාර ලෙස වෙනස් වීම නිසා ලැජ්ජාවට පත්වෙනවා වෙනුවට, අපි එය පුළුල් කරන ලෙසම, අපගේ අවධානය යොමුකිරීම පටු කළොත් කොහොමද? සෑමදෙයක්ම පරිපූර්ණ කිරීමට උත්සාහ කරනවා වෙනුවට, අපි එක් දෙයක් ගැන පමණක් කටයුතු කළහොත් කොහොමද?

නිදසුනක් වශයෙන්, ඔබේ නව පුළුල් කෝණ පිළිබඳ දැනුවත් වීමේදී, ඔබ මොර්මොන්ගේ පොත දිනපතා කියවීම නොසලකා හැර ඇති බව සොයාගන්නේ නම් කුමක් කළ යුතුද? හොඳයි, අන්ත අසරණව එක රැයකින් පිටු 531 පුරාම දුවනවා වෙනුවට, එයින් සියයට 1 ක්—එනම් දිනකට පිටු පහක් පමණක්—හෝ ඔබේ තත්වය සඳහා වෙනත් ඉලක්කයක් තබාගෙන කියවීමට අපි කැපවුවහොත් කොහොමද? අපේ ජීවිතයේ කුඩා නමුත් ස්ථාවර ආන්තික ප්‍රතිලාභ එකතු කිරීම අවසානයේ අපගේ පෞද්ගලික අඩුපාඩුකම් වල අසීරුතාවයන් පවා ජයගැනීමේ මාවත විය හැකිද? අපේ කැලැල් වලට මෙවැනි කුඩා ප්‍රමාණයේ ප්‍රවේශයක් ඇත්තෙන්ම වැඩ කරයිද?

හොඳයි, ගෞරවනීය කතුවරයෙකු වන ජේම්ස් ක්ලියර් පවසන්නේ මෙම ක්‍රමය මගින් ගණිතය සෘජුවම අපට වාසිදායක වන බවයි. ඔහු පවසන්නේ “පුරුදු යනු ස්වයං දියුණුවේ ‘සංයුක්ත පොලිය’ බවයි. ඔබට දිනකට යම් දෙයකින් සියයට එකක පමණ දියුණුවක් ලබාගත හැකි නම් … වසරක් අවසානයේදී ඔබට 37 ගුණයකින් දියුණු වීමට පුළුවන්.” 3

බ්‍රේල්ස්ෆර්ඩ්ගේ කුඩා දියුණු කිරීම් ආරම්භ වූයේ උපකරණ, ඇඳුම් රෙදි, සහ පුහුණු රටා වැනි පැහැදිලි දේ වලිනුයි. නමුත් ඔහුගේ කණ්ඩායම එතැනින් නතර වූයේ නෑ. නොසලකා හරින ලද පෝෂණය, සහ නඩත්තු කටයුතු වල සූක්ෂම වෙනස්කම් වැනි නොසිතූ ප්‍රදේශ වල සියයට 1 ක් වැඩිදියුණු කිරීම් ඔවුන් දිගටම කරගෙන ගියා. කාලයාගේ ඇවෑමෙන්, මෙවන් ක්ෂුද්‍ර වැඩිදියුණු කිරීම් ගණනාවක් නිසා සිත්ඇදගන්නාසුළු ප්‍රතිඵල ලබාගත් අතර ඒවා කිසිවෙකුටත් සිතාගත නොහැකි තරම් වේගයෙන් පැමිණියා. සත්‍ය වශයෙන්ම, ඔවුන් “පේළියෙන් පේළියට, උපදේශයෙන් උපදේශයට, මෙහි ටිකක් හා ටිකක්” 4 යන සදාකාලික මූලධර්මයට අනුකූල වී සිටියා.

ඔබ ආශාවෙන “බලවත් වෙනසක්” 5 ඇතිකරන කුඩා ගැලපීම් වැඩ කරයිද? නිවැරදිව ක්‍රියාත්මක කළහොත්, ඒවා සිදුවන බව මට සියයට 99 ක් විශ්වාසයි! නමුත් මෙම ප්‍රවේශය සමඟ ඇති එක් අවවාදයක් නම් සුළු වාසි එකතු වීමට නම්, දවසින් දවස නොපසුබස්නා උත්සාහයක් තිබිය යුතුයි. තවද අපි පරිපූර්ණ නොවීමට ඉඩ ඇතත්, අපේ නොපසුබට උත්සාහය ඉවසීමෙන් පිළිබිඹු කිරීමට අපි අධිෂ්ඨාන කරගත යුතුයි. එය කරන්න, එවිට ධර්මිෂ්ඨකම වැඩි කිරීමෙන් ඔබට ලැබෙන මිහිරි විපාක ඔබ සොයන ප්‍රීතිය හා සාමය ගෙනදෙයි. සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූ ලෙස, “පසුතැවීම සඳහා නිතිපතා, දිනපතා අවධානය දීම තරම් කිසිඳු දෙයක් අපගේ පෞද්ගලික වර්ධනය සඳහා වඩාත්ම මුදු මොළොක්, වඩාත් ප්‍රශංසනීය, හෝ වඩාත් තීරණාත්මක නෑ.” පසුතැවීම සිදුවීමක් නොවේ, එය ක්‍රියාවලියක්. සතුටට සහ මනසේ සාමයට යතුර එයයි. ඇදහිල්ල සමඟ එකතුවූ විට, පසුතැවීම විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලයට වූ අපගේ ලඟාවීම විවෘත කරනවා.” 6

