ප්‍රධාන සම්මන්ත්‍රණය
ස්වාමින්වහන්සේට ශුද්ධකම ලබාදීම
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ස්වාමින්වහන්සේට ශුද්ධකම ලබාදීම

පරිත්‍යාගය යනු “අත්හැරීම” යන දෙයට වඩා ස්වාමින්වහන්සේට “ලබාදීම” ගැනයි.

පසුගිය වසරේ, ආසියා උතුරු ප්‍රාදේශීය සභාපතිත්වයේ සේවය කරමින් සිටියදී, මුලසුන දරන සභානායකත්වයේ දෙවන උපදේශක ලෙස කටයුතු කරන ලෙස මට ආරාධනා කරමින්, සභාපති රසල් එම්. නෙල්සන්ගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණා. සංවාදයට එක්වන ලෙස ඔහු මගේ බිරිඳ ලෝරිට කාරුණිකව ආරාධනා කළා. ඇමතුම අවසන් වීමෙන් පසුව, “ මුලසුන දරන සභානායකත්වය කරන්නේ මොනවාද?” යනුවෙන් මගේ බිරිඳ අසන විටත් අපි සිටියේ අවිශ්වාසයෙන්. සුළු මොහොතකට පසු මම පිළිතුරු දුන්නා, “මම හරියටම දන්නේ නැහැ!”

වසරකට පසු—නිහතමානීකම සහ කෘතඥතාව පිළිබඳ ගැඹුරු හැඟීම් වලින් පසුව—මගේ බිරිඳගේ ප්‍රශ්නයට වඩාත් අවබෝධයෙන් පිළිතුරු දීමට මට පුළුවන්. වෙනත් බොහෝ දේ අතර, මුලසුන දරන සභානායකත්වය විසින් සභාවේ සුභසාධනය සහ මානුෂීය කටයුතු අධීක්ෂණය කරනවා. මෙම කාර්යය දැන් මුළු ලෝකයේම ව්‍යාප්ත වී ඇති අතර වෙන කවරදාටත් වඩා දෙවියන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කරනවා.

මුලසුන දරන සභානායකත්වය වශයෙන්, සභාවේ සුභසාධනය සහ ස්වයං-විධායක විධායක කමිටුවේ අප සමඟ සේවය කරන, සහන සමිති ප්‍රධාන සභාපතිත්වය ඇතුළුව, සභාවේ අපූරු සේවකයින් සහ අනෙකුත් අයගෙන් අපට උපකාර ලැබෙනවා. එම කමිටුවේ සාමාජිකයින් වශයෙන්, පළමු සභාපතිත්වය අපෙන්—එමෙන්ම පසුගියදා සන්ධ්‍යාවේ කතා කළ ශැරන් ඉයුබැන්ක් සහෝදරියගෙන්—සභාවේ මෑතකාලීන මානුෂීය උත්සාහයන් පිළිබඳ යාවත්කාලීන කිරීමක් ඔබ සමඟ බෙදාගන්නා ලෙස අපට ආරාධනා කළා. ඒ වගේම අපි ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ බලවත් කෘතඥතාව පළකරන ලෙස ඔවුන් විශේෂයෙන් ඉල්ලා සිටියා—මොකද සහෝදර සහෝදරියනි, එම මානුෂීය උත්සාහයන් සාර්ථක කර දුන්නේ ඔබයි.

