ප්‍රධාන සම්මන්ත්‍රණය
දෙවියන්වහන්සේගේ ප්‍රේමය: ආත්මයට බෙහෙවින් ප්‍රීතිදායකය
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


දෙවියන්වහන්සේගේ ප්‍රේමය: ආත්මයට බෙහෙවින් ප්‍රීතිදායකය

දෙවියන්වහන්සේගේ ප්‍රේමය සොයාගත හැක්කේ අපේ ජීවිතයේ තත්වයන් තුළ නොව අපේ ජීවිත තුළ උන්වහන්සේගේ සහභාගිත්වය තුළයි.

සහෝදර සහෝදරියනි, අපේ ස්වර්ගික පියාණන් වන දෙවියන්වහන්සේ ඔබට කෙතරම් පරිපූර්ණව ආදරය කරනවාද කියා ඔබ දන්නවාද? උන්වහන්සේගේ ආදරය ඔබේ ආත්මයේ ගැඹුරින් ඔබට දැනී තිබෙනවාද?

දෙවියන්වහන්සේගේ දරුවෙකු ලෙස, ඔබ කෙතරම් පූර්ණව ආදරය ලබා තිබෙනවාදැයි ඔබ දැනගෙන අවබෝධ කරගත් විට, එය සියල්ල වෙනස් කරනවා. ඔබ වැරදි කරන විට ඔබ ගැන ඔබට හැඟෙන ආකාරය එය වෙනස් කරනවා. දුෂ්කර දේවල් සිදුවූ විට එය ඔබට දැනෙන ආකාරය එය වෙනස් කරනවා. එය දෙවියන්වහන්සේගේ ආඥා පිළිබඳ ඔබේ දැක්ම වෙනස් කරනවා. එය අනෙක් අය පිළිබඳ ඔබේ දැක්ම සහ වෙනසක් කිරීමට ඔබට ඇති හැකියාව වෙනස් කරනවා.

වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් මෙසේ ඉගැන්වුවා: “සදාකාලික ජීවිතයේ පළමු ශ්‍රේෂ්ඨතම ආඥාව නම් අපේ මුළු හදවතින්, බලයෙන්, මනසින්, හා ශක්තියෙන් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමයි—එය පළමු ශ්‍රේෂ්ඨ ආඥාවයි. නමුත් සදාකාලික ජීවිතයේ පළමු ශ්‍රේෂ්ඨ සත්‍යය නම් දෙවියන්වහන්සේ අපට උන්වහන්සේගේ මුළු හදවතින්, බලයෙන්, මනසින්, හා ශක්තියෙන් ප්‍රේම කරන බවයි.” 1

අප සෑම කෙනෙකුම අපේ ආත්ම ගැඹුරින් එම සදාකාලික සත්‍යය දැනගන්නේ කොහොමද?

දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ බලවත්ම සාක්ෂිය නෙපි අනාගතවක්තෘවරයාට දර්ශනයක් මගින් පෙන්වා තිබුණා. ජීවන වෘක්ෂය නැරඹූ නෙපි එහි අර්ථ නිරූපණය දැනගන්නා ලෙස ඉල්ලා සිටියා. එයට පිළිතුරු වශයෙන්, දේවදූතයෙක් නෙපිට නගරයක්, මවක් සහ ළදරුවෙකු පෙන්නුවා. නෙපි නාසරෙත් නගරය සහ ළදරු යේසුස්වහන්සේව දෑතින් වඩාගෙන සිටින එම ධර්මිෂ්ඨ මව වන මරියා දෙස බලාසිටින අතරතුර, දේවදූතයා මෙසේ ප්‍රකාශ කළා, “බලන්න, දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන්, එසේය, සදාතනික පියාණන්වහන්සේගේ පුත්‍රයාණන්!” 2