රූපය
අබ ඇටය
රූපය
අබ ගස

පසුතැවිලි වීම සඳහා අවශ්‍ය ඇදහිල්ල සම්බන්ධයෙන්, ශුද්ධලියවිලි වල පැහැදිලිව සඳහන් වෙනවා. මුලදී අවශ්‍ය වන්නේ හුදු “ඇදහිල්ලේ අංශුවක්” පමණයි. 7 මෙම “අබ ඇටයේ” 8 මානසිකත්වය අපට එකතු කරගැනීමට හැකිනම්, අපටත්, අපේ ජීවිත වල අනපේක්ෂිත හා සුවිශේෂී දියුණුවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. නමුත් මතකතබාගන්න, අපි ඇට්ටිලා හන් වී සිට එක රැයකින් තෙරේසා මව්තුමියට යාමට උත්සාහ නොකරන ආකාරයටම, අපි වැඩිදියුණු කිරීමේ රටාවන් ක්‍රමයෙන් නැවත සකස් කළ යුතුයි. ඔබේ ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් ඉතා විශාල වශයෙන් තිබුනද, සුළු පරිමාණයෙන් පටන්ගන්න. පසුතැවිලි වීමෙන් ඔබ දැඩි ලෙස යටපත්වී හෝ අධෛර්යයට පත්වී සිටිනවා නම්, එය විශේෂයෙන්ම සත්‍යයක් වෙනවා.

මෙම ක්‍රියාවලිය සෑමවිටම රේඛීය ආකාරයකින් සිදුවෙන්නේ නෑ. වැඩියෙන්ම අධිෂ්ඨානශීලී අය අතර පවා පසුබෑම් ඇතිවෙන්නට පුළුවන්. මෙයින් ඇතිවූ කලකිරීම මගේම ජීවිතයේ අත්විඳ ඇති හෙයින්, එය සමහර විට සියයට 1 ක් ඉදිරියට සහ සියයට 2 ක් ආපසු යන බවක් දැනෙන බව මම දන්නවා. කෙසේවෙතත්, එම සියයට 1 ක ජයග්‍රහණයන් අඛණ්ඩව ලබාගැනීමට ඇති අධිෂ්ඨානයේ අප නොසැලී සිටියහොත්, “අපේ දුක උසුලාගෙන ගිය” 9 තැනැන්වහන්සේ අපව ගෙන යන බව නිසැකයි.

පැහැදිලිවම, අපි දරුණු පාප වලට සම්බන්ධ වන්නේ නම්, ස්වාමින්වහන්සේ පැහැදිලි හා නිසැකයි; අපි නැවැත්විය යුතුයි, අපේ සභානායකවරයාගෙන් උදව් ලබාගත යුතුයි, ඒවගේම වහාම එවැනි පුරුදු වලින් ඉවත් විය යුතුයි. නමුත් වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් නියම කළ පරිදි: “කුඩා, ස්ථාවර, වර්ධනය වන අධ්‍යාත්මික දියුණුව යනු ස්වාමින්වහන්සේ විසින් අප ගන්නවාට කැමති වන පියවරයි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි වරදක් නොමැතිව ගමන් කිරීමට සූදානම් වීම ලෞකිකත්වයේ සහ ජීවිත කාලය පුරාම ලුහුබැඳ යාමේ මූලික අරමුණු වලින් එකක්; එය දැඩි අධ්‍යාත්මික ක්‍රියාකාරකම් වල ඉඳහිට ඇතිවන ප්‍රබෝධයකින් සිදුවන්නේ නෑ.” 10

රූපය
බ්‍රිතාන්‍ය පාපැදි කරුවන්

ඉතින්, පසුතැවිලි වීම සහ සැබෑ වෙනස සඳහා මෙම කුඩා ප්‍රවේශය ඇත්තෙන්ම වැඩ කරනවාද? එසේ කියනවානම්, සාක්ෂි එම බයිසිකල් පැදීමේ තිබෙනවාද? මෙම දර්ශනය ක්‍රියාත්මක කිරීමෙන් පසු ගතවූ දශක දෙකක කාලය තුළ බ්‍රිතාන්‍ය පාපැදි ක්‍රීඩාවට සිදුවූ දේ සලකා බලන්න. බ්‍රිතාන්‍ය පාපැදි කරුවන් මේ වන විටත් විස්මයජනක ලෙස හය වතාවක් එම ප්‍රසිද්ධ ප්‍රංශ සංචාරය ජයග්‍රහණය කර තිබෙනවා. පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙල හතරේදී, සියලුම පාපැදි ඉසව් වලින් සාර්ථකම රට වූයේ මහා බ්‍රිතාන්‍යයයි. මෑතකදී නිමාවට පත්වූ ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී, එක්සත් රාජධානිය වෙනත් ඕනෑම රටකට වඩා පාපැදි ධාවනයේදී රන් පදක්කම් දිනාගත්තා.