රූපය
මානුෂීය පරිත්‍යාග
රූපය
අතිරේක මානුෂීය පරිත්‍යාග

ලොව පුරා කොවිඩ්-19 අර්බුදයේ මුල් කාලීන ආර්ථික බලපෑම් පිළිබඳව අපි අවධානයෙන් බලා සිටි පරිදි, ශුද්ධවන්තයින්ට ලබාදිය හැකි මූල්‍ය දායකත්වයේ පහත වැටීමක් අපට පහසුවෙන් බලාපොරොත්තු වෙන්නට පුළුවන් වුණා. ඇත්තෙන්ම, අපේම සාමාජිකයින් වසංගතයෙන් ඇතිවූ පසුබෑම් වලින් මිදුනේ නෑ. අපි ඊට ප්‍රතිවිරුද්ධ දෙය නිරීක්ෂණය කළ විට අපේ හැඟීම් ගැන සිතා බලන්න! 2020 දී මානුෂීය පරිත්‍යාග මෙතෙක් සිදුවූ ඉහළම අගය බවට පත්වූ අතර—මේ වසරේදී එය ඊටත් වඩා ඉහළ මට්ටමක පවතිනවා. ඔබේ ත්‍යාගශීලීභාවයේ ප්‍රතිඵලයක් වශයෙන්, රටවල් 150 කට වැඩි ගණනක කොවිඩ් සහන ව්‍යාපෘති 1500 කට අධික සංඛ්‍යාවක් සමඟ, මානුෂීය අරමුදලේ ආරම්භයේ සිටම එහි ඇති පුලුල්ම ප්‍රතිචාරය සභාවට සාක්‍ෂාත් කරගැනීමට හැකිවී තිබෙනවා. ඔබ ස්වාමින්වහන්සේට ඉතා පරිත්‍යාගශීලීව ලබාදුන් මෙම පරිත්‍යාග, ඒවා නොමැතිව යන්නට තිබුණු අය සඳහා ජීවිතය රැකෙන ආහාර, ඔක්සිජන්, වෛද්‍ය සැපයුම්, සහ එන්නත් බවට පත්කර තිබෙනවා.

රූපය
සරණාගතයින්
රූපය
සරණාගතයින්
රූපය
සරණාගතයින්

භාණ්ඩ වල දායකත්වය මෙන්ම සභාවේ සාමාජිකයින්ද මානුෂීය අරමුණු සඳහා පරිත්‍යාග කරන කාලය හා ශ්‍රමය විශාල ලෙස ගලා ඒම සැලකිය යුතු කරුණක්. වසංගතය උත්සන්න වී තිබියදීත්, ස්වාභාවික විපත්, සිවිල් ගැටුම්, සහ ආර්ථික අස්ථාවරභාවය නොනැසී පවතින අතර, එමෙන්ම මිලියන ගණනක් මිනිසුන් තම නිවෙස් වලින් පලවාහැරීම දිගටම සිදුවී තිබෙනවා. බලහත්කාරය නිසා අවතැන් වූ මිනිසුන් මිලියන 82 කට වැඩි සංඛ්‍යාවක් ලෝකයේ සිටින බව එක්සත් ජාතීන් දැන් වාර්තා කරනවා. 1 තමන්ට හෝ තම දරුවන්ට යහපත් ජීවිතයක් සොයමින් දරිද්‍රතාවයෙන් හෝ පීඩනයෙන් පලායාමට තෝරාගන්නා මිලියන සංඛ්‍යාත සංඛ්‍යාවක් මෙයට එකතු කරන්න, එවිට ඔබට මෙම ගෝලීය තත්වයේ විශාලත්වය දෙස බැලීමට පටන්ගන්නට පුළුවන්.

බොහෝ දෙනාගේ ස්වේච්ඡා කාලය හා කුසලතාවයන්ට ස්තූතිවන්ත වන්නට සභාව එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ස්ථාන කිහිපයක සරණාගතයින් සහ සංක්‍රමණිකයින් පිළිගැනීමේ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන බව වාර්තා කිරීමට මම සතුටුයි. එමෙන්ම ඔබගේ දායකත්වයන්ට ස්තූතිවන්ත වන්නට, ලොව පුරා වෙනත් සංවිධාන විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒ හා සමාන වැඩසටහන් සඳහා උපකාර කිරීම සඳහා අපි භාණ්ඩ, අරමුදල්, සහ ස්වේච්ඡා සේවකයන් ලබාදෙනවා.

මෙම සරණාගතයින්ව පෝෂණය කිරීමට, ඇඳුම් ලබාදීමට, සහ මෙම සරණාගතයින් සමඟ මිත්‍ර වීමට, සහ ඔවුන්ට ස්ථාපිත වීමට සහ ස්වයංපෝෂිත වීමට උපකාර කිරීමට උපකාර කළ එම ශුද්ධවන්තයින්ට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා.