එම ශුද්ධ වූ අවස්ථාවේදී, ගැලවුම්කරුවාණන්ගේ උපත තුළ දෙවියන්වහන්සේ තම නිර්මල හා පූර්ණ ප්‍රේමය පෙන්වන බව නෙපි තේරුම්ගත්තා. දෙවියන්වහන්සේගේ ප්‍රේමය, “මනුෂ්‍යය දරුවන්ගේ හදවත් තුළ විදේශයන්හි වැගිරෙන බව” නෙපි සාක්ෂි දැරුවා. 3

රූපය
ජීවන වෘක්ෂය

දෙවියන්වහන්සේගේ ප්‍රේමය ජීවන වෘක්‍ෂයෙන් ආලෝකය විහිදුවමින්, එය මුළු පොළොව පුරාම මනුෂ්‍යය දරුවන්ගේ හදවත් තුළට වැගිරෙන අයුරු අපට මවා බලන්නට පුළුවන්. දෙවියන්වහන්සේගේ ආලෝකය සහ ප්‍රේමය උන්වහන්සේගේ සියලු මැවීම් වලට වඩා පැතිර යනවා. 4

අපට දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනිය හැක්කේ අපි එම යකඩ අත්වැට අල්ලාගෙන ගොස් එම ඵලය ආහාරයට ගැනීමෙන් පසුව පමණක් බව, සමහරවිට අපි වැරදි ලෙස සිතනවා. කෙසේවෙතත්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ලැබෙන්නේ ගස ළඟට එන අයට පමණක් නොව නමුත් එම ගස සෙවීමට අපව පොලඹවන බලයද වන්නේ එයයි.

“එසේහෙයින්, එය සියලුම දේවල් වලට වඩා ආශා උපදවන සුළුය,” ලෙස නෙපි ඉගැන්වූ අතර, දේවදුතයා මෙසේ ප්‍රකාශ කළා, “එසේය, තවද එය ආත්මයට බෙහෙවින් ප්‍රීතිදායකය.” 5

වසර විස්සකට පෙර, පවුලේ ආදරණීය සාමාජිකයෙකු මෙම සභාවෙන් ඉවතට ගියා. ඔහුට පිළිතුරු නැති ප්‍රශ්න රාශියක් තිබුණා. ආගමට හැරුණු ඔහුගේ බිරිඳ, ඇගේ ඇදහිල්ලට එකඟව සිටියා. මතුවූ මතභේදයන් තුළ ඔවුන්ගේ විවාහය රැකගැනීම සඳහා ඔවුන් වෙහෙසී වැඩ කළා.

සභාව ගැන ඔහුට සැසඳීමට අසීරු වූ ප්‍රශ්න තුනක් පසුගිය අවුරුද්දේදී ඔහු ලියා, අවුරුදු ගණනාවක් පුරා ඔහුගේ මිතුරන්ව සිටි යුවළයන් දෙපළකට ඔහු යැව්වා. එම ප්‍රශ්න ගැන මෙනෙහි කර ඔවුන්ගේ අදහස් හුවමාරු කරගැනීමට රාත්‍රී ආහාරය සඳහා පැමිණෙන ලෙස ඔහු ඔවුන්ට ආරාධනා කළා.

මිතුරන් සමඟ කළ මෙම හමුවීමෙන් පසු, ඔහු තම කාමරයට ගොස් ව්‍යාපෘතියක වැඩ ආරම්භ කළා. සවස සංවාදය සහ ඔහුගේ මිතුරන් ඔහුට දැක්වූ ආදරය ඔහුගේ මනසෙහි මුදුනට පැමිණියා. ඔහුගේ වැඩ කටයුතු නැවැත්වීමට ඔහුට බල කෙරුණු බව ඔහු පසුව ලිව්වා. ඔහු මෙහෙම පැවසුවා: “දීප්තිමත් ආලෝකයකින් මගේ ආත්මය පිරී ගියේය. … අවබෝධයේ මෙම ගැඹුරු හැඟීම මට හුරු පුරුදු වූ නමුත්, මේ අවස්ථාවේදී එය වෙන කවරදාටත් වඩා ශක්තිමත් වෙමින් වර්ධනය වූ අතර මිනිත්තු කිහිපයක් පැවතුණි. දෙවියන්වහන්සේ කෙරෙහි මා තුළ ඇති ප්‍රේමයේ ප්‍රකාශනයක් ලෙස මම තේරුම්ගත් හැඟීමෙන් මම නිහඬව වාඩි වී සිටියෙමි. … මට අධ්‍යාත්මික හැඟීමක් දැනුන අතර, මට සභාවට ගොස් මම එහි කරන දේ තුළින් දෙවියන්වහන්සේගේ මෙම ප්‍රේමය ප්‍රකාශ කළ හැකි බව එමගින් මට පවසන ලදි.”