රූපය
ඔලිම්පික් ශූරයන්

බ්‍රිතාන්‍ය පාපැදි කරුවන්ගේ ඡායාරූප (දක්ෂිණාවර්තව වමේ සිට) ෆ්‍රීඩමන් වෝගල්, ජෝන් ගිල්ස්, සහ ග්‍රෙග් බේකර්/ගෙටි රූප

නමුත් ලෞකික රිදී හෝ රත්තරන් පවා අභිබවා යමින්, සදාකාලය කරා යන මාවතේ අපගේ අගනා පොරොන්දුව නම් ඇත්තෙන්ම අපි “ක්‍රිස්තුස්වහන්සේ තුළ ජයග්‍රහණය” කරන බවයි. 11 තවද කුඩා නමුත් ස්ථාවර වැඩිදියුණු කිරීම් කිරීමට අපි කැපවන විට, “මැකී නොයන මහිමයේ ඔටුන්නක්” අපට පොරොන්දු වී තිබෙනවා. 12 එම නොමැකෙන දීප්තිය උපයෝගී කරගනිමින්, ඔබේ ජීවිතය පරීක්‍ෂා කර බලා ගිවිසුම් මාවතේ ඔබව එකතැන පල්වී හෝ මන්දගාමී වී ඇත්තේ කුමක් නිසාදැයි බැලීමට මම ඔබට ආරාධනා කරනවා. ඉන්පසු පුළුල් ලෙස බලන්න. මදක් යහපත් වීමේ මිහිරි ප්‍රීතියට හේතු වියහැකි ඔබේ ජීවිතයේ නිහතමානී නමුත් කළ හැකි නිවැරදි කිරීම් සොයන්න.

මතකතබාගන්න, පරාජය කළ නොහැකි යැයි පෙනෙන යෝධයෙකු පහතට හෙලීමට දාවිත් භාවිතා කළේ එක් කුඩා ගලක් පමණයි. නමුත් ඔහු සතුව තවත් ගල් හතරක් සූදානම්ව තිබුණා. ඒ හා සමානව, බාල ඇල්මාගේ දුෂ්ට ස්වභාවය සහ සදාකාලික ඉරණම වෙනස් කළේ එක් සරල, කැපීපෙනෙන සිතුවිල්ලකින් පමණයි—ඒ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගැලවීමේ කරුණාව ගැන ඔහුගේ පියාගේ ඉගැන්වීම් පිළිබඳ මතකයයි. එසේම අපගේ ගැලවුම්කරුවාණන්ටත් එසේමයි, උන්වහන්සේ පව් රහිත වූ නමුත් “ආරම්භයේදී සම්පූර්ණත්වය නොලැබූ නමුත්, උන්වහන්සේ පූර්ණත්වයක් ලබන තුරු කරුණාවෙන් කරුණාව නොකඩවා ලැබුවා.” 13

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

ඒ, ගේ කුරුල්ලෙකු වැටෙද්දීත්, එමෙන්ම මේ මිනිත්තුවත්, එමෙන්ම අපේ ජිවිත වල වැදගත් අවස්ථාත් කෙරෙහි අවධානය යොමුකරන, එමෙන්ම මෙම සම්මන්ත්‍රණයෙන් ඔබේ සියයට එකක් වන ප්‍රතිශතයක් සෙවීමට ඔබට සහය වීමට දැන්ම සූදානම්ව සිටින උන්වහන්සේයි. මක්නිසාද පසුතැවිලි වීමට අපි ගන්නා සෑම උත්සාහයක්ම, අපට එය කෙතරම් කුඩා ලෙස පෙනුනත්, එයට ඔබේ ජීවිතයේ ලොකුම වෙනස සිදුකළ හැකියි.

මේ සඳහා වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙසේ උගන්වා තිබෙනවා, “සෑම ධර්මිෂ්ඨ ආශාවක්ම ප්‍රකාශ කිරීම, සෑම සේවා ක්‍රියාවක්ම, සහ සෑම නමස්කාර ක්‍රියාවක්ම, කොතරම් කුඩා හා වර්ගධනය වන එකක් වුවත්, අපගේ අධ්‍යාත්මික ශක්තිය වැඩි කරයි.” 14 ඇත්තෙන්ම එය කුඩා, සරල සහ ඔව්, සියයට 1 ක් වැනි සුළු දේකින් පමණක් වුවද ශ්‍රේෂ්ඨ දේ සාක්‍ෂාත් කරගත හැකියි. 15 අවසාන වශයෙන්, අපගේ ස්වාමින්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයෙන්, යහගුණයෙන්, සහ දයාව සමඟින්, “අපට කළ හැකි සියල්ලට පසු,” 16 ජයග්‍රහණය සියයට සියයක් ස්ථිරයි. මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.