ඊයේ සවස, ඉයුබෑන්ක් සහෝදරිය මේ සම්බන්ධයෙන් ශුද්ධවන්තයින්ගේ අපූරු උත්සාහයන් කිහිපයක් ඔබ සමඟ බෙදාගත්තා. මෙම උත්සාහයන් ගැන මම මෙනෙහි කරන විට, මගේ සිතුවිලි බොහෝ විට පරිත්‍යාගයේ මූලධර්මය සහ දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ අපේ අසල්වැසියාට ප්‍රේම කිරීම යන ශ්‍රේෂ්ඨ ආඥා දෙකට ඇති මෙම මූලධර්මයේ සෘජු සම්බන්ධතාවයට යොමුවෙනවා.

නූතන භාවිතයේදී, පරිත්‍යාගය යන යෙදුම පැමිණ තිබෙන්නේ ස්වාමින්වහන්සේ සහ උන්වහන්සේගේ රාජ්‍යය සඳහා දේවල් “අත්හැරීම” යන අර්ථ දැක්වීමෙනුයි. කෙසේවෙතත්, පුරාණ කාලයේ, පරිත්‍යාගය යන වචනයේ තේරුම එහි ලතින් මූලයන් දෙක සමඟ වඩාත් සමීපව බැඳී තිබුණා: පූජනීය හෝ ශුද්ධ යන අරුත ඇති සේසර්, සහ “සෑදීමට” යන තේරුම ඇති ෆේසර්. 2 මේ අනුව, පෞරාණිකව පරිත්‍යාගය යන වචනයේ තේරුම වුණේ යමක් හෝ යමෙකුව ශුද්ධ කිරීමයි. 3 ඒ ආකාරයට බලන විට, පරිත්‍යාගය යනු ශුද්ධවීම සහ දෙවියන්වහන්සේව දැන හඳුනාගැනීමේ ක්‍රියාවලියක් ලෙස සලකන අතර, ස්වාමින්වහන්සේ උදෙසා යම් දෙයක් අත්හැරීමේ චාරිත්‍රයක් හෝ සිදුවීමක් හෝ නොවේ.

ස්වාමින්වහන්සේ මෙසේ පැවසුවා, “මට අවශ්‍ය වූයේ පරිත්‍යාගය නොව [නිර්මල ප්‍රේමයයි]; දවන පූජා වලට වඩා දෙවියන්වහන්සේව හැඳිනගැන්මයි.” 4 ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ අප ශුද්ධව සිටීම, 5 නිර්මල ප්‍රේමයෙන් යුක්ත වීම, 6 සහ උන්වහන්සේව දැන හඳුනාගැනීමයි. 7 ප්‍රේරිත පාවුල් ඉගැන්වූ පරිදි, “තවද මා සන්තක සියල්ල දිළිඳුන් පෝෂණය කරන පිණිස දෙතත්, මාගේ ශරීරය දවන්ට භාරදෙතත්, මට ප්‍රේමය නැත්නම්, මට කිසි ප්‍රයෝජනයක් නැත.” 8 අවසානයේදී, ස්වාමින්වහන්සේට අපේ හදවත් අවශ්‍යයයි; උන්වහන්සේට අවශ්‍ය අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ නව ජීවීන් වීමයි. 9 උන්වහන්සේ නෙපිවරුන්ට උපදෙස් දුන් පරිදි, “නුඹලා මා වෙත බිඳුණු හදවතක් සහ පසුතැවුණු ආත්මයක් පූජා කළ යුතු වන්නෝය.” 10

රූපය
ස්වාමින්වහන්සේට ශුද්ධකම

පරිත්‍යාගය යනු “අත්හැරීම” යන දෙයට වඩා ස්වාමින්වහන්සේට “ලබාදීම” ගැනයි. අපේ සෑම දේවමාළිගාවකම පිවිසුම් දොරටුවේ “ස්වාමින්වහන්සේට ශුද්ධකම; ස්වාමින්වහන්සේගේ ගෘහය” යන වචන කොටා තිබෙනවා. අපි පරිත්‍යාගයෙන් යුතුව අපගේ ගිවිසුම් තබන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව තුළින් අප ශුද්ධ වන අතර: ශුද්ධ වූ දේවමාළිගාවේ පූජාසන වලදී, බිඳුණු හදවත් වලින් හා පසුතැවුණු ආත්මයන් වලින් යුතුව, අපි ස්වාමින්වහන්සේට අපගේ ශුද්ධකම ලබාදෙනවා. වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙසේ ඉගැන්වුවා: “කෙනෙකුගේ කැමැත්ත [හෝ හදවත 11 ] ලබාදීම ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ පූජාසනය මත තැබීමට අපට ඇති එකම සුවිශේෂී පෞද්ගලික දෙයයි. … කෙසේවෙතත්, අපගේ පෞද්ගලික කැමැත්ත දෙවියන්වහන්සේගේ කැමැත්ත තුළ ගිල දැමීමට ඉඩදීමෙන්, ඔබත් මමත් අවසානයේ අපවම ඒ සඳහා ලබාදුන් විට, එවිට අපි ඇත්තවශයෙන්ම උන්වහන්සේ යමක් දෙනවා!” 12