ඉන්පසු ඔහු තම ප්‍රශ්න ගැන කල්පනා කළා. ඔහුට ලැබුණු එම හැඟීම වන්නේ දෙවියන්වහන්සේ ඔහුගේ ප්‍රශ්න වලට ගෞරව කළ බව, සහ පැහැදිලි පිළිතුරු නොමැතිකම ඔහු ඉදිරියට යාම නොවැළැක්විය යුතු බවයි. 6 ඔහු දිගටම මෙනෙහි කරමින් සිටින අතරතුර දෙවියන්වහන්සේගේ ප්‍රේමය සැමට බෙදාදිය යුතුයි. එම හැඟීම මත ඔහු ක්‍රියා කළ විට, “මගේ ආත්මය ප්‍රේමයෙන් පිරී තිබූ අතර, තවද බොහෝ දිනක් මට මහත් ප්‍රශංසාවකින් ප්‍රීති විය හැකි” බව තමන්ගේ පළමු දර්ශයෙන් පසුව සඳහන් කළ ජෝසෆ් ස්මිත් සමඟ සමාන බවක් ඔහුට දැනුණා. 7

සැලකිය යුතු කරුණක් නම්, කෙටි මාස කිහිපයකට පසු, වසර 20 කට පෙර ඔහු සේවය කර තිබූ එම කැඳවීමම මෙම පවුල් සාමාජිකයාට ලැබුණා. පළමු වරට ඔහු එම කැඳවීම ලබාගත් විට, සභාවේ යුතුකම්ලත් සාමාජිකයෙකු ලෙස ඔහු සිය වගකීම ඉටුකළා. දැන් ඔහුට ඇති ප්‍රශ්නය වූයේ “මම මෙම කැඳවීම ඉටුකරන්නේ කෙසේද?” කියා නොවේ, නමුත් “මගේ සේවය තුළින් මම දෙවියන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ කෙසේද?” කියායි. මෙම නව ප්‍රවේශයත් සමඟම, ඔහුගේ කැඳවීමේ සෑම අංශයකින්ම ඔහුට ප්‍රීතියක්, අර්ථයක් සහ අරමුණක් දැනුණා.

සහෝදර සහෝදරියනි, දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ පරිවර්තන බලය අපට ලැබිය හැක්කේ කෙසේද? අනාගතවක්තෘ මොර්මොන් අපට මෙසේ ආරාධනා කරනවා “හදවතේ සියලු ශක්තිය සමඟ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න, එනම් ඒ කරණකොටගෙන නුඹලා, උන්වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාණන් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය අනුගාමිකයන් මත ප්‍රදානය කර ඇති, මෙම ප්‍රේමය සමඟ පූර්ණ වන පිණිසය.” 8 මොර්මොන් අපට ආරාධනා කරන්නේ අන් අය කෙරෙහි දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපට දැනෙන පිණිස යාච්ඤා කිරීමට පමණක් නොව, නමුත් දෙවියන්වහන්සේගේ නිර්මල ප්‍රේමය අපි කෙරෙහිත් දැනගන්නා ලෙස යාච්ඤා කිරිමට බව, මෑතකදී මට පැහැදීමක් ඇතිවුණා. 9

අපට උන්වහන්සේගේ ප්‍රේමය ලැබෙන විට, උන්වහන්සේ මෙන් ප්‍රේම කිරීමට හා සේවය කිරීමට වෑයම් කිරීමෙන් “උන්වහන්සේගේ පුත්‍රයාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන්” බවට පත්වීමෙන් අපි මහත් ප්‍රීතියක් සොයාගන්නවා. 10