අන් අය වෙනුවෙන් අප කරන පරිත්‍යාගයන් “අත්හැරීම” යන දෘෂ්ඨි කෝණයෙන් බලන විට, අප ඒවා දෙස බරක් ලෙස බලන්නට පුළුවන් ඉන්පසු අපේ පරිත්‍යාග හඳුනානොගෙන හෝ අගය නොකළ විට අපි අධෛර්යට පත්වෙන්නට පුළුවන්. කෙසේවෙතත්, ස්වාමින්වහන්සේට “දීම” යන දෘෂ්ටි කෝණයෙන් බලන විට, අන් අය වෙනුවෙන් අප කරන පරිත්‍යාගයන් ත්‍යාගයන් වන අතර, ත්‍යාගශීලීව දීමෙන් ලැබෙන ප්‍රීතිය එහිම විපාකය බවට පත්වෙනවා. අන් අයගේ ආදරය, අනුමැතිය, හෝ අගය කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වූ අපගේ පරිත්‍යාගයන්, ගැලවුම්කරුවාණන්ට සහ අපගේ සෙසු මිනිසුන්ට අපගේ කෘතඥතාවයේ හා ප්‍රේමයේ පිරිසිඳුම හා ගැඹුරුම ප්‍රකාශනය බවට පත්වෙනවා. ආත්ම පරිත්‍යාගය පිළිබඳ ඕනෑම ආඩම්බර හැඟීමක් ස්තූතිවන්ත වීමට, ත්‍යාගශීලීභාවයට, තෘප්තියට, සහ ප්‍රීතියට හේතුවෙනවා. 13

එය අපේ ජීවිතය වේවා, අපේ වස්තුව වේවා, අපේ කාලය හෝ අපේ කුසලතා වේවා—යම් දෙයක් ශුද්ධවන්ත කරනවා—ඒ ඒවා සරලව අත්හැරීමෙන් නොව, එහෙත් එය ස්වාමින්වහන්සේට කැපකිරීමෙන්. 14 සභාවේ මානුෂීය කටයුතු යනු ඒ ආකාරයේ ත්‍යාගයක්. එය ශුද්ධවන්තයින්ගේ සාමූහික, පූජනීය පූජාවන්ගේ ප්‍රතිඵලයක් වන අතර එය දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ දරුවන් කෙරෙහි අපගේ ප්‍රේමයේ ප්‍රකාශනයක්. 15

රූපය
කැන්ෆීල්ඩ් සහෝදරිය ඇය සේවය කරන අය සමඟ

ස්ටීව් සහ ඇනිටා කැන්ෆීල්ඩ් යනු ලොව පුරා සිටින පසුදවස් වල ශුද්ධවන්තයින්ගේ නියෝජිතයින් වන අතර ඔවුන් ස්වාමින්වහන්සේට ලබාදීමේ පරිවර්තනීය ආශිර්වාදය ඔවුන් වෙනුවෙන් අත්විඳලා තිබෙනවා. සුභසාධනය සහ ස්වාධීනත්ව ධර්මදූතයින් වශයෙන්, යුරෝපය පුරා පිහිටි සරණාගත කඳවුරු වලට සහ සංක්‍රමණික මධ්‍යස්ථාන වලට ආධාර ලබාදෙන ලෙස කැන්ෆීල්ඩ්ස් යුවළෙන් ඉල්ලා සිටියා. ඇගේ වෘත්තීය ජීවිතයේදී කැන්ෆීල්ඩ් සහෝදරිය ලොව පුරා උසස් මට්ටමේ නිවෙස් අභ්‍යන්තර මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වූ අතර, ධනවත් සේවාදායකයින් විසින් ඔවුන්ගේ සුඛෝපභෝගී නිවාස අලංකාර කිරීම සඳහා වැඩ කර තිබුණා. ලෞකික දේපල අතින් සෑම දෙයක්ම පාහේ අහිමි වූ මිනිසුන් අතර සේවය කළ ඇය හදිසියේම හාත්පසින්ම වෙනස් ලෝකයකට තල්ලු වී සිටියා. ඇගේ වචන වලින් ඇය මෙහෙම කිව්වා “මාබල් සහිත ඇවිද යන මංතීරු වෙනුවට අපිරිසිඳු බිම් සඳහා” ඇය මාරුවුණා, එසේ කිරීමෙන් ඇය සහ ඇගේ සැමියා—ඔවුන්ගේ රැකවරණය අවශ්‍ය වූ අය සමඟ—මිත්‍රකම් ඇති කරගැනීමටත්, එමෙන්ම ඉක්මණින් ඔවුන්ට ආදරය කිරීමටත් සහ වැළඳගැනීමටත් ආරම්භ කිරීමෙන්, ඇයට අප්‍රමාණ සපුරාලීමක් සොයාගන්නට හැකිවුණා.

කැන්ෆීල්ඩ්ස් යුවළ මෙසේ නිරීක්ෂණය කළා, “ස්වාමින්වහන්සේට සේවය කිරීම සඳහා අප කිසිවක් ‘අතහැර දැමුවාක් මෙන්’ අපට දැනුනේ නෑ. අපගේ ආශාව වූයේ අපව භාවිතා කිරීමට සුදුසු යැයි උන්වහන්සේට පෙනෙන ඕනෑම ආකාරයකින් තම දරුවන්ට ආශිර්වාද කිරීම සඳහා අපේ කාලය හා ශක්තිය උන්වහන්සේට ‘ලබාදීමයි.’ අපි අපේ සහෝදර සහෝදරියන් සමඟ වැඩ කරන විට, ඕනෑම බාහිර පෙනුමක්—පසුබිම් වල හෝ දේපළ වල වෙනස්කම්—අප වෙනුවෙන් දියවී ගිය අතර, අපි සරලවම එකිනෙකාගේ හදවත් දුටුවා. දෙවියන්වහන්සේගේ දරුවන්ගේ නිහතමානීම අය අතර සේවය කරන මෙම අත්දැකීම් අපව පොහොසත් කළ ආකාරයට සමාන කළ හැකි, කිසිඳු වෘත්තීයමය සාර්ථකත්වයක් හෝ ද්‍රව්‍යමය ජයග්‍රහණයක් නෑ.”

කැන්ෆීල්ඩ්ස් යුවළගේ කතන්දරය සහ තවත් බොහෝ ඒවා, සරල හා ගැඹුරු ප්‍රාථමික ගීතයක පද අගය කිරීමට මට බොහෝ සෙයින් උපකාරී වී තිබෙනවා.

“දෙන්න,” කුඩා ධාරාව පැවසීය,

එය කන්දෙන් පහළට ඉක්මන් වූ විට;

“මම කුඩායි, මම දන්නවා, නමුත් මම කොහේ ගියත්

තැනිතලාව තවමත් හරිත පැහැයක් ගනී.”

ඔව්, අපි සෑම කෙනෙක්ම කුඩායි, නමුත් අපි දෙවියන්වහන්සේට සහ අපේ සෙසු මිනිසුන්ට දීමට එකට එකතු වෙන්නට ඉක්මන් වන විට, අපි කොහේ ගියත් ජීවිත පොහොසත් හා ආශිර්වාදලත් ඒවා වෙයි.

මෙම ගීතයේ තුන්වන පදය එතරම් ප්‍රසිද්ධ නොවන නමුත් මෙම ආදරණීය ආරාධනයෙන් අවසන් වෙනවා:

යේසුස්වහන්සේ දෙන ආකාරයටම දෙන්න;

සෑම කෙනෙකුටම දිය හැකි යමක් තිබේ.