දෙවියන්වහන්සේගේ ප්‍රේමය සොයාගත හැක්කේ අපේ ජීවිතයේ තත්වයන් තුළ නොව අපේ ජීවිත තුළ උන්වහන්සේගේ සහභාගිත්වය තුළයි. අපට ඇති ශක්තියට වඩා අපට ශක්තිය ලැබෙන විට සහ උන්වහන්සේගේ ආත්මය සාමය, සැනසීම, සහ මගපෙන්වීම ලබාදෙන විට අපි උන්වහන්සේගේ ප්‍රේමය ගැන දැනගන්නවා. සමහර වෙලාවට උන්වහන්සේගේ ප්‍රේමය දැනීම දුෂ්කර වෙන්නට පුළුවන්. අපගේ ජීවිත තුළ උන්වහන්සේගේ හස්තය දැකීමටත් උන්වහන්සේගේ මැවිලි වල සුන්දරත්වය තුළ උන්වහන්සේගේ ප්‍රේමය දැකීමටත් අපේ දෑස් විවෘත වීම පිණිස අපිට යාච්ඤා කරන්නට පුළුවන්.

ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය හා උන්වහන්සේගේ අසීමිත පරිත්‍යාගය ගැන අපි මෙනෙහි කරන විට, උන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය අපට තේරුම්ගැනීමට පුළුවන්. එලිසා ආර්. ස්නෝගේ වචන අපි ගෞරවයෙන් යුතුව මෙසේ ගායනා කරනවා: “ඔහුගේ වටිනා රුධිරය ඔහු නිදහසේ වැගිරෙව්වේය; ඔහුගේ ජීවිතය ඔහු නිදහසේ ලබාදුන්නේය.” 11 අප වෙනුවෙන් විඳි පීඩා වලදී, යේසුස්වහන්සේගේ නිහතමානීකම අපගේ ප්‍රාණයන් මත වැගිරෙන අතර, උන්වහන්සේගෙන් සමාව අයැදීමට අපේ හදවත් විවෘත කර, එමෙන්ම උන්වහන්සේ මෙන් ජීවත් වීමේ ආශාව සමඟ අපව පුරවනවා. 12

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ලිව්වා, “උන්වහන්සේගේ ජීවිතය මෙන් අපි අපේ ජීවිත හැඩගස්වා ගැනීමට කැපවන තරමට, අපගේ ප්‍රේමය වඩාත් පිරිසිඳු හා දිව්‍යමය වෙනවා.” 13

අපේ පුතා මෙසේ කිව්වා: “මට වයස අවුරුදු 11 දී, මම සහ මගේ මිතුරන් අපේ ගුරුවරයාගෙන් සැඟවී ප්‍රාථමික පන්තියේ පළමු භාගය මගහැරීමට තීරණය කළා. අවසානයේ අප පැමිණි විට, අපිව පුදුම කරමින්, ගුරුවරයා අපිව උණුසුම්ව පිළිගත්තා. පසුව ඔහු හෘදයාංගම යාච්ඤාවක් කළ අතර එම අවස්ථාවේදී එදින අපේ ස්ව කැමැත්තෙන් අපි පන්තියට පැමිණීමට තෝරාගැනීම පිළිබඳව ස්වාමින්වහන්සේට අවංක කෘතඥතාව පළකළා. එම පාඩම කුමක් දැයි සහ අපේ ගුරුවරයාගේ නමවත් මට මතක නැති නමුත්, වසර 30 කට පමණ පසුව, දැනුත්, ඔහු එදා මට දැක්වූ නිර්මල ප්‍රේමය ගැන තවමත් මට තදින් දැනෙනෙවා.”