ඇළ සහ මල් පිපෙන ආකාරයට කරන්න:

මන්ද දෙවියන්වහන්සේ සහ අන් අය ජීවමානයි. 16

ආදරණීය සහෝදර සහෝදරියනි, අපේ දේවල්, අපේ කාලය. ඒවගේම ඔව්, අපිවම පවා ලබාදෙමින් අපි දෙවියන්වහන්සේ හා අන් අය වෙනුවෙන් ජීවත්වන විට, අපි ලෝකය තවත් ටිකක් හරිතව තබමින්, දෙවියන්වහන්සේගේ දරුවන්ව තවත් ටිකක් සතුටින් තබමින්, ඒ අතරම, ටිකක් ශුද්ධවන්ත වෙනවා.

ඔබ උන්වහන්සේ එතරම් නිදහසේ කරන පරිත්‍යාගයන්ට ස්වාමින්වහන්සේ ඔබට පොහොසත් ලෙස ආශිර්වාද කරනු ලැබේවා.

දෙවියන්වහන්සේ ජීවමාන බව මම සාක්ශි දරනවා. “ශුද්ධකමේ මිනිසා යනු උන්වහන්සේගේ නමයි.” 17 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයා වන අතර, සියලු යහපත් ත්‍යාග ලබාදෙන්නා උන්වහන්සේයි. 18 අපි, උන්වහන්සේගේ කරුණාව තුළින් සහ පරිත්‍යාගය මගින් අපේ ගිවිසුම් පිළිපැදීම තුළින් ශුද්ධ වන අතර ස්වාමින්වහන්සේට වැඩි ප්‍රේමයක් හා ශුද්ධත්වයක් ලබාදෙමු. 19 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. බලන්න “Global Trends: Forced Displacement in 2020,” UNHCR report, June 18, 2021, unhcr.org.

  2. මීරියම්-වෙබ්ස්ටර් ශබ්දකෝෂයට අනුව, පරිත්‍යාගය යන වචනය පැමිණ ඇත්තේ sacer සහ facere යන ලතින් මූලයන් ඇති sacrificium යන වචනයෙන් (බලන්න merriam-webster.com). sacer යන වචනයේ තේරුම පරිශුද්ධ හෝ ශුද්ධ වන අතර, facere යන වචනයේ තේරුම ලතින් ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව සෑදීම හෝ කිරීම යන්නයි (see latin-english.com).

  3. Guide to the Scriptures, “Sacrifice,” scriptures.ChurchofJesusChrist.org.

  4. හොෂෙයා 6:6; බලන්න පාදසටහන b, හෙබ්‍රෙව් භාෂාවෙන් කරුණාව යන්නෙන් අදහස් කරන්නේ “පිවිතුරු ප්‍රේමය” හෝ “ප්‍රේමනීය කරුණාව” යන්නයි. මතෙව් 9:10–13; 12:7 ද බලන්න.

  5. බලන්න ලෙවී කථාව 11:44.

  6. බලන්න මොරෝනි 7:47.

  7. බලන්න මොසායා 5:13.

  8. 1 කොරින්ති 13:3; තවත් බලන්න මොසායා 2:21.

  9. බලන්න 2 කොරින්ති 5:17.

  10. 3 නෙපි 9:20, අවධාරණය කිරීම් සහිතයි; තවත් බලන්න 19 පදය.

  11. හදවත යන වචනය කැමැත්තට සමාන පදයක් ලෙස මෙහි එකතු කර ඇත.

  12. Neal A. Maxwell, “Swallowed Up in the Will of the Father,” Ensign, Nov. 1995, 24; emphasis added. තවත් බලන්න ඔම්නි 1:26; රෝම 12:1.

  13. බලන්න මොරෝනි 10:3.

  14. American Heritage ශබ්දකෝෂයට අනුව, කැපකිරීම යන්නෙන් අදහස් කරන්නේ “ශුද්ධ ලෙස ප්‍රකාශ කිරීම හෝ වෙන්කිරීම” යන්නයි.

  15. බලන්න මතෙව් 22:36–40.

  16. “‘Give,’ Said the Little Stream,” Children’s Songbook, 236.

  17. මෝසෙස් 6:57.

  18. බලන්න මොරෝනි 10:18.

  19. බලන්න දහම සහ ගිවිසුම් 97:8.