රුසියාවේ ප්‍රාථමිකයට සහභාගී වූ අතරතුරදී වසර පහකට පෙර මම දිව්‍ය ප්‍රේමය පිළිබඳ උදාහරණයක් නිරීක්ෂණය කළා. එක් ඇදහිලිවන්ත සහෝදරියක් දරුවන් දෙදෙනෙකු ඉදිරිපිට දණ නමා, ඔවුන් පමණක් පොළොවේ ජීවත් වූවත් යේසුස්වහන්සේ ඔවුන් වෙනුවෙන් පමණක් වුවත් දුක් විඳ මියයන බව සාක්ෂි දුන් ආකාරය මම දැක්කා.

අපේ ස්වාමින් වන ගැලවුම්කරුවාණන් සැබවින්ම අප සෑම කෙනෙකුම වෙනුවෙන් මියගිය බව මම සාක්ෂි දරනවා. එය අපට සහ උන්වහන්සේගේ පියාණන් කෙරෙහි ඇති අසීමිත ප්‍රේමයේ ප්‍රකාශනයක්.

“මගේ මිදුම්කරුවාණන් ජීවත් වන බව මම දනිමි. මෙම මිහිරි වාක්‍යය කෙතරම් සැනසීමක් ලබාදෙනවාද! … උන්වහන්සේගේ ප්‍රේමයෙන් [අපට] ආශිර්වාද කිරීම සඳහා උන්වහන්සේ ජීවමානව සිටින සේක.” 14

දෙවියන්වහන්සේට අප කෙරෙහි ඇති නිර්මල ප්‍රේමය ලබාගැනීමට අපගේ හදවත් විවෘත කර ඉන්පසු අපි පත්වන හා කරන සෑම දෙයකින්ම උන්වහන්සේගේ ප්‍රේමය බෙදාහරිමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. Jeffrey R. Holland, “Tomorrow the Lord Will Do Wonders among You,” Liahona, May 2016, 127.

  2. 1 නෙපි 11:21.

  3. 1 නෙපි 11:22; අවධාරණය කිරීම් සහිතයි.

  4. බලන්න දහම සහ ගිවිසුම් 88:13.

  5. 1 නෙපි 11:22, 23.

  6. බලන්න 1 නෙපි 11:17.

  7. Joseph Smith, in Karen Lynn Davidson and others, eds., The Joseph Smith Papers, Histories, Volume 1: Joseph Smith Histories, 1832–1844 (2012), 13; punctuation and capitalization modernized.

  8. මොරෝනි 7:48.

  9. See Neill F. Marriott, “Abiding in God and Repairing the Breach,” Liahona, Nov. 2017, 11: “සමහරවිට පෙර ආත්මික ලෝකයේ අපගේ ජීවිතය, මෙම පොළොව මත සත්‍ය හා කල්පවත්නා ආදරය සඳහා වූ අපේ ආශාව සකස් කළා විය හැකියි. අපව දිව්‍යමය වශයෙන් සැලසුම් කර ඇත්තේ ප්‍රේමය ලබාදීමට සහ ප්‍රේම ලබාගැනීමට වන අතර, ගැඹුරුතම ප්‍රේමය පැමිණෙන්නේ අප දෙවියන්වහන්සේ සමඟ එකෙකු ලෙස සිටින විටය.”

  10. මොරෝනි 7:48.

  11. “How Great the Wisdom and the Love,” Hymns, no. 195.

  12. See Linda S. Reeves, “Worthy of Our Promised Blessings,” Liahona, Nov. 2015, 11: “අපගේ ස්වර්ගික පියාණන් සහ අපගේ ගැලවුම්කරුවාණන් අප කෙරෙහි ඇති එම ප්‍රේමයේ ගැඹුර අපට දිනපතා මතක තබාගැනීමට සහ හඳුනාගැනීමට හැකි නම්, සදාකාලිකව උන්වහන්සේලාගේ ප්‍රේමයෙන් වටවී නැවත උන්වහන්සේලා ඉදිරියේ සිටීමට අපි ඕනෑම දෙයක් කිරීමට කැමැති වන්නෙමු.”

  13. Russell M. Nelson, “Divine Love,” Liahona, Feb. 2003, 17.

  14. “I Know That My Redeemer Lives,” Hymns, no. 136.